Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුදුමයි රට එපා නොවුන එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැදවච්චියේ ඉපිද ලෝකෙටම ටයර් හදන කවුද මේ ලොකුවිතාන...? ඩුබායි මැරියට් කාගේද...? රාජපක්ෂලාගේ සල්ලි සුදු කළාද...?

සාකච්ඡා කළේ

සිරිමන්ත රත්නසේකර

ඡායාරූප - නිමල් දයාරත්න

දෙසවනට හුරු පුරුදු වූ නමක් වන බැවින් ඔහු මැදවච්චියේ ජන්මය ලැබූවෙකු යැයි මා කියමි. නමුත් එය වඩා නිවැරදිව කියන්නේ නම් වර්ෂ 1969 දී ඔහු ජන්මය ලැබුවේ මැදවච්චියටත් කිලෝමීටර් තිහක් පමණ නැගෙනහිරට පිහිටි කොබටියගොල්ලෑව ග්‍රාමයේ ය. එය කැබිතිගොල්ලෑවට කිට්ටුය. අතිදුෂ්කර පරිසරයක දරිද්‍රතාවයේ අමිහිරි රස විඳිමින් තම ජීවන චාරිකාව ආරම්භ කළ හෙතෙම මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 800 කට වඩා වැඩි අති දැවැන්ත චංචල හා නිශ්චල දේපළ හිමිකරුවෙකි. වාසනාව ගැන පමණක් නොසිතා කැපවීමෙන් සහ ධෛර්යයෙන් පසුවිපරමේ යෙදෙමින් සිය ඉලක්ක කරා ගොස් මෙරට පමණක් නොව දේශ දේශාන්තරයන්හි ශ්‍රී ලාංකීය නාමය රැන්දූ ඔහු ප්‍රකට සාර්ථක ව්‍යාපාරිකයෙකි.

ඔහු... නමින් නන්දන ලොකුවිතාන ය. පාඨක ඔබට සිහි ගැන්වෙන පරිදි වඩා පැහැදිලිව කියන්නේ නම් ඔහු. රාජපක්ෂ පවුලේ කළු සල්ලි සුදු කළේ යැයි පසුගිය යහපාලන රජය සමයේ දී චෝදනා ලැබූ ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු ය.

සාජා හි ඔනෙක්ස් ඉන්ඩස්ටි්රස්. ඔනෙක්ස් බිල්ඩින් සිස්ටම්. ඔනෙක්ස් ඉලෙක්ට්‍රොනික් සර්විස්. නිලෝනා හෝල්ඩින්ග්ස් . ශ්‍රී ලංකා ඔරුවල වානේ සංස්ථාව. සිලෝන් හෙවි ඉන්ඩස්ටි්රස් සහ කන්ට්‍රක්ෂන් ඇතුළු සමාගම් රැසක හිමිකරු ද වන්නේ ඔහුය.

මා. ඔහු මුණ ගැහෙන්නේ පසුගිය දා (14දා) ඔහුගේ සමාගම් ජාලයට අලූතෙන් එකතු වූ අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන ‘‘ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් ” කර්මාන්තශාලාවේ වගතුග සහ එමගින් ජාතික ආර්ථිකයට වන ධනාත්මක බලපෑම පිළිබඳව සාකච්ඡාවකටය.

එය හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයේ අක්කර එකසිය 155 ක් පුරා පැතිර තිබෙන තනි අයිතියක් යටතේ ඇති කර්මාන්ත පුරයකි. එය මෝටර් සයිකල් ටයරයේ සිට විශාල කාර්මික ටයර් නිෂ්පාදනය දක්වා දිවෙන මහා පරිමාණ නිෂ්පාදනය ක්‍රියාවලියක් සිදු කෙරෙන තැනකි.

එහි පළමු අදියරේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100 කි. දෙවන අදියර එළැඹෙන නොවැම්බරයේදී ආරම්භ වීමට නියමිත අතර එහි ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 150 කි. යුරෝපීය වෙළෙඳපොළ මූලික ලෙස ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන මෙම නිෂ්පාදන ක්රියාවලියෙහි සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් තරම් සුවිසල් ය.

මා. නන්දන ලොකුවිතාන මහතා මුණ ගැසෙන්නේ මෙකී කර්මාන්තශාලාව පිළිබඳ විමසීමට බව මුලදී ද සටහන් කළෙමු. එනමුදු මාගේ සිත කියනුයේ යහපාලන රජය සමයේ දී චෝදනාවන් රැසකට ලක්වූවකු බැවින්ද මැදවච්චියේ ඉපද මේ වන විට සුවිසල් ධනස්කන්ධයකට උරුමකම් කියන්නෙක් වූ බැවින්ද පාඨක ඔබට මෙන්ම මා හටද ඇති සැක සංකා දුරුකර ගැනීම පිණිස ඒ පිළිබඳ පළමුව විමසීම වඩා උචිත යැයි කියාය.

‘‘නන්දන මහත්මයා. ‘‘ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන්” කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම පිළිබඳව ‘‘දිවයින ඉරිදා සංග්‍රහයේ” සුබපැතුම් මා ඔබට පිරිනමනවා. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට මත්තෙන්. විවිධ චෝදනාවන් රැසකට ලක්වූ ව්‍යාපාරිකයකු වූ ඔබගෙන් පැහැදිලි කරගැනීමට යම් යම් කාරණා කිහිපයක්ම තිබෙනවා” යැයි මා කළ සඳහනට ඔහුගේ ක්ෂණික පිළිතුර වූයේ ‘‘ ඕනෑම ප්‍රශ්නයක් අහන්න මම ඒකට කැමතියි ” යන්නය.

ඒ අනුව. ‘‘වත්මන් අගමැති සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඔහුගේ පවුලේ කළු සල්ලි සුදු කළ කුප්‍රකට මෙරට ඩුබායි ව්‍යාපාරිකයා ඔබ නොවේ ද” මාගේ පළමු පැනය විය.

‘‘ඔබගේ ඔය ප්‍රශ්නයට මේ කෙටි සාකච්ඡාව තුළ උත්තරයක් දීම නිසි පිළිතුරකට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එසේ වුවහොත් ඔබට සහ විශේෂයෙන් පාඨකයන්ට සිදුවන්නේ අසාධාරණයක්. නමුත් ඔබගේ ප්‍රශ්නයට පිළිතුරක් නොදී ඉන්න හැකියාවක් මට නැහැ. එම නිසා මට කියන්න තිබෙන්නේ. ඔබ ප්‍රශ්නයක් වශයෙන් විමසන ලද කාරණය චෝදනාවක් ලෙස පසුගිය වසර පහ තුළ යහපාලන ආණ්ඩුවත් මට එලෙසම කළා. මම එෆ්. සී. අයි. ඞී එකට පමණක් අවස්ථා 28 ක දී ගොස් පිළිතුරු ලබා දී තිබෙනවා. එහිදී ප්‍රශ්න 25 ක උප මාතෘකා සියයකට අධික සංඛ්‍යාවක් යටතේ මා පිළිතුරු ලබාදී තිබෙනවා. ඒ වගේම ජනාධිපති කොමිසමට. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට අවස්ථා ගණනාවකදී ගොස් තිබෙනවා. අවසානෙ එකී සියලූ චෝදනාවලින් මම නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඇත්තටම ඒ කරපු චෝදනා. චෝදනාවන් පමණක්ම වුණා. මෙතන ඇත්ත සිදුවීම කුමක්ද යන්න චෝදනා කළ අයත් අවසානයේ දැනගත්තා. මේ චෝදනා කළ අයට මම දෝෂාරෝපණය කරන්න යන්නෙ නෑ. මොකද මගේ අතිනුත් එතැන අඩුපාඩුවක් වෙලා තිබෙනවා. මොකද. ඩුබායිවල තරු පහේ හෝටලයක් තියෙන මම හෝටල් කර්මාන්තය සම්බන්ධයෙන් ලංකාවේ තිබෙන කිසිම සංවිධානයක ඒ වන තෙක් කටයුතු කර තිබුණේ නැහැ. ඒ වගේම මෙරට සමාජය සමග මම මුහුවෙලාත් නැහැ. එවැනි වටපිටාවක් තුළ මෙරට මිනිස්සු මා ගැන සැකෙන් බැලීම අසාධාරණයක් නැහැ. ඇත්තටම ඔවුන් හිතන්නැති මේ කාගේ හරි සල්ලි කියලා. මා සම්බන්ධයෙන් කෙරුණු චෝදනා වලට මුල එතැනයි. නමුත් ඒ සියලූ චෝදනාවලින් මා මේ වන විට නිදොස්කොට නිදහස්ව තිබෙනවා.

ප්රශ්නය - එසේ නම් නිකරුණේ චෝදනා කළ අයට එරෙහිව ඔබ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පුළුවන් නොවේද?

පිළිතුර - ඒක වැදගත් ප්‍රශ්නයක්. මම ව්‍යාපාරිකයකු මිස දේශපාලනඥයෙක් නොවෙයි. ඇත්තටම මම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන ගියා මිස එක එක අය කළ චෝදනා පසුපස දිව ගියේ නැහැ. මම ඔවුන් පසුපස ගියානම් ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් බිහි නොවනවා වගේම අද මට ඔබව මෙතැනදී මුණ ගැහෙන්නෙත් නෑ. ඇත්තටම මම ඔවුන් පසුපස නොගිය එක හොඳයි කියලා දැන් ඔබට හිතෙන්නේ නැද්ද..? ඔවුන් නිසා මට සිදු වූ පාඩුව මෙතෙකැයි කියා කියන්න බෑ. නමුත් චෝදනා කළ අය පසුපස යන්න හෝ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න මට කිසි අවශ්‍යතාවක් තිබුණේ නැහැ.

ප්රශ්නය - ඔබට හිටපු ජනාධිපති. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසෙන්නේ කෙසේද..?

පිළිතුර - එතුමා මට හඳුනා ගන්න හැකිවන්නේ දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිතුමා මාර්ගයෙන් සහ නලින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා මාර්ගයෙන්. යුද්ධය පවතින කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට කිව්වේ නන්දන යුද්ධය ඉක්මනින් ඉවර වෙනවා. ඔයා ලංකාවට ඇවිත් ආයෝජනය කරන්න කියලා. ඉතින් මම ඩුබායි වල සිට මැදවච්චියට දුරකථනයෙන් කතා කර යුද්ධයේ තොරතුරු පිළිබඳ විමසද්දී අනෙක් පසෙන් හැමතිස්සෙම කිව්වේ ඔයා මෙහෙ ඇවිත් සල්ලි නැති කරගන්න එපා කියලා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ඇති ගෞරවය නිසා එතුමාගේ ඉල්ලීම මට අහක දාන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ.

ප්රශ්නය - ඒ අනුව ඔබ ලංකා වානේ සංස්ථාව මිලදී ගන්නවා. ඒ පිටුපස කූට ගනුදෙනු තිබූ බව කියවුණා. විශේෂයෙන් රජයේ ඉඩම් ඔබට වාසි සහගත ලෙස ලබාදුන් බවට චෝදනා එල්ල වී තිබුණා.

පිළිතුර - එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත තමයි මා මෙහි ආයෝජනය කරන්නේ. මම වානේ සංස්ථාව ගත්තේ 2009 දී. ඒ කොරියන් සමාගමකින්. ඒ වනවිට එහි අයිතිය තිබුණේ ඔවුන්ට මිස මෙරට රජයට නොවෙයි. මෙය මිලට ගන්න ඉන්දියාවේ අය බලන් සිටියා. ඒ වගේම සමහරු මෙය අරන් ඉඩම කොටස්වලට කට්ටි කර විකුණන්න බලන් සිටියා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා මට කිව්වේ නන්දන ඔයා මේක අරන් කරන්න කියලා. මේ සඳහා මම ඇමරිකානු ඩොලර් මිලියන අසූවක ආයෝජනයක් කළා.

ප්රශ්නය - ඔබ ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු වෙනවා. එය මිලදී ගත් මුදල් ඔබගේ නොවන බවට චෝදනා එල්ල වුණා.

පිළිතුර - එය වෙන කාගෙවත් මුදල් නෙමෙයි. ඒවා මා ඉතා සාධාරණව ඉපැයූ මුදල්. ඒ ඉඩම මම ගත්තේ 2007 වසරේදී. එය හදපු හෝටලයක් නෙමෙයි. ඒ භූමිය ඩොලර් මිලියන 35 කට ඩුබායි මධ්‍යම රජයෙන් සින්නක්කරව ලබාගෙන තමයි මැරියට් හෝටලය ගොඩනැඟුවේ. ඉදිකිරීම් පටන් ගත්තේ 2010 වසරේදී. එහි වැඩ අවසන් කරන්න පුළුවන් වුණේ 2013 වසරේදී. මෙය ඩොලර් මිලියන 225 ක ආයෝජනයක්.

දුප්පත් පවුලකින් එන කෙනෙකුට. රජයේ නිලධාරියකුට ව්‍යාපාරිකයකු වෙන්න බැහැ කියලා අපේ රටේ මිනිස්සු ළඟ මතයක් තිබෙනවා. මෙය ඔළුවේ තිබෙන මානසික ප්‍රශ්නයක්. එය අයින් කර ගන්න ඕනෑ.

මැරියට් වගේ හෝටලයක් මහින්ද මහත්මයාගේ හෝ ඉරානයේ හෝ වෙන කාගේ හෝ සල්ලි දාලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ අය ආයෝජකයකු තෝරා ගන්නකොට අපේ අම්ම තාත්තගෙ සිට සියලූ විස්තර හොයල බලනවා. අපගේ සියලූ ගිණුම් හොයනවා. නීත්‍යනුකූල නොවන පරිසරයක සිටි කෙනකුට එයට ඇතුළු වෙන්න බැහැ. එය ඇමරිකානු සමාගමක්. ඒ අය අපගේ සියලූ පුද්ගලික තොරතුරු වගේම සියලූ ගනුදෙනු සොයා බලනවා අනෙක මම මගේ අදාළ පවුලේ යටතේ සියලූ ව්‍යාපාරවල ගිණුම් තොරතුරු FCID යට වසර 15 ක ආපස්සට දී තිබෙනවා. සාමාන්‍යයෙන් එවැනි තොරතුරු දෙන්නේ අවසන් වසර 5 තුළ පමණයි. නමුත් අපි වසර 15 ක දී තිබෙනවා.

[QUOTE="bravehearts, post: 26103691, member: 513648"] [HEADING=1]මැදවච්චියේ ඉපිද ලෝකෙටම ටයර් හදන කවුද මේ ලොකුවිතාන...? ඩුබායි මැරියට් කාගේද...? රාජපක්ෂලාගේ සල්ලි සුදු කළාද...?[/HEADING] [IMG alt="tyre"]https://divaina.com/sunday/images/paper/2021/01/17/SD/tyre.jpg[/IMG] [B] [/B] සාකච්ඡා කළේ සිරිමන්ත රත්නසේකර ඡායාරූප - නිමල් දයාරත්න දෙසවනට හුරු පුරුදු වූ නමක් වන බැවින් ඔහු මැදවච්චියේ ජන්මය ලැබූවෙකු යැයි මා කියමි. නමුත් එය වඩා නිවැරදිව කියන්නේ නම් වර්ෂ 1969 දී ඔහු ජන්මය ලැබුවේ මැදවච්චියටත් කිලෝමීටර් තිහක් පමණ නැගෙනහිරට පිහිටි කොබටියගොල්ලෑව ග්‍රාමයේ ය. එය කැබිතිගොල්ලෑවට කිට්ටුය. අතිදුෂ්කර පරිසරයක දරිද්‍රතාවයේ අමිහිරි රස විඳිමින් තම ජීවන චාරිකාව ආරම්භ කළ හෙතෙම මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 800 කට වඩා වැඩි අති දැවැන්ත චංචල හා නිශ්චල දේපළ හිමිකරුවෙකි. වාසනාව ගැන පමණක් නොසිතා කැපවීමෙන් සහ ධෛර්යයෙන් පසුවිපරමේ යෙදෙමින් සිය ඉලක්ක කරා ගොස් මෙරට පමණක් නොව දේශ දේශාන්තරයන්හි ශ්‍රී ලාංකීය නාමය රැන්දූ ඔහු ප්‍රකට සාර්ථක ව්‍යාපාරිකයෙකි. ඔහු... නමින් නන්දන ලොකුවිතාන ය. පාඨක ඔබට සිහි ගැන්වෙන පරිදි වඩා පැහැදිලිව කියන්නේ නම් ඔහු. රාජපක්ෂ පවුලේ කළු සල්ලි සුදු කළේ යැයි පසුගිය යහපාලන රජය සමයේ දී චෝදනා ලැබූ ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු ය. සාජා හි ඔනෙක්ස් ඉන්ඩස්ටි්රස්. ඔනෙක්ස් බිල්ඩින් සිස්ටම්. ඔනෙක්ස් ඉලෙක්ට්‍රොනික් සර්විස්. නිලෝනා හෝල්ඩින්ග්ස් . ශ්‍රී ලංකා ඔරුවල වානේ සංස්ථාව. සිලෝන් හෙවි ඉන්ඩස්ටි්රස් සහ කන්ට්‍රක්ෂන් ඇතුළු සමාගම් රැසක හිමිකරු ද වන්නේ ඔහුය. මා. ඔහු මුණ ගැහෙන්නේ පසුගිය දා (14දා) ඔහුගේ සමාගම් ජාලයට අලූතෙන් එකතු වූ අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන ‘‘ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් ” කර්මාන්තශාලාවේ වගතුග සහ එමගින් ජාතික ආර්ථිකයට වන ධනාත්මක බලපෑම පිළිබඳව සාකච්ඡාවකටය. එය හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයේ අක්කර එකසිය 155 ක් පුරා පැතිර තිබෙන තනි අයිතියක් යටතේ ඇති කර්මාන්ත පුරයකි. එය මෝටර් සයිකල් ටයරයේ සිට විශාල කාර්මික ටයර් නිෂ්පාදනය දක්වා දිවෙන මහා පරිමාණ නිෂ්පාදනය ක්‍රියාවලියක් සිදු කෙරෙන තැනකි. එහි පළමු අදියරේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100 කි. දෙවන අදියර එළැඹෙන නොවැම්බරයේදී ආරම්භ වීමට නියමිත අතර එහි ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 150 කි. යුරෝපීය වෙළෙඳපොළ මූලික ලෙස ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන මෙම නිෂ්පාදන ක්රියාවලියෙහි සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් තරම් සුවිසල් ය. මා. නන්දන ලොකුවිතාන මහතා මුණ ගැසෙන්නේ මෙකී කර්මාන්තශාලාව පිළිබඳ විමසීමට බව මුලදී ද සටහන් කළෙමු. එනමුදු මාගේ සිත කියනුයේ යහපාලන රජය සමයේ දී චෝදනාවන් රැසකට ලක්වූවකු බැවින්ද මැදවච්චියේ ඉපද මේ වන විට සුවිසල් ධනස්කන්ධයකට උරුමකම් කියන්නෙක් වූ බැවින්ද පාඨක ඔබට මෙන්ම මා හටද ඇති සැක සංකා දුරුකර ගැනීම පිණිස ඒ පිළිබඳ පළමුව විමසීම වඩා උචිත යැයි කියාය. ‘‘නන්දන මහත්මයා. ‘‘ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන්” කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම පිළිබඳව ‘‘දිවයින ඉරිදා සංග්‍රහයේ” සුබපැතුම් මා ඔබට පිරිනමනවා. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට මත්තෙන්. විවිධ චෝදනාවන් රැසකට ලක්වූ ව්‍යාපාරිකයකු වූ ඔබගෙන් පැහැදිලි කරගැනීමට යම් යම් කාරණා කිහිපයක්ම තිබෙනවා” යැයි මා කළ සඳහනට ඔහුගේ ක්ෂණික පිළිතුර වූයේ ‘‘ ඕනෑම ප්‍රශ්නයක් අහන්න මම ඒකට කැමතියි ” යන්නය. ඒ අනුව. ‘‘වත්මන් අගමැති සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඔහුගේ පවුලේ කළු සල්ලි සුදු කළ කුප්‍රකට මෙරට ඩුබායි ව්‍යාපාරිකයා ඔබ නොවේ ද” මාගේ පළමු පැනය විය. [IMG alt="tyre2"]https://divaina.com/sunday/images/paper/2021/01/17/SD/tyre2.jpg[/IMG]‘‘ඔබගේ ඔය ප්‍රශ්නයට මේ කෙටි සාකච්ඡාව තුළ උත්තරයක් දීම නිසි පිළිතුරකට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එසේ වුවහොත් ඔබට සහ විශේෂයෙන් පාඨකයන්ට සිදුවන්නේ අසාධාරණයක්. නමුත් ඔබගේ ප්‍රශ්නයට පිළිතුරක් නොදී ඉන්න හැකියාවක් මට නැහැ. එම නිසා මට කියන්න තිබෙන්නේ. ඔබ ප්‍රශ්නයක් වශයෙන් විමසන ලද කාරණය චෝදනාවක් ලෙස පසුගිය වසර පහ තුළ යහපාලන ආණ්ඩුවත් මට එලෙසම කළා. මම එෆ්. සී. අයි. ඞී එකට පමණක් අවස්ථා 28 ක දී ගොස් පිළිතුරු ලබා දී තිබෙනවා. එහිදී ප්‍රශ්න 25 ක උප මාතෘකා සියයකට අධික සංඛ්‍යාවක් යටතේ මා පිළිතුරු ලබාදී තිබෙනවා. ඒ වගේම ජනාධිපති කොමිසමට. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට අවස්ථා ගණනාවකදී ගොස් තිබෙනවා. අවසානෙ එකී සියලූ චෝදනාවලින් මම නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඇත්තටම ඒ කරපු චෝදනා. චෝදනාවන් පමණක්ම වුණා. මෙතන ඇත්ත සිදුවීම කුමක්ද යන්න චෝදනා කළ අයත් අවසානයේ දැනගත්තා. මේ චෝදනා කළ අයට මම දෝෂාරෝපණය කරන්න යන්නෙ නෑ. මොකද මගේ අතිනුත් එතැන අඩුපාඩුවක් වෙලා තිබෙනවා. මොකද. ඩුබායිවල තරු පහේ හෝටලයක් තියෙන මම හෝටල් කර්මාන්තය සම්බන්ධයෙන් ලංකාවේ තිබෙන කිසිම සංවිධානයක ඒ වන තෙක් කටයුතු කර තිබුණේ නැහැ. ඒ වගේම මෙරට සමාජය සමග මම මුහුවෙලාත් නැහැ. එවැනි වටපිටාවක් තුළ මෙරට මිනිස්සු මා ගැන සැකෙන් බැලීම අසාධාරණයක් නැහැ. ඇත්තටම ඔවුන් හිතන්නැති මේ කාගේ හරි සල්ලි කියලා. මා සම්බන්ධයෙන් කෙරුණු චෝදනා වලට මුල එතැනයි. නමුත් ඒ සියලූ චෝදනාවලින් මා මේ වන විට නිදොස්කොට නිදහස්ව තිබෙනවා. ප්රශ්නය - එසේ නම් නිකරුණේ චෝදනා කළ අයට එරෙහිව ඔබ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පුළුවන් නොවේද? පිළිතුර - ඒක වැදගත් ප්‍රශ්නයක්. මම ව්‍යාපාරිකයකු මිස දේශපාලනඥයෙක් නොවෙයි. ඇත්තටම මම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන ගියා මිස එක එක අය කළ චෝදනා පසුපස දිව ගියේ නැහැ. මම ඔවුන් පසුපස ගියානම් ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් බිහි නොවනවා වගේම අද මට ඔබව මෙතැනදී මුණ ගැහෙන්නෙත් නෑ. ඇත්තටම මම ඔවුන් පසුපස නොගිය එක හොඳයි කියලා දැන් ඔබට හිතෙන්නේ නැද්ද..? ඔවුන් නිසා මට සිදු වූ පාඩුව මෙතෙකැයි කියා කියන්න බෑ. නමුත් චෝදනා කළ අය පසුපස යන්න හෝ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න මට කිසි අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ප්රශ්නය - ඔබට හිටපු ජනාධිපති. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසෙන්නේ කෙසේද..? පිළිතුර - එතුමා මට හඳුනා ගන්න හැකිවන්නේ දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිතුමා මාර්ගයෙන් සහ නලින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා මාර්ගයෙන්. යුද්ධය පවතින කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට කිව්වේ නන්දන යුද්ධය ඉක්මනින් ඉවර වෙනවා. ඔයා ලංකාවට ඇවිත් ආයෝජනය කරන්න කියලා. ඉතින් මම ඩුබායි වල සිට මැදවච්චියට දුරකථනයෙන් කතා කර යුද්ධයේ තොරතුරු පිළිබඳ විමසද්දී අනෙක් පසෙන් හැමතිස්සෙම කිව්වේ ඔයා මෙහෙ ඇවිත් සල්ලි නැති කරගන්න එපා කියලා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ඇති ගෞරවය නිසා එතුමාගේ ඉල්ලීම මට අහක දාන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. ප්රශ්නය - ඒ අනුව ඔබ ලංකා වානේ සංස්ථාව මිලදී ගන්නවා. ඒ පිටුපස කූට ගනුදෙනු තිබූ බව කියවුණා. විශේෂයෙන් රජයේ ඉඩම් ඔබට වාසි සහගත ලෙස ලබාදුන් බවට චෝදනා එල්ල වී තිබුණා. පිළිතුර - එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත තමයි මා මෙහි ආයෝජනය කරන්නේ. මම වානේ සංස්ථාව ගත්තේ 2009 දී. ඒ කොරියන් සමාගමකින්. ඒ වනවිට එහි අයිතිය තිබුණේ ඔවුන්ට මිස මෙරට රජයට නොවෙයි. මෙය මිලට ගන්න ඉන්දියාවේ අය බලන් සිටියා. ඒ වගේම සමහරු මෙය අරන් ඉඩම කොටස්වලට කට්ටි කර විකුණන්න බලන් සිටියා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා මට කිව්වේ නන්දන ඔයා මේක අරන් කරන්න කියලා. මේ සඳහා මම ඇමරිකානු ඩොලර් මිලියන අසූවක ආයෝජනයක් කළා. ප්රශ්නය - ඔබ ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු වෙනවා. එය මිලදී ගත් මුදල් ඔබගේ නොවන බවට චෝදනා එල්ල වුණා. පිළිතුර - එය වෙන කාගෙවත් මුදල් නෙමෙයි. ඒවා මා ඉතා සාධාරණව ඉපැයූ මුදල්. ඒ ඉඩම මම ගත්තේ 2007 වසරේදී. එය හදපු හෝටලයක් නෙමෙයි. ඒ භූමිය ඩොලර් මිලියන 35 කට ඩුබායි මධ්‍යම රජයෙන් සින්නක්කරව ලබාගෙන තමයි මැරියට් හෝටලය ගොඩනැඟුවේ. ඉදිකිරීම් පටන් ගත්තේ 2010 වසරේදී. එහි වැඩ අවසන් කරන්න පුළුවන් වුණේ 2013 වසරේදී. මෙය ඩොලර් මිලියන 225 ක ආයෝජනයක්. දුප්පත් පවුලකින් එන කෙනෙකුට. රජයේ නිලධාරියකුට ව්‍යාපාරිකයකු වෙන්න බැහැ කියලා අපේ රටේ මිනිස්සු ළඟ මතයක් තිබෙනවා. මෙය ඔළුවේ තිබෙන මානසික ප්‍රශ්නයක්. එය අයින් කර ගන්න ඕනෑ. [IMG alt="tyre3"]https://divaina.com/sunday/images/paper/2021/01/17/SD/tyre3.jpg[/IMG]මැරියට් වගේ හෝටලයක් මහින්ද මහත්මයාගේ හෝ ඉරානයේ හෝ වෙන කාගේ හෝ සල්ලි දාලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ අය ආයෝජකයකු තෝරා ගන්නකොට අපේ අම්ම තාත්තගෙ සිට සියලූ විස්තර හොයල බලනවා. අපගේ සියලූ ගිණුම් හොයනවා. නීත්‍යනුකූල නොවන පරිසරයක සිටි කෙනකුට එයට ඇතුළු වෙන්න බැහැ. එය ඇමරිකානු සමාගමක්. ඒ අය අපගේ සියලූ පුද්ගලික තොරතුරු වගේම සියලූ ගනුදෙනු සොයා බලනවා අනෙක මම මගේ අදාළ පවුලේ යටතේ සියලූ ව්‍යාපාරවල ගිණුම් තොරතුරු FCID යට වසර 15 ක ආපස්සට දී තිබෙනවා. සාමාන්‍යයෙන් එවැනි තොරතුරු දෙන්නේ අවසන් වසර 5 තුළ පමණයි. නමුත් අපි වසර 15 ක දී තිබෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom