Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිමින්ගේ මදසරුකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිමින්ගේ මදසරුකම

ගැහැණුන්ට ඇඟිලි දික්වෙන පිරිමින්ගේ මදසරුකම

පුරුෂ මදසරුකම : හොඳ, නරක සහ අසුන්දර බව

නිරෝගි හා විකෘති ශුක්‍රාණු

කාන්තාවන්ගේ මදසරු බව වෙනුවෙන් විවිධ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේද තිබුණ ද පුරුෂයන්ගේ මදසරු බව සම්බන්ධයෙන් ඇත්තේ අඩු අවබෝධයකි. ඇතැම්හු එය සඟවති. බොහෝ දෙනෙක් ඒ බව නොදනිති. මහජනතාව අතර ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නැති තරම්ය. පිරිමින්ගේ මදසරු බව සම්බන්ධයෙන් විශේෂ අධ්යයන්යයන් කළ වෛද්‍යවරුන් සිටින්නේ ද අතළොස්සකි. දකුණු ආසියානු කලාපයේ එවැනි වෛද්‍යවරුන් සිටින්නේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. වෛද්‍ය රෝහණ ප්‍රිය සුසන්ත රණසිංහ යනු එවැනි වෛද්‍යවරයෙකි. පිරිමින්ගේ මදසරු බව සම්බන්ධයෙන් වෛද්‍ය රණසිංහ මහතා අප සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්විය. එහිදි ඔහු ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් දැක්වීය. පිරිමි මදසරු බව සම්බන්ධයෙන් සමාජයේ මුල් බැස ගෙන තිබෙන මිථ්‍යා මත සම්බන්ධයෙන් ද අපගේ ජීවකයාණන් මෙසේ අදහස් දැක්වීය.

මදසරු බව (Infertility)යනු කුමක් ද ?

මදසරු බව යනු පුද්ගලයකුට, සතෙකුට හෝ ශාකයකට හෝ ස්වභාවිකම ප්‍රජනනය කිරීමට නොහැකි වීමයි. එය සෞඛ්‍ය සම්පන්න වැඩිහිටි මනුෂ්‍යයන්ගේ සාමාන්‍ය ස්වභාවික තත්ත්වයට වඩා වෙනස්ය. මදසරු බව යනු ගැබ් ගැනීමට හෝ සම්පූර්ණ කාලය පුරාවට ගැබ් ගැනීම පවත්වාගෙන යාමට නොහැකි වීමයි. විරුද්ධ ප්‍රජනන පද්ධති දෙකක් අතර සිදුවන සංසර්ගයේ ප්‍රතිඵලයක් ලෙස ස්ත්‍රී ඩිම්බ (බිත්තර/බීජ යන සරල අදහසින් ද දැක්විය හැක) ශුක්‍රාණු මගින් ගැබ් ගැනීමක් සිදු වේ.

ඩිම්බයක් වෙත පිහිනා යන ශුක්‍රාණු

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මදසරු බව යනු ප්‍රජනන පද්ධතියේ ඇති රෝගී තත්ත්වයකි. මාස 12ක් හෝ ඊට වැඩි කාලයක් තුළ තම සහකරු සමග අඛණ්ඩව අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදීම තුළින් සායනික ගැබ් ගැනීමට ලක්වීමට නොහැකි වීම හෝ අසමත් වීම හෝ එමගින් අදහස් කෙරේ. ප්‍රාථමික මදසරු බව යනු කිසිදා දරුවකු නොලද යුවලක් තුළ තිබෙන මදසරු බවයි. පළමු ගැබ් ගැනීමකට පසුව දෙවැනි ගැබ් ගැනීමට නොහැකි වීම ද්විතීය මදසරු බවයි. කාන්තාව හෝ පිරිමියා හෝ තුළ තිබෙන විවිධ ආසාදන, ආසාදිත තත්්ත්ව හා රෝගාබාධ හේතුවෙන් මදසරු බව ඇතිවිය හැක. එහෙත් ඒ සඳහා නිශ්චිත හෝ පැහැදිලි හෝ හේතුවක් හෝ නොමැත.

වසරක කාලයක් තුළදී ගැබ් ගැනීමට නොහැකි වීම හෝ අසමත් වීම හෝ ‘මැදහත් මදසරු’ (සෞම්‍ය මදසරු බව) යනුවෙන් වෛද්‍යවරු හඳුන්වති. අපි එය අත්‍යවශයෙන්ම ‘මැදහත් මදසරු’ බව යනුවෙන් කියන්නේ නැහැ. එහෙත් එවැනි යුවලවල් ඒ සම්බන්ධයෙන් තිබෙන පරීක්ෂණවලට යොමු කෙරෙ. යුවලගේ වයස මත ද මැදහත් මදසරු බව තීරණය වේ. යුවල වයස අවුරුදු 25ට අඩු නම් තවත් වසර දෙකක් සඳහා කල් වේලා ගැනීම සම්මතයයි. එහෙත් දෙදෙනා වයස අවුරුදු 30 හෝ ඒ ආසන්නයේ නම් වසරක කාලයක් බලා හිඳීම සම්මතයි. ඔවුන් දෙදෙනා වයස අවුරුදු 35 හෝ 35ට වැඩි නම් හෝ බලා සිටින කාලය මාස 6කට අඩු වේ.

කාන්තාවන්ගේ මදසරු බව සම්බන්ධයෙන් මහජනතාව අතර විශාල කතාබහක් තිබෙනවා. එහෙත් පොදු ජනතාව අතර පිරිමින්ගේ මදසරු (Male Infertility) බව සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් නැති බව හැෙඟනවා. වෛද්‍යතුමනි, ඇත්තෙන්ම පුරුෂ මදසරු බව යනු කුමක් ද ?

සාරවත් කාන්තාවක් තුළ ගැබ් ගැනීමක් ඇති කිරීමට පිරිමියකුට ඇති නොහැකියාව පිරිම මදසරු බව යනුවෙන් හඳුන්වනවා. සංස්කෘතික තත්ත්වය, නින්දා, අපහාස සහ ස්ත්‍රී පුරුෂ අර්ථ නිරූපණ යනාදිය නිසා බොහෝමයක් දෙනා මේ ප්රශ්නයේ විශාලත්වය පිළිගන්න කැමැති නැහැ. මේ වනවිට එය ලෝකය පුරා තිබෙන වෛද්‍ය තත්ත්වයක් බවට පත්ව තිබෙනවා.

වසර 1971 දී ‘මැදහත් මදසරු’ බවින් පෙලූණේ ලෝක ජනගහනයෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් පමණයි. එහෙත් 2012 වනවිට එය සියයට 15ක් දක්වා වැඩි වෙලා. සමාජ, පරිසර සහ ආහාර රටා ආදී සාධක ඊට හේතු වී තිබේ. ‘මැදහත් මදසරු’ බවට කාන්තා හා පිරිමි යන දෙපාර්ශවයම සමානව හෝ ආසන්න වශයෙන් හෝ සියයට 40කින් දායකත්වය සපයන බව කරන ලද විවිධ පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. එයිනුත් ඉතිරි සියයට 20 “විස්තර නොකළ/ පැහැදිලි කළ නොහැකි” යනුවෙන් වර්ගීකරණය කර තිබේ. මම ඉහතදීත් සඳහන් කළා. මදසරු බව සෑම විටම ප්‍රාථමික වන්නේ නැහැ. ඇතැම් විට එය ද්විතීක, තෘතීයික නැතිනම් ඊටත් එහාට යන්න පුළුවන්. ඇතැම් විට පළමු දරු සම්පත ලැබීමෙන් පසු දෙවැනි දරු සම්පතක් නොලැබෙන්න පුළුවන්.

පුරුෂ මැදහත් මදසරුබව (Mild Male Factor Infertility) විනිශ්චය කරන්නේ කෙසේ ද ? ඒ සඳහා හේතු මොනවාද ?

මැදහත් පුරුෂ මදසරුභාවය, සරලවම කිව්වොත් පුරුෂ මදසරු බව යනු පුරුෂයාගේ ශුක්‍රාණුවලට කාන්තාවක ගැබ් ගැන්වීමට ඇති හැකියාව සාමාන්‍යය පිරිමියකුගේ හැකියාවට වඩා අඩුවීමයි. පිරිමි පුරුෂ මදසරු බවෙහි ප්‍රධාන ආකාර තුනක් තිබෙනවා.

1. ශුක්‍රාණු ගණන අඩුවීම (ප්‍රමාණාත්මකව) – වෛද්‍යවරුන්ගේ සම්මත අනුව ගැබ් ගැන්වීමට අවශ්‍ය අවම ශුක්‍රාණු ගණන ශුක්‍ර තරල මිලිලීටර 1කට ශුක්‍රාණු මිලියන 15කි.

2. සංචලතාව අඩුවීම – ශුක්‍රාණු සංචලතාව යනු ‘ස්පර්මැටෝසෝවා’හි ( Spermatozoa) ගමන් කිරීම (චලනය) හෙවත් පිහිනීමයි. ශුක්‍රාණුවල දුර්වල සංචලතාව යනු එයට නිසි පරිදි එහා මෙහා යෑමට නොහැකියි යන්නයි. දුර්වල ශුක්‍රාණු සංචලතාව ‘ඇස්තෙනෝසූස්පර්මියා’ (Asthenozoospermia) යනුවෙන් හඳුන්වයි.

3. ශුක්‍රාණුවල අස්වභාවික පිහිටීම/ව්‍යුහය – ශුක්‍රාණුවල හැඩය හෝ භෞතික පෙනුම (රූපාකාරය) මෙයින් හැඳින්වේ. අස්වභාවික පිහිටීම්, හැඩය හෝ භෞතික ස්වභාවය ගැබ් ගැනීම වළක්වමින් මදසරු බව ඇති කළ හැකිය.

එහෙත් එසේ වුවත් ජනතාව කාන්තාවන්ගේ මදසරු බව ගැන බෙහෙවින් උනන්දු වේ. ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු අවබෝධයක් ද ජනතාව සතු වේ. ඒ සම්බන්ධයෙන් බොහෝ සාකච්ඡා තිබේ. එහෙත් පිරිමින්ගේ මදසරු බව නිශේධ හෝ තහනම් හෝ කරන ලද මාතෘකාවක් බවට පත්ව තිබේ. කාන්තාවන් මෙන්ම පිරිමින්ගේ මදසරු බව අනාවරණය නොවීම හා නොකිරීම යන්න ද ඊට හේතු වී තිබේ. ‘මැදහත් මදසරු’ බවින් හෝ පුරුෂ මැදහත් මදසරුබව හෝ සම්බන්ධයෙන් කතා කිරීමට පිරිමි පාර්ශවය ඉදිරිපත් නොවෙති.

අද වනවිට පුරුෂ මැදහත් මදසරුබව සංකීර්ණ හෝ මහා විශාල ප්‍රශ්නයක් නොවේ. අද ඕනෑම අයකුට සරල සරු බව පිළිබඳ පර්යේෂණයක් සිදු කර තමන්ගේ ප්‍රතිඵල දැන ගත හැකිය. මදසරු බව ගැන බිය විය යුතු නැහැ. එයයි මගේ පණිවුඩය. ඔබට පුරුෂ මැදහත් මදසරුබව තිබේ නම් ඒ සඳහා ප්‍රතිකාර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකාවේදීම ප්‍රතිකාර ලබාගත හැකිය.

පුරුෂ මැදහත් මදසරුභාවයෙන් පෙළෙන්නන් සඳහා ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රතිකාර මොනවාද ?

අවාසනාවකට පුරුෂ මැදහත් මදසරුබව සඳහා නූතන විද්‍යාව තුළ වෛද්‍ය ප්‍රතිකාර නැතිම තරම්. කෙසේ නමුත් පුරාණ ආයූර්වේද ප්‍රතිකර්ම පිළිබඳ කළ පර්යේෂණ තුළින් පුරුෂ මදසරුබව සඳහා ප්‍රතිකාර ක්‍රම සොයාගෙන තිබෙනවා. නූතන වෛද්‍ය විද්‍යාව තුළ පුරුෂයකු මැදහත් මදසරුභාවයෙන් පෙළෙන්නේ නම්, සහයක ප්‍රජනනය සඳහා වන තාක්ෂණික ක්‍රම භාවිත කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව වැනි රටක (සාමාන්‍ය පුරවැසියකුගේ ආදායම් සසඳා බැලීමේදී) ඒ සඳහා වැයවන වියදම් ඉතා ඉහළයි. වඩාත් ප්‍රසිද්ධ ‘ඉන් විට්රෝ ෆර්ටිලයිසේෂන් (IVF) ක්‍රමවේදය සඳහා විශාල මුදලක් වැය වේ. මෙම ක්‍රමවේදයෙන් උපදින දරුවන් ‘නළ දරුවන් ( ටෙස්ට් ටියුබ් බේබි ) යනුවෙන් ද හඳුන්වනු ලැබේ. අනෙක් අතට සරල ‘ඉන්ට්රායුටරීන් ඉන්සෙමිනේෂන් ( Intrauterine insemination) තාක්ෂණය සඳහා සැළකිය යුතු තරමේ මුදලක් වැය වේ.

අපගේ සමාජය තුල පුරුෂ මදසරුභාවය පිළිබඳ ඇති දැනුවත්කම ප්‍රමාණවත්ද?

අවාසනාවකට කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. කෙනෙකුගේ ප්‍රජනන පද්ධතියේ හැකියාව හීන කරන බෝහෝ සාධක තිබෙන්නට පුළුවන්. දරුවෙකු ලැබීම සරල හා ස්වභාවික ක්‍රියාදාමයක් ලෙස අපට පෙනෙන්නට තිබුණත් ඒ සඳහා අවශ්‍ය වන අභ්‍යන්තර හා කායික ක්‍රියාවලීන් ඉතා සංකීර්ණ මෙන්ම බොහෝ බාහිර හා අභ්‍යන්තර සාධක මත රඳා පවතින්නට පුළුවන්. එම නිසා සියළු දෙනා දැන ගත යුතුයි නිරෝගි ශුක්‍රාණු නිපදවීම, නිරෝගි ඩිම්බ නිපදවීම, පැලෝපිය නාළ තුල ඩිම්බය වෙත ශුක්‍රාණුවලට අවහිර නොවීම්, ශුක්‍රාණු මගින් ඩිම්බය සාර්ථකව සංසේචනය කිරීම, එසේ සංසේචනයවු යුක්තාණුව සාර්ථකව ගර්භාෂයේ තැම්පත්වීම හා අවසාන වශයෙන් යුක්තාණුව නිසි භ්රැණයක තත්ත්වයට පත්වීම ආදි බොහෝ සාධක බලපාන බව.

නූතන වෛද්‍ය විද්‍යාව අද බොහෝ වර්ධනයන් අත්පත් කරගත්තද ශුක්‍රාණු ප්‍රමාණාත්මකව වර්ධනය කිරීම හෝ ශුක්‍රාණුවල සංචලතාව වර්ධනය කිරීම හෝ ශුක්‍රාණුවල හැඩය හෝ භෞතික පෙනුම (රූපාකාරය) වර්ධනය කිරීම ආදි ක්‍රියාවලින් සඳහා සර්ථකත්වයක් අත්කර ගැනීමට නොහැකි වී ඇති බවයි මගේ හැගිමයි. එනමුත් ආයුර්වේදය තුලින් අප සමාජයේ වඩාත් වැඩිතර පිරිසකට ශුක්‍රාණු ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වර්ධනය කිරීම මෙන්ම නිරෝගි ශුක්‍රාණු නිෂ්පාදනය මගින් සමාජයේ වැඩි පිරිසකට දරු ප්‍රතිපල අත්කර දිය හැකි බව තමයි අපගේ පර්යේෂණ තුලින් හෙළි වී ඇත්තේ.

(වෛද්‍ය රෝහණ ප්‍රිය සුසන්ත රණසිංහ මහතා සමග dr.susantha@gmail.com මගින් සම්බන්ධ විය හැක.)

Source http://thewoman.lk/archives/6287

[QUOTE="sankicool, post: 23751908, member: 567977"] [b]පිරිමින්ගේ මදසරුකම[/b] [B][FONT="Arial Black"][SIZE="5"][CENTER]ගැහැණුන්ට ඇඟිලි දික්වෙන පිරිමින්ගේ මදසරුකම[/CENTER][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="4"][COLOR="DarkGreen"] පුරුෂ මදසරුකම : හොඳ, නරක සහ අසුන්දර බව නිරෝගි හා විකෘති ශුක්‍රාණු කාන්තාවන්ගේ මදසරු බව වෙනුවෙන් විවිධ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේද තිබුණ ද පුරුෂයන්ගේ මදසරු බව සම්බන්ධයෙන් ඇත්තේ අඩු අවබෝධයකි. ඇතැම්හු එය සඟවති. බොහෝ දෙනෙක් ඒ බව නොදනිති. මහජනතාව අතර ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නැති තරම්ය. පිරිමින්ගේ මදසරු බව සම්බන්ධයෙන් විශේෂ අධ්යයන්යයන් කළ වෛද්‍යවරුන් සිටින්නේ ද අතළොස්සකි. දකුණු ආසියානු කලාපයේ එවැනි වෛද්‍යවරුන් සිටින්නේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. වෛද්‍ය රෝහණ ප්‍රිය සුසන්ත රණසිංහ යනු එවැනි වෛද්‍යවරයෙකි. පිරිමින්ගේ මදසරු බව සම්බන්ධයෙන් වෛද්‍ය රණසිංහ මහතා අප සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්විය. එහිදි ඔහු ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් දැක්වීය. පිරිමි මදසරු බව සම්බන්ධයෙන් සමාජයේ මුල් බැස ගෙන තිබෙන මිථ්‍යා මත සම්බන්ධයෙන් ද අපගේ ජීවකයාණන් මෙසේ අදහස් දැක්වීය. මදසරු බව (Infertility)යනු කුමක් ද ? මදසරු බව යනු පුද්ගලයකුට, සතෙකුට හෝ ශාකයකට හෝ ස්වභාවිකම ප්‍රජනනය කිරීමට නොහැකි වීමයි. එය සෞඛ්‍ය සම්පන්න වැඩිහිටි මනුෂ්‍යයන්ගේ සාමාන්‍ය ස්වභාවික තත්ත්වයට වඩා වෙනස්ය. මදසරු බව යනු ගැබ් ගැනීමට හෝ සම්පූර්ණ කාලය පුරාවට ගැබ් ගැනීම පවත්වාගෙන යාමට නොහැකි වීමයි. විරුද්ධ ප්‍රජනන පද්ධති දෙකක් අතර සිදුවන සංසර්ගයේ ප්‍රතිඵලයක් ලෙස ස්ත්‍රී ඩිම්බ (බිත්තර/බීජ යන සරල අදහසින් ද දැක්විය හැක) ශුක්‍රාණු මගින් ගැබ් ගැනීමක් සිදු වේ. ඩිම්බයක් වෙත පිහිනා යන ශුක්‍රාණු ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මදසරු බව යනු ප්‍රජනන පද්ධතියේ ඇති රෝගී තත්ත්වයකි. මාස 12ක් හෝ ඊට වැඩි කාලයක් තුළ තම සහකරු සමග අඛණ්ඩව අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදීම තුළින් සායනික ගැබ් ගැනීමට ලක්වීමට නොහැකි වීම හෝ අසමත් වීම හෝ එමගින් අදහස් කෙරේ. ප්‍රාථමික මදසරු බව යනු කිසිදා දරුවකු නොලද යුවලක් තුළ තිබෙන මදසරු බවයි. පළමු ගැබ් ගැනීමකට පසුව දෙවැනි ගැබ් ගැනීමට නොහැකි වීම ද්විතීය මදසරු බවයි. කාන්තාව හෝ පිරිමියා හෝ තුළ තිබෙන විවිධ ආසාදන, ආසාදිත තත්්ත්ව හා රෝගාබාධ හේතුවෙන් මදසරු බව ඇතිවිය හැක. එහෙත් ඒ සඳහා නිශ්චිත හෝ පැහැදිලි හෝ හේතුවක් හෝ නොමැත. වසරක කාලයක් තුළදී ගැබ් ගැනීමට නොහැකි වීම හෝ අසමත් වීම හෝ ‘මැදහත් මදසරු’ (සෞම්‍ය මදසරු බව) යනුවෙන් වෛද්‍යවරු හඳුන්වති. අපි එය අත්‍යවශයෙන්ම ‘මැදහත් මදසරු’ බව යනුවෙන් කියන්නේ නැහැ. එහෙත් එවැනි යුවලවල් ඒ සම්බන්ධයෙන් තිබෙන පරීක්ෂණවලට යොමු කෙරෙ. යුවලගේ වයස මත ද මැදහත් මදසරු බව තීරණය වේ. යුවල වයස අවුරුදු 25ට අඩු නම් තවත් වසර දෙකක් සඳහා කල් වේලා ගැනීම සම්මතයයි. එහෙත් දෙදෙනා වයස අවුරුදු 30 හෝ ඒ ආසන්නයේ නම් වසරක කාලයක් බලා හිඳීම සම්මතයි. ඔවුන් දෙදෙනා වයස අවුරුදු 35 හෝ 35ට වැඩි නම් හෝ බලා සිටින කාලය මාස 6කට අඩු වේ. කාන්තාවන්ගේ මදසරු බව සම්බන්ධයෙන් මහජනතාව අතර විශාල කතාබහක් තිබෙනවා. එහෙත් පොදු ජනතාව අතර පිරිමින්ගේ මදසරු (Male Infertility) බව සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් නැති බව හැෙඟනවා. වෛද්‍යතුමනි, ඇත්තෙන්ම පුරුෂ මදසරු බව යනු කුමක් ද ? සාරවත් කාන්තාවක් තුළ ගැබ් ගැනීමක් ඇති කිරීමට පිරිමියකුට ඇති නොහැකියාව පිරිම මදසරු බව යනුවෙන් හඳුන්වනවා. සංස්කෘතික තත්ත්වය, නින්දා, අපහාස සහ ස්ත්‍රී පුරුෂ අර්ථ නිරූපණ යනාදිය නිසා බොහෝමයක් දෙනා මේ ප්රශ්නයේ විශාලත්වය පිළිගන්න කැමැති නැහැ. මේ වනවිට එය ලෝකය පුරා තිබෙන වෛද්‍ය තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. වසර 1971 දී ‘මැදහත් මදසරු’ බවින් පෙලූණේ ලෝක ජනගහනයෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් පමණයි. එහෙත් 2012 වනවිට එය සියයට 15ක් දක්වා වැඩි වෙලා. සමාජ, පරිසර සහ ආහාර රටා ආදී සාධක ඊට හේතු වී තිබේ. ‘මැදහත් මදසරු’ බවට කාන්තා හා පිරිමි යන දෙපාර්ශවයම සමානව හෝ ආසන්න වශයෙන් හෝ සියයට 40කින් දායකත්වය සපයන බව කරන ලද විවිධ පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. එයිනුත් ඉතිරි සියයට 20 “විස්තර නොකළ/ පැහැදිලි කළ නොහැකි” යනුවෙන් වර්ගීකරණය කර තිබේ. මම ඉහතදීත් සඳහන් කළා. මදසරු බව සෑම විටම ප්‍රාථමික වන්නේ නැහැ. ඇතැම් විට එය ද්විතීක, තෘතීයික නැතිනම් ඊටත් එහාට යන්න පුළුවන්. ඇතැම් විට පළමු දරු සම්පත ලැබීමෙන් පසු දෙවැනි දරු සම්පතක් නොලැබෙන්න පුළුවන්. පුරුෂ මැදහත් මදසරුබව (Mild Male Factor Infertility) විනිශ්චය කරන්නේ කෙසේ ද ? ඒ සඳහා හේතු මොනවාද ? මැදහත් පුරුෂ මදසරුභාවය, සරලවම කිව්වොත් පුරුෂ මදසරු බව යනු පුරුෂයාගේ ශුක්‍රාණුවලට කාන්තාවක ගැබ් ගැන්වීමට ඇති හැකියාව සාමාන්‍යය පිරිමියකුගේ හැකියාවට වඩා අඩුවීමයි. පිරිමි පුරුෂ මදසරු බවෙහි ප්‍රධාන ආකාර තුනක් තිබෙනවා. 1. ශුක්‍රාණු ගණන අඩුවීම (ප්‍රමාණාත්මකව) – වෛද්‍යවරුන්ගේ සම්මත අනුව ගැබ් ගැන්වීමට අවශ්‍ය අවම ශුක්‍රාණු ගණන ශුක්‍ර තරල මිලිලීටර 1කට ශුක්‍රාණු මිලියන 15කි. 2. සංචලතාව අඩුවීම – ශුක්‍රාණු සංචලතාව යනු ‘ස්පර්මැටෝසෝවා’හි ( Spermatozoa) ගමන් කිරීම (චලනය) හෙවත් පිහිනීමයි. ශුක්‍රාණුවල දුර්වල සංචලතාව යනු එයට නිසි පරිදි එහා මෙහා යෑමට නොහැකියි යන්නයි. දුර්වල ශුක්‍රාණු සංචලතාව ‘ඇස්තෙනෝසූස්පර්මියා’ (Asthenozoospermia) යනුවෙන් හඳුන්වයි. 3. ශුක්‍රාණුවල අස්වභාවික පිහිටීම/ව්‍යුහය – ශුක්‍රාණුවල හැඩය හෝ භෞතික පෙනුම (රූපාකාරය) මෙයින් හැඳින්වේ. අස්වභාවික පිහිටීම්, හැඩය හෝ භෞතික ස්වභාවය ගැබ් ගැනීම වළක්වමින් මදසරු බව ඇති කළ හැකිය. එහෙත් එසේ වුවත් ජනතාව කාන්තාවන්ගේ මදසරු බව ගැන බෙහෙවින් උනන්දු වේ. ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු අවබෝධයක් ද ජනතාව සතු වේ. ඒ සම්බන්ධයෙන් බොහෝ සාකච්ඡා තිබේ. එහෙත් පිරිමින්ගේ මදසරු බව නිශේධ හෝ තහනම් හෝ කරන ලද මාතෘකාවක් බවට පත්ව තිබේ. කාන්තාවන් මෙන්ම පිරිමින්ගේ මදසරු බව අනාවරණය නොවීම හා නොකිරීම යන්න ද ඊට හේතු වී තිබේ. ‘මැදහත් මදසරු’ බවින් හෝ පුරුෂ මැදහත් මදසරුබව හෝ සම්බන්ධයෙන් කතා කිරීමට පිරිමි පාර්ශවය ඉදිරිපත් නොවෙති. අද වනවිට පුරුෂ මැදහත් මදසරුබව සංකීර්ණ හෝ මහා විශාල ප්‍රශ්නයක් නොවේ. අද ඕනෑම අයකුට සරල සරු බව පිළිබඳ පර්යේෂණයක් සිදු කර තමන්ගේ ප්‍රතිඵල දැන ගත හැකිය. මදසරු බව ගැන බිය විය යුතු නැහැ. එයයි මගේ පණිවුඩය. ඔබට පුරුෂ මැදහත් මදසරුබව තිබේ නම් ඒ සඳහා ප්‍රතිකාර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකාවේදීම ප්‍රතිකාර ලබාගත හැකිය. පුරුෂ මැදහත් මදසරුභාවයෙන් පෙළෙන්නන් සඳහා ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රතිකාර මොනවාද ? අවාසනාවකට පුරුෂ මැදහත් මදසරුබව සඳහා නූතන විද්‍යාව තුළ වෛද්‍ය ප්‍රතිකාර නැතිම තරම්. කෙසේ නමුත් පුරාණ ආයූර්වේද ප්‍රතිකර්ම පිළිබඳ කළ පර්යේෂණ තුළින් පුරුෂ මදසරුබව සඳහා ප්‍රතිකාර ක්‍රම සොයාගෙන තිබෙනවා. නූතන වෛද්‍ය විද්‍යාව තුළ පුරුෂයකු මැදහත් මදසරුභාවයෙන් පෙළෙන්නේ නම්, සහයක ප්‍රජනනය සඳහා වන තාක්ෂණික ක්‍රම භාවිත කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව වැනි රටක (සාමාන්‍ය පුරවැසියකුගේ ආදායම් සසඳා බැලීමේදී) ඒ සඳහා වැයවන වියදම් ඉතා ඉහළයි. වඩාත් ප්‍රසිද්ධ ‘ඉන් විට්රෝ ෆර්ටිලයිසේෂන් (IVF) ක්‍රමවේදය සඳහා විශාල මුදලක් වැය වේ. මෙම ක්‍රමවේදයෙන් උපදින දරුවන් ‘නළ දරුවන් ( ටෙස්ට් ටියුබ් බේබි ) යනුවෙන් ද හඳුන්වනු ලැබේ. අනෙක් අතට සරල ‘ඉන්ට්රායුටරීන් ඉන්සෙමිනේෂන් ( Intrauterine insemination) තාක්ෂණය සඳහා සැළකිය යුතු තරමේ මුදලක් වැය වේ. අපගේ සමාජය තුල පුරුෂ මදසරුභාවය පිළිබඳ ඇති දැනුවත්කම ප්‍රමාණවත්ද? අවාසනාවකට කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. කෙනෙකුගේ ප්‍රජනන පද්ධතියේ හැකියාව හීන කරන බෝහෝ සාධක තිබෙන්නට පුළුවන්. දරුවෙකු ලැබීම සරල හා ස්වභාවික ක්‍රියාදාමයක් ලෙස අපට පෙනෙන්නට තිබුණත් ඒ සඳහා අවශ්‍ය වන අභ්‍යන්තර හා කායික ක්‍රියාවලීන් ඉතා සංකීර්ණ මෙන්ම බොහෝ බාහිර හා අභ්‍යන්තර සාධක මත රඳා පවතින්නට පුළුවන්. එම නිසා සියළු දෙනා දැන ගත යුතුයි නිරෝගි ශුක්‍රාණු නිපදවීම, නිරෝගි ඩිම්බ නිපදවීම, පැලෝපිය නාළ තුල ඩිම්බය වෙත ශුක්‍රාණුවලට අවහිර නොවීම්, ශුක්‍රාණු මගින් ඩිම්බය සාර්ථකව සංසේචනය කිරීම, එසේ සංසේචනයවු යුක්තාණුව සාර්ථකව ගර්භාෂයේ තැම්පත්වීම හා අවසාන වශයෙන් යුක්තාණුව නිසි භ්රැණයක තත්ත්වයට පත්වීම ආදි බොහෝ සාධක බලපාන බව. නූතන වෛද්‍ය විද්‍යාව අද බොහෝ වර්ධනයන් අත්පත් කරගත්තද ශුක්‍රාණු ප්‍රමාණාත්මකව වර්ධනය කිරීම හෝ ශුක්‍රාණුවල සංචලතාව වර්ධනය කිරීම හෝ ශුක්‍රාණුවල හැඩය හෝ භෞතික පෙනුම (රූපාකාරය) වර්ධනය කිරීම ආදි ක්‍රියාවලින් සඳහා සර්ථකත්වයක් අත්කර ගැනීමට නොහැකි වී ඇති බවයි මගේ හැගිමයි. එනමුත් ආයුර්වේදය තුලින් අප සමාජයේ වඩාත් වැඩිතර පිරිසකට ශුක්‍රාණු ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වර්ධනය කිරීම මෙන්ම නිරෝගි ශුක්‍රාණු නිෂ්පාදනය මගින් සමාජයේ වැඩි පිරිසකට දරු ප්‍රතිපල අත්කර දිය හැකි බව තමයි අපගේ පර්යේෂණ තුලින් හෙළි වී ඇත්තේ. (වෛද්‍ය රෝහණ ප්‍රිය සුසන්ත රණසිංහ මහතා සමග [email]dr.susantha@gmail.com[/email] මගින් සම්බන්ධ විය හැක.) Source [url]http://thewoman.lk/archives/6287[/url] [/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom