Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැරණි වම, මැද වම සහ නව වම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැරණි වම, මැද වම සහ නව වම

පැරණි වම

ලංකාවේ ධනපති පන්තියක් කවදත් තිබුනේ නැත. ලංකාව වැනි ලෝක ධනවාදයේ පරිධියේ ඇති රටක ජනතාවාදී ව්‍යාපාරයක සැබෑ සතුරා විය යුත්තේ මනඃකල්පිත ධනපති පන්තියක් නොව, ගෝලීය ධනවාදයේ ගාමක බලය වන බටහිර අධිරාජ්‍යය වාදයයි.

එහිදී ජනතාවාදී සමාජවාදී ව්‍යාපාරයක් නිතැතින්ම ජාතිකවාදී බලවේගයන් සමඟ එකට සිට ගත යුතුය. ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ (ලෝක අධිරාජ්‍යය වාදයට ගොදුරු වූ කලාපය) සාර්ථක සමාජවාදී ව්‍යාපරයන් සියල්ලම ජාතිකවාදීන් සමඟ උරෙනුර ගැටී අධිරාජ්‍යයවාදයට එරෙහිව කළ අරගලයන් ය. කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ, වියට්නාමයේ හෝ චී මිං සහ කොංගෝවේ පැට්රිස් ලුමුම්බා දැවැන්ත උදාහරණයන් වේ.

ලංකාවේ පැරණි වම (සමසමාජ - කොමියුනිස්ට් - මහජණ එක්සත් පෙරමුණ) මේ තත්වය මැනවින් අවබෝධ කරගෙන සිටි බව අපට පෙනේ. මුලින්ම සමසමාජ පක්ෂය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදයට එරෙහිව පූර්ණ නිදහස වෙනුවෙන් ගෙන ගිය සටන එහි මුල් කාලීන ජනප්‍රියත්වයට බෙහෙවින් බල පෑවේය. මෙකල "ජාතියේ පියවරු" බ්‍රිතාන්‍යයන් ගෙන් බලාපොරොත්තු වූයේ අර්ධ නිදහසක් පමණක් බව සිහි තබාගත යුතුය.

නිදහසින් පසු ලංකාවේ අධිරාජ්‍යයවාදයේ සහ එහි දේශීය ඒජන්තයන් වූ කොළඹ/ධනවත්/කතෝලික සමාජ ස්ථරය සහ එහි දේශපාලන බලවේගය වූ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පැරණි වම ප්රශස්ත අරගලයක් ගෙන ගියේය.

1952 ශ්‍රිලනිපය බිහි වූ පසු ලංකාවේ ජාතිකත්වයේ ප්‍රධාන පක්ෂය බවට පත් වූයේ එයයි. එජාපය විසින් නියෝජනය කළ කොළඹ/ධනවත්/කතෝලික සමාජ ස්ථරය සතු වූ දේශපාලන-ආර්ථික බලය තමා සතු කර ගැනීමට ලංකාවේ සිංහල-බෞද්ධ/දිළිඳු/ගැමි සමාජ ස්ථරයන් ගෙන ගිය අරගලයේ ඔවුන් ගේ දේශපාලන බලවේගය වූයේ ශ්‍රිලනිපයයි. නමුත් ශ්‍රිලනිපයේ මෙම අරගලයට පැරණි වම දැවැන්ත සහයෝගයක් ලබා දුන්නේය.

1956 ශ්‍රිලනිපය ප්රමුඛ ජාතිකවාදීන් සුවිශේෂී ජයක් ලැබීමට ප්‍රධාන හේතුවක් වූයේ එක සමසමාජය සහ කොමියුනිස්ට් පක්ෂය සමඟ ඇති කරගත් නිතරග ගිවිසුමයි. මෙහිදී ශ්‍රිලනිප ප්රමුඛ ජාතිකවාදී බලවේගයන් ලබා ගත්තේ මුළු ඡන් ද ප්‍රමානයෙන් 40% පමණක් බව සිහිකළ යුතුය. එජාපය 28% ලබා ගත් අතර සමසමාජය 10%ක් ලබා ගත්තේය. මේ අනුව පෙනෙන්නේ පාර්ලිමේන්තුව තුළ එජාප බලය අතුගා දැමීමට සහ එමඟින් 56 පෙරලිය සිදු කිරීමට පැරණි වම විශාල දායකත්වයක් ලබා දුන් බවයි.

ඉන්පසුවද 1960-65 සමයේ ශ්‍රිලනිප රජයන් යටතේ ජනසතු කරන වැඩපිළිවෙල මගින් කොළඹ/ධනවත්/කතෝලික සමාජ ස්ථරයඒ බලය සහමුලින්ම බිඳ දැමීමට පැරණි වම ජාතිකවාදීන් සමඟ අත්වැල් බැඳ කටයුතු කලේය.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 63 හමුදා කුමන්ත්රනය මගින් කතෝලික හමුදා නිලධාරීන් පිරිසක් ලංකාවේ හමුදා පාලනයක් ඇති කිරීමට උත්සහ දැරීමක් ඇති විය. මෙය මර්ධනය කිරීමේදී ද සිරිමාවෝ මැතිණියට ඉමහත් ශක්තියක් ලබා දුන්නේ පැරණි වමයි (මෙය අද ලංකා ඉතිහාසයේ බොහෝ දෙනාට අමතකව ගිය, නමුත් වැදගත් පරිච්ඡේදයකි).

මේ ආකාරයට ලංකාවේ අධිරාජ්‍යයවාදී දේශපාලන බලය බිඳ දමා සිංහල-බෞද්ධ ගැමි සමාජ ස්ථරයන් ශක්තිමත් කිරීමෙහි ලා පැරණි වම තීරනාත්මක කාර්ය භාරයක් ඉටු කළේය. (මෙහිදී ට්‍රොට්ස්කි ගේ නොනවතින විප්ලවය පිළිබඳ න්‍යාය සමඟ මේ අස්ථානය දක්වන සමානත්වය අධ්‍යයනය කරනු වටී) මෙහිදී එන්.එම්. සහ පිලිප් ගේ මාක්ස්වාදී සිද්ධාන්තයන් ගෙන් ඔබ්බට ගොස් තම දේශපාලන ඉවෙන් නිවැරදි තීරණ ගැනීමේ හැකියාව කැපී පෙනිනි (මෙම දේශපාලන ඉව ලෙනින්, ට්‍රොට්ස්කි සහ ස්ටාලින් සතුවද පැවති ගුණාංගයකි). මෙහිදී ඔවුහු මාක්ස් ගේ ආර්ථිකය මත පමණක් පදනම්ව කළ අසම්පූර්න පන්ති බෙදීම පිළිබඳ න්‍යාය ඉක්මවා පන්ති බෙදීමේ සංස්කෘතික පදනම පිළිබඳ යම්කිසි අවබෝධයකින් කටයුතු කළහ. ඔවුහු නිවැරදිව වටහා ගත්තේ ලංකාවේ පොදු ජන ව්‍යාපාරයක සිංහල-බෞද්ධ ගැමි ජනයාට හිමි විය යුතු ප්රමුඛ ස්ථානයක් බවයි.

මේ සමයේදීම පැරණි වමේ නායකයන් වූ එන්.එම්. (1979) පිලිප් (1972) සහ එස්.ඒ. (1982) මිය යාම නිසා පැරණි වමේ දීප්තිමත් සමය අවසන් විය. ඉන්පසු මහජන එක්සත් පෙරමුණ දිගටම ජාතිකවාදී ස්ථාවරයක හිඳිමින් යම් සාර්ථකත්වයක් ලැබුවද සමසමාජය සහ කොමියුනිස්ට් පක්ෂය පොතේ ගුරුන් ගේ නායකත්වයට නතු වීමෙන් දිය වී ගියේය.

මැද වම

ලංකාවේ මැද වම ලෙස හැඳින්විය හැක්කේ ජවිපෙ ය. ලංකා කොමියුනිස්ට් පක්ෂය (චීන) පිළෙන් බිඳී ගිය කුඩා කණ්ඩායමක් ලෙස ජවිපෙ බිහි වූ අතර, මාවෝ මාදී පක්ෂයක් ලෙස එය නිසඟයෙන්ම ගැමි ජනයා අතර පදනම් වූ ව්‍යාපාරයක් විය. 1980 න් පසු එතෙක් පැරණි වම වෙත ආකර්ෂනයව සිටි උගත් (විශ්ව විද්‍යාල) තරුණයන් ද පැරණි වමේ දිය වීමෙන් පසු ජවිපෙ වටා රොක් විය.

ජවිපෙ නායකත්වය ඉංග්‍රීසි උගතුන් නොවූ නිසා එය පැරණි වම මෙන් මාක්ස්වාදී සිද්ධාන්ත මත තදින් පිහිටා ගත් පක්ෂයක් නොවීය. එනිසාම ජවිපෙ දේශපාලනය ජාතිකවාදී ලක්ෂන වලින් සමන්විත විය.

නමුත් ගල්කටස් තුවක්කු සහ ටින්කිරි බෝම්බ වලින් සන්නද්ධ වූ තරුණයන් හත්-අට දාහකට පුළුල් ජනතා සහභාගීත්වයකින් තොරව සන්නද්ධ අරගලයක් කළ හැකිය සහ අතිශය කෲර ප්රචන්ඩත්වයක් මගින් පොදු ජනතා සහය තමා වෙත ළඟා කරගත හැක යන රෝහණ විජේවීර ගේ මුග්ධ ආකල්පයන් නිසා ජවිපෙ සාර්ථකත්වය එක්තරා මට්ටමකින් ඉදිරියට නොගියේය.

ඇත්තෙන්ම ඉන්දු - ලංකා ගිවිසුම මත පදනම්ව නැගී ආ දැවැන්ත ආණ්ඩු විරෝධයේදී ජවිපෙ අනෙකුත් ජාතිකවාදී බලවේග සමඟ එකට කටයුතු නොකර ප්රචන්ඩත්වය මත පදනම්ව ගෙන ගිය වැඩ පිළිවෙල නිසා සමස්තයක් වශයෙන් ජාතිකවාදී දේශපාලන බලවේගයන්ට එහිදී විශාල පාඩුවක් සිදු විය.

94 න් පසු නැවත උපදින ජවිපෙ ප්රචන්ඩත්වය පසෙක ලා කටයුතු කිරීමත් සෝමවංශ - වීරවංශ නායකත්වය යටතේ විශේෂයෙන්ම 2000 න් පසු ජාතිකවාදී බලවේග සමඟ එක්ව කටයුතු කිරිමත් නිසා ජවිපෙ විශාල ප්‍රගතියක් ලැබීය. එය පාර්ලිමේන්තු ආසන 39 ක් දක්වා ලබා ගැනීමට තරම් සමත්විය.

මෙම අවස්ථාවේදීද ජවිපෙ ඉතාමත් නිවැරදිව ලංකාවේ පොදු ජන ව්‍යාපාරයක සිංහල-බෞද්ධ/ගැමි/දිළිඳු ජනයාට හිමි ස්ථානය සහ ඔවුන් ගේ ප්‍රධාන සතුරා බටහිර අධිරාජ්‍යයවාදය බවත්, දෙමළ බෙදුම්වාදය එහි ඒජන්තයෙක් ලෙස රඟ දක්වන භූමිකාවත් අවබෝධ කරගෙන කටයුතු කළ බව පෙනේ.

නමුත් ජවිපෙ බල අරගලයක් තුළින් සෝමවංශ - වීරවංශ ප්රමුඛ ජාතිකවාදී හිතවාදී කොටස් ඉන් නෙරපා හැරීම මගින් ජවිපෙ අවස්ථාවාදී මෙන්ශෙවික් වාදයක සිර වී කාණු පල්ලට ඇද වැටෙන තැනකට අද පත්ව ඇත.

නව වම

1980 දශකය වන විට කොළඹ/ධනවත්/කතෝලික සමාජ ස්ථරයේ සිට සිංහල-බෞද්ධ/ගැමි/දිළිඳු සමාජ ස්ථරය දක්වා වූ බල හුවමාරුව ස්ථාවර තත්වයට පත්ව තිබූ නිසා එජාපයටද තමාගේ නාගරික/ධනවත්/කතෝලික හැව ඉවත් කර ජාතිකවාදී වෙස්මුහුණක් පැළඳ ගැනීමට සිදු විය. එතෙක් සිටි ටයි කෝට් පැළඳි ඩී.එස්. සර් ජෝන් සහ ඩඩ්ලි ලා වෙනුවට නැෂනල් ඇඳි ජේ.ආර්. ප්‍රේමදාස සහ ගාමිණී ඉදිරියට ආහ. ජේ.ආර්. පෙනී සිටියේ ධර්මිෂ්ඨ සමාජයක් වෙනුවෙනි. විශේෂයෙන්ම ප්‍රේමදාස හරහා එජාපය ගැමි/සිංහල බෞද්ධ/දිළිඳු සමාජ ස්ථරයන් වෙත සමීප විය.

මෙකල පැරණි වම දිය වී යාමේදී ඉන් කුඩා කණ්ඩායම් කැඩි වෙන්විය. නව ලංකා සමසමාජ පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය ආදී අටෝරාසියක් වාමාංශික පක්ෂ (මේවා බොහෝ දුරට ට්‍රොට්ස්කිවාදී පක්ෂ විය) ඇති වූ අතර, ඔවුන් මතවාදීව ඉතාමත් දුප්පත් පිරිසක් වූය.

කාල් මාක්ස් අවුරුදු සීයකට පෙර පළකල අසම්පූර්න අදහස් වලට දශමයක් වත් ඔබ්බෙන් දැකීමට අපොහොසත් වූ මේ නව වම, තම ප්‍රධාන සතුරා ලෙස හඳුනා ගත්තේ ලංකාවේ එවකට සැලකිය යුතු දේශපාලන බලයක් ලබා සිටි සිංහල-බෞද්ධ ගැමි සමාජ ස්ථරයයි.

56 සිට 75 දක්වා සිද්ධ වූ සමාජ පෙරලිය ප්රගතිශීලි එකක් ලෙස දැකීමට අපොහොසත් වූ මේ පොත් ගුල්ලෝ මනඃකල්පිත සිංහල බෞද්ධ ධනපති පන්තියකට පහර දුන්හ. මෙහිදී ඔවුන් ගේ මිතුරා වූයේ බටහිර අධිරාජ්යයවාදයත්, එහි දේශීය ඒජන්තයෙක් වූ දෙමළ බෙදුම්වාදයත් ය.

ලංකාවේ පොදු ජනයාට සමාජවාදය අප්‍රිය කරවීමේ ලා නව වම කර ඇති කාර්ය භාරය සුළුපටු නොවේ. මනඃකල්පිත සිංහල බෞද්ධ ධනපති පන්තියකට එරෙහිව සැබෑ බටහිර ධනවාදය සමඟ කඳවුරු බැඳගත් මේ මරි මෝඩයන් දුටුවානම්, ලෙනින් පශ්චාත් භාගයට ලාම්පුතෙල් ගසා ගිනි තබාගනු නිසැකය.

http://paadadaasapuva.blogspot.com/2016/09/blog-post_96.html

[QUOTE="dynamite1234, post: 20933284, member: 502516"] [b]පැරණි වම, මැද වම සහ නව වම[/b] [SIZE="5"][IMG]https://2.bp.blogspot.com/-E_r1kKHGoyc/V9fUNMyOuCI/AAAAAAAAA3U/7ZiD5F9b_OAH6l02ZqtsU5A_XEKxY64OACEw/s1600/Communism.jpg[/IMG] [U][B][SIZE="6"]පැරණි වම[/SIZE][/B][/U] [IMG]https://3.bp.blogspot.com/-Hl8Ptr01fHU/V9fUL8CUQiI/AAAAAAAAA3Q/CfCCq9Eh6cwmvkVGPsEvzJmOVutV6TT6ACLcB/s1600/dineshg1.jpg[/IMG] ලංකාවේ ධනපති පන්තියක් කවදත් තිබුනේ නැත. ලංකාව වැනි ලෝක ධනවාදයේ පරිධියේ ඇති රටක ජනතාවාදී ව්‍යාපාරයක සැබෑ සතුරා විය යුත්තේ මනඃකල්පිත ධනපති පන්තියක් නොව, ගෝලීය ධනවාදයේ ගාමක බලය වන බටහිර අධිරාජ්‍යය වාදයයි. එහිදී ජනතාවාදී සමාජවාදී ව්‍යාපාරයක් නිතැතින්ම ජාතිකවාදී බලවේගයන් සමඟ එකට සිට ගත යුතුය. ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ (ලෝක අධිරාජ්‍යය වාදයට ගොදුරු වූ කලාපය) සාර්ථක සමාජවාදී ව්‍යාපරයන් සියල්ලම ජාතිකවාදීන් සමඟ උරෙනුර ගැටී අධිරාජ්‍යයවාදයට එරෙහිව කළ අරගලයන් ය. කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ, වියට්නාමයේ හෝ චී මිං සහ කොංගෝවේ පැට්රිස් ලුමුම්බා දැවැන්ත උදාහරණයන් වේ. ලංකාවේ පැරණි වම (සමසමාජ - කොමියුනිස්ට් - මහජණ එක්සත් පෙරමුණ) මේ තත්වය මැනවින් අවබෝධ කරගෙන සිටි බව අපට පෙනේ. මුලින්ම සමසමාජ පක්ෂය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදයට එරෙහිව පූර්ණ නිදහස වෙනුවෙන් ගෙන ගිය සටන එහි මුල් කාලීන ජනප්‍රියත්වයට බෙහෙවින් බල පෑවේය. මෙකල "ජාතියේ පියවරු" බ්‍රිතාන්‍යයන් ගෙන් බලාපොරොත්තු වූයේ අර්ධ නිදහසක් පමණක් බව සිහි තබාගත යුතුය. නිදහසින් පසු ලංකාවේ අධිරාජ්‍යයවාදයේ සහ එහි දේශීය ඒජන්තයන් වූ කොළඹ/ධනවත්/කතෝලික සමාජ ස්ථරය සහ එහි දේශපාලන බලවේගය වූ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පැරණි වම ප්රශස්ත අරගලයක් ගෙන ගියේය. 1952 ශ්‍රිලනිපය බිහි වූ පසු ලංකාවේ ජාතිකත්වයේ ප්‍රධාන පක්ෂය බවට පත් වූයේ එයයි. එජාපය විසින් නියෝජනය කළ කොළඹ/ධනවත්/කතෝලික සමාජ ස්ථරය සතු වූ දේශපාලන-ආර්ථික බලය තමා සතු කර ගැනීමට ලංකාවේ සිංහල-බෞද්ධ/දිළිඳු/ගැමි සමාජ ස්ථරයන් ගෙන ගිය අරගලයේ ඔවුන් ගේ දේශපාලන බලවේගය වූයේ ශ්‍රිලනිපයයි. නමුත් ශ්‍රිලනිපයේ මෙම අරගලයට පැරණි වම දැවැන්ත සහයෝගයක් ලබා දුන්නේය. 1956 ශ්‍රිලනිපය ප්රමුඛ ජාතිකවාදීන් සුවිශේෂී ජයක් ලැබීමට ප්‍රධාන හේතුවක් වූයේ එක සමසමාජය සහ කොමියුනිස්ට් පක්ෂය සමඟ ඇති කරගත් නිතරග ගිවිසුමයි. මෙහිදී ශ්‍රිලනිප ප්රමුඛ ජාතිකවාදී බලවේගයන් ලබා ගත්තේ මුළු ඡන් ද ප්‍රමානයෙන් 40% පමණක් බව සිහිකළ යුතුය. එජාපය 28% ලබා ගත් අතර සමසමාජය 10%ක් ලබා ගත්තේය. මේ අනුව පෙනෙන්නේ පාර්ලිමේන්තුව තුළ එජාප බලය අතුගා දැමීමට සහ එමඟින් 56 පෙරලිය සිදු කිරීමට පැරණි වම විශාල දායකත්වයක් ලබා දුන් බවයි. ඉන්පසුවද 1960-65 සමයේ ශ්‍රිලනිප රජයන් යටතේ ජනසතු කරන වැඩපිළිවෙල මගින් කොළඹ/ධනවත්/කතෝලික සමාජ ස්ථරයඒ බලය සහමුලින්ම බිඳ දැමීමට පැරණි වම ජාතිකවාදීන් සමඟ අත්වැල් බැඳ කටයුතු කලේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 63 හමුදා කුමන්ත්රනය මගින් කතෝලික හමුදා නිලධාරීන් පිරිසක් ලංකාවේ හමුදා පාලනයක් ඇති කිරීමට උත්සහ දැරීමක් ඇති විය. මෙය මර්ධනය කිරීමේදී ද සිරිමාවෝ මැතිණියට ඉමහත් ශක්තියක් ලබා දුන්නේ පැරණි වමයි (මෙය අද ලංකා ඉතිහාසයේ බොහෝ දෙනාට අමතකව ගිය, නමුත් වැදගත් පරිච්ඡේදයකි). මේ ආකාරයට ලංකාවේ අධිරාජ්‍යයවාදී දේශපාලන බලය බිඳ දමා සිංහල-බෞද්ධ ගැමි සමාජ ස්ථරයන් ශක්තිමත් කිරීමෙහි ලා පැරණි වම තීරනාත්මක කාර්ය භාරයක් ඉටු කළේය. (මෙහිදී ට්‍රොට්ස්කි ගේ නොනවතින විප්ලවය පිළිබඳ න්‍යාය සමඟ මේ අස්ථානය දක්වන සමානත්වය අධ්‍යයනය කරනු වටී) මෙහිදී එන්.එම්. සහ පිලිප් ගේ මාක්ස්වාදී සිද්ධාන්තයන් ගෙන් ඔබ්බට ගොස් තම දේශපාලන ඉවෙන් නිවැරදි තීරණ ගැනීමේ හැකියාව කැපී පෙනිනි (මෙම දේශපාලන ඉව ලෙනින්, ට්‍රොට්ස්කි සහ ස්ටාලින් සතුවද පැවති ගුණාංගයකි). මෙහිදී ඔවුහු මාක්ස් ගේ ආර්ථිකය මත පමණක් පදනම්ව කළ අසම්පූර්න පන්ති බෙදීම පිළිබඳ න්‍යාය ඉක්මවා පන්ති බෙදීමේ සංස්කෘතික පදනම පිළිබඳ යම්කිසි අවබෝධයකින් කටයුතු කළහ. ඔවුහු නිවැරදිව වටහා ගත්තේ ලංකාවේ පොදු ජන ව්‍යාපාරයක සිංහල-බෞද්ධ ගැමි ජනයාට හිමි විය යුතු ප්රමුඛ ස්ථානයක් බවයි. මේ සමයේදීම පැරණි වමේ නායකයන් වූ එන්.එම්. (1979) පිලිප් (1972) සහ එස්.ඒ. (1982) මිය යාම නිසා පැරණි වමේ දීප්තිමත් සමය අවසන් විය. ඉන්පසු මහජන එක්සත් පෙරමුණ දිගටම ජාතිකවාදී ස්ථාවරයක හිඳිමින් යම් සාර්ථකත්වයක් ලැබුවද සමසමාජය සහ කොමියුනිස්ට් පක්ෂය පොතේ ගුරුන් ගේ නායකත්වයට නතු වීමෙන් දිය වී ගියේය. [B][U][SIZE="6"]මැද වම[/SIZE][/U][/B] [IMG]https://4.bp.blogspot.com/-djwcsoJ9ANA/V9fUuYDpe0I/AAAAAAAAA3Y/072A9MR-X1s0mNA-4LOJ3x417dGyAi_TgCLcB/s1600/jvp-in-prison-1971.jpg[/IMG] ලංකාවේ මැද වම ලෙස හැඳින්විය හැක්කේ ජවිපෙ ය. ලංකා කොමියුනිස්ට් පක්ෂය (චීන) පිළෙන් බිඳී ගිය කුඩා කණ්ඩායමක් ලෙස ජවිපෙ බිහි වූ අතර, මාවෝ මාදී පක්ෂයක් ලෙස එය නිසඟයෙන්ම ගැමි ජනයා අතර පදනම් වූ ව්‍යාපාරයක් විය. 1980 න් පසු එතෙක් පැරණි වම වෙත ආකර්ෂනයව සිටි උගත් (විශ්ව විද්‍යාල) තරුණයන් ද පැරණි වමේ දිය වීමෙන් පසු ජවිපෙ වටා රොක් විය. ජවිපෙ නායකත්වය ඉංග්‍රීසි උගතුන් නොවූ නිසා එය පැරණි වම මෙන් මාක්ස්වාදී සිද්ධාන්ත මත තදින් පිහිටා ගත් පක්ෂයක් නොවීය. එනිසාම ජවිපෙ දේශපාලනය ජාතිකවාදී ලක්ෂන වලින් සමන්විත විය. නමුත් ගල්කටස් තුවක්කු සහ ටින්කිරි බෝම්බ වලින් සන්නද්ධ වූ තරුණයන් හත්-අට දාහකට පුළුල් ජනතා සහභාගීත්වයකින් තොරව සන්නද්ධ අරගලයක් කළ හැකිය සහ අතිශය කෲර ප්රචන්ඩත්වයක් මගින් පොදු ජනතා සහය තමා වෙත ළඟා කරගත හැක යන රෝහණ විජේවීර ගේ මුග්ධ ආකල්පයන් නිසා ජවිපෙ සාර්ථකත්වය එක්තරා මට්ටමකින් ඉදිරියට නොගියේය. ඇත්තෙන්ම ඉන්දු - ලංකා ගිවිසුම මත පදනම්ව නැගී ආ දැවැන්ත ආණ්ඩු විරෝධයේදී ජවිපෙ අනෙකුත් ජාතිකවාදී බලවේග සමඟ එකට කටයුතු නොකර ප්රචන්ඩත්වය මත පදනම්ව ගෙන ගිය වැඩ පිළිවෙල නිසා සමස්තයක් වශයෙන් ජාතිකවාදී දේශපාලන බලවේගයන්ට එහිදී විශාල පාඩුවක් සිදු විය. 94 න් පසු නැවත උපදින ජවිපෙ ප්රචන්ඩත්වය පසෙක ලා කටයුතු කිරීමත් සෝමවංශ - වීරවංශ නායකත්වය යටතේ විශේෂයෙන්ම 2000 න් පසු ජාතිකවාදී බලවේග සමඟ එක්ව කටයුතු කිරිමත් නිසා ජවිපෙ විශාල ප්‍රගතියක් ලැබීය. එය පාර්ලිමේන්තු ආසන 39 ක් දක්වා ලබා ගැනීමට තරම් සමත්විය. මෙම අවස්ථාවේදීද ජවිපෙ ඉතාමත් නිවැරදිව ලංකාවේ පොදු ජන ව්‍යාපාරයක සිංහල-බෞද්ධ/ගැමි/දිළිඳු ජනයාට හිමි ස්ථානය සහ ඔවුන් ගේ ප්‍රධාන සතුරා බටහිර අධිරාජ්‍යයවාදය බවත්, දෙමළ බෙදුම්වාදය එහි ඒජන්තයෙක් ලෙස රඟ දක්වන භූමිකාවත් අවබෝධ කරගෙන කටයුතු කළ බව පෙනේ. නමුත් ජවිපෙ බල අරගලයක් තුළින් සෝමවංශ - වීරවංශ ප්රමුඛ ජාතිකවාදී හිතවාදී කොටස් ඉන් නෙරපා හැරීම මගින් ජවිපෙ අවස්ථාවාදී මෙන්ශෙවික් වාදයක සිර වී කාණු පල්ලට ඇද වැටෙන තැනකට අද පත්ව ඇත. [B][U][SIZE="6"]නව වම[/SIZE][/U][/B] [IMG]https://2.bp.blogspot.com/-DnbvgUiFlQY/V9fVeFGrDZI/AAAAAAAAA3c/G5UFo7xt5CwvY9EMvpmpKA_5LeQtvyhoQCLcB/s1600/pro-petah-140813-seithy-005.jpg[/IMG] [COLOR="Red"]1980 දශකය වන විට කොළඹ/ධනවත්/කතෝලික සමාජ ස්ථරයේ සිට සිංහල-බෞද්ධ/ගැමි/දිළිඳු සමාජ ස්ථරය දක්වා වූ බල හුවමාරුව ස්ථාවර තත්වයට පත්ව තිබූ නිසා එජාපයටද තමාගේ නාගරික/ධනවත්/කතෝලික හැව ඉවත් කර ජාතිකවාදී වෙස්මුහුණක් පැළඳ ගැනීමට සිදු විය. එතෙක් සිටි ටයි කෝට් පැළඳි ඩී.එස්. සර් ජෝන් සහ ඩඩ්ලි ලා වෙනුවට නැෂනල් ඇඳි ජේ.ආර්. ප්‍රේමදාස සහ ගාමිණී ඉදිරියට ආහ. ජේ.ආර්. පෙනී සිටියේ ධර්මිෂ්ඨ සමාජයක් වෙනුවෙනි. විශේෂයෙන්ම ප්‍රේමදාස හරහා එජාපය ගැමි/සිංහල බෞද්ධ/දිළිඳු සමාජ ස්ථරයන් වෙත සමීප විය. මෙකල පැරණි වම දිය වී යාමේදී ඉන් කුඩා කණ්ඩායම් කැඩි වෙන්විය. නව ලංකා සමසමාජ පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය ආදී අටෝරාසියක් වාමාංශික පක්ෂ (මේවා බොහෝ දුරට ට්‍රොට්ස්කිවාදී පක්ෂ විය) ඇති වූ අතර, ඔවුන් මතවාදීව ඉතාමත් දුප්පත් පිරිසක් වූය. කාල් මාක්ස් අවුරුදු සීයකට පෙර පළකල අසම්පූර්න අදහස් වලට දශමයක් වත් ඔබ්බෙන් දැකීමට අපොහොසත් වූ මේ නව වම, තම ප්‍රධාන සතුරා ලෙස හඳුනා ගත්තේ ලංකාවේ එවකට සැලකිය යුතු දේශපාලන බලයක් ලබා සිටි සිංහල-බෞද්ධ ගැමි සමාජ ස්ථරයයි. 56 සිට 75 දක්වා සිද්ධ වූ සමාජ පෙරලිය ප්රගතිශීලි එකක් ලෙස දැකීමට අපොහොසත් වූ මේ පොත් ගුල්ලෝ මනඃකල්පිත සිංහල බෞද්ධ ධනපති පන්තියකට පහර දුන්හ. මෙහිදී ඔවුන් ගේ මිතුරා වූයේ බටහිර අධිරාජ්යයවාදයත්, එහි දේශීය ඒජන්තයෙක් වූ දෙමළ බෙදුම්වාදයත් ය. ලංකාවේ පොදු ජනයාට සමාජවාදය අප්‍රිය කරවීමේ ලා නව වම කර ඇති කාර්ය භාරය සුළුපටු නොවේ. මනඃකල්පිත සිංහල බෞද්ධ ධනපති පන්තියකට එරෙහිව සැබෑ බටහිර ධනවාදය සමඟ කඳවුරු බැඳගත් මේ මරි මෝඩයන් දුටුවානම්, ලෙනින් පශ්චාත් භාගයට ලාම්පුතෙල් ගසා ගිනි තබාගනු නිසැකය.[/COLOR] [url]http://paadadaasapuva.blogspot.com/2016/09/blog-post_96.html[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom