Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පිං පව් එනවා අපි පසු පස්සේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භික්ෂුව මෙම ලිපිය සටහන් කරන්නට වසර දෙකකට පමණ පෙර හඳුනාගත් පවුලක් හිටියා. මේ පවුලේ සාමාජිකයන් සංඝයා කෙරෙහි බොහොම ගෞරවය ඇති පිනට දහමට ලැදි අයයි. මේ පවුලේ එකම පිරිමි දරුවාට වයස අවුරදු 15 ක් පමණ වන පාසල් වියේදී රිය අනතුරකින් මරණයට පත්වෙනවා. ගාලුපාරේ ගමන් කළ නගරාන්තර සුඛෝපභෝගී බස් රථයක නැගී තම ඥාති නිවසකට යමින් සිටියදීයි මෙම අනතුර සිදුවන්නේ. අධික තුවාල සහිතව දරුවා බස්රථය තුළදීම මියයනවා. මේ අනතුර සිදුවී හරියටම අවුරුද්දයි මාස අටකට පසු දිනක භික්ෂුව සමාධියෙන් පසුවන විටක මේ දරුවාව අරමුණු කර බලනවා. එවිට භික්ෂුවට අරමුණු වූ දර්ශනය මෙහි සටහන් කරනවා.

මුලින්ම භික්ෂුවට අරමුණු වන්නේ මේ දරුවා පෙර ජීවිතයේදී උපත ලබා සිටි ස්වභාවය. මේ දරුවාගේ පෙර භවය දර්ශනය වන්නේ වයස අවුරුදු 70 ක් පමණ පිරිමි අයෙක්. ඔහු හැඳගෙන සිටින්නේ සරමක් සහ කර නැති කමිසයක් වැනි ඇඳුමක්. මේ කමිසය බොත්තම් කාස මහපු එකක් නොවෙයි. ඔබ දැකලා ඇති පැරණි මනුෂ්‍යයෝ උඩුකයට අඳින ඇඳුමක් තිබෙනවා පැත්තෙන් ගැට දෙකක් දාලා තමයි එය අඳින්නේ. මෙවැනි ඇඳුම් ප්‍රභූ පිරිස් එහෙම නැතිනම් වැදගත් පිරිස් අඳින්නේ නැහැ. ඒ අයගේ සේවක පිරිස්, අතවැසි පිරිස් තමයි එවැනි ඒවා අඳින්නේ. ඒ කියන්නේ ප්‍රභූ පිරිස් වලට සේවය කරන අය. රිය අනතුරින් මිය ගිය දරුවාද පෙර ජීවිතයේ මෙවැනි ප්‍රභූ පවුලකට සේවය කළ කෙනෙක්. ඔහු වයස අවුරුදු 70 ක වයස් සීමාව ඉක්මවා ගිහිල්ලා මියගියාට පසුව ලැබූ ප්රතිසන්ධිය තමයි මේ දරුවා.

දැන් ඔබට වැටහෙනවා ඇති මේ හදිසි අනතුරින් මිය ගිය දරුවා පෙර ජීවිතයේදී කවුරුන්ද කියලා. මීළඟට භික්ෂුව අරමුණු කර බැලුවේ හදිසි අනතුරින් මිය ගිය පසු මේ දරුවා කොතැනක උපත ලැබුවේද යන්නයි. මොහු උපත ලබන්නේ, මේ මනුෂ්‍යයන් ඇසුරේම ජීවත්වෙන ප්‍රාථමික දෙවියෙක් හැටියටයි. ප්‍රාථමික දෙවියෙක් යෑයි කීවේ මේ අය දිව්‍යතලවල ජීවත් වෙන මහේෂාඛ්‍ය දෙවිවරු නොවන නිසයි. මනුෂ්‍ය ලෝකය තුළ යම් යම් උපාදානයන් කෙරෙහි තෘෂ්ණාව සකස් කරගෙන මනුෂ්‍යයන් ඇසුරේම ජීවත්වෙන දිව්‍ය ස්වභාවයක්. මේ දෙවියාගේ ඇඳුමේ ස්වභාවය දැක්කම භික්ෂුවට හිතුනා මොහුව බබා දෙවියන් යෑයි හඳුන්වන්න.

වයස අවුරුදු 15 ක් පමණ පෙනුමැති සාමාන්‍ය මහත දරුවෙකුගේ රූපයක් සහිත දණහිස ප්‍රමාණයට දිගැති සුදු කලිසමක් සහ කොලරය නොමැති කර පළල් සුදු කමිසයක් හැඳගෙන සිටියා. සුදු හිස් වැස්මක් පැළඳගෙන සිටියා. මේ ඇඳුම් කට්ටලයේ ඉහත ස්වභාවය දකිනකොට භික්ෂුවට මතක් වුණේ උපාධි ප්රදානොත්සවයකදී උපාධි ලබන්නකුගේ ස්වභාවය. වෙනසකට තිබුණේ කලිසමේ කෙටි බව විතරයි. මේ අනතුරින් මියගිය දරුවාගේ අම්මාත් කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියක්. මේ දරුවාත් කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය හදාළ ශිෂ්‍යයෙක්. මේ සියල්ල සමග සසඳනකොට මේ දරුවා මියයන මොහොතේ, තමන් අනාගතයේදී හොඳින් ඉගෙනගෙන උපාධිධාරියෙක් වෙනවාය යන ලෙසින් ඇතිකරගෙන තිබූ උපාදානය මතුවී, ඒ උපාදානයට අදාළව එම දිව්‍ය ස්වභාවයේ රුව ගුණ සකස් වූවාද විය හැකිය. මේ දරුවාගේ පෙර ජීවිතයත්, මතු ජීවිතයත් ගැන අරමුණු කර බලද්දී භික්ෂුවට මේ දරුවා මෙවැනි කුරිරු ආකාරයට වයස අවුරදු 15 කදී පමණ හදිසි අනතුරකින් මියයැමට හේතුවුණ කර්ම විපාකය කුමක්ද යන්න දර්ශනය වුණා. භික්ෂුවට දර්ශනය වුණේ බොහොම තියුණු මුවහත තිබෙන කැත්තක්. ඒ ගම්වල මිනිසුන් කැළෑ එළිකරන්න ගන්න බොහොම තියුණු මුවහත සහිත කැත්තක්. ඒ මුවහත සහිත කැත්තෙන් තැඹිලි පැහැයට හුරු සර්පයෙක් කෑලි කෑලි වලට කපනවා. මෙන්න මේ සර්පයා කෑලි කෑලි වලට කපා දමා මැරූ කර්ම විපාකය තමයි දරුවා මේ ජීවිතයේදී රිය අනතුරකින් මරණයට පත්කර දමන්නේ.

ඔබ දැන් මේ භික්ෂුව සටහන් කළ උතුම් සමාධිය තුළදී අත්දුටු සන්දිට්ටික ධර්මය ඔබේ නුවණින් හොඳින් ගලපාගන්නා ඕනේ. මොකද මේ හුදු කථාවක් විතරක් නෙවෙයි. ඔබට අවංකවම මේ සසර දුක නිමාකර ගැනීමට අවශ්‍යනම් ඊට අවශ්‍ය කමටහනක් මේ කථාව තුළ අන්තර්ගතව තිබෙනවා. ඒ විතරක් නොවෙයි. ඔබට මේ දුකින් පිරි සංසාරයෙන් එතෙර වීමට අවශ්‍ය නම් ඔබ තුළ ඇති කරගත යුත්තේ, මුලින්ම සංසාරය පිළිබඳව බියයි. සංසාරයේ බිය නොදකින්නා සංසාරය, මගේ කරගන්නවා. සංසාරය බිරිඳ, දුව, පුතා කරගන්නවා. ආශ්වාදයන්මයි දකින්නේ. ඒ නිසා ඉහත කථා ප්‍රවෘත්තිය ඔබට සසර බිය ඇති කර ගැනීමට හුඟාක් උපකාරී වෙනවා.

දැන් බලන්න මේ හදිස්සි අනතුරින් මිය ගිය 15 හැවිරිදි ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලද මේ දරුවා පෙර ජීවිතයේ උපත ලබලා සිටියේ ප්‍රභූ පවුලක මෙහෙකරුවෙක් හැටියට. මේ මෙහෙකරුවා වයස අවු 70 පමණ ජීවත්වෙලා මියගියාට පසුව තවත් අම්මා කෙනෙකුගේ මව්කුසේ පුතෙක් හැටියට උපත ලබනවා. දැන් බලන්නකෝ මේ අම්මා, තාත්තා මගේ පුතේ කියලා අප්‍රමාණ සෙනෙහසක් දැක්වුවේ කාටද...? ඔහු පෙර ජීව්තයේ කවුරුවෙලාද සිටියේ. අවුරුදු 70 පමණ වයසක මනුෂ්‍යයෙක් තමයි මැරිල මේ නැවත ප්රතිසංධිය ලැබුවේ. ඔබ එහෙම නම් දෙවියනේ මේ නළවලා තිබෙන්නේ පෝෂණය කරලා තිබෙන්නේ කාවද...? ඔබට සිතෙන්නේ නැද්ද අනේ මම නළවලා තිබෙන්නේ පෝෂණය කරලා තිබෙන්නේ අර වයසක මනුෂ්‍යයාව කියලා. ඒ ප්‍රභු පවුලේ සේවය කරපු මෙහෙකාර මනුෂ්‍යයාව කියලා. මේ විදියට පිංවතුනේ ඔබේ ඔඩොක්කුවේ සුරතල් වන ඔය දරුවා පෙර ජීවිතයේ කවුරුන් වෙන්න ඇතිද..? වෙන කොහේ හරි ජීවත්ව සිටිය වයසක සීයා කෙනෙක්, වයසක ආච්චී කෙනෙක් සමහරවිට දෙවියෙක්, තිරිසන් සතෙක්, ප්‍රේතයෙක් වෙන්න පුළුවන්. එහෙමනම් ඔබ ඔය මගේ දරුවා…මගේ දරුවා කියලා නළවන්නේ සුරතල් කරන්නේ කාවද..? ඔබ ඔය සුරතල් කරන්නේ මෝහය, මුලාව, අනවබෝධය. මෙහෙම කීවාම පිංවත් ඔබ ගිය ජීවිතයේ සිටි කෙනාව මේ ජීවිතයේ ඉපදුනාය කියන ආත්ම සංඥාව ගන්න යන්න එපා. අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර හේතුවෙන් හටගන්නා වූ ධර්මතාවයක්ය යන්න හේතුඵල ධර්මතාවයන් අනුව දකින්න උත්සහ ගන්න.

මේ රටේ ජීවත්වෙච්ච බොහෝම ප්රභූපෙළේ මහත්මයෙක් සිටියා. ඔහු මියගිහිල්ලා උපත ලබන්නනේ ඌරෙක් වෙලා. එතකොට ඒ ඌරු අම්මගේ තන්පුඩුවල එල්ලිලා කිරි උරා බොන්නේ කවරෙක්ද..? ඌරුපැටියෙක් බව ඇත්ත. ඒ ඌරු පැටියා ගිය ජීවිතේ අර ප්‍රභු මනුෂ්‍යයා. පිංවතුනේ මනුෂ්‍යයා ශීලයෙන් ඈත් වෙන්න ඈත්වෙන්න ඒ අය ඊළග උපතේදී තිරිසන් අම්මලාගේ පැටවුන් ලෙස ඉපදීමේ ප්‍රතිශතය ඉතාමත් වැඩියි. මනුෂ්‍යයා අතින් මනුෂ්‍ය ඝාතන, සත්ව ඝාතන, ඒවාට අනුබලදීම් සිදුවීම වැඩිවන්න වැඩිවන්න, එවැනි අකුසල් කරන අය ඊට සුදුසු විපාකයන් විඳීම සඳහා උපදින්නේ බෙලි කැපුම් කා මසට මියයන හරක්, ඌරු, එළු, කුකුල් කුලවලමයි. දැන් අපි නැවතත් අද දරුවාගේ කථාවට යමු….

මෙහි ඉහත සඳහන් කළා මේ දරුවා හදිසි අනතුරකින් ළමා වියේදීම කුරිරු ආකාරයෙන් මියයැමට බලපාන ලද පෙර ජීවිතයේ කරන ලද කර්මය, මෙන්න මේ හේතුව ඔබට ගොඩක් වැදගත් වෙනවා. පසුගිය ජීවිතයේදී අර ප්‍රභූ පවුලට සේවය කළ මනුෂ්‍යයා තියුණු කැත්තකින් තැඹිලි පාටට හුරු සර්පයෙක්ව කෑලි කපා මරා දමනවා. ගිය ජීවිතයේදී මොහු එම සර්පයා කෑලි කපා මරා දමන්නේ යම්සේද, ඒ ආකාරයෙන්ම මේ ජීවිතයේදී මේ දරුවා සුඛෝපභෝගී බස් රියේ ගැටුමේදී, ශරීරය බිඳී මියයනවා. බලන්න එතකොට සර්පයෙක් මරා දැමීමේ අකුසලය මොන තරම් බලවත් වුණාද කියලා. මෙතැනදී බලවත් වෙන්නෙ චේතනාව. මොකද මේ සර්පයාගේ වර්ණය දෙස බලන විට මේ සර්පයා දරුණු විෂකුරු සර්පයෙක් නෙමෙයි. අහිංසක ගැරඬියෙක්, පිඹුරෙක් වගේ සර්පයෙක්. මොහුට තිබුණා අවශ්‍ය නම් ඒ සර්පයාව නොමරා කෝටුවකින් අරගෙන ඈතට විසිකර දමන්න. නමුත් මේ මනුෂ්‍යා තුළ ඇතිවූ ක්‍රෝධ, වෛරී චේතනාව නිසා අර අහිංසක සර්පයා කෑලි කපලා මරා දමනවා. ඒ සර්පයා තියුණු කැත්තෙන් කෑලි කැපී යනවිට දඟලනවා දැකලා, ඒ මනුෂ්‍යයා අප්‍රමාන තෘප්තියක් ලබන්න ඇති. අද සමාජයේ මොනතරම් නම් මනුෂ්‍යයෝ, දරුවෝ ඉන්නවද සතුනට හිංසා කරලා සතුටුවෙන. හූනෙක්ගේ වලිගය කඩල දමලා, ඒ කැඩුණු වලිගය දඟලන හැටි බලලා සතුටුවෙන…..

මෙතැනදි අපි කාලකන්නි සතුටක් ලබන බව ඇත්ත. නමුත් ඒවායේ විපාක පසු කලකදී ඒවයේ විපාක, අපේ ශරීරය කෑලි කැඩී යන විපාකයන් ලෙසින් ගෙවන්න අපට සිද්ධවෙනවා. මේ විදිහට කර්මය කර්මඵල ගලපා බලනකොට, වර්තමාන සමාජයේ සිදුවෙන්නා වූ අධික වාහන අනතුරු නිසා, ආයුධවලින් කපා කොටා ගැනීම් නිසා මියයන, තුවාල ලබන, අතපය අහිමිවන මිනිසුන් දරුවන් කොපමණද..? රෝහල් වල හදිසි අනතුරු වාට්ටුවල ප්‍රතිකාර ලබන දහස් ගණනක් රෝගීන් මේ කුමක්ද අත්විඳින්නේ..? පෙර සංසාරයේ තමා විසින්ම කළාවූ සත්ව ඝාතනයක්, සත්ව හිංසාවක අකුසල් විපාකයක්.

අපි රියදුරන්ගේ වේගය වැඩිය කියලා දොස් කියනවා. බීමත්ව රිය පදවනවා කියල දොස් කියනවා. මාර්ග නීති පිළිපදින්නේ නැතිය කියලා දොස් කියනවා. මේවාත් හේතු තමයි. මෙවැනි හේතු,චේතනා මනුෂ්‍යයා තුළ සකස් වෙන්නේ තවත් අයකුට අදාල අකුසල් විපාකදීමට අවශ්‍ය පරිසරය සකස්කර දීම සඳහාමයි. එක් අයෙක් මුදල් හම්බකිරීමට ඇති ආශාව නිසා වේගයෙන් රිය පදවනකොට, තවත් අයෙක් බීමත්ව රිය පදවනකොට, ඒ තුළින් අලුත් කර්මයන් සකස් කරගනිද්දී, තමාගේ ශීලය බිඳගනිද්දී, ශීලයෙන් ප්රමාදභාවයට පත්වෙද්දී, තවත් පුද්ගලයෙක් ඒ ශීලයෙන් ප්රමාදභාවයට පත්වූ මනුෂ්‍යයාගේ ක්‍රියාවක් හේතුවෙන්, තමා සංසාරයේ කරන ලද එවැනිම කර්මයක අකුසල් විපාකය අත්විඳිනවා. තමන් කරනා අකුසල් විපාකදීම සඳහා, අකුසල් කරන අය නොදැන නමුත්, එකිනෙකාට උපකාර කරගන්නවා.මේ එකිනෙකාට උපකාර කරගැනීම තමයි වර්තමානයේ සමාජය තුළදී අපි දකින්නේ. එක් පුද්ගලයෙකුට අතීත අකුසල කර්මයන් විපාක දෙනකොට තවත් පුද්ගලයෙක් අලුතින් අකුසල් කර්ම සකස්කර ගන්නවා. ඇයි මේ...? සම්මා දිට්ඨියට නොපැමිණි මනුෂ්‍යයාට නැවත නැවත දුක සකස් කර දීමට.

මේ පහළොස් හැවිරිදි දරුවාට තමා පෙර ජීවිතයේදී කරන ලද ප්‍රාණඝාත අකුසල් කර්මය විපාක දීම සඳහා කවුද උපකාර කළේ..? තමන් ගමන්ගත් සුඛෝපභෝගී බස් රථයේ රියදුරා. ඔහු ශීලයෙන් ප්රමාදභාවයට පත්වූ නිසා, සතිය සිහිය ගිලිහී ගිහින් අනතුරුදායක වේගයකින් බස් රථය පැදවීම තමයි දරුවාගේ මරණයට හේතුවුණේ. එම රියදුරා ශීලයක පිහිටි අයෙක් නම් ඔහු තුළ සතිය සිහිය තිබිය යුතුයි. හිරි ඔතප් දෙක තිබිය යුතුයි. එහෙමනම් ඔහු දන්නවා වේගය කුමක්ද, සීමාව කුමක්ද කියලා. එසේනම් මුදල් හම්බකිරීමට ඇති තෘෂ්ණාව නිසා අනතුරුදායක වේගයකින් ඔහු තම බස්රථය පදවන්නේ නැහැ. ඔබ සතියෙන් සිහියෙන් තොරවීම නිසා, ඔබ පදවන වාහනයට ගැටී, යටවී කෙනෙක් මියගියහොත් එසේත් නැතිනම් ජීවිත කාලය පුරාවට අබ්බගාතයෙකු බවට පත්වුවහොත්, දරුපවුලක් අනාථ වුවහොත් ඔබට පුළුවන්ද තමා හේතුවෙන් සිදුවූ එම විපත අමතක කර දමන්න. කොච්චර අමතක කරදමන්න හැදුවත් ඒවා මතකයට එනවා. ඒ නිසාම තමන් බීමත් භාවයට වැටෙන්න ඉඩ තිබෙනවා. තව තව අකුසල් වැඩිකරගන්නවා. තමන් කවදාහරි මියයන මොහොතේදී මේ සිදුවීම් මතකයට එනවා. අවිද්‍යාවෙන් ඔද්දල්වුණු සිත හරි දක්ෂයි, මැරෙන මොහොතේදී මෙවැනි බලවත් අකුසල් කර්මයන් ඔබට මතක්කර දෙන්න. එවිට ඔබ ගැටෙන සිතිනුයි මියයන්නේ. ගැටෙන සිතින් මියයන කෙනා දුගතිවලයි උප්පත්තිය ලබන්නේ කියලා ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

බලන්නකෝ ඔබ අධික වේගයෙන් රිය පදවලා වැඩිපුර මගීන් දසදෙනෙක් පටවාගතහොත් ඔබ රුපියල් දාහක් වැඩිපුර හම්බකර ගනීවී. ඒත් ඒ රුපියල් දහසට තෘෂ්ණාවෙන් ඔබ රැස්කරගන්නා අකුසලය විසින් ඔබව කල්ප ගණනක් දිගු දුකක් උරුමකර දෙනවා. ඔබ වේගයෙන් රිය පදවලා පැයක් කලින් ඔබේ ගමනාන්තයට පැමිණියොත්, ඔබ ඒ පැය විවේක ගනීවී. ඒත් ඒ වේගය නිසා ඔබ අතින් අනතුරක් සිදුවුවහොත්, එහි අකුසල් විපාකය හේතුවෙන් ඔබට කල්ප ගණනාවක් සතර අපායවල අවිවේකීව ප්රමදවීමට සිදුරවෙනවා. මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් එය අල්පායුෂ සහිත, රෝගී ජීවිතයක්ම තමයි ලබන්නේ. ඔබ යෝනිසෝ මනිසකාරයෙන් යුතුව ඇස් දෙක ඇරලා බැලුවහොත්, කන් යොමලා බැලුවහොත් ඔබට මේ අත්දැකීම් සමාජය පුරාවටම දකින්න අහන්න පුළුවන්. මොනතරම් මිනිසුන්, දරුවන්, අඩු ආයුෂයෙන් මිය යනවද..? මොනතරම් මිනිස්සු රෝගාබාධයන්ගෙන් පෙළෙනවද...? ඊට සමගාමීව අනිත් පැත්තත් අපි දකිමු. මොනතරම් මිනිස්සු සත්ව ඝාතන කරනවාද..? මොන තරම් මිනිස්සු සත්ව හිංසා කරනවාද...? බලන්න දෙපැත්ත සැසඳිලා යන විදිහ. මේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාල හේතුඵළ ධර්මයන්මයි....!!!

තෙරුවන් සරණයි ...!!!

උපුටා ගැනීම - පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත ලිපි ඇතුළත් "අතහැරීම 03" ග්රන්ථයෙනි.

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න...

[QUOTE="favthor, post: 25441384, member: 569830"] [SIZE=5]භික්ෂුව මෙම ලිපිය සටහන් කරන්නට වසර දෙකකට පමණ පෙර හඳුනාගත් පවුලක් හිටියා. මේ පවුලේ සාමාජිකයන් සංඝයා කෙරෙහි බොහොම ගෞරවය ඇති පිනට දහමට ලැදි අයයි. මේ පවුලේ එකම පිරිමි දරුවාට වයස අවුරදු 15 ක් පමණ වන පාසල් වියේදී රිය අනතුරකින් මරණයට පත්වෙනවා. ගාලුපාරේ ගමන් කළ නගරාන්තර සුඛෝපභෝගී බස් රථයක නැගී තම ඥාති නිවසකට යමින් සිටියදීයි මෙම අනතුර සිදුවන්නේ. අධික තුවාල සහිතව දරුවා බස්රථය තුළදීම මියයනවා. මේ අනතුර සිදුවී හරියටම අවුරුද්දයි මාස අටකට පසු දිනක භික්ෂුව සමාධියෙන් පසුවන විටක මේ දරුවාව අරමුණු කර බලනවා. එවිට භික්ෂුවට අරමුණු වූ දර්ශනය මෙහි සටහන් කරනවා. මුලින්ම භික්ෂුවට අරමුණු වන්නේ මේ දරුවා පෙර ජීවිතයේදී උපත ලබා සිටි ස්වභාවය. මේ දරුවාගේ පෙර භවය දර්ශනය වන්නේ වයස අවුරුදු 70 ක් පමණ පිරිමි අයෙක්. ඔහු හැඳගෙන සිටින්නේ සරමක් සහ කර නැති කමිසයක් වැනි ඇඳුමක්. මේ කමිසය බොත්තම් කාස මහපු එකක් නොවෙයි. ඔබ දැකලා ඇති පැරණි මනුෂ්‍යයෝ උඩුකයට අඳින ඇඳුමක් තිබෙනවා පැත්තෙන් ගැට දෙකක් දාලා තමයි එය අඳින්නේ. මෙවැනි ඇඳුම් ප්‍රභූ පිරිස් එහෙම නැතිනම් වැදගත් පිරිස් අඳින්නේ නැහැ. ඒ අයගේ සේවක පිරිස්, අතවැසි පිරිස් තමයි එවැනි ඒවා අඳින්නේ. ඒ කියන්නේ ප්‍රභූ පිරිස් වලට සේවය කරන අය. රිය අනතුරින් මිය ගිය දරුවාද පෙර ජීවිතයේ මෙවැනි ප්‍රභූ පවුලකට සේවය කළ කෙනෙක්. ඔහු වයස අවුරුදු 70 ක වයස් සීමාව ඉක්මවා ගිහිල්ලා මියගියාට පසුව ලැබූ ප්රතිසන්ධිය තමයි මේ දරුවා. දැන් ඔබට වැටහෙනවා ඇති මේ හදිසි අනතුරින් මිය ගිය දරුවා පෙර ජීවිතයේදී කවුරුන්ද කියලා. මීළඟට භික්ෂුව අරමුණු කර බැලුවේ හදිසි අනතුරින් මිය ගිය පසු මේ දරුවා කොතැනක උපත ලැබුවේද යන්නයි. මොහු උපත ලබන්නේ, මේ මනුෂ්‍යයන් ඇසුරේම ජීවත්වෙන ප්‍රාථමික දෙවියෙක් හැටියටයි. ප්‍රාථමික දෙවියෙක් යෑයි කීවේ මේ අය දිව්‍යතලවල ජීවත් වෙන මහේෂාඛ්‍ය දෙවිවරු නොවන නිසයි. මනුෂ්‍ය ලෝකය තුළ යම් යම් උපාදානයන් කෙරෙහි තෘෂ්ණාව සකස් කරගෙන මනුෂ්‍යයන් ඇසුරේම ජීවත්වෙන දිව්‍ය ස්වභාවයක්. මේ දෙවියාගේ ඇඳුමේ ස්වභාවය දැක්කම භික්ෂුවට හිතුනා මොහුව බබා දෙවියන් යෑයි හඳුන්වන්න. වයස අවුරුදු 15 ක් පමණ පෙනුමැති සාමාන්‍ය මහත දරුවෙකුගේ රූපයක් සහිත දණහිස ප්‍රමාණයට දිගැති සුදු කලිසමක් සහ කොලරය නොමැති කර පළල් සුදු කමිසයක් හැඳගෙන සිටියා. සුදු හිස් වැස්මක් පැළඳගෙන සිටියා. මේ ඇඳුම් කට්ටලයේ ඉහත ස්වභාවය දකිනකොට භික්ෂුවට මතක් වුණේ උපාධි ප්රදානොත්සවයකදී උපාධි ලබන්නකුගේ ස්වභාවය. වෙනසකට තිබුණේ කලිසමේ කෙටි බව විතරයි. මේ අනතුරින් මියගිය දරුවාගේ අම්මාත් කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියක්. මේ දරුවාත් කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය හදාළ ශිෂ්‍යයෙක්. මේ සියල්ල සමග සසඳනකොට මේ දරුවා මියයන මොහොතේ, තමන් අනාගතයේදී හොඳින් ඉගෙනගෙන උපාධිධාරියෙක් වෙනවාය යන ලෙසින් ඇතිකරගෙන තිබූ උපාදානය මතුවී, ඒ උපාදානයට අදාළව එම දිව්‍ය ස්වභාවයේ රුව ගුණ සකස් වූවාද විය හැකිය. මේ දරුවාගේ පෙර ජීවිතයත්, මතු ජීවිතයත් ගැන අරමුණු කර බලද්දී භික්ෂුවට මේ දරුවා මෙවැනි කුරිරු ආකාරයට වයස අවුරදු 15 කදී පමණ හදිසි අනතුරකින් මියයැමට හේතුවුණ කර්ම විපාකය කුමක්ද යන්න දර්ශනය වුණා. භික්ෂුවට දර්ශනය වුණේ බොහොම තියුණු මුවහත තිබෙන කැත්තක්. ඒ ගම්වල මිනිසුන් කැළෑ එළිකරන්න ගන්න බොහොම තියුණු මුවහත සහිත කැත්තක්. ඒ මුවහත සහිත කැත්තෙන් තැඹිලි පැහැයට හුරු සර්පයෙක් කෑලි කෑලි වලට කපනවා. මෙන්න මේ සර්පයා කෑලි කෑලි වලට කපා දමා මැරූ කර්ම විපාකය තමයි දරුවා මේ ජීවිතයේදී රිය අනතුරකින් මරණයට පත්කර දමන්නේ. ඔබ දැන් මේ භික්ෂුව සටහන් කළ උතුම් සමාධිය තුළදී අත්දුටු සන්දිට්ටික ධර්මය ඔබේ නුවණින් හොඳින් ගලපාගන්නා ඕනේ. මොකද මේ හුදු කථාවක් විතරක් නෙවෙයි. ඔබට අවංකවම මේ සසර දුක නිමාකර ගැනීමට අවශ්‍යනම් ඊට අවශ්‍ය කමටහනක් මේ කථාව තුළ අන්තර්ගතව තිබෙනවා. ඒ විතරක් නොවෙයි. ඔබට මේ දුකින් පිරි සංසාරයෙන් එතෙර වීමට අවශ්‍ය නම් ඔබ තුළ ඇති කරගත යුත්තේ, මුලින්ම සංසාරය පිළිබඳව බියයි. සංසාරයේ බිය නොදකින්නා සංසාරය, මගේ කරගන්නවා. සංසාරය බිරිඳ, දුව, පුතා කරගන්නවා. ආශ්වාදයන්මයි දකින්නේ. ඒ නිසා ඉහත කථා ප්‍රවෘත්තිය ඔබට සසර බිය ඇති කර ගැනීමට හුඟාක් උපකාරී වෙනවා. දැන් බලන්න මේ හදිස්සි අනතුරින් මිය ගිය 15 හැවිරිදි ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලද මේ දරුවා පෙර ජීවිතයේ උපත ලබලා සිටියේ ප්‍රභූ පවුලක මෙහෙකරුවෙක් හැටියට. මේ මෙහෙකරුවා වයස අවු 70 පමණ ජීවත්වෙලා මියගියාට පසුව තවත් අම්මා කෙනෙකුගේ මව්කුසේ පුතෙක් හැටියට උපත ලබනවා. දැන් බලන්නකෝ මේ අම්මා, තාත්තා මගේ පුතේ කියලා අප්‍රමාණ සෙනෙහසක් දැක්වුවේ කාටද...? ඔහු පෙර ජීව්තයේ කවුරුවෙලාද සිටියේ. අවුරුදු 70 පමණ වයසක මනුෂ්‍යයෙක් තමයි මැරිල මේ නැවත ප්රතිසංධිය ලැබුවේ. ඔබ එහෙම නම් දෙවියනේ මේ නළවලා තිබෙන්නේ පෝෂණය කරලා තිබෙන්නේ කාවද...? ඔබට සිතෙන්නේ නැද්ද අනේ මම නළවලා තිබෙන්නේ පෝෂණය කරලා තිබෙන්නේ අර වයසක මනුෂ්‍යයාව කියලා. ඒ ප්‍රභු පවුලේ සේවය කරපු මෙහෙකාර මනුෂ්‍යයාව කියලා. මේ විදියට පිංවතුනේ ඔබේ ඔඩොක්කුවේ සුරතල් වන ඔය දරුවා පෙර ජීවිතයේ කවුරුන් වෙන්න ඇතිද..? වෙන කොහේ හරි ජීවත්ව සිටිය වයසක සීයා කෙනෙක්, වයසක ආච්චී කෙනෙක් සමහරවිට දෙවියෙක්, තිරිසන් සතෙක්, ප්‍රේතයෙක් වෙන්න පුළුවන්. එහෙමනම් ඔබ ඔය මගේ දරුවා…මගේ දරුවා කියලා නළවන්නේ සුරතල් කරන්නේ කාවද..? ඔබ ඔය සුරතල් කරන්නේ මෝහය, මුලාව, අනවබෝධය. මෙහෙම කීවාම පිංවත් ඔබ ගිය ජීවිතයේ සිටි කෙනාව මේ ජීවිතයේ ඉපදුනාය කියන ආත්ම සංඥාව ගන්න යන්න එපා. අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර හේතුවෙන් හටගන්නා වූ ධර්මතාවයක්ය යන්න හේතුඵල ධර්මතාවයන් අනුව දකින්න උත්සහ ගන්න. මේ රටේ ජීවත්වෙච්ච බොහෝම ප්රභූපෙළේ මහත්මයෙක් සිටියා. ඔහු මියගිහිල්ලා උපත ලබන්නනේ ඌරෙක් වෙලා. එතකොට ඒ ඌරු අම්මගේ තන්පුඩුවල එල්ලිලා කිරි උරා බොන්නේ කවරෙක්ද..? ඌරුපැටියෙක් බව ඇත්ත. ඒ ඌරු පැටියා ගිය ජීවිතේ අර ප්‍රභු මනුෂ්‍යයා. පිංවතුනේ මනුෂ්‍යයා ශීලයෙන් ඈත් වෙන්න ඈත්වෙන්න ඒ අය ඊළග උපතේදී තිරිසන් අම්මලාගේ පැටවුන් ලෙස ඉපදීමේ ප්‍රතිශතය ඉතාමත් වැඩියි. මනුෂ්‍යයා අතින් මනුෂ්‍ය ඝාතන, සත්ව ඝාතන, ඒවාට අනුබලදීම් සිදුවීම වැඩිවන්න වැඩිවන්න, එවැනි අකුසල් කරන අය ඊට සුදුසු විපාකයන් විඳීම සඳහා උපදින්නේ බෙලි කැපුම් කා මසට මියයන හරක්, ඌරු, එළු, කුකුල් කුලවලමයි. දැන් අපි නැවතත් අද දරුවාගේ කථාවට යමු…. මෙහි ඉහත සඳහන් කළා මේ දරුවා හදිසි අනතුරකින් ළමා වියේදීම කුරිරු ආකාරයෙන් මියයැමට බලපාන ලද පෙර ජීවිතයේ කරන ලද කර්මය, මෙන්න මේ හේතුව ඔබට ගොඩක් වැදගත් වෙනවා. පසුගිය ජීවිතයේදී අර ප්‍රභූ පවුලට සේවය කළ මනුෂ්‍යයා තියුණු කැත්තකින් තැඹිලි පාටට හුරු සර්පයෙක්ව කෑලි කපා මරා දමනවා. ගිය ජීවිතයේදී මොහු එම සර්පයා කෑලි කපා මරා දමන්නේ යම්සේද, ඒ ආකාරයෙන්ම මේ ජීවිතයේදී මේ දරුවා සුඛෝපභෝගී බස් රියේ ගැටුමේදී, ශරීරය බිඳී මියයනවා. බලන්න එතකොට සර්පයෙක් මරා දැමීමේ අකුසලය මොන තරම් බලවත් වුණාද කියලා. මෙතැනදී බලවත් වෙන්නෙ චේතනාව. මොකද මේ සර්පයාගේ වර්ණය දෙස බලන විට මේ සර්පයා දරුණු විෂකුරු සර්පයෙක් නෙමෙයි. අහිංසක ගැරඬියෙක්, පිඹුරෙක් වගේ සර්පයෙක්. මොහුට තිබුණා අවශ්‍ය නම් ඒ සර්පයාව නොමරා කෝටුවකින් අරගෙන ඈතට විසිකර දමන්න. නමුත් මේ මනුෂ්‍යා තුළ ඇතිවූ ක්‍රෝධ, වෛරී චේතනාව නිසා අර අහිංසක සර්පයා කෑලි කපලා මරා දමනවා. ඒ සර්පයා තියුණු කැත්තෙන් කෑලි කැපී යනවිට දඟලනවා දැකලා, ඒ මනුෂ්‍යයා අප්‍රමාන තෘප්තියක් ලබන්න ඇති. අද සමාජයේ මොනතරම් නම් මනුෂ්‍යයෝ, දරුවෝ ඉන්නවද සතුනට හිංසා කරලා සතුටුවෙන. හූනෙක්ගේ වලිගය කඩල දමලා, ඒ කැඩුණු වලිගය දඟලන හැටි බලලා සතුටුවෙන….. මෙතැනදි අපි කාලකන්නි සතුටක් ලබන බව ඇත්ත. නමුත් ඒවායේ විපාක පසු කලකදී ඒවයේ විපාක, අපේ ශරීරය කෑලි කැඩී යන විපාකයන් ලෙසින් ගෙවන්න අපට සිද්ධවෙනවා. මේ විදිහට කර්මය කර්මඵල ගලපා බලනකොට, වර්තමාන සමාජයේ සිදුවෙන්නා වූ අධික වාහන අනතුරු නිසා, ආයුධවලින් කපා කොටා ගැනීම් නිසා මියයන, තුවාල ලබන, අතපය අහිමිවන මිනිසුන් දරුවන් කොපමණද..? රෝහල් වල හදිසි අනතුරු වාට්ටුවල ප්‍රතිකාර ලබන දහස් ගණනක් රෝගීන් මේ කුමක්ද අත්විඳින්නේ..? පෙර සංසාරයේ තමා විසින්ම කළාවූ සත්ව ඝාතනයක්, සත්ව හිංසාවක අකුසල් විපාකයක්. අපි රියදුරන්ගේ වේගය වැඩිය කියලා දොස් කියනවා. බීමත්ව රිය පදවනවා කියල දොස් කියනවා. මාර්ග නීති පිළිපදින්නේ නැතිය කියලා දොස් කියනවා. මේවාත් හේතු තමයි. මෙවැනි හේතු,චේතනා මනුෂ්‍යයා තුළ සකස් වෙන්නේ තවත් අයකුට අදාල අකුසල් විපාකදීමට අවශ්‍ය පරිසරය සකස්කර දීම සඳහාමයි. එක් අයෙක් මුදල් හම්බකිරීමට ඇති ආශාව නිසා වේගයෙන් රිය පදවනකොට, තවත් අයෙක් බීමත්ව රිය පදවනකොට, ඒ තුළින් අලුත් කර්මයන් සකස් කරගනිද්දී, තමාගේ ශීලය බිඳගනිද්දී, ශීලයෙන් ප්රමාදභාවයට පත්වෙද්දී, තවත් පුද්ගලයෙක් ඒ ශීලයෙන් ප්රමාදභාවයට පත්වූ මනුෂ්‍යයාගේ ක්‍රියාවක් හේතුවෙන්, තමා සංසාරයේ කරන ලද එවැනිම කර්මයක අකුසල් විපාකය අත්විඳිනවා. තමන් කරනා අකුසල් විපාකදීම සඳහා, අකුසල් කරන අය නොදැන නමුත්, එකිනෙකාට උපකාර කරගන්නවා.මේ එකිනෙකාට උපකාර කරගැනීම තමයි වර්තමානයේ සමාජය තුළදී අපි දකින්නේ. එක් පුද්ගලයෙකුට අතීත අකුසල කර්මයන් විපාක දෙනකොට තවත් පුද්ගලයෙක් අලුතින් අකුසල් කර්ම සකස්කර ගන්නවා. ඇයි මේ...? සම්මා දිට්ඨියට නොපැමිණි මනුෂ්‍යයාට නැවත නැවත දුක සකස් කර දීමට. මේ පහළොස් හැවිරිදි දරුවාට තමා පෙර ජීවිතයේදී කරන ලද ප්‍රාණඝාත අකුසල් කර්මය විපාක දීම සඳහා කවුද උපකාර කළේ..? තමන් ගමන්ගත් සුඛෝපභෝගී බස් රථයේ රියදුරා. ඔහු ශීලයෙන් ප්රමාදභාවයට පත්වූ නිසා, සතිය සිහිය ගිලිහී ගිහින් අනතුරුදායක වේගයකින් බස් රථය පැදවීම තමයි දරුවාගේ මරණයට හේතුවුණේ. එම රියදුරා ශීලයක පිහිටි අයෙක් නම් ඔහු තුළ සතිය සිහිය තිබිය යුතුයි. හිරි ඔතප් දෙක තිබිය යුතුයි. එහෙමනම් ඔහු දන්නවා වේගය කුමක්ද, සීමාව කුමක්ද කියලා. එසේනම් මුදල් හම්බකිරීමට ඇති තෘෂ්ණාව නිසා අනතුරුදායක වේගයකින් ඔහු තම බස්රථය පදවන්නේ නැහැ. ඔබ සතියෙන් සිහියෙන් තොරවීම නිසා, ඔබ පදවන වාහනයට ගැටී, යටවී කෙනෙක් මියගියහොත් එසේත් නැතිනම් ජීවිත කාලය පුරාවට අබ්බගාතයෙකු බවට පත්වුවහොත්, දරුපවුලක් අනාථ වුවහොත් ඔබට පුළුවන්ද තමා හේතුවෙන් සිදුවූ එම විපත අමතක කර දමන්න. කොච්චර අමතක කරදමන්න හැදුවත් ඒවා මතකයට එනවා. ඒ නිසාම තමන් බීමත් භාවයට වැටෙන්න ඉඩ තිබෙනවා. තව තව අකුසල් වැඩිකරගන්නවා. තමන් කවදාහරි මියයන මොහොතේදී මේ සිදුවීම් මතකයට එනවා. අවිද්‍යාවෙන් ඔද්දල්වුණු සිත හරි දක්ෂයි, මැරෙන මොහොතේදී මෙවැනි බලවත් අකුසල් කර්මයන් ඔබට මතක්කර දෙන්න. එවිට ඔබ ගැටෙන සිතිනුයි මියයන්නේ. ගැටෙන සිතින් මියයන කෙනා දුගතිවලයි උප්පත්තිය ලබන්නේ කියලා ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. බලන්නකෝ ඔබ අධික වේගයෙන් රිය පදවලා වැඩිපුර මගීන් දසදෙනෙක් පටවාගතහොත් ඔබ රුපියල් දාහක් වැඩිපුර හම්බකර ගනීවී. ඒත් ඒ රුපියල් දහසට තෘෂ්ණාවෙන් ඔබ රැස්කරගන්නා අකුසලය විසින් ඔබව කල්ප ගණනක් දිගු දුකක් උරුමකර දෙනවා. ඔබ වේගයෙන් රිය පදවලා පැයක් කලින් ඔබේ ගමනාන්තයට පැමිණියොත්, ඔබ ඒ පැය විවේක ගනීවී. ඒත් ඒ වේගය නිසා ඔබ අතින් අනතුරක් සිදුවුවහොත්, එහි අකුසල් විපාකය හේතුවෙන් ඔබට කල්ප ගණනාවක් සතර අපායවල අවිවේකීව ප්රමදවීමට සිදුරවෙනවා. මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් එය අල්පායුෂ සහිත, රෝගී ජීවිතයක්ම තමයි ලබන්නේ. ඔබ යෝනිසෝ මනිසකාරයෙන් යුතුව ඇස් දෙක ඇරලා බැලුවහොත්, කන් යොමලා බැලුවහොත් ඔබට මේ අත්දැකීම් සමාජය පුරාවටම දකින්න අහන්න පුළුවන්. මොනතරම් මිනිසුන්, දරුවන්, අඩු ආයුෂයෙන් මිය යනවද..? මොනතරම් මිනිස්සු රෝගාබාධයන්ගෙන් පෙළෙනවද...? ඊට සමගාමීව අනිත් පැත්තත් අපි දකිමු. මොනතරම් මිනිස්සු සත්ව ඝාතන කරනවාද..? මොන තරම් මිනිස්සු සත්ව හිංසා කරනවාද...? බලන්න දෙපැත්ත සැසඳිලා යන විදිහ. මේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාල හේතුඵළ ධර්මයන්මයි....!!! තෙරුවන් සරණයි ...!!![/SIZE] උපුටා ගැනීම - පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත ලිපි ඇතුළත් "අතහැරීම 03" ග්රන්ථයෙනි. ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom