Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ

ඍද්ධිබලෙන් සදුන් පාත්‍රය ලබාගත් පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ

අප ගෞතම බුදුරදුන් කල රජගහ නුවර මහත් ධනවත් බමුණු කුලයක භාරද්වාජ නම් දරුවා ඉපදුනා. වැඩිවියට පත් ඔහු වේද, වේදාංගයන්හි කෙළ පැමිණ පන්සියයක් සිසුන්ට ගුරු බවට පත් වුණා. කෑමෙහි ගිජු වූ ඔහු නිතර ආහාරපාන රස කැවිලි ආදිය විමසන්නට පුරුදු වුණා. භාරද්වාජ නමට පිණ්ඩෝල යන නාමය එකතු වූයේ ප්රකටව පැවැති ඒ ගිජු කම නිසා. බුදුරදුන්ගෙන් බණ අසා පෙර පින් ඇති ඔහු පසුව රහත් භාවයට පත් වුණා. වඩින සෑම තැනකම භික්ෂූන් අමතා සෝවාන් භාවය ඇතුළු මගඵල පිළිබඳ ගැටලුවක් ඇත්නම් තමන්ගෙන් විමසන්නයැ යි අභීත වූ හඬ පමණක් නොව බුදුරදුන් හමුවේ ද සසුනෙහි ලැබිය යුතු උසස් ඵල තමා ලබා ගත් බව කිසිදු පැකිලීමක් නැතුව පැවසුවා. මේ උතුම් උසස් අභීත හඬ ගා කීම මුල් කොට “ මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතර සිංහනාද කරණ පිණ්ඩෝල භාරද්වාජ රහත් නම අග්‍රස්ථානයේ තබන්නෙමි” යි බදුරදුන් විසින් අගතනතුර දෙන ලදී.

රහත් භාවයට පත්වීම සහ තමා අවබෝධ කරගත් සුවිසුද්ධ ප්‍රඥාව මුල් කොට හෝ අභීතව හඬ නැගීම නිසා හෝ භාරද්වාජ හිමියන්ට අගතනතුර ලැබුණා නොවෙයි. කල්ප ලක්ෂයකට පෙරැවැඩ සිටිය පදුමුත්තර බුදුරදුන්ගේ කාලයේ සිට මේ සඳහා විවිධ පින් කළා. එකල මේ භාරද්වාජ හිමියන් සිංහ රාජයෙක් ව ඉපිද බුදුරදුන්ට මල්ආසන පැනවීම ආදියෙන් දින හතක් නොකඩවා පූජා කළා. එම ආත්මයෙන් අනතුරුව ධනවත් මනුෂ්‍ය ආත්මයක් ලබා මහදන් පවත්වා මේ තනතුර ලැබීම සඳහා ප්‍රාර්ථනා කළ බවත්, එයින් නොනැවතී සසර මහා කුසල් කළ බවත්,අතීත චරිත කථාවලින් පැහැදිලි වෙනවා.

පිණ්ඩෝල භාරද්වාජ හිමියන්ගේ චරිතයෙන් ඉතා ප්‍රකට විස්මිත සිදුවීම නම් රජගහ සිටුවරයා සැට රියනක් උස්කොට බැඳ වූ උණ ගස් මුදුනෙහි තබන ලද සඳුන් පාත්‍රය ගැනීම,මේ සිදුවීම ඉතා සැකෙවින් හෝ සඳහන් කිරීම වටිනවා. ජලස්නානය කරන අයගේ ආරක්ෂාව සඳහාත්, ඔවුන්ගේ ආභරණ ආදිය සුරැකීම සඳහාත් ගඟ හරස් කොට දැලක් දැමීම රජගහනුවර සිටුවරයාගේ සිරිතයි. “ එක් දිනක් දැලේ පැටලී තිබූ සඳුන් කොටයක් ගැන විමසිලිමත් වූ සිටුවරයා එයින් පාත්‍රයක් සාදවා ලෝකයේ කවර හෝ ඍධිමතෙක් වේ නම් මෙය ගනිත්වා යි ප්‍රකාශ කොට ඉහත කී අන්දමට සැට රියනක් උස් වූ කණුව මුදුනෙහි තැබුවා. නිඝණ්ඨනාථපුත්තගේ ශ්‍රාවකයන් එය තම ශාස්තෘවරයාට දෙන ලෙස බැගෑපත් ව ඉල්ලා සිටියත් හැකිනම් ඍද්ධිබලයෙන් ගොස් ගන්න යැයි සිටුතුමා පිළිතුරු දුන්නා. නිගණ්ඨනාථපුත්ත ද කලින් ම රහසේ තම ශිෂ්‍යයන්ට ඍද්ධි බලය පෙන්වන්නට සුදානම් වන විට නොපෙන්වන මෙන් තමන්ගේ ඇගේ එල්ලී ඇවිටිලි කරණ මෙන් උගන්වා එතැනට ගියා. ඒ අනුව ප්රාතිහාර්ය දැක්වීමට සැරැසී තම ශිෂ්‍යයන් අකැමැති නිසා යැයි අන්තිමේ පවසා ආපසු ගියා. දින හයක් ගත වන විට ජනතාව කියන්න පටන්ගත්තා දැන් මේ ලෝකේ කිසිම ඍද්ධිමතෙක් නැති බව, ජනමතය දැනගත් මුගලන් මහ රහතන් වහන්සේගේ නියමයෙන් පාත්‍රය ගැනීමට පිණ්ඩෝල භාරද්වාජ හිමියන් ඉදිරිපත් වුණා. උන්වහන්සේ ධ්‍යානයට සමවැදී තමන් වැඩසිටි මහා ගල්තලාවක් සහිතවම අහසේ සැරිසරන්න වුණා. මෙය දුටු බොහෝ දෙනා ගල්තලාව වැටී තමන්ට බලවත් හානියක් වේ යැයි බියවී කෑගහන්නට පටන් ගත්තා. මෙයින් පසු භාරද්වාජ හිමියන් තම පාදයෙන් ගල්තලාව මුදා එය තිබූ තැනම පිහිටෙව්වා. සෘද්ධි බලයෙන් පාත්‍රය ගෙන විහාරයට වැඩම වූවා. එකී සිදුවීම නොදුටු භික්ෂූන්ගේ ඉල්ලීම පරිදි නැවතත් ඍද්ධි ප්රාතිහාර්ය දැක්වූවා. මේ සිදුවීම දැනගත් බුදුරදුන් අන් අයගේ ඉල්ලීම පරිදි තම උසස් ගුණයන් ප්‍රකට කිරීම නුසුදුසු බව පෙන්නා දී එසේ ප්‍රකට කිරීම වරදක් බව දක්වා විනය නීතියක් පනවා වදාළා. ජනතාවගේ ලාභ ප්‍රයෝජන ලැබීමේ කුහක චේතනාවෙන් අද පවා කටයුතු කරන සමහර භික්ෂූන් ද මෙය සිතට ගත යුතු කරුණක්.

පිණ්ඩෝල භාරද්වාජ හිමියන් ප්රාතිහාර්ය දක්වන අවස්ථාව වන විට තහනමක් නොතිබුණු බැවින් උන්වහන්සේ වරදට අසුවන්නේ නැහැ. එසේ ම මෙහි දී බුදුරදුන් භාරද්වාජ හිමියන් ඉතා උසස් ව සිහිය පිහිටුවා ගැනීමට සම්බන්ධ වූ සතින්ද්රියෙන් ද සිත වැඩිදියුණු කිරීමට සම්බන්ධ වූ සමාධි ඉන්ද්‍රියෙන් ද සියලු කෙලෙසුන් නැසීමට ශක්තිමත් වූ පඤ්ඤින්ද්රියෙන් ද යුක්ත වන බවත්, මින් පසු කළ යුතු කිසිවෙකුත් ඉතිරි නොකොට සියල්ල සිදු කොට ඇති කෙනෙකු බවත් ප්රශංසාත්මකව පෙන්වා දී වදාළා. එසේම ඉතිරි නොකොට සියල්ල දැනගත් විට පුදුම පී‍්‍රතියක් ලබන බවත්, එයම කෙනෙකුට ඇතිවන හොඳම ශක්තිය බවත්, ලබා ඇති උසස් තත්ත්වය වුවත් අනවශ්‍ය පරිදි ප්‍රකට කරන්නට යෑම වරදක් බවත් පිණ්ඩෝල භාරද්වාජ චරිතයෙන් අපට අවධාරණය කරනවා .

සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය

දිවියාගහ යසස්සි නා හිමි

http://www.facebook.com/photo.php?fbid=488417541208124&set=a.341796045870275.80280.100001196487578&type=1&relevant_count=1&ref=nf

[QUOTE="siripaala, post: 14120668, member: 408008"] [b]පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ[/b] [IMG]http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-ash4/383726_488417541208124_1259872694_n.jpg[/IMG] [SIZE="4"]ඍද්ධිබලෙන් සදුන් පාත්‍රය ලබාගත් පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ අප ගෞතම බුදුරදුන් කල රජගහ නුවර මහත් ධනවත් බමුණු කුලයක භාරද්වාජ නම් දරුවා ඉපදුනා. වැඩිවියට පත් ඔහු වේද, වේදාංගයන්හි කෙළ පැමිණ පන්සියයක් සිසුන්ට ගුරු බවට පත් වුණා. කෑමෙහි ගිජු වූ ඔහු නිතර ආහාරපාන රස කැවිලි ආදිය විමසන්නට පුරුදු වුණා. භාරද්වාජ නමට පිණ්ඩෝල යන නාමය එකතු වූයේ ප්රකටව පැවැති ඒ ගිජු කම නිසා. බුදුරදුන්ගෙන් බණ අසා පෙර පින් ඇති ඔහු පසුව රහත් භාවයට පත් වුණා. වඩින සෑම තැනකම භික්ෂූන් අමතා සෝවාන් භාවය ඇතුළු මගඵල පිළිබඳ ගැටලුවක් ඇත්නම් තමන්ගෙන් විමසන්නයැ යි අභීත වූ හඬ පමණක් නොව බුදුරදුන් හමුවේ ද සසුනෙහි ලැබිය යුතු උසස් ඵල තමා ලබා ගත් බව කිසිදු පැකිලීමක් නැතුව පැවසුවා. මේ උතුම් උසස් අභීත හඬ ගා කීම මුල් කොට “ මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතර සිංහනාද කරණ පිණ්ඩෝල භාරද්වාජ රහත් නම අග්‍රස්ථානයේ තබන්නෙමි” යි බදුරදුන් විසින් අගතනතුර දෙන ලදී. රහත් භාවයට පත්වීම සහ තමා අවබෝධ කරගත් සුවිසුද්ධ ප්‍රඥාව මුල් කොට හෝ අභීතව හඬ නැගීම නිසා හෝ භාරද්වාජ හිමියන්ට අගතනතුර ලැබුණා නොවෙයි. කල්ප ලක්ෂයකට පෙරැවැඩ සිටිය පදුමුත්තර බුදුරදුන්ගේ කාලයේ සිට මේ සඳහා විවිධ පින් කළා. එකල මේ භාරද්වාජ හිමියන් සිංහ රාජයෙක් ව ඉපිද බුදුරදුන්ට මල්ආසන පැනවීම ආදියෙන් දින හතක් නොකඩවා පූජා කළා. එම ආත්මයෙන් අනතුරුව ධනවත් මනුෂ්‍ය ආත්මයක් ලබා මහදන් පවත්වා මේ තනතුර ලැබීම සඳහා ප්‍රාර්ථනා කළ බවත්, එයින් නොනැවතී සසර මහා කුසල් කළ බවත්,අතීත චරිත කථාවලින් පැහැදිලි වෙනවා. පිණ්ඩෝල භාරද්වාජ හිමියන්ගේ චරිතයෙන් ඉතා ප්‍රකට විස්මිත සිදුවීම නම් රජගහ සිටුවරයා සැට රියනක් උස්කොට බැඳ වූ උණ ගස් මුදුනෙහි තබන ලද සඳුන් පාත්‍රය ගැනීම,මේ සිදුවීම ඉතා සැකෙවින් හෝ සඳහන් කිරීම වටිනවා. ජලස්නානය කරන අයගේ ආරක්ෂාව සඳහාත්, ඔවුන්ගේ ආභරණ ආදිය සුරැකීම සඳහාත් ගඟ හරස් කොට දැලක් දැමීම රජගහනුවර සිටුවරයාගේ සිරිතයි. “ එක් දිනක් දැලේ පැටලී තිබූ සඳුන් කොටයක් ගැන විමසිලිමත් වූ සිටුවරයා එයින් පාත්‍රයක් සාදවා ලෝකයේ කවර හෝ ඍධිමතෙක් වේ නම් මෙය ගනිත්වා යි ප්‍රකාශ කොට ඉහත කී අන්දමට සැට රියනක් උස් වූ කණුව මුදුනෙහි තැබුවා. නිඝණ්ඨනාථපුත්තගේ ශ්‍රාවකයන් එය තම ශාස්තෘවරයාට දෙන ලෙස බැගෑපත් ව ඉල්ලා සිටියත් හැකිනම් ඍද්ධිබලයෙන් ගොස් ගන්න යැයි සිටුතුමා පිළිතුරු දුන්නා. නිගණ්ඨනාථපුත්ත ද කලින් ම රහසේ තම ශිෂ්‍යයන්ට ඍද්ධි බලය පෙන්වන්නට සුදානම් වන විට නොපෙන්වන මෙන් තමන්ගේ ඇගේ එල්ලී ඇවිටිලි කරණ මෙන් උගන්වා එතැනට ගියා. ඒ අනුව ප්රාතිහාර්ය දැක්වීමට සැරැසී තම ශිෂ්‍යයන් අකැමැති නිසා යැයි අන්තිමේ පවසා ආපසු ගියා. දින හයක් ගත වන විට ජනතාව කියන්න පටන්ගත්තා දැන් මේ ලෝකේ කිසිම ඍද්ධිමතෙක් නැති බව, ජනමතය දැනගත් මුගලන් මහ රහතන් වහන්සේගේ නියමයෙන් පාත්‍රය ගැනීමට පිණ්ඩෝල භාරද්වාජ හිමියන් ඉදිරිපත් වුණා. උන්වහන්සේ ධ්‍යානයට සමවැදී තමන් වැඩසිටි මහා ගල්තලාවක් සහිතවම අහසේ සැරිසරන්න වුණා. මෙය දුටු බොහෝ දෙනා ගල්තලාව වැටී තමන්ට බලවත් හානියක් වේ යැයි බියවී කෑගහන්නට පටන් ගත්තා. මෙයින් පසු භාරද්වාජ හිමියන් තම පාදයෙන් ගල්තලාව මුදා එය තිබූ තැනම පිහිටෙව්වා. සෘද්ධි බලයෙන් පාත්‍රය ගෙන විහාරයට වැඩම වූවා. එකී සිදුවීම නොදුටු භික්ෂූන්ගේ ඉල්ලීම පරිදි නැවතත් ඍද්ධි ප්රාතිහාර්ය දැක්වූවා. මේ සිදුවීම දැනගත් බුදුරදුන් අන් අයගේ ඉල්ලීම පරිදි තම උසස් ගුණයන් ප්‍රකට කිරීම නුසුදුසු බව පෙන්නා දී එසේ ප්‍රකට කිරීම වරදක් බව දක්වා විනය නීතියක් පනවා වදාළා. ජනතාවගේ ලාභ ප්‍රයෝජන ලැබීමේ කුහක චේතනාවෙන් අද පවා කටයුතු කරන සමහර භික්ෂූන් ද මෙය සිතට ගත යුතු කරුණක්. පිණ්ඩෝල භාරද්වාජ හිමියන් ප්රාතිහාර්ය දක්වන අවස්ථාව වන විට තහනමක් නොතිබුණු බැවින් උන්වහන්සේ වරදට අසුවන්නේ නැහැ. එසේ ම මෙහි දී බුදුරදුන් භාරද්වාජ හිමියන් ඉතා උසස් ව සිහිය පිහිටුවා ගැනීමට සම්බන්ධ වූ සතින්ද්රියෙන් ද සිත වැඩිදියුණු කිරීමට සම්බන්ධ වූ සමාධි ඉන්ද්‍රියෙන් ද සියලු කෙලෙසුන් නැසීමට ශක්තිමත් වූ පඤ්ඤින්ද්රියෙන් ද යුක්ත වන බවත්, මින් පසු කළ යුතු කිසිවෙකුත් ඉතිරි නොකොට සියල්ල සිදු කොට ඇති කෙනෙකු බවත් ප්රශංසාත්මකව පෙන්වා දී වදාළා. එසේම ඉතිරි නොකොට සියල්ල දැනගත් විට පුදුම පී‍්‍රතියක් ලබන බවත්, එයම කෙනෙකුට ඇතිවන හොඳම ශක්තිය බවත්, ලබා ඇති උසස් තත්ත්වය වුවත් අනවශ්‍ය පරිදි ප්‍රකට කරන්නට යෑම වරදක් බවත් පිණ්ඩෝල භාරද්වාජ චරිතයෙන් අපට අවධාරණය කරනවා . සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නා හිමි[/SIZE] [url]http://www.facebook.com/photo.php?fbid=488417541208124&set=a.341796045870275.80280.100001196487578&type=1&relevant_count=1&ref=nf[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom