Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාස්කු ඉරිදා විනාශයට ආණ්ඩුව වගකිව යුත්තේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාස්කු ඉරිදා විනාශයට ආණ්ඩුව වගකිව යුත්තේ

හෙටට හත් දොහක් ගෙවේ. මරා දැමුණු අපේ අහිංසක මිනිසුන් මිහිදන්ව ඇත. දරුවන් අහිමි වූ මව්වරුන් වැළපෙති. පියවරු ඉකිගසති. දෙමව්පියන් අහිමි වූ දරුවෝ හූල්ලති. ආරක්ෂක නිලදරුවන් සෙවිල්ලෙනි. ජනතාවෝ බියෙන්ද සැකයෙන්ද කල් මරති. මුළු ජනරජයම එකම මළගෙයකි. දැන් දැන් මගේ දුක කේන්තියක් වී එනු දැනේ. ආණ්ඩුවේ සහ ආණ්ඩුව හෝදන නරුමයන්ගේ කතා මට තවත් උහුලන්නට බැරිය. මට කළ හැක්කේ නුඹලාට ඇත්ත පෙන්වා දීමයි. එම නිසා ලියමි.

දේශපාලනය කරන, ඒ ගැන කතා කරන සහ මේ වෙලාවේ දේශපාලනය කතා කරන්න එපා කියන ඔය කවුරුත් පළමුව රජය සහ ආණ්ඩුව අතර වෙනස තේරුම් ගත යුතුය. රජය (State) යනු රාජ්‍යයයි. රාජ්‍යයක් යනු නිශ්චිත දේශසීමා වලින් වෙන්වුණු භූමි ප්‍රදේශයක් සහ නිශ්චිත දේශපාලන ව්‍යුහයක් යටතේ පාලනය (rule) වන එහි සියලු ජීවී අජීවී සම්පත්ය. ශ්‍රී ලංකා රාජ්‍යයේ පරමාධිපත්‍යය ජනතාව සතු නිසා එය ජනතාවගේ රාජ්‍යය හෙවත් ජන-රාජ්‍යය හෙවත් ජනරජය ලෙස හඳුන්වයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට “රජය” වගකිව යුතු යැයි ඇතැම් අනුවණ ජනතා නියෝජිතයන්, මාධ්‍යවේදීන් සහ පුරවැසියන් කියනු ඇසේ. එය අමන සහ කපටි ප්‍රකාශයකි. රජයට බැනීම යනු අර සිස්ටම් එකට බනිනවා වැනිය. සිස්ටම් එක යනු කුමක්දැයි කිසිවෙකුට පැහැදිලි නැත. එලෙසම රජය යනු කවුදැයි කිසිවෙකුටත් පැහැදිලි නැත. ඉතින් බනින්න හරි ලෙහෙසිය. අන්තිමේදී බැන ගෙන තිබෙන්නේ තමන්ටමය. ඉතින් මේ තරමටවත් ජනරජය ඉතිරි වේ තිබීම ගැන මට නම් පුදුමය.

දේශපාලන ව්‍යුහය

ව්‍යවස්ථාදායකය (Legislature) යනු ව්‍යවස්ථා හෙවත් නීති සාදා දෙන ආයතනයයි. (පනත් යනු එම ව්‍යවස්ථා හෙවත් නීති ය.) ඉංග්‍රීසි Parliament වචනයෙන් පාර්ලිමේන්තුව ලෙසත් එය හැඳින්වේ. පාර්ලිමේන්තුව හදලා දෙන නීති ක්‍රියාත්මක කරන ආයතන විධායකයයි (Executive). එසේ ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු විසඳන ආයතන අධිකරණයයි (Judiciary).

ඕනෑම රාජ්‍යයක, ආයතනයක, සමිතියක පවා ඇත්තේ මෙම මූලික පාලන ව්‍යුහයයි. එනම් තීරණ ගැනීම (ව්‍යවස්ථාදායක), තීරණ ක්‍රියාත්මක කිරීම (විධායක) සහ ගැටලු විසඳීම (අධිකරණ) යන කොටස් තුනයි. ඒවා එකිනෙකින් වෙන්ව, ස්වාධීනව පැවතිය යුතු අතර, ඒවා එකිනෙකින්ම සංවරණය සහ තුලනය (check and balance) විය යුතුය. උදාහරණයක් ලෙස ජනපතිවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට හැකි විය යුතුය. පාර්ලිමේන්තුව විසිරවීමට ජනපතිට හැකි විය යුතුය. 19 වැනි සංශෝධනයෙන් එම මූලික සංවරණය සහ තුලනය බිඳ දමා ඇත. (ඒ ගැන මා වෙනම ලියන්නම්)

ශ්‍රී ලංකා ජනරජයේ පාර්ලිමේන්තුව ඒක-මණ්ඩල සභාවකි (Unicameral). එනම් එයට මැතිවරණයෙන් ජනතාව තෝරන නියෝජිත මන්ත්‍රීවරුන් 196 දෙනා සහ ජාතික ලැයිස්තු (ජාතික යන වචනය අවභාවිතා වී තිබේ. නිවැරදිම යෙදුම ජනතාව තෝරා-නොගත්) මන්ත්‍රීවරුන් 29 දෙනාද ඇතුළත්ව මුළු මන්ත්‍රීවරුන් 225 දෙනාම එකම සභාවකි. එක්සත් රාජධානියේ හෝ ඇමරිකා එක්සත් ජනපදයේ මෙන් එහි සභා දෙකක් (Bicamaral) නොමැත. ඒ 225 දෙනාගේ මූලික කාර්යභාරය වන්නේ ජනරජයේ පැවැත්ම සඳහා ජනතාවට අවශ්‍ය විදිහට නීති සෑදීමයි. එපමණකි. ඊට එහා වැඩක් ඔවුන්ට නැත.

ආණ්ඩුව සහ විපක්ෂය

නමුත් පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව යමින් එම 225 දෙනා ආණ්ඩුව සහ විපක්ෂය ලෙස කණ්ඩායම් දෙකකට බෙදී යයි. එයට හේතුව මේ වල්බූරු දේශපාලන “පක්ෂවාදයයි”. සාමාන්‍යයෙන් ආසන 225න් අඩකට එකක් හෝ වැඩි, එනම් “සරල බහුතර” ආසන සංඛ්‍යාවක් ගන්නා පක්ෂයට හෝ කණ්ඩායමට ආණ්ඩුව (Government) නැත්නම් ආණ්ඩු පක්ෂය යැයි කියයි. ඉතිරිය විපක්ෂය (Opposition) නැත්නම් විරුද්ධ පක්ෂය, වඩාත් නිවැරදිව කියනවා නම් “ආණ්ඩුව-නොවන” පක්ෂයයි. ඉතින් හැම දේශපාලන පක්ෂයම හදන්නේ හොඳින් හෝ නරකින් ආණ්ඩුව අල්ලා ගැනීමටයි.

නමුත් ඇතැම් අවස්ථාවල සරල බහුතර ආසන සංඛ්‍යාවක් “නොගන්නා” ආණ්ඩුද ඇති වේ. එය සිදු වන්නේ විපක්ෂයේ පක්ෂ වලට බහුතර ආසන තිබුනත් ඔවුන් එකට එකතු වී ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි අවස්ථාවකය. එවිට වැඩිම (බහුතර නොවේ) ආසන ගන්නා පක්ෂය හෝ කණ්ඩායම ආණ්ඩුව බවට පත් වේ. එය “සුළුතර ආණ්ඩුවක්” (Minority Government) ලෙස හැඳින්වේ. අද සැබැවින්ම ඇත්තේ සුළුතර ආණ්ඩුවකි. යහපාලන එක්සත් ජාතික පෙරමුණට ඇත්තේ ආසන 106 කි. එය සරල බහුතරය වන 113 ට වඩා අඩුය. දෙජාසය හෝ ජවිපය හෝ ශ්රීලංනිපය හෝ එජාපෙය සමග යෝජනාවකට හෝ පනතකට අත ඉස්සුවාට ඔවුන් ඉන්නේ විපක්ෂයේය. එම නිසා පසුගිය කාලයේ “බහුතරය පෙන්වන්න” කියමින් කෑ ගැසූවන් දේශපාලනයේ මූලික සංකල්පවත් නොදන්නා අමනයන්ය.

ආණ්ඩු බලය

එතකොට ආණ්ඩුව පිහිටුවන්නට මෙච්චර පොරකන්නේ ඇයි? එයට හේතුව ජනරජයේ බලවත්ම ආයතනය ආණ්ඩුව වීමයි. එක පැත්තකින් පාර්ලිමේන්තුවේ බහුතරය හරහා තමන්ට කැමති නීතියක් සම්මත කර ගැනීමට ආණ්ඩුවට හැකිය. නමුත් පාර්ලිමේන්තුව නීති හැදුවාට ඒවා ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට නොහැකිය. ඒවා ක්‍රියාත්මක කරන්නේ විධායකයි. විධායකය යනු ආයතන තුනකි. එනම් 1) ජනපති; 2) ඇමති මණ්ඩලය; 3) රාජ්‍ය සේවය. බොහෝ අමනයන් හිතන්නේ විධායකය යනු ජනපති කියාය. “විධායකය අහෝසි කළ යුතුයි” කියා බෙරිහන් දෙන ඔවුන් විධායකය යනු කුමක්ද කියාවත් දන්නේ නැත.

අගමැති ඇතුළු ඇමති මණ්ඩලය පිහිටුවන්නේ ආණ්ඩුවයි. එහිදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කොටසක්ම විධායකයේ කොටසක් බවට පත් වේ. වර්තමාන ව්‍යවස්ථාවේ ඇති ලොකුම දෝෂය එයයි. ඒ කියන්නේ ආණ්ඩුව තමන්ම නීති හදලා තමන්ම ඒවා ක්‍රියාත්මක කරනවා. එයින් ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර තිබිය යුතු ස්වාධීනත්වය බිඳී ගොස් සංවරණ සහ තුලනය නැති වී යයි. 19 වැනි සංශෝධනයෙන් පක්ෂ කිහිපයක් එකතු වී ජාතික ආණ්ඩුවක් (ජාතික යන වචනය අවභාවිතා වී තිබේ) පිහිටුවා එහි ඇමතිධූර සංඛ්‍යාව ඔවුන්ට කැමති ලෙස වැඩිකර ගැනීමට හැකි වන ලෙස කුප්‍රකට නීති හදාගත්තේ එම නිසාය. අල්ලස ව්‍යවස්ථාවටම එබ්බ වූ අශික්ෂිත අවස්ථාව එයයි.

ජනපතිගේ සම්බන්ධය

දැන් ඔබට රජය සහ ආණ්ඩුව අතර වෙනස පැහැදිලි විය යුතුය. එතකොට ජනපති මෙතනට සම්බන්ධ වන්නේ කොහොමද කියා ඔබ සිතන බව මම දනිමි. ව්‍යවස්ථාවට අනුව ජනපති යනු රජයේ ප්රධානයාය (Head of state). එනම් ශ්‍රී ලංකා ජනරජය නියෝජනය කරන ප්‍රධාන ආයතනය ඔහු හෝ ඇයයි. තවද ජනපති විධායකයේ ප්රධානයාය. එනම් ඇමති මණ්ඩලය සහ රාජ්‍ය සේවයේ ප්‍රධානයා ඔහු හෝ ඇයයි. ජනපතිද ඇමති මණ්ඩලයේ සාමාජිකයෙකි. වර්තමාන ජනපති මෛත්‍රිපාල සිරිසේන, ආරක්ෂක ඇමති, මහවැලි සංවර්ධන ඇමති සහ පරිසර ඇමති ලෙසද කටයුතු කරයි. එපමණක් නොව ජනපති ආණ්ඩුවේද ප්රධානයාය. ඊටත් අමතරව සන්නද්ධ සේවාවන්හී ප්රධානයාය. එවැනි අතිශය වැදගත් තීරණාත්මක තනතුරකට සිරිසේන වැන්නෙකු තෝරා ගත් හැට දෙලක්ෂය ගැන මට කියන්නට දෙයක් නැත.

එසේ නම් ආණ්ඩුව යනු පාර්ලිමේන්තුවේ බහුතර අසුන්වල වාඩි වී සිටින මන්ත්‍රීවරුන්, අගමැති, ඇමතිවරුන් සහ ජනපති ඇතුළු මේ සියලු දෙනාය. ආණ්ඩුව-නොවන විපක්ෂය යනු ආණ්ඩුවේ මුග්ධ ක්‍රියාවලට විරෝධය දක්වන හෝ වාසියට සහාය දක්වන හෝ පාර්ලිමේන්තු නිකම්ම නිකම් මන්ත්‍රීවරුන් පිරිසකි. ඔවුන්ට කළ හැකි වැදගත් කිසිවක් නොමැත.

වගකිව යුත්තේ කවුද?

එසේ නම් පාස්කු ඉරිදා ඉස්ලාම් අන්තවාදී ත්රස්තවාදීන් විසින් සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම කාගේද? ත්රස්තවාදීන්ගේ කාර්යය වන්නේ ජනතාව ත්‍රස්ත කර (බිය කර) තම දේශපාලන අරමුණු ඉටු කරගැනීමයි. ISIS හෝ අල්කයීඩා හෝ නැෂනල් තවුහීඩ් ජමාත් හෝ උන් ඔක්කොම හෝ උන්ගේ ම්ලේච්ඡ කාර්යය අකුරටම ඉටුකර ඇත. එම නිසා ප්‍රහාරයේ වගකීම ඔවුන් සතුය.

ආණ්ඩුවේ කාර්යය එවැනි ත්රස්තවාදීන්ගෙන් ජනරජය සහ එහි ජනතාව ආරක්ෂා කරගැනීමයි. ජනපති, අගමැති, ඇමතිවරු සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරු මේ සියලු දෙනාගේ ප්‍රමුඛතම කාර්යය ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. ආණ්ඩුව අල්ලගන්න දැඟලුවා වගේ ආණ්ඩුවේ වගකීම් සහ කාර්යභාරයන් ඉටු කරන්නත් දැඟලිය යුතුය. මෙහිදී අර විපක්ෂයටත් යම්කිසි වගකීමක් තිබේ. එනම් ආණ්ඩුව එම වගකීම පැහැර හරින විට හෝ ජනරජයේ සහ ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි පනත් වලට විරුද්ධ වීමය.

“මම දන්නේ නැහැ.” “මට කිව්වේ නැහැ.” “මට ආරක්ෂක මණ්ඩලයට එන්න කිව්වේ නැහැ.” “මගේ ඩැඩී දැනගෙන මට පල්ලියට යන්න එපා කිව්වා.” “සතියකට කලින් මගේ ආරක්ෂක නිලධාරීන්ට කියලා තිබුනා.” “අපි කිව්වට ඇහුවේ නැහැ.” “ඩිස්නි වර්ල්ඩ් එකේ තාම වුනේ නැහැ.” “දැන් වෙලා ඉවරයි.” “ පුපුරයි කියලා දැනගෙන හිටියට මෙච්චර ලොකු බෝම්බ පුපුරයි කියලා හිතුවේ නැහැ.” “හෝටල් වල ආරක්ෂාව ඒ අය සතුයි.” “පිටරට ත්‍රස්තවාදීන්ව ලංකාවට ආවම අත්අඩංගුවට ගන්න බැහැ.” “මීට වැඩිය ලොකු ව්‍යසන වෙලා තියෙනවා.” “සිරිසේනයි-රනිලුවයි කඹ ඇද්දා.” “මගෙන් දැන්වත් ප්‍රයෝජනයක් ගන්න.” “මේ වෙලාවේ දේශපාලන වාසි ගන්න එපා.” “අනේ මේ අපි ඔක්කොම එකතු වෙමු.” වගේ වැල් බයිලා පිළිගැනීමට මා නම් සුදානම් නැත. එවැනි බොළඳ, කුරිරු වගකීම් විරහිත කතා වලට මා රැවටෙන්නේ නැත.

ජනතාවගේ වගකීම

ව්‍යවස්ථාවට අනුව “රාජ්‍ය ආරක්ෂාව සහ ජාතික සුරක්ෂිතභාවය, අභ්‍යන්තර ආරක්ෂාව, නීතිය හා යථා පැවැත්ම මෙන්ම අපරාධ වැළැක්වීම හා අනාවරණය කර ගැනීම” ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යභාරයයි. ආණ්ඩුව එම ප්‍රධාන වගකීම සම්පූර්ණයෙන්ම පැහැර හැර ඇත. එම නිසා මෙතන තර්ක කරන්නට තවත් කිසිවක් නැත. වගකීම ආණ්ඩුවේය. ජනතාවගේ බදු මුදල් වලින් සුරසැප විඳිමින් ජනරජයේ සහ ජනතාවගේ ආරක්ෂාව නැති කළ, ගෝලීය බැරිනම් මොකේ ත්රස්තාවදය හරි එනකම් උඩ බලාගෙන හිටිය ආණ්ඩුවේ වාහෙලා වහාම කොන්දේසි විරහිතව සමස්ථ ජනතාවගෙන්ම දනගසා වැඳ සමාව ගත යුතුය. සමාව ගෙන වහාම ඉල්ලා අස්විය යුතුය.

අලුත් ජනපතිවරයෙක්, අලුත් පාර්ලිමේන්තුවක්, අලුත් ආණ්ඩුවක් තෝරා ගැනීමට දැන්වත් ජනතාවගේ පරමාධිපත්‍ය අයිතියට ඉඩ දෙනු! එසේ නොකරන්නේ නම් ජනරජයේ ආර්ථිකය, සංස්කෘතිය, ආරක්ෂාව, නිදහස කාබාසිනියා කළ මේ කාලකන්ණි ආණ්ඩුවේ මළ පෙරේත දුෂ්ට දුර්දාන්තයින් ත්රස්තයන් විසින් මරා දැමුණු මිනිසුන්ගේ නාමයෙන් පන්නා දැමීමට එකාවන්ව පෙළගැසෙමු.

එරන්ද ගිනිගේ

2019 අප්‍රේල් 26

[QUOTE="manojka, post: 24426614, member: 85744"] [b]පාස්කු ඉරිදා විනාශයට ආණ්ඩුව වගකිව යුත්තේ[/b] [SIZE="6"][/SIZE]හෙටට හත් දොහක් ගෙවේ. මරා දැමුණු අපේ අහිංසක මිනිසුන් මිහිදන්ව ඇත. දරුවන් අහිමි වූ මව්වරුන් වැළපෙති. පියවරු ඉකිගසති. දෙමව්පියන් අහිමි වූ දරුවෝ හූල්ලති. ආරක්ෂක නිලදරුවන් සෙවිල්ලෙනි. ජනතාවෝ බියෙන්ද සැකයෙන්ද කල් මරති. මුළු ජනරජයම එකම මළගෙයකි. දැන් දැන් මගේ දුක කේන්තියක් වී එනු දැනේ. ආණ්ඩුවේ සහ ආණ්ඩුව හෝදන නරුමයන්ගේ කතා මට තවත් උහුලන්නට බැරිය. මට කළ හැක්කේ නුඹලාට ඇත්ත පෙන්වා දීමයි. එම නිසා ලියමි. දේශපාලනය කරන, ඒ ගැන කතා කරන සහ මේ වෙලාවේ දේශපාලනය කතා කරන්න එපා කියන ඔය කවුරුත් පළමුව රජය සහ ආණ්ඩුව අතර වෙනස තේරුම් ගත යුතුය. රජය (State) යනු රාජ්‍යයයි. රාජ්‍යයක් යනු නිශ්චිත දේශසීමා වලින් වෙන්වුණු භූමි ප්‍රදේශයක් සහ නිශ්චිත දේශපාලන ව්‍යුහයක් යටතේ පාලනය (rule) වන එහි සියලු ජීවී අජීවී සම්පත්ය. ශ්‍රී ලංකා රාජ්‍යයේ පරමාධිපත්‍යය ජනතාව සතු නිසා එය ජනතාවගේ රාජ්‍යය හෙවත් ජන-රාජ්‍යය හෙවත් ජනරජය ලෙස හඳුන්වයි. පාස්කු ඉරිදා ප්‍රහාරයට “රජය” වගකිව යුතු යැයි ඇතැම් අනුවණ ජනතා නියෝජිතයන්, මාධ්‍යවේදීන් සහ පුරවැසියන් කියනු ඇසේ. එය අමන සහ කපටි ප්‍රකාශයකි. රජයට බැනීම යනු අර සිස්ටම් එකට බනිනවා වැනිය. සිස්ටම් එක යනු කුමක්දැයි කිසිවෙකුට පැහැදිලි නැත. එලෙසම රජය යනු කවුදැයි කිසිවෙකුටත් පැහැදිලි නැත. ඉතින් බනින්න හරි ලෙහෙසිය. අන්තිමේදී බැන ගෙන තිබෙන්නේ තමන්ටමය. ඉතින් මේ තරමටවත් ජනරජය ඉතිරි වේ තිබීම ගැන මට නම් පුදුමය. දේශපාලන ව්‍යුහය ව්‍යවස්ථාදායකය (Legislature) යනු ව්‍යවස්ථා හෙවත් නීති සාදා දෙන ආයතනයයි. (පනත් යනු එම ව්‍යවස්ථා හෙවත් නීති ය.) ඉංග්‍රීසි Parliament වචනයෙන් පාර්ලිමේන්තුව ලෙසත් එය හැඳින්වේ. පාර්ලිමේන්තුව හදලා දෙන නීති ක්‍රියාත්මක කරන ආයතන විධායකයයි (Executive). එසේ ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු විසඳන ආයතන අධිකරණයයි (Judiciary). ඕනෑම රාජ්‍යයක, ආයතනයක, සමිතියක පවා ඇත්තේ මෙම මූලික පාලන ව්‍යුහයයි. එනම් තීරණ ගැනීම (ව්‍යවස්ථාදායක), තීරණ ක්‍රියාත්මක කිරීම (විධායක) සහ ගැටලු විසඳීම (අධිකරණ) යන කොටස් තුනයි. ඒවා එකිනෙකින් වෙන්ව, ස්වාධීනව පැවතිය යුතු අතර, ඒවා එකිනෙකින්ම සංවරණය සහ තුලනය (check and balance) විය යුතුය. උදාහරණයක් ලෙස ජනපතිවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට හැකි විය යුතුය. පාර්ලිමේන්තුව විසිරවීමට ජනපතිට හැකි විය යුතුය. 19 වැනි සංශෝධනයෙන් එම මූලික සංවරණය සහ තුලනය බිඳ දමා ඇත. (ඒ ගැන මා වෙනම ලියන්නම්) ශ්‍රී ලංකා ජනරජයේ පාර්ලිමේන්තුව ඒක-මණ්ඩල සභාවකි (Unicameral). එනම් එයට මැතිවරණයෙන් ජනතාව තෝරන නියෝජිත මන්ත්‍රීවරුන් 196 දෙනා සහ ජාතික ලැයිස්තු (ජාතික යන වචනය අවභාවිතා වී තිබේ. නිවැරදිම යෙදුම ජනතාව තෝරා-නොගත්) මන්ත්‍රීවරුන් 29 දෙනාද ඇතුළත්ව මුළු මන්ත්‍රීවරුන් 225 දෙනාම එකම සභාවකි. එක්සත් රාජධානියේ හෝ ඇමරිකා එක්සත් ජනපදයේ මෙන් එහි සභා දෙකක් (Bicamaral) නොමැත. ඒ 225 දෙනාගේ මූලික කාර්යභාරය වන්නේ ජනරජයේ පැවැත්ම සඳහා ජනතාවට අවශ්‍ය විදිහට නීති සෑදීමයි. එපමණකි. ඊට එහා වැඩක් ඔවුන්ට නැත. ආණ්ඩුව සහ විපක්ෂය නමුත් පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව යමින් එම 225 දෙනා ආණ්ඩුව සහ විපක්ෂය ලෙස කණ්ඩායම් දෙකකට බෙදී යයි. එයට හේතුව මේ වල්බූරු දේශපාලන “පක්ෂවාදයයි”. සාමාන්‍යයෙන් ආසන 225න් අඩකට එකක් හෝ වැඩි, එනම් “සරල බහුතර” ආසන සංඛ්‍යාවක් ගන්නා පක්ෂයට හෝ කණ්ඩායමට ආණ්ඩුව (Government) නැත්නම් ආණ්ඩු පක්ෂය යැයි කියයි. ඉතිරිය විපක්ෂය (Opposition) නැත්නම් විරුද්ධ පක්ෂය, වඩාත් නිවැරදිව කියනවා නම් “ආණ්ඩුව-නොවන” පක්ෂයයි. ඉතින් හැම දේශපාලන පක්ෂයම හදන්නේ හොඳින් හෝ නරකින් ආණ්ඩුව අල්ලා ගැනීමටයි. නමුත් ඇතැම් අවස්ථාවල සරල බහුතර ආසන සංඛ්‍යාවක් “නොගන්නා” ආණ්ඩුද ඇති වේ. එය සිදු වන්නේ විපක්ෂයේ පක්ෂ වලට බහුතර ආසන තිබුනත් ඔවුන් එකට එකතු වී ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි අවස්ථාවකය. එවිට වැඩිම (බහුතර නොවේ) ආසන ගන්නා පක්ෂය හෝ කණ්ඩායම ආණ්ඩුව බවට පත් වේ. එය “සුළුතර ආණ්ඩුවක්” (Minority Government) ලෙස හැඳින්වේ. අද සැබැවින්ම ඇත්තේ සුළුතර ආණ්ඩුවකි. යහපාලන එක්සත් ජාතික පෙරමුණට ඇත්තේ ආසන 106 කි. එය සරල බහුතරය වන 113 ට වඩා අඩුය. දෙජාසය හෝ ජවිපය හෝ ශ්රීලංනිපය හෝ එජාපෙය සමග යෝජනාවකට හෝ පනතකට අත ඉස්සුවාට ඔවුන් ඉන්නේ විපක්ෂයේය. එම නිසා පසුගිය කාලයේ “බහුතරය පෙන්වන්න” කියමින් කෑ ගැසූවන් දේශපාලනයේ මූලික සංකල්පවත් නොදන්නා අමනයන්ය. ආණ්ඩු බලය එතකොට ආණ්ඩුව පිහිටුවන්නට මෙච්චර පොරකන්නේ ඇයි? එයට හේතුව ජනරජයේ බලවත්ම ආයතනය ආණ්ඩුව වීමයි. එක පැත්තකින් පාර්ලිමේන්තුවේ බහුතරය හරහා තමන්ට කැමති නීතියක් සම්මත කර ගැනීමට ආණ්ඩුවට හැකිය. නමුත් පාර්ලිමේන්තුව නීති හැදුවාට ඒවා ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට නොහැකිය. ඒවා ක්‍රියාත්මක කරන්නේ විධායකයි. විධායකය යනු ආයතන තුනකි. එනම් 1) ජනපති; 2) ඇමති මණ්ඩලය; 3) රාජ්‍ය සේවය. බොහෝ අමනයන් හිතන්නේ විධායකය යනු ජනපති කියාය. “විධායකය අහෝසි කළ යුතුයි” කියා බෙරිහන් දෙන ඔවුන් විධායකය යනු කුමක්ද කියාවත් දන්නේ නැත. අගමැති ඇතුළු ඇමති මණ්ඩලය පිහිටුවන්නේ ආණ්ඩුවයි. එහිදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කොටසක්ම විධායකයේ කොටසක් බවට පත් වේ. වර්තමාන ව්‍යවස්ථාවේ ඇති ලොකුම දෝෂය එයයි. ඒ කියන්නේ ආණ්ඩුව තමන්ම නීති හදලා තමන්ම ඒවා ක්‍රියාත්මක කරනවා. එයින් ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර තිබිය යුතු ස්වාධීනත්වය බිඳී ගොස් සංවරණ සහ තුලනය නැති වී යයි. 19 වැනි සංශෝධනයෙන් පක්ෂ කිහිපයක් එකතු වී ජාතික ආණ්ඩුවක් (ජාතික යන වචනය අවභාවිතා වී තිබේ) පිහිටුවා එහි ඇමතිධූර සංඛ්‍යාව ඔවුන්ට කැමති ලෙස වැඩිකර ගැනීමට හැකි වන ලෙස කුප්‍රකට නීති හදාගත්තේ එම නිසාය. අල්ලස ව්‍යවස්ථාවටම එබ්බ වූ අශික්ෂිත අවස්ථාව එයයි. ජනපතිගේ සම්බන්ධය දැන් ඔබට රජය සහ ආණ්ඩුව අතර වෙනස පැහැදිලි විය යුතුය. එතකොට ජනපති මෙතනට සම්බන්ධ වන්නේ කොහොමද කියා ඔබ සිතන බව මම දනිමි. ව්‍යවස්ථාවට අනුව ජනපති යනු රජයේ ප්රධානයාය (Head of state). එනම් ශ්‍රී ලංකා ජනරජය නියෝජනය කරන ප්‍රධාන ආයතනය ඔහු හෝ ඇයයි. තවද ජනපති විධායකයේ ප්රධානයාය. එනම් ඇමති මණ්ඩලය සහ රාජ්‍ය සේවයේ ප්‍රධානයා ඔහු හෝ ඇයයි. ජනපතිද ඇමති මණ්ඩලයේ සාමාජිකයෙකි. වර්තමාන ජනපති මෛත්‍රිපාල සිරිසේන, ආරක්ෂක ඇමති, මහවැලි සංවර්ධන ඇමති සහ පරිසර ඇමති ලෙසද කටයුතු කරයි. එපමණක් නොව ජනපති ආණ්ඩුවේද ප්රධානයාය. ඊටත් අමතරව සන්නද්ධ සේවාවන්හී ප්රධානයාය. එවැනි අතිශය වැදගත් තීරණාත්මක තනතුරකට සිරිසේන වැන්නෙකු තෝරා ගත් හැට දෙලක්ෂය ගැන මට කියන්නට දෙයක් නැත. එසේ නම් ආණ්ඩුව යනු පාර්ලිමේන්තුවේ බහුතර අසුන්වල වාඩි වී සිටින මන්ත්‍රීවරුන්, අගමැති, ඇමතිවරුන් සහ ජනපති ඇතුළු මේ සියලු දෙනාය. ආණ්ඩුව-නොවන විපක්ෂය යනු ආණ්ඩුවේ මුග්ධ ක්‍රියාවලට විරෝධය දක්වන හෝ වාසියට සහාය දක්වන හෝ පාර්ලිමේන්තු නිකම්ම නිකම් මන්ත්‍රීවරුන් පිරිසකි. ඔවුන්ට කළ හැකි වැදගත් කිසිවක් නොමැත. වගකිව යුත්තේ කවුද? එසේ නම් පාස්කු ඉරිදා ඉස්ලාම් අන්තවාදී ත්රස්තවාදීන් විසින් සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම කාගේද? ත්රස්තවාදීන්ගේ කාර්යය වන්නේ ජනතාව ත්‍රස්ත කර (බිය කර) තම දේශපාලන අරමුණු ඉටු කරගැනීමයි. ISIS හෝ අල්කයීඩා හෝ නැෂනල් තවුහීඩ් ජමාත් හෝ උන් ඔක්කොම හෝ උන්ගේ ම්ලේච්ඡ කාර්යය අකුරටම ඉටුකර ඇත. එම නිසා ප්‍රහාරයේ වගකීම ඔවුන් සතුය. ආණ්ඩුවේ කාර්යය එවැනි ත්රස්තවාදීන්ගෙන් ජනරජය සහ එහි ජනතාව ආරක්ෂා කරගැනීමයි. ජනපති, අගමැති, ඇමතිවරු සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරු මේ සියලු දෙනාගේ ප්‍රමුඛතම කාර්යය ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. ආණ්ඩුව අල්ලගන්න දැඟලුවා වගේ ආණ්ඩුවේ වගකීම් සහ කාර්යභාරයන් ඉටු කරන්නත් දැඟලිය යුතුය. මෙහිදී අර විපක්ෂයටත් යම්කිසි වගකීමක් තිබේ. එනම් ආණ්ඩුව එම වගකීම පැහැර හරින විට හෝ ජනරජයේ සහ ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි පනත් වලට විරුද්ධ වීමය. “මම දන්නේ නැහැ.” “මට කිව්වේ නැහැ.” “මට ආරක්ෂක මණ්ඩලයට එන්න කිව්වේ නැහැ.” “මගේ ඩැඩී දැනගෙන මට පල්ලියට යන්න එපා කිව්වා.” “සතියකට කලින් මගේ ආරක්ෂක නිලධාරීන්ට කියලා තිබුනා.” “අපි කිව්වට ඇහුවේ නැහැ.” “ඩිස්නි වර්ල්ඩ් එකේ තාම වුනේ නැහැ.” “දැන් වෙලා ඉවරයි.” “ පුපුරයි කියලා දැනගෙන හිටියට මෙච්චර ලොකු බෝම්බ පුපුරයි කියලා හිතුවේ නැහැ.” “හෝටල් වල ආරක්ෂාව ඒ අය සතුයි.” “පිටරට ත්‍රස්තවාදීන්ව ලංකාවට ආවම අත්අඩංගුවට ගන්න බැහැ.” “මීට වැඩිය ලොකු ව්‍යසන වෙලා තියෙනවා.” “සිරිසේනයි-රනිලුවයි කඹ ඇද්දා.” “මගෙන් දැන්වත් ප්‍රයෝජනයක් ගන්න.” “මේ වෙලාවේ දේශපාලන වාසි ගන්න එපා.” “අනේ මේ අපි ඔක්කොම එකතු වෙමු.” වගේ වැල් බයිලා පිළිගැනීමට මා නම් සුදානම් නැත. එවැනි බොළඳ, කුරිරු වගකීම් විරහිත කතා වලට මා රැවටෙන්නේ නැත. ජනතාවගේ වගකීම ව්‍යවස්ථාවට අනුව “රාජ්‍ය ආරක්ෂාව සහ ජාතික සුරක්ෂිතභාවය, අභ්‍යන්තර ආරක්ෂාව, නීතිය හා යථා පැවැත්ම මෙන්ම අපරාධ වැළැක්වීම හා අනාවරණය කර ගැනීම” ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යභාරයයි. ආණ්ඩුව එම ප්‍රධාන වගකීම සම්පූර්ණයෙන්ම පැහැර හැර ඇත. එම නිසා මෙතන තර්ක කරන්නට තවත් කිසිවක් නැත. වගකීම ආණ්ඩුවේය. ජනතාවගේ බදු මුදල් වලින් සුරසැප විඳිමින් ජනරජයේ සහ ජනතාවගේ ආරක්ෂාව නැති කළ, ගෝලීය බැරිනම් මොකේ ත්රස්තාවදය හරි එනකම් උඩ බලාගෙන හිටිය ආණ්ඩුවේ වාහෙලා වහාම කොන්දේසි විරහිතව සමස්ථ ජනතාවගෙන්ම දනගසා වැඳ සමාව ගත යුතුය. සමාව ගෙන වහාම ඉල්ලා අස්විය යුතුය. අලුත් ජනපතිවරයෙක්, අලුත් පාර්ලිමේන්තුවක්, අලුත් ආණ්ඩුවක් තෝරා ගැනීමට දැන්වත් ජනතාවගේ පරමාධිපත්‍ය අයිතියට ඉඩ දෙනු! එසේ නොකරන්නේ නම් ජනරජයේ ආර්ථිකය, සංස්කෘතිය, ආරක්ෂාව, නිදහස කාබාසිනියා කළ මේ කාලකන්ණි ආණ්ඩුවේ මළ පෙරේත දුෂ්ට දුර්දාන්තයින් ත්රස්තයන් විසින් මරා දැමුණු මිනිසුන්ගේ නාමයෙන් පන්නා දැමීමට එකාවන්ව පෙළගැසෙමු. එරන්ද ගිනිගේ 2019 අප්‍රේල් 26[SIZE="5"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom