Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Wenath (Other)
පැණි වළලු මතක පොත පෙරළමින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]144507[/ATTACH][ATTACH=full]144509[/ATTACH]

ඉරිදා ලංකාදීපෙ පැණි වළලු තීරුලිපි එකතුකරල පොතක් ගහල තියෙනව කියල මට මුලින්ම ඇහුණේ TV එකේ නිව්ස් වලින් මං හිතන්නෙ. අපේ ගෙදර ඉඳල හිටල තමා අදටත් ඉරිද ලංකාදීපයක් ගන්නේ. ඒත් මම පැණි වළලු කොලම් එකක් දෙකක් අහම්බෙන් කියවල ඇති කියල හිතෙනව පොත එන්න කලින් හරිය මතකයක් නැතිවුනත්. මේ දවස්වල නම් කොරෝනා හින්දා මම පත්තර ඉඳල හිටලවත් ගේන වැඩේට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.මම කියවල තියෙන හැටියට කොරෝනා වයිරසේ පත්තරෙන් උනත් එන්න පුළුවන්.මගේ තියරි එකේ හැටියට කොරෝනා බෝවෙන්න පුළුවන් විදි අසීමිතයි.

මෑතකදී අපි අතරින් වියෝවුණු ධම්මික ගංගානාත් දිසානායක මහාචාර්යතුමා ලියපු පැණි වළලු පොත නියමයි කියල මට මුලින්ම කිව්වේ අපේ මාකටින් ටීම් එකට අළුතෙන් ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් විදිහට ජොයින් වෙච්චි අසංකා. අසංකා වැඩිය උස මහත නැති කෙට්ටු කොට චරිතයක්. හැබැයි ඇවිදින පුස්තකාලයක්. අපි අසංකාව බයිට් කලේ අසංකාගේ ඇඟ පුරාම තියෙන්නෙ මොලේ කියල. අසංකා කොහොම හරි පැණි වළලු පොත ඔෆිස් එකට අරන් ආව. මට ඒක කියවන්න ලොකු උනන්දුවක් තිබුනෙ නැතත්,අසංකාගේ පෙරැත්තය හින්දම මම පොත අරන් ආවා අපි ඒ දවස්වල හිටපු මාකුඹුරේ බෝඩිමට.

පළවෙනි තීරු ලිපිය කියවන්න ගනිද්දිම මට තේරුණා මේක මම එච්චරකල් කියවල තිබුණු සිංහල නවකතා කෙටි කතා තීරු ලිපි වලට වැඩිය වෙනස්ම විදියට ලියපු කතා කරන භාශාවෙන් කවියක් වගේ ලස්සනට ලියපු අළුත්ම රසයක් තියෙන ලියවිල්ලක් කියල.

"වටිනාපහ වලව්වෙ ශ්රීමතී ගිරි මල්ලිකා දිසානායක කුමාරිහාමි මගේ ආච්චි අම්ම. මට යන්තම් අවුරුදු හතර පිරෙද්දි අම්මා අකාලයේ මිය පරලොව ගිය නිස අපේ ජීවිත අතරමං නොවී නතර උණේ ආච්චි අම්මා ළඟ. ඔසරි පොට උල් වෙන්න උඩරට සාරිය ඇඳල, බෝරිච්චි හැට්ටේ උඩින් අගස්ති මාලෙ දාලා, බදල අල්ලන්න බැරිතරම් තඩි වේවැල් පුටුවෙ නේක වර්ණ ගල් අල්ලපු මුදු, වළලු පිරුණු අත් දෙක දෙපැත්තට විසි කරගෙන ආච්චි අම්ම වාඩිවෙලා ඉන්නව ඉස්තෝප්පුවේ..." මෙන්න මෙහෙම තම පැණි වළලු පළවෙනි පොතේ පළවෙනි තීරු ලිපියේ පළවෙනි ඡේදය පටන්ගන්නෙ. වචන වලින් පාට කරන්නත් පුළුවන් කියල කොහෙන් හරි අහල තිබුණට හරියටම ඒක දැණුනේ මේ කොටස කියවද්දි.

මම මේ තීරු ලියමන් වලට තියෙන ලෝභකම හින්දම එක දිගට කියවගෙන කියවගෙන ගියා. ඒත් ඒක හිතට බරවැඩියි කියල මට තේරුණා.දුක්බර කියන වචනෙට මම හිතන් හිටියට වඩා ගැඹුරු තේරුමක් තියෙනව කියල මට පැණි වළලු කියවද්දි හොඳින්ම දැණුන. පැණිවළලු කියන්නෙ එක දිගට ටිපි ටිප් වගේ කාගෙන කාගෙන යන්න පුළුවන් රසකැවිල්ලක් නෙමෙයි. මේ පොත් හතරමත් එහෙමයි. තවම කියවල නැත්නම් මේ පොත රස විඳින්න නම් මම නම් කියන්නෙ මම කළා වගේ එක හුස්මට කියවල ඉවර කරන්න යන්නෙ නැතුව හිමින් හිමින් කියවන්න. අඩයාලමේ ඉන්න ගොඩක් අය නම් ඔය පොත් හතරම දැනටමත් කියවල ඇති මං හිතන්නේ.

මට හිතෙන විදිහට සිංහලෙන් පැහැදිලිව ලස්සනට කාටත් තේරෙන විදියට ඒ වගේම මිනිස්සුන්ගෙ හදවතට දැනෙන විදියට සරල භාෂාවෙන් ලියන්න ඉගෙන ගන්න මේ පොත් හතරම හරිම අපූරුයි. හැම පැණි වළලු තීරු ලිපියකම වගේ මගේ හිතට ගැඹුරටම දැණුනු තැන් තියෙනවා. ඒ අතරිනුත් මෙන්න මේ උපුටාගැනීම මට අමතක කරන්න බැරිවිදිහටම හිතට කාවැදිච්චි පේළි කිහිපයක්. කවියක් වගේ ලස්සන ඒ උනාට ඊයම් බරු වගෙ හිතට බරට දැනෙන ලියමනක්.

"...පිටකොටුව මැනිං මාකට් එක ළඟ කළුපාට දියවෙච්චි පරණ කුඩ කබලකට මුවා වෙලා බිම වාඩි වෙලා, කරපිංච විකුණන අම්මා, මට ඉගෙන ගන්න වියදම් කරල තියෙනව. අදටත් තව කාටහරි වියදං කරනවා. ගුණසිංහපුර හන්දියෙන් සැර දාල හරෝන 138 බස් එකේ ඉස්සරහ පොල්ලෙ එල්ලිලා "මාරගම...මාරගම" කියලා කෑගහන කොන්දොස්තරත් මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. මගේ කන්තෝරු කාමරේ පිහදාන්න එන විමලා මට ඉගෙන ගන්න වියදං කරලා තියෙනවා. අව්වේ වැස්සේ බස්වල තෙරපි තෙරපි පාර තොටේ දාඩිය පෙර පෙරා යන එන වැඩ කරන දෙනෝදාහක් ගෑනු මිනිස්සු මට ඉගෙන ගන්න වියදම් කරල තියෙනව. මේ හැමෝම තමන්ට කවදාවත් වරමක් නැති තමන්ගෙ දරුවන්ටත් නොලැබුණ, උපදින්න ඉන්න දරුවන්ටත් ලැබෙයිද කියලා දන්නෙ නැතුව තව කාට කාට හරි ඉගෙන ගන්න අදටත් වියදං කරනවා. ඒ ගැන හිතන කොට ගලක් වගේ හිත බර වෙනවා..."

මේ වගේ ලස්සන රසවත් හරවත් තීරුලිපි අපිට තෑගි කරපු ධම්මික ගංගානාත් දිසානායක මහාචාර්යතුමාට සංසාර දුකින් අත්මිදී නිවන් මගට ඉක්මනින්ම පිවිසෙන්නට හදවතින්ම ප්රාර්ථනා කරනවා.

[QUOTE="Jayashantha84, post: 26895800, member: 578721"] [ATTACH type="full" width="318px" alt="Pani walalu.jpg"]144507[/ATTACH][ATTACH type="full" width="677px" alt="100082916.jpg"]144509[/ATTACH] ඉරිදා ලංකාදීපෙ පැණි වළලු තීරුලිපි එකතුකරල පොතක් ගහල තියෙනව කියල මට මුලින්ම ඇහුණේ TV එකේ නිව්ස් වලින් මං හිතන්නෙ. අපේ ගෙදර ඉඳල හිටල තමා අදටත් ඉරිද ලංකාදීපයක් ගන්නේ. ඒත් මම පැණි වළලු කොලම් එකක් දෙකක් අහම්බෙන් කියවල ඇති කියල හිතෙනව පොත එන්න කලින් හරිය මතකයක් නැතිවුනත්. මේ දවස්වල නම් කොරෝනා හින්දා මම පත්තර ඉඳල හිටලවත් ගේන වැඩේට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.මම කියවල තියෙන හැටියට කොරෝනා වයිරසේ පත්තරෙන් උනත් එන්න පුළුවන්.මගේ තියරි එකේ හැටියට කොරෝනා බෝවෙන්න පුළුවන් විදි අසීමිතයි. මෑතකදී අපි අතරින් වියෝවුණු ධම්මික ගංගානාත් දිසානායක මහාචාර්යතුමා ලියපු පැණි වළලු පොත නියමයි කියල මට මුලින්ම කිව්වේ අපේ මාකටින් ටීම් එකට අළුතෙන් ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් විදිහට ජොයින් වෙච්චි අසංකා. අසංකා වැඩිය උස මහත නැති කෙට්ටු කොට චරිතයක්. හැබැයි ඇවිදින පුස්තකාලයක්. අපි අසංකාව බයිට් කලේ අසංකාගේ ඇඟ පුරාම තියෙන්නෙ මොලේ කියල. අසංකා කොහොම හරි පැණි වළලු පොත ඔෆිස් එකට අරන් ආව. මට ඒක කියවන්න ලොකු උනන්දුවක් තිබුනෙ නැතත්,අසංකාගේ පෙරැත්තය හින්දම මම පොත අරන් ආවා අපි ඒ දවස්වල හිටපු මාකුඹුරේ බෝඩිමට. පළවෙනි තීරු ලිපිය කියවන්න ගනිද්දිම මට තේරුණා මේක මම එච්චරකල් කියවල තිබුණු සිංහල නවකතා කෙටි කතා තීරු ලිපි වලට වැඩිය වෙනස්ම විදියට ලියපු කතා කරන භාශාවෙන් කවියක් වගේ ලස්සනට ලියපු අළුත්ම රසයක් තියෙන ලියවිල්ලක් කියල. "වටිනාපහ වලව්වෙ ශ්රීමතී ගිරි මල්ලිකා දිසානායක කුමාරිහාමි මගේ ආච්චි අම්ම. මට යන්තම් අවුරුදු හතර පිරෙද්දි අම්මා අකාලයේ මිය පරලොව ගිය නිස අපේ ජීවිත අතරමං නොවී නතර උණේ ආච්චි අම්මා ළඟ. ඔසරි පොට උල් වෙන්න උඩරට සාරිය ඇඳල, බෝරිච්චි හැට්ටේ උඩින් අගස්ති මාලෙ දාලා, බදල අල්ලන්න බැරිතරම් තඩි වේවැල් පුටුවෙ නේක වර්ණ ගල් අල්ලපු මුදු, වළලු පිරුණු අත් දෙක දෙපැත්තට විසි කරගෙන ආච්චි අම්ම වාඩිවෙලා ඉන්නව ඉස්තෝප්පුවේ..." මෙන්න මෙහෙම තම පැණි වළලු පළවෙනි පොතේ පළවෙනි තීරු ලිපියේ පළවෙනි ඡේදය පටන්ගන්නෙ. වචන වලින් පාට කරන්නත් පුළුවන් කියල කොහෙන් හරි අහල තිබුණට හරියටම ඒක දැණුනේ මේ කොටස කියවද්දි. මම මේ තීරු ලියමන් වලට තියෙන ලෝභකම හින්දම එක දිගට කියවගෙන කියවගෙන ගියා. ඒත් ඒක හිතට බරවැඩියි කියල මට තේරුණා.දුක්බර කියන වචනෙට මම හිතන් හිටියට වඩා ගැඹුරු තේරුමක් තියෙනව කියල මට පැණි වළලු කියවද්දි හොඳින්ම දැණුන. පැණිවළලු කියන්නෙ එක දිගට ටිපි ටිප් වගේ කාගෙන කාගෙන යන්න පුළුවන් රසකැවිල්ලක් නෙමෙයි. මේ පොත් හතරමත් එහෙමයි. තවම කියවල නැත්නම් මේ පොත රස විඳින්න නම් මම නම් කියන්නෙ මම කළා වගේ එක හුස්මට කියවල ඉවර කරන්න යන්නෙ නැතුව හිමින් හිමින් කියවන්න. අඩයාලමේ ඉන්න ගොඩක් අය නම් ඔය පොත් හතරම දැනටමත් කියවල ඇති මං හිතන්නේ. මට හිතෙන විදිහට සිංහලෙන් පැහැදිලිව ලස්සනට කාටත් තේරෙන විදියට ඒ වගේම මිනිස්සුන්ගෙ හදවතට දැනෙන විදියට සරල භාෂාවෙන් ලියන්න ඉගෙන ගන්න මේ පොත් හතරම හරිම අපූරුයි. හැම පැණි වළලු තීරු ලිපියකම වගේ මගේ හිතට ගැඹුරටම දැණුනු තැන් තියෙනවා. ඒ අතරිනුත් මෙන්න මේ උපුටාගැනීම මට අමතක කරන්න බැරිවිදිහටම හිතට කාවැදිච්චි පේළි කිහිපයක්. කවියක් වගේ ලස්සන ඒ උනාට ඊයම් බරු වගෙ හිතට බරට දැනෙන ලියමනක්. "...පිටකොටුව මැනිං මාකට් එක ළඟ කළුපාට දියවෙච්චි පරණ කුඩ කබලකට මුවා වෙලා බිම වාඩි වෙලා, කරපිංච විකුණන අම්මා, මට ඉගෙන ගන්න වියදම් කරල තියෙනව. අදටත් තව කාටහරි වියදං කරනවා. ගුණසිංහපුර හන්දියෙන් සැර දාල හරෝන 138 බස් එකේ ඉස්සරහ පොල්ලෙ එල්ලිලා "මාරගම...මාරගම" කියලා කෑගහන කොන්දොස්තරත් මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. මගේ කන්තෝරු කාමරේ පිහදාන්න එන විමලා මට ඉගෙන ගන්න වියදං කරලා තියෙනවා. අව්වේ වැස්සේ බස්වල තෙරපි තෙරපි පාර තොටේ දාඩිය පෙර පෙරා යන එන වැඩ කරන දෙනෝදාහක් ගෑනු මිනිස්සු මට ඉගෙන ගන්න වියදම් කරල තියෙනව. මේ හැමෝම තමන්ට කවදාවත් වරමක් නැති තමන්ගෙ දරුවන්ටත් නොලැබුණ, උපදින්න ඉන්න දරුවන්ටත් ලැබෙයිද කියලා දන්නෙ නැතුව තව කාට කාට හරි ඉගෙන ගන්න අදටත් වියදං කරනවා. ඒ ගැන හිතන කොට ගලක් වගේ හිත බර වෙනවා..." මේ වගේ ලස්සන රසවත් හරවත් තීරුලිපි අපිට තෑගි කරපු ධම්මික ගංගානාත් දිසානායක මහාචාර්යතුමාට සංසාර දුකින් අත්මිදී නිවන් මගට ඉක්මනින්ම පිවිසෙන්නට හදවතින්ම ප්රාර්ථනා කරනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom