Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
12 minutes ago
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
පියවි ඇසින් ඔබ්බට : 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුවෙක් වෙලා මගේ කුසට ආවේ පොඩි අප්පු මාමාද?

“මහත්මයා! මගේ නෝනාට ආතතිය, වෙලාවකට බලාගත්ත අතේ ඔහේ බලාගෙන ඉන්නවා. වෙලාවකට සුළු දේටත් තරහ වෙලා කේන්ති ගන්නවා. රෑට නින්දෙන් ගැස්සිලා කෑ ගහගෙන අවදි වෙනවා. කෑම අරුචියකින් පෙළෙනවා. ළඟින් දුර්ගන්ධයක් හමනවා. ඒ වගේම මේ පුතාට ඇවිදින්නත් බැහැ” යි තම තරුණ බිරියත් දොළොස් හැවිරිදි පුතාත් පෙන්වමින් ආධ්‍යාත්මීය උපදේශක වරයාට පැවසූ හේ උසස් පොලිස් නිලධාරියෙකි.

“ඒ විතරක් නෙවෙයි මහත්තයා නිතර ම වගේ මගේ තොල කට වියැළෙනවා. ඒක මහා හිරිහැරයක් විදිහට දැනෙනවා. බෙල්ලේ ඉඳලා පිට කොන්ද දිගේ වේදනාවකුත් දැනෙනවා” යි ඒ රූමත් තරුණ බිරිය ශාන්ති සැමියා ගේ විස්තර කිරීම ඌන පූරණය කළා ය.

තමන් ඉදිරියේ ඉඳ ගෙන සිටින ඇය වෙත ශක්ති කිරණ එල්ල කරන විට ම ශාන්ති සිහිසුන්ව වැටුණා ය. ඉන් එහා තවත් යමක් කිරීම සඳහා ඇගේ ශාරීරික හා මානසික දුර්වලත්වය බාධාවක් බැවින් දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේ ය.

සති තුනකට පසු ඔවුන් නැවතත් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියහ. එදින ශාන්ති ප්‍රලය වූවා ය. මහ හඬින් කෑ ගසන්නට වූවා ය.

“මම යන්නෙ නෑ… මම යන්නෙ නෑ…. මට යන්න බෑ…. පළි ගන්නවා… මුන්ව නැති කරලා මිසක් මම යන්නෙ නෑ” යි ශාන්තිගේ ශරීරයට ආවිෂ්ට වූ භූතාත්මය මහ හඬින් කෑ ගසන්නට විය.

තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා නියම කළේ ය.

ඊළඟ දිනයේ ද ඇය ප්‍රලය වූවා ය. ඒත් වෙනදා තරම් ම දරුණු බවක් පෙන්වූයේ නැත. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

“කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නෙ?”

“අනේ! මහත්තයා මාව යවන්න නම් එපා. මට යන්න බෑ. මුන්ගෙන් පළි අරගෙන මිසක් මට නම් යන්න බෑ. මම මේකිගෙ අම්මා.”

“මොකක්ද තමුන්ගෙ නම?”

“මම විනීතා”

මේ අතර ශාන්ති ගේ ශරීරය තුළින් තවත් පිරිමි හඬක් ද විනීතා ගේ කටහඬ අතරින් ම ඇසෙන්නට විය. විනීතාගේ හඬ යටපත් කොට ඒ පිරිමි හඬ මතු කැරගන්නට ගවේෂකවරයා කිරණ ශක්තිය එල්ල කළේය. එය මතුව ආවේය.

“කවුද මේ?”

“මම අප්පුහාමි”

“කවුද අප්පුහාමි කියන්නෙ?”

“මේ දුවගේ සීයා”

“ඇයි මේ මිනිපිරීගේ ඇඟට රිංගුවේ?”

“මම මිනිපිරීගෙ ඇඟට රිංගුවේ නෑ. මම මගේ දුවගෙ ඇඟටයි රිංගුවේ.”

“කවුද දුව කිව්වේ?”

“දුව කිව්වේ මගේ ම දුව විනීතා”

“ඒක හරි වැඩක නෙ? දුවගෙ ඇඟට අම්මා රිංගලා. අම්මගෙ ඇඟට සීයා රිංගලා.”

“ඔව් මහත්තයා මම මගේ දුව ළගට වෙලා ඉන්නවා.”

“දුව දැන් ප්‍රේත ජීවියෙක්. ප්‍රේතාත්මයක්. එයාගෙ ඇඟට රිංගන්න එයාටත් ශරීරයක් තියෙනව ද?”

“ඇයි ශරීරයක් නැත්තෙ? මිනිස්සුන්ගෙ පියවි ඇසට නොපෙනුණාට සියුම් ශරීරයක් තියෙනවා. ඔය කොණ්ඩෙ කඩාගෙන ශාන්තිත් එක්ක තරහෙන් පුපුර පුපුරා ඉන්නේ.”

“මේක හරි වැඩක් නෙ. හරි ම සංකීර්ණ ප්‍රශ්නයක්. මහත්තයා, තුන් දෙනාත් එක්ක තවත් දවස් හතක් බෝධි පූජා පවත්වලා එන්නැයි” ගවේෂකවරයා ඔවුන්ට නැවතත් උපදෙස් දුන්නේය.

ඊළඟ සතියේ පැමිණි විට ශාන්ති ගේ ශරීරයට කිරණ එල්ල කොට ඇගේ අම්මාගේ (විනීතාගේ) ආත්මය අවදි කොට ගත්තේ ය.

“ඇයි මේ දුවට කරදර කරන්නෙ?”

“මේකි උපන් දවසෙ ඉඳල ම මට දුක් කරදරමයි ආවේ. මේකිට මගේ ලේ කිරි කර දීලා හදා වඩා ගත්තත් මේකි උපන් දවසෙ ඉඳල ම මහා වදයක්, කරදරයක්, කරච්චලයක්. කිරි පොවලා තියනවා. මේ තියපු ගමන් ආයෙත් අඬනවා. කිරි ඉල්ලලා. දරුවෙක් කියලා ආදරයක් කරුණාවක් නූපදින තරමට ම මට වද දුන්නා. අන්තිමට බැරි ම තැන මගේ අම්මයි අක්කයි මේකිව හදා වඩා ගන්න අරගෙන ගියා. මේකි ලොකු මහත් වෙලාවත් එක දවසක් මට අම්මෙයි කියලා කීවේ නෑ. මම මේකිව බලන්න කියලා මුන් ගෙ ගෙදරට ගියාම මේ මිනිහත් (පොලිස් නිලධරයා පෙන්වමින්) මාව පන්නා ගත්තා. මට එන්න එපැයි කීවා. මම දැන් මුන්ගෙන් පළිගන්නවා” යි ප්‍රේතිය කීවා ය.

ඊළඟට ගවේෂකවරයා ඒ භූතාත්මය යටපත් කොට අප්පුහාමි ගේ ප්‍රාණ කාරයා මතු කැර ගත්තේ ය.

“මම මගේ දුවට ආදරෙයි. මම දුවව අතහැරලා යන්නෙ නෑ” යි ඒ ප්‍රේත ජීවියා කීවේ ය.

“මේ… මේ… බොරු කියන්න එපා. ඇත්ත කියන්න ඕනෑ. නැත්නම් පුච්චනවා” යි ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කළේ ය.

“හරි හරි අහන්න. මම ඇත්ත කියන්නම්.”

“ඔව්! මට කියන්න මේ ශරීරවලට රිංගාගෙන මොනවද මේ කරන්නෙ?”

“පළිගන්නවා, පළිගන්නවා”

“කා ගෙන් ද?”

“පොඩි අප්පුගෙන්”

“කවුද ඒ පොඩි අප්පු කියන්නෙ? ඇයි එයාගෙන් පළිගන්නෙ?”

“ඌ පරයා. ඌ මගේ ඉඩම් අයිතිකැර ගත්තා. මම අකාලෙ මැරුණා.”

“කොයි කාලෙ ද?”

“සුද්දන්ගෙ කාලෙ”

“ඉතින් මොකද වුණේ?”

“පොඩි අප්පුවා මගේ ඉඩම් බලෙන් අල්ලා ගත්තා. මම මැරුණේ හිතේ වේදනාවෙන් පොඩි අප්පුවා එක්ක තරහෙන්. වෛරයෙන්. ඌ ගැන ම වෛරයෙන්, ඌ ගැනම හිත හිතා මැරුණ නිසා උගෙන් පළිගන්න ඌ ළඟ ම උපන්නා. උගෙන් පළිගන්න ඌ පස්සෙන් ම ගියා. ඒත් මට ඌව අල්ලා ගන්න බැරි වුණා. මේ අතරෙ ඌත් මළා. ඌ මැරිලා මගේ දුවගෙ, බඩේ පිළිසිඳ ගත්තා.”

“කවුද දුව ය කීවෙ? විනීතා ද?”

“ඔව්, ඔව්, පොඩි අප්පුවා මැරිලා විනීතගෙ කුසේ කෙල්ලෙක් වෙලා පිළිසිඳ ගත්තා. මම දුවගෙ බඩට රිංගලා ඒ පිළිසිඳ ගත්තා එකාව නැති කරන්න උත්සාහ කළා. පොඩි අප්පුවා බලවත්. ඌ කෙල්ලෙක් වෙලා උපදින්න හිටිය කලලයෙන්වත් මට පළිගන්න බැරි වුණා. මම මගේ දුව ලවා පළිගන්න දුව තුළත් ඒ උපදින්න ඉන්න එකා ගැන වෛර ඇති කළා. කෙල්ල උපන්නාට පස්සෙ තරහ වෛර ඇතිවන විදිහට සැලැස්සුවා. විනීතා ලවා දුවට (ශාන්තිට) වෙනස්කම් කැරෙව්වා.”

ගවේෂකවරයා මේ අප්පුහාමිගේ ප්‍රේතාත්මයට අවවාද කළේය. “අප්පුහාමි, මහා පව්කාර ප්‍රේතාත්මයක තමුන් දැන් ඔය ඉන්නේ. හොඳට කල්පනා කර බලනවා. එදා වෛරයෙන් මැරිලා දැනට අවුරුදු දෙසිය ගණනක් දුක් විඳිනවා. තවත් අවුරුදු දහස් ගණනක් දුක් විඳින්න වේවි. තමන්ගෙ ම දුවගෙ බඩට රිංගලා මිනිපිරීගෙ කළලය මරන්න උත්සාහ කළා. ඊට පස්සේ අම්මවයි දුවයි වෛර කැරෙව්වා. තමුන් වෛරයෙන් පළි ගැනීමේ චේතනාවෙන් අකුසල් කරද්දී පොඩි අප්පු මිනිස් භවයේ උපන්නා. තමුන්ගෙම මිනිපිරී වෙලා උපන්නා. තමුන් තවමත් පෙරේතයෙක්. මෝඩ වැඩ අතහැරලා සුගතිගාමී වෙන්න හිතන්න.”

“මම ඉස්සර සිල් ගත්තා”

“තමුන්ගෙ සීලෙ හැටි පෙනෙනවා. කුණු ගඳ ගහන පෙරේතයෙක් වෙලා උපන්නෙ සිල් ගත්ත නිසා ද? දැන්වත් ඔය වෛරය අතහැරලා යහපත් තැනකට යන්න.”

“මම මොනව ද කරන්න ඕනෑ”

“තමුන් ඉවත්වෙලා යන්න කැමැති ද?”

“ඔව්”

“නිවසේ සාංඝික දානයක් පිරිනමා මවටත්, සීයාටත් පින් අනුමෝදන් කරන ලෙස ශාන්තිට උපදෙස් දෙන්නම්.”

ශරීරගත ප්‍රේත ජීවීන් ඉවත් කොට ශාන්තිට ද කරුණු පැහැදිලි කළේය. “මියගිය අම්මාත්, සීයාත් කියපු දේවල් මේ මහත්තයා අහගෙන හිටියේ. ඔබ කලින් ආත්මයේ පිරිමියෙක්. ගැහැනු ආත්මයක් ලබා ගෙන අම්මගෙ (විනීතගේ) කුසෙන් උපන්නා. භූත බලවේගයක් අම්මගෙ ඇඟට රිංගලා ඔබත් අම්මාත් අතර තරහ වෛර ඇති කරලා. එහෙම නැතුව ඔබේ අම්මා ඔබට වෙනස්කම් කළා කියා හිතන්න එපා. දැන් අම්මා ගැන තිබුණු අමනාපකම් අතහරින්න. මේ ලැබුණු මිනිස් භවයේ වටිනාකම හිතන්න. අම්මා කෙරෙහි කරුණා මෛත්‍රී සිතුවිලි ඇති කැර ගන්න. ඒක විශාල කුසලයක් වේවි.”

“ගෙදරට හාමුදුරුවරු දහ නමක් වඩම්මවා සාංඝික දානයක් පිරිනමන්න. අම්මාත්, සීයාත් වෙනුවෙන් අටපිරිකර දෙකක් පූජා කර පැන් වඩා ඒ දෙන්නාට පින් අනුමෝදන් කරන්නැÓයි ගවේෂකවරයා ශාන්තිටත් අගේ සැමියාටත් උපදෙස් දෙන විට ම ශාන්ති ගේ ශරීරය තුළින් විනිතා ගේ භූතාත්මය නැවත මතු විය.

“එතකොට මහත්තයා පොඩි අප්පු මාමා මැරිලා මගේ කුසට ආවා ද? මගේ කුසෙන් දුවෙක් වෙලා උපන්නේ උන්දැ ද? අනේ මහත්තයා මගේ තාත්තා ජීවත්ව ඉන්දැද්දිත් පොඩි අප්පු මාමාත් එක්ක ජන්මාන්ත වෛරයි. මගේ තාත්තා මැරිලත් පළිගන්න කරපු දේවල් අහන්නත් පුදුමයි. අනේ! අනේ! සංසාරෙ හැටි. උන්දෑ කරපු දේවල් නිසා මගේ කුසෙන් උපන් දැරිවි එක්ක මාත් තරහ වෛරෙන් උන්නා. මහත්තයා මගේ දුවට කියන්න මට සමාවෙන්න කියලා” යි විනීතාගේ භූතාත්මය කීවාය.

උපදෙස් පරිදි සාංඝික දානය පිරිනමා මවටත් සීයාටත් පින් අනුමෝදන් කොට ශාන්ති නැවතත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට සැමියා සමඟ ආවාය. පින් අනුමෝදන් වී ඒ වන විට දරුණු ගති අතහැර සාමකාමී තත්ත්වය පත්ව සිටි ප්‍රේත ජීවීන් දෙදෙනා මල් වට්ටි දෙකකට නංවා අනුරාධපුරයට යැවීය.

කෙනෙකු මිනිස් ලොවට බිහිවන විට උරුමයෙන් ලැබුණු ඉඩකඩම් දේපළ හෝ හරි හම්බ කැර ගෙන මුදලට ගත් එවැනි දේපළ පැරණි මුතුන් මිත්තන් සේ ම අප ද මරණයේදී අත හැර යා යුතු බවත්, මේවා තණ්හාවෙන් උපාදාන කොට ගෙන මළොත් ඒ වස්තු සම්පත් ඇසුරු කොට ප්‍රේතයන් වී ඉපිද අවුරුදු දහස් ගණන් අනන්ත වූ දුක් විඳින්නට සිදු වන බවත් අප කවුරුත් වටහා ගත යුතුය. ඒත් සමඟ තරහ වෛර සිතේ පැල පදියම් කොට උපාදාන කැර ගෙන මළොත් පළි ගැනීමේ චේතනාවෙන් සංසාර ගමන දික් කැර ගෙන දැවි දැවී දුක් විඳින්නට සිදු වන ආකාරයත්, එසේ පළි ගැනීමට අමනුෂ්‍යයන් යොදා ගන්නා උපාය මාර්ගයනුත් මේ “අප්පුහාමිගේ” භූතාත්මය පිළිබඳ කල්පනා කරන විට වැටහේ.

තණ්හාය ජායතී සෝකෝ

තණ්හාය ජායතී භයං

තණ්හාය විප්ප මුත්තස්ස

තත්ථි සෝකෝ කුතෝ භයං

තණ්හාව (ආශාව) නිසා ශෝක හටගනී. තණ්හාව නිසා බිය හට ගනී. ආශාවෙන් වෙන්වූවහුට ශෝකයක් නැත. (එසේ නම්) බියක් කොයින් ද?

[QUOTE="Aktamge, post: 16219617, member: 312646"] [b]දුවෙක් වෙලා මගේ කුසට ආවේ පොඩි අප්පු මාමාද?[/b] [CENTER][SIZE=4][COLOR=DarkSlateGray]“මහත්මයා! මගේ නෝනාට ආතතිය, වෙලාවකට බලාගත්ත අතේ ඔහේ බලාගෙන ඉන්නවා. වෙලාවකට සුළු දේටත් තරහ වෙලා කේන්ති ගන්නවා. රෑට නින්දෙන් ගැස්සිලා කෑ ගහගෙන අවදි වෙනවා. කෑම අරුචියකින් පෙළෙනවා. ළඟින් දුර්ගන්ධයක් හමනවා. ඒ වගේම මේ පුතාට ඇවිදින්නත් බැහැ” යි තම තරුණ බිරියත් දොළොස් හැවිරිදි පුතාත් පෙන්වමින් ආධ්‍යාත්මීය උපදේශක වරයාට පැවසූ හේ උසස් පොලිස් නිලධාරියෙකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඒ විතරක් නෙවෙයි මහත්තයා නිතර ම වගේ මගේ තොල කට වියැළෙනවා. ඒක මහා හිරිහැරයක් විදිහට දැනෙනවා. බෙල්ලේ ඉඳලා පිට කොන්ද දිගේ වේදනාවකුත් දැනෙනවා” යි ඒ රූමත් තරුණ බිරිය ශාන්ති සැමියා ගේ විස්තර කිරීම ඌන පූරණය කළා ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]තමන් ඉදිරියේ ඉඳ ගෙන සිටින ඇය වෙත ශක්ති කිරණ එල්ල කරන විට ම ශාන්ති සිහිසුන්ව වැටුණා ය. ඉන් එහා තවත් යමක් කිරීම සඳහා ඇගේ ශාරීරික හා මානසික දුර්වලත්වය බාධාවක් බැවින් දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]සති තුනකට පසු ඔවුන් නැවතත් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියහ. එදින ශාන්ති ප්‍රලය වූවා ය. මහ හඬින් කෑ ගසන්නට වූවා ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මම යන්නෙ නෑ… මම යන්නෙ නෑ…. මට යන්න බෑ…. පළි ගන්නවා… මුන්ව නැති කරලා මිසක් මම යන්නෙ නෑ” යි ශාන්තිගේ ශරීරයට ආවිෂ්ට වූ භූතාත්මය මහ හඬින් කෑ ගසන්නට විය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා නියම කළේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]ඊළඟ දිනයේ ද ඇය ප්‍රලය වූවා ය. ඒත් වෙනදා තරම් ම දරුණු බවක් පෙන්වූයේ නැත. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නෙ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“අනේ! මහත්තයා මාව යවන්න නම් එපා. මට යන්න බෑ. මුන්ගෙන් පළි අරගෙන මිසක් මට නම් යන්න බෑ. මම මේකිගෙ අම්මා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මොකක්ද තමුන්ගෙ නම?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මම විනීතා”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]මේ අතර ශාන්ති ගේ ශරීරය තුළින් තවත් පිරිමි හඬක් ද විනීතා ගේ කටහඬ අතරින් ම ඇසෙන්නට විය. විනීතාගේ හඬ යටපත් කොට ඒ පිරිමි හඬ මතු කැරගන්නට ගවේෂකවරයා කිරණ ශක්තිය එල්ල කළේය. එය මතුව ආවේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“කවුද මේ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මම අප්පුහාමි”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“කවුද අප්පුහාමි කියන්නෙ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මේ දුවගේ සීයා”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඇයි මේ මිනිපිරීගේ ඇඟට රිංගුවේ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මම මිනිපිරීගෙ ඇඟට රිංගුවේ නෑ. මම මගේ දුවගෙ ඇඟටයි රිංගුවේ.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“කවුද දුව කිව්වේ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“දුව කිව්වේ මගේ ම දුව විනීතා”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඒක හරි වැඩක නෙ? දුවගෙ ඇඟට අම්මා රිංගලා. අම්මගෙ ඇඟට සීයා රිංගලා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඔව් මහත්තයා මම මගේ දුව ළගට වෙලා ඉන්නවා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“දුව දැන් ප්‍රේත ජීවියෙක්. ප්‍රේතාත්මයක්. එයාගෙ ඇඟට රිංගන්න එයාටත් ශරීරයක් තියෙනව ද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඇයි ශරීරයක් නැත්තෙ? මිනිස්සුන්ගෙ පියවි ඇසට නොපෙනුණාට සියුම් ශරීරයක් තියෙනවා. ඔය කොණ්ඩෙ කඩාගෙන ශාන්තිත් එක්ක තරහෙන් පුපුර පුපුරා ඉන්නේ.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මේක හරි වැඩක් නෙ. හරි ම සංකීර්ණ ප්‍රශ්නයක්. මහත්තයා, තුන් දෙනාත් එක්ක තවත් දවස් හතක් බෝධි පූජා පවත්වලා එන්නැයි” ගවේෂකවරයා ඔවුන්ට නැවතත් උපදෙස් දුන්නේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]ඊළඟ සතියේ පැමිණි විට ශාන්ති ගේ ශරීරයට කිරණ එල්ල කොට ඇගේ අම්මාගේ (විනීතාගේ) ආත්මය අවදි කොට ගත්තේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඇයි මේ දුවට කරදර කරන්නෙ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මේකි උපන් දවසෙ ඉඳල ම මට දුක් කරදරමයි ආවේ. මේකිට මගේ ලේ කිරි කර දීලා හදා වඩා ගත්තත් මේකි උපන් දවසෙ ඉඳල ම මහා වදයක්, කරදරයක්, කරච්චලයක්. කිරි පොවලා තියනවා. මේ තියපු ගමන් ආයෙත් අඬනවා. කිරි ඉල්ලලා. දරුවෙක් කියලා ආදරයක් කරුණාවක් නූපදින තරමට ම මට වද දුන්නා. අන්තිමට බැරි ම තැන මගේ අම්මයි අක්කයි මේකිව හදා වඩා ගන්න අරගෙන ගියා. මේකි ලොකු මහත් වෙලාවත් එක දවසක් මට අම්මෙයි කියලා කීවේ නෑ. මම මේකිව බලන්න කියලා මුන් ගෙ ගෙදරට ගියාම මේ මිනිහත් (පොලිස් නිලධරයා පෙන්වමින්) මාව පන්නා ගත්තා. මට එන්න එපැයි කීවා. මම දැන් මුන්ගෙන් පළිගන්නවා” යි ප්‍රේතිය කීවා ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]ඊළඟට ගවේෂකවරයා ඒ භූතාත්මය යටපත් කොට අප්පුහාමි ගේ ප්‍රාණ කාරයා මතු කැර ගත්තේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මම මගේ දුවට ආදරෙයි. මම දුවව අතහැරලා යන්නෙ නෑ” යි ඒ ප්‍රේත ජීවියා කීවේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මේ… මේ… බොරු කියන්න එපා. ඇත්ත කියන්න ඕනෑ. නැත්නම් පුච්චනවා” යි ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කළේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“හරි හරි අහන්න. මම ඇත්ත කියන්නම්.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඔව්! මට කියන්න මේ ශරීරවලට රිංගාගෙන මොනවද මේ කරන්නෙ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“පළිගන්නවා, පළිගන්නවා”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“කා ගෙන් ද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“පොඩි අප්පුගෙන්”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“කවුද ඒ පොඩි අප්පු කියන්නෙ? ඇයි එයාගෙන් පළිගන්නෙ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඌ පරයා. ඌ මගේ ඉඩම් අයිතිකැර ගත්තා. මම අකාලෙ මැරුණා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“කොයි කාලෙ ද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“සුද්දන්ගෙ කාලෙ”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඉතින් මොකද වුණේ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“පොඩි අප්පුවා මගේ ඉඩම් බලෙන් අල්ලා ගත්තා. මම මැරුණේ හිතේ වේදනාවෙන් පොඩි අප්පුවා එක්ක තරහෙන්. වෛරයෙන්. ඌ ගැන ම වෛරයෙන්, ඌ ගැනම හිත හිතා මැරුණ නිසා උගෙන් පළිගන්න ඌ ළඟ ම උපන්නා. උගෙන් පළිගන්න ඌ පස්සෙන් ම ගියා. ඒත් මට ඌව අල්ලා ගන්න බැරි වුණා. මේ අතරෙ ඌත් මළා. ඌ මැරිලා මගේ දුවගෙ, බඩේ පිළිසිඳ ගත්තා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“කවුද දුව ය කීවෙ? විනීතා ද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඔව්, ඔව්, පොඩි අප්පුවා මැරිලා විනීතගෙ කුසේ කෙල්ලෙක් වෙලා පිළිසිඳ ගත්තා. මම දුවගෙ බඩට රිංගලා ඒ පිළිසිඳ ගත්තා එකාව නැති කරන්න උත්සාහ කළා. පොඩි අප්පුවා බලවත්. ඌ කෙල්ලෙක් වෙලා උපදින්න හිටිය කලලයෙන්වත් මට පළිගන්න බැරි වුණා. මම මගේ දුව ලවා පළිගන්න දුව තුළත් ඒ උපදින්න ඉන්න එකා ගැන වෛර ඇති කළා. කෙල්ල උපන්නාට පස්සෙ තරහ වෛර ඇතිවන විදිහට සැලැස්සුවා. විනීතා ලවා දුවට (ශාන්තිට) වෙනස්කම් කැරෙව්වා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]ගවේෂකවරයා මේ අප්පුහාමිගේ ප්‍රේතාත්මයට අවවාද කළේය. “අප්පුහාමි, මහා පව්කාර ප්‍රේතාත්මයක තමුන් දැන් ඔය ඉන්නේ. හොඳට කල්පනා කර බලනවා. එදා වෛරයෙන් මැරිලා දැනට අවුරුදු දෙසිය ගණනක් දුක් විඳිනවා. තවත් අවුරුදු දහස් ගණනක් දුක් විඳින්න වේවි. තමන්ගෙ ම දුවගෙ බඩට රිංගලා මිනිපිරීගෙ කළලය මරන්න උත්සාහ කළා. ඊට පස්සේ අම්මවයි දුවයි වෛර කැරෙව්වා. තමුන් වෛරයෙන් පළි ගැනීමේ චේතනාවෙන් අකුසල් කරද්දී පොඩි අප්පු මිනිස් භවයේ උපන්නා. තමුන්ගෙම මිනිපිරී වෙලා උපන්නා. තමුන් තවමත් පෙරේතයෙක්. මෝඩ වැඩ අතහැරලා සුගතිගාමී වෙන්න හිතන්න.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මම ඉස්සර සිල් ගත්තා”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“තමුන්ගෙ සීලෙ හැටි පෙනෙනවා. කුණු ගඳ ගහන පෙරේතයෙක් වෙලා උපන්නෙ සිල් ගත්ත නිසා ද? දැන්වත් ඔය වෛරය අතහැරලා යහපත් තැනකට යන්න.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මම මොනව ද කරන්න ඕනෑ”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“තමුන් ඉවත්වෙලා යන්න කැමැති ද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඔව්”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“නිවසේ සාංඝික දානයක් පිරිනමා මවටත්, සීයාටත් පින් අනුමෝදන් කරන ලෙස ශාන්තිට උපදෙස් දෙන්නම්.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]ශරීරගත ප්‍රේත ජීවීන් ඉවත් කොට ශාන්තිට ද කරුණු පැහැදිලි කළේය. “මියගිය අම්මාත්, සීයාත් කියපු දේවල් මේ මහත්තයා අහගෙන හිටියේ. ඔබ කලින් ආත්මයේ පිරිමියෙක්. ගැහැනු ආත්මයක් ලබා ගෙන අම්මගෙ (විනීතගේ) කුසෙන් උපන්නා. භූත බලවේගයක් අම්මගෙ ඇඟට රිංගලා ඔබත් අම්මාත් අතර තරහ වෛර ඇති කරලා. එහෙම නැතුව ඔබේ අම්මා ඔබට වෙනස්කම් කළා කියා හිතන්න එපා. දැන් අම්මා ගැන තිබුණු අමනාපකම් අතහරින්න. මේ ලැබුණු මිනිස් භවයේ වටිනාකම හිතන්න. අම්මා කෙරෙහි කරුණා මෛත්‍රී සිතුවිලි ඇති කැර ගන්න. ඒක විශාල කුසලයක් වේවි.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ගෙදරට හාමුදුරුවරු දහ නමක් වඩම්මවා සාංඝික දානයක් පිරිනමන්න. අම්මාත්, සීයාත් වෙනුවෙන් අටපිරිකර දෙකක් පූජා කර පැන් වඩා ඒ දෙන්නාට පින් අනුමෝදන් කරන්නැÓයි ගවේෂකවරයා ශාන්තිටත් අගේ සැමියාටත් උපදෙස් දෙන විට ම ශාන්ති ගේ ශරීරය තුළින් විනිතා ගේ භූතාත්මය නැවත මතු විය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“එතකොට මහත්තයා පොඩි අප්පු මාමා මැරිලා මගේ කුසට ආවා ද? මගේ කුසෙන් දුවෙක් වෙලා උපන්නේ උන්දැ ද? අනේ මහත්තයා මගේ තාත්තා ජීවත්ව ඉන්දැද්දිත් පොඩි අප්පු මාමාත් එක්ක ජන්මාන්ත වෛරයි. මගේ තාත්තා මැරිලත් පළිගන්න කරපු දේවල් අහන්නත් පුදුමයි. අනේ! අනේ! සංසාරෙ හැටි. උන්දෑ කරපු දේවල් නිසා මගේ කුසෙන් උපන් දැරිවි එක්ක මාත් තරහ වෛරෙන් උන්නා. මහත්තයා මගේ දුවට කියන්න මට සමාවෙන්න කියලා” යි විනීතාගේ භූතාත්මය කීවාය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]උපදෙස් පරිදි සාංඝික දානය පිරිනමා මවටත් සීයාටත් පින් අනුමෝදන් කොට ශාන්ති නැවතත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට සැමියා සමඟ ආවාය. පින් අනුමෝදන් වී ඒ වන විට දරුණු ගති අතහැර සාමකාමී තත්ත්වය පත්ව සිටි ප්‍රේත ජීවීන් දෙදෙනා මල් වට්ටි දෙකකට නංවා අනුරාධපුරයට යැවීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]කෙනෙකු මිනිස් ලොවට බිහිවන විට උරුමයෙන් ලැබුණු ඉඩකඩම් දේපළ හෝ හරි හම්බ කැර ගෙන මුදලට ගත් එවැනි දේපළ පැරණි මුතුන් මිත්තන් සේ ම අප ද මරණයේදී අත හැර යා යුතු බවත්, මේවා තණ්හාවෙන් උපාදාන කොට ගෙන මළොත් ඒ වස්තු සම්පත් ඇසුරු කොට ප්‍රේතයන් වී ඉපිද අවුරුදු දහස් ගණන් අනන්ත වූ දුක් විඳින්නට සිදු වන බවත් අප කවුරුත් වටහා ගත යුතුය. ඒත් සමඟ තරහ වෛර සිතේ පැල පදියම් කොට උපාදාන කැර ගෙන මළොත් පළි ගැනීමේ චේතනාවෙන් සංසාර ගමන දික් කැර ගෙන දැවි දැවී දුක් විඳින්නට සිදු වන ආකාරයත්, එසේ පළි ගැනීමට අමනුෂ්‍යයන් යොදා ගන්නා උපාය මාර්ගයනුත් මේ “අප්පුහාමිගේ” භූතාත්මය පිළිබඳ කල්පනා කරන විට වැටහේ. තණ්හාය ජායතී සෝකෝ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]තණ්හාය ජායතී භයං[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]තණ්හාය විප්ප මුත්තස්ස[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]තත්ථි සෝකෝ කුතෝ භයං[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]තණ්හාව (ආශාව) නිසා ශෝක හටගනී. තණ්හාව නිසා බිය හට ගනී. ආශාවෙන් වෙන්වූවහුට ශෝකයක් නැත. (එසේ නම්) බියක් කොයින් ද?[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom