Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුටින්ව මරන්න ගහපු මිසයිලයක්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුටින්ව මරන්න ගහපු මිසයිලයක්?

ගුවන් යානයට මිසයිලය ගැසුවේ පුටින්ගේ යානය යැයි වැරදීමකින්ද?

පසුගිය මාර්තු අටවැනිදා මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක් මුළු ලොවම කළඹවාලූවේය. ඒ උඩු ගුවනේදී කිසිදු ලකුණක් නොතබා අතුරුදන්වීම නිසාය. මේ අතුරුදන්වීම ගැන නොයෙකුත් මත පවතින අතර මේ සම්බන්ධයෙන් චිත්‍රපට දෙකක් නිර්මාණය වන තරමට දැඩි ආන්දෝලනයක් ඉහත සිදුවීම විසින් ඇතිකරනු ලැබිණි.

Planeපසුගිය බ්‍රහස්පතින්දා තවත් මැලේසියානු ගුවන් යානයකට අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණදෙන්නට සිදුවිය. මගීන් හා කාර්ය මණ්ඩලයේ දෙසීය අනූ අටදෙනෙකු සමග නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා යාමට ගුවන්ගත කරනු ලැබූ යානය යුක්රේන දේශසීමාවේදී කඩාවැටුණේ යානයේ සිටි සියලු දෙනාටම මරණය කැඳවමිනි. පසුව වාර්තා වූයේ ගැටුම්කාරී වාතාවරණයක් පවතින යුක්රේනයෙන් එල්ලකළ මිසයිලයක් හේතුවෙන් ගුවන් යානයට හානි සිදුවූ බවය. එසේම මෙම ප්‍රහාරයට හේතුව එය රුසියන් ජනපති පුටින් ගමන් කළ යානයක් යැයි වරදවා තේරුම් ගෙන තිබිම විය හැකි යැයිද සැකයක් පහළ වී තිබේ. ඊට සුළු මොහොතකට පෙර ජනපති පුටින් ගමන් ගත් යානයක්ද යුක්රේන් අහසේ පියාසර කර තිබේ. දැන් යුක්රේනයට ඉහළ අහස මගහැර ගුවන්යානා පදවන ලෙස ගුවන් සේවාවන්ගෙන් නියමුවන්ට උපදෙස් ලැබි තිබේ. කෙසේවුවද යානය අනතුරට ලක්වූයේ තම හමුදාවන් එල්ලකළ මිසයිලයකින් නොවන බව යුක්රේන හමුදාව කියා සිටින අතර මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙමින් පවතියි.

යානයේ සිටි පිරිසෙන් හතළිස්දෙනෙකු හැරුණු විට සෙසු සියල්ලන්ගේම මළ සිරුරු හඳුනාගනු ලැබූ අතර ඒ හතළිස්දෙනා අතර ශ්‍රී ලාංකිකයින් සිටින බවට මේ ලිපිය ලියන අවස්ථාව වනවිට නම් තොරතුරක් ලැබි තිබුණේ නැත. මැලේසියන් ගුවන් සේවයට අයත් බෝයිං 777 දරන මේ ගුවන් යානය ගමන අරඹා තිබුණේ නෙදර්ලන්තයේ ප්‍රධානම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන ස්කිපොල් සිටය. ගමනාන්තය මැලේසියාවේ ප්‍රධානම ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. යානය කඩාවැටී තිබුණේ යුක්රේන-රුසියා දේශසීමාවේ සිට කිලෝමීටර් හතළිහක් ඈතිනි. යානය මිසයිලයකින් බිම වැටුණු බව ඇමරිකානු බුද්ධි අංශ සනාථ කර ඇතත් එය කුමන වර්ගයේ මිසයිලයක්දැයි නිශ්චිතවම පවසා නැත. රුසියාවට පැනවූ ආර්ථික සම්බාධක පුළුල් කිරීමට ඇමරිකාව පියවර ගෙන දිනකට පසු මෙම ගුවන් අනතුර සිදුවූ බැවින් මෙයට රුසියාවේ සම්බන්ධයක් ඇති බව ඇමරිකාවේ කල්පනාවයි. ඇමරිකාව රුසියාවට සම්බාධක පැනවීමට කටයුතු කළේ යුක්රේනය සම්බන්ධ ප්‍රශ්නයට රුසියාවේ මැදිහත්වීම හා කැරලිකරුවන්ට සහයෝගය දැක්වීම යන හේතු මතය. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන ඇමරිකානු උප ජනපති ජෝ බයිඩ්න් කියන්නේ මෙය”හදිසි අනතුරක් නොවන”බව හා යානය ගුවනේදී පුපුරා ගිය බවයි. මේ ගැන වැඩිදුර කතාකොට නැති ඇමරිකානු ජනපති බරක් ඔබාමා “මේ අනතුර ගැන ලොව විමසිල්ලෙන් සිටින බව” පමණක් කියා තිබේ. අනතුර පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණයට

සහය වීමට ඇමෙරිකානු නිලධාරීන් කණ්ඩායමක් යැවීමටද ජනපතිවරයා එකඟවී තිබේ. කෙසේවුවද තවමත් ගැටලුව වී ඇත්තේ මේ මිසයිලය රුසියාව පැත්තෙන් ආ එකක්ද නැතිනම් යුක්රේනය පැත්තෙන් ආ එකක්ද යන්නයි.

යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා පවසන්නේ අඩි 33000කට ඉහළදී යානයට එල්ලවූයේ බක් සර්ෆස් ටු එයාර් නම් මිසයිලවලින් එකක් බවය. සෑම් යන කෙටි නමින් හඳුන්වන මේ මිසයිල වර්ගය ගුවන්යානා හෝ වෙනත් මිසයිල විනාශ කිරීමට බිම සිට එල්ලකරනු ලබන අතර මුල්වරට මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹුනේ දෙවන ලෝක යුධ සමයෙහිය. යුක්රේන ජනපති පෙට්රෝ පොරො-ෂෙන්කෝ කියන්නේ මෙය හිතාමතා සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි. ඊට පිළිතුරු දෙමින් යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන් කියන්නේ මෙය යුක්රේන රජයේ වැඩක් බවය. මේ අතර මගී ගුවන් යානයක් බිම හෙළීමක් ගැන රුසියානු හිතවාදී කැරලිකරුවන් දෙපිරිසක් අතර කෙරුණු සංවාදයක් තමා පටිගත කර තිබෙන බව යුක්රේන ආරක්ෂක අංශ කියයි.

මගීන් 283ක්ද, කාර්ය මණ්ඩලයේ 15ක්ද සහිතව ගමන්කළ මේ යානයේ ජාත්‍යන්තර ඒඩ්ස් සංවිධානයේ සාමාජිකයින් පිරිසක්ද සිටි බව වාර්තා වෙයි. ඕස්ට්‍රේලියාවේ පවත්වන ඒඩ්ස් සමුළුවකට සහභාගි වනු පිණිස මේ ගුවන් යානයෙන් ගොස් ඕස්ට්‍රේලියාව බලා යන ගුවන් යානයකට ගොඩවීමට බලාපොරොත්තු වූ මේ පිරිස අතරේ ජාත්‍යන්තර ඒඩ්ස් සංවිධානයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ශල්‍ය වෛද්‍යවරයෙකු හා ප්‍රකට පර්යේෂකයෙකු වූ නෙදර්ලන්ත ජාතික ජොඑප් ලැන්ග් ද වෙයි. ඒඩ්ස් රෝගය සම්බන්ධ ඉහළම මට්ටමේ දැනුමක් තිබුණු අයෙකු ලෙස සැලකෙන ඔහුගේ මරණය ගැන ට්විටර් පණිවුඩයක් එවන සමකාලීන වෛද්‍යවරියක වන සීමා යැස්මීන් කියන්නේ ඔහු තරම් වෙහෙස වී වැඩකරන තවත් අයෙකු තමා දැක නැති බවයි.

“දියණියන් පස්දෙනෙකුගේ පියෙකු වන ඔහුගෙන් මා වරක් අසා සිටියා ඇයි මේ තරම් වැඩකරන්නේ කියලා. මට විහිළු කරමින් ඔහු ඇසුවේ ගෑනු ළමයි පස්දෙනෙකුට සපත්තු ගන්න කොයිතරම් සල්ලි ගොඩක් ඕනෙද කියලයි”. ඇය සාතිශය සංවේගයෙන් යුතුව සටහන් කරන්නීය.

සමුළුවට එන විශාල පිරිසක් මේ යානයේ සිටි බව වාර්තා වන අතර ඔස්ට්‍රේලියානු පුවත්පත් වාර්තා කර තිබුණේ් සමුළුවට එන එකසිය අටදෙනෙකු පමණ මේ ගුවන්යානයේ ගමන් කිරීමට නියමිතව තිබුණු බවකි. මේ පිරිසගේ මරණය සම්බන්ධයෙන් සොව පළ කරමින් ජාත්‍යන්තර ඒඩ්ස් සංවිධානය නිවේදනයක් නිකුත්කොට තිබේ. වෛද්‍ය ග්ලෙන් තෝමස් ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිරිසක්ද ඉහත සමුළුවට සහභාගි වීම සදහා මෙම ගුවන් යානයෙන් ගමන් කරමින් සිටි බව වාර්තා වෙයි.

තම මගී ගුවන්යානයකින් පණිවුඩ ලැබිම නතර වී ඇති බව ජූලි 17 වැනිදා මැලේසියානු ගුවන් සමාගම ට්විටර් පණිවුඩයක් මගින් කියා සිටි අතර ගුවන්යානය මිසයිල ප්‍රහාරයකින් බිම වැටී ඇති බව දැනගන්නට ලැබි ඇත්තේ ඉන් පසුවය. රාත්‍රියේ පියාසර කළ යානය ක්වාලාලම්පූර් වෙත එනු ඇතැයි බලාපොරොත්තු වුයේ අලුයම හයටය. යානයේ සිටි බහුතරය නෙදර්ලන්ත ජාතිකයින් බවද වාර්තා වෙයි.

නිෂ්පාදනය කිරීමෙන් පසු මෙම ගුවන් යානය මැලේසියානු ගුවන් සේවයේ ප්‍රයෝජනයට ගනු පිණිස මැලේසියාව බලා එවන ලද්දේ 2007 වසරේ ජූලි 17 වැනිදාවකය. යානය අනතුරට ලක්වූයෙත් ජූලි 17 වැනිදාවකය. අනතුරට ලක්වන අවස්ථාව වනවිට 6950 වාරයක් යානය අහසට නැංවීම් හා බැස්සවීම් කර තිබිණි. මේ නිෂ්පාදිත බෝයිං යානාවල අසූහතර වැන්නයි. සාමාන්‍යයෙන් බෝයිං 777 යානය ආරක්ෂක තත්ත්වය අතින් ඉතා ඉහළ වාර්තාවකට හිමිකම් කියන්නකි.

නිශානි දිසානායක

[QUOTE="redlions, post: 16915180, member: 510378"] [b]පුටින්ව මරන්න ගහපු මිසයිලයක්?[/b] [SIZE="4"]ගුවන් යානයට මිසයිලය ගැසුවේ පුටින්ගේ යානය යැයි වැරදීමකින්ද? පසුගිය මාර්තු අටවැනිදා මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක් මුළු ලොවම කළඹවාලූවේය. ඒ උඩු ගුවනේදී කිසිදු ලකුණක් නොතබා අතුරුදන්වීම නිසාය. මේ අතුරුදන්වීම ගැන නොයෙකුත් මත පවතින අතර මේ සම්බන්ධයෙන් චිත්‍රපට දෙකක් නිර්මාණය වන තරමට දැඩි ආන්දෝලනයක් ඉහත සිදුවීම විසින් ඇතිකරනු ලැබිණි. Planeපසුගිය බ්‍රහස්පතින්දා තවත් මැලේසියානු ගුවන් යානයකට අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණදෙන්නට සිදුවිය. මගීන් හා කාර්ය මණ්ඩලයේ දෙසීය අනූ අටදෙනෙකු සමග නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා යාමට ගුවන්ගත කරනු ලැබූ යානය යුක්රේන දේශසීමාවේදී කඩාවැටුණේ යානයේ සිටි සියලු දෙනාටම මරණය කැඳවමිනි. පසුව වාර්තා වූයේ ගැටුම්කාරී වාතාවරණයක් පවතින යුක්රේනයෙන් එල්ලකළ මිසයිලයක් හේතුවෙන් ගුවන් යානයට හානි සිදුවූ බවය. එසේම මෙම ප්‍රහාරයට හේතුව එය රුසියන් ජනපති පුටින් ගමන් කළ යානයක් යැයි වරදවා තේරුම් ගෙන තිබිම විය හැකි යැයිද සැකයක් පහළ වී තිබේ. ඊට සුළු මොහොතකට පෙර ජනපති පුටින් ගමන් ගත් යානයක්ද යුක්රේන් අහසේ පියාසර කර තිබේ. දැන් යුක්රේනයට ඉහළ අහස මගහැර ගුවන්යානා පදවන ලෙස ගුවන් සේවාවන්ගෙන් නියමුවන්ට උපදෙස් ලැබි තිබේ. කෙසේවුවද යානය අනතුරට ලක්වූයේ තම හමුදාවන් එල්ලකළ මිසයිලයකින් නොවන බව යුක්රේන හමුදාව කියා සිටින අතර මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙමින් පවතියි. යානයේ සිටි පිරිසෙන් හතළිස්දෙනෙකු හැරුණු විට සෙසු සියල්ලන්ගේම මළ සිරුරු හඳුනාගනු ලැබූ අතර ඒ හතළිස්දෙනා අතර ශ්‍රී ලාංකිකයින් සිටින බවට මේ ලිපිය ලියන අවස්ථාව වනවිට නම් තොරතුරක් ලැබි තිබුණේ නැත. මැලේසියන් ගුවන් සේවයට අයත් බෝයිං 777 දරන මේ ගුවන් යානය ගමන අරඹා තිබුණේ නෙදර්ලන්තයේ ප්‍රධානම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන ස්කිපොල් සිටය. ගමනාන්තය මැලේසියාවේ ප්‍රධානම ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. යානය කඩාවැටී තිබුණේ යුක්රේන-රුසියා දේශසීමාවේ සිට කිලෝමීටර් හතළිහක් ඈතිනි. යානය මිසයිලයකින් බිම වැටුණු බව ඇමරිකානු බුද්ධි අංශ සනාථ කර ඇතත් එය කුමන වර්ගයේ මිසයිලයක්දැයි නිශ්චිතවම පවසා නැත. රුසියාවට පැනවූ ආර්ථික සම්බාධක පුළුල් කිරීමට ඇමරිකාව පියවර ගෙන දිනකට පසු මෙම ගුවන් අනතුර සිදුවූ බැවින් මෙයට රුසියාවේ සම්බන්ධයක් ඇති බව ඇමරිකාවේ කල්පනාවයි. ඇමරිකාව රුසියාවට සම්බාධක පැනවීමට කටයුතු කළේ යුක්රේනය සම්බන්ධ ප්‍රශ්නයට රුසියාවේ මැදිහත්වීම හා කැරලිකරුවන්ට සහයෝගය දැක්වීම යන හේතු මතය. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන ඇමරිකානු උප ජනපති ජෝ බයිඩ්න් කියන්නේ මෙය”හදිසි අනතුරක් නොවන”බව හා යානය ගුවනේදී පුපුරා ගිය බවයි. මේ ගැන වැඩිදුර කතාකොට නැති ඇමරිකානු ජනපති බරක් ඔබාමා “මේ අනතුර ගැන ලොව විමසිල්ලෙන් සිටින බව” පමණක් කියා තිබේ. අනතුර පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණයට සහය වීමට ඇමෙරිකානු නිලධාරීන් කණ්ඩායමක් යැවීමටද ජනපතිවරයා එකඟවී තිබේ. කෙසේවුවද තවමත් ගැටලුව වී ඇත්තේ මේ මිසයිලය රුසියාව පැත්තෙන් ආ එකක්ද නැතිනම් යුක්රේනය පැත්තෙන් ආ එකක්ද යන්නයි. යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා පවසන්නේ අඩි 33000කට ඉහළදී යානයට එල්ලවූයේ බක් සර්ෆස් ටු එයාර් නම් මිසයිලවලින් එකක් බවය. සෑම් යන කෙටි නමින් හඳුන්වන මේ මිසයිල වර්ගය ගුවන්යානා හෝ වෙනත් මිසයිල විනාශ කිරීමට බිම සිට එල්ලකරනු ලබන අතර මුල්වරට මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹුනේ දෙවන ලෝක යුධ සමයෙහිය. යුක්රේන ජනපති පෙට්රෝ පොරො-ෂෙන්කෝ කියන්නේ මෙය හිතාමතා සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි. ඊට පිළිතුරු දෙමින් යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන් කියන්නේ මෙය යුක්රේන රජයේ වැඩක් බවය. මේ අතර මගී ගුවන් යානයක් බිම හෙළීමක් ගැන රුසියානු හිතවාදී කැරලිකරුවන් දෙපිරිසක් අතර කෙරුණු සංවාදයක් තමා පටිගත කර තිබෙන බව යුක්රේන ආරක්ෂක අංශ කියයි. මගීන් 283ක්ද, කාර්ය මණ්ඩලයේ 15ක්ද සහිතව ගමන්කළ මේ යානයේ ජාත්‍යන්තර ඒඩ්ස් සංවිධානයේ සාමාජිකයින් පිරිසක්ද සිටි බව වාර්තා වෙයි. ඕස්ට්‍රේලියාවේ පවත්වන ඒඩ්ස් සමුළුවකට සහභාගි වනු පිණිස මේ ගුවන් යානයෙන් ගොස් ඕස්ට්‍රේලියාව බලා යන ගුවන් යානයකට ගොඩවීමට බලාපොරොත්තු වූ මේ පිරිස අතරේ ජාත්‍යන්තර ඒඩ්ස් සංවිධානයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ශල්‍ය වෛද්‍යවරයෙකු හා ප්‍රකට පර්යේෂකයෙකු වූ නෙදර්ලන්ත ජාතික ජොඑප් ලැන්ග් ද වෙයි. ඒඩ්ස් රෝගය සම්බන්ධ ඉහළම මට්ටමේ දැනුමක් තිබුණු අයෙකු ලෙස සැලකෙන ඔහුගේ මරණය ගැන ට්විටර් පණිවුඩයක් එවන සමකාලීන වෛද්‍යවරියක වන සීමා යැස්මීන් කියන්නේ ඔහු තරම් වෙහෙස වී වැඩකරන තවත් අයෙකු තමා දැක නැති බවයි. “දියණියන් පස්දෙනෙකුගේ පියෙකු වන ඔහුගෙන් මා වරක් අසා සිටියා ඇයි මේ තරම් වැඩකරන්නේ කියලා. මට විහිළු කරමින් ඔහු ඇසුවේ ගෑනු ළමයි පස්දෙනෙකුට සපත්තු ගන්න කොයිතරම් සල්ලි ගොඩක් ඕනෙද කියලයි”. ඇය සාතිශය සංවේගයෙන් යුතුව සටහන් කරන්නීය. සමුළුවට එන විශාල පිරිසක් මේ යානයේ සිටි බව වාර්තා වන අතර ඔස්ට්‍රේලියානු පුවත්පත් වාර්තා කර තිබුණේ් සමුළුවට එන එකසිය අටදෙනෙකු පමණ මේ ගුවන්යානයේ ගමන් කිරීමට නියමිතව තිබුණු බවකි. මේ පිරිසගේ මරණය සම්බන්ධයෙන් සොව පළ කරමින් ජාත්‍යන්තර ඒඩ්ස් සංවිධානය නිවේදනයක් නිකුත්කොට තිබේ. වෛද්‍ය ග්ලෙන් තෝමස් ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිරිසක්ද ඉහත සමුළුවට සහභාගි වීම සදහා මෙම ගුවන් යානයෙන් ගමන් කරමින් සිටි බව වාර්තා වෙයි. තම මගී ගුවන්යානයකින් පණිවුඩ ලැබිම නතර වී ඇති බව ජූලි 17 වැනිදා මැලේසියානු ගුවන් සමාගම ට්විටර් පණිවුඩයක් මගින් කියා සිටි අතර ගුවන්යානය මිසයිල ප්‍රහාරයකින් බිම වැටී ඇති බව දැනගන්නට ලැබි ඇත්තේ ඉන් පසුවය. රාත්‍රියේ පියාසර කළ යානය ක්වාලාලම්පූර් වෙත එනු ඇතැයි බලාපොරොත්තු වුයේ අලුයම හයටය. යානයේ සිටි බහුතරය නෙදර්ලන්ත ජාතිකයින් බවද වාර්තා වෙයි. නිෂ්පාදනය කිරීමෙන් පසු මෙම ගුවන් යානය මැලේසියානු ගුවන් සේවයේ ප්‍රයෝජනයට ගනු පිණිස මැලේසියාව බලා එවන ලද්දේ 2007 වසරේ ජූලි 17 වැනිදාවකය. යානය අනතුරට ලක්වූයෙත් ජූලි 17 වැනිදාවකය. අනතුරට ලක්වන අවස්ථාව වනවිට 6950 වාරයක් යානය අහසට නැංවීම් හා බැස්සවීම් කර තිබිණි. මේ නිෂ්පාදිත බෝයිං යානාවල අසූහතර වැන්නයි. සාමාන්‍යයෙන් බෝයිං 777 යානය ආරක්ෂක තත්ත්වය අතින් ඉතා ඉහළ වාර්තාවකට හිමිකම් කියන්නකි. නිශානි දිසානායක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom