Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
7 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාම් තෙල් කෘත්‍රීම කිරි සහ මහජන සෞඛ්‍යය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාම් තෙල් කෘත්‍රීම කිරි සහ මහජන සෞඛ්‍යය

ශ්‍රී ලංකාවට ආනයනය කරන පිරිපහදු කළ පාම් තෙල් ප්‍රමාණය 2000 වසරේ සිට 2018 වන විට එනම් වසර 18ක් තුළ මෙට්‍රික් ටොන් 50,000 සිට මෙට්ට්‍රික් ටොන් 200,000 දක්වා හතර ගුණයකින් වැඩි වී ඇත. එසේම මෑත කාලීනව පිරිපහදු නොකළ තෙල් ආනයනයද ඉතා විශාල ලෙස වැඩි වී ඇත. මේ වන විට එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 120,000 දක්වා ඉහළ ගිය බව රේගු වාර්තා සාක්ෂි දරයි. එසේ බොර තෙල් ආනයනය ඉහළ යාමට හේතු විය හැක්කේ ලෝක වෙෙළඳපොළේ පිරිපහදු කළ පාම් තෙල්වලට වඩා බොර පාම් තෙල් මිල අඩුවීම සහ ඒ සඳහා වන ආනයන බදු අඩු මට්ටමක පැවතීමය. ඊට අමතරව එසේ අඩු මිලට ලබා ගන්නා බොර පාම් තෙල් පිරිසිදු කළ තෙල් වශයෙන් ව්‍යාජ ලෙස ලේඛන සකස් කොට ආනයනය කිරීමට ද හැකියාව ඇත. නමුත් එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා අදාළ තොග ගොඩබෑමට පෙර ඒවායේ සාම්පල පරික්ෂාවට ලක් කිරීම සඳහා අවශ්‍ය පර්ෙය්ෂණාගාර පහසුකම් ශ්‍රී ලංකාවේ රේගුව සතුව නැත. ඒ නිසා ආනයනකරුවන් විසින් ලබාදෙන ලේඛන මත යැපීමට සිදු වී ඇත.

මේ වන විට රේගුව විසින් එසේ ආනයනය කළ පිරිපහදු නොකළ පාම් තෙල් ලීටර් 400ක් නිදහස් නොකර රඳවා තබා ගෙන ඇත. එවැන්නක් සිදුවන්නේ එම බොර පාම් තෙල් තොගය නිදහස් නොකරන ලෙස අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක් නිසා ය. එම නියෝගය පදනම් වන්නේ එම තෙල් තොගය නිදහස් කිරීම මගින් මහජන සෞඛ්‍යයට හානි සිදුවිය හැකි යන උපකල්පනයෙනි. එයට හේතුව පිරිපහදු නොකළ එම පාම් තෙල්වල 20% දක්වා ශරීරයට අහිතකර නිදහස් මේද අම්ල අඩංගු වන බවට යම් සාක්ෂි ඉදිරිපත් වීමය. නිදහස් මේද අම්ල යනු පිළිකා කාරකයක් බවට හඳුනාගත් කාබනික රසායනිකයකි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පිරිපහදු කළ එනම් ඔක්සිකරණය සහ ක්ලෝරීන්කරණය කොට පෙරාගත් පාම් තෙල්වල නිදහස් මේද අම්ල අඩංගු විය යුත්තේ 0.1% කි. ඒ අනුව පිරිපහදු නොකළ පාම් තෙල් පරිභෝජනය කිරීමට ඉඩ සැලසීම යනු බරපතළ මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට විවාදයක් නැත.

එසේ වුවත් ශ්‍රී ලංකාවේ බොර පාම් තෙල් පිරිපහදු කරන මහා පරිමාණ කර්මාන්තයක් පවත්වාගෙන යන බවට සාක්ෂි නැත. ඒ අනුව බොහෝ විට සිදුවිය හැක්කේ අඩු මිලට සහ බදු වංචා කොට ශ්‍රී ලංකාවට ආනයනය කරන විස සහිත බොර පාම් තෙල් පිරිපහදු කළ පාම් තෙල් හා පොල් තෙල් සමග මිශ්‍ර කර වෙෙළඳපොළට දැමීම ය. ඊට අමතරව ශ්‍රී ලංකාවට ආනයනය කරන පිරිපහදු කළ සහ එසේ නොකළ පාම් තෙල් ප්‍රමාණය හතර පස් ගුණයකින් ඉහළ යන්නේ කුමක් නිසාද? ඊට පිළිතුරු සොයා ගැනීම සඳහා පාරිභෝගික අධිකාරියේ හෝ සෞඛ්‍ය අංශවලින් කිසියම් සමීක්ෂණයක් කරන බවක් වාර්තා වන්නේ නැත. බෝ නොවන රෝග පිළිබඳව හා ඊට හේතුවන රෝගකාරක පිළිබඳ විශේෂ අවධානයක් යොමුවී ඇති කාලයක දී එවැනි සොයා ගැනීමක් නොකිරීමද ප්රශ්නයකි. එවැනි පර්ෙය්ෂණ කෙසේ වෙතත් සෞඛ්‍ය නිලධාරීන් ආහාර පනත යටතේ තමාට පැවරී ඇති මූලික නියාමන වගකීමක්වත් හරිහැටි ඉටු නොකිරීම ද ප්රශ්නයකි.

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කරන සම්පූර්ණ යොදය සහිත කිරිපිටිවල අඩංගු විය යුත්තේ කිරි මේදය පමණක් බව 1980 අංක 26 දරන ආහාර පනත යටතේ 2003 දී නිකුත් කළ රෙගුලාසිවල ඉතා පැහැදිලිව දැක්වේ. ශ්‍රී ලංකාවට වසරකදී කිරිපිටි මෙ.ටො 80,000 සිට 90,000 දක්වා විශාල තොගයක් ආනයනය කෙරේ. ඒවායේ කිරි මේදය නොවන මේද වර්ග විශේෂයෙන්ම පාම් තෙල් අඩංගු වන්නේද යන්න පරික්ෂාවට ලක් කරන්නේ නැත. අඩු තරමින් අදාළ සමාගම් විසින් එවැනි පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු බවට හෝ කොන්දේසි පනවා නැත. එවැන්නක් සිදුවන්නේ ආනයනික කිරිපිටිවල පාම් තෙල් අඩංගු වන බවට ප්‍රබල සාක්ෂි 2009 වසරේ සිටම ඉදිරිපත් වන තත්ත්වයක් තිබියදීය. මව්බිම ලංකා පදනම විසින් වයඹ විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ පීඨයේ සහාය ඇතිව බ්‍රිතාන්‍යයේ එක්ලිප්ස් පරීක්ෂණාගාරය මගින් අදාළ පරීක්ෂණ සිදුකරනු ලැබීය. එම පරීක්ෂණ වාර්තාවල සඳහන් වූයේ එවකට වෙළෙඳෙපාළේ තිබූ ආනයනික කිරිපිටි අඩංගු සියලුම වෙෙළඳ නාමවල කිරිපිටිවල කිරි මේදයෙන් 28% ක් දක්වා පාම් තෙල් අඩංගු වන බවය.

තත්ත්වය එසේ වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර අධිකාරිය අද වනතුරු ආනයනික කිරිපිටිවල කිරි මේදයේ සංයුතිය පිළිබඳව පරීක්ෂණ වාර්තා අවශ්‍ය බවට නියෝගයක් නිකුත් කරන්නේ නැත. එක් පැත්තකින් බෝ නොවන රෝග නිවාරණවාරණය සඳහා මහා ඝෝෂාවක් කරන පිරිස් මෙම බරපතළ කාරණය පිළිබඳ නිහඬතාවක් අනුගමනය කරන්නේ කුමක් නිසා දැයි පැහැදිලි නැත. එක් පැහැදිලි කිරීමක් විය හැක්කේ ආහාර අධිකාරියේ ප්‍රධානියාට විශ්‍රාම ගැනීමෙන් පසුව කිරි පිටි ආනයනය කරන සමාගම්වල ඉහළ වැටුප් දරන තනතුරු ලැබීම විය හැක. කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය විසින් ඊට අදාළව යම් පියවර ප්‍රමාණයක් ගනු ලැබූ බව වාර්තා විය. එම අධිකාරිය විසින් ආනයනික කිරිපිටි වරායෙන් නිදහස් කිරීමට පෙර කිරි මේදයේ සංයුතිය පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය බවට අදාළ සමාගම්වලට නියෝග කොට ඇතත් මේ වන තුරු සමාගම් විසින් ඊට යහපත් ප්‍රතිචාර දක්වා නැත. එහෙත් ඊට එරෙහිව එම තොග නිදහස් කිරීම නැවැත්වීම මගින් ප්‍රතිචාර දැක්විය හැකි වුවත් එම බලවත් සමාගම්වලට එරෙහිව එවැනි පියවර නොගන්නා බව දැන් තහවුරු වී ඇත.

මෑතක දී එනම් 2018.08.16 දින පශු වෛද්‍ය එම්.පී. කීර්ති කුමාර කුමාර මහතා ආනයනික කිරිපිටිවල අඩංගු වන පාම් තෙල් ප්‍රමාණය පරික්ෂා කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් රසායනික පරීක්ෂණ සිදු කරනවා ද යන්න විමසා එම අධිකාරියට ලිපියක් යවා ඇත. තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරනු ලැබූ එම ඉල්ලීමට පාරිභෝගික අධිකාරිය විසින් 2018/11/12 දින මෙසේ ප්‍රතිචාර දක්වා ඇත. ‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වෙෙළඳපොළේ විකිණීමට ඇති සම්පූර්ණ යොදය සහිත කිරිපිටිවල අන්තර්ගත මේදය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ සිදුකිරීම සඳහා රසායනාගාර කිහිපයකින් විමසීම් සිදුකරන ලද අතර දේශීය රසායනාගාරවල අදාළ පරීක්ෂණ පහසුකම් නොමැති බැවින් විදේශීය රසායනාගාරවලට යවා පරික්ෂා කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටිමු. දැනට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සතුව ආනයනික කිරිපිටි පරීක්ෂණ වාර්තා කිසිවක් නොමැති බව දන්වා සිටිමු.

එහිදී ඔවුන් අදාළ සමාගම් විසින් එම වාර්තා සැපයිය යුතු බවට පැනවූ නියෝගවලට ලැබුණු ප්‍රතිචාර නොලැබුණු බව සඳහන් කරන්නේ නැත.

ඒ අනුව පැහැදිලි වෙන්නේ ඉහත සඳහන් කළ ආකාරයට අධිකරණ නියෝගයක් මගින් විෂ සහිත පාම් තෙල් තොගය රඳවා නොගත්තා නම් ඒවායේ මේදය පිළිබඳ පරීක්ෂාවන් සාමාන්‍ය තත්ත්වයන් යටතේ සිදු නොකරන බව නොවේද? මහජන සෞඛ්‍යයට අදාළව ආහාර ආනයනය පාලනය කිරීම සඳහා පනත් 3ක් යොදා ගත හැකි වුවද කටයුතු සිදු වන්නේ ඒ ආකාරයටය.

2009 වසරේ දී ආනයනික කිරි පිටිවල කිරි මේදයේ පාම් තෙල් අඩංගු බවට කිරි පිටි සමාගම්වලට චෝදනා එල්ල වූ අවස්ථාවේදී ප්‍රධාන පෙළේ කිරි පිටි අපනයන සමාගමක ප්‍රධානියා විසින් එම සමාගමේ වෙබ් අඩවියට ප්‍රකාශයක් කොට තිබුණි. එහි සඳහන් වූයේ දුප්පත් රටවල ජනතාවට අඩු මිලට කිරි පිටි ලබා දීම සඳහා කිරි මේදයේ සංයුතිය වෙනස් කරන බවය. එම කතාව තේරුම් ගැනීමට එතරම් ගණිත දැනුමක් අවශ්‍ය නැත. දේශීය වෙළෙඳ පොළේ කිරි මේදය හෙවත් බටර් කි.ග්රෑ. එකක් රුපියල් 850ක් වන විට පාම් තෙල් කි.ග්රෑ. එකක් රුපියල් 200 කට මිලදී ගත හැක. ඒ අනුව කිරිවලට ෆාම් තෙල් කි.ග්රෑ. එකක් ඇතුල් කොට කිරි මේදය කි.ග්රෑ. එකක් ඉවත් කර ගත් වට ලැබෙන ලාභය කොපමණ ද? එම රටට වසරකට කිරි පිටි මෙ.ටො. 80,000 කට වැඩි ප්‍රමාණයක් ආනයනය කරන අතර එය කි.ග්රෑ.වලින් ගත් විට මිලියන 1000 කි. කිරි පිටිවල කරි මේදය 30% කි. ඒ අනුව පාම් තෙල්වලින් කෘත්රීමව කිරි පිටි සෑදීමේ කර්මාන්තය කෙතරම් ලාබදායක ද යන්න පැහැදිලි වේ.

නමුත් අප රටට අධික ලෙස පාම් තෙල් ආනයනිකය කිරීමේ රහස ඒ ආකාරයට පැහැදිලි කළ නොහැක. අප රටේ කිරිපිටි නිෂ්පාදනය කරන සමාගම් දෙකක් තිබෙන අතර එකක් රාජ්‍ය සමාගමකි. එම සමාගම් දෙක විසින් නිෂ්පාදනය කරන දේශීය කිරිපිටිවල පාම් තෙල් අඩංගු නොවන බව සාක්ෂි සහිතව ඔප්පු වී ඇත. එම සමාගම්වලින් ඒ සඳහා පරීක්ෂණ වාර්තා ලබා ගැනීමේ බාධාවක් ද නැත. එසේ නම් ශ්‍රී ලංකාවේදී සිදුවන්නේ යම් ප්‍රතිශතයක් කිරි මේදය ඉවත් කොට ඒ වෙනුවට පාම් තෙල් දැමීම නොව එනම් සම්පූර්ණ කිරි මේදය පාම් තෙල්වලින් සංයුක්ත වන ආකාරයට අංගසම්පූර්ණ ලෙස කෘත්රීමව කිරි සෑදීම බව පිළිගැනීමට සිදු වේ. එය ප්‍රසිද්ධියේ පිළිගත නොහැකි නම් එසේ සිදුවන බව කනගාටුවෙන් වුවද තේරුම් ගැනීමට සිදුවෙයි. එම නිසා ආනයනික කිරිපිටිවල කිරි මේදය තුළ අඩංගු වන පාම් තෙල් ප්‍රමාණය පිළිබඳව පරික්ෂා කිරීමට අමතරව රට තුළට ආනයනය කරන පාම් තෙල්වලට කරන්නේ කුමක්දැයි සොයා බැලීමද වැදගත් වේ. ඒ සියල්ලට වඩා විෂ සහිත බොර පාම් තෙල් ආනයනය කිරීම වැළැක්වීම ද වැදගත් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග වැළැක්වීමේ වැඩසටහන්වල ආහාර ආනයනය ප්‍රමාණාත්මකව පාලනය කිරීම, ආනයනික ආහාරවල ගුණාත්මක භාවය පාලනය කිරීම පමණක් නොව දේශීය ආහාර සංස්කෘතියට මහජනතාව පෙළඹවීම් ද ඇතුළත් වන ලෙස පුළුල් උපායමාර්ගික ප්‍රවේශයක් තුළ නැවත ස්ථානගත කිරීමෙන් තොරව මෙම ප්‍රබල මහජන සෞඛ්‍ය ගැටලුවට පිළිතුරු සෙවිය හැකිද? තේ, පොල්, රබර් ගලවා පාම් ගස් සිටුවිය යුතුයි කියන ඇමැතිලා සිටින රටක එවැන්නක් පහසු වන්නේ නැත. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුළුතැන්ගෙවල් සහ ආපනශාලාවලට පමණක් හෝ ආහාර ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට අසමත් ආයතනයකට සමස්ත රටකට ආහාර ප්‍රතිපත්තියක් හඳුන්වා දිය හැකි ද? අඩුම තරමින් පාසල් දරුවන් සඳහා පාසල් මුල්කර ගෙන හඳුන්වා දුන් ආහාර ප්‍රතිපත්තිය කැන්ටින් මුදලාලිට බියේ හකුළා ගන්නා විදුහල්පතිවරුන් බහුල රටක දරුවන්ට මේ ප්‍රබල මහජන සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නේ කෙසේද? අවසාන වශයෙන් ගත් විට ආහාර ආනයනය කරන සමාගම්වලට අසීමිතව මහා පරිමාණයෙන් බදු සහන ලබා දෙන රටක හෙවත් සමාගම්වල ලාභයට එකතු කිරීම සඳහා රටේ බදු මුදල් ආපසු එම සමාගම්වලට ගෙවන රටක එම අධික ලාභය යොදා ගනිමින් මිලදී ගත නොහැක්කේ මොකාද?

(උපුටා ගැනීමකි)

[QUOTE="jayanathek, post: 24090934, member: 153435"] [b]පාම් තෙල් කෘත්‍රීම කිරි සහ මහජන සෞඛ්‍යය[/b] [SIZE="3"][COLOR="DarkRed"]ශ්‍රී ලංකාවට ආනයනය කරන පිරිපහදු කළ පාම් තෙල් ප්‍රමාණය 2000 වසරේ සිට 2018 වන විට එනම් වසර 18ක් තුළ මෙට්‍රික් ටොන් 50,000 සිට මෙට්ට්‍රික් ටොන් 200,000 දක්වා හතර ගුණයකින් වැඩි වී ඇත. එසේම මෑත කාලීනව පිරිපහදු නොකළ තෙල් ආනයනයද ඉතා විශාල ලෙස වැඩි වී ඇත. මේ වන විට එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 120,000 දක්වා ඉහළ ගිය බව රේගු වාර්තා සාක්ෂි දරයි. එසේ බොර තෙල් ආනයනය ඉහළ යාමට හේතු විය හැක්කේ ලෝක වෙෙළඳපොළේ පිරිපහදු කළ පාම් තෙල්වලට වඩා බොර පාම් තෙල් මිල අඩුවීම සහ ඒ සඳහා වන ආනයන බදු අඩු මට්ටමක පැවතීමය. ඊට අමතරව එසේ අඩු මිලට ලබා ගන්නා බොර පාම් තෙල් පිරිසිදු කළ තෙල් වශයෙන් ව්‍යාජ ලෙස ලේඛන සකස් කොට ආනයනය කිරීමට ද හැකියාව ඇත. නමුත් එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා අදාළ තොග ගොඩබෑමට පෙර ඒවායේ සාම්පල පරික්ෂාවට ලක් කිරීම සඳහා අවශ්‍ය පර්ෙය්ෂණාගාර පහසුකම් ශ්‍රී ලංකාවේ රේගුව සතුව නැත. ඒ නිසා ආනයනකරුවන් විසින් ලබාදෙන ලේඛන මත යැපීමට සිදු වී ඇත. මේ වන විට රේගුව විසින් එසේ ආනයනය කළ පිරිපහදු නොකළ පාම් තෙල් ලීටර් 400ක් නිදහස් නොකර රඳවා තබා ගෙන ඇත. එවැන්නක් සිදුවන්නේ එම බොර පාම් තෙල් තොගය නිදහස් නොකරන ලෙස අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක් නිසා ය. එම නියෝගය පදනම් වන්නේ එම තෙල් තොගය නිදහස් කිරීම මගින් මහජන සෞඛ්‍යයට හානි සිදුවිය හැකි යන උපකල්පනයෙනි. එයට හේතුව පිරිපහදු නොකළ එම පාම් තෙල්වල 20% දක්වා ශරීරයට අහිතකර නිදහස් මේද අම්ල අඩංගු වන බවට යම් සාක්ෂි ඉදිරිපත් වීමය. නිදහස් මේද අම්ල යනු පිළිකා කාරකයක් බවට හඳුනාගත් කාබනික රසායනිකයකි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පිරිපහදු කළ එනම් ඔක්සිකරණය සහ ක්ලෝරීන්කරණය කොට පෙරාගත් පාම් තෙල්වල නිදහස් මේද අම්ල අඩංගු විය යුත්තේ 0.1% කි. ඒ අනුව පිරිපහදු නොකළ පාම් තෙල් පරිභෝජනය කිරීමට ඉඩ සැලසීම යනු බරපතළ මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට විවාදයක් නැත. එසේ වුවත් ශ්‍රී ලංකාවේ බොර පාම් තෙල් පිරිපහදු කරන මහා පරිමාණ කර්මාන්තයක් පවත්වාගෙන යන බවට සාක්ෂි නැත. ඒ අනුව බොහෝ විට සිදුවිය හැක්කේ අඩු මිලට සහ බදු වංචා කොට ශ්‍රී ලංකාවට ආනයනය කරන විස සහිත බොර පාම් තෙල් පිරිපහදු කළ පාම් තෙල් හා පොල් තෙල් සමග මිශ්‍ර කර වෙෙළඳපොළට දැමීම ය. ඊට අමතරව ශ්‍රී ලංකාවට ආනයනය කරන පිරිපහදු කළ සහ එසේ නොකළ පාම් තෙල් ප්‍රමාණය හතර පස් ගුණයකින් ඉහළ යන්නේ කුමක් නිසාද? ඊට පිළිතුරු සොයා ගැනීම සඳහා පාරිභෝගික අධිකාරියේ හෝ සෞඛ්‍ය අංශවලින් කිසියම් සමීක්ෂණයක් කරන බවක් වාර්තා වන්නේ නැත. බෝ නොවන රෝග පිළිබඳව හා ඊට හේතුවන රෝගකාරක පිළිබඳ විශේෂ අවධානයක් යොමුවී ඇති කාලයක දී එවැනි සොයා ගැනීමක් නොකිරීමද ප්රශ්නයකි. එවැනි පර්ෙය්ෂණ කෙසේ වෙතත් සෞඛ්‍ය නිලධාරීන් ආහාර පනත යටතේ තමාට පැවරී ඇති මූලික නියාමන වගකීමක්වත් හරිහැටි ඉටු නොකිරීම ද ප්රශ්නයකි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කරන සම්පූර්ණ යොදය සහිත කිරිපිටිවල අඩංගු විය යුත්තේ කිරි මේදය පමණක් බව 1980 අංක 26 දරන ආහාර පනත යටතේ 2003 දී නිකුත් කළ රෙගුලාසිවල ඉතා පැහැදිලිව දැක්වේ. ශ්‍රී ලංකාවට වසරකදී කිරිපිටි මෙ.ටො 80,000 සිට 90,000 දක්වා විශාල තොගයක් ආනයනය කෙරේ. ඒවායේ කිරි මේදය නොවන මේද වර්ග විශේෂයෙන්ම පාම් තෙල් අඩංගු වන්නේද යන්න පරික්ෂාවට ලක් කරන්නේ නැත. අඩු තරමින් අදාළ සමාගම් විසින් එවැනි පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු බවට හෝ කොන්දේසි පනවා නැත. එවැන්නක් සිදුවන්නේ ආනයනික කිරිපිටිවල පාම් තෙල් අඩංගු වන බවට ප්‍රබල සාක්ෂි 2009 වසරේ සිටම ඉදිරිපත් වන තත්ත්වයක් තිබියදීය. මව්බිම ලංකා පදනම විසින් වයඹ විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ පීඨයේ සහාය ඇතිව බ්‍රිතාන්‍යයේ එක්ලිප්ස් පරීක්ෂණාගාරය මගින් අදාළ පරීක්ෂණ සිදුකරනු ලැබීය. එම පරීක්ෂණ වාර්තාවල සඳහන් වූයේ එවකට වෙළෙඳෙපාළේ තිබූ ආනයනික කිරිපිටි අඩංගු සියලුම වෙෙළඳ නාමවල කිරිපිටිවල කිරි මේදයෙන් 28% ක් දක්වා පාම් තෙල් අඩංගු වන බවය. තත්ත්වය එසේ වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර අධිකාරිය අද වනතුරු ආනයනික කිරිපිටිවල කිරි මේදයේ සංයුතිය පිළිබඳව පරීක්ෂණ වාර්තා අවශ්‍ය බවට නියෝගයක් නිකුත් කරන්නේ නැත. එක් පැත්තකින් බෝ නොවන රෝග නිවාරණවාරණය සඳහා මහා ඝෝෂාවක් කරන පිරිස් මෙම බරපතළ කාරණය පිළිබඳ නිහඬතාවක් අනුගමනය කරන්නේ කුමක් නිසා දැයි පැහැදිලි නැත. එක් පැහැදිලි කිරීමක් විය හැක්කේ ආහාර අධිකාරියේ ප්‍රධානියාට විශ්‍රාම ගැනීමෙන් පසුව කිරි පිටි ආනයනය කරන සමාගම්වල ඉහළ වැටුප් දරන තනතුරු ලැබීම විය හැක. කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය විසින් ඊට අදාළව යම් පියවර ප්‍රමාණයක් ගනු ලැබූ බව වාර්තා විය. එම අධිකාරිය විසින් ආනයනික කිරිපිටි වරායෙන් නිදහස් කිරීමට පෙර කිරි මේදයේ සංයුතිය පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය බවට අදාළ සමාගම්වලට නියෝග කොට ඇතත් මේ වන තුරු සමාගම් විසින් ඊට යහපත් ප්‍රතිචාර දක්වා නැත. එහෙත් ඊට එරෙහිව එම තොග නිදහස් කිරීම නැවැත්වීම මගින් ප්‍රතිචාර දැක්විය හැකි වුවත් එම බලවත් සමාගම්වලට එරෙහිව එවැනි පියවර නොගන්නා බව දැන් තහවුරු වී ඇත. මෑතක දී එනම් 2018.08.16 දින පශු වෛද්‍ය එම්.පී. කීර්ති කුමාර කුමාර මහතා ආනයනික කිරිපිටිවල අඩංගු වන පාම් තෙල් ප්‍රමාණය පරික්ෂා කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් රසායනික පරීක්ෂණ සිදු කරනවා ද යන්න විමසා එම අධිකාරියට ලිපියක් යවා ඇත. තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරනු ලැබූ එම ඉල්ලීමට පාරිභෝගික අධිකාරිය විසින් 2018/11/12 දින මෙසේ ප්‍රතිචාර දක්වා ඇත. ‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වෙෙළඳපොළේ විකිණීමට ඇති සම්පූර්ණ යොදය සහිත කිරිපිටිවල අන්තර්ගත මේදය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ සිදුකිරීම සඳහා රසායනාගාර කිහිපයකින් විමසීම් සිදුකරන ලද අතර දේශීය රසායනාගාරවල අදාළ පරීක්ෂණ පහසුකම් නොමැති බැවින් විදේශීය රසායනාගාරවලට යවා පරික්ෂා කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටිමු. දැනට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සතුව ආනයනික කිරිපිටි පරීක්ෂණ වාර්තා කිසිවක් නොමැති බව දන්වා සිටිමු. එහිදී ඔවුන් අදාළ සමාගම් විසින් එම වාර්තා සැපයිය යුතු බවට පැනවූ නියෝගවලට ලැබුණු ප්‍රතිචාර නොලැබුණු බව සඳහන් කරන්නේ නැත. ඒ අනුව පැහැදිලි වෙන්නේ ඉහත සඳහන් කළ ආකාරයට අධිකරණ නියෝගයක් මගින් විෂ සහිත පාම් තෙල් තොගය රඳවා නොගත්තා නම් ඒවායේ මේදය පිළිබඳ පරීක්ෂාවන් සාමාන්‍ය තත්ත්වයන් යටතේ සිදු නොකරන බව නොවේද? මහජන සෞඛ්‍යයට අදාළව ආහාර ආනයනය පාලනය කිරීම සඳහා පනත් 3ක් යොදා ගත හැකි වුවද කටයුතු සිදු වන්නේ ඒ ආකාරයටය. 2009 වසරේ දී ආනයනික කිරි පිටිවල කිරි මේදයේ පාම් තෙල් අඩංගු බවට කිරි පිටි සමාගම්වලට චෝදනා එල්ල වූ අවස්ථාවේදී ප්‍රධාන පෙළේ කිරි පිටි අපනයන සමාගමක ප්‍රධානියා විසින් එම සමාගමේ වෙබ් අඩවියට ප්‍රකාශයක් කොට තිබුණි. එහි සඳහන් වූයේ දුප්පත් රටවල ජනතාවට අඩු මිලට කිරි පිටි ලබා දීම සඳහා කිරි මේදයේ සංයුතිය වෙනස් කරන බවය. එම කතාව තේරුම් ගැනීමට එතරම් ගණිත දැනුමක් අවශ්‍ය නැත. දේශීය වෙළෙඳ පොළේ කිරි මේදය හෙවත් බටර් කි.ග්රෑ. එකක් රුපියල් 850ක් වන විට පාම් තෙල් කි.ග්රෑ. එකක් රුපියල් 200 කට මිලදී ගත හැක. ඒ අනුව කිරිවලට ෆාම් තෙල් කි.ග්රෑ. එකක් ඇතුල් කොට කිරි මේදය කි.ග්රෑ. එකක් ඉවත් කර ගත් වට ලැබෙන ලාභය කොපමණ ද? එම රටට වසරකට කිරි පිටි මෙ.ටො. 80,000 කට වැඩි ප්‍රමාණයක් ආනයනය කරන අතර එය කි.ග්රෑ.වලින් ගත් විට මිලියන 1000 කි. කිරි පිටිවල කරි මේදය 30% කි. ඒ අනුව පාම් තෙල්වලින් කෘත්රීමව කිරි පිටි සෑදීමේ කර්මාන්තය කෙතරම් ලාබදායක ද යන්න පැහැදිලි වේ. නමුත් අප රටට අධික ලෙස පාම් තෙල් ආනයනිකය කිරීමේ රහස ඒ ආකාරයට පැහැදිලි කළ නොහැක. අප රටේ කිරිපිටි නිෂ්පාදනය කරන සමාගම් දෙකක් තිබෙන අතර එකක් රාජ්‍ය සමාගමකි. එම සමාගම් දෙක විසින් නිෂ්පාදනය කරන දේශීය කිරිපිටිවල පාම් තෙල් අඩංගු නොවන බව සාක්ෂි සහිතව ඔප්පු වී ඇත. එම සමාගම්වලින් ඒ සඳහා පරීක්ෂණ වාර්තා ලබා ගැනීමේ බාධාවක් ද නැත. එසේ නම් ශ්‍රී ලංකාවේදී සිදුවන්නේ යම් ප්‍රතිශතයක් කිරි මේදය ඉවත් කොට ඒ වෙනුවට පාම් තෙල් දැමීම නොව එනම් සම්පූර්ණ කිරි මේදය පාම් තෙල්වලින් සංයුක්ත වන ආකාරයට අංගසම්පූර්ණ ලෙස කෘත්රීමව කිරි සෑදීම බව පිළිගැනීමට සිදු වේ. එය ප්‍රසිද්ධියේ පිළිගත නොහැකි නම් එසේ සිදුවන බව කනගාටුවෙන් වුවද තේරුම් ගැනීමට සිදුවෙයි. එම නිසා ආනයනික කිරිපිටිවල කිරි මේදය තුළ අඩංගු වන පාම් තෙල් ප්‍රමාණය පිළිබඳව පරික්ෂා කිරීමට අමතරව රට තුළට ආනයනය කරන පාම් තෙල්වලට කරන්නේ කුමක්දැයි සොයා බැලීමද වැදගත් වේ. ඒ සියල්ලට වඩා විෂ සහිත බොර පාම් තෙල් ආනයනය කිරීම වැළැක්වීම ද වැදගත් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග වැළැක්වීමේ වැඩසටහන්වල ආහාර ආනයනය ප්‍රමාණාත්මකව පාලනය කිරීම, ආනයනික ආහාරවල ගුණාත්මක භාවය පාලනය කිරීම පමණක් නොව දේශීය ආහාර සංස්කෘතියට මහජනතාව පෙළඹවීම් ද ඇතුළත් වන ලෙස පුළුල් උපායමාර්ගික ප්‍රවේශයක් තුළ නැවත ස්ථානගත කිරීමෙන් තොරව මෙම ප්‍රබල මහජන සෞඛ්‍ය ගැටලුවට පිළිතුරු සෙවිය හැකිද? තේ, පොල්, රබර් ගලවා පාම් ගස් සිටුවිය යුතුයි කියන ඇමැතිලා සිටින රටක එවැන්නක් පහසු වන්නේ නැත. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුළුතැන්ගෙවල් සහ ආපනශාලාවලට පමණක් හෝ ආහාර ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට අසමත් ආයතනයකට සමස්ත රටකට ආහාර ප්‍රතිපත්තියක් හඳුන්වා දිය හැකි ද? අඩුම තරමින් පාසල් දරුවන් සඳහා පාසල් මුල්කර ගෙන හඳුන්වා දුන් ආහාර ප්‍රතිපත්තිය කැන්ටින් මුදලාලිට බියේ හකුළා ගන්නා විදුහල්පතිවරුන් බහුල රටක දරුවන්ට මේ ප්‍රබල මහජන සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නේ කෙසේද? අවසාන වශයෙන් ගත් විට ආහාර ආනයනය කරන සමාගම්වලට අසීමිතව මහා පරිමාණයෙන් බදු සහන ලබා දෙන රටක හෙවත් සමාගම්වල ලාභයට එකතු කිරීම සඳහා රටේ බදු මුදල් ආපසු එම සමාගම්වලට ගෙවන රටක එම අධික ලාභය යොදා ගනිමින් මිලදී ගත නොහැක්කේ මොකාද? [/COLOR][/SIZE] (උපුටා ගැනීමකි) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom