Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පින්කමක ප්‍රාර්ථනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්කමක ප්‍රාර්ථනාව

මරණින් මතු සුගතියෙහි උපදවා සම්පත් ලබා දීමේ ශක්තියක් පින්වල ඇත. එබැවින් පින් කළ තැනැත්තා කොහි හෝ සුගතියක උපදින්නේ ය. සුගතිය වුව ද සෑම තැනම යහපත් නැත. මිසදිටුවන් වෙසෙන පව් කම්හි ඇලී ගැලී වෙසෙන පව්කමින් ජීවත්වන මිනිසුන් අතර තමා කළ කුසල බලයෙන් උපනහොත් ඒ තැනැත්තාට සිදුවන්නේ තමා ඇසුරු කරන ඒ මිනිසුන් අනුව පව්කම් කොට අපාගත වීමට ය. දෙව්ලොව වුව ද සම්පත්තියෙන් මත්ව ධර්ම සඥාවක් නැතිව කල් යවන දෙවියන් වෙසෙන තැනක උපන හොත් තමා කළ පින් අවසන් වීමෙන් පසු අපාගත විය හැකිය. එබැවින් පින් කරන්නවුන් විසින් පවින් තොරව වෙසෙමින් ඉදිරියටත් පින්කම් කර ගැනීමට අවකාශ ලැබෙන තැනක ඉපදීමට පැතිය යුතුය. “කුසලං කම්මං කත්වා එකස්මිං ඨානෙ පත්ථනං කාතුං වට්ටති” යනුවෙන් කුසල් කොට යම්කිසි සුදුසු ස්ථානයක ඉපදීම පැතිය යුතු බව සංඛාරුප්පත්ති සූත්‍ර අටුවාවෙහි ද කියා ඇත්තේය. මුදල් ඇතියකුට මුදලින් තමා කැමති දෙයක් ගත හැකිවාක් මෙන් පින් ඇති තැනැත්තාට ප්‍රාර්ථනා කළාම ඒ පිනෙන් තමා කැමති තැනකට යා හැකිය. යා යුත්තේ සොයා ගතයුත්තේ පවින් වැළකී පින දියුණු කරගත හැකි තැන් ය.

කිසිම ලෞකික සම්පත්තියක් ස්ථිර නැත. අද දෙව්ලොව දෙවඟනන් පිරිවරාගෙන විසිතුරු දෙව් විමන් වල උසස් ලෙස කම්සැප විඳින තැනැත්තා සමහර විට සෙට තිරිසනෙකි. නැතහොත් ප්‍රේතයෙකි. සමහර විට සංජීවාදී නරකයක ඉපිද ගිනිදැලින් වෙලී සිටින්නෙකි.

මේ ලෝකස්වභාවය ය. සැප සොයන පින් කරන අය විසින් බලාපොරොත්තු විය යුත්තේ කලකදී පිරිහී නොයන ස්ථිර සම්පත්තියකි. ස්ථිර සම්පත්තිය නම් නිර්වාණ සම්පත්තිය ය. එය වැඳුම් පිදුම් කිරීම ආදී කාමාවචර කුසල් වලින් ලැබිය හැක්කක් නො වේ. ඒවා නැතිවද එය නො ලැබිය හැකිය. කාමාවචර කුශලය නිවන් ලැබිය හැකි ත්‍රිහේතුක උත්පත්තියක් ලබා දෙන්නේය. එහි සිට විදසුන් වඩා මඟඵල ලබා ස්ථිර සම්පත්තිය වන නිවනට පැමිණිය හැකිය. අකුශලයෙන් ලබා දෙන අහේතුක ආත්ම භාවයක සිට නිවන් නො ලැබිය හැකිය. නිවන් ලබා දෙන නිවනට පමුණුවන ශක්තිය කාමාවචර කුශලයෙහි නැත ද කාමාවචර කුශලය කොට මේ කුශලය මට නිවන් ලැබීමට හේතු වේවා යි පැතුවාම එය නිවන් ලැබීමට උපකාර වේ. කාමාවචර කුශලයේ උපකාරය නො මැතිවම නිවන් නො ලැබිය හැකිය.

නිවනට පැමිණීමට සියලු කෙලෙසුන් නසා රහත් විය යුතුය. ඇතැම්හු ඉතා පහසුවෙන් අර්හත්වයට පැමිණෙති. ඇතැමුන්ට අර්හත්වයට පැමිනීමට බොහෝ දුක් ගන්නට සිදු වේ. පසේනදී කොසොල් රජු ගේ ඇමතියෙකු වූ සන්තති මහාමත්‍ය තෙමේ නාටිකාංගනාවකගේ මරණයෙන් වූ ශෝකය ඉවසිය නො හැකිව එය සන්සිඳවා ගැනීමට බුදුරදුන් වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ ඔහුට:

“යං පුබ්බෙ තං විසොධෙහි - පච්ඡා තෙ මාහු කිඤ්චනං

මජ්ඣෙ ච නො ගහෙස්සති - උපසන්නො චරිස්සති”

යන ගාථාව දේශනා කළ සේක. එය ඇසීමෙන්ම සන්තති මහාමාත්‍ය තෙමේ එකෙණෙහි ම ගිහිව සිට ම සකල ක්ලේශයන් ප්රහාණය කොට අර්හත් ඵලයට පැමිණියේය.

බාහිය දාරුචීරිය බුදුරදුන් වෙත පැමිනියේ උන්වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වඩින අවස්ථාවකය. දාරුචීරියගේ බලවත් ඉල්ලීම නිසා තථාගතයන් වහන්සේ වීථියේ සිටගෙනම:

“තස්මාතිහ තෙ බාහිය එවං සික්ඛිතබ්බං දිට්ඨෙ දිට්ඨමන්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති, එවඤ්හි තෙ බාහිය සික්ඛිතබ්බං, යතො ඛො තෙ බාහිය දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති. සුතෙ සුතමත්තං භවිස්සති. මුතෙ මුතමත්තං භවිස්සති. විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති තතො ත්වං බාහිය න තෙන, යතො ත්වං බාහිය න තෙන තතො ත්වං බාහිය න තත්ථ, යතො ත්වං බාහිය න තත්ථ, තතො ත්වං බාහිය නෙවිධ න හුරං න උභයමන්තරෙන, එසෙවන්තො දුක්ඛස්ස”

යන මේ ධර්මය දේශනා කළ සේක. එය ඇසූ දාරුචීරිය ඒ ධර්මය අනුව සිත යවා එතැනදී ම සව් කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණියේ ය.

ඇතැම්හු විස්තර වශයෙන් දේශනා කරන ධර්ම දේශනයක් ඇසීමෙන් ම පහසුවෙන් ම රහත් වෙති. ඇතැම්හු පැවිදි වන්නට හිසකේ බානා අවස්ථාවේදී ම තචපඤ්චක කමටහන මෙනෙහි කොට රහත් වෙති. ඇතැම්හු පැවිදිව දින ගණනකින් රහත් වෙති.

චක්ඛුපාල තෙරුන් වහන්සේට රහත් වීමට තෙමසක් නො නිදා ඇස් අන්ධ වන තුරු භාවනා කරන්නට සිදු විය. කාලවල්ලි මණ්ඩපවාසි මහානාග තෙරුන් වහන්සේට රහත් වීමට සත්වසක් නො නිදා භාවනා කරන්නටත් නැවත සොළොස් වසක් ගත පච්චාගත වත පුරමින් භාවනා කරන්නටත් සිදු විය. ආලින්දක වාසී මහාඵුස්සදේව තෙරුන් වහන්සේට එකුන් විසි වසක් ගතපච්චාගත වත පුරමින් භාවනා කරන්නට සිදු විය. මහා සිව තෙරුන් වහන්සේට තිස් වසක් නො නිදා භාවනා කරන්නට සිදු විය.

බාහිය දාරුචීරිය ට ධර්මය කණ වැටුණු විගසම අර්හත්වයට පැමිණිය හැකි වූයේ පදුමුත්තර බුදුරදුන් දවස වහා ධර්මය අවබෝධ කරගත හැකි වීම පතා පින් කර තිබුණු බැවිනි. පින් කළ අවස්ථාවලදී පහසුවෙන් ධර්මාවබෝධය කර ගත හැකිවීම පහසුවෙන් නිවන් ලැබිය හැකි වීම පැතුව හොත් කා හට වුව ද වැඩි කරදර නො විඳ රහත් විය හැකි විය යුතුය. ඒ නිසා එසේ ප්‍රාර්ථනා කිරීම සඳහා-

“ඉමිනා පුඤ්ඤකම්මේන සුඛාය පටිපත්තියා

පාපුණෙය්‍යාමි නිබ්බානං අජරං අමරං වරං”

යන ප්‍රාර්ථනා ගාථාව මෙහි වන්දනා ගාථා කාණ්ඩයේ දක්වා ඇත. මෙය සැළකිය යුතු කරුණකි. එබැවින් බුදුගොස් හිමියන් විසින් ද,

“පාපුණන්තු විසුද්ධාය සුඛාය පටිපත්තියා

අසොකමනුපායාසං නිබ්බාන සුඛමුත්තමං”

යි සුඛප්රතිපදාවෙන් සැමට නිවන් ලැබීම ප්‍රාර්ථනා කර තිබේ.

ප්‍රාර්ථනා සිද්ධියට සිල්වත් බව විශේෂයෙන් වුවමනාය. එබැවින් “ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා - පෙ- තඤ්ච ඛො සීලවතො වදාමි නො දුස්සීලස්ස” යනුවෙන් “මහණෙනි, සිල්වතා ගේ ප්‍රාර්ථනාව විසුද්ධ නිසා සිද්ධ වන්නේය. ඒ ප්‍රාර්ථනා සිද්ධිය සිල්වතා ගැන කියමි. දුශ්ශීලයා ගැන නො කියමි” යි අංගුත්තර අට්ඨක නිපාතයේ වදාරා තිබේ. දුශ්ශීලයන්ගේ ප්‍රාර්ථනා ද සර්වාකාරයෙන් සිදු නො වන්නේ නොවේ. සමහරවිට සිදුවෙයි. එහි සිද්ධිය අනියත ය. සිද්ධ වූව ද සිල්වතාට මෙන් දීප්තිමත්ව පුණ්‍යඵලය නො ලැබේ.

ශීලයෙහි පිහිටා කරන කුශලය මහත්ඵල යයි කියා ඇති බැවින් පින්කම් කිරීමට පූර්වභාගයෙහි බෞද්ධයෝ පන්සිල් ගනිති. එහෙත් ඒ ගන්නා පඤ්ච ශීලය පින මහත් ඵල වීමට ප්‍රමාණවත් වෙතැයි නො කිය හැකිය. පින මහත්ඵල වීමට නම් කවදත් පඤ්ච දුශ්චරිතයෙන් වැළකී සිල්වත්ව සිටිය යුතුය. දුසිල් බවය කියනුයේ ප්‍රාණඝාතාදී පව්කම් කිරීම ය. සිල්වත් බවය කියනුයේ ඒවායින් වැළකී සිටීම ය. පව්වලින් වැළකී සිටීමක් නැතිව නිකම් ම පන්සිල් සමාදන් වීමෙන් සිල්වත් නොවේ. දුශ්ශීලයාට ප්‍රාර්ථනා සිද්ධිය අනියතය යයි කියනුයේ කළ පව්කම් වලින් ඔහු අපායට ගියාම පිනට ඔහුගේ ප්‍රාර්ථනාව සිදුකරන්නට අවස්ථාවක් ඇති නො වන බැවිනි. මෙතේ බුදුන් දැක නිවන් දැකීමට කොතෙකුත් ප්‍රාර්ථනා කර තිබුණ ද පව්කම් කොට ඒ කාලයේ අපායෙහි සිටිය හොත් මෙතේ බුදුන් දැක බණ අසන්නට නො ලැබේ. නිවන් දැකීම ගැන කවර කථා ද?

ඇතැම් අවියත් ධර්ම කථිකයෝ “අප්පමත්තකම්පි භවං න වණ්ණෙමි. අන්තමසො අච්ඡරාසංඝාතමත්තම්පි” යන පාඨය දක්වමින් භවය නො පැතිය යුතුය කියා පින් කරන ජනයා නොමඟ යවති. භවය නො පැතිය යුතුය කියා බුදුරදුන් වදාරා නැත. භවය නො පතා සිටීමෙන් මරණින් මතු කිසිම භවයක නූපදිනවා නම් හොඳය. නො පැතුව ද රහත් නො වූ පුද්ගලයා මරණින් මතු කොතැනක හෝ උපදී. එසේ උපදින තැනැත්තා විසින් තමාට නිවන් මඟ පාදා ගැනීමට උපකාර වන යහපත් තැනක් පතා එහි උපදින තැනට කටයුතු සලසා ගත යුතුය. එසේ නො කොට සුගතියෙහි වුව ද පිනට අනවකාශ තැනක උපන හොත් ඔහුට වඩාත් නිවන දුර වන්නේ ය. ඒ නිසා නිවන් දකිනු රිසි පින්වතුන් විසින් පවින් තොරව වෙසෙමින් පින් කිරීමට ද ඉඩ ලැබෙන තැන් පැතිය යුතුය. මිනිස් ලොව උපාසකෝපාසිකාවන් ඇති, භික්ෂූන් වහන්සේ ඇති, දහම් අසන්න ලැබෙන ප්‍රදේශ ඉපදීමට සුදුසු ස්ථානයෝ ය. පින් කිරීමට ඉතා හොඳ තැන මිනිස් ලොවය. එබැවින් නොයෙක් විට දිව්‍ය ලෝක බ්‍රහ්මලෝකවල උපන් බෝසත්හු ආයු ඇති තෙක් ඒවායේ නො සිට පෙරුම් පිරීම සඳහා මිනිස් ලොව උපදිති. මිනිස් ලොව පින් කිරීමට හොඳම තැන වුව ද පවින් වැළකී සිටීමට දුෂ්කර තැනකි. පව් කරන්නට සිදුවන නොයෙක් අවස්ථා මිනිසාට පැමිණේ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල පවින් වැළකී සිටීම පහසුය. ඔවුන්ට අපට මෙන්ම පව් කරන්නට වුවමනා අවස්ථා නො එළඹේ. දෙවියන්ගේ ආයුෂ දික් බැවින් එදා බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් ආදී මගඵල වලට පැමිණි දෙවියෝ අදත් එහි ජීවත්ව ඇත. ඔවුන් හා එක්වන්නට ලැබීම ඉතා යහපතකි. එබැවින් දෙව්ලොව ඉපදීමට පැතීම ද යහපත් බව කිව යුතුය.

අතිපූජනීය

රේරුකානේ චන්දවිමල

මහා ස්ථවිරයන් වහන්සේ.

[QUOTE="asliyanage, post: 29279274, member: 8764"] ☸️ පින්කමක ප්‍රාර්ථනාව ☸️ මරණින් මතු සුගතියෙහි උපදවා සම්පත් ලබා දීමේ ශක්තියක් පින්වල ඇත. එබැවින් පින් කළ තැනැත්තා කොහි හෝ සුගතියක උපදින්නේ ය. සුගතිය වුව ද සෑම තැනම යහපත් නැත. මිසදිටුවන් වෙසෙන පව් කම්හි ඇලී ගැලී වෙසෙන පව්කමින් ජීවත්වන මිනිසුන් අතර තමා කළ කුසල බලයෙන් උපනහොත් ඒ තැනැත්තාට සිදුවන්නේ තමා ඇසුරු කරන ඒ මිනිසුන් අනුව පව්කම් කොට අපාගත වීමට ය. දෙව්ලොව වුව ද සම්පත්තියෙන් මත්ව ධර්ම සඥාවක් නැතිව කල් යවන දෙවියන් වෙසෙන තැනක උපන හොත් තමා කළ පින් අවසන් වීමෙන් පසු අපාගත විය හැකිය. එබැවින් පින් කරන්නවුන් විසින් පවින් තොරව වෙසෙමින් ඉදිරියටත් පින්කම් කර ගැනීමට අවකාශ ලැබෙන තැනක ඉපදීමට පැතිය යුතුය. “කුසලං කම්මං කත්වා එකස්මිං ඨානෙ පත්ථනං කාතුං වට්ටති” යනුවෙන් කුසල් කොට යම්කිසි සුදුසු ස්ථානයක ඉපදීම පැතිය යුතු බව සංඛාරුප්පත්ති සූත්‍ර අටුවාවෙහි ද කියා ඇත්තේය. මුදල් ඇතියකුට මුදලින් තමා කැමති දෙයක් ගත හැකිවාක් මෙන් පින් ඇති තැනැත්තාට ප්‍රාර්ථනා කළාම ඒ පිනෙන් තමා කැමති තැනකට යා හැකිය. යා යුත්තේ සොයා ගතයුත්තේ පවින් වැළකී පින දියුණු කරගත හැකි තැන් ය. කිසිම ලෞකික සම්පත්තියක් ස්ථිර නැත. අද දෙව්ලොව දෙවඟනන් පිරිවරාගෙන විසිතුරු දෙව් විමන් වල උසස් ලෙස කම්සැප විඳින තැනැත්තා සමහර විට සෙට තිරිසනෙකි. නැතහොත් ප්‍රේතයෙකි. සමහර විට සංජීවාදී නරකයක ඉපිද ගිනිදැලින් වෙලී සිටින්නෙකි. මේ ලෝකස්වභාවය ය. සැප සොයන පින් කරන අය විසින් බලාපොරොත්තු විය යුත්තේ කලකදී පිරිහී නොයන ස්ථිර සම්පත්තියකි. ස්ථිර සම්පත්තිය නම් නිර්වාණ සම්පත්තිය ය. එය වැඳුම් පිදුම් කිරීම ආදී කාමාවචර කුසල් වලින් ලැබිය හැක්කක් නො වේ. ඒවා නැතිවද එය නො ලැබිය හැකිය. කාමාවචර කුශලය නිවන් ලැබිය හැකි ත්‍රිහේතුක උත්පත්තියක් ලබා දෙන්නේය. එහි සිට විදසුන් වඩා මඟඵල ලබා ස්ථිර සම්පත්තිය වන නිවනට පැමිණිය හැකිය. අකුශලයෙන් ලබා දෙන අහේතුක ආත්ම භාවයක සිට නිවන් නො ලැබිය හැකිය. නිවන් ලබා දෙන නිවනට පමුණුවන ශක්තිය කාමාවචර කුශලයෙහි නැත ද කාමාවචර කුශලය කොට මේ කුශලය මට නිවන් ලැබීමට හේතු වේවා යි පැතුවාම එය නිවන් ලැබීමට උපකාර වේ. කාමාවචර කුශලයේ උපකාරය නො මැතිවම නිවන් නො ලැබිය හැකිය. නිවනට පැමිණීමට සියලු කෙලෙසුන් නසා රහත් විය යුතුය. ඇතැම්හු ඉතා පහසුවෙන් අර්හත්වයට පැමිණෙති. ඇතැමුන්ට අර්හත්වයට පැමිනීමට බොහෝ දුක් ගන්නට සිදු වේ. පසේනදී කොසොල් රජු ගේ ඇමතියෙකු වූ සන්තති මහාමත්‍ය තෙමේ නාටිකාංගනාවකගේ මරණයෙන් වූ ශෝකය ඉවසිය නො හැකිව එය සන්සිඳවා ගැනීමට බුදුරදුන් වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ ඔහුට: “යං පුබ්බෙ තං විසොධෙහි - පච්ඡා තෙ මාහු කිඤ්චනං මජ්ඣෙ ච නො ගහෙස්සති - උපසන්නො චරිස්සති” යන ගාථාව දේශනා කළ සේක. එය ඇසීමෙන්ම සන්තති මහාමාත්‍ය තෙමේ එකෙණෙහි ම ගිහිව සිට ම සකල ක්ලේශයන් ප්රහාණය කොට අර්හත් ඵලයට පැමිණියේය. බාහිය දාරුචීරිය බුදුරදුන් වෙත පැමිනියේ උන්වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වඩින අවස්ථාවකය. දාරුචීරියගේ බලවත් ඉල්ලීම නිසා තථාගතයන් වහන්සේ වීථියේ සිටගෙනම: “තස්මාතිහ තෙ බාහිය එවං සික්ඛිතබ්බං දිට්ඨෙ දිට්ඨමන්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති, එවඤ්හි තෙ බාහිය සික්ඛිතබ්බං, යතො ඛො තෙ බාහිය දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති. සුතෙ සුතමත්තං භවිස්සති. මුතෙ මුතමත්තං භවිස්සති. විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති තතො ත්වං බාහිය න තෙන, යතො ත්වං බාහිය න තෙන තතො ත්වං බාහිය න තත්ථ, යතො ත්වං බාහිය න තත්ථ, තතො ත්වං බාහිය නෙවිධ න හුරං න උභයමන්තරෙන, එසෙවන්තො දුක්ඛස්ස” යන මේ ධර්මය දේශනා කළ සේක. එය ඇසූ දාරුචීරිය ඒ ධර්මය අනුව සිත යවා එතැනදී ම සව් කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණියේ ය. ඇතැම්හු විස්තර වශයෙන් දේශනා කරන ධර්ම දේශනයක් ඇසීමෙන් ම පහසුවෙන් ම රහත් වෙති. ඇතැම්හු පැවිදි වන්නට හිසකේ බානා අවස්ථාවේදී ම තචපඤ්චක කමටහන මෙනෙහි කොට රහත් වෙති. ඇතැම්හු පැවිදිව දින ගණනකින් රහත් වෙති. චක්ඛුපාල තෙරුන් වහන්සේට රහත් වීමට තෙමසක් නො නිදා ඇස් අන්ධ වන තුරු භාවනා කරන්නට සිදු විය. කාලවල්ලි මණ්ඩපවාසි මහානාග තෙරුන් වහන්සේට රහත් වීමට සත්වසක් නො නිදා භාවනා කරන්නටත් නැවත සොළොස් වසක් ගත පච්චාගත වත පුරමින් භාවනා කරන්නටත් සිදු විය. ආලින්දක වාසී මහාඵුස්සදේව තෙරුන් වහන්සේට එකුන් විසි වසක් ගතපච්චාගත වත පුරමින් භාවනා කරන්නට සිදු විය. මහා සිව තෙරුන් වහන්සේට තිස් වසක් නො නිදා භාවනා කරන්නට සිදු විය. බාහිය දාරුචීරිය ට ධර්මය කණ වැටුණු විගසම අර්හත්වයට පැමිණිය හැකි වූයේ පදුමුත්තර බුදුරදුන් දවස වහා ධර්මය අවබෝධ කරගත හැකි වීම පතා පින් කර තිබුණු බැවිනි. පින් කළ අවස්ථාවලදී පහසුවෙන් ධර්මාවබෝධය කර ගත හැකිවීම පහසුවෙන් නිවන් ලැබිය හැකි වීම පැතුව හොත් කා හට වුව ද වැඩි කරදර නො විඳ රහත් විය හැකි විය යුතුය. ඒ නිසා එසේ ප්‍රාර්ථනා කිරීම සඳහා- “ඉමිනා පුඤ්ඤකම්මේන සුඛාය පටිපත්තියා පාපුණෙය්‍යාමි නිබ්බානං අජරං අමරං වරං” යන ප්‍රාර්ථනා ගාථාව මෙහි වන්දනා ගාථා කාණ්ඩයේ දක්වා ඇත. මෙය සැළකිය යුතු කරුණකි. එබැවින් බුදුගොස් හිමියන් විසින් ද, “පාපුණන්තු විසුද්ධාය සුඛාය පටිපත්තියා අසොකමනුපායාසං නිබ්බාන සුඛමුත්තමං” යි සුඛප්රතිපදාවෙන් සැමට නිවන් ලැබීම ප්‍රාර්ථනා කර තිබේ. ප්‍රාර්ථනා සිද්ධියට සිල්වත් බව විශේෂයෙන් වුවමනාය. එබැවින් “ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා - පෙ- තඤ්ච ඛො සීලවතො වදාමි නො දුස්සීලස්ස” යනුවෙන් “මහණෙනි, සිල්වතා ගේ ප්‍රාර්ථනාව විසුද්ධ නිසා සිද්ධ වන්නේය. ඒ ප්‍රාර්ථනා සිද්ධිය සිල්වතා ගැන කියමි. දුශ්ශීලයා ගැන නො කියමි” යි අංගුත්තර අට්ඨක නිපාතයේ වදාරා තිබේ. දුශ්ශීලයන්ගේ ප්‍රාර්ථනා ද සර්වාකාරයෙන් සිදු නො වන්නේ නොවේ. සමහරවිට සිදුවෙයි. එහි සිද්ධිය අනියත ය. සිද්ධ වූව ද සිල්වතාට මෙන් දීප්තිමත්ව පුණ්‍යඵලය නො ලැබේ. ශීලයෙහි පිහිටා කරන කුශලය මහත්ඵල යයි කියා ඇති බැවින් පින්කම් කිරීමට පූර්වභාගයෙහි බෞද්ධයෝ පන්සිල් ගනිති. එහෙත් ඒ ගන්නා පඤ්ච ශීලය පින මහත් ඵල වීමට ප්‍රමාණවත් වෙතැයි නො කිය හැකිය. පින මහත්ඵල වීමට නම් කවදත් පඤ්ච දුශ්චරිතයෙන් වැළකී සිල්වත්ව සිටිය යුතුය. දුසිල් බවය කියනුයේ ප්‍රාණඝාතාදී පව්කම් කිරීම ය. සිල්වත් බවය කියනුයේ ඒවායින් වැළකී සිටීම ය. පව්වලින් වැළකී සිටීමක් නැතිව නිකම් ම පන්සිල් සමාදන් වීමෙන් සිල්වත් නොවේ. දුශ්ශීලයාට ප්‍රාර්ථනා සිද්ධිය අනියතය යයි කියනුයේ කළ පව්කම් වලින් ඔහු අපායට ගියාම පිනට ඔහුගේ ප්‍රාර්ථනාව සිදුකරන්නට අවස්ථාවක් ඇති නො වන බැවිනි. මෙතේ බුදුන් දැක නිවන් දැකීමට කොතෙකුත් ප්‍රාර්ථනා කර තිබුණ ද පව්කම් කොට ඒ කාලයේ අපායෙහි සිටිය හොත් මෙතේ බුදුන් දැක බණ අසන්නට නො ලැබේ. නිවන් දැකීම ගැන කවර කථා ද? ඇතැම් අවියත් ධර්ම කථිකයෝ “අප්පමත්තකම්පි භවං න වණ්ණෙමි. අන්තමසො අච්ඡරාසංඝාතමත්තම්පි” යන පාඨය දක්වමින් භවය නො පැතිය යුතුය කියා පින් කරන ජනයා නොමඟ යවති. භවය නො පැතිය යුතුය කියා බුදුරදුන් වදාරා නැත. භවය නො පතා සිටීමෙන් මරණින් මතු කිසිම භවයක නූපදිනවා නම් හොඳය. නො පැතුව ද රහත් නො වූ පුද්ගලයා මරණින් මතු කොතැනක හෝ උපදී. එසේ උපදින තැනැත්තා විසින් තමාට නිවන් මඟ පාදා ගැනීමට උපකාර වන යහපත් තැනක් පතා එහි උපදින තැනට කටයුතු සලසා ගත යුතුය. එසේ නො කොට සුගතියෙහි වුව ද පිනට අනවකාශ තැනක උපන හොත් ඔහුට වඩාත් නිවන දුර වන්නේ ය. ඒ නිසා නිවන් දකිනු රිසි පින්වතුන් විසින් පවින් තොරව වෙසෙමින් පින් කිරීමට ද ඉඩ ලැබෙන තැන් පැතිය යුතුය. මිනිස් ලොව උපාසකෝපාසිකාවන් ඇති, භික්ෂූන් වහන්සේ ඇති, දහම් අසන්න ලැබෙන ප්‍රදේශ ඉපදීමට සුදුසු ස්ථානයෝ ය. පින් කිරීමට ඉතා හොඳ තැන මිනිස් ලොවය. එබැවින් නොයෙක් විට දිව්‍ය ලෝක බ්‍රහ්මලෝකවල උපන් බෝසත්හු ආයු ඇති තෙක් ඒවායේ නො සිට පෙරුම් පිරීම සඳහා මිනිස් ලොව උපදිති. මිනිස් ලොව පින් කිරීමට හොඳම තැන වුව ද පවින් වැළකී සිටීමට දුෂ්කර තැනකි. පව් කරන්නට සිදුවන නොයෙක් අවස්ථා මිනිසාට පැමිණේ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල පවින් වැළකී සිටීම පහසුය. ඔවුන්ට අපට මෙන්ම පව් කරන්නට වුවමනා අවස්ථා නො එළඹේ. දෙවියන්ගේ ආයුෂ දික් බැවින් එදා බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් ආදී මගඵල වලට පැමිණි දෙවියෝ අදත් එහි ජීවත්ව ඇත. ඔවුන් හා එක්වන්නට ලැබීම ඉතා යහපතකි. එබැවින් දෙව්ලොව ඉපදීමට පැතීම ද යහපත් බව කිව යුතුය. අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom