Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පින් ගන්නට බලා සිටින දුගති සත්වයෝ ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින් ගන්නට බලා සිටින දුගති සත්වයෝ ....

ගොඩක් අයට වගේම මටත් තියෙන ප්‍රස්නයක් ගැන තමයි අද දාන්න කල්පනා කලේ ... ඉතිං වෙලාවක් තිබ්බොත් බලන්න ... හැමෝටම ප්රයොජවත් වෙයි කියල හිතනවා ...

පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසය පින් ලබාගැනීමට සුදුසු වෙයි. අනුන් දෙන පින්පෙත් ආදිය බලාපොරොත්තු වෙමින් අනුන් නිසා ජීවිතය පවත්වාගෙන යයි. අප පින්කම් සිදුකරමින් පින් අනුමෝදන් කරන විට එම පින අනුමෝදන්වීමේ ශක්තිය ඇත්තේ මේ පරදත්තූප ජීවි ප්‍රේත කොටසට පමණකි. බොහෝ මළගිය ඥාති මිත්‍රාදීන් මේ ප්‍රේත කොට්ඨාසයෙහිත් ඉපිද දුක් විඳින බැවින් පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ ජීවිත සුවපත්වීමට හේතු වෙයි.

මිනිසත් බව ලැබ සිටියද සියලු දෙනාම මේ ලැබුවා වූ දුර්ලභ මනුෂ්‍යාත්මභාවයෙහි වටිනාකම හඳුනාගෙන කටයුතු නොකරති. එබැවින් ලද වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන, කුසල් දහම්හි නොයෙදී සිට හිස් මිනිසුන් වශයෙන් මිය යන පුද්ගලයෝ බොහෝ වෙති. ඔවුන්ගේ පරලොව ජීවිතය සැපදායක වෙතැයි සිතීම උගහටය.

‘දුල්ලභංච මනුස්සත්තං’ යනුවෙන් මිනිස් ආත්මභාවයක් ලැබීමේ ඇති අතිදුලබ බව පෙන්වාදී තිබේ. එබඳු අතිශය දුර්ලභ වාසනාවකට හිමිකම් කියන අප අතරෙහි මිනිසුන්ව ඉපදුන ද තිරිසනුන් මෙන් හැසිරෙන ක්‍රියා කරන තැනැත්තන් හිඟ නැත. තම තමන්ටත් සෙසු සමාජයටත් අපගෙන් ඉටුවිය යුතු යුතුකම් බොහෝ තිබේ. ඒ අතරිනුත් විශේෂයෙන් දහමෙහි හැසිරීමේ වශයෙන්, පිළිවෙත් පිරිම් වශයෙන් තම තමන් කෙරෙහි යුතුකම් ඉටුකරගත යුතු ය. සෙසු අයට යහපත සැලසීමේ මඟ ද එයයි. තමන්ට යහපත සිදුකර නොගන්නා, තමා විෂයෙහි මෛත්‍රී සහගත නොවන තැනැත්තා සමාජයට යහපතක් සිදුකරන්නේ කෙසේද?

කෙසේ නමුත් මෙබඳු වූ නිවැරැදි දැක්මක් නොමැතිව හිඳිමින්, ලැබුවා වූ මනුෂ්‍යාත්ම භාවයෙන් පිරිහී දුගතියෙහි උපදින සත්වයන් බොහෝ ය. ඇතැමුන් ප්‍රේතයන්, භූතයන් වශයෙන් උපත ලබා පෙර භවයේ පවුලේ ඥාතීන්ට හිරිහැර පමුණුවන අවස්ථාද ඇත. එසේම සමහර ප්‍රේතයෝ සාපිපාසා ආදි අනේක දුක්ඛයන්ගෙන් පෙළෙමින් උදව් ඉල්ලා, නෑ පිරිසට බල කරති. මෙවැනි අවස්ථාවලදී නෑදෑ පිරිස කළ යුත්තේ කුමක්දැයි විමසා බැලීම වැදගත් වේ.

බිම්බිසාර රජතුමා වේළුවනාරාමය කරවා බුදුසසුනට පූජා කළ බව සෑම දෙනකුම දන්නා කරුණකි. එම ආරාමය පූජා කළ දිනයෙහි රාත්‍රී මැදියම් යාමයෙහි රජතුමා ඉදිරියෙහි ප්‍රේතයන් විශාල පිරිසක් හඬා වැළැපෙමින් සිටිනු දුටු රජතුමා පසුදින උදෑසනින්ම බුදුරජාණන් වහන්සේ හමු වී මේ කාරණය දන්වා සිටියේ ය. පෙර ආත්මභාවයක බිම්බිසාර රජුගේ ඥාතීන් පිරිසක් දන්වැට සොරා කෑ බවත් එම අකුසල කර්මයෙහි විපාක වශයෙන් නිරයෙහි ඉපිද බොහෝ කලක් දුක් විඳ, ඉන් අනතුරුව ප්‍රේත යෝනියේ උපත ලබා තුන් බුද්ධාන්තරයක් කල් සා පිපාසාවෙන් පෙළී දුක් විඳින අතර මෙසේ රජතුමා ඉදිරියේ පෙනී සිටි බවත් බුදුපියාණන් වහන්සේ පැහැදිලි කර දුන් සේක. දුක්විඳින ඥාති ප්‍රේතයන් සුවපත් කිරීම සඳහා පින් අනුමෝදන් කළ යුතු බව බුදුහිමියෝ දේශනා කළහ.

බිම්බිසාර රජු බුදුපාමොක් මහ සඟනට දන් පිළිගන්වා එම ප්‍රේතයන් හට පින් අනුමෝදන් කරවීය. එම පින් අනුමෝදන්ව දිව බොජුන් ලබා සුවපත් වූ ඥාති ප්‍රේතයෝ එදින රැයෙහිද රජතුමා ඉදිරියේ පෙනී සිටියහ. එහෙත් ඔවුන් නිරුවත්ව පෙනී සිටි නිසා රජු එම කරුණ ද පසුදින නැවතත් බුදුහිමියන් හමුව සැල කළේ ය. එයට හේතුව වස්ත්‍ර පූජා නොකිරීම බව බුදුහිමියන්ගෙන් දැනගත් රජතුමා නැවතත් බුදුපාමොක් මහසඟනට පූජා පවත්වමින් චීවර සහ ආසන ආදියද පිදීමට කටයුතු කළේ ය. එම පින් අනුමෝදන් වූ ඥාති ප්‍රේතයන් සම්පූර්ණයෙන් එම දුකෙන් නිදහස්ව සැප විපාක ලැබූ බව සඳහන් වේ. තිරෝකුඩ්ඩ සූත්‍රයෙහි එම ප්‍රේතයන් පිළිබඳ විස්තරය ඇතුළත්ය.

මෙයින් අපට පැහැදිලි වන්නේ මිනිසුන් වශයෙන් ජීවත්ව සිටියදී අකුසල කර්ම සිදුකොට ඊළඟ ආත්මභාවයන්හි දුක් විපාක විඳීමට සිදුවන ආකාරයයි. ජීවත්ව සිටින අපට එබඳු දුගති සත්වයන් වෙනුවෙන් කළ හැකිවන්නේ පින් අනුමෝදන් කිරීමයි. එම පුණ්‍ය ශක්තිය දුක්විඳින සත්ව කොට්ඨාසයන්ට මහත් උපකාරයක් වෙයි. එහෙත් සෑම ප්රේතයකුටම ද මෙසේ පින් අනුමෝදන් වීමේ ශක්තිය නැත. සමහර ප්‍රේත කොට්ඨාසයන්ට සෙසු අය අනුමෝදන් කරවන පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීමේ හැකියාව නොමැති බැවින් එයින්ද සුවපත්භාවය නොලබති.

ප්‍රේතයන් පිළිබඳ විස්තර කිරීමේ දී නිජ්ඣාමතණ්හික යනුවෙන් ප්‍රේත කොටසක් ගැන සඳහන් වේ. ඔවුන්ගේ ස්වභාව වන්නේ බිල සහිත ගසක ඇතුළත හටගත් ගිනි කඳක් මෙන්, කළ අකුසල කර්ම නිසා තැවෙන දැවෙන ස්වභාවයි. මොවුන් උදෙසා පින්දීම ප්‍රයෝජනවත් නැත. ඔවුන් කල්ප ගණන් අකුසල විපාකය විඳිනු ඇත.

තවද කුප්පිපාසික නමින් තවත් ප්‍රේත කොටසක් ගැන සඳහන් වේ. ඔවුන්ගේ ස්වභාව වන්නේ සෙම් සොටුවත් නොමැතිව සා පිපාසාවෙන් කල්ප ගණන් දුක් විඳීමයි. එම අපද්‍රව්‍යවත් නොලැබීමට තරම් ඔවුන් කර ඇති අකුසල් බලවත් ය. ඒ නිසා අති දීර්ඝ කාලයක් සා පිපාසාවෙන් පෙළෙමින් කල් ගෙවීමට සිදුවීම ඔවුන්ගේ ස්වභාවයි. ඔවුන්ටත් පින්වලින් උපකාර කිරීමට අපහසුය. පාංසුපිසාචක යනුවෙන් තවත් ප්‍රේත කොටසක් ගැන සඳහන් වේ. ඔවුන්ගේ ස්වභාව වන්නේ කසල ගොඩවල් ආදී අපවිත්‍ර තැන්වල ආහාර සොයා ඇවිද ලබා ගන්නා අපවිත්‍ර ආහාරයක පිහිටෙන් ජීවත්වීමයි. ඔවුන්ට ද අන්‍යයන් ලබාදෙන පින් අනුමෝදන් වීමේ ශක්තියක් නොමැත.

ඊළඟ ප්‍රේත කොටස පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසයයි. ඔවුහු පින් ලබාගැනීමට සුදුසු වෙති. අනුන් දෙන පින්පෙත් ආදිය බලාපොරොත්තු වෙමින් අනුන් නිසා ජීවිතය පවත්වාගෙන යති. අප පින්කම් සිදුකරමින් පින් අනුමෝදන් කරන විට එම පින අනුමෝදන්වීමේ ශක්තිය ඇත්තේ මේ පරදත්තූප ජීවි ප්‍රේත කොටසට පමණකි. බොහෝ මළගිය ඥාති මිත්‍රාදීන් මේ ප්‍රේත කොට්ඨාසයෙහිත් ඉපිද දුක් විඳින බැවින් පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ ජීවිත සුවපත්වීමට හේතුවෙයි.

දුගතියෙහි උපදින සෑම සත්වයකුම ප්‍රේත ගණයට අයත් වන්නේ නැත.නරක, තිරිසන්, ප්‍රේත සහ අසුර යනුවෙන් අපාය සතරකි. අපාය යන්නෙහි තේරුම ‘සැපයෙන් පහ වූ’ යන්නයි. කුමන අපායක ඉපදුණත් වචනයෙන් විස්තර කරලිය නොහෙන දුක් විඳින්නට සිදුවීම ස්වභාවයි. මෙහිදී ප්‍රේත කොට්ඨාස පිළිබඳ කතා කරතහොත් ඔවුන්ගේ අකුසල විපාකයට අනුව ශරීර ස්වභාවද විවිධ වන අයුරු විස්තර වශයෙන් සඳහන් කර ඇත.

සමහර ප්‍රේත කොටස්වල ශරීර ස්වභාව ඉතා කර්කශව පෙනෙයි. සම සහ නහරවැල් ඇට පෙනෙන සේ වියැකී ගොස් ඇති ශරීර ඉතා අවලස්සනය. ඉවසාගත නොහැකි අයුරෙන් ඔවුන් වෙතින් දුර්ගන්ධයක් ද හමයි. ආහාරපාන නොමැතිව නිරන්තරයෙන් දුක් විඳින අතර ප්‍රමාණවත් ආහාරයක් කිසිදිනෙක නොලබයි.

බොහෝ ප්‍රේතයන් හට ආහාර වශයෙන් ලැබෙන්නේ මිනිසුන්ගේ සහ තිරිසන් සතුන්ගේ සිරුරුවලින් පිට කරන අපද්‍රව්‍යයි. ඇතැම් ප්‍රේත කොට්ඨාස තම ශරීරයේම කොටස් ආහාර ලෙස ගනිති.

අසුර නිකායට අයත් කාලකඤ්ජික නමින් හැඳින්වෙන ප්‍රේත කොටස තුන් ගවුවක් තරම් වන සිරුරු ලබති. ශරීරය මස් ලේ නැති වියැළී ගිය කොළ වැනි ස්වභාවයකින් යුතුය. දෙඇස් කකුළුවන්ගේ ඇස් මෙන් පිටට නෙරා ඇත. හිස මුදුනේ ඇස් දෙක පිහිටා ඇති අතර ඉදිකටු මලක් මෙන් කට ඉතා කුඩාය.

ලෝවැඩ සඟරාවෙහි ප්‍රේතයන් පිළිබඳ මේ කවිය සඳහන් වේ.

උපනත් පේතව පවු කොට නොපනත්

කලෙකත් නොලැබෙයි සෙම් සොටු පමණත්

උගුරත් නොතෙමෙයි සුර ගඟ වැටුණත්

කලෙකත් පින් නොකළැකි මැයි සිතුනත්

නොහොබිනා පවුකම් කොට ප්‍රේත ආත්මයෙහි උපත ලදහොත් කලාතුරකින් හෝ සෙම්, සොටු පමණවත් ආහාරයක් නොලැබේ. අහස් ගංගාවෙහි වැටුණත් දිය බිඳෙකින් උගුරවත් නොතෙමෙන්නේ ය. සිතුනත් කිසි කලෙක පිනක් කළ නොහැකිය.

මේ ආදී කරුණු පරීක්ෂා කර බැලීමේ දී ප්‍රේත කොටස් සහ විශේෂයෙන් පින් ලබා ගැනීමේ ශක්තිය ඇති ප්‍රේත කොටස් පිළිබඳ අපට වටහාගත හැකි ය. තිරෝකුඩ්ඩ සූත්‍රය, ප්‍රේත වස්තු ප්‍රකරණය, දික්සඟි අටුවාව, ධම්මපදට්ඨ කතාව සහ සංයුක්ත නිකායේ ලක්ඛණ සංයුක්තය ආදිය පරිහරණය කිරීමෙන් මේ ප්‍රේත කොටස් පිළිබඳ තවදුරටත් අපට දැනුම ලබා ගත හැකිය. අප නමින් මියගිය ඥාතීන් කුමන ආත්මභාවයක් ලබා සිටීද යන්න අපට ස්ථිරව කිව නොහැකි නිසා ඔවුන් උදෙසා පින් අනුමෝදන් කිරීම කළ යුතු ය. එය චාරිත්‍රයක්, යුතුකමක් වශයෙන් මෙන්ම කළගුණ සැලකීමේ ගුණයක් ලෙසින්ද පෙන්වා දිය හැකි ය. ඒ ආකාරයෙන් සිදු කරන පුණ්‍ය කර්මවල විපාක තමනට ද සැප පිණිස පවතී. එබැවින් දස පුණ්‍ය ක්‍රියාවන්ට අයත් ‘පත්තානුමෝදනා’ නම් වූ එම උතුම් පින්කම සිදුකර, මියගිය ඥාතීන්ගේ ජීවිත සුවපත් කිරීමටත්, අපගේ ජීවිත සුවපත් කර ගැනීමටත් උත්සාහවත් වෙමු.

ගත්තේ ..http://www.lakehouse.lk/budusarana/2012/03/22/tmp.asp?ID=fea07

[QUOTE="wp19, post: 12358854, member: 373060"] [b]පින් ගන්නට බලා සිටින දුගති සත්වයෝ ....[/b] ගොඩක් අයට වගේම මටත් තියෙන ප්‍රස්නයක් ගැන තමයි අද දාන්න කල්පනා කලේ ... ඉතිං වෙලාවක් තිබ්බොත් බලන්න ... හැමෝටම ප්රයොජවත් වෙයි කියල හිතනවා ... :yes: [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=38374&stc=1&d=1332423132[/IMG] [SIZE="4"]පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසය පින් ලබාගැනීමට සුදුසු වෙයි. අනුන් දෙන පින්පෙත් ආදිය බලාපොරොත්තු වෙමින් අනුන් නිසා ජීවිතය පවත්වාගෙන යයි. අප පින්කම් සිදුකරමින් පින් අනුමෝදන් කරන විට එම පින අනුමෝදන්වීමේ ශක්තිය ඇත්තේ මේ පරදත්තූප ජීවි ප්‍රේත කොටසට පමණකි. බොහෝ මළගිය ඥාති මිත්‍රාදීන් මේ ප්‍රේත කොට්ඨාසයෙහිත් ඉපිද දුක් විඳින බැවින් පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ ජීවිත සුවපත්වීමට හේතු වෙයි. මිනිසත් බව ලැබ සිටියද සියලු දෙනාම මේ ලැබුවා වූ දුර්ලභ මනුෂ්‍යාත්මභාවයෙහි වටිනාකම හඳුනාගෙන කටයුතු නොකරති. එබැවින් ලද වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන, කුසල් දහම්හි නොයෙදී සිට හිස් මිනිසුන් වශයෙන් මිය යන පුද්ගලයෝ බොහෝ වෙති. ඔවුන්ගේ පරලොව ජීවිතය සැපදායක වෙතැයි සිතීම උගහටය. ‘දුල්ලභංච මනුස්සත්තං’ යනුවෙන් මිනිස් ආත්මභාවයක් ලැබීමේ ඇති අතිදුලබ බව පෙන්වාදී තිබේ. එබඳු අතිශය දුර්ලභ වාසනාවකට හිමිකම් කියන අප අතරෙහි මිනිසුන්ව ඉපදුන ද තිරිසනුන් මෙන් හැසිරෙන ක්‍රියා කරන තැනැත්තන් හිඟ නැත. තම තමන්ටත් සෙසු සමාජයටත් අපගෙන් ඉටුවිය යුතු යුතුකම් බොහෝ තිබේ. ඒ අතරිනුත් විශේෂයෙන් දහමෙහි හැසිරීමේ වශයෙන්, පිළිවෙත් පිරිම් වශයෙන් තම තමන් කෙරෙහි යුතුකම් ඉටුකරගත යුතු ය. සෙසු අයට යහපත සැලසීමේ මඟ ද එයයි. තමන්ට යහපත සිදුකර නොගන්නා, තමා විෂයෙහි මෛත්‍රී සහගත නොවන තැනැත්තා සමාජයට යහපතක් සිදුකරන්නේ කෙසේද? කෙසේ නමුත් මෙබඳු වූ නිවැරැදි දැක්මක් නොමැතිව හිඳිමින්, ලැබුවා වූ මනුෂ්‍යාත්ම භාවයෙන් පිරිහී දුගතියෙහි උපදින සත්වයන් බොහෝ ය. ඇතැමුන් ප්‍රේතයන්, භූතයන් වශයෙන් උපත ලබා පෙර භවයේ පවුලේ ඥාතීන්ට හිරිහැර පමුණුවන අවස්ථාද ඇත. එසේම සමහර ප්‍රේතයෝ සාපිපාසා ආදි අනේක දුක්ඛයන්ගෙන් පෙළෙමින් උදව් ඉල්ලා, නෑ පිරිසට බල කරති. මෙවැනි අවස්ථාවලදී නෑදෑ පිරිස කළ යුත්තේ කුමක්දැයි විමසා බැලීම වැදගත් වේ. බිම්බිසාර රජතුමා වේළුවනාරාමය කරවා බුදුසසුනට පූජා කළ බව සෑම දෙනකුම දන්නා කරුණකි. එම ආරාමය පූජා කළ දිනයෙහි රාත්‍රී මැදියම් යාමයෙහි රජතුමා ඉදිරියෙහි ප්‍රේතයන් විශාල පිරිසක් හඬා වැළැපෙමින් සිටිනු දුටු රජතුමා පසුදින උදෑසනින්ම බුදුරජාණන් වහන්සේ හමු වී මේ කාරණය දන්වා සිටියේ ය. පෙර ආත්මභාවයක බිම්බිසාර රජුගේ ඥාතීන් පිරිසක් දන්වැට සොරා කෑ බවත් එම අකුසල කර්මයෙහි විපාක වශයෙන් නිරයෙහි ඉපිද බොහෝ කලක් දුක් විඳ, ඉන් අනතුරුව ප්‍රේත යෝනියේ උපත ලබා තුන් බුද්ධාන්තරයක් කල් සා පිපාසාවෙන් පෙළී දුක් විඳින අතර මෙසේ රජතුමා ඉදිරියේ පෙනී සිටි බවත් බුදුපියාණන් වහන්සේ පැහැදිලි කර දුන් සේක. දුක්විඳින ඥාති ප්‍රේතයන් සුවපත් කිරීම සඳහා පින් අනුමෝදන් කළ යුතු බව බුදුහිමියෝ දේශනා කළහ. බිම්බිසාර රජු බුදුපාමොක් මහ සඟනට දන් පිළිගන්වා එම ප්‍රේතයන් හට පින් අනුමෝදන් කරවීය. එම පින් අනුමෝදන්ව දිව බොජුන් ලබා සුවපත් වූ ඥාති ප්‍රේතයෝ එදින රැයෙහිද රජතුමා ඉදිරියේ පෙනී සිටියහ. එහෙත් ඔවුන් නිරුවත්ව පෙනී සිටි නිසා රජු එම කරුණ ද පසුදින නැවතත් බුදුහිමියන් හමුව සැල කළේ ය. එයට හේතුව වස්ත්‍ර පූජා නොකිරීම බව බුදුහිමියන්ගෙන් දැනගත් රජතුමා නැවතත් බුදුපාමොක් මහසඟනට පූජා පවත්වමින් චීවර සහ ආසන ආදියද පිදීමට කටයුතු කළේ ය. එම පින් අනුමෝදන් වූ ඥාති ප්‍රේතයන් සම්පූර්ණයෙන් එම දුකෙන් නිදහස්ව සැප විපාක ලැබූ බව සඳහන් වේ. තිරෝකුඩ්ඩ සූත්‍රයෙහි එම ප්‍රේතයන් පිළිබඳ විස්තරය ඇතුළත්ය. මෙයින් අපට පැහැදිලි වන්නේ මිනිසුන් වශයෙන් ජීවත්ව සිටියදී අකුසල කර්ම සිදුකොට ඊළඟ ආත්මභාවයන්හි දුක් විපාක විඳීමට සිදුවන ආකාරයයි. ජීවත්ව සිටින අපට එබඳු දුගති සත්වයන් වෙනුවෙන් කළ හැකිවන්නේ පින් අනුමෝදන් කිරීමයි. එම පුණ්‍ය ශක්තිය දුක්විඳින සත්ව කොට්ඨාසයන්ට මහත් උපකාරයක් වෙයි. එහෙත් සෑම ප්රේතයකුටම ද මෙසේ පින් අනුමෝදන් වීමේ ශක්තිය නැත. සමහර ප්‍රේත කොට්ඨාසයන්ට සෙසු අය අනුමෝදන් කරවන පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීමේ හැකියාව නොමැති බැවින් එයින්ද සුවපත්භාවය නොලබති. ප්‍රේතයන් පිළිබඳ විස්තර කිරීමේ දී නිජ්ඣාමතණ්හික යනුවෙන් ප්‍රේත කොටසක් ගැන සඳහන් වේ. ඔවුන්ගේ ස්වභාව වන්නේ බිල සහිත ගසක ඇතුළත හටගත් ගිනි කඳක් මෙන්, කළ අකුසල කර්ම නිසා තැවෙන දැවෙන ස්වභාවයි. මොවුන් උදෙසා පින්දීම ප්‍රයෝජනවත් නැත. ඔවුන් කල්ප ගණන් අකුසල විපාකය විඳිනු ඇත. තවද කුප්පිපාසික නමින් තවත් ප්‍රේත කොටසක් ගැන සඳහන් වේ. ඔවුන්ගේ ස්වභාව වන්නේ සෙම් සොටුවත් නොමැතිව සා පිපාසාවෙන් කල්ප ගණන් දුක් විඳීමයි. එම අපද්‍රව්‍යවත් නොලැබීමට තරම් ඔවුන් කර ඇති අකුසල් බලවත් ය. ඒ නිසා අති දීර්ඝ කාලයක් සා පිපාසාවෙන් පෙළෙමින් කල් ගෙවීමට සිදුවීම ඔවුන්ගේ ස්වභාවයි. ඔවුන්ටත් පින්වලින් උපකාර කිරීමට අපහසුය. පාංසුපිසාචක යනුවෙන් තවත් ප්‍රේත කොටසක් ගැන සඳහන් වේ. ඔවුන්ගේ ස්වභාව වන්නේ කසල ගොඩවල් ආදී අපවිත්‍ර තැන්වල ආහාර සොයා ඇවිද ලබා ගන්නා අපවිත්‍ර ආහාරයක පිහිටෙන් ජීවත්වීමයි. ඔවුන්ට ද අන්‍යයන් ලබාදෙන පින් අනුමෝදන් වීමේ ශක්තියක් නොමැත. ඊළඟ ප්‍රේත කොටස පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසයයි. ඔවුහු පින් ලබාගැනීමට සුදුසු වෙති. අනුන් දෙන පින්පෙත් ආදිය බලාපොරොත්තු වෙමින් අනුන් නිසා ජීවිතය පවත්වාගෙන යති. අප පින්කම් සිදුකරමින් පින් අනුමෝදන් කරන විට එම පින අනුමෝදන්වීමේ ශක්තිය ඇත්තේ මේ පරදත්තූප ජීවි ප්‍රේත කොටසට පමණකි. බොහෝ මළගිය ඥාති මිත්‍රාදීන් මේ ප්‍රේත කොට්ඨාසයෙහිත් ඉපිද දුක් විඳින බැවින් පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ ජීවිත සුවපත්වීමට හේතුවෙයි. දුගතියෙහි උපදින සෑම සත්වයකුම ප්‍රේත ගණයට අයත් වන්නේ නැත.නරක, තිරිසන්, ප්‍රේත සහ අසුර යනුවෙන් අපාය සතරකි. අපාය යන්නෙහි තේරුම ‘සැපයෙන් පහ වූ’ යන්නයි. කුමන අපායක ඉපදුණත් වචනයෙන් විස්තර කරලිය නොහෙන දුක් විඳින්නට සිදුවීම ස්වභාවයි. මෙහිදී ප්‍රේත කොට්ඨාස පිළිබඳ කතා කරතහොත් ඔවුන්ගේ අකුසල විපාකයට අනුව ශරීර ස්වභාවද විවිධ වන අයුරු විස්තර වශයෙන් සඳහන් කර ඇත. සමහර ප්‍රේත කොටස්වල ශරීර ස්වභාව ඉතා කර්කශව පෙනෙයි. සම සහ නහරවැල් ඇට පෙනෙන සේ වියැකී ගොස් ඇති ශරීර ඉතා අවලස්සනය. ඉවසාගත නොහැකි අයුරෙන් ඔවුන් වෙතින් දුර්ගන්ධයක් ද හමයි. ආහාරපාන නොමැතිව නිරන්තරයෙන් දුක් විඳින අතර ප්‍රමාණවත් ආහාරයක් කිසිදිනෙක නොලබයි. බොහෝ ප්‍රේතයන් හට ආහාර වශයෙන් ලැබෙන්නේ මිනිසුන්ගේ සහ තිරිසන් සතුන්ගේ සිරුරුවලින් පිට කරන අපද්‍රව්‍යයි. ඇතැම් ප්‍රේත කොට්ඨාස තම ශරීරයේම කොටස් ආහාර ලෙස ගනිති. අසුර නිකායට අයත් කාලකඤ්ජික නමින් හැඳින්වෙන ප්‍රේත කොටස තුන් ගවුවක් තරම් වන සිරුරු ලබති. ශරීරය මස් ලේ නැති වියැළී ගිය කොළ වැනි ස්වභාවයකින් යුතුය. දෙඇස් කකුළුවන්ගේ ඇස් මෙන් පිටට නෙරා ඇත. හිස මුදුනේ ඇස් දෙක පිහිටා ඇති අතර ඉදිකටු මලක් මෙන් කට ඉතා කුඩාය. ලෝවැඩ සඟරාවෙහි ප්‍රේතයන් පිළිබඳ මේ කවිය සඳහන් වේ. උපනත් පේතව පවු කොට නොපනත් කලෙකත් නොලැබෙයි සෙම් සොටු පමණත් උගුරත් නොතෙමෙයි සුර ගඟ වැටුණත් කලෙකත් පින් නොකළැකි මැයි සිතුනත් නොහොබිනා පවුකම් කොට ප්‍රේත ආත්මයෙහි උපත ලදහොත් කලාතුරකින් හෝ සෙම්, සොටු පමණවත් ආහාරයක් නොලැබේ. අහස් ගංගාවෙහි වැටුණත් දිය බිඳෙකින් උගුරවත් නොතෙමෙන්නේ ය. සිතුනත් කිසි කලෙක පිනක් කළ නොහැකිය. මේ ආදී කරුණු පරීක්ෂා කර බැලීමේ දී ප්‍රේත කොටස් සහ විශේෂයෙන් පින් ලබා ගැනීමේ ශක්තිය ඇති ප්‍රේත කොටස් පිළිබඳ අපට වටහාගත හැකි ය. තිරෝකුඩ්ඩ සූත්‍රය, ප්‍රේත වස්තු ප්‍රකරණය, දික්සඟි අටුවාව, ධම්මපදට්ඨ කතාව සහ සංයුක්ත නිකායේ ලක්ඛණ සංයුක්තය ආදිය පරිහරණය කිරීමෙන් මේ ප්‍රේත කොටස් පිළිබඳ තවදුරටත් අපට දැනුම ලබා ගත හැකිය. අප නමින් මියගිය ඥාතීන් කුමන ආත්මභාවයක් ලබා සිටීද යන්න අපට ස්ථිරව කිව නොහැකි නිසා ඔවුන් උදෙසා පින් අනුමෝදන් කිරීම කළ යුතු ය. එය චාරිත්‍රයක්, යුතුකමක් වශයෙන් මෙන්ම කළගුණ සැලකීමේ ගුණයක් ලෙසින්ද පෙන්වා දිය හැකි ය. ඒ ආකාරයෙන් සිදු කරන පුණ්‍ය කර්මවල විපාක තමනට ද සැප පිණිස පවතී. එබැවින් දස පුණ්‍ය ක්‍රියාවන්ට අයත් ‘පත්තානුමෝදනා’ නම් වූ එම උතුම් පින්කම සිදුකර, මියගිය ඥාතීන්ගේ ජීවිත සුවපත් කිරීමටත්, අපගේ ජීවිත සුවපත් කර ගැනීමටත් උත්සාහවත් වෙමු.[/SIZE] ගත්තේ ..[URL="http://www.lakehouse.lk/budusarana/2012/03/22/tmp.asp?ID=fea07"]http://www.lakehouse.lk/budusarana/2012/03/22/tmp.asp?ID=fea07[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom