Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පින්කමකට එකතුවෙමුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉකුත් මස 06 වන දින ඉරිදා සංග්‍රහය විසින් රට හමුවේ තබනලද "කෝටියක් දාස්පෙතියා මලින් රුවන්මැලි සෑය පුදන්නට අක්කර 11 ක මල්වවන ගමක්" යන හිසින් යුත් ලිපිය පුණ්‍යවන්ත මිනිසුන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. විශාල පිරිසක් දුරකථන මාර්ග මගින් දිවයින හා සම්බන්ධ වෙමින් ඒ පිළිබඳ තොරතුරු විමසන්නට වු අතර ඒ හරහා ඇති කරගත් සම්බන්ධතා මගින් මේ වන විටත් විශාල පිරිසක් අදාළ පුණ්‍යකර්මයට දායකත්වය සපයා ඇත. මේ වන විටත් ඇතැම් පිරිස් මල්වගා කර ඇති භූමියේ ශුද්ධ පවිත්‍ර කටයුතු, වල්පැළ ගැලවීමේ ආදියේ යෙදී සිටින්නේ මහත් ඵල මහානිශංස දෙන කුසල කර්මයක කොටස්කරුවන් වෙමින්ය. ඒ අතරතුර එම පුණ්‍යකර්මයේ සංවිධායක මණ්ඩලය විසින් පුණ්‍යකර්මය සිදුකරනු ලබන දිනය එය සිද්ධවෙන ආකාරය සහ සැදැහැවත් සිතින් ඕනෑම කෙනෙකුට එයට සහසම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳ අපව දැනුවත් කොට ඉල්ලා සිටියේ ඒ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු රට හමුවේ තබන ලෙසය. මේ වන විට කෝටියක් දාස්පෙතියා මලින් රුවන්මැලි සෑ රදුන් පුදන අසිරිමත් දිනය ලෙස ලබන ජනවාරි මස 29 වැනි දින නම්කොට ඇත. යහපත් අරමුණු රැසක් මුදුන්පත්කර ගැනීම පිණිස රට පුරා වෙසෙන දස දහස් ගණන් බැතිමතුන්ගේ දායකත්වයෙන් එය සිදුකිරීමට නියමිතය ඒ සඳහා දැවැන්ත සංවිධාන ශක්තියක් අවශ්‍ය වන අතර එම අසිරිමත් කටයුත්තේ පෙළ ගැස්ම පහත පරිදිය.

මෙම පින්කම සඳහා සහභාගීත්වයෙන්, ශ්‍රමයෙන් සහ පිරිකර පූජා කිරීම ආදියෙන් බැතිමතුන්හට දායකත්වය සැපයිය හැකි අතර ඒ අතරින් ගලේවෙල සිට අනුරාධපුරය දක්වා මල් ප්‍රවාහනය කිරීම පිණිස මල් බහාලුම් සහ වාහන සැපයීමට දායකත්වය ලබාදිය හැකි පින්වතුන් වේනම් මෙම පින්කම සාර්ථක කර ගැනීමට එය මහත් පිටිවහලක් ලෙස සංවිධායකවරු සලකති.

අපවත්වී වදාළ නාඋයනේ අරියධම්ම හිමිපාණන් හට බුදුබව පැතීමත් රට ජාතිය ආගම වෙනුවෙන් ආශීර්වාද කිරීමත් මූලික අරමුණුකොට පවත්වන කෝටියක් දාස් පෙතියා මල් පිංකම පිණිස පැමිණෙනබැතිමතුන් හට 29 වැනිදින ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීමේ පුණ්‍යකර්මයද ඉහත පින්කමට සමගාමීව සිදුවන අතර තේ සහ ඔසුපැන් දන්සැල්වලට අමතරව උදේ දිවා රාත්‍රි ආහාර සැපයීමත් සිදුකිරීමට නියමිත බැවින් ඒ සඳහා දායකත්වය සපයාදිය හැකි පිරිස් වේ නම් සංවිධායක මණ්ඩලය ඇමතීමෙන් ඒ පිළිබඳව ඕනෑම කෙනෙකුට තොරතුරු ලබා ගැනීමේ අවස්ථාවක් ඇත.

මේ පිළිබඳ පහත සඳහන් දුරකථන ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි අතර පහත සඳහන් ලිපිනයට පූජා භාණ්ඩ ආදිය ලබාදීමේ හැකියාවද සලසා ඇත. මේ පිළිබඳ අදහස් දැක්වීමේදී සංවිධායකවරුන් අවධාරණය කර සිටියේ මේ වන විට මල් වගා භූමියේ වල්පැල ගැලවීම පිණිස විශාල පිරිසකගේ ශ්‍රමය අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා හැකි අයුරින් දායක විය හැකි බැතිමතුන්ගේ ශ්‍රමය අත්‍යවශ්‍ය කාරණයක් වී ඇති බවය.

2017 ජනවාරි මස 29 වැනි දින සිදුකිරීමට නියමිත කෝටියක් දාස්පෙතියා මල් පින්කම වඩාත් අර්ථවත් සහ ආලෝකමත් ලෙස සිදුකිරීම පිණිස ආලෝක පූජා, මුතුකුඩ පූජා, සුළු පිරිකර, අටපිරිකර පූජා ආදියද එයට ඇතුළත් කොට ඇති අතර මේ සෑම කාරණයක් සඳහාම රට පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් හට හැකි පමණින් දායක විය හැකිය.

මේ වන විටත් මහත්ඵල පුණ්‍යකර්මයක් පිණිස ගලේවෙල ප්‍රදේශයේ වගාකොට ඇති අක්කර ගණනකින් යුත් දාස්පෙතියා ගස් මත අතරින් පතර වේලාසනින් මල් පිපී ඇති අතර ඉන් නෙළාගත් පළමු මල් දොaත බුදුන් හමුවේ පූජාකොට අවසන්ය. එසේ කොට ඒ සඳහා විවරණ ලබාගෙන ඇති සංවිධායක මණ්ඩලය මේ මොහොත වන විටත් සිටිනුයේ වල්පැළවලින් මල් පැළ ආරක්ෂාකර ගැනීමේ වෙහෙසකර වෑයමක නිරත වෙමින්ය. එයද මල් පිංකමේ කොටසක් වී ඇති බැවින් වේලාසනම එම පුණ්‍යකර්මය සඳහාද ඔබටත් දායක විය හැකිය. එය කෝටියක් දාස්පෙතියා මලින් රුවන්මැලි සෑ රදුන් පිදීමේ පින්කම සාර්ථක කරගනු පිණිස ඔබ විසින් දක්වන මහත් සහයෝගයක්ද වනු ඇත.

වැඩි විස්තර සඳහා

දාස්පෙතියා මුල් පූජාව,

අංක 190, වීරගහවත්ත, බොරැල්ල පාර, ගොඩගම, හෝමාගම.

දුරකථන අංක 0112750069, 0777243827.

මල් පූජා කිරීමේ විපාකයෙන් අමාමහ නිවනට

මඟ පෑදූ උත්තමයන් කිහිප දෙනකුන් පිළිබඳවයි.

පදුම හිමි

පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පුජා කළ පිනෙන් මල්පෙති ගණනටම සක්විති රජව ඉපදුණා. හත්සිය වතාවක් පෘථිවි රාජ්‍යය කළා. අවසානේ නිවන් සුව ලැබීමටද මෙය හේතු වූවා

තිඋප්පල මහිය හිමි

විපස්සි බුදුqරජුට උපුල් මල් තුනක් පුදා කල්ප 91 ක් දුගතියට නොයන ලදී. මේ පිනෙන් 300 වතාවක් සක්දෙව් රජ වී ඉපදුණා. පන්සිය වතාවක් සක්විති රජ වුණා. අවසානයේ නිවන්සුව ලැබීමටද මෙය උපනිශ්‍රය වූවා.

සත්තුප්පලමාලක තෙරණිය

පෙර ජීවිතයක සි‚ බුදුපියාණන්ට මානෙල් මල් සතක් එකඟවූ සිතින් නුවණ යොදා පිදූ පිනෙන් වාර 77 ක් දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුගේ බිරිය වී උපන්නා. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම දිවියකම ලැබුණු අතර අවසානයේදී නිවන් සුවයට මේ පින උපනිශ්‍රය වුවා.

තිකණිකාර පුප්තිය හිමි

සුමේධ බුදුරජාණන් වහන්සේට කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදා පූජා කළ පිනෙන් තුන්සිය වතාවක් සක්විති රජ විය . පන්සිය වතාවක් සක්දෙවි තනතුරද හැම ජීවිතයේදීම පහත සඳහන් විපාක ද ලැබුණා .

1) මහත් බෝග සම්පත් විපාක ද ලැබුණා

2) පහත් කුලවල නොඉපිද උසස් කුලවල ඉපදුනා

3) කැමැති කැමැති යාන වාහන ලැබුණා

4) බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසි දස්සන් ලැබුණා

5) සැම කල්හිම අගනා වස්ත්රාභරණ ලැබීමට හේතු වූවා

6) සැම කල්හිම බොහෝ පරිවාර ජනයා ඇත්තෙක් වූවා

7) උසස් කීර්තියක් ඇත්තෙක් වූවා

8) සැම කල්හිම අන් අයගේ ගෞරවයට පාත්‍ර වුවා

9) තම පිරිස කිසිවෙකු ට භේද භින්න කළ නොහැකි වුණා .

10) නෑයන් අතර උසස් ශේ්රෂ්ඨ වුණා

11) ශීත උෂ්ණවලින් පීඩාවක් වුණේ නෑ.

12) කායික දාහ මානසික දාහ නැති උතුමෙක් වුණා

අවසනදී නිවනට යන්න මේ පින උපනිශ්‍රය වූවා.

මල් රේණු ,මල් වියන් ආදිය පිදීමේ විපාක

රේණුක හිමි

විපස්සි බුදුරජුන්ට නාමල් රේණු පිදූ පිනෙන් රේණු නම් සක්විති රජ බවට පත් වුණා අවසානයේ නිවන් සැපයටද එය උපනිශ්‍රය වූqවා.

තිණසුලක හිමි

තිස්ස බුදුරජාණන් වහන්සේ හට බෝලිද්ද මල් පුදා විසිපස් වතාවක් සක්දෙව්ව උපන්නා 75 වතාවක් සක්විති රජව උපන්නා නිවන් සැපයටද එය උපනිශ්‍රය වූවා.

අතිජත්තිය හිමි

අත්ථදස්සි බුදු රජාණන්වහන්සේ ගේ ධාතු නිදන් කොට හැදූ චෛත්‍යයට මල් වියනක් පුදා කල්ප 1700 ට අපාගත නොවීය. එතරම් කාලයක් දිව්‍ය ලෝක රාජ්‍යයක් කරන්න ලැබුණු බව සඳහන් වේ.

වැඩසටහන් විස්තරය

* ජනවාරි 28 වැනිදා උදැසන ගලේවෙල කලාවැව පාරේ ගම්බිරිගස්වැව ප්‍රදේශයේ වගාකොට ඇති අක්. 15 කින් යුත් භූමියේ මල් නෙළීම ආරම්භ කිම. (උදැසන 6.00 සිට සවස 4.00 දක්වා) මේ සඳහා 5000 කට අධික පිරිසක් අවශ්‍යවන අතර ඒ සඳහා ඕනෑම බැතිමතෙකුට සහභාගි විය හැක.

* එදිනම තවත් පිරිසක් විසින් රුවන්මැලි සෑ මළුව සුවඳ පැණින් දොaවනය කිරීමේ කටයුතුවල නිරත වීම.

* ජනවාරි 29 වැනි දින උදැසන සිට මල් සකස් කිරීම සහ මළුව සූදානම් කිරීම.

* ප.ව. 3.00 ට උඩමළුවේ අටපිරිකර 1500 ක් තැන්පත් කිරීම සහ සෑ රදුන් අභියස අටපිරිකර 5000 ක් තැන්පත් කිරීම.

* ප.ව. 4.00 ට ස්වාමීන් වහන්සේලා 300 කට අධික පිරිසක් සෑ මළුව වෙත වැඩම කරවීම සහ ප.ව. 5.00 ට ප්‍රධාන කංචුකය තැන්පත් කිරීම.

* මුතුකුඩ 1000 ක් සහ සෙසු පිරිකර පූජා කිරීම.

* ප.ව. 6.00 ට ගුවනින් මල් ඉසීම

* ධර්මාසනයක් ඇතුළු ත්‍රිපිටක පොත් වහන්සේලා පූජා කිරීම.

* රාත්‍රි 7.00 සිට 10.00 දක්වා කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහලේඛාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බුද්ධ වන්දනා වැඩසටහන.

* රාත්‍රි 11.00 සිට 12 1/2 දක්වා කිමිතුනාගල ආරණ්‍යසේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද, ගල්දූව කළ්‍යාණ යෝගාශ්‍රමවාසී පූජ්‍ය ලග්ගල කල්‍යාණවංශ සහ පූජ්‍ය කැලණියේ විපුලඥන හිමිපාණන් වහන්සේලා විසින් පවත්වන ධර්ම දේශනා වැඩසටහන්.

* 30 දා උදැසන 5.30 ට පමණ පාත්‍ර 108 කින් සමන්විත කිරි ආහාර පූජාව.

* මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන උදැසන දානමය පුණ්‍යකර්මය.

රුවන් ජයවර්ධන

[QUOTE="Ditzone, post: 21015318, member: 320911"] [SIZE="4"]ඉකුත් මස 06 වන දින ඉරිදා සංග්‍රහය විසින් රට හමුවේ තබනලද "කෝටියක් දාස්පෙතියා මලින් රුවන්මැලි සෑය පුදන්නට අක්කර 11 ක මල්වවන ගමක්" යන හිසින් යුත් ලිපිය පුණ්‍යවන්ත මිනිසුන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. විශාල පිරිසක් දුරකථන මාර්ග මගින් දිවයින හා සම්බන්ධ වෙමින් ඒ පිළිබඳ තොරතුරු විමසන්නට වු අතර ඒ හරහා ඇති කරගත් සම්බන්ධතා මගින් මේ වන විටත් විශාල පිරිසක් අදාළ පුණ්‍යකර්මයට දායකත්වය සපයා ඇත. මේ වන විටත් ඇතැම් පිරිස් මල්වගා කර ඇති භූමියේ ශුද්ධ පවිත්‍ර කටයුතු, වල්පැළ ගැලවීමේ ආදියේ යෙදී සිටින්නේ මහත් ඵල මහානිශංස දෙන කුසල කර්මයක කොටස්කරුවන් වෙමින්ය. ඒ අතරතුර එම පුණ්‍යකර්මයේ සංවිධායක මණ්ඩලය විසින් පුණ්‍යකර්මය සිදුකරනු ලබන දිනය එය සිද්ධවෙන ආකාරය සහ සැදැහැවත් සිතින් ඕනෑම කෙනෙකුට එයට සහසම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳ අපව දැනුවත් කොට ඉල්ලා සිටියේ ඒ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු රට හමුවේ තබන ලෙසය. මේ වන විට කෝටියක් දාස්පෙතියා මලින් රුවන්මැලි සෑ රදුන් පුදන අසිරිමත් දිනය ලෙස ලබන ජනවාරි මස 29 වැනි දින නම්කොට ඇත. යහපත් අරමුණු රැසක් මුදුන්පත්කර ගැනීම පිණිස රට පුරා වෙසෙන දස දහස් ගණන් බැතිමතුන්ගේ දායකත්වයෙන් එය සිදුකිරීමට නියමිතය ඒ සඳහා දැවැන්ත සංවිධාන ශක්තියක් අවශ්‍ය වන අතර එම අසිරිමත් කටයුත්තේ පෙළ ගැස්ම පහත පරිදිය. මෙම පින්කම සඳහා සහභාගීත්වයෙන්, ශ්‍රමයෙන් සහ පිරිකර පූජා කිරීම ආදියෙන් බැතිමතුන්හට දායකත්වය සැපයිය හැකි අතර ඒ අතරින් ගලේවෙල සිට අනුරාධපුරය දක්වා මල් ප්‍රවාහනය කිරීම පිණිස මල් බහාලුම් සහ වාහන සැපයීමට දායකත්වය ලබාදිය හැකි පින්වතුන් වේනම් මෙම පින්කම සාර්ථක කර ගැනීමට එය මහත් පිටිවහලක් ලෙස සංවිධායකවරු සලකති. අපවත්වී වදාළ නාඋයනේ අරියධම්ම හිමිපාණන් හට බුදුබව පැතීමත් රට ජාතිය ආගම වෙනුවෙන් ආශීර්වාද කිරීමත් මූලික අරමුණුකොට පවත්වන කෝටියක් දාස් පෙතියා මල් පිංකම පිණිස පැමිණෙනබැතිමතුන් හට 29 වැනිදින ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීමේ පුණ්‍යකර්මයද ඉහත පින්කමට සමගාමීව සිදුවන අතර තේ සහ ඔසුපැන් දන්සැල්වලට අමතරව උදේ දිවා රාත්‍රි ආහාර සැපයීමත් සිදුකිරීමට නියමිත බැවින් ඒ සඳහා දායකත්වය සපයාදිය හැකි පිරිස් වේ නම් සංවිධායක මණ්ඩලය ඇමතීමෙන් ඒ පිළිබඳව ඕනෑම කෙනෙකුට තොරතුරු ලබා ගැනීමේ අවස්ථාවක් ඇත. මේ පිළිබඳ පහත සඳහන් දුරකථන ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි අතර පහත සඳහන් ලිපිනයට පූජා භාණ්ඩ ආදිය ලබාදීමේ හැකියාවද සලසා ඇත. මේ පිළිබඳ අදහස් දැක්වීමේදී සංවිධායකවරුන් අවධාරණය කර සිටියේ මේ වන විට මල් වගා භූමියේ වල්පැල ගැලවීම පිණිස විශාල පිරිසකගේ ශ්‍රමය අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා හැකි අයුරින් දායක විය හැකි බැතිමතුන්ගේ ශ්‍රමය අත්‍යවශ්‍ය කාරණයක් වී ඇති බවය. 2017 ජනවාරි මස 29 වැනි දින සිදුකිරීමට නියමිත කෝටියක් දාස්පෙතියා මල් පින්කම වඩාත් අර්ථවත් සහ ආලෝකමත් ලෙස සිදුකිරීම පිණිස ආලෝක පූජා, මුතුකුඩ පූජා, සුළු පිරිකර, අටපිරිකර පූජා ආදියද එයට ඇතුළත් කොට ඇති අතර මේ සෑම කාරණයක් සඳහාම රට පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් හට හැකි පමණින් දායක විය හැකිය. මේ වන විටත් මහත්ඵල පුණ්‍යකර්මයක් පිණිස ගලේවෙල ප්‍රදේශයේ වගාකොට ඇති අක්කර ගණනකින් යුත් දාස්පෙතියා ගස් මත අතරින් පතර වේලාසනින් මල් පිපී ඇති අතර ඉන් නෙළාගත් පළමු මල් දොaත බුදුන් හමුවේ පූජාකොට අවසන්ය. එසේ කොට ඒ සඳහා විවරණ ලබාගෙන ඇති සංවිධායක මණ්ඩලය මේ මොහොත වන විටත් සිටිනුයේ වල්පැළවලින් මල් පැළ ආරක්ෂාකර ගැනීමේ වෙහෙසකර වෑයමක නිරත වෙමින්ය. එයද මල් පිංකමේ කොටසක් වී ඇති බැවින් වේලාසනම එම පුණ්‍යකර්මය සඳහාද ඔබටත් දායක විය හැකිය. එය කෝටියක් දාස්පෙතියා මලින් රුවන්මැලි සෑ රදුන් පිදීමේ පින්කම සාර්ථක කරගනු පිණිස ඔබ විසින් දක්වන මහත් සහයෝගයක්ද වනු ඇත. වැඩි විස්තර සඳහා දාස්පෙතියා මුල් පූජාව, අංක 190, වීරගහවත්ත, බොරැල්ල පාර, ගොඩගම, හෝමාගම. දුරකථන අංක 0112750069, 0777243827. මල් පූජා කිරීමේ විපාකයෙන් අමාමහ නිවනට මඟ පෑදූ උත්තමයන් කිහිප දෙනකුන් පිළිබඳවයි. පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පුජා කළ පිනෙන් මල්පෙති ගණනටම සක්විති රජව ඉපදුණා. හත්සිය වතාවක් පෘථිවි රාජ්‍යය කළා. අවසානේ නිවන් සුව ලැබීමටද මෙය හේතු වූවා තිඋප්පල මහිය හිමි විපස්සි බුදුqරජුට උපුල් මල් තුනක් පුදා කල්ප 91 ක් දුගතියට නොයන ලදී. මේ පිනෙන් 300 වතාවක් සක්දෙව් රජ වී ඉපදුණා. පන්සිය වතාවක් සක්විති රජ වුණා. අවසානයේ නිවන්සුව ලැබීමටද මෙය උපනිශ්‍රය වූවා. සත්තුප්පලමාලක තෙරණිය පෙර ජීවිතයක සි‚ බුදුපියාණන්ට මානෙල් මල් සතක් එකඟවූ සිතින් නුවණ යොදා පිදූ පිනෙන් වාර 77 ක් දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුගේ බිරිය වී උපන්නා. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම දිවියකම ලැබුණු අතර අවසානයේදී නිවන් සුවයට මේ පින උපනිශ්‍රය වුවා. තිකණිකාර පුප්තිය හිමි සුමේධ බුදුරජාණන් වහන්සේට කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදා පූජා කළ පිනෙන් තුන්සිය වතාවක් සක්විති රජ විය . පන්සිය වතාවක් සක්දෙවි තනතුරද හැම ජීවිතයේදීම පහත සඳහන් විපාක ද ලැබුණා . 1) මහත් බෝග සම්පත් විපාක ද ලැබුණා 2) පහත් කුලවල නොඉපිද උසස් කුලවල ඉපදුනා 3) කැමැති කැමැති යාන වාහන ලැබුණා 4) බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසි දස්සන් ලැබුණා 5) සැම කල්හිම අගනා වස්ත්රාභරණ ලැබීමට හේතු වූවා 6) සැම කල්හිම බොහෝ පරිවාර ජනයා ඇත්තෙක් වූවා 7) උසස් කීර්තියක් ඇත්තෙක් වූවා 8) සැම කල්හිම අන් අයගේ ගෞරවයට පාත්‍ර වුවා 9) තම පිරිස කිසිවෙකු ට භේද භින්න කළ නොහැකි වුණා . 10) නෑයන් අතර උසස් ශේ්රෂ්ඨ වුණා 11) ශීත උෂ්ණවලින් පීඩාවක් වුණේ නෑ. 12) කායික දාහ මානසික දාහ නැති උතුමෙක් වුණා අවසනදී නිවනට යන්න මේ පින උපනිශ්‍රය වූවා. මල් රේණු ,මල් වියන් ආදිය පිදීමේ විපාක රේණුක හිමි විපස්සි බුදුරජුන්ට නාමල් රේණු පිදූ පිනෙන් රේණු නම් සක්විති රජ බවට පත් වුණා අවසානයේ නිවන් සැපයටද එය උපනිශ්‍රය වූqවා. තිණසුලක හිමි තිස්ස බුදුරජාණන් වහන්සේ හට බෝලිද්ද මල් පුදා විසිපස් වතාවක් සක්දෙව්ව උපන්නා 75 වතාවක් සක්විති රජව උපන්නා නිවන් සැපයටද එය උපනිශ්‍රය වූවා. අතිජත්තිය හිමි අත්ථදස්සි බුදු රජාණන්වහන්සේ ගේ ධාතු නිදන් කොට හැදූ චෛත්‍යයට මල් වියනක් පුදා කල්ප 1700 ට අපාගත නොවීය. එතරම් කාලයක් දිව්‍ය ලෝක රාජ්‍යයක් කරන්න ලැබුණු බව සඳහන් වේ. වැඩසටහන් විස්තරය * ජනවාරි 28 වැනිදා උදැසන ගලේවෙල කලාවැව පාරේ ගම්බිරිගස්වැව ප්‍රදේශයේ වගාකොට ඇති අක්. 15 කින් යුත් භූමියේ මල් නෙළීම ආරම්භ කිම. (උදැසන 6.00 සිට සවස 4.00 දක්වා) මේ සඳහා 5000 කට අධික පිරිසක් අවශ්‍යවන අතර ඒ සඳහා ඕනෑම බැතිමතෙකුට සහභාගි විය හැක. * එදිනම තවත් පිරිසක් විසින් රුවන්මැලි සෑ මළුව සුවඳ පැණින් දොaවනය කිරීමේ කටයුතුවල නිරත වීම. * ජනවාරි 29 වැනි දින උදැසන සිට මල් සකස් කිරීම සහ මළුව සූදානම් කිරීම. * ප.ව. 3.00 ට උඩමළුවේ අටපිරිකර 1500 ක් තැන්පත් කිරීම සහ සෑ රදුන් අභියස අටපිරිකර 5000 ක් තැන්පත් කිරීම. * ප.ව. 4.00 ට ස්වාමීන් වහන්සේලා 300 කට අධික පිරිසක් සෑ මළුව වෙත වැඩම කරවීම සහ ප.ව. 5.00 ට ප්‍රධාන කංචුකය තැන්පත් කිරීම. * මුතුකුඩ 1000 ක් සහ සෙසු පිරිකර පූජා කිරීම. * ප.ව. 6.00 ට ගුවනින් මල් ඉසීම * ධර්මාසනයක් ඇතුළු ත්‍රිපිටක පොත් වහන්සේලා පූජා කිරීම. * රාත්‍රි 7.00 සිට 10.00 දක්වා කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහලේඛාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බුද්ධ වන්දනා වැඩසටහන. * රාත්‍රි 11.00 සිට 12 1/2 දක්වා කිමිතුනාගල ආරණ්‍යසේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද, ගල්දූව කළ්‍යාණ යෝගාශ්‍රමවාසී පූජ්‍ය ලග්ගල කල්‍යාණවංශ සහ පූජ්‍ය කැලණියේ විපුලඥන හිමිපාණන් වහන්සේලා විසින් පවත්වන ධර්ම දේශනා වැඩසටහන්. * 30 දා උදැසන 5.30 ට පමණ පාත්‍ර 108 කින් සමන්විත කිරි ආහාර පූජාව. * මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන උදැසන දානමය පුණ්‍යකර්මය. රුවන් ජයවර්ධන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom