පිරමීඩ සෙල්ලම දිගටම 'ස්පෝර්ට්ස් චේන්'

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113

    'ස්පෝර්ට්ස් චේන්' කෝටි 1500 පිරමිඩ වංචාවට චීන යුවළක් රිමාන්ඩ්

    10/14/2022 12:30:00 PM
    sports-chain-fraud

    'ස්පෝර්ට්ස් චේන්' නමින් පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දෙමින් පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 1500කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ චීන ජාතික යුවළක් ලබෞන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඊයේ (13) නියෝග කළේය. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන්ගේ බැංකු ගිණුම්වල තිබීම රුපියල් කෝටි 140ක මුදලක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවද එම මුදල් ඔවුන්ට ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

    මෙම සැකකරුවන් රාත්‍රී මැලේසියාව බලා පිටත්ව යාමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පෙරේදා (12)රැදී සිටියදී අත්අඩංගුවට ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ 05 ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි චීන ජාතික වයස අවුරුදු 35ක පිරිමියකු සහ 25 හැවිරිදි කාන්තාවකි.
    මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (12) අත්අඩංගුවට ගත් “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නම් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන කුරුණෑගල පදිංචි ශමල් කීරති බණ්ඩාර යන අයගෙන් ප්‍රශ්න කරමින් සිටියදී එම සැකකරු සිය ජංගම දුරකතනය ඔස්සේ වට්ස්අප් පණිවිඩයක් යොමු කරමින් වහාම ඉන්නා ස්ථානයෙන් පිටත් වන ලෙසට මෙම සැකකරුවන්ට කළ දැනුම් දීම මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කළ බව නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නිතීඥ හංස අබේරත්න මහතා සඳහන් කර සිටියේය.

    ඒ අනුව සැකකරුවන් ගුවන් තොටේදී අත්අඩංගුවට ගෙන ඔවුන් තාවකාලිකව වාසය කළ නිවස වෙත ගොස් කළ පරික්ෂාවේදී අදාළ බැංකු ගිණුම් පිළිබද තොරතුරු අනාවරණය වූ බව ද රජයේ නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. මෙම වංචාවට අදාළව පැමිණිලි 70ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත්, මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන ඇති ආකාරයට මෙම මෘදුකාංගය ඔස්සේ වංචා කර ඇති මුළු මුදල රුපියල් කෝටි 1500කට අධික බවත් රජයේ නිතීඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේය. සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායකයා මෙරට ලොකුම මුදලක් ආයෝජනය කළ චීන ජාතිකයාගේ පුත්‍රයා බවත් ඔවුන් එවන් වංචාවක් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බවත්ය. ප්‍රතිකාර ලබා ගැනීම සදහා මැලේසියාවට යෑමට පිටත් වූවා මිස මෙරට හැර යාමට සුදානම් නොවුණ බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ වංචාව ප්‍රවර්ධනය කළ බවට සැක කරමින් බවත් නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.


    තම සේවාදායකයින් මෙරටට පැමිණ වසර ගණනාවක් වන අතර ඔවුන් මහජන චීනය, ඉන්දියාව, මැලේසියාව, බංග්ලාදේශය වැනි රටවල සංචාරය කර ඇති බවද එම නිතීඥවරයා අධිකරණයට ප්‍රකාශ කර සිටියේය. විද්‍යුත් මුදල් (ඩිජිටල් මුදල්) ක්‍රමය අද ලෝකයේ ප්‍රචලිත ආයෝජන ක්‍රමයක් වුවත් එය මෙරට නිත්‍යනුකූල එකක් නොවන බවත් මෙම ක්‍රමයද එවැනි ක්‍රමයක් බවත් නිතීඥවරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය. මෙහිදී රජයේ නිතීඥවරයා සදහන් කර සිටියේ මෙය ඩිජිටල් මුදල් ක්‍රමයට අදාළ වන්නක් නොව අසරණ මිනිසුන්ගේ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් පමණක් බවත්ය.

    ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම විමර්ශනයේ මූලික අවස්ථාව මෙය වන බැවින් සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔවුන් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව පෙරේදා (12) අත්අඩංගුවට ගත් “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා" නම් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන කුරුණෑගල පදිංචි ශමල් කීර්ති බණ්ඩාර නමැත්තාට අධිකරණයෙන් ඇප ලබා දී තිබිණි.

    මෙම පිරමිඩ වංචාවේ ප්‍රධානීන් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ ශාලා සුපිරි හෝටල්වල උත්සව පවත්වමින් මෙය හදුන්වා දී ඇත්තේ විශාල ජනකායක් ඒකරාශි කරමින් බවත් මේ වන විට සමස්ත දිවයින පුරාම මෙම වංචාවට හසුවූ අය සිටින බවත් නිතීඥවරයා අධිකරණයට දැනුම් දු න්නේය. මෙම “ස්පෝර්ට්ස් චේන් සොසයිටි ශ්‍රී ලංකා" නමින් සමාජයක් පිහිටුවා "ස්පෝර්ට්ස් චේන්" නමින් පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දෙමින් ඉන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ජනතාව තුළ විශාල විස්වාසයක් ඇති කර එමගින් මුදල් යෙදවීමට පෙළඹවා මෙම ජාවාරම සිදුකර ඇතැයි පැමිණිල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ලංකාවේ එවුන්ට කොච්චර කිවුවත් අහන්නේ නැහැ ගිහින් අහුවෙනවා
     
    • Like
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ලංකාවේ එවුන්ට කොච්චර කිවුවත් අහන්නේ නැහැ ගිහින් අහුවෙනවා
    තන්හාවයි ගොබ්බකමයි එකට කැටි කොට සල්ලි පුදනවා 😊
     
    • Like
    Reactions: 2osama

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    :lol:

    ලංකාවේ එවුන්ට කොච්චර කිවුවත් අහන්නේ නැහැ ගිහින් අහුවෙනවා

    ඔව්ව නම් මොනවද බන් රාජපක්ෂලා එක්ක අයෙත් නැගිටින්න හදන්නේ සෙට් එකක්.
    :lol:

    ------ Post added on Oct 14, 2022 at 2:01 PM
     
    • Like
    Reactions: See007

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,372
    13,274
    113
    33
    ෆින්ලන්ඩ්
    පිරමීඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 1500කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා" නමැති ආයතනයේ සැකකාර ප්‍රධානීන් වංචා කරන ලද මුදල්වලින් ජාත්‍යන්තර ඩොලර් මිලදී ගැනීම මෙන්ම මෙරට ආයතනවල මුදල් ආයෝජනය කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත. මෙම සිද්ධියට අදාළ සැකකාර චීන ජාතිකයන් දෙදෙනා විසා ලබා ගැනීම සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් රුපියල් බිලියන 1.44 ක මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම්වල තිබී සොයාගත් බවත් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතිඥ හංස අබේරත්න මහතා දැනුම්දීම කර තිබේ.

    මෙම සැකකරුවන් රුපියල් බිලියන පහළොවකට අධික මුදල් වංචාවෙන් මිලදී ගත් දේපළ සම්බන්ධ වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන බව මෙහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත. මෙම සිද්ධියට අදාළ සැකකරුවන් 8 දෙනාගෙන් කිහිප දෙනකුම සුපිරි නිවාස සංකීර්ණයන් හි නිවාස මිලට ගෙන ඇති බවත් තවත් අය රුපියල් ලක්‍ෂ සියයකට අධික මුදල් වැය කරමින් නිවාස ඉදිකරගෙන ඇති බවත් අධිකරණයට දැනුම් දුන් රජයේ නීතිඥවරයා, සැකකරුවන් මිලදී ගත් සුපිරි වාහන එකොළහක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇති බව කීය.


    මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව ඇප මත සිටි පළමුවන සැකකරුවන් අමල් කීර්ති බණ්ඩාර නමැත්තා ද රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇප මත සිටියදී සෙසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීම සාධාරණ නොවන බැවින් එම සැකකරුගේ ඇප අවලංගු කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා එලෙස තීරණය කළේය.

    නිමන්ති රණසිංහ
    https://www.gossiplankanews.com/2022/11/sports-chain.html
     
    • Like
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මේ ජාවාරම් වලට අහුවෙන උන් කවදාවත් හැදෙන්නෑ ඒ තරම්ම තන්හාවෙන් ගොබ්බයෝ වෙලා. හෙට අනිද්දට තවත් මගඩියක් එලියට එයි තවත් ගොබිලෝ රෑනක් අහු උනා කියල😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    ලංකාවේ එවුන්ට කොච්චර කිවුවත් අහන්නේ නැහැ ගිහින් අහුවෙනවා
    ඔව් ඔය මහින්ද පරද්දලා ඌව ආයෙ ගෙනල්ලා උගේ මල්ලිත් ගෙනල්ලා අහුවුනේ එකනේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    පුතානෝ ගෙනාවා නම් බලන්න තිබ්බා 🤣🤣🤣
    උනේ නැති දෙයක් ගැන කතා කරලා වැඩක් නෑනේ. මිනිස්සු ගෙනාවේ මහින්දවයි ගෝඨාබය නේ. ගෙනල්ලා නාපු නෑම අම්මෝ ඉතින් . ගහලා පැන්නුවේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    උනේ නැති දෙයක් ගැන කතා කරලා වැඩක් නෑනේ. මිනිස්සු ගෙනාවේ මහින්දවයි ගෝඨාබය නේ. ගෙනල්ලා නාපු නෑම අම්මෝ ඉතින් . ගහලා පැන්නුවේ
    බොරු වට කෑ ගැහෙන්නේ නැතුව කියපන්කෝ උබ ඡන්දෙ දුන්න බුද්ධිමතා කාවුවද කියලා 🤣🤣
     

    Similar threads