පුතාව රන් සොරකමේ යවා උකස් කර සල්ලි හොයන මව අත්අඩංගුවට

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,961
    11,411
    113
    දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් කාන්තාවන්ගේ රන් මාල කඩාගන්නා තම පුත්‍රයා විසින් ලබාදෙන එම රන් භාණ්ඩ උකස් කර ලක්ෂ ගණනින් මුදල් ලබාගැනීම සහ එම මුදල්වලින් පුත්‍රයාට මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පහසුකම් සැලසීමේ චෝදනාව මත පනස් තුන් හැවිරිදි මවක පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 13 වැනිදා උතුරු කළුතර ප්‍රදේශයේදී මෙම සැකකාරියව අත්අඩංගුවට ගෙන ඇත.

    යතුරුපැදියකින් ගමන් කරමින් මහමග යන තරුණියන්ගේ සහ කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑම ඇගේ පුත්‍රයා විසින් සිදු කර තිබේ.


    https://www.gossiplankanews.com/2026/03/blog-post_796.html?m=1

    https://www.gossiplankanews.com/2026/03/blog-post_796.html?m=1