Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටියේ අප්පු දෙමළා .!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටියේ අප්පු දෙමළා .!!!

අප මුලින්ම බාහිර සතුරා පිළිබඳ සංකල්පය යනු කුමක්දැයි විග්රහ කර ගනිමු. ගැටුම් නිරාකරණය තුළ එන මෙම සංකල්පයේදී කියැවෙන්නේ අප හැම විටම බාහිරින් සතුරෙක් නිර්මාණය කරගැනීමට උත්සහ දරන බවයි. ඒ අනුව අප අනන්යතාවයක් නිර්මාණය කරගන්නා අතර එයට එකඟ නොවන අනෙකා අපේ සතුරා ලෙස සලකා ඔහුට එරෙහිව ක්රියා කිරීම අපගේ පොදු ලක්ෂණයක් බව මෙහිදී කියැවේ. උදාහරණයක් ලෙස අප පාසලේ වාර විභාගයේදී අසල පුටුවේ වාඩි වී සිටින මිතුරා දකින්නේ සතුරෙකු ලෙසය. ඔහු මට වඩා ළකුණු ගන්නවාට මම කැමති නැත. එනිසා කෙසේ හෝ ඔහුට වඩා ළකුණු ලබාගෙන ඔහුව අභිබවා යෑම මගේ අරමුණ වේ. ඒ මොහොතේ මගේ බාහිර සතුරා ඔහුය. නමුත් මගේ පන්තිය යන සන්ධර්භයෙන් සැලකූ විට මගේ පන්තියේ සියලූ සිසුන් මිතුරන් වන අතර අනෙක් පන්තියේ සිසුන් සතුරන් ලෙස සලකනු ලබයි. මෙය අපේ වසර හා ඉහළ වසර ලෙස බෙදෙන තැනදී අපේ බාහිර සතුරා වන්නේ අපට ඉහළ වසරේ සිසුන් සියලූ දෙනාය. පාසලේදී මෙලෙස බාහිර සතුරා පිළිබඳ සංකල්පය ක්රියාත්මක වී පන්ති පිටින් අඬ දබර වන අවස්ථා දැකිය හැකිය. නමුත් වාර්ෂික මහා ක්රිකට් තරඟයේදී බාහිර සතුරා වන්නේ අප පාසලේ අය නොව අනෙක් පාසලේ අයයි. එවිට අප පාසලේ සියලූම දෙනා මගේ කණ්ඩායමට අයත් වන අතර අනෙක් පාසලේ සෑම දෙනාම සතුරන් ලෙසන් විග්රහ වේ. පලාත් තරඟ වලදී මේ තත්වය මගහැරින අප පලාත නියෝජනය කරනු ලබන කණ්ඩායම ජයග්රහණය කරනු වස්, පලාතේ සියලූ පාසල් වලින් ආ ක්රීඩකයන් කෙරෙහි සහයෝගය ලබා දෙන්නෙමු.

මේ ආකාරයට අප ජීවත් වන සන්ධර්භය මත ඒ ඒ අවස්ථාවේදී අප විසින් බාහිර සතුර නිර්මාණය කරගනු ලබයි. මෙය කිසිවකු විසින් නිර්මාණය කර දිය යුත්තක් නොවන්නේ අප සංවේදී වන පරාසය තුළදී අපේ සවිඥනිකත්වය අනුව එය අප විසින්ම නිර්මාණය කරගන්නා බැවිනි. මෙලෙස බාහිර සතුරෙක් නිර්මාණය කර ගැනීමේ වාසි සහ අවාසි යන දෙඅංශයම තිබේ. බාහිර සතුරෙක් නිර්මාණය කරගැනිමෙන් මම හෝ අපේ කණ්ඩායමේ අභ්යන්තර උනන්දුව, ශක්තිය හා කණ්ඩායම් හැඟීම ආදිය ඉහළ යන අතර නිරන්තරයෙන් මතුවන තරඟකාරීත්වය තුළ නිර්මාණශීලී යමක් බිහිවීම මෙහි ඇති ප්රධානම වාසිසහගත තත්වය වන්නේය. නමුත් මෙම බෙදීම නිසා දහසක් පොදු ලක්ෂණ ඇති දෙපිරිසක් එක් වෙනස් කමක් වෙනුවෙන් පිල් බෙදී විරසක වීමත් තරඟකාරීත්වය ජයගැනීමට නිශේධනාත්මක ප්රවේශයන් භාවිතා කිරීමත් නිසා භයානක ප්රතිඵල ඇති වීමත් මෙහි ඇති භයානක තත්වයන් වන්නේය. කෙසේ වුවද මෙහි ඇති අවාසි සහගත තත්වයන්ට වඩා වාසිසහගත තත්වයන් වැඩි නිසා මෙය යෝග්යයැයි කීමට හැකියාවක් නැතත් සත්වයාට පොදුවූ ලක්ෂණයක් නිසා සෑම පුද්ගලයෙකු තුළත් සෑම සන්ධර්භයක් තුළත් ක්රියාත්මක වෙමින් පවතී.

ඉහතදී හඳුනාගත් සංකල්පමය තත්වය විග්රහ කර ගැනීමට අප දැන් උත්සහ ගනිමු. මෙහිදී දැකගත හැකි විශේෂ තත්යක් වන්නේ අප යම් මොහොතක නිර්මාණය කරගෙන සිටින සතුරා අනුව අප සිටින සන්ධර්භය තේරුම්ගත හැකි වේ ය යන්නයි. අප පන්තියේ අනෙක් ළමයෙක් සතුරා ලෙස තෝරාගනී නම් එහිදී අප සිටින්නේ පන්තියේ බිත්ති හතරට කොටුවූ මානසිකත්වයකය. නමුත් අප වෙනත් පාසලක සිසුන් සතුරන් ලෙස තෝරාගෙන ඇත්නම් අප ඊට වඩා දියුණු මානසිකත්වයක සිටින බව පෙනේ. මේ ආකාරයට මෙම තත්වය රටක් කෙරෙහිද සමපාත කර බැලීමෙන් එම රට කුමන මට්ටමකට අයත් වේ දැයි නිශ්චය කරගත හැකිය. ඇමරිකාව වෙනත් ග්රහලෝක සමග තරඟකරන විට ශ්රී ලංකාව තම රටේම සිටින දෙමළ,මරක්කල ජනතාව සතුරා කරගෙන තරඟ වදිමින් සිටියි. මේ අනුව ඇමරිකාවට සාපේක්ෂව අප පසුවන තරාතිරමේ පටු බව ඔබට මනාව වැටහෙනු ඇත.

අප ශ්රී ලංකාවෙන් මදක් ඔබ්බට ගොස් බංග්ලාදේශය දෙස බැලූවත්, නේපාලය දෙස බැලූවත් අප්රිකා හෝ ලතින් ඇමරිකා රාජ්යයන් දෙස අපට දැකගත හැකි පොදු ලක්ෂණය වන්නේ රට අභ්යන්තරයේම පවතින අර්බුධයන්ය. ඒ අනුව ‘ඔවුන් තම බාහිර සතුරා නිර්මාණය කරගෙන තිබෙන්නේ රට තුළමය. ත්රස්තවාදී ගැටුම්, බෙදුම්වාදී අරගල ලෙස හෝ ගෝත්රික ගැටුම් ලෙස පවතින මෙම අභ්යන්තර අර්බුධයන් වල අවසන් ප්රතිඵලය වන්නේ රටේ ජනතාව රට තුළටම කොටුවූ පටු මානසිකත්වයක් සහිත දියුණු අතින් තම කුඩා සතුරාව පමණක් අභිබවා යන්නට හැකි තත්වයකට ඕනෑ කමින්ම පත්වීමයි. ඒ අනුව මේ රටවල පොදු ලක්ෂණය වන්නේ නොදියුණු රාජ්යයන් ගණයට අයත්වී තිබීමයි.

නමුත් අප දියුණු යැයි කියනා රාජ්යයන් වෙත අවධානය යොමුකළ හොත් ඔවුන් රටතුළට කොටුවූ මානසිකත්වයෙන් මිදී බොහෝ විට අන්තර් රාජ්යය කණ්ඩායම් ලෙසත්, ජාත්යන්තර හෝ විශ්වීය මානසිකත්වයකින් තරඟ කරන්නන් ලෙසත් වෙන්කර හඳුනාගත හැකි වේ. අප යුරෝපීය රාජ්යයන් දෙස අවධානය යොමුකළ හොත් ඔවුන් අනෙක් රටවල් හා කරට කර තරඟයකට පිවිස සිටින්නේ තාක්ෂණය හෝ ආර්ථිකය වැනි අංශ හරහාය. මෙම නිරායුධ බාහිර සතුරා සමග සටන් කිරීමේදී එම රාජ්යයන් ම්ලේච්ඡ ගෝත්රික හැසිරීම් වලින් මිදී අනෙකාට ඇහුංකන් දීම, අනෙකා පිළිගැනීම හා මතවාදීමය තලයේදී ජයගැනීමට උත්සහ ගැනීම වැනි දියුණු ක්රමවේදයන් මෙම සටන් සඳහා යොදා ගනිති. එසේම අප මෙහිදී විශේෂයෙන්ම බැලිය යුත්තේ බාහිර සතුරන් කවුරුන්ද කියාය. ජපානය අදවන විට තරඟ වදින්නේ සමස්ථ ලෝකයම සමගය. කාර්මික නිශ්පාදන අතින් ලෝකය ජයගැනීම ඔවුන්ගේ අරමුණය. ආසියාන් සංවිධානයට අයත් නව කාර්මීකරණය වූ රටවල් තම බාහිර සතුරා ලෙස දකින්නේ යුරෝපා සංගමය වැනි අති දියුණු රාජ්යයන්ගෙන් සමන්විත එකතුවකි. ඇමරිකාව දෙස බැලූවොත් තත්වය මීට හාත්පස වෙනස්ය. ඔවුන් රට අභ්යන්තරයෙනුත්, අන්තර් රාජ්යය මට්ටමිනුත්, කලාපීය මට්ටමිනුත් මිදී අද වන විට තරඟ වදින්නේ විශ්වීය තලයේය. නාසා ආයතනය ආදිය හරහා වෙනත් ග්රහලෝක හා ග්රහවස්තු තම බාහිර සතුරා බවට පත්කරගෙන වා ජය ගැනීමට වෙර දරමින් සිටී.

මේ අනුව බාහිර සතුරා පිළිබඳ සංකල්පය ක්රියාත්මක තලයේදී භාවිතා වන මට්ටම අනුව රටක සංවර්ධනයේ තරම හඳුනාගත හැකිය යන්න ඔබට පැහැදිලි වනු ඇත. මේ ආකාරයට බාහිර සතුරා පිළිබඳ සංකල්පය රටක දියුණුවට බාධා කරන්නේ හෝ සහය දෙන්නේ කෙසේද යන්න තවමත් ඔබට ප්රශ්ණාර්ථයක් වන්නටද බැරි නැත. එනිසා අප ඒ පිළිබඳව මෙසේ විග්රහ කරන්නෙමු.

[QUOTE="Core, post: 7238717, member: 263471"] [b]පිටියේ අප්පු දෙමළා .!!![/b] අප මුලින්ම බාහිර සතුරා පිළිබඳ සංකල්පය යනු කුමක්දැයි විග්රහ කර ගනිමු. ගැටුම් නිරාකරණය තුළ එන මෙම සංකල්පයේදී කියැවෙන්නේ අප හැම විටම බාහිරින් සතුරෙක් නිර්මාණය කරගැනීමට උත්සහ දරන බවයි. ඒ අනුව අප අනන්යතාවයක් නිර්මාණය කරගන්නා අතර එයට එකඟ නොවන අනෙකා අපේ සතුරා ලෙස සලකා ඔහුට එරෙහිව ක්රියා කිරීම අපගේ පොදු ලක්ෂණයක් බව මෙහිදී කියැවේ. උදාහරණයක් ලෙස අප පාසලේ වාර විභාගයේදී අසල පුටුවේ වාඩි වී සිටින මිතුරා දකින්නේ සතුරෙකු ලෙසය. ඔහු මට වඩා ළකුණු ගන්නවාට මම කැමති නැත. එනිසා කෙසේ හෝ ඔහුට වඩා ළකුණු ලබාගෙන ඔහුව අභිබවා යෑම මගේ අරමුණ වේ. ඒ මොහොතේ මගේ බාහිර සතුරා ඔහුය. නමුත් මගේ පන්තිය යන සන්ධර්භයෙන් සැලකූ විට මගේ පන්තියේ සියලූ සිසුන් මිතුරන් වන අතර අනෙක් පන්තියේ සිසුන් සතුරන් ලෙස සලකනු ලබයි. මෙය අපේ වසර හා ඉහළ වසර ලෙස බෙදෙන තැනදී අපේ බාහිර සතුරා වන්නේ අපට ඉහළ වසරේ සිසුන් සියලූ දෙනාය. පාසලේදී මෙලෙස බාහිර සතුරා පිළිබඳ සංකල්පය ක්රියාත්මක වී පන්ති පිටින් අඬ දබර වන අවස්ථා දැකිය හැකිය. නමුත් වාර්ෂික මහා ක්රිකට් තරඟයේදී බාහිර සතුරා වන්නේ අප පාසලේ අය නොව අනෙක් පාසලේ අයයි. එවිට අප පාසලේ සියලූම දෙනා මගේ කණ්ඩායමට අයත් වන අතර අනෙක් පාසලේ සෑම දෙනාම සතුරන් ලෙසන් විග්රහ වේ. පලාත් තරඟ වලදී මේ තත්වය මගහැරින අප පලාත නියෝජනය කරනු ලබන කණ්ඩායම ජයග්රහණය කරනු වස්, පලාතේ සියලූ පාසල් වලින් ආ ක්රීඩකයන් කෙරෙහි සහයෝගය ලබා දෙන්නෙමු. මේ ආකාරයට අප ජීවත් වන සන්ධර්භය මත ඒ ඒ අවස්ථාවේදී අප විසින් බාහිර සතුර නිර්මාණය කරගනු ලබයි. මෙය කිසිවකු විසින් නිර්මාණය කර දිය යුත්තක් නොවන්නේ අප සංවේදී වන පරාසය තුළදී අපේ සවිඥනිකත්වය අනුව එය අප විසින්ම නිර්මාණය කරගන්නා බැවිනි. මෙලෙස බාහිර සතුරෙක් නිර්මාණය කර ගැනීමේ වාසි සහ අවාසි යන දෙඅංශයම තිබේ. බාහිර සතුරෙක් නිර්මාණය කරගැනිමෙන් මම හෝ අපේ කණ්ඩායමේ අභ්යන්තර උනන්දුව, ශක්තිය හා කණ්ඩායම් හැඟීම ආදිය ඉහළ යන අතර නිරන්තරයෙන් මතුවන තරඟකාරීත්වය තුළ නිර්මාණශීලී යමක් බිහිවීම මෙහි ඇති ප්රධානම වාසිසහගත තත්වය වන්නේය. නමුත් මෙම බෙදීම නිසා දහසක් පොදු ලක්ෂණ ඇති දෙපිරිසක් එක් වෙනස් කමක් වෙනුවෙන් පිල් බෙදී විරසක වීමත් තරඟකාරීත්වය ජයගැනීමට නිශේධනාත්මක ප්රවේශයන් භාවිතා කිරීමත් නිසා භයානක ප්රතිඵල ඇති වීමත් මෙහි ඇති භයානක තත්වයන් වන්නේය. කෙසේ වුවද මෙහි ඇති අවාසි සහගත තත්වයන්ට වඩා වාසිසහගත තත්වයන් වැඩි නිසා මෙය යෝග්යයැයි කීමට හැකියාවක් නැතත් සත්වයාට පොදුවූ ලක්ෂණයක් නිසා සෑම පුද්ගලයෙකු තුළත් සෑම සන්ධර්භයක් තුළත් ක්රියාත්මක වෙමින් පවතී. ඉහතදී හඳුනාගත් සංකල්පමය තත්වය විග්රහ කර ගැනීමට අප දැන් උත්සහ ගනිමු. මෙහිදී දැකගත හැකි විශේෂ තත්යක් වන්නේ අප යම් මොහොතක නිර්මාණය කරගෙන සිටින සතුරා අනුව අප සිටින සන්ධර්භය තේරුම්ගත හැකි වේ ය යන්නයි. අප පන්තියේ අනෙක් ළමයෙක් සතුරා ලෙස තෝරාගනී නම් එහිදී අප සිටින්නේ පන්තියේ බිත්ති හතරට කොටුවූ මානසිකත්වයකය. නමුත් අප වෙනත් පාසලක සිසුන් සතුරන් ලෙස තෝරාගෙන ඇත්නම් අප ඊට වඩා දියුණු මානසිකත්වයක සිටින බව පෙනේ. මේ ආකාරයට මෙම තත්වය රටක් කෙරෙහිද සමපාත කර බැලීමෙන් එම රට කුමන මට්ටමකට අයත් වේ දැයි නිශ්චය කරගත හැකිය. ඇමරිකාව වෙනත් ග්රහලෝක සමග තරඟකරන විට ශ්රී ලංකාව තම රටේම සිටින දෙමළ,මරක්කල ජනතාව සතුරා කරගෙන තරඟ වදිමින් සිටියි. මේ අනුව ඇමරිකාවට සාපේක්ෂව අප පසුවන තරාතිරමේ පටු බව ඔබට මනාව වැටහෙනු ඇත. අප ශ්රී ලංකාවෙන් මදක් ඔබ්බට ගොස් බංග්ලාදේශය දෙස බැලූවත්, නේපාලය දෙස බැලූවත් අප්රිකා හෝ ලතින් ඇමරිකා රාජ්යයන් දෙස අපට දැකගත හැකි පොදු ලක්ෂණය වන්නේ රට අභ්යන්තරයේම පවතින අර්බුධයන්ය. ඒ අනුව ‘ඔවුන් තම බාහිර සතුරා නිර්මාණය කරගෙන තිබෙන්නේ රට තුළමය. ත්රස්තවාදී ගැටුම්, බෙදුම්වාදී අරගල ලෙස හෝ ගෝත්රික ගැටුම් ලෙස පවතින මෙම අභ්යන්තර අර්බුධයන් වල අවසන් ප්රතිඵලය වන්නේ රටේ ජනතාව රට තුළටම කොටුවූ පටු මානසිකත්වයක් සහිත දියුණු අතින් තම කුඩා සතුරාව පමණක් අභිබවා යන්නට හැකි තත්වයකට ඕනෑ කමින්ම පත්වීමයි. ඒ අනුව මේ රටවල පොදු ලක්ෂණය වන්නේ නොදියුණු රාජ්යයන් ගණයට අයත්වී තිබීමයි. නමුත් අප දියුණු යැයි කියනා රාජ්යයන් වෙත අවධානය යොමුකළ හොත් ඔවුන් රටතුළට කොටුවූ මානසිකත්වයෙන් මිදී බොහෝ විට අන්තර් රාජ්යය කණ්ඩායම් ලෙසත්, ජාත්යන්තර හෝ විශ්වීය මානසිකත්වයකින් තරඟ කරන්නන් ලෙසත් වෙන්කර හඳුනාගත හැකි වේ. අප යුරෝපීය රාජ්යයන් දෙස අවධානය යොමුකළ හොත් ඔවුන් අනෙක් රටවල් හා කරට කර තරඟයකට පිවිස සිටින්නේ තාක්ෂණය හෝ ආර්ථිකය වැනි අංශ හරහාය. මෙම නිරායුධ බාහිර සතුරා සමග සටන් කිරීමේදී එම රාජ්යයන් ම්ලේච්ඡ ගෝත්රික හැසිරීම් වලින් මිදී අනෙකාට ඇහුංකන් දීම, අනෙකා පිළිගැනීම හා මතවාදීමය තලයේදී ජයගැනීමට උත්සහ ගැනීම වැනි දියුණු ක්රමවේදයන් මෙම සටන් සඳහා යොදා ගනිති. එසේම අප මෙහිදී විශේෂයෙන්ම බැලිය යුත්තේ බාහිර සතුරන් කවුරුන්ද කියාය. ජපානය අදවන විට තරඟ වදින්නේ සමස්ථ ලෝකයම සමගය. කාර්මික නිශ්පාදන අතින් ලෝකය ජයගැනීම ඔවුන්ගේ අරමුණය. ආසියාන් සංවිධානයට අයත් නව කාර්මීකරණය වූ රටවල් තම බාහිර සතුරා ලෙස දකින්නේ යුරෝපා සංගමය වැනි අති දියුණු රාජ්යයන්ගෙන් සමන්විත එකතුවකි. ඇමරිකාව දෙස බැලූවොත් තත්වය මීට හාත්පස වෙනස්ය. ඔවුන් රට අභ්යන්තරයෙනුත්, අන්තර් රාජ්යය මට්ටමිනුත්, කලාපීය මට්ටමිනුත් මිදී අද වන විට තරඟ වදින්නේ විශ්වීය තලයේය. නාසා ආයතනය ආදිය හරහා වෙනත් ග්රහලෝක හා ග්රහවස්තු තම බාහිර සතුරා බවට පත්කරගෙන වා ජය ගැනීමට වෙර දරමින් සිටී. මේ අනුව බාහිර සතුරා පිළිබඳ සංකල්පය ක්රියාත්මක තලයේදී භාවිතා වන මට්ටම අනුව රටක සංවර්ධනයේ තරම හඳුනාගත හැකිය යන්න ඔබට පැහැදිලි වනු ඇත. මේ ආකාරයට බාහිර සතුරා පිළිබඳ සංකල්පය රටක දියුණුවට බාධා කරන්නේ හෝ සහය දෙන්නේ කෙසේද යන්න තවමත් ඔබට ප්රශ්ණාර්ථයක් වන්නටද බැරි නැත. එනිසා අප ඒ පිළිබඳව මෙසේ විග්රහ කරන්නෙමු. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom