Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියුම් මාමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක ලියුමක් බෙදන්නත් කිලෝ මීටර් 25ක්-30ක් පයින් යන මීමුරේ පියුන් මහත්තයා

පාපැදියක් තිබුණත් ඉන් මේ ගමේ පාරවල ගමන් බෑ

ගමේ අයගේ මුදල් බැංකුවලට දාන්නෙත් පියුන් මහත්තයා

වෙහෙස නිවාගන්න කැලෑව මැද ගලක් උඩ වාඩිවෙනවා

සිරිපාද කඳු මුදුනට උදේ හවස ලියුම් බෙදන පියුම් මහතා ගැන ඔබ නිතර අසා ඇති. උදේ හවස දුෂ්කර ගිරි ශිඛරයක් තරණය කරමින් ඔහු කරන්නා වූ සේවය අගය කළ යුතු එකක් මෙන්ම එය තැපැල් සේවයේ සුවිශේෂී අවස්ථාවක් ද සලකුණු කරයි.

සිරිපාදේ කඳු මුදුනට උදේ හවස යන එන පියුම් මහතා මෙන් ම සුවිශේෂි චරිතයක් අපට හමු වූයේ මීමුරේ ගම කරා සිළුමිණ අප ගිය මාධ්‍ය චාරිකාවේදීය.

ඔහු මීමුරේ ගමේ එකම ලියුම් බෙදන්නා වන ඩබ්ලිව්. ජී. සමරකෝන් මහතා ය. දිවියේ අඩසියවස පසුකර ඇති සමරකෝන් මහතාගේ රාජකාරිය ද මීමුරේ ගමේ වාසය මෙන් ම දුෂ්කරය.

සමරකෝන් මහතා මීමුරේ ගම්වැසියන් නිතර දකින නිතර අවැසි පුද්ගලයෙකි. ඔහු දිනකට කිලෝමීටර් 20 ක් 25 ක් දෙපා රිදෙනකමල් ඇවිදින්නේ සිය රාජකාරිය දේව කාරිය සේ සලකාය. හුන්නස්ගිරියෙන් ඇරැඹෙන මීමුරේ ගමන් මාර්ගයේ කිලෝමීටර් 32 ක් මීමුරය ගමටම ඇත. වාහනයක් නොව පාපැදියක්වත් යෑමට තරම් නොවන මීමුරේ මාර්ගය අතිශයින්ම අබලන්ය. දුෂ්කරය.”

නාගරිකකරණයට හසු නොවූ මීමුරේ ගමේ ගෙවල් ඇත්තේ තැනින් තැනය. පාසල් තුනක් තැනින් තැන ඇත. කඩයක් දෙකක්, ගමේ පන්සලක් හැරුණු කොට මේ පියුම් මහතාගේ රාජකාරියට හසු නොවන තැන් නැත. ඔහු මේ දුෂ්කර සේවය කරන්නේ ගමේ ගම්මුන් වෙනුවෙනි; නැතිනම් දුෂ්කර සේවයක නියැළී සිටින රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු වෙනුවෙනි.

සමරකෝන් මහතාගේ දෛනික ජීවිතය ඇරැඹෙන්නේ සිය නවාතැන වූ පුස්යාලේ සිට ය. එය මීමුරේ මාර්ගයේ අතරමැදි තැනකි. මේ ගමට ඇති එකම තැපැල් කන්තෝරුව ඇත්තේ කයිකාවල ගමේය. ඒ මීමුරයට පෙර ගමය.

“...මම උදේ පාන්දර නැගිටලා පුස්යාලේ සිට කයිකාවල තැපැල් කන්තෝරුවට පයින්ම එනවා. එතැන කාර්යාලයේ කටයුතු කරලා තේ එකක් එහෙම බීලා ලියුම් මිටිය අරගෙන පයින්ම කයිකාවල හරහා කුඹුක්ගොල්ලට, පුස්යාල, හුනුකැට-දෙගලහ, නාඇල මාර්ගයේ කරඹ කැටියට යනවා. ඊටත් පස්සේ පයින්ම මීමුරයට යනවා. දවසකට එක ලියුමක් බෙදන්නත් කිලෝමීටර් ගණනක් පයින් ගමට යනවා එක ලියුමකට. ඒ ලියුම සමහර විට ඒ කෙනාට හදිසියක් නොවෙන්න පුළුවන්. ඒත් මම ලියුම් ප්‍රමාද කරන්නැහැ. රාජකාරිය මම අකුරටම කරනවා... මේ විදියට උදේ හවස මම කිලෝමීටර් 20 ක් 25 ක් පයින් ඇවිදිනවා. මට බයිසිකලයක් දීලා තිබුණා. ඒත් ඒකෙන් මේ පාරවල යන්න බැහැ...”

සමරකෝන් මහතාට ගමේ වැව් කඳුරු, ලඳු කැලෑ හොඳට හුරුපුරුදුය. ඒ සිය රාජකාරිය නිවාලන්නට කෙටි මාර්ග සොයා යන බැවිනි. සාමාන්‍ය මඟින් ලිපි ගෙන ගියොත් ආපසු ඒමට දිනය මදි නිසා ලඳු කැලෑවල කෙටි මාර්ග සොයා යමින් වැව් කඳුරු තරණය කරමින් දිනපතා ගම වටා යෑමට සමරකෝන් මහතා පුරුදුව සිටී.

සමරකෝන් මහතාගේ ගම තෙල්දෙණිය උඩිස්පත්තුවේය. පුතකු හා දියණියන් තිදෙනකුගේ පියකු වන සමරකෝන් මහතා සිය අඹු දරුවන්ගේ දුක සැප බලන්නට යන්නේ සතියේ සෙනසුරාදාත් සිය රාජකාරිය අහවර කරය.

“...මම රාජකාරිය කරලා සෙනසුරාදා හවසයි ගෙදර යන්න පිටත් වෙන්නේ. සෙනසුරාදාට යන්න බැරිවුණොත් ඉරිදා උදෙන්ම ගෙදර යනවා. දරුවොත් එක්ක ඒ දවස ගතකරලා සඳුදා පාන්දරම රාජකාරියට එන්න පිටත් වෙනවා. හුන්නස්ගිරියෙන් මීමුරයට එන්න ආවොත් ගමන දුරයි. කි. මී. 32 ක් පයින්ම එන්න වෙනවා. ගමට යන එකම වෑන් එකේ යන්න ගියොත් රාජකාරිය පමා වෙනවා. ඒ නිසා ගෙදර ඉඳන් තංගප්පුවට එනවා. ඒක කෙටි කැලෑ පාරක්. තංගප්පුවේ ඉඳන් අට්ටලමෙට්ටුව හරහා කන්තෝරුවට කිලෝමීටර් 18 ක් තියෙනවා. ඒ දුර පයින්ම යනවා. කන්තෝරුවට ගිහින් ආයිත් ගම වටේ ලියුම් බෙදලා රෑ 6.30 ට විතර නවාතැනට යනවා. පුදුම දුෂ්කර සේවයක්...”

සමරකෝන් මහතා කරන්නේ ගම්වැසියන්ගේ ලියුම් බෙදීම පමණක් නොවේ. ගමේ අයගේ වුවමනා එපාකම්වලට සත්කාර සේවයක් ද ඔහු විසින් සපයයි. ගමේ අයගේ මුදල් බැංකුවල තැන්පත් කරන්නට දෙන්නේ ද සමරකෝන් මහතාටය. පත්තරයක්, පොතක් ගෙදර ගොස් එන විට නගරයෙන් ගෙනත් දෙන්නේ ද ඔහුය. ඒ තරමට මේ පියුම් මහතා ගමේම විශ්වාසය දිනාගත් හිතවතෙකි. දුරකතන, අන්තර්ජාල, කිසිඳු පහසුකමක් නොමැති මේ ගමට කිසිදු ප්‍රමාදයකින් තොරව සිය වෙහෙස නොබලා ඔහු කරන කැපවීම ගම්මුන්ට උතුම්ය.

“ගමේ අය මාත් එක්ක හරිම එකතුයි. දුර ඇවිදගෙන යනකොට ගමේ ගෙදරකින් තමයි තේ එකක් බීලා වෙහෙස නිවා ගන්නේ, සමහර ගේකින් දවල්ට කෑම දෙනවා. වැස්ස දවස්වලට රාජකාරි නිම කරන්න රෑ වුණොත් ගමේ කාගේ හරි ගේකත් නවාතැන් ගන්න අවස්ථා තිබුණා... මම උදේ හවස කිලෝමීටර් ගණනක් ඇවිද්දත් වෙහෙස නිවා ගන්න කඩයක් නැහැ. ගෙයක් දොරක් නැති තැන ගලක් උඩ ටික වේලාවක් වාඩිවෙලා වෙහෙස නිවා ගන්නවා...”

මේ දුෂ්කර සේවයේදී පියුම් මහතා ජීවිතයේ ලද අමතක නොවන සිදුවීම් ද කටුක අත්දැකීම් ද බොහෝ ය. සිය පවුල් ජීවිතයට වඩා රාජකාරිය දේවත්වයේ ලා සැලකූ සමරකෝන් මහතාගේ සේවය ගම්මු ඇගැයීමට ලක් කළත් රජයෙන් ඔහුට නිසි ඇගැයීමට ලක්කර නොමැති බව කනගාටුවෙන් යුතුව සිහිපත් කළ යුතුය.

“මං මේ ගමට ඇවිත් අට වසරක් වෙනවා. මේ අවුරුදු අටේම කළේ මේ දුෂ්කර සේවයමය. වෙන කෙනෙක් මේ ගමට එන්නැහැ. ඒ නිසා හැමදාම මම මෙතැන. මට කිසිම විශේෂ දීමනාවක් නැහැ. අනිත් අයට දෙන රු. 15,245 ක පඩියමයි මටත් ලැබෙන්නේ...”

අපිට මේ සුවිශේෂී පුද්ගලයා හමුවූයේ කලින් සඳහන් කළාක් මෙන් මීමුරේ යන ගමනේදීය. ඒ ඔහු දහඩිය පෙරමින් කයිකාවල පාසලට පැමිණ රාජකාරි ලිපියක් විදුහල්පතිතුමාට බාරදීමට පැමිණි අවස්ථාවේදීය. මීමුරේ ගමනේ දුෂ්කරතාව නොදත් අය මොහුගේ සේවාව ඇගැයීමට ලක් නොකරති. නමුත් දුරකතන, අන්තර්ජාල නොමැති තොරතුරු ගලා යෑමේ අඩුපාඩු පවතින මෙවන් ගමකට මෙවැනි සේවයක් සලසන මෙවැනි පුද්ගලයකු ලැබුණේ ගම්මුන්ගේ පිනටය. අදාළ බලධාරීන් මෙවන් සේවා මීට වඩා ඇගැයුමට ලක්කළ යුතුය.

සුභාෂිණි ජයරත්න

ඡායා - විමල් කරුණාතිලක

උපුටා ගැනීම - සිළුමිණ

http://silumina.lk/2015/10/11/_art.asp?fn=ss1510117

[QUOTE="sudumalli2009, post: 19097782, member: 294444"] [SIZE=5][B][COLOR=Purple]එක ලියුමක් බෙදන්නත් කිලෝ මීටර් 25ක්-30ක් පයින් යන මීමුරේ පියුන් මහත්තයා[/COLOR][/B][/SIZE] [CENTER][SIZE=4][COLOR=#FF0000]පාපැදියක් තිබුණත් ඉන් මේ ගමේ පාරවල ගමන් බෑ [/COLOR][/SIZE][SIZE=4][COLOR=#FF0000] [/COLOR] [COLOR=#800080]ගමේ අයගේ මුදල් බැංකුවලට දාන්නෙත් පියුන් මහත්තයා[/COLOR] [COLOR=#0000FF]වෙහෙස නිවාගන්න කැලෑව මැද ගලක් උඩ වාඩිවෙනවා[/COLOR][/SIZE] [IMG]http://silumina.lk/2015/10/11/pun-mahatha-1.jpg[/IMG] [SIZE=3] සිරිපාද කඳු මුදුනට උදේ හවස ලියුම් බෙදන පියුම් මහතා ගැන ඔබ නිතර අසා ඇති. උදේ හවස දුෂ්කර ගිරි ශිඛරයක් තරණය කරමින් ඔහු කරන්නා වූ සේවය අගය කළ යුතු එකක් මෙන්ම එය තැපැල් සේවයේ සුවිශේෂී අවස්ථාවක් ද සලකුණු කරයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] සිරිපාදේ කඳු මුදුනට උදේ හවස යන එන පියුම් මහතා මෙන් ම සුවිශේෂි චරිතයක් අපට හමු වූයේ මීමුරේ ගම කරා සිළුමිණ අප ගිය මාධ්‍ය චාරිකාවේදීය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඔහු මීමුරේ ගමේ එකම ලියුම් බෙදන්නා වන ඩබ්ලිව්. ජී. සමරකෝන් මහතා ය. දිවියේ අඩසියවස පසුකර ඇති සමරකෝන් මහතාගේ රාජකාරිය ද මීමුරේ ගමේ වාසය මෙන් ම දුෂ්කරය.[/SIZE] [SIZE=3] සමරකෝන් මහතා මීමුරේ ගම්වැසියන් නිතර දකින නිතර අවැසි පුද්ගලයෙකි. ඔහු දිනකට කිලෝමීටර් 20 ක් 25 ක් දෙපා රිදෙනකමල් ඇවිදින්නේ සිය රාජකාරිය දේව කාරිය සේ සලකාය. හුන්නස්ගිරියෙන් ඇරැඹෙන මීමුරේ ගමන් මාර්ගයේ කිලෝමීටර් 32 ක් මීමුරය ගමටම ඇත. වාහනයක් නොව පාපැදියක්වත් යෑමට තරම් නොවන මීමුරේ මාර්ගය අතිශයින්ම අබලන්ය. දුෂ්කරය.”[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] නාගරිකකරණයට හසු නොවූ මීමුරේ ගමේ ගෙවල් ඇත්තේ තැනින් තැනය. පාසල් තුනක් තැනින් තැන ඇත. කඩයක් දෙකක්, ගමේ පන්සලක් හැරුණු කොට මේ පියුම් මහතාගේ රාජකාරියට හසු නොවන තැන් නැත. ඔහු මේ දුෂ්කර සේවය කරන්නේ ගමේ ගම්මුන් වෙනුවෙනි; නැතිනම් දුෂ්කර සේවයක නියැළී සිටින රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු වෙනුවෙනි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] සමරකෝන් මහතාගේ දෛනික ජීවිතය ඇරැඹෙන්නේ සිය නවාතැන වූ පුස්යාලේ සිට ය. එය මීමුරේ මාර්ගයේ අතරමැදි තැනකි. මේ ගමට ඇති එකම තැපැල් කන්තෝරුව ඇත්තේ කයිකාවල ගමේය. ඒ මීමුරයට පෙර ගමය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“...මම උදේ පාන්දර නැගිටලා පුස්යාලේ සිට කයිකාවල තැපැල් කන්තෝරුවට පයින්ම එනවා. එතැන කාර්යාලයේ කටයුතු කරලා තේ එකක් එහෙම බීලා ලියුම් මිටිය අරගෙන පයින්ම කයිකාවල හරහා කුඹුක්ගොල්ලට, පුස්යාල, හුනුකැට-දෙගලහ, නාඇල මාර්ගයේ කරඹ කැටියට යනවා. ඊටත් පස්සේ පයින්ම මීමුරයට යනවා. දවසකට එක ලියුමක් බෙදන්නත් කිලෝමීටර් ගණනක් පයින් ගමට යනවා එක ලියුමකට. ඒ ලියුම සමහර විට ඒ කෙනාට හදිසියක් නොවෙන්න පුළුවන්. ඒත් මම ලියුම් ප්‍රමාද කරන්නැහැ. රාජකාරිය මම අකුරටම කරනවා... මේ විදියට උදේ හවස මම කිලෝමීටර් 20 ක් 25 ක් පයින් ඇවිදිනවා. මට බයිසිකලයක් දීලා තිබුණා. ඒත් ඒකෙන් මේ පාරවල යන්න බැහැ...”[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] සමරකෝන් මහතාට ගමේ වැව් කඳුරු, ලඳු කැලෑ හොඳට හුරුපුරුදුය. ඒ සිය රාජකාරිය නිවාලන්නට කෙටි මාර්ග සොයා යන බැවිනි. සාමාන්‍ය මඟින් ලිපි ගෙන ගියොත් ආපසු ඒමට දිනය මදි නිසා ලඳු කැලෑවල කෙටි මාර්ග සොයා යමින් වැව් කඳුරු තරණය කරමින් දිනපතා ගම වටා යෑමට සමරකෝන් මහතා පුරුදුව සිටී.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] සමරකෝන් මහතාගේ ගම තෙල්දෙණිය උඩිස්පත්තුවේය. පුතකු හා දියණියන් තිදෙනකුගේ පියකු වන සමරකෝන් මහතා සිය අඹු දරුවන්ගේ දුක සැප බලන්නට යන්නේ සතියේ සෙනසුරාදාත් සිය රාජකාරිය අහවර කරය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] “...මම රාජකාරිය කරලා සෙනසුරාදා හවසයි ගෙදර යන්න පිටත් වෙන්නේ. සෙනසුරාදාට යන්න බැරිවුණොත් ඉරිදා උදෙන්ම ගෙදර යනවා. දරුවොත් එක්ක ඒ දවස ගතකරලා සඳුදා පාන්දරම රාජකාරියට එන්න පිටත් වෙනවා. හුන්නස්ගිරියෙන් මීමුරයට එන්න ආවොත් ගමන දුරයි. කි. මී. 32 ක් පයින්ම එන්න වෙනවා. ගමට යන එකම වෑන් එකේ යන්න ගියොත් රාජකාරිය පමා වෙනවා. ඒ නිසා ගෙදර ඉඳන් තංගප්පුවට එනවා. ඒක කෙටි කැලෑ පාරක්. තංගප්පුවේ ඉඳන් අට්ටලමෙට්ටුව හරහා කන්තෝරුවට කිලෝමීටර් 18 ක් තියෙනවා. ඒ දුර පයින්ම යනවා. කන්තෝරුවට ගිහින් ආයිත් ගම වටේ ලියුම් බෙදලා රෑ 6.30 ට විතර නවාතැනට යනවා. පුදුම දුෂ්කර සේවයක්...”[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සමරකෝන් මහතා කරන්නේ ගම්වැසියන්ගේ ලියුම් බෙදීම පමණක් නොවේ. ගමේ අයගේ වුවමනා එපාකම්වලට සත්කාර සේවයක් ද ඔහු විසින් සපයයි. ගමේ අයගේ මුදල් බැංකුවල තැන්පත් කරන්නට දෙන්නේ ද සමරකෝන් මහතාටය. පත්තරයක්, පොතක් ගෙදර ගොස් එන විට නගරයෙන් ගෙනත් දෙන්නේ ද ඔහුය. ඒ තරමට මේ පියුම් මහතා ගමේම විශ්වාසය දිනාගත් හිතවතෙකි. දුරකතන, අන්තර්ජාල, කිසිඳු පහසුකමක් නොමැති මේ ගමට කිසිදු ප්‍රමාදයකින් තොරව සිය වෙහෙස නොබලා ඔහු කරන කැපවීම ගම්මුන්ට උතුම්ය. [IMG]http://silumina.lk/2015/10/11/pun-mahatha.jpg[/IMG] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] “ගමේ අය මාත් එක්ක හරිම එකතුයි. දුර ඇවිදගෙන යනකොට ගමේ ගෙදරකින් තමයි තේ එකක් බීලා වෙහෙස නිවා ගන්නේ, සමහර ගේකින් දවල්ට කෑම දෙනවා. වැස්ස දවස්වලට රාජකාරි නිම කරන්න රෑ වුණොත් ගමේ කාගේ හරි ගේකත් නවාතැන් ගන්න අවස්ථා තිබුණා... මම උදේ හවස කිලෝමීටර් ගණනක් ඇවිද්දත් වෙහෙස නිවා ගන්න කඩයක් නැහැ. ගෙයක් දොරක් නැති තැන ගලක් උඩ ටික වේලාවක් වාඩිවෙලා වෙහෙස නිවා ගන්නවා...”[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ දුෂ්කර සේවයේදී පියුම් මහතා ජීවිතයේ ලද අමතක නොවන සිදුවීම් ද කටුක අත්දැකීම් ද බොහෝ ය. සිය පවුල් ජීවිතයට වඩා රාජකාරිය දේවත්වයේ ලා සැලකූ සමරකෝන් මහතාගේ සේවය ගම්මු ඇගැයීමට ලක් කළත් රජයෙන් ඔහුට නිසි ඇගැයීමට ලක්කර නොමැති බව කනගාටුවෙන් යුතුව සිහිපත් කළ යුතුය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] “මං මේ ගමට ඇවිත් අට වසරක් වෙනවා. මේ අවුරුදු අටේම කළේ මේ දුෂ්කර සේවයමය. වෙන කෙනෙක් මේ ගමට එන්නැහැ. ඒ නිසා හැමදාම මම මෙතැන. මට කිසිම විශේෂ දීමනාවක් නැහැ. අනිත් අයට දෙන රු. 15,245 ක පඩියමයි මටත් ලැබෙන්නේ...”[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] අපිට මේ සුවිශේෂී පුද්ගලයා හමුවූයේ කලින් සඳහන් කළාක් මෙන් මීමුරේ යන ගමනේදීය. ඒ ඔහු දහඩිය පෙරමින් කයිකාවල පාසලට පැමිණ රාජකාරි ලිපියක් විදුහල්පතිතුමාට බාරදීමට පැමිණි අවස්ථාවේදීය. මීමුරේ ගමනේ දුෂ්කරතාව නොදත් අය මොහුගේ සේවාව ඇගැයීමට ලක් නොකරති. නමුත් දුරකතන, අන්තර්ජාල නොමැති තොරතුරු ගලා යෑමේ අඩුපාඩු පවතින මෙවන් ගමකට මෙවැනි සේවයක් සලසන මෙවැනි පුද්ගලයකු ලැබුණේ ගම්මුන්ගේ පිනටය. [COLOR=Red]අදාළ බලධාරීන් මෙවන් සේවා මීට වඩා ඇගැයුමට ලක්කළ යුතුය[/COLOR].[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] සුභාෂිණි ජයරත්න[/SIZE] [SIZE=3] ඡායා - විමල් කරුණාතිලක[/SIZE] [SIZE=3]උපුටා ගැනීම - සිළුමිණ [/SIZE] [SIZE=3][URL]http://silumina.lk/2015/10/11/_art.asp?fn=ss1510117[/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom