Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පින නම් වූ සැපය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින් කිරීමට වගේ ම, පින් සිත රැක ගැනීමටත් බොහෝ දක්ෂ විය යුතු ය. එසේ දක්ෂ වුවහොත් පින්කම් නාමයෙන් අනන්තවත් පව් රැස් කර ගන්නන් අතර අහිංසක ව, ශ්‍රද්ධාවෙන් ඔබ කරන පින අන් සියල්ල අභිබවා දිනෙක සුගතියේ ඉහළට ම ඔබව රැගෙන යනු ඇත. දුක සේ රැස් කළ පින්වලින් පිරුණු ජීවිතය සසරින් එතෙර කරවන තුරු ම සැප සලසාලමින් සෙවනැල්ල සේ ඔබ ළඟින් ම හිඳිනු ඇත.

අප භාග්‍යවතුන් වහන්සේ පින යනු සැපයයි වදාළේ පින ගැන පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළේ උන්වහන්සේ ම නිසා ය. බුදුන් වහන්සේ වදාළ එකී ධර්මය ගැන කිසිදු දැනුමක් නැති, ධර්මය ජීවිතයේ අහලකවත් නැති මේ කාලේ රඟ දෙන සමහර උපාසක චරිත පින හඳුනන්නේ නැත. දහස් ගණන්, ලක්ෂ ගණන් වියදම් කරනා නමුත් පුංචි පිනක්වත් රැස් කර නොගෙන බොරු සෝබන වැඩවලින් බුදුරජුන් පුදන්නට දැඟලීම ඔවුන්ගේ පින් කෙරිල්ල යි. සමාජයත්, රටත්, ලෝකයත් රැවටිය හැක. නමුත් කිසිදාක තම සිත රැවටිය නොහැක. පින්කම් නාමයෙන් සිත යට තැන්පත් වුණේ රැවටීම, බොරුව, වංචාව නම් ඒ දේවල් කවදා හරි ඔවුන්ට ම ය. රැවටෙන අයෙක් නම් නැත. බොරු රඟපෑමෙන් යා හැකි සුගතියක් ද නැත. පිටින් ඉඳන් සාදුකාර දී අනුමෝදන් වූවෝ මහත්ඵල පින් රැස් කර ගනිද්දී, බුදු පුදට ගරහමින් සිත් දූෂිත කර ගන්නවුන් පව් රැස් කර ගැනීම වැළැක්විය නොහැක.

මෙවන් හිස් රූකඩ චරිත හා බැලූ කල අප ගෞතම බුදු හිමියන්ගේ අග්‍ර ගිහි උපාසක වූ අනේපිඬු සිටුතුමන් පින් රැස් කිරීම පිණිස දිවිය ම කැප කළ මහා පිනැතියෙක් ම ය. ධන සම්පත්තියෙන් පමණක් නොව ප්‍රඥා සම්පත්තියෙන් ද ඔහු සැබෑ ම ධනවතෙකි. අප ගෞතම බුදු හිමියන් කෙරෙහි ඔහුගේ තිබූ පැහැදීම කොයිතරම් නම් ඉහළ ද කියා කීර්ති ඝෝෂා පැතිර ගියේ ජේතවන භූමිය රන් කහවණුවලින් අතුරා මිල දී ගැනීමේ මහා පුණ්යක්රියාවෙන් ය. ඒ භූමියෙහි සොඳුරු මනරම් විහාරයක් කොට බුද්ධප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කිරීමෙන් තෙරුවන කෙරෙහි එතුමන්ගේ තිබූ නොසෙල්වෙන ශ්රද්ධාවත්, සසරෙහි පිරූ පින් බල මහිමයත් තුළින් ගෞතම ශ්‍රාවක, ශ්‍රාවිකා සිත් පිනට ම නැඹුරු කරවමින් මුළු බුද්ධ ශාසනය ම පුණ්‍ය ප්‍රවාහයක් කළේය.

බාහිර ව කරනා සියලු ආයෝජනයන්හි ප්රතිලාභ මේ ජීවිතයේ මරණයෙන් අහිමිව යන්නේ ය. ලොව වෙසෙනා සියලු ධනවතුන්ට මේ න්‍යාය මෙසේ ම ය. මේ ජීවිතයෙන් මතුවටත් ප්රතිලාභ ලැබිය හැකි එකම ආයෝජන ක්‍රමය නම් පින් කිරීමයි. දුකෙන් එතෙර වන මේ පුණ්‍ය ක්ෂේත්රය ලොවට හෙළි කලේ දෙව් මිනිසුන්ගේ පිනට ම පහළ වන බුදුවරුන් ය. ඒ බුද්ධ වචනය හිස්මුදුනින් ම පිළිගනිමින්, ජීවිතවලට හුරු කර ගනිමින් එකල ජීවත් වූ අනේපිඬු සිටුතුමන්, කොසොල් මහ රජතුමන්, විශාඛා මහෝපාසිකාවන්, බන්ධුල මල්ලිකාවන් ආදී බොහෝ ධනවතුන් බුද්ධ ප්රමුඛ මහ සඟරුවන වෙනුවෙනුත්, අන් සියලු සත වෙනුවෙනුත් තමා සතු ධනය සතුටින් ම අත්හළේය. එලෙස සිදු කළේ බුදු හිමියන් පෙන්වා වදහළ පුණ්‍ය ප්‍රතිපදාවේ පිහිටා ය. එම පුණ්‍ය ආයෝජනයන්ගෙන් අද ඔවුන් ලබන්නා වූ ප්‍රතිලාභය කාට නම් සිතිය හැකි ද? එසේ නම් අන් අයගේ සැපය වෙනුවෙන් යමක් අත්හැරීම යනු මතු සැප සලසන, තමා වෙනුවෙන් ම කරනා පුණ්‍යවන්ත ආයෝජනයක් ම වන්නේ ය.

මතු උපත කොයි අත සිදුවේදැයි අප දන්නේ නම් නොකා නොබී, නිදා නොගෙන, ගිනි ගත් හිසේ ගින්න නිවා ගැනීමටත් පෙර පින් කිරීමට – ධර්මයේ හැසිරීමට අප උත්සාහවත් වනු ඇත. ඉපදීම, ලෙඩ වීම, ජරාවට පත් වීම, මරණය යනු දුකක් ලෙස දකින්නට සිත් සංවේදී නොවන තාක් ම මිනිසුන් සිටින්නේ ධර්මයට බොහෝ ඈතින් ය. එනිසා ම බුදු හිමියන් වදාළ දාන, සීල, භාවනාවෙන් ඔපවත් වූ සොඳුරු නිවන් මගෙන් ද ඔවුන් වෙසෙන්නේ බැහැර ව ය. යන මඟක් ගැන අවබෝධයක් නැතිව ජීවිතය ඉබාගාතයේ අරන් යන වැල්පොටක් පමණක් අල්ලන් සිටිනා අසරුවන් නම් ඔවුන් ම ය. නිවැරදි මාවත් බොහෝ ය, මඟ පෙන්වන්නන් ද එමට ය, නමුත් ඔවුන් හති වැටෙනා තුරු ම, හැට පනිනා තුරු ම හිතුමනාපෙට ඉබාගාතයේ ම කරක් ගසන්නේය. ඉඳගන්න, හිටගන්නවත් වාරුවක් නැති දාක, මහා වේගෙන් දුවන්න හිතාගෙන ගොඩ වෙති ඔවුහු නිවන් මඟට. හණි හණිකට ඔක්කෝම කර ගන්නට පෙර නොතිබුණු හදිස්සිය තිබුණාට එදාට, ප්‍රමාදය ම පසුතැවීමට හේතුව වන්නේ ය. භාග්‍යවතුන් වහනසේ වදහළ ලෙස, දිය සිඳීගිය විල් ළඟට වී සුසුම් හෙළනා කොකුන්, කෙකිණියන් නම් ඔවුන් ම ය.

උදේ පාන්දර ඉඳන් ම, ගමක් ගානේ, පන්සලක් ගානේ මෙන් ම ටීවී රේඩියෝ ආදී මාධ්‍යයන් ඔස්සේ ද ධර්මය රැව් පිළිරැව් දුන්න ද ඒවායින් ඵල ලැබ ගන්නෝ සුළුතරයකි. බහුතරය සංගීතයෙන් ම සියලු සැප ලබන්නෝ ය. ධර්මයක් ඇසෙන විට ඔවුන්ගේ සවන් අගුළු වැටෙන්නේ ය. නිරයෙන් මිදෙන, සුගතියට මඟ කියන ලොව්තුරු ධර්මය ඇසෙන විට මර නින්දේ සිටින, අඳුරෙන් අඳුර කරා ම යන්නෝ ඔවුන් ම ය. මර නින්දේ දකිනා සිහිනයක් නොවෙයි ජීවිතය… බොහෝ අයට නොසිතුණාට මේ ගෙවෙමින් යන්නේ අති දුර්ලභ ක්ෂණ සම්පත්තිය යි. ආරක්ෂා වීමේ මඟත්, විනාශයට මඟත් විවරව ඇති ලෝකයක නිවැරදි මඟ පෙන්වන්නන්ගෙන් අසා හෝ මඟ තෝරා ගැනීම ඔබ සතු ය. ඉබාගාතයේ යන්නවුන් අතර නිසි මාවතේ ජීවිතය හසුරුවන දක්ෂ අසරුවන් වන්නේ ධර්මය දායාද කර ගත්තවුන් පමණි.

“මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ. සුඛස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤානි.”

“මහණෙනි, පිනට බය නොවව්! මහණෙනි, පින යනු සැපයට කියන නමෙකි!

මහණෙනි, මම වනාහී බොහෝ කලක් කරන ලද පින්වල ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ විපාක බොහෝ කල් විඳින ලද බව හොඳින් දනිමි. සත් වර්ෂයක් මෛත්‍රී චිත්තය දියුණු කළෙමි. සත් වර්ෂයක් මෛත්‍රී චිත්තය දියුණු කොට නැසෙන වැඩෙන සත් කල්පයක් මේ මිනිස් ලොවට නැවත නොපැමිණියෙමි. ලෝකය නැසෙන කල්හී මම ආභස්සර ලොවට පැමිණියෙමි. ලෝකය හැදෙන කල්හී ශූන්‍ය වූ බ්‍රහ්ම විමානයක උපන්නෙමි. මහණෙනි, එහි ද මම බ්‍රහ්මයා වෙමි. මහා බ්‍රහ්මයා වෙමි. සියල්ල මැඩලමි. අනුන් විසින් නොමැඩිය හැක්කෙමි. සියල්ල දක්නාසුලු වූයෙමි.

වසඟයෙහි පැවැත්වූයෙමි. මහණෙනි, මම වනාහී තිස් හය වතාවක් ශක්‍ර දේවේන්ද්‍ර තනතුර ලැබුවෙමි. ධාර්මික වූ, ධර්මරාජ වූ චක්‍රවර්තී රජු වූයෙමි. සිව් මහා සමුදුර හිම් කොට ඇති පෘථිවියෙහි දිනන ලද්දෙමි. ජනපදයන්හි ස්ථිරභාවයට පත් වූයෙමි. සප්ත රත්නයෙන් යුක්ත වූයෙමි. මහණෙනි, ඒ මට මේ සප්ත රත්නයෝ තිබුණාහු ය. එනම් චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය සහ සත්වැනි පුත්‍රරත්නය යි. මහණෙනි, මට ශූර වීර වූ පරසෙන් මඩින්නා වූ දහසකට වැඩි පුත්‍රයෝ සිටියාහු ය. එබඳු වූ මම සයුර හිම් කොට පොළොව දඬු මුගුරුවලින් තොර ව, අවි ආයුධවලින් තොර ව, ධර්මයෙන් දිනා වාසය කළෙමි.”

(මා පුඤ්ඤභායී සූත්‍රය – අං. නි. 4)

මෙවන් ආනුභාව සම්පන්න ජීවිත උරුම කර දෙන පින නම් සැපයක් ම වන්නේය. අප ශාස්තෘන් වහන්සේ මේ උතුම් නිවන් මඟ දෙව් මිනිසුන්ට පෙන්වා වදාළා සේ ම, ඒ නිවන් මගෙහි ආරක්ෂා සහිත ව ගමන් කරන්නට තමා තුළ ගොඩනගාගත යුතු පින් බලය සහ කුසල් බලය රැස් කර ගන්නා අයුරු ද මනා කොට පෙන්වා වදාළහ. විනාශයට යන සිත අහුරාලමින්, දියුණුවට යන සිතට මඟ හෙළි කර දෙමින් අපේ ජීවිතවලට භාග්‍යවතුන් වහන්සේ මොනතරම් නම් රැකවරණයක් සලසා ඇද්ද?

මනුලොව මහා පින් කරද්දී දෙව්ලොව සුර සැප විමන් මැවෙනා පින නම් අප ගෞතම මුනිඳුන් පෙන්වා වදාළ ලෙස ඒකාන්තයෙන් ම සැපයක් ම ය. අප ගෞතම මුනි රජුන්ගේ ශ්‍රාවකයෙක් වූ නන්දිය නම් උපාසක දෙව්ලොවට පවා දැනෙන සේ පින් කළ මහා පිනැතියෙකි. බුද්ධ ප්රමුඛ මහා සංඝයා කෙරෙහි පැහැදුණු සිතින් සෙනසුන් ශාලා හතරක් තනා අත පැන් වඩා එය බුදු රජුන්ට පූජා කළ මොහොතේ ම ඔහු නමට තව්තිසාවේ මනරම් දිව්‍ය විමානයක් පහළ විය. එනමුදු තමා සමඟ විවාහ දිවියක් ගත කළ, රේවතී නම් බිරිඳ මේ පින්කම් අනුමෝදන් වූයේ නැත. ඇය මේවාට අකුල් හෙළමින්, වළකාලන්නට ම උත්සාහ කළාය. නොදැන වුවත් ඇය විසින් වළකාලූයේ ඇගේ ම සුගති සැපය යි. ඇයට විපාක ලැබුණේ මරණින් මතු නොව, යක්ෂයින් දෙදෙනෙක් පැමිණ පණ පිටින් ම ඇය ව නිරයට ඇදගෙන ගියහ. එසේ නම් මේ ජීවිතයේ කාට බැඳිලා සිටිය ද තමා යන තැනට යන්නේ බැඳීම් ලිහාගෙන තනි තනිව ම ය. සැමියා, බිරිඳ, මව, පියා, ඥාතියා හිතවතා යන බැඳීම් බලපවතින්නේ මෙලොවට පමණි. සියල්ල මෙහි දමා පින්, පව පමණක් අරන් යන්නට සිදු වන්නේය.

“අත්තා හි අත්තනෝ නාථෝ

කෝ හි නාථෝ පරෝ සියා”

“තමාට පිහිට තමා ම ය. බාහිර කවුරු නම් තමාට පිහිට වන්න ද?”

දානය නම් වූ අත්හැරීමෙන් රැස් වන පිනට වඩා සීලය ආරක්ෂා කිරීමෙන් රැස් වන පින මහත් ඵල වෙයි. සිල් ආරක්ෂා කිරීමෙන් රැස් වන පිනට වඩා භාවනා කිරීමෙන් රැස් වන පින මහත් ඵල මහානිශංස වෙයි. මේ උතුම් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් තුළින් ජීවිතයට පින් රැස් කර ගනිමින්, යළි යළිත් දුක ම උරුම වන්නා වූ කාම සැපයන් අරමුණු කර නොගෙන උතුම් නිවන ම අරමුණු කර ගත යුතු ය.

සියල්ල පිරිසිඳ අවබෝධ කළා වූ අප ශාස්තෘන් වහන්සේ මේ කාම ලෝකයේ සැපයන් කිසි ලෙසකින්වත් වර්ණනා නොකළහ. මනුලොව, දෙව්ලොව තබා බඹලොව උපත ද නීච යැයි පෙන්වා වදාළ භාග්‍යවතුන් වහන්සේ උතුම් නිවන් සැපය ම වර්ණනා කරනු ලැබුයේ අන් සියලු සැපයන් නිවන් සැපයට යටත් නිසා ය. එසේ නම් අප රැස් කරනා සියලු පුණ්‍ය ධර්මයන්හි ඒකායන අරමුණ විය යුත්තේ, යළි යළිත් මේ මහ පොළොවට පස් එකතු කරන්නා වූ ඉපදීම, ලෙඩ වීම, මරණය නම් වූ දුකෙන් සදහට ම අපව නිදහස් කරන්නා වූ උතුම් නිවන් සැපය ම යි…!

[QUOTE="asliyanage, post: 27648939, member: 8764"] පින් කිරීමට වගේ ම, පින් සිත රැක ගැනීමටත් බොහෝ දක්ෂ විය යුතු ය. එසේ දක්ෂ වුවහොත් පින්කම් නාමයෙන් අනන්තවත් පව් රැස් කර ගන්නන් අතර අහිංසක ව, ශ්‍රද්ධාවෙන් ඔබ කරන පින අන් සියල්ල අභිබවා දිනෙක සුගතියේ ඉහළට ම ඔබව රැගෙන යනු ඇත. දුක සේ රැස් කළ පින්වලින් පිරුණු ජීවිතය සසරින් එතෙර කරවන තුරු ම සැප සලසාලමින් සෙවනැල්ල සේ ඔබ ළඟින් ම හිඳිනු ඇත. අප භාග්‍යවතුන් වහන්සේ පින යනු සැපයයි වදාළේ පින ගැන පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළේ උන්වහන්සේ ම නිසා ය. බුදුන් වහන්සේ වදාළ එකී ධර්මය ගැන කිසිදු දැනුමක් නැති, ධර්මය ජීවිතයේ අහලකවත් නැති මේ කාලේ රඟ දෙන සමහර උපාසක චරිත පින හඳුනන්නේ නැත. දහස් ගණන්, ලක්ෂ ගණන් වියදම් කරනා නමුත් පුංචි පිනක්වත් රැස් කර නොගෙන බොරු සෝබන වැඩවලින් බුදුරජුන් පුදන්නට දැඟලීම ඔවුන්ගේ පින් කෙරිල්ල යි. සමාජයත්, රටත්, ලෝකයත් රැවටිය හැක. නමුත් කිසිදාක තම සිත රැවටිය නොහැක. පින්කම් නාමයෙන් සිත යට තැන්පත් වුණේ රැවටීම, බොරුව, වංචාව නම් ඒ දේවල් කවදා හරි ඔවුන්ට ම ය. රැවටෙන අයෙක් නම් නැත. බොරු රඟපෑමෙන් යා හැකි සුගතියක් ද නැත. පිටින් ඉඳන් සාදුකාර දී අනුමෝදන් වූවෝ මහත්ඵල පින් රැස් කර ගනිද්දී, බුදු පුදට ගරහමින් සිත් දූෂිත කර ගන්නවුන් පව් රැස් කර ගැනීම වැළැක්විය නොහැක. මෙවන් හිස් රූකඩ චරිත හා බැලූ කල අප ගෞතම බුදු හිමියන්ගේ අග්‍ර ගිහි උපාසක වූ අනේපිඬු සිටුතුමන් පින් රැස් කිරීම පිණිස දිවිය ම කැප කළ මහා පිනැතියෙක් ම ය. ධන සම්පත්තියෙන් පමණක් නොව ප්‍රඥා සම්පත්තියෙන් ද ඔහු සැබෑ ම ධනවතෙකි. අප ගෞතම බුදු හිමියන් කෙරෙහි ඔහුගේ තිබූ පැහැදීම කොයිතරම් නම් ඉහළ ද කියා කීර්ති ඝෝෂා පැතිර ගියේ ජේතවන භූමිය රන් කහවණුවලින් අතුරා මිල දී ගැනීමේ මහා පුණ්යක්රියාවෙන් ය. ඒ භූමියෙහි සොඳුරු මනරම් විහාරයක් කොට බුද්ධප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කිරීමෙන් තෙරුවන කෙරෙහි එතුමන්ගේ තිබූ නොසෙල්වෙන ශ්රද්ධාවත්, සසරෙහි පිරූ පින් බල මහිමයත් තුළින් ගෞතම ශ්‍රාවක, ශ්‍රාවිකා සිත් පිනට ම නැඹුරු කරවමින් මුළු බුද්ධ ශාසනය ම පුණ්‍ය ප්‍රවාහයක් කළේය. බාහිර ව කරනා සියලු ආයෝජනයන්හි ප්රතිලාභ මේ ජීවිතයේ මරණයෙන් අහිමිව යන්නේ ය. ලොව වෙසෙනා සියලු ධනවතුන්ට මේ න්‍යාය මෙසේ ම ය. මේ ජීවිතයෙන් මතුවටත් ප්රතිලාභ ලැබිය හැකි එකම ආයෝජන ක්‍රමය නම් පින් කිරීමයි. දුකෙන් එතෙර වන මේ පුණ්‍ය ක්ෂේත්රය ලොවට හෙළි කලේ දෙව් මිනිසුන්ගේ පිනට ම පහළ වන බුදුවරුන් ය. ඒ බුද්ධ වචනය හිස්මුදුනින් ම පිළිගනිමින්, ජීවිතවලට හුරු කර ගනිමින් එකල ජීවත් වූ අනේපිඬු සිටුතුමන්, කොසොල් මහ රජතුමන්, විශාඛා මහෝපාසිකාවන්, බන්ධුල මල්ලිකාවන් ආදී බොහෝ ධනවතුන් බුද්ධ ප්රමුඛ මහ සඟරුවන වෙනුවෙනුත්, අන් සියලු සත වෙනුවෙනුත් තමා සතු ධනය සතුටින් ම අත්හළේය. එලෙස සිදු කළේ බුදු හිමියන් පෙන්වා වදහළ පුණ්‍ය ප්‍රතිපදාවේ පිහිටා ය. එම පුණ්‍ය ආයෝජනයන්ගෙන් අද ඔවුන් ලබන්නා වූ ප්‍රතිලාභය කාට නම් සිතිය හැකි ද? එසේ නම් අන් අයගේ සැපය වෙනුවෙන් යමක් අත්හැරීම යනු මතු සැප සලසන, තමා වෙනුවෙන් ම කරනා පුණ්‍යවන්ත ආයෝජනයක් ම වන්නේ ය. මතු උපත කොයි අත සිදුවේදැයි අප දන්නේ නම් නොකා නොබී, නිදා නොගෙන, ගිනි ගත් හිසේ ගින්න නිවා ගැනීමටත් පෙර පින් කිරීමට – ධර්මයේ හැසිරීමට අප උත්සාහවත් වනු ඇත. ඉපදීම, ලෙඩ වීම, ජරාවට පත් වීම, මරණය යනු දුකක් ලෙස දකින්නට සිත් සංවේදී නොවන තාක් ම මිනිසුන් සිටින්නේ ධර්මයට බොහෝ ඈතින් ය. එනිසා ම බුදු හිමියන් වදාළ දාන, සීල, භාවනාවෙන් ඔපවත් වූ සොඳුරු නිවන් මගෙන් ද ඔවුන් වෙසෙන්නේ බැහැර ව ය. යන මඟක් ගැන අවබෝධයක් නැතිව ජීවිතය ඉබාගාතයේ අරන් යන වැල්පොටක් පමණක් අල්ලන් සිටිනා අසරුවන් නම් ඔවුන් ම ය. නිවැරදි මාවත් බොහෝ ය, මඟ පෙන්වන්නන් ද එමට ය, නමුත් ඔවුන් හති වැටෙනා තුරු ම, හැට පනිනා තුරු ම හිතුමනාපෙට ඉබාගාතයේ ම කරක් ගසන්නේය. ඉඳගන්න, හිටගන්නවත් වාරුවක් නැති දාක, මහා වේගෙන් දුවන්න හිතාගෙන ගොඩ වෙති ඔවුහු නිවන් මඟට. හණි හණිකට ඔක්කෝම කර ගන්නට පෙර නොතිබුණු හදිස්සිය තිබුණාට එදාට, ප්‍රමාදය ම පසුතැවීමට හේතුව වන්නේ ය. භාග්‍යවතුන් වහනසේ වදහළ ලෙස, දිය සිඳීගිය විල් ළඟට වී සුසුම් හෙළනා කොකුන්, කෙකිණියන් නම් ඔවුන් ම ය. උදේ පාන්දර ඉඳන් ම, ගමක් ගානේ, පන්සලක් ගානේ මෙන් ම ටීවී රේඩියෝ ආදී මාධ්‍යයන් ඔස්සේ ද ධර්මය රැව් පිළිරැව් දුන්න ද ඒවායින් ඵල ලැබ ගන්නෝ සුළුතරයකි. බහුතරය සංගීතයෙන් ම සියලු සැප ලබන්නෝ ය. ධර්මයක් ඇසෙන විට ඔවුන්ගේ සවන් අගුළු වැටෙන්නේ ය. නිරයෙන් මිදෙන, සුගතියට මඟ කියන ලොව්තුරු ධර්මය ඇසෙන විට මර නින්දේ සිටින, අඳුරෙන් අඳුර කරා ම යන්නෝ ඔවුන් ම ය. මර නින්දේ දකිනා සිහිනයක් නොවෙයි ජීවිතය… බොහෝ අයට නොසිතුණාට මේ ගෙවෙමින් යන්නේ අති දුර්ලභ ක්ෂණ සම්පත්තිය යි. ආරක්ෂා වීමේ මඟත්, විනාශයට මඟත් විවරව ඇති ලෝකයක නිවැරදි මඟ පෙන්වන්නන්ගෙන් අසා හෝ මඟ තෝරා ගැනීම ඔබ සතු ය. ඉබාගාතයේ යන්නවුන් අතර නිසි මාවතේ ජීවිතය හසුරුවන දක්ෂ අසරුවන් වන්නේ ධර්මය දායාද කර ගත්තවුන් පමණි. “මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ. සුඛස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤානි.” “මහණෙනි, පිනට බය නොවව්! මහණෙනි, පින යනු සැපයට කියන නමෙකි! මහණෙනි, මම වනාහී බොහෝ කලක් කරන ලද පින්වල ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ විපාක බොහෝ කල් විඳින ලද බව හොඳින් දනිමි. සත් වර්ෂයක් මෛත්‍රී චිත්තය දියුණු කළෙමි. සත් වර්ෂයක් මෛත්‍රී චිත්තය දියුණු කොට නැසෙන වැඩෙන සත් කල්පයක් මේ මිනිස් ලොවට නැවත නොපැමිණියෙමි. ලෝකය නැසෙන කල්හී මම ආභස්සර ලොවට පැමිණියෙමි. ලෝකය හැදෙන කල්හී ශූන්‍ය වූ බ්‍රහ්ම විමානයක උපන්නෙමි. මහණෙනි, එහි ද මම බ්‍රහ්මයා වෙමි. මහා බ්‍රහ්මයා වෙමි. සියල්ල මැඩලමි. අනුන් විසින් නොමැඩිය හැක්කෙමි. සියල්ල දක්නාසුලු වූයෙමි. වසඟයෙහි පැවැත්වූයෙමි. මහණෙනි, මම වනාහී තිස් හය වතාවක් ශක්‍ර දේවේන්ද්‍ර තනතුර ලැබුවෙමි. ධාර්මික වූ, ධර්මරාජ වූ චක්‍රවර්තී රජු වූයෙමි. සිව් මහා සමුදුර හිම් කොට ඇති පෘථිවියෙහි දිනන ලද්දෙමි. ජනපදයන්හි ස්ථිරභාවයට පත් වූයෙමි. සප්ත රත්නයෙන් යුක්ත වූයෙමි. මහණෙනි, ඒ මට මේ සප්ත රත්නයෝ තිබුණාහු ය. එනම් චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය සහ සත්වැනි පුත්‍රරත්නය යි. මහණෙනි, මට ශූර වීර වූ පරසෙන් මඩින්නා වූ දහසකට වැඩි පුත්‍රයෝ සිටියාහු ය. එබඳු වූ මම සයුර හිම් කොට පොළොව දඬු මුගුරුවලින් තොර ව, අවි ආයුධවලින් තොර ව, ධර්මයෙන් දිනා වාසය කළෙමි.” (මා පුඤ්ඤභායී සූත්‍රය – අං. නි. 4) මෙවන් ආනුභාව සම්පන්න ජීවිත උරුම කර දෙන පින නම් සැපයක් ම වන්නේය. අප ශාස්තෘන් වහන්සේ මේ උතුම් නිවන් මඟ දෙව් මිනිසුන්ට පෙන්වා වදාළා සේ ම, ඒ නිවන් මගෙහි ආරක්ෂා සහිත ව ගමන් කරන්නට තමා තුළ ගොඩනගාගත යුතු පින් බලය සහ කුසල් බලය රැස් කර ගන්නා අයුරු ද මනා කොට පෙන්වා වදාළහ. විනාශයට යන සිත අහුරාලමින්, දියුණුවට යන සිතට මඟ හෙළි කර දෙමින් අපේ ජීවිතවලට භාග්‍යවතුන් වහන්සේ මොනතරම් නම් රැකවරණයක් සලසා ඇද්ද? මනුලොව මහා පින් කරද්දී දෙව්ලොව සුර සැප විමන් මැවෙනා පින නම් අප ගෞතම මුනිඳුන් පෙන්වා වදාළ ලෙස ඒකාන්තයෙන් ම සැපයක් ම ය. අප ගෞතම මුනි රජුන්ගේ ශ්‍රාවකයෙක් වූ නන්දිය නම් උපාසක දෙව්ලොවට පවා දැනෙන සේ පින් කළ මහා පිනැතියෙකි. බුද්ධ ප්රමුඛ මහා සංඝයා කෙරෙහි පැහැදුණු සිතින් සෙනසුන් ශාලා හතරක් තනා අත පැන් වඩා එය බුදු රජුන්ට පූජා කළ මොහොතේ ම ඔහු නමට තව්තිසාවේ මනරම් දිව්‍ය විමානයක් පහළ විය. එනමුදු තමා සමඟ විවාහ දිවියක් ගත කළ, රේවතී නම් බිරිඳ මේ පින්කම් අනුමෝදන් වූයේ නැත. ඇය මේවාට අකුල් හෙළමින්, වළකාලන්නට ම උත්සාහ කළාය. නොදැන වුවත් ඇය විසින් වළකාලූයේ ඇගේ ම සුගති සැපය යි. ඇයට විපාක ලැබුණේ මරණින් මතු නොව, යක්ෂයින් දෙදෙනෙක් පැමිණ පණ පිටින් ම ඇය ව නිරයට ඇදගෙන ගියහ. එසේ නම් මේ ජීවිතයේ කාට බැඳිලා සිටිය ද තමා යන තැනට යන්නේ බැඳීම් ලිහාගෙන තනි තනිව ම ය. සැමියා, බිරිඳ, මව, පියා, ඥාතියා හිතවතා යන බැඳීම් බලපවතින්නේ මෙලොවට පමණි. සියල්ල මෙහි දමා පින්, පව පමණක් අරන් යන්නට සිදු වන්නේය. “අත්තා හි අත්තනෝ නාථෝ කෝ හි නාථෝ පරෝ සියා” “තමාට පිහිට තමා ම ය. බාහිර කවුරු නම් තමාට පිහිට වන්න ද?” දානය නම් වූ අත්හැරීමෙන් රැස් වන පිනට වඩා සීලය ආරක්ෂා කිරීමෙන් රැස් වන පින මහත් ඵල වෙයි. සිල් ආරක්ෂා කිරීමෙන් රැස් වන පිනට වඩා භාවනා කිරීමෙන් රැස් වන පින මහත් ඵල මහානිශංස වෙයි. මේ උතුම් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් තුළින් ජීවිතයට පින් රැස් කර ගනිමින්, යළි යළිත් දුක ම උරුම වන්නා වූ කාම සැපයන් අරමුණු කර නොගෙන උතුම් නිවන ම අරමුණු කර ගත යුතු ය. සියල්ල පිරිසිඳ අවබෝධ කළා වූ අප ශාස්තෘන් වහන්සේ මේ කාම ලෝකයේ සැපයන් කිසි ලෙසකින්වත් වර්ණනා නොකළහ. මනුලොව, දෙව්ලොව තබා බඹලොව උපත ද නීච යැයි පෙන්වා වදාළ භාග්‍යවතුන් වහන්සේ උතුම් නිවන් සැපය ම වර්ණනා කරනු ලැබුයේ අන් සියලු සැපයන් නිවන් සැපයට යටත් නිසා ය. එසේ නම් අප රැස් කරනා සියලු පුණ්‍ය ධර්මයන්හි ඒකායන අරමුණ විය යුත්තේ, යළි යළිත් මේ මහ පොළොවට පස් එකතු කරන්නා වූ ඉපදීම, ලෙඩ වීම, මරණය නම් වූ දුකෙන් සදහට ම අපව නිදහස් කරන්නා වූ උතුම් නිවන් සැපය ම යි…! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom