Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිළිවලකට පලිගැනීමේ කලාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ කලින් Thread දෙක ටිකක් හිට් නිසා තව ඒ වගේ මාතෘකාවක් ලියන්න හිතුවා. මාතෘකාව මට සම්බන්ධ වුනත් මේකේ ලියන සිද්ධි ඔක්කෝම මම සම්බන්ධ වුන සිද්ධි නෙමෙයි වෙන්න පුලුවන්. ගොඩක් ඒවා මාත් සෝෂල් මීඩියා අහපු දැකපු ඒවා. නම් බොහොමයක් මම දාපුවා. එහෙනම් කයිවාරුව නවත්තලා පළවෙනි කතාවට යමු.

Eddi & Anna කියන්නේ හොද සමාජ පසුබිමක් තිබුන ඇමරිකනු කසාද බැදපු කපල් එකක්. දෙන්නා කසාද බැන්දේ ආදර සම්බන්ධයකින්. Eddi විධායක ශ්‍රේණියේ රැකියාවක් කරපු අතර Anna ළමයි බලාගෙන ගෙදර ඉන්න ගමන් පාට් ටයිම් කන්සල්ටන්ට් ජොබ් එකක් කරා.

කාලයත් එක්ක Anna තම සැමියා වෙත තියෙන අවධානය එන්න එන්න අඩු වුනත්. Eddi තම වගකීම් උපරිමයෙන් පවුල වෙත ඉටු කරා. තම සැමියා ගෙදර ඉන්න වෙලාවටත් Anna දවසේම යාළුවෝ එක්ක චැට් කර කර සෝෂල් මීඩියා වල ගතකරා.

ඔය අතර දවසක් Eddi තමන්ගේ දුවට පරණ ටැබ් එකක් සෙටප් කරලා දෙන්න හදනකොට දකිනවා වයිෆ්ගේ FB profile එක ඒකේ ලොග් වෙලා තියෙනවා. දිගටම එන මැසෙන්ජර් නොටිෆිකේෂන් නිසා ලොග් අවුට් වෙන්න යනකොට ඔහු දකිනවා ඒ වෙලාවෙත් චැට් එකේ ඉන්න Anna තමුන්ගේ අඩු පාඩු චැට් එකක කියමින් ඔහුට අපහාස කරනවා. ඔය අතර නිරීක්ෂණය වෙනවා JSON කියලා කිසිම දිනක ඇයගේ මිතුරෙකු යැයි අසා නැති කෙනෙක් එක්කත් චැට් කරනවා. නමුත් ඇය ඔහු සමඟ මැසේජ් සියල්ල ටික වෙලාවකින් මකා දමනවා. ඒක Eddi ට විශාල සැකයකට හේත වෙනවා.

වහාම ක්‍රියාත්මක වෙන Eddi සියල්ල Screen shots ගන්නවා. ඔහු බිරිඳට පමණක් හෙලි කරපු අතිශය පෞද්ගලික කාරණා ඇය කිසිම ගානක් නැතිව යෙහෙලියන් සමඟ Group චැට් වලත් Jason ටත් කියලා දානවා. වගකීම් රැසක් දරන ප්‍රසිද්ධ පුද්ගලයෙකු ලෙස ඔහුගේ වෘතීය ජීවිතයට පවා හානියක් වෙන්න පුළුවන් දේවල් ගැන ඇයට කිසි තැකීමක් නෑ. Jason කියන්නේ ටිකක් දුරක පදිංචි වෘත්තීමය හෝ වෙනත් කිසිම හේතුවකට ඇයට සම්බන්ධයක් ඇතැයි තහවුරු කරන්න බැරි තනකඩ පුද්ගලයෙක්. ඇයගේ සමාජ මාධ්‍ය බාවිතා කරමින් ඔහුගේ සියළු විස්තර ඔහු ලබාගන්නවා.

නමුත් Eddi මේ දේවල් දන්නා බවක් වත් කිසිම වෙනසක් නොපෙන්වා සිටීමට තීරණය කරනවා. වහාම ඒ වර්ගයේම යූස් කරපු ටැබ් එකක් මිළදී ගෙන Eddi දුවට දෙනවා. පරණ එක බිරිඳට හොරෙන් තියාගන්නවා.

දින කිහිපයකට පසු සියල්ලම Screen shots ගහගන්න බැරි වුනත් දික්කසාදය සදහා අවශ්‍ය සියලු සාක්ෂි හදාගෙන ඔහු නීතීඥ සහය ගන්නවා. ඔය අතර දවසක් Eddi දකිනවා Jason ගෙන් "මම ඔයා එක්ක හොඳ කාලයක් ගතකරන්න සති අන්තයක් වෙන් කරා " කියලා මැසේජ් එකක්. නමුත් එතනින් එහා සවිස්තර තොරතුරු දුරකථන සංවාදයක හුවමාරු වෙන්න ඇති Eddi ට හරි තොරතුරක් ලැබෙන්නෑ. ඔහු තීරණය කරනවා පලිගැණීමට හොදම වෙලාව මේක බව.

ඔවුන් Eddi ට කියන බොරුවත් චැට් එකේම ප්ලෑන් කරනවා. එදා ගෙදර එන Eddi ට බිරිඳ ඔහු කැමතිම රාත්‍රී ආහාරය හදලා තියනවා. වෙනදාට වඩා ආදරෙන් එදා හැසිරෙන Anna ඔහුට රාත්‍රී ආහාරය ගන්න ගමන් කියනවා දීර්ඝ සති අන්තයේ මිතුරියන් සමග Spa weekend එකක් ගතකරන්න ප්ලැන් කරපු බව. මුකුත් නොදන්න ගානට සිනාසී උත්තර දෙන Eddi "මම නිමාඩු දාලා ගෙදර ඉන්නම්" කියනවා.

දැන් දිනය Eddi දන්නවා. නමුත් හරියටම තැන විශ්වාස නැති නිසා ඊලඟට surveillance Investigation සමාගමක සහය ගන්නවා. ඔහු හරියටම දින සහ බිරිඳ ගේ තොරතුරු සියල්ල ලබාදී තම බිරිඳ යන තැන සොයා දෙන්න බාර දෙනවා.

අදාල දිනය උදා වෙනවා. Anna කලින්ම සියල්ල ප්ලෑන් කරනවා. Uber එකක් දාගෙන Jason ගන්න එයාර්පෝට් එකට එන්න පොරොන්දු වෙනවා. මේ තොරතුරු සියල්ල Eddi විසින් PI ට ලබාදෙනවා. Anna එදා Eddi ට සති අන්තයේ සියළු වගකීම් භාරගැනීම ගැන ස්තූති කර hug එකක් දීලා පිටත් වෙනවා.

Eddi කලින් සැලැසුම් කරපු පරිදි එදා උදේම ඔහු හා බිරිඳ සමඟ තිබුන සියළුම Joint account වල මුදල් ඔහුගේ පෞද්ගලික ගිණුමකට මාරු කරනවා. බිරිඳ පිටව ගිය පසු නිවසේ ප්‍රධාන දොරටු අගුල් සියල්ල වෙනස් කරනවා. පැයකට පසුව Baby sitting සර්විස් එකෙන් කාන්තාවක් පැමිණෙනවා. ඇයට ළමුන් සහ නිවස බාරදෙන Eddi වාහනය අරං කැෆේ එකකට ගිහින් කෝපි එකක් බොමින් තොරතුරු ලැබෙන තුරු ඉන්නවා. පැය භාගයකට පසු Anna ගියපු හෝටලය, GPS ලොකේෂන්. සහ ඇය Jason ගේ අත අල්ලාගෙන ඇතුලට යන පින්තූරයත්, රූම් අංකයත් Eddi ට Personal Investigator ගෙන් එනවා. "ඉතිරි සියල්ල හැකි ඉක්මනින් ඩ්‍රයිව් එකට දාන්නම්".

"බොහොම ස්තූතියි. ඔබගේ සේවය විශිෂ්ඨයි." එම ආයතනයට අදාල ගෙවීම් සියල්ල ඔන්ලයින් පියවා දමන Eddi වාහනයට නගිනවා.

ඊට පැය කිහිපයකට කලින් Privet Investigation ආයතනය විසින් Uber රියදුරෙක් විදිහට වාහනයක Anna ගේ නිවස ආසන්නයට PI කෙනෙක් යවනවා. ඔහු ගුවන්තොටුපලට ඩිරෙක්ෂන් දමා අවස්ථාව එළඹෙන තුරු බලා සිටිනවා. Anna මේ මුකුත් දන්නෑ. ඇය වාහනයට නගිනකොට හෑන්ඩ් ලැගේජ් එක වාහනය පිටුපසට දාන රියදුරා එහි GPS ටැග් එකක් ගහනවා. ගුවන් තොටුපලින් බහින අවස්ථාවේ සහ නැවත හෝටලයෙන් බහින අවස්ථාවේ සිදුවන සියළු දේ ඔහු රූප ගත කරනවා. වාහනය තුල තිබෙන Spy cam මඟ දිගට වාහනය තුල සිදුවූ සියල්ල රූගත කරනවා. හෝටලයේදී බෑගය රැගෙනයෑමට පැමිනි රූම් සර්විස් සේවකයාට පොඩි ටිප් එකක් දී කාමරය දැනගන්නවා. අදාල වීඩියෝ සියල්ල Drive අප්ලෝඩ් එකක් හෝටලයට යනකොට Eddi ට ලැබෙනවා.

Eddi හෝටලයට ගොස් Room අංකය රිසෙප්ෂන් එකට ලබාදී Jasonට ඇමතුමක් ලබාගන්නවා.

"Mr Jason මගේ බිරිඳ විනාඩි දෙකකට ලොබියට එවන්න පුළුවන් ද?"

"ඔයා මොකක් ගැනද කියන්නේ Bro? මට තේරෙන්නේ නෑ මුකුත්. ඔයා කවුද?"

"ඔයාට තේරුනේ නැති වුනාට කමක් නෑ, මගේ බිරිඳට කියන්න තව විනාඩි 5කින් ලොබියේදී මාව මුණ නොගැසුනොත් පොලිස්සිය ඔතනට ඒවි කියලා."

විනාඩි කිහිපයකින් මළානික මූණකින් Anna ලිෆ්ට් එකෙන් එලියට පැමිණෙනවා.

"ඔයා හිතන විදිහ කිසිම දෙයක්..."

"මම කිසිම දෙයක් හිතන්නේ නෑ Anna. මම වෙච්ච හැම දේම මාස ගානක් තිස්සේ දන්නවා. මෙතන ඔයාගේ චැට් හිස්ට්‍රි කෝල් ඩීටේල්ස් විතරක් නෙමෙයි අද ගත්තු ෆොටෝ ඇතුලු තවත් සාක්ෂි 1000කට වඩා මට තියෙනවා. ඔයාට මේ ටික ඔයාගේ අම්මාට අපේ ළමයි දෙන්නාට දැනගන්න ඕන නම් අපි උසාවි යමු. හැබැයි ගෙදර එන්න එපා. මම එන්න කලින් සියළුම එකවුන්ට් වල මගේ සල්ලි අයින් කරා. ගෙදර අගුළු සියල්ල වෙනස් කරා. ඔයා කැමති නම් මෙතන $20 000ක චෙක් එකක් සහ මගේ ලෝයර් හදපු ඩිවෝස් පේපර්ස් තියෙනවා. ලෝයර් දැනටමත් මෙතනට ඇවිත් කාර්පාක් එකේ ඉන්නවා. සියළු දේපල සහ ළමයින්ගේ පූර්ණ අයිතිය මට දෙනවා කියලා අත්සන් කරලා ඔයාට පුළුවන් Jason එක්ක සතුටින් සති අන්තය ගත කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න. ළමයින්ගේ පැත්තෙන් හිතලා මම මේ මුකුත් ප්‍රසිද්ධ කරන්නෑ. ඔයාට සති අන්තයේ මගේ අධීක්ෂනය යටතේ ගෙදර ඇවිත් ළමයි බලලා යන්න පුලුවන්. මම විනාඩි 5ක් දෙන්නම් තීරණයක් ගන්න."

Anna කිසිවක් කියාගත නොහැකිව කදුළු සලමින් විනාඩි කිහිපයක් සිට දික්කසාදයට අත්සන් කරා. පැයකින් Anna ගේ GPS ටැග් එක මිතුරියකගේ නිවසේ පෙන්නුවා. දීර්ඝ සති අන්තය එතනින් නිමා වුන බව දැනුනාම Eddi ට පොඩි කුරිරු සතුටකුත් දැනුනා.

ඇයට ඇමතුමක් දී "ඔයා අරං ගිය මගේ බෑග් එකේ අමතක වෙලා GPS ටැග් එකක් ඇති. තව දුරටත් මට ඒක වැඩක් නැති නිසා ඔයාට පුළුවන් අයින් කරන්න"....

තවත් පළිගැණීමකින් හමුවෙමු!

[QUOTE="sanguine, post: 28545458, member: 578929"] මගේ කලින් Thread දෙක ටිකක් හිට් නිසා තව ඒ වගේ මාතෘකාවක් ලියන්න හිතුවා. මාතෘකාව මට සම්බන්ධ වුනත් මේකේ ලියන සිද්ධි ඔක්කෝම මම සම්බන්ධ වුන සිද්ධි නෙමෙයි වෙන්න පුලුවන්. ගොඩක් ඒවා මාත් සෝෂල් මීඩියා අහපු දැකපු ඒවා. නම් බොහොමයක් මම දාපුවා. එහෙනම් කයිවාරුව නවත්තලා පළවෙනි කතාවට යමු. Eddi & Anna කියන්නේ හොද සමාජ පසුබිමක් තිබුන ඇමරිකනු කසාද බැදපු කපල් එකක්. දෙන්නා කසාද බැන්දේ ආදර සම්බන්ධයකින්. Eddi විධායක ශ්‍රේණියේ රැකියාවක් කරපු අතර Anna ළමයි බලාගෙන ගෙදර ඉන්න ගමන් පාට් ටයිම් කන්සල්ටන්ට් ජොබ් එකක් කරා. කාලයත් එක්ක Anna තම සැමියා වෙත තියෙන අවධානය එන්න එන්න අඩු වුනත්. Eddi තම වගකීම් උපරිමයෙන් පවුල වෙත ඉටු කරා. තම සැමියා ගෙදර ඉන්න වෙලාවටත් Anna දවසේම යාළුවෝ එක්ක චැට් කර කර සෝෂල් මීඩියා වල ගතකරා. ඔය අතර දවසක් Eddi තමන්ගේ දුවට පරණ ටැබ් එකක් සෙටප් කරලා දෙන්න හදනකොට දකිනවා වයිෆ්ගේ FB profile එක ඒකේ ලොග් වෙලා තියෙනවා. දිගටම එන මැසෙන්ජර් නොටිෆිකේෂන් නිසා ලොග් අවුට් වෙන්න යනකොට ඔහු දකිනවා ඒ වෙලාවෙත් චැට් එකේ ඉන්න Anna තමුන්ගේ අඩු පාඩු චැට් එකක කියමින් ඔහුට අපහාස කරනවා. ඔය අතර නිරීක්ෂණය වෙනවා JSON කියලා කිසිම දිනක ඇයගේ මිතුරෙකු යැයි අසා නැති කෙනෙක් එක්කත් චැට් කරනවා. නමුත් ඇය ඔහු සමඟ මැසේජ් සියල්ල ටික වෙලාවකින් මකා දමනවා. ඒක Eddi ට විශාල සැකයකට හේත වෙනවා. වහාම ක්‍රියාත්මක වෙන Eddi සියල්ල Screen shots ගන්නවා. ඔහු බිරිඳට පමණක් හෙලි කරපු අතිශය පෞද්ගලික කාරණා ඇය කිසිම ගානක් නැතිව යෙහෙලියන් සමඟ Group චැට් වලත් Jason ටත් කියලා දානවා. වගකීම් රැසක් දරන ප්‍රසිද්ධ පුද්ගලයෙකු ලෙස ඔහුගේ වෘතීය ජීවිතයට පවා හානියක් වෙන්න පුළුවන් දේවල් ගැන ඇයට කිසි තැකීමක් නෑ. Jason කියන්නේ ටිකක් දුරක පදිංචි වෘත්තීමය හෝ වෙනත් කිසිම හේතුවකට ඇයට සම්බන්ධයක් ඇතැයි තහවුරු කරන්න බැරි තනකඩ පුද්ගලයෙක්. ඇයගේ සමාජ මාධ්‍ය බාවිතා කරමින් ඔහුගේ සියළු විස්තර ඔහු ලබාගන්නවා. නමුත් Eddi මේ දේවල් දන්නා බවක් වත් කිසිම වෙනසක් නොපෙන්වා සිටීමට තීරණය කරනවා. වහාම ඒ වර්ගයේම යූස් කරපු ටැබ් එකක් මිළදී ගෙන Eddi දුවට දෙනවා. පරණ එක බිරිඳට හොරෙන් තියාගන්නවා. දින කිහිපයකට පසු සියල්ලම Screen shots ගහගන්න බැරි වුනත් දික්කසාදය සදහා අවශ්‍ය සියලු සාක්ෂි හදාගෙන ඔහු නීතීඥ සහය ගන්නවා. ඔය අතර දවසක් Eddi දකිනවා Jason ගෙන් "මම ඔයා එක්ක හොඳ කාලයක් ගතකරන්න සති අන්තයක් වෙන් කරා ❤️❤️" කියලා මැසේජ් එකක්. නමුත් එතනින් එහා සවිස්තර තොරතුරු දුරකථන සංවාදයක හුවමාරු වෙන්න ඇති Eddi ට හරි තොරතුරක් ලැබෙන්නෑ. ඔහු තීරණය කරනවා පලිගැණීමට හොදම වෙලාව මේක බව. ඔවුන් Eddi ට කියන බොරුවත් චැට් එකේම ප්ලෑන් කරනවා. එදා ගෙදර එන Eddi ට බිරිඳ ඔහු කැමතිම රාත්‍රී ආහාරය හදලා තියනවා. වෙනදාට වඩා ආදරෙන් එදා හැසිරෙන Anna ඔහුට රාත්‍රී ආහාරය ගන්න ගමන් කියනවා දීර්ඝ සති අන්තයේ මිතුරියන් සමග Spa weekend එකක් ගතකරන්න ප්ලැන් කරපු බව. මුකුත් නොදන්න ගානට සිනාසී උත්තර දෙන Eddi "මම නිමාඩු දාලා ගෙදර ඉන්නම්" කියනවා. දැන් දිනය Eddi දන්නවා. නමුත් හරියටම තැන විශ්වාස නැති නිසා ඊලඟට surveillance Investigation සමාගමක සහය ගන්නවා. ඔහු හරියටම දින සහ බිරිඳ ගේ තොරතුරු සියල්ල ලබාදී තම බිරිඳ යන තැන සොයා දෙන්න බාර දෙනවා. අදාල දිනය උදා වෙනවා. Anna කලින්ම සියල්ල ප්ලෑන් කරනවා. Uber එකක් දාගෙන Jason ගන්න එයාර්පෝට් එකට එන්න පොරොන්දු වෙනවා. මේ තොරතුරු සියල්ල Eddi විසින් PI ට ලබාදෙනවා. Anna එදා Eddi ට සති අන්තයේ සියළු වගකීම් භාරගැනීම ගැන ස්තූති කර hug එකක් දීලා පිටත් වෙනවා. Eddi කලින් සැලැසුම් කරපු පරිදි එදා උදේම ඔහු හා බිරිඳ සමඟ තිබුන සියළුම Joint account වල මුදල් ඔහුගේ පෞද්ගලික ගිණුමකට මාරු කරනවා. බිරිඳ පිටව ගිය පසු නිවසේ ප්‍රධාන දොරටු අගුල් සියල්ල වෙනස් කරනවා. පැයකට පසුව Baby sitting සර්විස් එකෙන් කාන්තාවක් පැමිණෙනවා. ඇයට ළමුන් සහ නිවස බාරදෙන Eddi වාහනය අරං කැෆේ එකකට ගිහින් කෝපි එකක් බොමින් තොරතුරු ලැබෙන තුරු ඉන්නවා. පැය භාගයකට පසු Anna ගියපු හෝටලය, GPS ලොකේෂන්. සහ ඇය Jason ගේ අත අල්ලාගෙන ඇතුලට යන පින්තූරයත්, රූම් අංකයත් Eddi ට Personal Investigator ගෙන් එනවා. "ඉතිරි සියල්ල හැකි ඉක්මනින් ඩ්‍රයිව් එකට දාන්නම්". "බොහොම ස්තූතියි. ඔබගේ සේවය විශිෂ්ඨයි." එම ආයතනයට අදාල ගෙවීම් සියල්ල ඔන්ලයින් පියවා දමන Eddi වාහනයට නගිනවා. ඊට පැය කිහිපයකට කලින් Privet Investigation ආයතනය විසින් Uber රියදුරෙක් විදිහට වාහනයක Anna ගේ නිවස ආසන්නයට PI කෙනෙක් යවනවා. ඔහු ගුවන්තොටුපලට ඩිරෙක්ෂන් දමා අවස්ථාව එළඹෙන තුරු බලා සිටිනවා. Anna මේ මුකුත් දන්නෑ. ඇය වාහනයට නගිනකොට හෑන්ඩ් ලැගේජ් එක වාහනය පිටුපසට දාන රියදුරා එහි GPS ටැග් එකක් ගහනවා. ගුවන් තොටුපලින් බහින අවස්ථාවේ සහ නැවත හෝටලයෙන් බහින අවස්ථාවේ සිදුවන සියළු දේ ඔහු රූප ගත කරනවා. වාහනය තුල තිබෙන Spy cam මඟ දිගට වාහනය තුල සිදුවූ සියල්ල රූගත කරනවා. හෝටලයේදී බෑගය රැගෙනයෑමට පැමිනි රූම් සර්විස් සේවකයාට පොඩි ටිප් එකක් දී කාමරය දැනගන්නවා. අදාල වීඩියෝ සියල්ල Drive අප්ලෝඩ් එකක් හෝටලයට යනකොට Eddi ට ලැබෙනවා. Eddi හෝටලයට ගොස් Room අංකය රිසෙප්ෂන් එකට ලබාදී Jasonට ඇමතුමක් ලබාගන්නවා. "Mr Jason මගේ බිරිඳ විනාඩි දෙකකට ලොබියට එවන්න පුළුවන් ද?" "ඔයා මොකක් ගැනද කියන්නේ Bro? මට තේරෙන්නේ නෑ මුකුත්. ඔයා කවුද?" "ඔයාට තේරුනේ නැති වුනාට කමක් නෑ, මගේ බිරිඳට කියන්න තව විනාඩි 5කින් ලොබියේදී මාව මුණ නොගැසුනොත් පොලිස්සිය ඔතනට ඒවි කියලා." විනාඩි කිහිපයකින් මළානික මූණකින් Anna ලිෆ්ට් එකෙන් එලියට පැමිණෙනවා. "ඔයා හිතන විදිහ කිසිම දෙයක්..." "මම කිසිම දෙයක් හිතන්නේ නෑ Anna. මම වෙච්ච හැම දේම මාස ගානක් තිස්සේ දන්නවා. මෙතන ඔයාගේ චැට් හිස්ට්‍රි කෝල් ඩීටේල්ස් විතරක් නෙමෙයි අද ගත්තු ෆොටෝ ඇතුලු තවත් සාක්ෂි 1000කට වඩා මට තියෙනවා. ඔයාට මේ ටික ඔයාගේ අම්මාට අපේ ළමයි දෙන්නාට දැනගන්න ඕන නම් අපි උසාවි යමු. හැබැයි ගෙදර එන්න එපා. මම එන්න කලින් සියළුම එකවුන්ට් වල මගේ සල්ලි අයින් කරා. ගෙදර අගුළු සියල්ල වෙනස් කරා. ඔයා කැමති නම් මෙතන $20 000ක චෙක් එකක් සහ මගේ ලෝයර් හදපු ඩිවෝස් පේපර්ස් තියෙනවා. ලෝයර් දැනටමත් මෙතනට ඇවිත් කාර්පාක් එකේ ඉන්නවා. සියළු දේපල සහ ළමයින්ගේ පූර්ණ අයිතිය මට දෙනවා කියලා අත්සන් කරලා ඔයාට පුළුවන් Jason එක්ක සතුටින් සති අන්තය ගත කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න. ළමයින්ගේ පැත්තෙන් හිතලා මම මේ මුකුත් ප්‍රසිද්ධ කරන්නෑ. ඔයාට සති අන්තයේ මගේ අධීක්ෂනය යටතේ ගෙදර ඇවිත් ළමයි බලලා යන්න පුලුවන්. මම විනාඩි 5ක් දෙන්නම් තීරණයක් ගන්න." Anna කිසිවක් කියාගත නොහැකිව කදුළු සලමින් විනාඩි කිහිපයක් සිට දික්කසාදයට අත්සන් කරා. පැයකින් Anna ගේ GPS ටැග් එක මිතුරියකගේ නිවසේ පෙන්නුවා. දීර්ඝ සති අන්තය එතනින් නිමා වුන බව දැනුනාම Eddi ට පොඩි කුරිරු සතුටකුත් දැනුනා. ඇයට ඇමතුමක් දී "ඔයා අරං ගිය මගේ බෑග් එකේ අමතක වෙලා GPS ටැග් එකක් ඇති. තව දුරටත් මට ඒක වැඩක් නැති නිසා ඔයාට පුළුවන් අයින් කරන්න".... තවත් පළිගැණීමකින් හමුවෙමු! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom