පියාඹන ධවල මන්දිරය

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පියාඹන ධවල මන්දිරය

    ඇමෙරිකානු ජනාධිපතිවරයා භාවිතා කරන ගුවන් යානයට යොදා තිබෙන ගුවන් ගමන් පාලක සංඥාව (air traffic control call sign) වන්නේ “එයාර් ෆෝස් වන්” (Air Force One) යන්න යි. “වන්” යන්න ඇමෙරිකානු ජනාධිපතිවරයා රැගෙන යන ඕනෑම ගුවන් යානයකට යොදන ගුවන් ගමන් පාලක සංඥාව වන අතර, ජනාධිපතිවරයා ඇමෙරිකානු මැරීන් බලකායට අයත් හෙලිකොප්ටරයක ගමන් කරනවා නම් එය හඳුන්වන්නේ “මැරීන් වන්” ලෙස යි. හදීසියේ ඔහු වෙනත් වෙළඳ ගුවන් යානයක ගමන් කරනවා නම් එය හඳුන්වන්නේ “එක්සෙකටිව් වන්” ලෙස යි.
    ඒ ආකාරයටම “එයාර් ෆෝස් ටූ” යන ගුවන් ගමන් පාලක සංඥාව මඟින් හඳුන්වන්නේ ඇමෙරිකානු උප ජනාධිපතිවරයා ගමන් කරන යානාව යි. ආරක්ෂක හේතූන් මත ඇමෙරිකානු ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා එකම ගුවන් යානයේ ගමන් කරන්නේ නෑ.
    මෙම ලිපියෙන් ඔබට ගෙන ඒමට සැරසෙන්නේ එයාර් ෆෝස් වන් ලෙස ගුවන් ගමන්වල දී හඳුන්වන, ඇමෙරිකානු ජනාධිපතිවරයා ගමන් කරන ගුවන් යානය නිර්මාණය වූ ආකාරය, ඊට හේතූන් හා එහි වර්තමාන තත්ත්වය පිළිබඳව යි.
    එයාර් ෆෝස් වන් ලෙස අංකනය කිරීම

    tTiO8qpLDsIcaKD9_01.jpg

    එයාර් ෆෝස් වන් (whitehouse.gov)නිල ගුවන් යානයක් භාවිතා කළ පළමු ඇමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රූසවෙල්ට්, 1945 වසරේ දී යි. එය ඩග්ලස් C 54 “ස්කයි මාස්ටර්” (Douglas C-54 Sky master) වර්ගයේ ගුවන් යානාවක්. මෙම ගුවන් යානය නිදන මැදිරියකින්, සන්නිවේදන මැදිරියකින්, හා ජනාධිපති රූස්වේල්ට ගුවන් යානයට ගොඩ වීමට හා ඉන් බැසීමට විදුලි සෝපානයකින් ද සමන්විත වුණා. මෙම ගුවන් යානයේ ගුවන් ගමන් පාලක සංඥාව ලෙස යොදා ගැනුනේ “Sacred cow” යන නාමය යි.
    ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය එයාර් ෆෝස් වන් ලෙස හැඳින්වීම සිදුවන්නේ 1953 වසරේ දී යි. ජනාධිපති ඩේවිඩ් අයිසන්හවර් රැගෙන ගිය ගුවන් යානය වූ ලොක්හීඩ් වර්ගයේ යානය (Lockheed Constellation) හැඳින්වූ සංඥා නාමය වූයේ කොලම්බයින් II (Columbine II) යන්න යි. එම ගුවන්යානය ගමන් ගත් මාර්ගයට එම සංඥා නාමයෙන්ම හැඳින්වූ වෙළෙඳ ගුවන් යානයක් ඇතුළුවීමත් සමග ඇති වූ ප්‍රශ්නය හේතුවෙන් ඉන් පසු ඇමෙරිකානු ජනාධිපතිවරයා රැගෙන යන ගුවන් යානයට අනන්‍ය වූ සංඥා නාමයක් භාවිතා කිරීමේ අවශ්‍යතාවය පැන නගිනවා.


    මෙම ගුවන් යානය ඇමෙරිකානු ගුවන් හමුදාවේ අංක එක යන අදහස ඇතිව එයාර් ෆෝස් වන් ලෙස නම් කෙරෙනවා. ඉන් පසුව විවිධ අමෙරිකානු ගුවන් සමාගම් විසින් නිෂ්පාදිත, ජනාධිපතිවරයාට වෙන්වූ යානා සියල්ලම හඳුන්වන්නේ මේ නමින්.
    එයාර් ෆෝස් වන් හි විකාශනය

    fTwLpXTUifTFKESy_02.jpg

    එයාර් ෆෝස් වන් (npr)පළමු එයාර් ෆෝස් වන් ගුවන් යානය ලෙස භාවිතයට ගැනෙන්නේ ලොක්හීඩ් වර්ගයේ ගුවන් යානාවක්. පසුව බෝයිං 737 ගුවන් යානා දෙකක් ද භාවිතයට ගෙන තිබෙනවා. ඉන් පසුව ඒ සඳහා භාවිතා කර තිබෙන්නේ බෝයිං වර්ගයේ ගුවන් යානා යි.
    වර්තමානයේ දී ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් භාවිතා කරනු ලබන එයාර් ෆෝස් වන් ගුවන් යානා දෙක බෝයිං 747 වර්ගයේ විශේෂ යුධමය ආකාරයක්. ඒවා නම්කර තිබෙන්නේ බෝයිං VC-25 ලෙස යි. බෝයිං සමාගම විසින් එම වර්ගයේ ගුවන් යානා නිෂ්පාදනය කර තිබෙන්නේ දෙකක් පමණ යි. එම යානා දෙකම මේ වන විට ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් භාවිතා කර තිබෙනවා. එම යාන දෙක VC-25A හා VC-25B ලෙස වෙන වෙනම හඳුන්වනවා.
    මෙම ගුවන් යානා දෙක වසර 30කට ආසන්න කාලයක් පැරණි වූවත් ආරක්ෂාව කාර්යයක්ෂමතාවය අතින් අනෙක් ඕනෑම මඟී, යුද ගුවන් යානා ඉක්මවා යාමට අදටත් සමත්.
    එයාර් ෆෝස් වන් හි විශේෂතා

    ZHhfgI5k1e7aGcxf_03.jpg

    එයාර් ෆෝස් වන් යානයෙන් බැස එන ජනාධිපති ට්‍රම්ප් හා ඔහුගේ බිරිඳ (msn.com)නැවත ඉන්ධන පිරවීමකින් තොරව කි.මී 12 600ක් එයාර් ෆෝස් වන්වලට ගමන් කළ හැකි වෙනවා. තව ද එයාර් ෆෝස් වන් ගුවන් යානාවලට ගුවනේ සිටම ඉන්ධන පිරවිය හැකි අතර ඒ හේතුවෙන් ඉන්ධන පිරවීම සඳහා ගොඩ බැසීමකින් තොරව බොහෝ දුරක් ගමන් කළ හැකි වෙනවා.
    ගුවන් යානය ජනාධිපතිවරයාගේ කාර්යයාලයකින්, රැස්වීම් ශාලාවකින්, ඉහළ නිලධාරීන්ගේ සාකච්ජා කාමරයකින්, වෛද්‍ය මධ්‍යස්ථානයකින් සමන්විත වෙනවා. ඊට අමතරව කාර්යයමණ්ඩලය සඳහා රැදී සිටීමට කුටියක්, අමුත්තන් සඳහා කුටියක්, ආරක්ෂක සේවයේ සඳහා වෙන් වූ කුටියක් හා සන්නිවේදන කුටියක් පිහිටා තිබෙනවා. වාර්තාකරුවන් සඳහා වෙන්වූ වෙනම මැදිරියක් ද, තරු පන්තියේ හෝටලයක ඇති මුළුතැන්ගෙයට සමාන මුළුතැන්ගෙයකින් ද යානය සමන්විත වෙනවා.
    තවද සතුරු රේඩාර් පද්ධති අවුල් කිරීමේ ඉලෙක්ට්‍රොනික් පද්ධතියකින් ගුවන් යානය සමන්විත වෙන අතර ගුවන් යානයේ උෂ්ණත්වය හේතුවෙන් එය ඉලක්ක කර පැමිණෙන මිසයිලවලින් ආරක්ෂා වීම සඳහා ද හැඩගස්සවා තිබෙනවා. මෙහි ඇති ආරක්ෂක පද්ධති ප්‍රමාණය කොතරම් ද පවසනවා නම් යානයේ ඇති මුළු වයර් ප්‍රමාණයේ දිග කිලෝමීටර් 376ක් වීමෙන් එය වටහා ගැනීමට හැකියි.


    ඊට අමතරව න්‍යෂ්ටික ප්‍රහාරයකට මුහුණ දීමේ හැකියාව ද පෘථිවියේ ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට ඇමතීමේ පහසුකම ද, අමෙරිකාවේ න්‍යෂ්ටික අවි ආයුධ ගුවන් යානයේ සිට පාලනය කිරීමේ හැකියාව ද මේ යානය සතු වෙනවා.
    යානය ගොඩබස්වන විට සහ ඉහළ නංවන සෑම විටම සන්නද්ධ ආරක්ෂකයන් විශාල ප්‍රමාණයකගේ ආරක්ෂාවක් යොදා ගැනීම සිදු කරනවා. ඊට අමතරව යානය තුළ කිසිදු ආයුධයක් රැගෙන යන්නේ නෑ. මෙහි ඇමෙරිකා එක්සත් ජනපදය යනුවෙන් විශාල අකුරින් සදහන් කර ඇති අතරම එරට ජනපතිගේ මුද්‍රාව ද විශාල ප්‍රමාණයෙන් සලකුණු කර තිබෙනවා.
    E2e99zo3VCgGem9q_04.jpg

    ජනාධිපති බරක් ඔබාමා එයාර් ෆෝස් වන් යානය තුළ (vanityfair.com)අධික සුඛෝපභෝගී පහසුකම් රැසක් එමෙන්ම ආරක්ෂක අතින් ඉතා ඉහළ මෙම ගුවන් යානය එම කරුණු හේතුවෙන් පියාඹන ධවල මන්දිරය ලෙස හඳුන්වනවා. ඊට අමතරව පියාඹන පරිපාලන මධ්‍යස්ථානයක් ලෙසත් පියාඹන ආරක්ෂක මධ්‍යස්ථානයක් ලෙසත් මෙම එයාර් ෆෝස් වන් ගුවන් යානා හඳුන්වා දිය හැකියි.




    Roar
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    TFS +

    You must spread some Reputation around before giving it to Idias again.

    මේවා දකින ලංකාවේ පොලිටික්කෝ උනුත් මේවා කරන්න හදනවා ඇති කෙන්ගෙඩියක් නැතිව... ලොල්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,124
    20,714
    113
    හස්තිශෛලපුර
    TFS +

    You must spread some Reputation around before giving it to Idias again.

    මේවා දකින ලංකාවේ පොලිටික්කෝ උනුත් මේවා කරන්න හදනවා ඇති කෙන්ගෙඩියක් නැතිව... ලොල්




    මහින්දයා මතක් උනා.. :yes::yes::yes:
     
    • Like
    Reactions: Shamalin

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,361
    8,511
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දයා මතක් උනා.. :yes::yes::yes:


    " මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද "

    රෑ දවල් දෙකේ නිදි නැතුව රනිල්ගේ ලොල්ලෝ/ ලප කුමාරගේ අනුගාමිකයෝ දකින භයානක හීනය


     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada

    " මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද "

    රෑ දවල් දෙකේ නිදි නැතුව රනිල්ගේ ලොල්ලෝ/ ලප කුමාරගේ අනුගාමිකයෝ දකින භයානක හීනය



    :rofl::rofl::rofl::rofl:
    මානසික ලෙඩ්ඩු