Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
~~~~පුනරාගමනය (විද්‍යා ප්‍රබන්ධ)~~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~~~පුනරාගමනය (විද්‍යා ප්‍රබන්ධ)~~~~

පුනරාගමනය 1කොටස

මහාචාර්ය්ය දහම් විඡේවර්ධන සිය අසුනින් නැඟී සිටියේ, බොහෝ වේලාවක් පරිගණකය දෙස බලා සිටීමෙන් වෙහෙසට පත් සිය දැසට විවේකයක් දෙනු සඳහා ය. හෙතෙම සිය කාර්යාල කාමරයේ වූ ජනෙල් පෙළ වෙත ගොස් ඉන් පිටත පෙනෙන ලොව දෙස නෙත් යොමු කළේ ය. එසේ කාර්යාලයේ ජනේලයෙන් පිටත බලන සැම විට ම පාහේ සිදු වන අයුරින් ඔහු වෙතින් අද ද සුසුමක් පිට විය.

අද දිනය ක්‍රි.ව. 2040 අප්‍රේල් 27 වැනි දා ය. මීට දශක දෙකකට පමණ පෙර මිනිසා අනාගතය පිළිබඳ ඉතා අප්‍රසන්න සිහින දුටුවේ ය. ජීවයට අහිතකර වාතයෙන් ආරක්ෂා වීමට ශ්වසනාධාරක වෙස්මුහුණු පැළඳ උෂ්ණාධික කොන්ක්‍රීට් වනාන්තරයක විවිධාකාරයේ යන්ත්‍ර-සූත්‍ර අතර ජීවත් වීම සිය ඉරණම වෙතැ'යි මිනිසා බිය විය. තුන්වැනි ලෝක යුද්ධයෙන් පසු ලොව බොහෝ රටවල් එම ඉරණම අත්පත් කොටගෙන කාලයක් දුක් විඳ, අවසානයේ ආර්ථික ව අස්ථාවර ව, සාගත හා වසංගත නිසා විනාශයට පත් විය. එහෙත්, දේශප්‍රේමිත්වයෙන් එක් වූ බුද්ධිමත් මිනිසුන් කිහිප දෙනකු ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස අද ශ්‍රී ලංකාව එම අවාසනාවන්ත ඉරණමෙන් මිදී ඇත.

අද ශ්‍රී ලංකාවේ පවතින මේ සුන්දර පරිසරයත්, ස්ථාවර ආර්ථිකයත්, සාමූහික ජන සමාජයත් දැන් සාමාන්‍ය දේ බවට පත් ව ඇත. මේ තත්ත්වයට රට ගෙන ඒමට කළ කැපවීම් බොහෝ දෙනකුට දැන් අමතක ව ඇතත්, එම මහා සමාජ විප්ලවයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ මහාචාර්ය්ය දහම්ට එම තීරණාත්මක කාල පරිච්ඡේදය අමතක කළ නො හැකි ය. සිය කාර්යාලයේ ජනේලයෙන් ඉවත බලන සැම මොහොතක ම සිය කාර්යභාරය සාර්ථක ව ඉටු වී ඇතැ'යි යන සැනසිලිදායක සිතිවිල්ල නිසා ඔහු ගේ සිත සැහැල්ලු වේ.

තව දින දෙකකින් ශ්‍රී ලංකාවේ හතරවැනි පාලක මණ්ඩලයේ නායකතුමා ගේ පදවි ප්රාප්තියේ පස්වැනි සංවත්සර උත්සවය යෙදී ඇත. ඒ වෙනුවෙන් පැවැත්වෙන්නේ, ඉතා චාම් රාජ්‍ය උත්සවයකි. එනමුත්, නායකතුමා ගේ ඉල්ලීම පරිදි සැම විද්වත් සභාවක් විසින් ම, රටේ පුරවැසියන් ගේ යහපැවැත්ම උදෙසා වූ නව නිර්මාණයක්, යෝජනාවක් හෝ සංකල්පයක් එදින ඉදිරිපත් කළ යුතු ය.

මීට වසර 15කට පෙර ඇති කළ එම ''විද්වත් සභා'' සංකල්පය පාඨකයාට නුහුරු දෙයක් විය හැකි ය. එහෙත්, මේ මහා විප්ලවයේ, මේ සාර්ථකත්වයේ, මේ සැනසිලිදායක වටපිටාවේ, කොඳුනාරටිය එයයි. විධායක ජනාධිපති ධූරය තමා විසින් ම අහෝසි කරමින් නව පාලක සභා ක්‍රමය හඳුන්වා දුන්, පුනරුද යුගයේ ප්‍රථම නායකතුමා ගේත්, මහාචාර්ය්ය දහම් විඡේවර්ධන ඇතුළු උගත් දේශප්‍රේමීන් පිරිසක ගේත් සංකල්පයක් අනුව ප්‍රධාන විද්වත් සභා 7ක් ඇති කරන ලදී. ඒ කෘෂිකර්මය, බලශක්තිය, කර්මාන්ත හා තාක්ෂණය, ආහාර හා සෞඛ්‍යය, ආර්ථිකය, අධ්‍යාපනය හා සංස්කෘතිය, ආරක්ෂාව හා යටිතල පහසුකම් යන අංශ 7 සඳහා ය. රටේ වර්තමානය හෝ අනාගතය හෝ වෙනුවෙන් ගනු ලබන සැම තීරණයක් ම ගනු ලැබුවේ, ඒ ඒ අංශයට අදාළ විද්වත් සභාව හෝ විද්වත් සභා කිහිපයක එකතුවක් විසිනි. පාලක මණ්ඩලයේ හා ඊට අනුබද්ධ ප්‍රාදේශීය දේශපාලන ආයතනවල කාර්යභාරය වූයේ, ජනතාව ගේ අදහස් හා ගැටලු විද්වත් සභා වෙත ගෙන යැම හා විද්වත් සභාව විසින් යෝජනා කෙරෙන ව්‍යාපෘතීන් ඒ අකාරයට ම ක්‍රිsයාත්මක කිරීම ය.

බලශක්ති සභාවේ ප්‍රධානියා වූ මහාචාර්ය්ය දහම්, ලංකාවේ සිටින උගතුන් අතරින් එම තනතුර සඳහා උචිත ම පුද්ගලයා ය. ඒ එතුමා ගේ බුද්ධිය, හසල දැනුම හා ක්ෂේත්රයේ අත්දැකීම නිසා පමණක් නො ව, දේශප්‍රේමීත්වය හා නො පසුබස්නා උත්සාහය ද නිසා ය. වර්තමානයේ ජාතික වීරවරයකු ලෙස බුහුමන් ලැබ සිටින එතුමා, එම ගෞරව නාමය සඳහා නිසැකව ම සුදුසු ය. එතුමා දැනට වසර 20ක් වන පුනරුද යුගයේ ප්‍රධාන නියමුවෙකි. මුළු ලොව ම බලශක්ති අර්බුදයේ පතුලට කිමිදෙන තුරු ම, ප්‍රබල රටවල් ඉතිරි වූ ස්වාභාවික ශක්ති ප්‍රභව වෙනුවෙන් ඇන කොටා ගනිත් දී, ලොව සියලු ම න්‍යෂ්ටික බලාගාර තෙවැනි ලෝක යුද්ධයෙන් විනාශ ව යද්දී මේ පඬිවරයා ගේ දූරදර්ශී ඥනය නිසා ශ්‍රී ලංකාවට එම විපතින් මිදීමට වාසනාව ලැබිණ. මීට වසර 20කට පෙර එතුමා ගෙන ගිය වැඩපිළිවෙළ උපහාසයට ලක් කළ, එයට එකල සහාය පළ නො කළ අඥනයන් පවා අද එතුමා සිහි කරන්නේ කෘතඥතා පූර්වකව ය.

තව දින දෙකකින් එළඹෙන සංවත්සර දින උළෙලේ දී, බලශක්ති සභාව වෙනුවෙන් තමාට ජාතිය හමුවේ විනාඩි 15ක පමණ කතාවක් පවත්වා, සිය නව සංකල්පය හෝ නිර්මාණය ඉදිරිපත් කිරීම ඔහුට භාර ව ඇත. එදිනට ඉදිරිපත් කරන නව නිර්මාණය හෝ යෝජනාව කුමක්දැ'යි දහම් තව ම තීරණයක් ගෙන නැත. මේ වන විටත් ඔහු යටතේ කටයුතු කරන ව්‍යාපෘති කණ්ඩායම් 7ක් නව නිර්මාණ 7ක් පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටියි. බලශක්ති ව්‍යාපෘතියේ සාර්ථකත්වය, ප්‍රායෝගිකත්වය, කාර්යක්ෂමතාව හා ආකර්ෂණීයත්වය මත ඉන් වඩාත් සුදුසු ව්‍යාපෘතිය තෝරා ගත යුතු ව ඇත්තේ ද, දහම් ප්රමුඛ බලශක්ති සභාවේ විධායක මණ්ඩලය ය. නව නිර්මාණයක් කිරීමට වඩා, ඊට පෙර කිරීමට සිදු වන දේශනය අසීරු යෑ'යි දහම්ට සිතේ. මක්නිසා ද යත්, එය ද භාරදූර වගකීමක් වන බැවිනි. තමා ගේ සැම වදනක් ම පොදු ජන සමාජය වෙත යම් බලපෑමක් එල්ල කරන බව ඔහු දනියි. ඒ ජනතා සිත් තුළ මේ අසිරිමත් පඬිවරයා කෙරෙහි අතිමහත් ගෞරවයක් හා විශ්වාසයක් ඇති නිsසා ය. ජනතා සිත්වල විශ්වාසය, උද්යෝගය, දේශප්‍රේමීත්වය හා අවබෝධය ඇති වන අයුරින් සිය දේශනය පැවැත්වීම විශාල අභියෝගයකි.

ජනේලයෙන් පෙනෙන, අවට පරිසරය සිසාරා විහිද ඇති හරිතවන් තුරුලතාදියේ සුන්දරත්වය විඳිමින්, ඔහු සිතට විවේකයක් ලබා දුන්නේ දේශනය සඳහා හොඳ අදහස් කිහිපයක් ගොනු කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. ක්ෂිතිජය තෙක් සිසාරා විහිද ඇති හරිත පැහැය දකින දහම් ගේ සිත අතීතය ආවර්ජනා කරන්නට විය.

එවක පැවැති රජය විසින් පෙට්‍රල් ලීටරය රු. 2000/-ක් ලෙස මිල ඉහළ දැමූ දිනය ඔහුට අද මෙන් මතක ය. ඒ තවත් රු. තුන් සියයකින් ඉන්ධන මිල වැඩි වී ජන ජීවිත පීඩාවට පත් වූ නිසා ම නො ව, සිය ජීවිතයේ ප්‍රධාන හැරුම් ලCෂ්‍යය සටහන් වන්නේ, එදා නිසා ය. ඒ වන විට ඔහු මොරටුව විශ්වවිද්‍යාලයයේ තෙවැනි වසරේ ඉංජිනේරු සිසුවෙකි. ඔහු සිය විෂය පථය ලෙස තෝරාගෙන තිබුණේ, පරිගණක ඉංජිනේරු විද්‍යාව වුව ද, මේ සුවිශේෂ දිනයේ සිsට ඔහු ගේ සිත වෙහෙසුණේ, අනාගතයේ උදා වන ලෝක බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමට ය. එදා සිට ඔහු දිවා රාත්‍රී නො බලා එම විෂය පථය අධ්‍යයනය කළේ ය. අසහාය බුද්ධිමතකු වූ දහම් විඡේවර්ධන නම් ඉංජිනේරු සිසුවාට බොහෝ බහුජාතික සමාගම් හා ප්‍රබල රටවල් සාමාන්‍ය ජනතාව ගෙන් වසන් කිරීමට උත්සාහ කළ, ලෝක බලශක්ති අර්බුදයේ වර්තමාන තත්ත්වය හා අනාගතය අතැඹුලක් ලෙස අවබෝධ විය.

ඒ වන විට ඇමෙරිකාව ප්රමුඛ අධිරාජ්‍යවාදී රටවල් කිහිපයක් ලොව පුරා බොහොමයක් රාජ්‍ය සිය කුමන්ත්රණකාරී උපක්‍රම යොදා අරාජික කොට වක්‍ර ව සිය අණසකට යටත් කොටගෙන තිබිණ. ඔවුහු එම රටවල සම්පත් සූක්ෂ්ම ලෙස සිය රටවල් වෙත අද්දමින් සිටිය හ. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ හමුවේ අගතියට පත් රාජ්‍යයන් තුළ ඇති ව තිබූ, දිනපතා බෝම්බ පිපිරෙමින් උනුන් ඇන කොටා ගන්නා ඉතා ඛේදනීය තත්ත්වය දැක දැකත්, තව තවත් රටවල් බල ලෝභය හා ධන ලෝභය පදනම් කොටගෙන හටගත් අභ්‍යන්තර දේශපාලන පාවාදීම් නිසා ඇමෙරිකානු කඳවුරේ උගුල්වලට හසු විය. සිදු වෙමින් පවතින මේ කුරිරු හා අමානුෂික ව්‍යාපාරයට ද මූල හේතු ව ඛනිජ ඉන්ධනවල ශීඝ්‍ර ක්ෂය වීම බව දහම් ගේ විචක්ෂණ නුවණට අවබෝධ විය. ලොව ඇති සම්පත්වලට වඩා, නාමික ව නිකුත් කර ඇති ඇමෙරිකන් ඩොලර් ප්‍රමාණය ඉහළ යැම සිදු වන්නේ ද ඛනිජ ඉන්ධන අත්පත් කරගැනීම වෙනුවෙන් අධිරාජ්‍යවාදී රටවල් ගෙන යන අදූරදර්ශී හා ආත්මාර්ථකාමී ක්‍රියා පිළිවෙත නිසා ය. මේ නිසා ලොව පුරා ආර්ථික අර්බුදයක් ඇති වනු වැළැක්විය නො හැකි බව දහම්ට පැහැදිලි විය. ඔහු ගේ විශ්ලේෂණයන්ට හා

පෙරැයීම්වලට අනුව, ඇමෙරිකන් කඳවුර විසින් පීඩාවට පත් කරන ලද මුස්ලිම් රාජ්‍ය හා වාමාංශික ප්‍රබල රාජ්‍ය විසින් ඇමෙරිකාව ප්රමුඛ ධනවාදී රටවල්වලට විරුද්ධ ව ඉන් පස් වසරක් ඇතුළත තෙවැනි ලෝක යුද්ධය අරඹනු ඇත. එය පළමු හා දෙවැනි ලෝක යුද්ධයන්ට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් ස්වරූපයක් ගනු ඇති බවත්, එය තොරතුරු තාක්ෂණය ඔස්සේ ආරම්භ වී න්‍යෂ්ටික අවි භාවිත කොට විශාල විනාශයක් සිදු වීමෙන් අවසන් වන බවත් දහම් ව්‍යුත්පන්න කළේ ය.

දහම් මේ ආදී බොහෝ හෙළිදරව් කිරීම් හා අනාවැකි ඇතුළත් කොට ඉතා සරල බසින් පිටු හැටක සංක්ෂිප්ත වාර්තාවක් ඔහු සකස් කළේ ය. ඔහු එහි පිටපත් ඒ වන විට රටේ සිටි දේශප්‍රේමී උගතුන්, මාධ්‍යවේදීන් හා දේශපාලනඥයන් කිහිප දෙනකුටත්, ජනාධිපතිවරයාටත් තැපැල් කළේ ය. දහම් එතැනින් නැවතුණේ නැත. ඔහු ඊට විසඳුමක් සොයමින් සිය කාලය හා ශ්‍රමය වැය කරන්නට විය. මේ වන විට හෙතෙම සිය විශ්වවිද්‍යාල දිවිය අවසන් කොට පරිගණක ඉංජිනේරුවකු ලෙස සිය ප්‍රථම රැකියාව ආරම්භ කර තිබිණ. දහම් බලශක්ති අර්බුදය කේන්ද්‍ර කොටගෙන ඇති වන ආර්ථික, සමාජීය හා දේශපාලනික ගැටලුවලට ඒකාබද්ධ විසඳුමක් සහිත සිය දෙවැනි වාර්තාව පළ කරන්නේ මේ කාලයේ ය. එහි වූ සුවිශේෂී ම ප්‍රකාශය වන්නේ, තව වසර 25ක කාලයක් ගත වන තුරු න්‍යෂ්ටික බලශක්තිය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය නො කළ යුතු ය යන්න ය.

දහම් විඡේවර්ධන ගේ වාර්තා දෙක කියවා බැලූ බොහෝ උගත්තු ඒවා තවත් එක් අපරිණත විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ගේ පණ්ඩිත ක්‍රියාවක් ලෙස නො සලකා හැරිය හ. බොහෝ මාධ්‍යවේදීහු එය අවබෝධ කොටගත නො හැකි ව ඉවත හෙළු හ. බොහෝ දේශපාලනඥයෝ ඒවායේ තිබූ ප්‍රකාශයන් සිය වාසිය සඳහා දේශපාලන වේදිකාවන්හි දී යොදා ගත් හ. එහෙත්, එම වාර්තාවල වැදගත්කම අවබෝධ කරගත් බුද්ධිමත්තු පිරිසක් ද සිටිය හ. එම පිරිසට අයත් විශ්වවිද්‍යාල ආචාර්ය්යවරු පිරිසක් තව තවත් තොරතුරු ලබා දීමෙන් දහම් දිරිමත් කළ හ. මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් එම වාර්තාවලට සිය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා දී තම කාර්ය්යභාරය ඉටු කළ හ. දහම් ගේ නම ද ඔහු ගේ සංකල්ප ද, පොදු ජනතාව වෙත යම් තරමක් හෝ ගමන් කළේ ය. මේ සියල්ලට ම වඩා වැදගත් පුද්ගලයෙක් මේ වාර්තා දැක පැහැදුණේ ය. ඒ එවකට සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිවරයා ය. එතුමා මේ නාඳුනන විශ්වවිද්‍යාල සිසුවා ගේ වාර්තාව කියවූ පමණින් ඒවා පිළිගත්තේ නැත. එහෙත්, කාලය ගත වන විට දහම් ගේ අනාවැකි එකින් එක සත්‍ය වන බව දුටු ජනාධිපතිවරයා ද ක්‍රමයෙන් ඒ වාර්තා පිළිගන්නට විය.

සිය වාර්තා පළ කොට වසර දෙකක් ගත වූ පසු ව ඒ පිළිබඳ බුද්ධිමත් කතිකාවතක් ආරම්භ වන විට, දහම් ඒ ඔස්සේ තමා යෝජනා කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ද ඔහු අරඹා තිබිණි. දහම් පෞද්ගලික ආයතනයක ඉතා ඉහළ වැටුපක් සහිත සිය තනතුර අතහැර මොරටුව විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ සහාය කථිකාචාර්ය්‍යවරයකු ලෙස සේවය කිරීම අරඹා තිබිණ. දහම් ගේ දැනුම, බුද්ධිය හා ඔහු ගේ වාර්තා දැක පැහැදුණු විශ්වවිද්‍යාල ආචාර්ය්ය මණ්ඩලය විශ්වවිද්‍යාලය තුළ ඔහුට සහාය කථිකාචාර්ය්‍යවරයකුට වඩා උසස් තැනක් ලබා දුනි. ඔහු ගේ අදහස් හා යෝජනාවලට ඉඩක් එහි ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස එම වසර දෙක ඇතුළත විශ්වවිද්‍යාල සිසුන් විසින් කරනු ලැබූ සැම ව්‍යාපෘතියක් ම පාහේ ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය හා ඉන් ඇති වන අනෙකුත් ගැටලු විසඳීම සඳහා ප්‍රායෝගික තාක්ෂණික විසඳුම් විය. පෙර මෙන් ඒවා පරීක්ෂණාගාර තුළට සිර නො වී ය. දහම් වටා එක් ව සිටි දේශප්‍රේමී බුද්ධිමත් තරුණ ව්‍යාපාරිකයන් විසින් මූල්‍ය පහසුකම් සලසනු ලදුව ඒවා පොදුජන යහපත වෙනුවෙන් ප්‍රායෝගික ව ක්‍රියාත්මක විය. විශ්වවිද්‍යාලයීය ව්‍යාපෘතීන්වල යෙදෙන ශිෂ්‍යයන්ට පෙරට වඩා වගකීමෙන් ක්‍රියා කිරීමට සිදු විය. පෙර මෙන් වංචනික ලෙස ව්‍යාපෘතිය සඳහා ලකුණු ලබා ගැනීමට නො හැකි වීමෙන් කෝපයට පත් ආත්මාර්ථකාමී සිසුන් කිහිප දෙනෙක් ''තම චින්තන නිදහස උල්ලංඝනය කොට ඇතැ'යි චෝදනා කරමින් සුළු උද්ඝෝෂණයක් කළ ද, බහුතරයක් සිසුහු ඉතා කැප වීමෙන් එම කටයුතුවල නියෑළුණ හ. ඒ සිය මුතුන් මිත්තන් ගෙන් සහජයෙන් ම උරුම වූ දේශප්‍රේමීත්වය ඔවුන් ගේ ජාන තුළ සැ`ගවී හෝ තිබූ නිසා විය හැකි ය.

මින් අනතුරු ව දහම් සිය ප්‍රථම මහා පරිමාණ ව්‍යාපෘතිය ඇරඹී ය. ඒ සූර්ය්ය කෝෂ නිපදවන කම්හලක් ශ්‍රී ලංකාව තුළ ඉදි කිරීම ය. බහු ජාතික සමාගම්වල මවාපෑම්වලට මුළා වී සිටි බොහෝ දෙනකු එය අසාර්ථක වනු ඇතැ'යි කීව ද, සුමිත් බඹරැන්ද නම් තවත් දේශප්‍රේමී තරුණ ව්‍යවසායකයෙක් ඒ සඳහා නො බියව ඉදිරිපත් විය. දිනකර යෑයි නම් ලද එම සූර්ය්ය කෝෂ කම්හල අද රජයට පවරාගෙන ඇතත්, ශ්‍රී ලංකාවේ පුනරුදයේ ප්‍රථම යෝධ පියවර එය ලෙස දැන් පාසල්වල ඉගැන්වේ.

ශ්‍රී ලංකාවේ සැම ගොඩනැඟිල්ලක ම පාහේ වහළය සෙවිලි කිරීම සඳහා යොදා ගන්නා ලද්දේ, දිනකර කම්හලේ නිපදවූ උළු හා සෙවිලි තහඩු ය. ඒවා ප්‍රායෝගික භාවිතය ඉතා පහසු වන ලෙස මෙන් ම ඉතා අඩු වියදමකින් නිපදවා තිබිණ. වහළය සෙවිලි වීමට අමතර ව බලශක්ති අවශ්‍යතාව ද ඉන් සැපිරිණ. එසේ නිපදවන ලද අමතර බලශක්තිය ප්‍රධාන ජාලය ඔස්සේ වෙනත් ප්‍රදේශ කරා සන්නයනය කරන ලදී.

පුනරුදයේ මීළ`ග වැදගත් පියවර වන්නේ, ප්රමුඛ බුද්ධිමත් දේශප්‍රේමී කණ්ඩායම හා ජනාධිපතිවරයා ගේ හමු වීම ය. මීට කලකට පෙර පටන් පැවැති අධිරාජ්‍යවාදී කුමන්ත්රණවලට එරෙහි ව එකමුතු ව කටයුතු කිරීම නිසා, ශ්‍රී ලාංකිකයන් ගේ දේශප්‍රේමී අදහස් ඉස්මතු ව තිබිණ. එනිසා දීර්ඝ කාලයක් තිස්සේ පත් වූයේ, දේශ හිතෛශී ආණ්ඩු හා ජන නායකයන් ය. එය පුනරුදයට විශාල පිටිවහලක් විය. ඒ අතරින් මේ ජනාධිපතිවරයා විශේෂ විය. ඔහු දේශීය දේ අගය කළ උගත් හා බුද්ධිමත් දේශප්‍රේමියෙක් විය.

ඒ වන විට දහම් ගේ වාර්තාවේ අනාවැකි පළ කළ අයුරින් ම සියල්ල සිදු වෙමින් පැවැතිණ. ජනාධිපතිවරයා ගේත්, දහම් ගේත් අනෙක් උගත් බුදධිමතුන් ගේත් අදහස් පරිදි විවිධ ක්ෂේත්රවලට අයත් විශේෂඥ කණ්ඩායම් 7ක් පත් කරන ලද්දේ එම හමු වීමේ ප්‍රතිඵලයක් ලෙස ය. පසු ව විද්වත් සභා නමින් ව්‍යවස්ථාගත වූයේ, මේ විශේෂඥ කණ්ඩායම් 7 ම ය. පත් කළ දින සිට ම එම කණ්ඩායම්වල සාමාජිකයෝ දිවා රෑ වෙහෙස වෙමින් එක ම අරමුණක් වෙනුවෙන් වෙහෙසුණ හ. එම අරමුණ වූයේ, ''දේශීය සම්පත් හා දැනුම උපයෝගී කරගෙන ලංකාව ස්වයංපෝෂිත රටක් බවට පත් කර අනාගතයේ ලොව මුහුණ දෙන ආර්ථික හා සමාජයීය අර්බුදයට සාර්ථක ව මුහුණ දීම'' ය.

සැම කණ්ඩායමක් ම යුහුසුලු ව සිය සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටියේ ය. මේ වන විට මෙලොව මෑත ඉතිහාසයේ හටගත් දරුණු ම ඛේදවාචකය ඇරඹෙමින් තිබිණ. එනම්, තුන්වැනි ලෝක යුද්ධය ය. එහෙත්, විශේෂඥ කණ්ඩායම්වල අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස එම අසීරු කාලපරිච්ඡේදයට ඉතා සාර්ථක ව මුහුණ දීමට ලංකාවට හැකි විය. 'දහම් ගේ වාර්තා' යනුවෙන් එකල ප්‍රකට ව පැවැති යට කී වාර්තා ඒ සඳහා බොහෝ ඉවහල් විය.

උපුටා ගෑනීම

විදුසර විද්‍යා සගරාව

[QUOTE="rcccc, post: 12786228, member: 369356"] [b]~~~~පුනරාගමනය (විද්‍යා ප්‍රබන්ධ)~~~~[/b] [SIZE=5][COLOR=#003300]පුනරාගමනය[/COLOR][/SIZE][SIZE=4] 1[/SIZE][SIZE=5]කොටස[/SIZE] [SIZE=4] මහාචාර්ය්ය දහම් විඡේවර්ධන සිය අසුනින් නැඟී සිටියේ, බොහෝ වේලාවක් පරිගණකය දෙස බලා සිටීමෙන් වෙහෙසට පත් සිය දැසට විවේකයක් දෙනු සඳහා ය. හෙතෙම සිය කාර්යාල කාමරයේ වූ ජනෙල් පෙළ වෙත ගොස් ඉන් පිටත පෙනෙන ලොව දෙස නෙත් යොමු කළේ ය. එසේ කාර්යාලයේ ජනේලයෙන් පිටත බලන සැම විට ම පාහේ සිදු වන අයුරින් ඔහු වෙතින් අද ද සුසුමක් පිට විය. අද දිනය ක්‍රි.ව. 2040 අප්‍රේල් 27 වැනි දා ය. මීට දශක දෙකකට පමණ පෙර මිනිසා අනාගතය පිළිබඳ ඉතා අප්‍රසන්න සිහින දුටුවේ ය. ජීවයට අහිතකර වාතයෙන් ආරක්ෂා වීමට ශ්වසනාධාරක වෙස්මුහුණු පැළඳ උෂ්ණාධික කොන්ක්‍රීට් වනාන්තරයක විවිධාකාරයේ යන්ත්‍ර-සූත්‍ර අතර ජීවත් වීම සිය ඉරණම වෙතැ'යි මිනිසා බිය විය. තුන්වැනි ලෝක යුද්ධයෙන් පසු ලොව බොහෝ රටවල් එම ඉරණම අත්පත් කොටගෙන කාලයක් දුක් විඳ, අවසානයේ ආර්ථික ව අස්ථාවර ව, සාගත හා වසංගත නිසා විනාශයට පත් විය. එහෙත්, දේශප්‍රේමිත්වයෙන් එක් වූ බුද්ධිමත් මිනිසුන් කිහිප දෙනකු ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස අද ශ්‍රී ලංකාව එම අවාසනාවන්ත ඉරණමෙන් මිදී ඇත. අද ශ්‍රී ලංකාවේ පවතින මේ සුන්දර පරිසරයත්, ස්ථාවර ආර්ථිකයත්, සාමූහික ජන සමාජයත් දැන් සාමාන්‍ය දේ බවට පත් ව ඇත. මේ තත්ත්වයට රට ගෙන ඒමට කළ කැපවීම් බොහෝ දෙනකුට දැන් අමතක ව ඇතත්, එම මහා සමාජ විප්ලවයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ මහාචාර්ය්ය දහම්ට එම තීරණාත්මක කාල පරිච්ඡේදය අමතක කළ නො හැකි ය. සිය කාර්යාලයේ ජනේලයෙන් ඉවත බලන සැම මොහොතක ම සිය කාර්යභාරය සාර්ථක ව ඉටු වී ඇතැ'යි යන සැනසිලිදායක සිතිවිල්ල නිසා ඔහු ගේ සිත සැහැල්ලු වේ. තව දින දෙකකින් ශ්‍රී ලංකාවේ හතරවැනි පාලක මණ්ඩලයේ නායකතුමා ගේ පදවි ප්රාප්තියේ පස්වැනි සංවත්සර උත්සවය යෙදී ඇත. ඒ වෙනුවෙන් පැවැත්වෙන්නේ, ඉතා චාම් රාජ්‍ය උත්සවයකි. එනමුත්, නායකතුමා ගේ ඉල්ලීම පරිදි සැම විද්වත් සභාවක් විසින් ම, රටේ පුරවැසියන් ගේ යහපැවැත්ම උදෙසා වූ නව නිර්මාණයක්, යෝජනාවක් හෝ සංකල්පයක් එදින ඉදිරිපත් කළ යුතු ය. මීට වසර 15කට පෙර ඇති කළ එම ''විද්වත් සභා'' සංකල්පය පාඨකයාට නුහුරු දෙයක් විය හැකි ය. එහෙත්, මේ මහා විප්ලවයේ, මේ සාර්ථකත්වයේ, මේ සැනසිලිදායක වටපිටාවේ, කොඳුනාරටිය එයයි. විධායක ජනාධිපති ධූරය තමා විසින් ම අහෝසි කරමින් නව පාලක සභා ක්‍රමය හඳුන්වා දුන්, පුනරුද යුගයේ ප්‍රථම නායකතුමා ගේත්, මහාචාර්ය්ය දහම් විඡේවර්ධන ඇතුළු උගත් දේශප්‍රේමීන් පිරිසක ගේත් සංකල්පයක් අනුව ප්‍රධාන විද්වත් සභා 7ක් ඇති කරන ලදී. ඒ කෘෂිකර්මය, බලශක්තිය, කර්මාන්ත හා තාක්ෂණය, ආහාර හා සෞඛ්‍යය, ආර්ථිකය, අධ්‍යාපනය හා සංස්කෘතිය, ආරක්ෂාව හා යටිතල පහසුකම් යන අංශ 7 සඳහා ය. රටේ වර්තමානය හෝ අනාගතය හෝ වෙනුවෙන් ගනු ලබන සැම තීරණයක් ම ගනු ලැබුවේ, ඒ ඒ අංශයට අදාළ විද්වත් සභාව හෝ විද්වත් සභා කිහිපයක එකතුවක් විසිනි. පාලක මණ්ඩලයේ හා ඊට අනුබද්ධ ප්‍රාදේශීය දේශපාලන ආයතනවල කාර්යභාරය වූයේ, ජනතාව ගේ අදහස් හා ගැටලු විද්වත් සභා වෙත ගෙන යැම හා විද්වත් සභාව විසින් යෝජනා කෙරෙන ව්‍යාපෘතීන් ඒ අකාරයට ම ක්‍රිsයාත්මක කිරීම ය. බලශක්ති සභාවේ ප්‍රධානියා වූ මහාචාර්ය්ය දහම්, ලංකාවේ සිටින උගතුන් අතරින් එම තනතුර සඳහා උචිත ම පුද්ගලයා ය. ඒ එතුමා ගේ බුද්ධිය, හසල දැනුම හා ක්ෂේත්රයේ අත්දැකීම නිසා පමණක් නො ව, දේශප්‍රේමීත්වය හා නො පසුබස්නා උත්සාහය ද නිසා ය. වර්තමානයේ ජාතික වීරවරයකු ලෙස බුහුමන් ලැබ සිටින එතුමා, එම ගෞරව නාමය සඳහා නිසැකව ම සුදුසු ය. එතුමා දැනට වසර 20ක් වන පුනරුද යුගයේ ප්‍රධාන නියමුවෙකි. මුළු ලොව ම බලශක්ති අර්බුදයේ පතුලට කිමිදෙන තුරු ම, ප්‍රබල රටවල් ඉතිරි වූ ස්වාභාවික ශක්ති ප්‍රභව වෙනුවෙන් ඇන කොටා ගනිත් දී, ලොව සියලු ම න්‍යෂ්ටික බලාගාර තෙවැනි ලෝක යුද්ධයෙන් විනාශ ව යද්දී මේ පඬිවරයා ගේ දූරදර්ශී ඥනය නිසා ශ්‍රී ලංකාවට එම විපතින් මිදීමට වාසනාව ලැබිණ. මීට වසර 20කට පෙර එතුමා ගෙන ගිය වැඩපිළිවෙළ උපහාසයට ලක් කළ, එයට එකල සහාය පළ නො කළ අඥනයන් පවා අද එතුමා සිහි කරන්නේ කෘතඥතා පූර්වකව ය. තව දින දෙකකින් එළඹෙන සංවත්සර දින උළෙලේ දී, බලශක්ති සභාව වෙනුවෙන් තමාට ජාතිය හමුවේ විනාඩි 15ක පමණ කතාවක් පවත්වා, සිය නව සංකල්පය හෝ නිර්මාණය ඉදිරිපත් කිරීම ඔහුට භාර ව ඇත. එදිනට ඉදිරිපත් කරන නව නිර්මාණය හෝ යෝජනාව කුමක්දැ'යි දහම් තව ම තීරණයක් ගෙන නැත. මේ වන විටත් ඔහු යටතේ කටයුතු කරන ව්‍යාපෘති කණ්ඩායම් 7ක් නව නිර්මාණ 7ක් පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටියි. බලශක්ති ව්‍යාපෘතියේ සාර්ථකත්වය, ප්‍රායෝගිකත්වය, කාර්යක්ෂමතාව හා ආකර්ෂණීයත්වය මත ඉන් වඩාත් සුදුසු ව්‍යාපෘතිය තෝරා ගත යුතු ව ඇත්තේ ද, දහම් ප්රමුඛ බලශක්ති සභාවේ විධායක මණ්ඩලය ය. නව නිර්මාණයක් කිරීමට වඩා, ඊට පෙර කිරීමට සිදු වන දේශනය අසීරු යෑ'යි දහම්ට සිතේ. මක්නිසා ද යත්, එය ද භාරදූර වගකීමක් වන බැවිනි. තමා ගේ සැම වදනක් ම පොදු ජන සමාජය වෙත යම් බලපෑමක් එල්ල කරන බව ඔහු දනියි. ඒ ජනතා සිත් තුළ මේ අසිරිමත් පඬිවරයා කෙරෙහි අතිමහත් ගෞරවයක් හා විශ්වාසයක් ඇති නිsසා ය. ජනතා සිත්වල විශ්වාසය, උද්යෝගය, දේශප්‍රේමීත්වය හා අවබෝධය ඇති වන අයුරින් සිය දේශනය පැවැත්වීම විශාල අභියෝගයකි. ජනේලයෙන් පෙනෙන, අවට පරිසරය සිසාරා විහිද ඇති හරිතවන් තුරුලතාදියේ සුන්දරත්වය විඳිමින්, ඔහු සිතට විවේකයක් ලබා දුන්නේ දේශනය සඳහා හොඳ අදහස් කිහිපයක් ගොනු කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. ක්ෂිතිජය තෙක් සිසාරා විහිද ඇති හරිත පැහැය දකින දහම් ගේ සිත අතීතය ආවර්ජනා කරන්නට විය. එවක පැවැති රජය විසින් පෙට්‍රල් ලීටරය රු. 2000/-ක් ලෙස මිල ඉහළ දැමූ දිනය ඔහුට අද මෙන් මතක ය. ඒ තවත් රු. තුන් සියයකින් ඉන්ධන මිල වැඩි වී ජන ජීවිත පීඩාවට පත් වූ නිසා ම නො ව, සිය ජීවිතයේ ප්‍රධාන හැරුම් ලCෂ්‍යය සටහන් වන්නේ, එදා නිසා ය. ඒ වන විට ඔහු මොරටුව විශ්වවිද්‍යාලයයේ තෙවැනි වසරේ ඉංජිනේරු සිසුවෙකි. ඔහු සිය විෂය පථය ලෙස තෝරාගෙන තිබුණේ, පරිගණක ඉංජිනේරු විද්‍යාව වුව ද, මේ සුවිශේෂ දිනයේ සිsට ඔහු ගේ සිත වෙහෙසුණේ, අනාගතයේ උදා වන ලෝක බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමට ය. එදා සිට ඔහු දිවා රාත්‍රී නො බලා එම විෂය පථය අධ්‍යයනය කළේ ය. අසහාය බුද්ධිමතකු වූ දහම් විඡේවර්ධන නම් ඉංජිනේරු සිසුවාට බොහෝ බහුජාතික සමාගම් හා ප්‍රබල රටවල් සාමාන්‍ය ජනතාව ගෙන් වසන් කිරීමට උත්සාහ කළ, ලෝක බලශක්ති අර්බුදයේ වර්තමාන තත්ත්වය හා අනාගතය අතැඹුලක් ලෙස අවබෝධ විය. ඒ වන විට ඇමෙරිකාව ප්රමුඛ අධිරාජ්‍යවාදී රටවල් කිහිපයක් ලොව පුරා බොහොමයක් රාජ්‍ය සිය කුමන්ත්රණකාරී උපක්‍රම යොදා අරාජික කොට වක්‍ර ව සිය අණසකට යටත් කොටගෙන තිබිණ. ඔවුහු එම රටවල සම්පත් සූක්ෂ්ම ලෙස සිය රටවල් වෙත අද්දමින් සිටිය හ. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ හමුවේ අගතියට පත් රාජ්‍යයන් තුළ ඇති ව තිබූ, දිනපතා බෝම්බ පිපිරෙමින් උනුන් ඇන කොටා ගන්නා ඉතා ඛේදනීය තත්ත්වය දැක දැකත්, තව තවත් රටවල් බල ලෝභය හා ධන ලෝභය පදනම් කොටගෙන හටගත් අභ්‍යන්තර දේශපාලන පාවාදීම් නිසා ඇමෙරිකානු කඳවුරේ උගුල්වලට හසු විය. සිදු වෙමින් පවතින මේ කුරිරු හා අමානුෂික ව්‍යාපාරයට ද මූල හේතු ව ඛනිජ ඉන්ධනවල ශීඝ්‍ර ක්ෂය වීම බව දහම් ගේ විචක්ෂණ නුවණට අවබෝධ විය. ලොව ඇති සම්පත්වලට වඩා, නාමික ව නිකුත් කර ඇති ඇමෙරිකන් ඩොලර් ප්‍රමාණය ඉහළ යැම සිදු වන්නේ ද ඛනිජ ඉන්ධන අත්පත් කරගැනීම වෙනුවෙන් අධිරාජ්‍යවාදී රටවල් ගෙන යන අදූරදර්ශී හා ආත්මාර්ථකාමී ක්‍රියා පිළිවෙත නිසා ය. මේ නිසා ලොව පුරා ආර්ථික අර්බුදයක් ඇති වනු වැළැක්විය නො හැකි බව දහම්ට පැහැදිලි විය. ඔහු ගේ විශ්ලේෂණයන්ට හා පෙරැයීම්වලට අනුව, ඇමෙරිකන් කඳවුර විසින් පීඩාවට පත් කරන ලද මුස්ලිම් රාජ්‍ය හා වාමාංශික ප්‍රබල රාජ්‍ය විසින් ඇමෙරිකාව ප්රමුඛ ධනවාදී රටවල්වලට විරුද්ධ ව ඉන් පස් වසරක් ඇතුළත තෙවැනි ලෝක යුද්ධය අරඹනු ඇත. එය පළමු හා දෙවැනි ලෝක යුද්ධයන්ට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් ස්වරූපයක් ගනු ඇති බවත්, එය තොරතුරු තාක්ෂණය ඔස්සේ ආරම්භ වී න්‍යෂ්ටික අවි භාවිත කොට විශාල විනාශයක් සිදු වීමෙන් අවසන් වන බවත් දහම් ව්‍යුත්පන්න කළේ ය. දහම් මේ ආදී බොහෝ හෙළිදරව් කිරීම් හා අනාවැකි ඇතුළත් කොට ඉතා සරල බසින් පිටු හැටක සංක්ෂිප්ත වාර්තාවක් ඔහු සකස් කළේ ය. ඔහු එහි පිටපත් ඒ වන විට රටේ සිටි දේශප්‍රේමී උගතුන්, මාධ්‍යවේදීන් හා දේශපාලනඥයන් කිහිප දෙනකුටත්, ජනාධිපතිවරයාටත් තැපැල් කළේ ය. දහම් එතැනින් නැවතුණේ නැත. ඔහු ඊට විසඳුමක් සොයමින් සිය කාලය හා ශ්‍රමය වැය කරන්නට විය. මේ වන විට හෙතෙම සිය විශ්වවිද්‍යාල දිවිය අවසන් කොට පරිගණක ඉංජිනේරුවකු ලෙස සිය ප්‍රථම රැකියාව ආරම්භ කර තිබිණ. දහම් බලශක්ති අර්බුදය කේන්ද්‍ර කොටගෙන ඇති වන ආර්ථික, සමාජීය හා දේශපාලනික ගැටලුවලට ඒකාබද්ධ විසඳුමක් සහිත සිය දෙවැනි වාර්තාව පළ කරන්නේ මේ කාලයේ ය. එහි වූ සුවිශේෂී ම ප්‍රකාශය වන්නේ, තව වසර 25ක කාලයක් ගත වන තුරු න්‍යෂ්ටික බලශක්තිය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය නො කළ යුතු ය යන්න ය. දහම් විඡේවර්ධන ගේ වාර්තා දෙක කියවා බැලූ බොහෝ උගත්තු ඒවා තවත් එක් අපරිණත විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ගේ පණ්ඩිත ක්‍රියාවක් ලෙස නො සලකා හැරිය හ. බොහෝ මාධ්‍යවේදීහු එය අවබෝධ කොටගත නො හැකි ව ඉවත හෙළු හ. බොහෝ දේශපාලනඥයෝ ඒවායේ තිබූ ප්‍රකාශයන් සිය වාසිය සඳහා දේශපාලන වේදිකාවන්හි දී යොදා ගත් හ. එහෙත්, එම වාර්තාවල වැදගත්කම අවබෝධ කරගත් බුද්ධිමත්තු පිරිසක් ද සිටිය හ. එම පිරිසට අයත් විශ්වවිද්‍යාල ආචාර්ය්යවරු පිරිසක් තව තවත් තොරතුරු ලබා දීමෙන් දහම් දිරිමත් කළ හ. මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් එම වාර්තාවලට සිය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා දී තම කාර්ය්යභාරය ඉටු කළ හ. දහම් ගේ නම ද ඔහු ගේ සංකල්ප ද, පොදු ජනතාව වෙත යම් තරමක් හෝ ගමන් කළේ ය. මේ සියල්ලට ම වඩා වැදගත් පුද්ගලයෙක් මේ වාර්තා දැක පැහැදුණේ ය. ඒ එවකට සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිවරයා ය. එතුමා මේ නාඳුනන විශ්වවිද්‍යාල සිසුවා ගේ වාර්තාව කියවූ පමණින් ඒවා පිළිගත්තේ නැත. එහෙත්, කාලය ගත වන විට දහම් ගේ අනාවැකි එකින් එක සත්‍ය වන බව දුටු ජනාධිපතිවරයා ද ක්‍රමයෙන් ඒ වාර්තා පිළිගන්නට විය. සිය වාර්තා පළ කොට වසර දෙකක් ගත වූ පසු ව ඒ පිළිබඳ බුද්ධිමත් කතිකාවතක් ආරම්භ වන විට, දහම් ඒ ඔස්සේ තමා යෝජනා කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ද ඔහු අරඹා තිබිණි. දහම් පෞද්ගලික ආයතනයක ඉතා ඉහළ වැටුපක් සහිත සිය තනතුර අතහැර මොරටුව විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ සහාය කථිකාචාර්ය්‍යවරයකු ලෙස සේවය කිරීම අරඹා තිබිණ. දහම් ගේ දැනුම, බුද්ධිය හා ඔහු ගේ වාර්තා දැක පැහැදුණු විශ්වවිද්‍යාල ආචාර්ය්ය මණ්ඩලය විශ්වවිද්‍යාලය තුළ ඔහුට සහාය කථිකාචාර්ය්‍යවරයකුට වඩා උසස් තැනක් ලබා දුනි. ඔහු ගේ අදහස් හා යෝජනාවලට ඉඩක් එහි ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස එම වසර දෙක ඇතුළත විශ්වවිද්‍යාල සිසුන් විසින් කරනු ලැබූ සැම ව්‍යාපෘතියක් ම පාහේ ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය හා ඉන් ඇති වන අනෙකුත් ගැටලු විසඳීම සඳහා ප්‍රායෝගික තාක්ෂණික විසඳුම් විය. පෙර මෙන් ඒවා පරීක්ෂණාගාර තුළට සිර නො වී ය. දහම් වටා එක් ව සිටි දේශප්‍රේමී බුද්ධිමත් තරුණ ව්‍යාපාරිකයන් විසින් මූල්‍ය පහසුකම් සලසනු ලදුව ඒවා පොදුජන යහපත වෙනුවෙන් ප්‍රායෝගික ව ක්‍රියාත්මක විය. විශ්වවිද්‍යාලයීය ව්‍යාපෘතීන්වල යෙදෙන ශිෂ්‍යයන්ට පෙරට වඩා වගකීමෙන් ක්‍රියා කිරීමට සිදු විය. පෙර මෙන් වංචනික ලෙස ව්‍යාපෘතිය සඳහා ලකුණු ලබා ගැනීමට නො හැකි වීමෙන් කෝපයට පත් ආත්මාර්ථකාමී සිසුන් කිහිප දෙනෙක් ''තම චින්තන නිදහස උල්ලංඝනය කොට ඇතැ'යි චෝදනා කරමින් සුළු උද්ඝෝෂණයක් කළ ද, බහුතරයක් සිසුහු ඉතා කැප වීමෙන් එම කටයුතුවල නියෑළුණ හ. ඒ සිය මුතුන් මිත්තන් ගෙන් සහජයෙන් ම උරුම වූ දේශප්‍රේමීත්වය ඔවුන් ගේ ජාන තුළ සැ`ගවී හෝ තිබූ නිසා විය හැකි ය. මින් අනතුරු ව දහම් සිය ප්‍රථම මහා පරිමාණ ව්‍යාපෘතිය ඇරඹී ය. ඒ සූර්ය්ය කෝෂ නිපදවන කම්හලක් ශ්‍රී ලංකාව තුළ ඉදි කිරීම ය. බහු ජාතික සමාගම්වල මවාපෑම්වලට මුළා වී සිටි බොහෝ දෙනකු එය අසාර්ථක වනු ඇතැ'යි කීව ද, සුමිත් බඹරැන්ද නම් තවත් දේශප්‍රේමී තරුණ ව්‍යවසායකයෙක් ඒ සඳහා නො බියව ඉදිරිපත් විය. දිනකර යෑයි නම් ලද එම සූර්ය්ය කෝෂ කම්හල අද රජයට පවරාගෙන ඇතත්, ශ්‍රී ලංකාවේ පුනරුදයේ ප්‍රථම යෝධ පියවර එය ලෙස දැන් පාසල්වල ඉගැන්වේ. ශ්‍රී ලංකාවේ සැම ගොඩනැඟිල්ලක ම පාහේ වහළය සෙවිලි කිරීම සඳහා යොදා ගන්නා ලද්දේ, දිනකර කම්හලේ නිපදවූ උළු හා සෙවිලි තහඩු ය. ඒවා ප්‍රායෝගික භාවිතය ඉතා පහසු වන ලෙස මෙන් ම ඉතා අඩු වියදමකින් නිපදවා තිබිණ. වහළය සෙවිලි වීමට අමතර ව බලශක්ති අවශ්‍යතාව ද ඉන් සැපිරිණ. එසේ නිපදවන ලද අමතර බලශක්තිය ප්‍රධාන ජාලය ඔස්සේ වෙනත් ප්‍රදේශ කරා සන්නයනය කරන ලදී. පුනරුදයේ මීළ`ග වැදගත් පියවර වන්නේ, ප්රමුඛ බුද්ධිමත් දේශප්‍රේමී කණ්ඩායම හා ජනාධිපතිවරයා ගේ හමු වීම ය. මීට කලකට පෙර පටන් පැවැති අධිරාජ්‍යවාදී කුමන්ත්රණවලට එරෙහි ව එකමුතු ව කටයුතු කිරීම නිසා, ශ්‍රී ලාංකිකයන් ගේ දේශප්‍රේමී අදහස් ඉස්මතු ව තිබිණ. එනිසා දීර්ඝ කාලයක් තිස්සේ පත් වූයේ, දේශ හිතෛශී ආණ්ඩු හා ජන නායකයන් ය. එය පුනරුදයට විශාල පිටිවහලක් විය. ඒ අතරින් මේ ජනාධිපතිවරයා විශේෂ විය. ඔහු දේශීය දේ අගය කළ උගත් හා බුද්ධිමත් දේශප්‍රේමියෙක් විය. ඒ වන විට දහම් ගේ වාර්තාවේ අනාවැකි පළ කළ අයුරින් ම සියල්ල සිදු වෙමින් පැවැතිණ. ජනාධිපතිවරයා ගේත්, දහම් ගේත් අනෙක් උගත් බුදධිමතුන් ගේත් අදහස් පරිදි විවිධ ක්ෂේත්රවලට අයත් විශේෂඥ කණ්ඩායම් 7ක් පත් කරන ලද්දේ එම හමු වීමේ ප්‍රතිඵලයක් ලෙස ය. පසු ව විද්වත් සභා නමින් ව්‍යවස්ථාගත වූයේ, මේ විශේෂඥ කණ්ඩායම් 7 ම ය. පත් කළ දින සිට ම එම කණ්ඩායම්වල සාමාජිකයෝ දිවා රෑ වෙහෙස වෙමින් එක ම අරමුණක් වෙනුවෙන් වෙහෙසුණ හ. එම අරමුණ වූයේ, ''දේශීය සම්පත් හා දැනුම උපයෝගී කරගෙන ලංකාව ස්වයංපෝෂිත රටක් බවට පත් කර අනාගතයේ ලොව මුහුණ දෙන ආර්ථික හා සමාජයීය අර්බුදයට සාර්ථක ව මුහුණ දීම'' ය. සැම කණ්ඩායමක් ම යුහුසුලු ව සිය සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටියේ ය. මේ වන විට මෙලොව මෑත ඉතිහාසයේ හටගත් දරුණු ම ඛේදවාචකය ඇරඹෙමින් තිබිණ. එනම්, තුන්වැනි ලෝක යුද්ධය ය. එහෙත්, විශේෂඥ කණ්ඩායම්වල අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස එම අසීරු කාලපරිච්ඡේදයට ඉතා සාර්ථක ව මුහුණ දීමට ලංකාවට හැකි විය. 'දහම් ගේ වාර්තා' යනුවෙන් එකල ප්‍රකට ව පැවැති යට කී වාර්තා ඒ සඳහා බොහෝ ඉවහල් විය. උපුටා ගෑනීම විදුසර විද්‍යා සගරාව [IMG]http://i1100.photobucket.com/albums/g401/nuwan2/d53edfcad5892ffc8aba6927a98912c8a7afa77f04ccbc74bcd11c6e2d9879174g.gif[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom