Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පුණ්ණෝවාද සූත්රය සහ ප්රතිචාර දැක්වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුණ්ණෝවාද සූත්රය සහ ප්රතිචාර දැක්වීම

පුණ්ණෝවාද සූත්රය අසා නැති කෙනෙක් නැහැ. මේ සූත්රය පටන් ගන්නෙ පුණ්ණ භික්ෂූන්වහන්සේ බුදුරජාණන්වහන්සේගෙන් ලබා ගන්න අවවාද අනුශාසනාවකින්. මේ අනුශාසනාවෙන් පස්සෙ බුදුරජාණන්වහන්සේ පුණ්ණ භික්ෂුවගෙන් අහනවා කොහේද වාසය කරන්න තෝරගත්තෙ කියලා. ඒකට පුණ්ණ භික්ෂුව කියනවා මම සුනාපරන්ත දේශයේ වාසය කරන්න තෝර ගත්තා කියලා. බුදුරජාණන්වහන්සේ අහනවා සුනාපරන්තයේ මිනිස්සු ප්රචණ්ඩ පිරිසක්, මේ මිනිස්සු ඔබට බැන්නොත් මොකද කරන්නෙ කියලා. භික්ෂූන්වහන්සේ කියනවා එතකොට ස්වාමිනී මට හිතෙන්නෙ මේ මිනිස්සු මට බැන්නට අතින් පහර දෙන්නෙ නෑ නෙ, මේ මිනිස්සු යහපත් මිනිස්සු කියලා. එතකොට බුදුරජාණන්වහන්සේ අහනවා ඒ මිනිස්සු අතින් පහර දුන්නොත් මොකද කරන්නෙ කියලා. එතකොට භික්ෂුව කියනවා මේ මිනිස්සු අතින් පහර දුන්නට ගල්වලින් ගහන්නෙ නෑ නෙ, ඒ නිසා මට හිතෙන්නෙ ඒ මිනිස්සු යහපත් මිනිස්සු කොටසක් කියලා. දැන් බුදුරජාණන්වහන්සේ අහනවා මේ මිනිස්සු ගල්වලින් පහර දුන්නොත් මොකද කරන්නෙ කියලා. එතකොට භික්ෂුව කියනවා ගල්වලින් ගැහුවට පොලු පහර දෙන්නෙ නැහැනෙ, ඒ නිසා මේ මිනිස්සු යහපත් කියලා. ඉතින් බුදුරජාණන්වහන්සේ අහනවා සුනාපරන්තයෙ මිනිස්සු පොලුවලින් ගැහුවොත් මොකද කරන්නෙ කියලා. එතකොට භික්ෂුව කියනවා ඒ මිනිස්සු පොලු පාර දුන්නත් ආයුධයකින් ගහන්නෙ නැහැනෙ, ඒ නිසා ඔවුන් යහපත් මිනිස්සු කියලා හිතනවා කියලා. ඒ සැරේ බුදුරජාණන්වහන්සේ අහනවා ඒ මිනිස්සු ආයුධවලින් පහර දුන්නොත් මොකද කරන්නෙ කියලා. එතකොට භික්ෂුව කියනවා ඒ මිනිස්සු ආයුධවලින් පහර දුන්නත් මාව මරන්නෙ නැති නිසා තවමත් මන් හිතන්නෙ ඔවුන් යහපත් මිනිස්සු ය කියලා. ඉතින් බුදුරජාණන්වහන්සේ අහනවා ඔබව මරන්න හැදුවොත් මොකද කරන්නෙ කියලා. එතකොට භික්ෂුව කියනවා සිරුරත් ජීවිතයත් පිළිකුල් කරන බුද්ධ ශ්රාවකයො දිවිනැසීම පිණිස ආයුධ තනන්නො හොයමින් ඇවිදිනවා, මට එහෙම නොසොයාම ආයුධ දරන්නෝ ලැබුනා කියලා හිතනවා කියලා. බුදුරජාණන්වහන්සේ පුණ්ණ භික්ෂුවට සුනාපරන්තයට වැඩම කරන්න අනුමැතිය දෙනවා.

දැන් මේ සංවාදය කියවද්දි ඒ ඒ අවස්ථාවලදි පුණ්ණ භික්ෂුවගෙ ප්රතිචාර දැක්වීම ගැන පුදුම හිතෙනවා. නිකමට හිතලා බලන්න ඔයා ගැන. කිසිම වරදක් නැති ඔයාට කවුරුහරි බැන්නොත් නැත්නම් අහේතුකව ගැහුවොත් ඔයාට මොනවා හිතෙයි ද? මොකක් කරයි ද? අද සමහරුන්ගෙ ආදර්ශපාඨය තමයි මට රැව්වොත් මම බණිනවා, මට බැන්නොත් මම ගහනවා කියන එක. සමහරු ළමයව ඉස්කෝලෙ යවන්නෙ ගුටිකාලා නම් ගෙදර එන්න එපා, ගැහුවොත් ඈතක ඉඳන් ගලකින් හරි ගහලා වරෙන් කියලා අවවාද කරලා. සමහරුන්ට තමුන්ට බණින්න ඕනා නෑ, තමුන්ගේ හිතවතකුට බැන්නමත් තරහ යනවා. එහෙව් කාලෙක තමයි අපි ජීවත් වෙන්නෙ. එහෙම පසුබිමකදි හිතන්න කලින් කිව්ව වගේ කිසි හේතුවක් නැතුව බැණුම් අහන්න වුනොත් කොහොමද ප්රතිචාර දක්වන්නෙ කියලා.

බුදුදහමෙ තියෙන හික්මීම මේ වගේ. බල්ලෙක් අපිව හැපුවා කියලා තරහට බල්ලව හපන සිරිතක් අපිට නෑ. නමුත් සමහරු ඉන්නවා ඒ වගේ. පුණ්ණ භික්ෂුව බුදුරජාණන්වහන්සේ අහන ප්රශ්නවලට දෙන උත්තරවලින් පෙන්වන්නේ මේ හික්මීම. දැන් කෙනෙක් කියයි ඉතින් හලෝ නිකරුනේ බැණුම් අහන්නෙ මොකටද එක එකාගෙන් කියලා. අපි කැමැති වුනත් අකමැති වුනත් මිනිස්සු අපිට බණින එක ලෝකෙ කොහේ ගියත් වෙන්න පුළුවන් දෙයක්. මොකද, අපේ වැරැද්දක් තියෙනවද නැද්ද කියන එක අනිත් මිනිස්සුන්ට අදාළ නැහැ. බණින්න ඕන මිනිහට අපි හිනා වුනත් වැරදියි, හිනා නොවුනත් වැරදියි. ඒක ඒ මනුස්සයාගේ හැටි. ඉතින් අපි මොකටද කොහේවත් යන මනුස්සයකුට ඕන විදියට අපේ හිත නොසතුටු කරගන්නෙ. අපි ජීවත් වෙන්න ඕන සතුටින්. නැතුව එක එක්කෙනාට ඕන විදියට අපේ හිත රිදෝගෙන නෙමෙයි. මේක කිව්වෙ බණින්න ගියාම වගේම බැණුම් අහන්න ගියාමත් හිතට පීඩනයක් එන නිසා. අන්න ඒ වගේ වෙලාවට අපිටත් මේ හික්මීම තියෙනවා නම් කිසි මානසික පීඩාවකින් තොරව ජීවත් වෙන්න පුළුවන්. බුදු දහම කියන්නෙ මානසික පීඩාවක් නැතුව සතුටින් ජීවත් වෙන හැටි උගන්වන දහමක්. පුණ්ණ භික්ෂුව අපිට දෙන පණිවිඩයත් එයමයි.

[QUOTE="hpalpola, post: 29579745, member: 321413"] [B]පුණ්ණෝවාද සූත්රය සහ ප්රතිචාර දැක්වීම[/B] පුණ්ණෝවාද සූත්රය අසා නැති කෙනෙක් නැහැ. මේ සූත්රය පටන් ගන්නෙ පුණ්ණ භික්ෂූන්වහන්සේ බුදුරජාණන්වහන්සේගෙන් ලබා ගන්න අවවාද අනුශාසනාවකින්. මේ අනුශාසනාවෙන් පස්සෙ බුදුරජාණන්වහන්සේ පුණ්ණ භික්ෂුවගෙන් අහනවා කොහේද වාසය කරන්න තෝරගත්තෙ කියලා. ඒකට පුණ්ණ භික්ෂුව කියනවා මම සුනාපරන්ත දේශයේ වාසය කරන්න තෝර ගත්තා කියලා. බුදුරජාණන්වහන්සේ අහනවා සුනාපරන්තයේ මිනිස්සු ප්රචණ්ඩ පිරිසක්, මේ මිනිස්සු ඔබට බැන්නොත් මොකද කරන්නෙ කියලා. භික්ෂූන්වහන්සේ කියනවා එතකොට ස්වාමිනී මට හිතෙන්නෙ මේ මිනිස්සු මට බැන්නට අතින් පහර දෙන්නෙ නෑ නෙ, මේ මිනිස්සු යහපත් මිනිස්සු කියලා. එතකොට බුදුරජාණන්වහන්සේ අහනවා ඒ මිනිස්සු අතින් පහර දුන්නොත් මොකද කරන්නෙ කියලා. එතකොට භික්ෂුව කියනවා මේ මිනිස්සු අතින් පහර දුන්නට ගල්වලින් ගහන්නෙ නෑ නෙ, ඒ නිසා මට හිතෙන්නෙ ඒ මිනිස්සු යහපත් මිනිස්සු කොටසක් කියලා. දැන් බුදුරජාණන්වහන්සේ අහනවා මේ මිනිස්සු ගල්වලින් පහර දුන්නොත් මොකද කරන්නෙ කියලා. එතකොට භික්ෂුව කියනවා ගල්වලින් ගැහුවට පොලු පහර දෙන්නෙ නැහැනෙ, ඒ නිසා මේ මිනිස්සු යහපත් කියලා. ඉතින් බුදුරජාණන්වහන්සේ අහනවා සුනාපරන්තයෙ මිනිස්සු පොලුවලින් ගැහුවොත් මොකද කරන්නෙ කියලා. එතකොට භික්ෂුව කියනවා ඒ මිනිස්සු පොලු පාර දුන්නත් ආයුධයකින් ගහන්නෙ නැහැනෙ, ඒ නිසා ඔවුන් යහපත් මිනිස්සු කියලා හිතනවා කියලා. ඒ සැරේ බුදුරජාණන්වහන්සේ අහනවා ඒ මිනිස්සු ආයුධවලින් පහර දුන්නොත් මොකද කරන්නෙ කියලා. එතකොට භික්ෂුව කියනවා ඒ මිනිස්සු ආයුධවලින් පහර දුන්නත් මාව මරන්නෙ නැති නිසා තවමත් මන් හිතන්නෙ ඔවුන් යහපත් මිනිස්සු ය කියලා. ඉතින් බුදුරජාණන්වහන්සේ අහනවා ඔබව මරන්න හැදුවොත් මොකද කරන්නෙ කියලා. එතකොට භික්ෂුව කියනවා සිරුරත් ජීවිතයත් පිළිකුල් කරන බුද්ධ ශ්රාවකයො දිවිනැසීම පිණිස ආයුධ තනන්නො හොයමින් ඇවිදිනවා, මට එහෙම නොසොයාම ආයුධ දරන්නෝ ලැබුනා කියලා හිතනවා කියලා. බුදුරජාණන්වහන්සේ පුණ්ණ භික්ෂුවට සුනාපරන්තයට වැඩම කරන්න අනුමැතිය දෙනවා. දැන් මේ සංවාදය කියවද්දි ඒ ඒ අවස්ථාවලදි පුණ්ණ භික්ෂුවගෙ ප්රතිචාර දැක්වීම ගැන පුදුම හිතෙනවා. නිකමට හිතලා බලන්න ඔයා ගැන. කිසිම වරදක් නැති ඔයාට කවුරුහරි බැන්නොත් නැත්නම් අහේතුකව ගැහුවොත් ඔයාට මොනවා හිතෙයි ද? මොකක් කරයි ද? අද සමහරුන්ගෙ ආදර්ශපාඨය තමයි මට රැව්වොත් මම බණිනවා, මට බැන්නොත් මම ගහනවා කියන එක. සමහරු ළමයව ඉස්කෝලෙ යවන්නෙ ගුටිකාලා නම් ගෙදර එන්න එපා, ගැහුවොත් ඈතක ඉඳන් ගලකින් හරි ගහලා වරෙන් කියලා අවවාද කරලා. සමහරුන්ට තමුන්ට බණින්න ඕනා නෑ, තමුන්ගේ හිතවතකුට බැන්නමත් තරහ යනවා. එහෙව් කාලෙක තමයි අපි ජීවත් වෙන්නෙ. එහෙම පසුබිමකදි හිතන්න කලින් කිව්ව වගේ කිසි හේතුවක් නැතුව බැණුම් අහන්න වුනොත් කොහොමද ප්රතිචාර දක්වන්නෙ කියලා. බුදුදහමෙ තියෙන හික්මීම මේ වගේ. බල්ලෙක් අපිව හැපුවා කියලා තරහට බල්ලව හපන සිරිතක් අපිට නෑ. නමුත් සමහරු ඉන්නවා ඒ වගේ. පුණ්ණ භික්ෂුව බුදුරජාණන්වහන්සේ අහන ප්රශ්නවලට දෙන උත්තරවලින් පෙන්වන්නේ මේ හික්මීම. දැන් කෙනෙක් කියයි ඉතින් හලෝ නිකරුනේ බැණුම් අහන්නෙ මොකටද එක එකාගෙන් කියලා. අපි කැමැති වුනත් අකමැති වුනත් මිනිස්සු අපිට බණින එක ලෝකෙ කොහේ ගියත් වෙන්න පුළුවන් දෙයක්. මොකද, අපේ වැරැද්දක් තියෙනවද නැද්ද කියන එක අනිත් මිනිස්සුන්ට අදාළ නැහැ. බණින්න ඕන මිනිහට අපි හිනා වුනත් වැරදියි, හිනා නොවුනත් වැරදියි. ඒක ඒ මනුස්සයාගේ හැටි. ඉතින් අපි මොකටද කොහේවත් යන මනුස්සයකුට ඕන විදියට අපේ හිත නොසතුටු කරගන්නෙ. අපි ජීවත් වෙන්න ඕන සතුටින්. නැතුව එක එක්කෙනාට ඕන විදියට අපේ හිත රිදෝගෙන නෙමෙයි. මේක කිව්වෙ බණින්න ගියාම වගේම බැණුම් අහන්න ගියාමත් හිතට පීඩනයක් එන නිසා. අන්න ඒ වගේ වෙලාවට අපිටත් මේ හික්මීම තියෙනවා නම් කිසි මානසික පීඩාවකින් තොරව ජීවත් වෙන්න පුළුවන්. බුදු දහම කියන්නෙ මානසික පීඩාවක් නැතුව සතුටින් ජීවත් වෙන හැටි උගන්වන දහමක්. පුණ්ණ භික්ෂුව අපිට දෙන පණිවිඩයත් එයමයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom