Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැතුම්ගේ අනුරපුර සංචාරයේ තතුවිත්ති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම දවසම ගත කළේ අනුරාධපුරයේ පැරණි නගරයේ සංචාරක ප්‍රදේශයේ. විශේෂයෙන් සංචාරයකයන් නිරීක්ෂණය කිරීමත් ඔවුන් කීපදෙනෙක් සමග කතා කිරීමටත් මට හැකි උනා.

මීට මාසයකට පෙරදී වඩා සංචාරයකයන් ගැවසෙනු දක්නට ලැබුනා. මාසයකට සංචාරකයන් ලක්ෂයක් එන මට්ටමට එම ක්ෂේත්රය යළි පුබුදු වෙලා. ඉන් අනිවාර්යයෙන් පුංචි කොටසක් අනුරාධපුරයේ දක්නට පුළුවන්.

මට හමුවුන ගොඩක් අය යුරෝපීය රට වලින් ආපු අය. මේ තියෙන සඳකඩ පහණ ලඟ කඩේ වෙළෙන්දා බොහෝම ලේසියෙන් ප්‍රංශ භාෂාවෙන්, ජර්මන් භාෂාවෙන් හා ඉතාලි භාෂාවෙන් ඔවුන් සමග කතා කළා.

සමහරු කුරුම්බා බිව්වා, සමහරු නාරං ජූස් බිව්වා, සමහරු පොල් රොටිත් කෑවා. පොල් රොටිය මැද්දට සීනි කෙසෙල් දාලා හදලා දීපු රොටියක් මාත් කෑවා. ඒක අලුත් වැඩක්. නැගලා ගියා.

ඔවුන් අතර තිබුන විශේෂ ලක්ෂණය තමයි හැමෝම වගේ අඩු බජට් සංචාරකයන් වීම. එක සුදු ජෝඩුවක් ත්‍රී විල් එකක් rent කර ගෙන දෙන්නා පැදගෙනම යනවා. සමහරු පාරේ ත්‍රීවිල් හයර් එකට අරගෙන ඇවිත්. ලෝ බජට් කාර් අරගෙන ඇවිත්. පයින්, බයිසිකල් වලින් යන අය දකින්නට ලැබුනා. ඉතිං වඩාත් පැහැදිලි දේ තමයි දැන් ඇවිත් ඉන්න සංචාරකයන් ලෝ බජට් අය.

ඒක වෙන්නේ මෙහෙමයි. එක අතකින් ගෝලීයව ආර්ථිකය අවපාතනයක තියෙන්නේ. විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ ඒක ගැඹුරට තියෙනවා. ඒ නිසා සංචාරකයන් සතුව තිබෙන වියදම් කළ හැකි මුදල සීමිතයි. ඒ නිසා අඩු බජට් එකෙන් වැඩේ යන්නේ. දැන් මේ අය හොයනවා අඩුම වියදමකින් සංචාරය කරන්න සුදුසු තැනක්. ශ්‍රී ලංකාව දැන් අර්බුදයකට ගිහින් සහ ඩොලරයේ මිළ ඉහලයි. ඒ වගේම සංචාරය කරන්න වැඩිය කට්ටිය නොයන නිසා ඉල්ලුම අඩුයි. ඒ නිසා මිළ බැහැලා. කට්ටියත් අඩුයි. එතකොට අර්බුදය තුළින් ගොඩ නැගෙන අපහසුතා සහ රිස්ක් එක අරගෙන ඒ වෙනුවට ටිකක් ලාබෙට සංචාරය කරන්න හොයන අය තමයි දැන් මෙහෙට එන්නේ.

ඒ වගේම ලෝකයේ සංචාරයක මානසිකත්වය වෙනස් වෙලා. පොඩ්ඩක් වියදම් කරලා අඩුම බජට් එකෙන් වැඩිම ප්‍රදේශ ගණනාවක ඇවිදින්න බලා ගෙන තමයි කට්ටිය එන්නේ. ඒ නිසා අපි අර පොඩි කාලේ අහලා තියෙන සුද්දා වගේ වියදම් කරන සුද්දෝ අඩුයි. ඉතිං බේකරියෙන් පාං කාලා, මගින් රොටි කාලා, බස් එකේ කෝච්චියේ ගිහින් ඔහේ ඇවිදලා ලෝකය විඳින පිරිසක් ඉන්නේ. බහුතරයක් ඒ වගේ. ඒ නිසා අපි හැම කෙනාගෙන්ම ඉහළ ආදයම් බලාපොරොත්තු වෙන එක තේරුමක් නෑ. ලෝකේ trends වෙනස් වෙලා.

ඒ වගේම මේ අයට අඩු මිළටම සේවය සැපයුවොත්, ඒ අයගේම review system ඇතුලේ social media group ඇතුලේ ඒවා කතා වෙනකොට අපිට තව අලුත් කට්ටිය ගෙන්න ගන්න පුළුවන්. කොහොම උනත් මේ ලෝ බජට් කට්ටිය වැඩිපුර ගෙන්වා ගත්තත් රටට පාඩු නෑ. ඒ නිසා අර සුද්දන්ට වැඩි ගණන් කියන උපක්‍රමයෙන් අපි මිදෙන්න ඕනේ.

රටට දැනට එන සංචාරකයන්ගෙන් හතරෙන් එකක්ම රුසියානු ජාතිකයන්. යුද්දේ නිසා ඔවුන්ට තිබෙන සම්භාදක එක්ක ඩොලර් හිඟ වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් පැමිණියාට එතරම් ඩොලර් ආදායමක් රටට නැති වෙන්න පුළුවන්. ඔවුන් අපේ රට තුල ඔවුන්ටම වෙනම සංචාරක ව්‍යාපාර පවත්වා ගෙන යනවා. ඒ සමාජ මාධ්‍ය සහ ටෙලිග්‍රෑම් ගෲප් හදා ගෙන. සමහරු ගෙවල් අරගෙන ඒවාම කුළියට දීගෙන , හයර් ගෙන්න ගෙන ලාබෙට වැඩේ කරවනවා. ඒක එක්ක අපිට ලොකු වාසියක් රුසියානු අයගෙන් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් දේශීය ව්‍යාපාරිකයන්ට යම් රුපියල් ගණුදෙනු වලින් ඉල්ලුමක් ඔවුන් ඇති කරනවා.

2018 වසරේ සංචාරක කර්මාන්තය හොඳට තියෙන කොට මසකට සංචාරකයන් ලක්ෂ 2 ක් ආවා. දැන් මේ වන විට එය ලක්ෂයක් දක්වා රිකවර් වෙලා තියෙනවා. ඒත් 2018 දී උපයපු බිලියන 4 ක ආදායම මේ අවුරුද්දේ නොලැබෙන්න පුළුවන්. එය නිකමට guess කළොත් බිලියන 1-2 කට අතර වේවි කියලා හිතෙනවා. එය අපි අනාගතයට බාර දෙමු.

ඒ උපයන ඩොලර් වලින් 80% ආපසු පිට රටටම ඇදී යනවා කියලා පසුගිය දා අපි පැහැදිලි කලා. ඒ සංචාරක ක්ෂේත්රයටම අවශ්‍ය ආනයන වෙනුවෙන්. ඒත් මේ වන විට තියෙන ආනයන සීමා නිසා එය එතරම්ම වෙන එකක් නෑ. කොහොම උනත් මේ ක්ෂේත්රයේ දියුණුව දේශීය වෙළෙඳපොළට , රැකියා වලට සහ සංචාරයක ක්ෂේත්රයේ නියුතු අයට ලැබෙනවා. ඒක අර්බුදයෙන් ගොඩ එන්න හේතුවක්.

පැතුම් කර්නර්

#පැතූනොමික්ස්

[QUOTE="riduna pm, post: 28651780, member: 567786"] අද මම දවසම ගත කළේ අනුරාධපුරයේ පැරණි නගරයේ සංචාරක ප්‍රදේශයේ. විශේෂයෙන් සංචාරයකයන් නිරීක්ෂණය කිරීමත් ඔවුන් කීපදෙනෙක් සමග කතා කිරීමටත් මට හැකි උනා. මීට මාසයකට පෙරදී වඩා සංචාරයකයන් ගැවසෙනු දක්නට ලැබුනා. මාසයකට සංචාරකයන් ලක්ෂයක් එන මට්ටමට එම ක්ෂේත්රය යළි පුබුදු වෙලා. ඉන් අනිවාර්යයෙන් පුංචි කොටසක් අනුරාධපුරයේ දක්නට පුළුවන්. මට හමුවුන ගොඩක් අය යුරෝපීය රට වලින් ආපු අය. මේ තියෙන සඳකඩ පහණ ලඟ කඩේ වෙළෙන්දා බොහෝම ලේසියෙන් ප්‍රංශ භාෂාවෙන්, ජර්මන් භාෂාවෙන් හා ඉතාලි භාෂාවෙන් ඔවුන් සමග කතා කළා. සමහරු කුරුම්බා බිව්වා, සමහරු නාරං ජූස් බිව්වා, සමහරු පොල් රොටිත් කෑවා. පොල් රොටිය මැද්දට සීනි කෙසෙල් දාලා හදලා දීපු රොටියක් මාත් කෑවා. ඒක අලුත් වැඩක්. නැගලා ගියා. ඔවුන් අතර තිබුන විශේෂ ලක්ෂණය තමයි හැමෝම වගේ අඩු බජට් සංචාරකයන් වීම. එක සුදු ජෝඩුවක් ත්‍රී විල් එකක් rent කර ගෙන දෙන්නා පැදගෙනම යනවා. සමහරු පාරේ ත්‍රීවිල් හයර් එකට අරගෙන ඇවිත්. ලෝ බජට් කාර් අරගෙන ඇවිත්. පයින්, බයිසිකල් වලින් යන අය දකින්නට ලැබුනා. ඉතිං වඩාත් පැහැදිලි දේ තමයි දැන් ඇවිත් ඉන්න සංචාරකයන් ලෝ බජට් අය. ඒක වෙන්නේ මෙහෙමයි. එක අතකින් ගෝලීයව ආර්ථිකය අවපාතනයක තියෙන්නේ. විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ ඒක ගැඹුරට තියෙනවා. ඒ නිසා සංචාරකයන් සතුව තිබෙන වියදම් කළ හැකි මුදල සීමිතයි. ඒ නිසා අඩු බජට් එකෙන් වැඩේ යන්නේ. දැන් මේ අය හොයනවා අඩුම වියදමකින් සංචාරය කරන්න සුදුසු තැනක්. ශ්‍රී ලංකාව දැන් අර්බුදයකට ගිහින් සහ ඩොලරයේ මිළ ඉහලයි. ඒ වගේම සංචාරය කරන්න වැඩිය කට්ටිය නොයන නිසා ඉල්ලුම අඩුයි. ඒ නිසා මිළ බැහැලා. කට්ටියත් අඩුයි. එතකොට අර්බුදය තුළින් ගොඩ නැගෙන අපහසුතා සහ රිස්ක් එක අරගෙන ඒ වෙනුවට ටිකක් ලාබෙට සංචාරය කරන්න හොයන අය තමයි දැන් මෙහෙට එන්නේ. ඒ වගේම ලෝකයේ සංචාරයක මානසිකත්වය වෙනස් වෙලා. පොඩ්ඩක් වියදම් කරලා අඩුම බජට් එකෙන් වැඩිම ප්‍රදේශ ගණනාවක ඇවිදින්න බලා ගෙන තමයි කට්ටිය එන්නේ. ඒ නිසා අපි අර පොඩි කාලේ අහලා තියෙන සුද්දා වගේ වියදම් කරන සුද්දෝ අඩුයි. ඉතිං බේකරියෙන් පාං කාලා, මගින් රොටි කාලා, බස් එකේ කෝච්චියේ ගිහින් ඔහේ ඇවිදලා ලෝකය විඳින පිරිසක් ඉන්නේ. බහුතරයක් ඒ වගේ. ඒ නිසා අපි හැම කෙනාගෙන්ම ඉහළ ආදයම් බලාපොරොත්තු වෙන එක තේරුමක් නෑ. ලෝකේ trends වෙනස් වෙලා. ඒ වගේම මේ අයට අඩු මිළටම සේවය සැපයුවොත්, ඒ අයගේම review system ඇතුලේ social media group ඇතුලේ ඒවා කතා වෙනකොට අපිට තව අලුත් කට්ටිය ගෙන්න ගන්න පුළුවන්. කොහොම උනත් මේ ලෝ බජට් කට්ටිය වැඩිපුර ගෙන්වා ගත්තත් රටට පාඩු නෑ. ඒ නිසා අර සුද්දන්ට වැඩි ගණන් කියන උපක්‍රමයෙන් අපි මිදෙන්න ඕනේ. රටට දැනට එන සංචාරකයන්ගෙන් හතරෙන් එකක්ම රුසියානු ජාතිකයන්. යුද්දේ නිසා ඔවුන්ට තිබෙන සම්භාදක එක්ක ඩොලර් හිඟ වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් පැමිණියාට එතරම් ඩොලර් ආදායමක් රටට නැති වෙන්න පුළුවන්. ඔවුන් අපේ රට තුල ඔවුන්ටම වෙනම සංචාරක ව්‍යාපාර පවත්වා ගෙන යනවා. ඒ සමාජ මාධ්‍ය සහ ටෙලිග්‍රෑම් ගෲප් හදා ගෙන. සමහරු ගෙවල් අරගෙන ඒවාම කුළියට දීගෙන , හයර් ගෙන්න ගෙන ලාබෙට වැඩේ කරවනවා. ඒක එක්ක අපිට ලොකු වාසියක් රුසියානු අයගෙන් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් දේශීය ව්‍යාපාරිකයන්ට යම් රුපියල් ගණුදෙනු වලින් ඉල්ලුමක් ඔවුන් ඇති කරනවා. 2018 වසරේ සංචාරක කර්මාන්තය හොඳට තියෙන කොට මසකට සංචාරකයන් ලක්ෂ 2 ක් ආවා. දැන් මේ වන විට එය ලක්ෂයක් දක්වා රිකවර් වෙලා තියෙනවා. ඒත් 2018 දී උපයපු බිලියන 4 ක ආදායම මේ අවුරුද්දේ නොලැබෙන්න පුළුවන්. එය නිකමට guess කළොත් බිලියන 1-2 කට අතර වේවි කියලා හිතෙනවා. එය අපි අනාගතයට බාර දෙමු. ඒ උපයන ඩොලර් වලින් 80% ආපසු පිට රටටම ඇදී යනවා කියලා පසුගිය දා අපි පැහැදිලි කලා. ඒ සංචාරක ක්ෂේත්රයටම අවශ්‍ය ආනයන වෙනුවෙන්. ඒත් මේ වන විට තියෙන ආනයන සීමා නිසා එය එතරම්ම වෙන එකක් නෑ. කොහොම උනත් මේ ක්ෂේත්රයේ දියුණුව දේශීය වෙළෙඳපොළට , රැකියා වලට සහ සංචාරයක ක්ෂේත්රයේ නියුතු අයට ලැබෙනවා. ඒක අර්බුදයෙන් ගොඩ එන්න හේතුවක්. පැතුම් කර්නර් #පැතූනොමික්ස් [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom