පාස්කු වාර්තාව එළියට ! මෛත්‍රීට පූජිතට හේමසිරිට නඩු..බොදු බලයත් තහනම්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    46433_LKA181214SriLankaRajapaksaSirisenaAFP_1570499878639_copy_480x270.jpg


    හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බව පාස්කු කොමිසම නිර්දේශ කර ඇත.

    ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඇතුළු පිරිසටද එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බව එම නිර්දේශ කියා සිටී.

    හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2019 අප්‍රේල් මස 16 වැනිදා සිට 21 වැනිදා දක්වා ඉන්දියාවට හා සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්ෂක ඇමැති ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් නොකිරීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම කටයුතු කිරීම මගින් චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස්. තර්ජනයට මඟපෑදූ බවත් ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් කොමිසම නිර්දේශ කර තිබේ.

    මේ අතර,හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් දැක්වූ ලිහිල් ප්‍රවේශය මත එවක පැවැති රජය ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාශීලී පියවර ගැනීමට අපොහොසත්වීම ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් බවද නිර්දේශ කර තිබේ.
    එය පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය දක්වා ඉස්ලාම් අන්තවාදය ගොඩනැගීමට පහසුකම් සපයා ඇති බවද වාර්තාවේ දැක්වේ.

    හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සිය රාජකාරී ඉටු කිරීමේදී ධනාත්මක හා ඵලදායී පියවර ගැනීමට අපොහොසත් වී ඇති අතර පූජිත් ජයසුන්දර, සහරාන්ගේ පසුබිම, වර්ධනය හා හැසිරීම් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි වාර්තා සැලකිල්ලට ගනිමින් අවශ්‍ය පරිදි කටයුතු කිරීමට හා රටේ පොලිස්පතිවරයා ලෙස තීරණාත්මක පියවර ගැනීමට අපොහොසත් වී ඇති බව කොමිසම පෙන්වාදී ඇත.


    රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා බුද්ධි අංශය බැරෑරුම් ලෙස නොසලකා ඇති බැවින් නිලන්ත ජයවර්ධනට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධි විධාන යටතේ අපරාධ නඩු පැවරීමක් සිදු කරන ලෙස නිර්දේශ කර ඇත.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවකු සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා දුරකථනයෙන් අමතා සහනයක් ලබාගැනීමට උත්සහ කරඇති බවට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බව වාර්තා වෙයි.

    පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මෙම සිදුවීමේ දී හුදෙක් පණිවුඩකරුවකු ලෙස පමණක් කටයුතු කරමින් සිය රාජකාරිය ඉටුකිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද කොමිසම නිර්දේශකර ඇත.

    මේ අතර බෞද්ධ සහ වෙනත් ආගමික සංවිධාන පිළිබඳ කළ අධ්‍යයනයට අනුව බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බවද වාර්තා වේ.
    එමෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත ප්‍රකාරව අපරාධ නඩු පැවරිය හැකි ද යන්න සලකා බැලීම සඳහා උන්වහන්සේ 2013 හා 2014 වසරවල මහරගම හා අලුත්ගම යන ප්‍රදේශවල කළ කතා නීතිපතිවරයා සලකා බැලිය යුතු බවද නිර්දේශයකි.

    වහබ්වාදය හා වහබ්වාදී විද්වතුන් කරන ඉගැන්වීම් සහ ප්‍රකාශන තහනම් කළ යුතු අතර සියලුම තවුහිද් සංවිධාන, වහබ්වාදී සංවිධාන වන බැවින් ඒවා ද තහනම් කළයුතු බව කොමිසමේ නිර්දේශ අතරට ඇතුළත් වේ.

    https://mawurata.lk/archives/6864
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මේ රටේ කවදාවත් බෞද්ධ අන්තවාදයක්නම් තිබ්බේ නෑ ...සල්ලිකාර බෞද්ධයන්ගෙන් බැටකෑවේ බෞද්ධයෝම තමයි..ගෑනු වදකරපු සාෆිටත් වෙච්ච දෙයක් නෑ.හිස්බුල්ලා ගැන සද්දයක් නෑ :angry::angry::angry:හද පෙන්නුවම හද පෙන්නපු ඇගිල්ලට බනින එක වැරදියි..මටනම් හිතෙන්නේ මේ කොමිසම ගැන පර්‍රික්ෂණයක් කරන්න තව කොමිසමක් දාන්න ඔනේ ..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    කරුමෙට පොන්න බයියො ටික හැංගිලා නෙ
    නැත්නම් සිංහල බෞද්ධ ආණ්ඩුවක් හදල හම්බයන්ට අරින හැටි දැනගන්න තිබ්බ
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රේස් අස්සයෙකුට උනත් කකුලක් කැඩුනොත් වෙඩිතියල මරල දානවලු. ඥාණසාර හාමුදුරුවොත් ඒ වගේ කකුල කැඩිච්ච රේස් අස්සයෙක්. දැන් ගෝටට එයාගෙන් වැඩක් නෑ
     
    • Like
    Reactions: Solo Rider