Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුටින්-එක්ක-ගලේ-පැහැරූ-අපේ කට්ටිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුටින්-එක්ක-ගලේ-පැහැරූ-අපේ කට්ටිය

පුටින් එක්ක ගලේ පැහැරූ අපේ කට්ටිය

ජිනීවා එන අස්සේම යුක්රේනයත් පැමිණීම කාලෝචිත ය.

ලංකාවට එරෙහිව පසුගිය අවුරුදුවල ජිනීවා නුවර යෝජනා කිහිපයක් සම්මත විය. එම යෝජනාවලදී ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල් දෙස බැලූවොත් පෙනී යන ප්‍රධාන ලක්ෂණයක් තිබේ. ඒවායින් බහුතරයක්, අධිකාරීවාදී රටවල් ය. ඇතැම් ඒවා ප්රජාතන්ත්රවාදී රාමුවක සිටියත්, බොහෝ ප්රජාතන්ත්රීය අයිතින් පැහැරගනු ලබන පාලන ක්රමයන් ය. අනිත් අතට, ලංකාවට එරෙහි යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ රටවල්වලින් බහුතරයක්, සම්මත ප්රජාතන්ත්රවාදී රටවල් ය. බොහෝ දුරට මානව අයිතීන් ආරක්ෂා කරන රටවල් ය. එසේම, ආර්ථික සහ සමාජයීය වශයෙන් දියුණු රටවල් ය. මේ දෙවැනුව කී රටවල්වලට අපේ පාලකයන් කියන්නේ, ‘අධිරාජ්‍යවාදී’ රටවල් හෝ ‘බටහිර කුමන්ත්රණකාරීන්’ කියාය. ලංකාවට පක්ෂව නිතර ඡන්දය පාවිච්චි කළ මහබලවතුන් දෙන්නෙකු වුණේ, චීනය සහ රුසියාවයි. මේ ලියවිල්ල තුළ සාකච්ඡා කෙරෙන්නේ රුසියාව ගැනයි. එහි ජනාධිපතිවරයා ව්ලැඩිමීර් පුටින් ය.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට විරුද්ධ වීමට රුසියාව ඇතුළු රටවල් හැමදාමත් යොදාගත් එක් ප්‍රධාන තර්කයක් තිබුණි. එනම්, රටක ස්වෛරීත්වයට ගරු කිරීමට ජාත්‍යන්තරය බැඳී සිටින බවයි. මේ ප්‍රකාශය වචනාර්ථයෙන්ම පරස්පරයක් බව මුලින්ම කිව යුතුය. ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය වේවා, එක්සත් ජාතීන්ගේ සංවිධානය වේවා, ඕනෑම ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවා ගන්නා විටම එහි අදහස වන්නේ, නොයෙකුත් ආකාරයෙන් එහි සාමාජික රටවල් කෙරෙහි යම් ආකාරයේ බලපෑම් කිරීමේ සංවිධානමය අයිතියක් ඒ ඒ සාමාජික රටවල්වලට හිමිවන බවයි. උදාහරණයක් වශයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයට වෙනම ප්‍රතිපත්ති මාලාවක් තිබේ. පොදුරාජ්‍ය මණ්ඩලීය රටක් වශයෙන් ඒවා ආරක්ෂා කිරීමට සාමාජික රටවල් බැඳී සිටී. එම ප්‍රතිපත්ති හරහා ගලා එන බලපෑම්, විටෙක සෘජු ඒවා වන්ට පිළිවන. නැත්නම් වක්‍රාකාරයෙන් වන්ට පිළිවන. එය එසේ නොවන්නේ නම්, මොනම විදිහක හෝ ජාත්‍යන්තර සංවිධානයක අරුතක් නැති වන්නේය.

කරුණු එසේ වෙතත්, රුසියාව ඇතුළු රටවල් ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝණනයන් ගැන ජාත්‍යන්තරය විසින් විමසා සිටීමම (ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම නොව), එනම්, එවැනි උල්ලංඝණයන් ගැන සොයා බලන්නැ යි ලංකා ආණ්ඩුවෙන් ‘‘යෝජනාවක්’’ මාර්ගයෙන් ඉල්ලා සිටීමම සැළකුවේ, ලංකාවේ ස්වෛරීත්වයට කරන අනවශ්‍ය ඇඟිලි ගැසීමක් වශයෙනි. එවැනි රටවල් කී පරිදි, ලංකාවට එරෙහි යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ රටවල්, පරණ ක්රමයේ ‘අධිරාජ්‍යවාදී’ හෝ ‘යටත්විජිතවාදී’ ඇඟිලිගසන්නන් ය.

රුසියාව ගිය ඉරිදා(02) ක්රිමියාවට සිය සේනා යැව්වේය.

ක්රිමියාව යනු, යුක්රේනයේ අර්ධද්වීපයකි. හරියට, ලංකාවේ දී නම්, යාපනය මෙනි. ක්‍රිමියාවේ මුහුද අවට සිටින යුක්රේනියානු නාවුක හමුදාව 4 වැනි දා පාන්දර 5 වන විට යටත් විය යුතු බව, 3 වැනි දා ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියාව කියා සිටියේය. හරියට, යාපන අර්ධද්වීපයේ සිටින ශ්‍රී ලංකාවේ හමුදාවට යටත් වන්නැ යි ඉන්දියාව කියන්නා සේ ය. 1987 දී ඉන්දීය හමුදා යාපනේට ගොඩබැස්සේ ජේ.ආර්.ගේ ඉල්ලීම උඩයි. ඊයේ රුසියානු හමුදා ක්රිමියාවට ගොඩබැස්සේ ක්රිමියානු ප්‍රාදේශීය අගමැතිවරයාගේ ඉල්ලීම උඩයි. මේ තත්වය ලංකාවට අදාළ කරගන්නේ නම්, රුසියාවේ ක්‍රියාව සමාන වන්නේ, උතුරු පළාත් සභාවේ මහඇමති විග්නේෂ්වරන්ගේ ඉල්ලීමක් උඩ ඉන්දියානු හමුදා උතුරට ගොඩබැසීමකට ය. (හොරාට කලින් මොකක්දෝ පැන්නා සේ, සිදුවූ ඒ සිද්ධියට පැලැස්තරයක් දැමීමට ගන්නා ප්රයත්නයක් වශයෙන්, අද (05) වන විට රුසියාව කියන්නේ, ඡන්දයෙන් පත්වූ, පළාගිය යුක්රේන අගමැතිවරයාගේ ඉල්ලීමක් උඩ තමන් මැදිහත් වන බවයි),

ක්රිමියාව යනු, යුක්රේනියානු රාජ්‍යය තුළ, ප්‍රාදේශීය නිදහසක් භුක්ති විඳින, තමන්ගේම වන පාර්ලිමේන්තුවක් සහ අගමැතිවරයෙකුත් සිටින අර්ධ-ස්වාධීන ප්රදේශයකි. එහි ජනගහනයෙන් බහුතරයක්, රුසියානු ජාතිකයන් ය. එහි වෙසෙන විශාලතම සුළුතරය වන්නේ, ටාර්ටාර් ජාතිකයන් ය. ඔවුන්ගේ ප්‍රතිශතය, ක්‍රිමියාවේ ජනගහනයෙන් සියයට 12 කි. මේ ප්‍රදේශය, යුක්රේනයෙන් පූර්ණ නිදහස්ව, වෙනම රාජ්‍යයක් බවට පත්වන්නේ ද යන්න විමසා බැලෙන ජනමත විචාරණයක් ලබන මැයි මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණි. තවත් විදිහකින් කිවහොත්, ක්රිමියාව යනු ‘බෙදුම්වාදය’ රජයන, යුක්රේනයේ දකුණුදිග ප්රදේශයකි.

මීට අවුරුදු 22 කට පෙර, යුක්රේනය යනු, පැරණි සෝවියට් දේශයේ එක් ප්‍රාන්තයකි. සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමග, ඊට අයත්ව තිබූ තවත් ප්‍රාන්ත කිහිපයක් සේ, යුක්රේනයත් වෙනම නිදහස් සහ ස්වෛරී රාජ්‍යයක් බවට පත්වුණි. යුක්රේනයේ දකුණේ වෙසෙන ජනයා සාමාන්‍ය නැඹුරුවක් දක්වන්නේ රුසියාව දෙසටයි. බෙදුම්වාදී අභිලාෂයන්ගෙන් පෙළෙන රුසියානු සම්භවයෙන් යුත් වැඩි ජනගහනයක් වෙසෙන ක්රිමියාව එහි දි විශේෂයි. අනිත් අතට, යුක්රේනයේ උතුරුදිග සහ බටහිර වෙසෙන ජනයා වැඩි නැඹුරුවක් දක්වන්නේ, බටහිර යුරෝපය දෙසටයි. යුරෝපා හවුලට එකතු වීම ඔවුන්ගේ සිහිනයයි. ගිය සතිය දක්වා යුක්රේනයේ ජනාධිපති ධුරය දැරුවේ, යුරෝපය පැත්තට නොගොස් රුසියාව පැත්තට වැඩි නැඹුරුවක් දැක්වූ වික්ටර් යනුකොවිච් ය. ඔහු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිහිප වරක් සංශෝධනය කෙළේය. අපේ රටේ විදිහටම ය. එනම්, කලින් නොතිබුණු බලතල රාශියක් තමාගේ අතේ ගොනුවන හැටියට ය. එහි දී, රටේ ප්රජාතන්ත්රීය ආයතන පද්ධතිය දුර්වල කෙරුණි. අපේ රටේ වගේම ය. ඒ අතර, ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ අයවළුන් අසීමිත සේ දූෂණයේ යෙදෙමින් මහජන දේපල කොල්ලකෑහ. අපේ රටේ ද එවැනි චෝදනා තිබේ. ඒ සියල්ලටමත් වඩා, රටේ ආර්ථිකය පිරිහී, ජනතාවගේ ජීවන තත්වය පල්ලමට වැටුණි.

මේ තත්වයට එරෙහිව රටේ අගනුවර වන කියෙව් නුවර මීට මාස කිහිපයකට ඉහතදී ජනතාව වීදි බැස්සෝය. එහි දී රජය මගින් ආරක්ෂක හමුදා යොදා එය මර්දනය කිරීමට යාමේ දී එක රැයක් ඇතුළත් 70 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනය වුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඒ ජනතා උද්ඝෝෂණය, ආණ්ඩු විරෝධී මහා ජන රැල්ලක් බවට පරිවර්තනය වුණි. අවසානයේ දී, ජනාධිපතිවරයාට රටින් පළා යන්නට සිදුවිය. ඔහු පළා ගියේ රුසියාවටයි.

ඉන් පසු රැස්වූ යුක්රේනියානු පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට යෝජනා සම්මත කරගත්තේය. අළුත් අගමැතිවරයෙකු පත්කරගත්තේය. හිටපු ආරක්ෂක ඇමතිවරයාව අස් කෙළේය. කතානායකවරයාව, වැඩ බලන ජනාධිපති ධුරයට පත්කරගත්තේය. අළුත් ආණ්ඩුවක් සඳහා වන මැතිවරණය සඳහා ලබන මැයි 25 වැනි දා නියම කරගත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නැවතත් පරණ තිබුණු ප්රජාතන්ත්රීය තත්වයට ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රතිඥා දුන්නේය.

මේ අතර ක්‍රිමියාවේ ප්‍රාදේශීය පාර්ලිමේන්තුවත් හදිසියේ රැස්විය. පළාගිය ජනාධිපතිවරයා කෙරෙහි තමන්ගේ වන විශ්වාසය පළකර සිටියේය. ඔහුට එරෙහිවූ අගනුවර උද්ඝෝෂණකරුවන්, හුදෙක් ‘ෆැසිස්ට්වාදීන්’ සහ ‘ත්රස්තවාදීන්’ වශයෙන් හදුන්වා, තමන්ගේ (ක්‍රිමියාවේ) උපකාරයට එන්නැ යි රුසියානු ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා සිටියේය. (එහෙත් එහි වෙසෙන ටාටාර් ජාතිකයන්, අගනුවර අළුතින් පිහිටුවාගත් ආණ්ඩුවට මේ වන විට සිය පක්ෂපාතීත්වය පළකොට තිබේ).

මේ සංක්ෂිප්ත, දළ පසුබිම් කරුණු අපේ ප්‍රශ්න මතු කිරීමට හොඳටම සෑහෙයි. ඉන් පළමුවැන්න මෙයයි: (ලංකාව මෙන්) හැම අතකින්ම ස්වෛරී නිදහස් රාජ්‍යයක් වන යුක්රේනයට, රුසියානු හමුදා එවීම, එම රටේ නිදහස සහ ස්වෛරීත්වය උල්ලංඝණය කිරීමක් වශයෙන් ලංකා ආණ්ඩුව සළකන්නේ ද? එසේ නම්, මේ වන විට, ලෝකයේ බොහෝ රටවල් කර ඇති පරිදි, එම ආක්‍රමණය හෙළාදකිමින් රාජ්‍ය මට්ටමින් ලංකා ආණ්ඩුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන්නේ ද? එසේ නොකරන්නේ නම්, ඒ ඇයි? උතුරු පළාතේ මහඇමති විග්නේෂ්වරන්ගේ ඉල්ලීමක් උඩ ඉන්දියානු හමුදා ලංකාවට ගොඩබැස්සොත්, එය අපේ ආණ්ඩුව සළකන්නේ කෙසේද?

දෙවැන්න මෙහෙමයි: ඊළඟ ජිනීවා යෝජනාවේ දී, ලංකාවට එරෙහි යෝජනාවට රුසියාව විරෝධය දක්වන්නේ කුමන සදාචාරමය පදනමක් උඩ ද? එම යෝජනාව ගෙන එන්නේ, ලංකාවට විදේශ හමුදා එවීමට නොවේ. සිදුවී යැයි කියන අපරාධ ක්‍රියාදාමයක් පරීක්ෂා කර බැලීම සඳහා ජාත්‍යන්තර විමර්ශන යාන්ත්‍රණයක් පත්කර ගැනීම සඳහා පමණි. එවැනි යෝජනාවක්, අපේ ස්වෛරීත්වයට ඇඟිලි ගැසීමක් වශයෙන් තවදුරටත් හැඳින්වීමට රුසියාවට පුලූවන්කමක් තිබේ ද?

රටක ස්වෛරීත්වය යන්න අළුතින් නිර්වචනය කරන්නේ නම් ඒ මෙසේය: ‘‘එක රටක පාලකයෙකුගේ හෝ පාලක පංතියක බලය සමග තවත් රටක පාලකයෙකු හෝ පාලක පංතියක් දක්වන නෑකම උඩ තීන්දු වන ඊනියා ස්වාධීනත්වයකි’’

ඊට, ජනතාවගේ සම්බන්ධයක් නැත. එසේ හෙයින්, මේ කියන ස්වෛරීත්වය ආරක්ෂා කිරීම හෝ නොකිරීම සඳහා හැම විටකම පාහේ තීරණාත්මක සාධකය වන්නේ, අදාළ රටේ පාලකයාව ආරක්ෂා කිරීම හෝ නොකිරීම අරභයා තවත් රටකට ඇති අවශ්‍යතාව පමණි. ඉරාකයේ ස්වෛරීත්වය ඇමරිකාව ගණන් නොගත්තේ, සදාම් හුසේන්ව ඉවරයක් කිරීමට ය. යුක්රේනයේ ස්වෛරීත්ය රුසියාව ගණන් නොගන්නේ, යුක්රේනයේ හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට ය. එකම කාසියක දෙපැත්ත ය.

උපුටා ගැනීම : විකල්ප වෙබ් අඩවියෙනි

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda

Image Credit: REUTERS

[QUOTE="siripala, post: 16387298, member: 6738"] [b]පුටින්-එක්ක-ගලේ-පැහැරූ-අපේ කට්ටිය[/b] [SIZE="6"]පුටින් එක්ක ගලේ පැහැරූ අපේ කට්ටිය[/SIZE] [IMG]http://www.vikalpa.org/wp-content/uploads/2014/03/Ukraine_Russia_Crimea.jpg[/IMG] [SIZE="4"]ජිනීවා එන අස්සේම යුක්රේනයත් පැමිණීම කාලෝචිත ය. ලංකාවට එරෙහිව පසුගිය අවුරුදුවල ජිනීවා නුවර යෝජනා කිහිපයක් සම්මත විය. එම යෝජනාවලදී ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල් දෙස බැලූවොත් පෙනී යන ප්‍රධාන ලක්ෂණයක් තිබේ. ඒවායින් බහුතරයක්, අධිකාරීවාදී රටවල් ය. ඇතැම් ඒවා ප්රජාතන්ත්රවාදී රාමුවක සිටියත්, බොහෝ ප්රජාතන්ත්රීය අයිතින් පැහැරගනු ලබන පාලන ක්රමයන් ය. අනිත් අතට, ලංකාවට එරෙහි යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ රටවල්වලින් බහුතරයක්, සම්මත ප්රජාතන්ත්රවාදී රටවල් ය. බොහෝ දුරට මානව අයිතීන් ආරක්ෂා කරන රටවල් ය. එසේම, ආර්ථික සහ සමාජයීය වශයෙන් දියුණු රටවල් ය. මේ දෙවැනුව කී රටවල්වලට අපේ පාලකයන් කියන්නේ, ‘අධිරාජ්‍යවාදී’ රටවල් හෝ ‘බටහිර කුමන්ත්රණකාරීන්’ කියාය. ලංකාවට පක්ෂව නිතර ඡන්දය පාවිච්චි කළ මහබලවතුන් දෙන්නෙකු වුණේ, චීනය සහ රුසියාවයි. මේ ලියවිල්ල තුළ සාකච්ඡා කෙරෙන්නේ රුසියාව ගැනයි. එහි ජනාධිපතිවරයා ව්ලැඩිමීර් පුටින් ය. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට විරුද්ධ වීමට රුසියාව ඇතුළු රටවල් හැමදාමත් යොදාගත් එක් ප්‍රධාන තර්කයක් තිබුණි. එනම්, රටක ස්වෛරීත්වයට ගරු කිරීමට ජාත්‍යන්තරය බැඳී සිටින බවයි. මේ ප්‍රකාශය වචනාර්ථයෙන්ම පරස්පරයක් බව මුලින්ම කිව යුතුය. ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය වේවා, එක්සත් ජාතීන්ගේ සංවිධානය වේවා, ඕනෑම ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවා ගන්නා විටම එහි අදහස වන්නේ, නොයෙකුත් ආකාරයෙන් එහි සාමාජික රටවල් කෙරෙහි යම් ආකාරයේ බලපෑම් කිරීමේ සංවිධානමය අයිතියක් ඒ ඒ සාමාජික රටවල්වලට හිමිවන බවයි. උදාහරණයක් වශයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයට වෙනම ප්‍රතිපත්ති මාලාවක් තිබේ. පොදුරාජ්‍ය මණ්ඩලීය රටක් වශයෙන් ඒවා ආරක්ෂා කිරීමට සාමාජික රටවල් බැඳී සිටී. එම ප්‍රතිපත්ති හරහා ගලා එන බලපෑම්, විටෙක සෘජු ඒවා වන්ට පිළිවන. නැත්නම් වක්‍රාකාරයෙන් වන්ට පිළිවන. එය එසේ නොවන්නේ නම්, මොනම විදිහක හෝ ජාත්‍යන්තර සංවිධානයක අරුතක් නැති වන්නේය. කරුණු එසේ වෙතත්, රුසියාව ඇතුළු රටවල් ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝණනයන් ගැන ජාත්‍යන්තරය විසින් විමසා සිටීමම (ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම නොව), එනම්, එවැනි උල්ලංඝණයන් ගැන සොයා බලන්නැ යි ලංකා ආණ්ඩුවෙන් ‘‘යෝජනාවක්’’ මාර්ගයෙන් ඉල්ලා සිටීමම සැළකුවේ, ලංකාවේ ස්වෛරීත්වයට කරන අනවශ්‍ය ඇඟිලි ගැසීමක් වශයෙනි. එවැනි රටවල් කී පරිදි, ලංකාවට එරෙහි යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ රටවල්, පරණ ක්රමයේ ‘අධිරාජ්‍යවාදී’ හෝ ‘යටත්විජිතවාදී’ ඇඟිලිගසන්නන් ය. රුසියාව ගිය ඉරිදා(02) ක්රිමියාවට සිය සේනා යැව්වේය. ක්රිමියාව යනු, යුක්රේනයේ අර්ධද්වීපයකි. හරියට, ලංකාවේ දී නම්, යාපනය මෙනි. ක්‍රිමියාවේ මුහුද අවට සිටින යුක්රේනියානු නාවුක හමුදාව 4 වැනි දා පාන්දර 5 වන විට යටත් විය යුතු බව, 3 වැනි දා ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියාව කියා සිටියේය. හරියට, යාපන අර්ධද්වීපයේ සිටින ශ්‍රී ලංකාවේ හමුදාවට යටත් වන්නැ යි ඉන්දියාව කියන්නා සේ ය. 1987 දී ඉන්දීය හමුදා යාපනේට ගොඩබැස්සේ ජේ.ආර්.ගේ ඉල්ලීම උඩයි. ඊයේ රුසියානු හමුදා ක්රිමියාවට ගොඩබැස්සේ ක්රිමියානු ප්‍රාදේශීය අගමැතිවරයාගේ ඉල්ලීම උඩයි. මේ තත්වය ලංකාවට අදාළ කරගන්නේ නම්, රුසියාවේ ක්‍රියාව සමාන වන්නේ, උතුරු පළාත් සභාවේ මහඇමති විග්නේෂ්වරන්ගේ ඉල්ලීමක් උඩ ඉන්දියානු හමුදා උතුරට ගොඩබැසීමකට ය. (හොරාට කලින් මොකක්දෝ පැන්නා සේ, සිදුවූ ඒ සිද්ධියට පැලැස්තරයක් දැමීමට ගන්නා ප්රයත්නයක් වශයෙන්, අද (05) වන විට රුසියාව කියන්නේ, ඡන්දයෙන් පත්වූ, පළාගිය යුක්රේන අගමැතිවරයාගේ ඉල්ලීමක් උඩ තමන් මැදිහත් වන බවයි), ක්රිමියාව යනු, යුක්රේනියානු රාජ්‍යය තුළ, ප්‍රාදේශීය නිදහසක් භුක්ති විඳින, තමන්ගේම වන පාර්ලිමේන්තුවක් සහ අගමැතිවරයෙකුත් සිටින අර්ධ-ස්වාධීන ප්රදේශයකි. එහි ජනගහනයෙන් බහුතරයක්, රුසියානු ජාතිකයන් ය. එහි වෙසෙන විශාලතම සුළුතරය වන්නේ, ටාර්ටාර් ජාතිකයන් ය. ඔවුන්ගේ ප්‍රතිශතය, ක්‍රිමියාවේ ජනගහනයෙන් සියයට 12 කි. මේ ප්‍රදේශය, යුක්රේනයෙන් පූර්ණ නිදහස්ව, වෙනම රාජ්‍යයක් බවට පත්වන්නේ ද යන්න විමසා බැලෙන ජනමත විචාරණයක් ලබන මැයි මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණි. තවත් විදිහකින් කිවහොත්, ක්රිමියාව යනු ‘බෙදුම්වාදය’ රජයන, යුක්රේනයේ දකුණුදිග ප්රදේශයකි. මීට අවුරුදු 22 කට පෙර, යුක්රේනය යනු, පැරණි සෝවියට් දේශයේ එක් ප්‍රාන්තයකි. සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමග, ඊට අයත්ව තිබූ තවත් ප්‍රාන්ත කිහිපයක් සේ, යුක්රේනයත් වෙනම නිදහස් සහ ස්වෛරී රාජ්‍යයක් බවට පත්වුණි. යුක්රේනයේ දකුණේ වෙසෙන ජනයා සාමාන්‍ය නැඹුරුවක් දක්වන්නේ රුසියාව දෙසටයි. බෙදුම්වාදී අභිලාෂයන්ගෙන් පෙළෙන රුසියානු සම්භවයෙන් යුත් වැඩි ජනගහනයක් වෙසෙන ක්රිමියාව එහි දි විශේෂයි. අනිත් අතට, යුක්රේනයේ උතුරුදිග සහ බටහිර වෙසෙන ජනයා වැඩි නැඹුරුවක් දක්වන්නේ, බටහිර යුරෝපය දෙසටයි. යුරෝපා හවුලට එකතු වීම ඔවුන්ගේ සිහිනයයි. ගිය සතිය දක්වා යුක්රේනයේ ජනාධිපති ධුරය දැරුවේ, යුරෝපය පැත්තට නොගොස් රුසියාව පැත්තට වැඩි නැඹුරුවක් දැක්වූ වික්ටර් යනුකොවිච් ය. ඔහු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිහිප වරක් සංශෝධනය කෙළේය. අපේ රටේ විදිහටම ය. එනම්, කලින් නොතිබුණු බලතල රාශියක් තමාගේ අතේ ගොනුවන හැටියට ය. එහි දී, රටේ ප්රජාතන්ත්රීය ආයතන පද්ධතිය දුර්වල කෙරුණි. අපේ රටේ වගේම ය. ඒ අතර, ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ අයවළුන් අසීමිත සේ දූෂණයේ යෙදෙමින් මහජන දේපල කොල්ලකෑහ. අපේ රටේ ද එවැනි චෝදනා තිබේ. ඒ සියල්ලටමත් වඩා, රටේ ආර්ථිකය පිරිහී, ජනතාවගේ ජීවන තත්වය පල්ලමට වැටුණි. මේ තත්වයට එරෙහිව රටේ අගනුවර වන කියෙව් නුවර මීට මාස කිහිපයකට ඉහතදී ජනතාව වීදි බැස්සෝය. එහි දී රජය මගින් ආරක්ෂක හමුදා යොදා එය මර්දනය කිරීමට යාමේ දී එක රැයක් ඇතුළත් 70 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනය වුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඒ ජනතා උද්ඝෝෂණය, ආණ්ඩු විරෝධී මහා ජන රැල්ලක් බවට පරිවර්තනය වුණි. අවසානයේ දී, ජනාධිපතිවරයාට රටින් පළා යන්නට සිදුවිය. ඔහු පළා ගියේ රුසියාවටයි. ඉන් පසු රැස්වූ යුක්රේනියානු පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට යෝජනා සම්මත කරගත්තේය. අළුත් අගමැතිවරයෙකු පත්කරගත්තේය. හිටපු ආරක්ෂක ඇමතිවරයාව අස් කෙළේය. කතානායකවරයාව, වැඩ බලන ජනාධිපති ධුරයට පත්කරගත්තේය. අළුත් ආණ්ඩුවක් සඳහා වන මැතිවරණය සඳහා ලබන මැයි 25 වැනි දා නියම කරගත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නැවතත් පරණ තිබුණු ප්රජාතන්ත්රීය තත්වයට ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රතිඥා දුන්නේය. මේ අතර ක්‍රිමියාවේ ප්‍රාදේශීය පාර්ලිමේන්තුවත් හදිසියේ රැස්විය. පළාගිය ජනාධිපතිවරයා කෙරෙහි තමන්ගේ වන විශ්වාසය පළකර සිටියේය. ඔහුට එරෙහිවූ අගනුවර උද්ඝෝෂණකරුවන්, හුදෙක් ‘ෆැසිස්ට්වාදීන්’ සහ ‘ත්රස්තවාදීන්’ වශයෙන් හදුන්වා, තමන්ගේ (ක්‍රිමියාවේ) උපකාරයට එන්නැ යි රුසියානු ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා සිටියේය. (එහෙත් එහි වෙසෙන ටාටාර් ජාතිකයන්, අගනුවර අළුතින් පිහිටුවාගත් ආණ්ඩුවට මේ වන විට සිය පක්ෂපාතීත්වය පළකොට තිබේ). මේ සංක්ෂිප්ත, දළ පසුබිම් කරුණු අපේ ප්‍රශ්න මතු කිරීමට හොඳටම සෑහෙයි. ඉන් පළමුවැන්න මෙයයි: (ලංකාව මෙන්) හැම අතකින්ම ස්වෛරී නිදහස් රාජ්‍යයක් වන යුක්රේනයට, රුසියානු හමුදා එවීම, එම රටේ නිදහස සහ ස්වෛරීත්වය උල්ලංඝණය කිරීමක් වශයෙන් ලංකා ආණ්ඩුව සළකන්නේ ද? එසේ නම්, මේ වන විට, ලෝකයේ බොහෝ රටවල් කර ඇති පරිදි, එම ආක්‍රමණය හෙළාදකිමින් රාජ්‍ය මට්ටමින් ලංකා ආණ්ඩුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන්නේ ද? එසේ නොකරන්නේ නම්, ඒ ඇයි? උතුරු පළාතේ මහඇමති විග්නේෂ්වරන්ගේ ඉල්ලීමක් උඩ ඉන්දියානු හමුදා ලංකාවට ගොඩබැස්සොත්, එය අපේ ආණ්ඩුව සළකන්නේ කෙසේද? දෙවැන්න මෙහෙමයි: ඊළඟ ජිනීවා යෝජනාවේ දී, ලංකාවට එරෙහි යෝජනාවට රුසියාව විරෝධය දක්වන්නේ කුමන සදාචාරමය පදනමක් උඩ ද? එම යෝජනාව ගෙන එන්නේ, ලංකාවට විදේශ හමුදා එවීමට නොවේ. සිදුවී යැයි කියන අපරාධ ක්‍රියාදාමයක් පරීක්ෂා කර බැලීම සඳහා ජාත්‍යන්තර විමර්ශන යාන්ත්‍රණයක් පත්කර ගැනීම සඳහා පමණි. එවැනි යෝජනාවක්, අපේ ස්වෛරීත්වයට ඇඟිලි ගැසීමක් වශයෙන් තවදුරටත් හැඳින්වීමට රුසියාවට පුලූවන්කමක් තිබේ ද? රටක ස්වෛරීත්වය යන්න අළුතින් නිර්වචනය කරන්නේ නම් ඒ මෙසේය: ‘‘එක රටක පාලකයෙකුගේ හෝ පාලක පංතියක බලය සමග තවත් රටක පාලකයෙකු හෝ පාලක පංතියක් දක්වන නෑකම උඩ තීන්දු වන ඊනියා ස්වාධීනත්වයකි’’ ඊට, ජනතාවගේ සම්බන්ධයක් නැත. එසේ හෙයින්, මේ කියන ස්වෛරීත්වය ආරක්ෂා කිරීම හෝ නොකිරීම සඳහා හැම විටකම පාහේ තීරණාත්මක සාධකය වන්නේ, අදාළ රටේ පාලකයාව ආරක්ෂා කිරීම හෝ නොකිරීම අරභයා තවත් රටකට ඇති අවශ්‍යතාව පමණි. ඉරාකයේ ස්වෛරීත්වය ඇමරිකාව ගණන් නොගත්තේ, සදාම් හුසේන්ව ඉවරයක් කිරීමට ය. යුක්රේනයේ ස්වෛරීත්ය රුසියාව ගණන් නොගන්නේ, යුක්රේනයේ හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට ය. එකම කාසියක දෙපැත්ත ය.[/SIZE] [B]උපුටා ගැනීම : විකල්ප වෙබ් අඩවියෙනි ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda Image Credit: REUTERS[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom