Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
~~~~පුනරාගමනය (විද්‍යා ප්‍රබන්ධ)~~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුනරාගමනය 3 කොටස

අධ්‍යාපන හා සංස්කෘතික කණ්ඩායම ද බොහෝ වැදගත් මෙහෙයක් ඉටු කළේ ය. ජනතාව සමගි ව දේශප්‍රේමී හැ`ගීම් ඇති ව උද්යෝගයෙන් ක්‍රියා කිරීම ඔවුන් ගේ සාර්ථකත්වයයි. ඔවුන් ගේ එක් වැදගත් යෝජනාවක් වූයේ සර්ව ආගමික නායක සභාව ය. ජාතීන් වශයෙන් කිසි විටෙක ලාංකිකයන් වර්ග නො කළ යුතු ය යන්න ඔවුන් ඇති කළ වැදගත් රෙගුලාසියකි. මන්ද, ඒ වන විට භාෂා පරිවර්තක භාවිතය හේතුවෙන් කිසිවකුට භාෂාව ගැටලුවක් නො වූ නිසා ය. ජාතිය ගැටලුවක් කරගත්තේ ආත්මාර්ථකාමී දේශපාලකයන් පිරිසක් පමණි. සියලු ම ආගම්වල පූජ්‍ය පූජකතුමන් ලා සිය අනුගාමිකයන්ට දේශනා කළේ, සියලු වාද භේද අමතක කොට ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක් වන්නට කියා ය. විදේශවල සිටින ආගම් අන්තවාදීන් ගේ බලපෑමට හසු වූ පිරිස් නිසා මුල් කාලයේ යම් ගැටලු පැන නැඟුණ ද, රට තුළ සිදු වන අවංක වැඩපිළිවෙළ දැක සිය අඥනවන්තකම් ගැන ලඡ්ජාවට පත් ඔවුහු පසු ව ශ්‍රී ලාංකික ජාතික සංකල්පය වැළඳ ගත් හ. ආගම් ඇදහීම සඳහා වෙන වෙන පූජ්‍ය ස්ථාන කරා ගිය ද ඔවුහු සියල්ලෝ එක ම ජාතියක් මෙන් සිතන්නට වූ හ. එනිසා ක්රයෙන් අතීතයේ පටන් පැවැති හෙළ සංස්කෘතිය පදනම් වූ පොදු ශ්‍රී ලාංකීය සංස්කෘතියක් ඇති වීම ආරම්භ විය.

මේ අයුරින් සැම විශේෂඥ කණ්ඩායමක් සිය යුතුකම ඉතා ම අවංක ව කැප වීමෙන් යුතු ව පොදු ජන සහයෝගය සහිත ව කරගෙන යන අතරතුර දහම් ඇතුළු කණ්ඩායමට සිදු වූයේ, ඒ අතරින් බැරෑරුම් ම කටයුත්ත ඉටු කිරීමට ය. එනම්, නුදුරු අනාගතයේ ඇති වන අර්බුදයට මූලික වන හේතුවට පිළියම් කිරීම ය. බලශක්ති ක්ෂේත්රය අන් බොහෝ ක්ෂේත්‍ර සමග සම්බන්ධ වී ඇති නිසා, දහම් ඇතුළු කණ්ඩායමට අනෙකුත් සියලු ම කණ්ඩායම් සමග කටයුතු කිරීමට සිදු විය.

බලශක්ති කණ්aඩායමේ යෝජනාවලින් මුලින් ම ක්‍රියාත්මක කළේ, මාර්ගාශ්රිත රුක් රෝපණ ව්‍යාපෘතියකි. එහි වැදගත්කම බොහෝ දෙනකුට එවකට නො වැටහිණ. ඒ ඉතා දූරදර්ශී ව්‍යාපෘතියක් බව ජනතාව වටහා ගත්තේ, ඉන් වසර කිහිපයකට පසු, රුක් ගොමුවලින් සුන්දරත්වයට පත් නාගරික මංමාවත්වල සිහිල් සෙවණේ, පා පැදිවලින් හා පයින් ගමන් කරන විට ය.

බලශක්ති කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වූයේ, ඛනිජ ඉන්ධන වෙනුවට විකල්ප බලශක්ති ප්‍රභවයක් සොයා ගැනීම ය. එහෙත්, දහම් එම ක්ෂේත්රයේ මෙතෙක් කරන ලද පරීක්ෂණ හා ව්‍යාපෘතින් ගෙන් ලත් අත්දැකීම් අනුව ඛනිජ ඉන්ධන වෙනුවට න්‍යෂ්ටික ශක්තිය හැර වෙනත් තනි බලශක්ති ප්‍රභවයක් සොයාගැනීම ප්‍රායෝගික නො වන බව අවබෝධ කරගෙන සිටියේ ය. දහම් ගේ වාර්තා අනුව න්‍යෂ්ටික බලාගාරයක් ශ්‍රී ලංකාව තුළ වසර 25ක් ඇතුළත ඉදි නො කළ යුතු විය. එනිසා, ඔවුන් කළේ, සූර්ය්ය කෝෂ, සූර්ය්ය තාපයෙන් ක්‍රියා කරන ස්ටර්ලින් එන්ජින්, සුළං බලාගාර, මුහුදු රළ බලාගාර ආදී නොයෙකුත් යටිතල පහසුකම් ඇති කිරීම ය. තව ද, විද්‍යුතය ගබඩා කිරීමේ කාර්යක්ෂම ක්‍රම පිළිබඳ ව ද පරීක්ෂණ කරමින් සාර්ථක විද්‍යුත් කෝෂ වර්ග කිහිපයක් ම නිර්මාණය කරන ලදි.

ඔවුන් ගේ අසීරු ම අභියෝගය වූයේ, දිගු දුර ප්‍රවාහනය සඳහා අවශ්‍ය විශ්වාසදායී බලශක්ති ප්‍රභවයක් සොයා ගැනීම ය. අවසානයේ පොදු ප්‍රවාහන සේවා සඳහා විද්‍යුත් ශක්තිය ලබාගත හැකි මාර්ග පද්ධතියක් ඉදි කිරීම ඇරඹිණ. ඒ වන විට සාර්ථක ව රට තුළ ජාලගත ව තිබූ දුම්රිය මාර්ග පද්ධතිය මේ සඳහා උපකාර කරගත් නිසා එම කටයුත්ත තරමක් පහසු විය. ඇමෙරිකාව, චීනය හෝ ඉන්දියාව වැනි විශාල රටවලට නැති විශේෂ වාසියක්, රටේ කුඩා බව නිසා ලංකාවට ලැබිණ. එහෙත්, මේ යෝධ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී, ධනලෝභී දේශපාලනඥයන් හා වෙනත් කූඨ ව්‍යාපාරිකයන් ගෙන් බොහෝ කරදර සිදු විය. ඒවා ද පෙර පරිදි ම ජනාධිපතිවරයා ගේ මැදිහත් වීම මත ආරක්ෂක හමුදාවේ සහායෙන් විසඳිණ.

මාර්ග ජාලය පැතිරීමෙන් පසු ඊට අනුබද්ධ ව කුඩා ප්‍රවාහන පද්ධතීන් ජනතාව විසින් ම ඇති කරන ලදී. අතීතයේ ඉන්ධන පිරවුම්හල් අද විද්‍යුත් කෝෂ හුවමාරු ස්ථාන ලස නම් කෙරිණ. ඒවායින් කරන්නේ තම මෝටර් රථයේ හෝ යතුරු පැදියේ ඇති විසර්ජනය වූ විද්‍යුත් කෝෂ භාර දී ඒ වෙනුවට ආරෝපණය කරන ලද කෝෂ මිල දී ගැනීම ය. එක් රථයක් තුළ කෝෂ කිහිපයක් ම සවි කළ හැකි ලෙස එම රථ නිපදවා ඇති නිසා ගමනේ දුර අනුව කෝෂ හුවමාරුව කරගත යුතු ය. මුල් කාලයේ මේ කෝෂ නිෂ්පාදනය සිදු කළේ ද, බලශක්ති කණ්ඩායම විසින් පිහිටුවන ලද කර්මාන්තශාලාවල ම ය.

බලශක්ති කණ්ඩායමේ ආධාර හා උපදෙස් මත කාර්ය්යක්ෂම පාපැදි, යතුරු පැදි හා සැහැල්ලු මෝටර් රථ නිපදවන කර්මාන්තශාලා ද කිහිපයක් ම ඇති විය.

පැරැණි පෙට්‍රල් හා ඩීසල් වාහනවල කොටස් ප්‍රතිචක්‍රීකරණය මඟින් අමුද්‍රව්‍ය සපයාගෙන ඉතා පහසු මිලට නව සැහැල්ලු මෝටර් රථ නිපදවන කම්හලක් ආරම්භ කිරීමට ද එක් දක්ෂ ව්‍යවසායකයෙක් සමත් විය. එහි දී සිදු වූ එක් විශේෂ සිදුවීමක් වූයේ, අතීතයේ අති සුඛෝපභෝගී ලෙස සැලකුණු මිල අධික මෝටර් රථවලට සමාන වටිනාකමක්, ප්‍රතිචක්‍රීකරණයේ දී, මිලෙන් අඩු සැහැල්ලු මෝටර් රථ සඳහා ද ලැබීම ය.

නාගරික ප්‍රදේශවල වූ කුලී පාපැදි සේවාව නිසා, පොදු ප්‍රවාහන සේවය වූ විදුලි දුම්රිය නැවතුම් ස්ථානවල සිට රාජකාරී ස්ථාන හෝ නිවාස කරා යැම අපහසු නො වී ය. අතුපතර විහිදුණු රුක් ගොමුවලින් ගැවැසුණු සිසිල් සෙවණ සහිත මහා මාර්ගවල ගමන පීඩාකාරී නො වීය. ජනතාව ගේ යහපත් ශරීර සෞඛ්‍යය සඳහා ද එය බොහෝ ප්‍රයෝජනවත් විය.

ස්වංපෝෂිත රාජ්‍යයක් බවට පත් වීම සඳහා ම වූ මෙබඳු අහිංසක සංවර්ධන ක්‍රියාවලියක් ශ්‍රී ලංකාව තුළ සිදු වන අතරතුර ලොව අන් රටවල සිදු වූයේ, ඊට ප්‍රතිවිරුද්ධ දේ ය. ලොව සුපිරි බලවතා වීමේ සටනේ නිරතුරු ව ම යෙදුණු ඇමෙරිකාවේ කෲර හා ආත්මාර්ථකාමී ක්‍රියා කලාපයක් නිසා ලොව සියලු ම බලවත් රාජ්‍ය නො සන්සුන් වූ හ. ඛනිජ ඉන්ධන ආදී සම්පත් අතින් පොහොසත් නමුත්, යුද බලය අතින් දුර්වල රාජ්‍ය ඇමෙරිකාව විසින් ආක්‍රමණය කොට අරාජික කළේ, එම රටවල කුමක් හෝ අභ්‍යන්තර සිදුවීමක් පදනම් කරගෙන එම ආක්‍රමණ සාධාරණීකරණය කරමිනි. හේතුවක් සොයාගත නුහුණු තැන සුපුරුදු පරිදි සිය බුද්ධි අංශ උපයෝගී කොටගෙන හේතු නිපදවූ හ. ඉන් අනතුරු ව ඔවුන් විසින් එම රාජ්‍යවලට පත් කරන ලද්දේ, ඇමෙරිකන් අධිරාජ්‍යයට කීකරු, රූකඩ නායකයන් ය. එම රූකඩ රජයන් කළේ, එම රටට යහපත පිණිස කටයුතු කිරීම නො ව. ඇමෙරිකාව ප්රමුඛ අධිරාජය්‍යවාදී රටවල න්‍යාය පත්රයනට අවශ්‍ය අයුරින් කටයුත කිරීම ය. එම නිසා එම රජයන් සැම විට ම මහජන අප්‍රසාදයට ලක් විය.

තත්ත්වය මෙසේ වුව ද අනෙකුත් බලවත් රටවල් වුව ද නිශ්ශබ්ද ව සිටියේ, ඇමෙරිකාව හා යුධ වැදීමට තිබූ බිය නිසා ය. ඇමෙරිකාව ද ජගත් සාමය ආරක්ෂා කිරීමේ මුවාවෙන් තව තවත් නවීන යුධ අවි නිපදවමින් යුධමය වශයෙන් තව තවත් බලවත් විය. එහෙත්, මේ වන විට ලොව පුරා මුස්ලිම් ප්‍රජාව ප්රමුඛ පොදු ජනතාව ඇමෙරිකාවට විරුද්ධ ව නැඟී සිටිමින් සිටිය හ. මුල් කාලයේ එබඳු පද්ගලයන් කුමක් හෝ වරදක පටලවා අත්අඩංගුවට ගැනීම මගින් තව තවත් ඇමෙරිකානු විරෝධී නැඟසිටීම්, බිය වද්දවා මැඬපැවැත්වීමට අධිරාජ්‍යවාදීන් සමත් වුව ද, ක්‍රමයෙන් කැරැලිකරුවන් ප්‍රමාණය සංඛ්‍යාත්මක ව වැඩි වන්නට වීමත් සමග පාලනය තරමක් අපහසු විය.

ලොව අනෙක් ප්‍රදේශවල ඛනිජ ඉන්ධන ක්ෂය වූ පසු, ඇමෙරිකාව තුළ ඉතිරි කරගෙන සිටි ඛනිජ තෙල් සංචිත ඔවුනට ඇමෙරිකාව තුළ පරිභෝජනය ස`දහා යෙදීමට සිදු විය. එහෙත් ඒ වන විට ඇමෙරිකානුවන් හැඩගැසී සිටි නාස්තිකාර සමාජ රටාව නිසා ඒවා ද ඉක්මනින් ක්ෂය වන්නට විය. එනිසා ඔවුහු න්‍යාෂ්ටික බලශක්ති ප්‍රභව භාවිතය වැඩි කළ හ.

ලොව අනෙක් රටවල් ද මේ අර්බුදයෙන් මිදීමට මං සෙවූ හ. ඒ සැම දෙනාට ම තිබූ පහසු ම බලශක්ති ප්රභවය වූයේ න්‍යෂ්ටික ශක්තිය ම වී ය. ශ්‍රී ලංකාවේ හැර ලොව සැම රටක ම පාහේ න්‍යෂ්ටික බලාගාර ඉදි විය. ඇමෙරිකාවට, පෙර මෙන් ඒ සදහා බාධා පැනවීම කළ නොහැකි විය. ලොව සැම රටක් ම පාහේ න්‍යෂ්ටික බලශක්ති ප්‍රවීණයන් වෙමින් සිටියේ ය. එම නිසා, ඒ පිළිබඳ සීමා පනවමින් එම ව්‍යාපෘතීන් විමර්ශනය කරමින් සිටි ඇමෙරිකානු බුද්ධි අංශවලට දරා ගත නොහැකි තරම් තත්ත්වය සංකීර්ණ බවට පත් විය.

ඛනිජ ඉන්ධන ගනුදෙනු නැවතුණු පසුව ඇමෙරිකානු ඩොලරයකට තිබූ තැන ක්‍රමයෙන් පහළ වැටෙන්නට විය. එනිසා චීනය ආදී අනෙකුත් ආර්ථික බලවතුන් ඇමෙරිකාවේ කර තිබූ ආයෝජන ද ක්‍රමයෙන් ඉවත් වන්නට විය. ඒත් සමග ම ඇමෙරිකානු ආර්ථිකය ඉතා ම ශීඝ්‍ර කඩා වැටීමකට ලක් විය. අනෙකුත් අධිරාජ්‍යවාදී යුරෝපීය රටවල් සැමෙකක ම තත්ත්වය ද එය ම විය. එම ආර්ථික තත්ත්වය දරාගත නොහැකි වූ එම ධනවාදී සමාජයන් තුළ දැවැන්ත පිරිහීමක් ඇති විය. ආහාර, ඇඳුම්, නිවාස යන මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පවා නොහැකි වූ පිරිස් නීතිය බිඳිමින් සිය දිවි

රැක ගැනීමට ගත් උත්සහයන් නිසා පරිපාලනය අස්ථාවර විය. අවනීතිය රජයමින් විශාල සමාජ පරිහානියක් ඇති විය.

මේ අතරතුර ලොව පුරා විහිදී සිටි ඇමෙරිකාව හා අනෙකුත් ධනවාදී රටවලට වෛර කළ ඇමෙරිකානු විරෝධී කණ්ඩායම්, ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ ය. ඇමෙරිකානු රාජ්‍ය හා බුද්ධි අංශවලට අදාළ පරිගණක ජාල ඉලක්ක කර ගනිමින් දියත් වූ පරිගණක වයිරස්

රැල්ල එහි ප්‍රථම ප්රතිඵලයයි. ලොව පුරා නන් දෙසින් එල්ල වූ එම තොරතුරු තාක්ෂණික ප්‍රහාරය හමුවේ ඇමෙරිකාව මුල් වරට අසරණ විය.

ඇමෙරිකාව ලොව සුපිරි බලවතා වීම ස`දහා නිපදවා තිබූ සිය සියලු ම යුධ අවි, තොරතුරු තාක්ෂණය හා චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කොටගෙන තිබිණි. මේ දුර්වලතාව ප්‍රයෝජනයට ගත් ඇමෙරිකා විරෝධී කණ්ඩායම් මුලින් ම කළේ ඇමෙරිකානු චන්ද්‍රිකාවලට ලේසර් කිරණ පදනම් කරගත් අවිවලින් පහර දී බි`ද දැමීම ය. ඇමෙරිකාවේ සියලු ම ප්‍රබල යුධ අවි අඩපණ කිරීමට එය සමත් විය. අභ්‍යන්තර ගැටලු හා තොරතුරු තාක්ෂණික මෙවලම්වල හටගත් ගැටලු නිසා ඇමෙරිකානු ආරක්ෂක අංශවලට සිදු වෙමින් පවතින තත්ත්වය වටහා ගැනීමට පවා නොහැකි විය. එනිසා ඔවුහු හ`දුනාගෙන තිබූ සතුරන්ට පහර දීම සිය ප්‍රතිපත්තිය කර ගත් හ. පුපුරන ද්‍රව්‍ය ටොන් ගණන් ඉවක් බවක් නැති ව ගුවනින් හෙළමින් ඔවුහු මහා විනාශයක් කිරීමට වූ හ. සිය චන්ද්‍රිකා පද්ධතියේ සහාය නැති ව ඇමෙරිකානු නියමුවන්ට ඉලක්කයකට බෝම්බයක් වත් හෙළීමට නො හැකි වන තරමට ඔවුහු තාක්ෂණයට වහල් වී සිටිය හ. එම නිසා ඔවුන් අතින් ලොව පුරා සාමාන්‍ය සිවිල් ජිවිත ලක්ෂ ගණනින් විනාශ වන්නට විය. අන් රටවල අහිංසක ජන ජීවිත විනාශ කරමින් ඇමෙරිකාව ගෙන යන කෲර වැඩපිළිවෙළට ලොව බොහෝ රටවල් විරුද්ධ විය. ඇමෙරිකාව පත් ව සිටි දුර්වල තත්ත්වය දුටු චීනය, රුසියාව ආදී බලවත් රටවල් ඇමෙරිකාවට එරෙහි ව යුධ ප්‍රකාශ කිරීමත් සමග ම එම අවාසනාවන්ත තෙවැනි ලෝක යුද්ධය ඇරඹිණ.

සියල්ල සිදු වූයේ, දහම් ගේ වාර්තාවල අනාවැකි පළ කර තිබූ ආකාරයට ම ය. ඇමෙරිකාව සිය සතුරු රටවල් වෙත න්‍යෂ්ටික බෝම්බ හෙළා මහා විනාශයක් කිරීම අරඹත් ම, ඔවුනට ද එහි ප්‍රති ප්‍රහාරය අත් විඳින්නට සිදු විය. අමෙරිකාවේ මීළ`ග පියවර වූයේ, දහම් අනාවැකි පළ කර තිබූ අයුරින් ම, ලොව පුරා විසිර ඇති සියලු ම න්‍යෂ්ටික බලාගාර හා න්‍යෂ්ටික පර්යේෂණ ආයතනවලට පහර දීම ය. ඒ ඔවුනට ඇති න්‍යෂ්ටික අවි තර්ජනයෙන් මිදීමට හා එම රටවල් අස්ථාවර කිරීමට ය. එහෙත්, එම කටයුත්ත අවසන් වීමට පෙර සතුරු ප්‍රහාර හමුවේ අමෙරිකාවේ ආරක්ෂක අංශ හා බුද්ධි අංශ සහමුලින් ම විනාශ විය. තව බොහෝ රටවල ද තත්ත්වය එසේ ම විය.

ලොව පුරා රටවල් අතර සන්නිවේදනය ඇනහිට අන්තර්ජාලය හෝ අන්තර්ජාතික දුරකථන පහසුකම් පවා නැති වී ගියේ මේ අවධියේ දී ය. ලොව පුරා සිදු වන්නේ, කුමක් දැ'යි නිවැරැදි ලෙස දැන ගැනීමට නො හැකි විය. මුළු ලොව ම අඳුරේ ගිලුණාක් මෙන් විය. වසර 5ක් පමණ මේ අන්ධකාරයේ ගිලී ලෝ වැසියෝ පීඩා වින්දො ය. එහෙත්, පෙරදිග ලෝකයේ මුතු ඇටය නම් වූ ශ්‍රී ලංකාව තුළ පමණක් පහන් ආලෝකය විහිදිණ. දහම් විඡේවර්ධන ගේ වාර්තා මත පදනම් ව ලාංකීය බුද්ධිමතුන් හා ජන නායකයන් ගෙන ගිය අසහාය වැඩපිළිවෙළට පින් සිදු වන්නට ලක් ජනතාව පමණක් පීඩාවකින් තොර ව අහිංසක ලෙස සරල දිවි පෙවෙතක් ගත කළ හ. ඉන්දියාවට හෙළු බෝම්බ කිහිපයක් ඉලක්කය වැරැදීම නිසා ලංකාවේ යාපනයට ආසන්න මුහුදට වැටී යාපනයේ සිදු වූ හානියත්, ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාරවලට ඇමෙරිකන් හමුදා පහර දුන් පසු ඉන් විමෝචනය වූ විකිරණ නිසා උතුරේ ජනතාව, නැඟෙනහිර පළාතේ පදිංචි කිරීමට සිදුවීමත් හැරුණු කොට තෙවැනි ලෝක යුද්ධයෙන් ලංකාවට විශාල හානියක් සිදු වූයේ නැත.

තෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලංකාවේ පොදු ජනතාව දහම් හට සැලකුවේ අති මහත් ගෞරවයකිනි. ඊට දශකයකට පමණ ඉහත දී එතුමා පළ කළ අනාවැකි, එම දශකයක පමණ කාලය තුළ ඒ අයුරින් ම සිදු වීම අහම්බයක් නො ව මහා ආශ්චර්යයක් යෑයි ඔවුහු විශ්වාස කළ හ. දහම් ගේ හා පසු ව පත් කළ විශේෂඥ කණ්ඩායම්වල යෝජනාවලට විරෝධය පෑ සුළු පිරිස පවා ක්‍රමයෙන් එම යෝජනා හිස් මුදුනින් පිළිගන්නා තත්ත්වයකට පත් විය.

නව පාලක සභා හා විද්වත් සභා ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ජනාධිපතිවරයාට හැකි වූයේත්, එම ජනතා විශ්වාසයේ ප්‍රතිඵලයක් ලෙස ය. විධායක ජනාධිපති ධූරය අවසන් කළ එම අවසාන විධායක ජනාධිපතිවරයා ම, අභිනව පාලක සභාවේ සභාපති ලෙස තේරී පත් වුව ද එතුමා වසර දෙකකට පසු ඉන් අස් වූයේ, සුදුසු අයකුට අවස්ථාව ලබා දීමට ය. මහාචාර්ය්ය දහම්ට එම තනතුර බාරගන්නා ලෙස නොයෙක් දෙනා ඉල්ලීම් කළ ද, පරිපාලනය සඳහා තමාට වඩා දක්ෂ බොහෝ අය ඇතැ'යි කියා එතුමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.

තමා ඉතා ප්‍රිය කරන අතීතාවර්ජනයේ යෙදුණු මහාචාර්ය්ය දහම් විඡේවර්ධනයන්, ජනේලයෙන් මෑත් ව නැවැත සිය අසුනට පැමිණ හිඳ ගත්තේ, සංවත්සර උළෙලේ දී පවත්වන කතාව පිළිබඳව තීරණයක් ගැනීමෙන් පසුව ය.

තම මේසය මත ඇති ලිපි ගොනු කිහිපය අතට ගත් දහම් ඒ එකිනෙක පෙරළා බලන්නට විය. ඒ සංවත්සර උළෙලේ දී ඉදිරිපත් කිරීමට නව නිර්මාණයන් තෝරා ගැනීම සඳහා තමා වෙත ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති වාර්තා ය.

උඩින් ම තිබූයේ ජීව වායු නිෂ්පාදනය පිළිබඳ ව්‍යාපෘති වාර්තාව ය. වැඩි ශීඝ්‍රතාවකින් ජීව වායුව නිපදවන ක්ෂුද්‍ර ජීවී විශේෂයක් නිපදවීම එම ව්‍යාපෘතියේ අරමුණ විය. දහම් එය පසෙකින් තැබී ය. දෙවැනි ව තිබුණේ, ඉහළ ආකාශයේ හා පොළවේ ඇති විද්‍යුත් ආරෝපණ වෙනස උපයෝගී කරගෙන විදුලි බලය නිපදවන ව්‍යාපෘති යෝජනාවකි. දහම් එය ද පසෙකින් තැබී ය.

මෙලෙස සූර්ය්ය තාපයෙන් ක්‍රියා කරන වඩාත් කාර්ය්යක්ෂම ස්ටර්ලින් එංජිමක්, පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය උපයෝගී කොටගෙන විදුලිය උත්පාදනය කරන යන්ත්‍රයක්, වැඩි විද්‍යුත් ප්‍රමාණයක් වඩාත් අඩු කාලයක් ඇතුළත ගබඩා කර ගත හැකි ආකාරයේ විද්‍යුත් කෝෂයක් ආදී බොහොමයක් නව නිර්මාණවලට අදාළ ව්‍යාපෘති වාර්තාවන් කියවා පසෙක තැබූ දහම් දෑස් වසාගෙන සිය අසුනට හේත්තු වූයේ, යම්කිසි අසීරු තීරණයක් ගැනීමට ය.

ශ්‍රී ලංකාවාසීන් න්‍යෂ්ටික ශක්තිය සිය බලශක්ති අර්බුදය විස¹ ගැනීමට යොදා නො ගත්තේ, තමා ගේ වාර්තා නිසා බව දහම් දනී. තමා ගේ කීමට මුළු ජාතියක් ම සවන් දුන් බව මතක් වන විට දහම් බොහෝ හැ`ගුම්බර වෙයි. ඔහු ගේ දෙනෙත් තෙත් වූයේ, ඒ නිසා ය. තෙවැනි ලෝක යුද්ධය අවසන් වී අනතුරු ව එළඹි අඳුරු කාල පරිච්ඡේදය ද අවසන් ව ලෝකය සමග නැවැත සබඳතා පවත්වා ගැනීම ඇරඹී ඇත. දැන් ලෝක සිතියම වෙනස් වී ඇත. සංගණනයක් නො කළ ද ලෝක ජනගහනය මහා පරිමාණ වශයෙන් අඩු වී ඇති බව පැහැදිලි ය. බෝහෝ විශාල රටවල් විනාශ වී කුඩා රාජ්‍ය බිහි වී ඇත. ඒවා බොහොමයක් සාගතයෙන් හා වෙනත් ස්වාභාවික උවදුරුවලින් පීඩා විඳින, සාක්ෂරතාවෙන් ඉතා පහත් ගෝත්‍රික ජන සමාජවලින් යුතු වේ. එහෙත්, ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින රාජ්‍යයන් ද නැතිවා නො වේ. ඇමෙරිකාවේ නම් බොහොමයක් ප්‍රදේශ විකිරණශීලීතාව නිසා තව ම ජීවයට සුදුසු නැත. ඉතිරි ප්‍රදේශවල කුඩා කණ්ඩායම් වශයෙන් වෙසෙන ජන කොටස් ආහාර සඳහා ම්ලේච්ඡ ක්‍රියාවල යෙදෙන, සමාජීය වශයෙන් පිරිහුණු, දරුණු පිරිසක් පවට පත් ව ඇත. ඇමෙරිකානු මහාද්වීපය විශාල වනාන්තරයක් බවට පත් වෙමින් ඇත.

අසරණ වූ එම ලෝකය හමුවේ ශ්‍රී ලංකාව අද සාඩම්බරයෙන් නැඟී සිටින්නේ, න්‍යෂ්ටික ශක්ති භාවිතයෙන් වැළකී සිටි නිසා හා පොදු ජනතාව ගේ දේශප්‍රේමිත්වය නිසා ම සාර්ථක වූ සැලසුම්ගත ක්‍රියාදාමයක් නිසා බව පැහැදිලි ය. දහම් ගේ මුල් වාර්තා අනුව න්‍යෂ්ටික ශක්ති භාවිතයෙන් වැළකී සිටිය යුතු වන්නේ, වසර 2045 වනතුරු පමණි. එහෙත්, පසුගිය වසර කිහිපය තුළ ජනතාව අත්දුටු කුරිරු විනාශයන් පිළිබඳ මතකයන් නිසා සැම දෙනෙක් ම න්‍යෂ්ටික ශක්ති භාවිතය අමතක කොට ඇත. එය නො කළ යුත්තක් බව ඔවුන් ගේ සිත් තුළට තදින් කා වැදී ඇත.

දහම් එක් තීරණයක් ගෙන තිබිණ. එනම්, මේ වසරේ සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඉන් අනතුරු ව, වනගත අසපුවක විවේක සුවයෙන් ගත කිරීම ය. ඔහු සංවත්සර දින කතාව ද සැලසුම් කරගෙන ඇත. එහෙත්, එක් දෙයක් පිළිබඳව ඔහු තව ම පසු වන්නේ, දෙගිඩියාවෙනි. ඒ සංවත්සර දින උළෙලේ දී ඉදිරිපත් කරන නව නිර්මාණය හෝ යෝජනාව පිළිබඳව ය.

මහාචාර්ය්ය දහම් විඡේවර්ධන ගේ බුද්ධිය ඔහුට පවසන්නේ, ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික ශක්තිය ආරම්භ කිරීමට දැන් බාධාවක් නොමැති බව ය. පසුගිය දිනවල හෙතෙම සිය බුද්ධිය මෙහෙයවූයේ, හානිදායක නො වන න්‍යෂ්ටික බල කළමනාකරණය පිළිබඳ ව ය. එහෙත්, ඔහු ගේ හැ`ගීම් ඔහුට පවසන්නේ, ලංකාවේ මේ තාක් පැවැති සරල පරිසර හිතවේදී දිවි පැවැත්මට හානි නො කොට, මේ ආකාරයට ම ජීවිත පවත්වා ගැනීම සුදුසු බව ය. එවිට අනාගත පරපුරට ද මේ සුන්දර ජීවන රටාවට උරුමකම් කිව හැකි වනු ඇත.

එහෙත්, මෙරට ජනතාව තමා ගෙන් බලාපොරොත්තු වන්නේ, විද්වත් අදහස් මිස සිය හැ`ගීම් නො වන බව ද දහම්ට වරෙක සිතිණ. දහම් තව ම දෙගිඩියාවෙනි. තමා ගේ මේ තීරණය ශ්‍රී ලාංකිකයන් ගේ පමණක් නො ව මුළුමහත් මානව ප්‍රජාව ගේ ම අනාගතය පිළිබඳ තීන්දුවක් බව ඔහු දනී. දැස් වසාගෙන බොහෝ වෙලාවක් තම බුද්ධිය හා හැ`ගීම් සමග සටනක යෙදුණ ද, න්‍යෂ්ටික ශක්තිය භාවිතය ආරම්භ කිරීමට යෝජනා කිරීම හෝ නො කිරීම පිළිබඳ තීරණයක් ගැනීම දහම්ට ඉතා අපහසු කටයුත්තක් විය.

දහම් අසුනින් නැඟී සිට නැවතත් ජනෙල් පෙළ අසලට ගියේ සිතට දැනෙන පීඩනය මඳක් දුරු කර ගැනීමට ය. තමා සිටින තෙමහල් ගොඩනැඟිල්ලේ පාමුල සිට ඈත ක්ෂිතිජය දක්වා වූ, සුන්දර හරිත පැහැති තුරුලියෙන් ගැවසී ගත් භූමිය දෙස බැලූ මහාචාර්ය්ය දහම් විඡේවර්ධන ගැඹුරු සුසුමක් හෙළී ය.

උපුටා ගෑනීම

විදුසර විද්‍යා සගරාව

සමාප්තයි.

[QUOTE="rcccc, post: 12786291, member: 369356"] [SIZE=5][COLOR=#003300]පුනරාගමනය[/COLOR][/SIZE][SIZE=4] 3 [/SIZE][SIZE=5]කොටස[/SIZE] [SIZE=4]අධ්‍යාපන හා සංස්කෘතික කණ්ඩායම ද බොහෝ වැදගත් මෙහෙයක් ඉටු කළේ ය. ජනතාව සමගි ව දේශප්‍රේමී හැ`ගීම් ඇති ව උද්යෝගයෙන් ක්‍රියා කිරීම ඔවුන් ගේ සාර්ථකත්වයයි. ඔවුන් ගේ එක් වැදගත් යෝජනාවක් වූයේ සර්ව ආගමික නායක සභාව ය. ජාතීන් වශයෙන් කිසි විටෙක ලාංකිකයන් වර්ග නො කළ යුතු ය යන්න ඔවුන් ඇති කළ වැදගත් රෙගුලාසියකි. මන්ද, ඒ වන විට භාෂා පරිවර්තක භාවිතය හේතුවෙන් කිසිවකුට භාෂාව ගැටලුවක් නො වූ නිසා ය. ජාතිය ගැටලුවක් කරගත්තේ ආත්මාර්ථකාමී දේශපාලකයන් පිරිසක් පමණි. සියලු ම ආගම්වල පූජ්‍ය පූජකතුමන් ලා සිය අනුගාමිකයන්ට දේශනා කළේ, සියලු වාද භේද අමතක කොට ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක් වන්නට කියා ය. විදේශවල සිටින ආගම් අන්තවාදීන් ගේ බලපෑමට හසු වූ පිරිස් නිසා මුල් කාලයේ යම් ගැටලු පැන නැඟුණ ද, රට තුළ සිදු වන අවංක වැඩපිළිවෙළ දැක සිය අඥනවන්තකම් ගැන ලඡ්ජාවට පත් ඔවුහු පසු ව ශ්‍රී ලාංකික ජාතික සංකල්පය වැළඳ ගත් හ. ආගම් ඇදහීම සඳහා වෙන වෙන පූජ්‍ය ස්ථාන කරා ගිය ද ඔවුහු සියල්ලෝ එක ම ජාතියක් මෙන් සිතන්නට වූ හ. එනිසා ක්රයෙන් අතීතයේ පටන් පැවැති හෙළ සංස්කෘතිය පදනම් වූ පොදු ශ්‍රී ලාංකීය සංස්කෘතියක් ඇති වීම ආරම්භ විය. මේ අයුරින් සැම විශේෂඥ කණ්ඩායමක් සිය යුතුකම ඉතා ම අවංක ව කැප වීමෙන් යුතු ව පොදු ජන සහයෝගය සහිත ව කරගෙන යන අතරතුර දහම් ඇතුළු කණ්ඩායමට සිදු වූයේ, ඒ අතරින් බැරෑරුම් ම කටයුත්ත ඉටු කිරීමට ය. එනම්, නුදුරු අනාගතයේ ඇති වන අර්බුදයට මූලික වන හේතුවට පිළියම් කිරීම ය. බලශක්ති ක්ෂේත්රය අන් බොහෝ ක්ෂේත්‍ර සමග සම්බන්ධ වී ඇති නිසා, දහම් ඇතුළු කණ්ඩායමට අනෙකුත් සියලු ම කණ්ඩායම් සමග කටයුතු කිරීමට සිදු විය. බලශක්ති කණ්aඩායමේ යෝජනාවලින් මුලින් ම ක්‍රියාත්මක කළේ, මාර්ගාශ්රිත රුක් රෝපණ ව්‍යාපෘතියකි. එහි වැදගත්කම බොහෝ දෙනකුට එවකට නො වැටහිණ. ඒ ඉතා දූරදර්ශී ව්‍යාපෘතියක් බව ජනතාව වටහා ගත්තේ, ඉන් වසර කිහිපයකට පසු, රුක් ගොමුවලින් සුන්දරත්වයට පත් නාගරික මංමාවත්වල සිහිල් සෙවණේ, පා පැදිවලින් හා පයින් ගමන් කරන විට ය. බලශක්ති කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වූයේ, ඛනිජ ඉන්ධන වෙනුවට විකල්ප බලශක්ති ප්‍රභවයක් සොයා ගැනීම ය. එහෙත්, දහම් එම ක්ෂේත්රයේ මෙතෙක් කරන ලද පරීක්ෂණ හා ව්‍යාපෘතින් ගෙන් ලත් අත්දැකීම් අනුව ඛනිජ ඉන්ධන වෙනුවට න්‍යෂ්ටික ශක්තිය හැර වෙනත් තනි බලශක්ති ප්‍රභවයක් සොයාගැනීම ප්‍රායෝගික නො වන බව අවබෝධ කරගෙන සිටියේ ය. දහම් ගේ වාර්තා අනුව න්‍යෂ්ටික බලාගාරයක් ශ්‍රී ලංකාව තුළ වසර 25ක් ඇතුළත ඉදි නො කළ යුතු විය. එනිසා, ඔවුන් කළේ, සූර්ය්ය කෝෂ, සූර්ය්ය තාපයෙන් ක්‍රියා කරන ස්ටර්ලින් එන්ජින්, සුළං බලාගාර, මුහුදු රළ බලාගාර ආදී නොයෙකුත් යටිතල පහසුකම් ඇති කිරීම ය. තව ද, විද්‍යුතය ගබඩා කිරීමේ කාර්යක්ෂම ක්‍රම පිළිබඳ ව ද පරීක්ෂණ කරමින් සාර්ථක විද්‍යුත් කෝෂ වර්ග කිහිපයක් ම නිර්මාණය කරන ලදි. ඔවුන් ගේ අසීරු ම අභියෝගය වූයේ, දිගු දුර ප්‍රවාහනය සඳහා අවශ්‍ය විශ්වාසදායී බලශක්ති ප්‍රභවයක් සොයා ගැනීම ය. අවසානයේ පොදු ප්‍රවාහන සේවා සඳහා විද්‍යුත් ශක්තිය ලබාගත හැකි මාර්ග පද්ධතියක් ඉදි කිරීම ඇරඹිණ. ඒ වන විට සාර්ථක ව රට තුළ ජාලගත ව තිබූ දුම්රිය මාර්ග පද්ධතිය මේ සඳහා උපකාර කරගත් නිසා එම කටයුත්ත තරමක් පහසු විය. ඇමෙරිකාව, චීනය හෝ ඉන්දියාව වැනි විශාල රටවලට නැති විශේෂ වාසියක්, රටේ කුඩා බව නිසා ලංකාවට ලැබිණ. එහෙත්, මේ යෝධ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී, ධනලෝභී දේශපාලනඥයන් හා වෙනත් කූඨ ව්‍යාපාරිකයන් ගෙන් බොහෝ කරදර සිදු විය. ඒවා ද පෙර පරිදි ම ජනාධිපතිවරයා ගේ මැදිහත් වීම මත ආරක්ෂක හමුදාවේ සහායෙන් විසඳිණ. මාර්ග ජාලය පැතිරීමෙන් පසු ඊට අනුබද්ධ ව කුඩා ප්‍රවාහන පද්ධතීන් ජනතාව විසින් ම ඇති කරන ලදී. අතීතයේ ඉන්ධන පිරවුම්හල් අද විද්‍යුත් කෝෂ හුවමාරු ස්ථාන ලස නම් කෙරිණ. ඒවායින් කරන්නේ තම මෝටර් රථයේ හෝ යතුරු පැදියේ ඇති විසර්ජනය වූ විද්‍යුත් කෝෂ භාර දී ඒ වෙනුවට ආරෝපණය කරන ලද කෝෂ මිල දී ගැනීම ය. එක් රථයක් තුළ කෝෂ කිහිපයක් ම සවි කළ හැකි ලෙස එම රථ නිපදවා ඇති නිසා ගමනේ දුර අනුව කෝෂ හුවමාරුව කරගත යුතු ය. මුල් කාලයේ මේ කෝෂ නිෂ්පාදනය සිදු කළේ ද, බලශක්ති කණ්ඩායම විසින් පිහිටුවන ලද කර්මාන්තශාලාවල ම ය. බලශක්ති කණ්ඩායමේ ආධාර හා උපදෙස් මත කාර්ය්යක්ෂම පාපැදි, යතුරු පැදි හා සැහැල්ලු මෝටර් රථ නිපදවන කර්මාන්තශාලා ද කිහිපයක් ම ඇති විය. පැරැණි පෙට්‍රල් හා ඩීසල් වාහනවල කොටස් ප්‍රතිචක්‍රීකරණය මඟින් අමුද්‍රව්‍ය සපයාගෙන ඉතා පහසු මිලට නව සැහැල්ලු මෝටර් රථ නිපදවන කම්හලක් ආරම්භ කිරීමට ද එක් දක්ෂ ව්‍යවසායකයෙක් සමත් විය. එහි දී සිදු වූ එක් විශේෂ සිදුවීමක් වූයේ, අතීතයේ අති සුඛෝපභෝගී ලෙස සැලකුණු මිල අධික මෝටර් රථවලට සමාන වටිනාකමක්, ප්‍රතිචක්‍රීකරණයේ දී, මිලෙන් අඩු සැහැල්ලු මෝටර් රථ සඳහා ද ලැබීම ය. නාගරික ප්‍රදේශවල වූ කුලී පාපැදි සේවාව නිසා, පොදු ප්‍රවාහන සේවය වූ විදුලි දුම්රිය නැවතුම් ස්ථානවල සිට රාජකාරී ස්ථාන හෝ නිවාස කරා යැම අපහසු නො වී ය. අතුපතර විහිදුණු රුක් ගොමුවලින් ගැවැසුණු සිසිල් සෙවණ සහිත මහා මාර්ගවල ගමන පීඩාකාරී නො වීය. ජනතාව ගේ යහපත් ශරීර සෞඛ්‍යය සඳහා ද එය බොහෝ ප්‍රයෝජනවත් විය. ස්වංපෝෂිත රාජ්‍යයක් බවට පත් වීම සඳහා ම වූ මෙබඳු අහිංසක සංවර්ධන ක්‍රියාවලියක් ශ්‍රී ලංකාව තුළ සිදු වන අතරතුර ලොව අන් රටවල සිදු වූයේ, ඊට ප්‍රතිවිරුද්ධ දේ ය. ලොව සුපිරි බලවතා වීමේ සටනේ නිරතුරු ව ම යෙදුණු ඇමෙරිකාවේ කෲර හා ආත්මාර්ථකාමී ක්‍රියා කලාපයක් නිසා ලොව සියලු ම බලවත් රාජ්‍ය නො සන්සුන් වූ හ. ඛනිජ ඉන්ධන ආදී සම්පත් අතින් පොහොසත් නමුත්, යුද බලය අතින් දුර්වල රාජ්‍ය ඇමෙරිකාව විසින් ආක්‍රමණය කොට අරාජික කළේ, එම රටවල කුමක් හෝ අභ්‍යන්තර සිදුවීමක් පදනම් කරගෙන එම ආක්‍රමණ සාධාරණීකරණය කරමිනි. හේතුවක් සොයාගත නුහුණු තැන සුපුරුදු පරිදි සිය බුද්ධි අංශ උපයෝගී කොටගෙන හේතු නිපදවූ හ. ඉන් අනතුරු ව ඔවුන් විසින් එම රාජ්‍යවලට පත් කරන ලද්දේ, ඇමෙරිකන් අධිරාජ්‍යයට කීකරු, රූකඩ නායකයන් ය. එම රූකඩ රජයන් කළේ, එම රටට යහපත පිණිස කටයුතු කිරීම නො ව. ඇමෙරිකාව ප්රමුඛ අධිරාජය්‍යවාදී රටවල න්‍යාය පත්රයනට අවශ්‍ය අයුරින් කටයුත කිරීම ය. එම නිසා එම රජයන් සැම විට ම මහජන අප්‍රසාදයට ලක් විය. තත්ත්වය මෙසේ වුව ද අනෙකුත් බලවත් රටවල් වුව ද නිශ්ශබ්ද ව සිටියේ, ඇමෙරිකාව හා යුධ වැදීමට තිබූ බිය නිසා ය. ඇමෙරිකාව ද ජගත් සාමය ආරක්ෂා කිරීමේ මුවාවෙන් තව තවත් නවීන යුධ අවි නිපදවමින් යුධමය වශයෙන් තව තවත් බලවත් විය. එහෙත්, මේ වන විට ලොව පුරා මුස්ලිම් ප්‍රජාව ප්රමුඛ පොදු ජනතාව ඇමෙරිකාවට විරුද්ධ ව නැඟී සිටිමින් සිටිය හ. මුල් කාලයේ එබඳු පද්ගලයන් කුමක් හෝ වරදක පටලවා අත්අඩංගුවට ගැනීම මගින් තව තවත් ඇමෙරිකානු විරෝධී නැඟසිටීම්, බිය වද්දවා මැඬපැවැත්වීමට අධිරාජ්‍යවාදීන් සමත් වුව ද, ක්‍රමයෙන් කැරැලිකරුවන් ප්‍රමාණය සංඛ්‍යාත්මක ව වැඩි වන්නට වීමත් සමග පාලනය තරමක් අපහසු විය. ලොව අනෙක් ප්‍රදේශවල ඛනිජ ඉන්ධන ක්ෂය වූ පසු, ඇමෙරිකාව තුළ ඉතිරි කරගෙන සිටි ඛනිජ තෙල් සංචිත ඔවුනට ඇමෙරිකාව තුළ පරිභෝජනය ස`දහා යෙදීමට සිදු විය. එහෙත් ඒ වන විට ඇමෙරිකානුවන් හැඩගැසී සිටි නාස්තිකාර සමාජ රටාව නිසා ඒවා ද ඉක්මනින් ක්ෂය වන්නට විය. එනිසා ඔවුහු න්‍යාෂ්ටික බලශක්ති ප්‍රභව භාවිතය වැඩි කළ හ. ලොව අනෙක් රටවල් ද මේ අර්බුදයෙන් මිදීමට මං සෙවූ හ. ඒ සැම දෙනාට ම තිබූ පහසු ම බලශක්ති ප්රභවය වූයේ න්‍යෂ්ටික ශක්තිය ම වී ය. ශ්‍රී ලංකාවේ හැර ලොව සැම රටක ම පාහේ න්‍යෂ්ටික බලාගාර ඉදි විය. ඇමෙරිකාවට, පෙර මෙන් ඒ සදහා බාධා පැනවීම කළ නොහැකි විය. ලොව සැම රටක් ම පාහේ න්‍යෂ්ටික බලශක්ති ප්‍රවීණයන් වෙමින් සිටියේ ය. එම නිසා, ඒ පිළිබඳ සීමා පනවමින් එම ව්‍යාපෘතීන් විමර්ශනය කරමින් සිටි ඇමෙරිකානු බුද්ධි අංශවලට දරා ගත නොහැකි තරම් තත්ත්වය සංකීර්ණ බවට පත් විය. ඛනිජ ඉන්ධන ගනුදෙනු නැවතුණු පසුව ඇමෙරිකානු ඩොලරයකට තිබූ තැන ක්‍රමයෙන් පහළ වැටෙන්නට විය. එනිසා චීනය ආදී අනෙකුත් ආර්ථික බලවතුන් ඇමෙරිකාවේ කර තිබූ ආයෝජන ද ක්‍රමයෙන් ඉවත් වන්නට විය. ඒත් සමග ම ඇමෙරිකානු ආර්ථිකය ඉතා ම ශීඝ්‍ර කඩා වැටීමකට ලක් විය. අනෙකුත් අධිරාජ්‍යවාදී යුරෝපීය රටවල් සැමෙකක ම තත්ත්වය ද එය ම විය. එම ආර්ථික තත්ත්වය දරාගත නොහැකි වූ එම ධනවාදී සමාජයන් තුළ දැවැන්ත පිරිහීමක් ඇති විය. ආහාර, ඇඳුම්, නිවාස යන මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පවා නොහැකි වූ පිරිස් නීතිය බිඳිමින් සිය දිවි රැක ගැනීමට ගත් උත්සහයන් නිසා පරිපාලනය අස්ථාවර විය. අවනීතිය රජයමින් විශාල සමාජ පරිහානියක් ඇති විය. මේ අතරතුර ලොව පුරා විහිදී සිටි ඇමෙරිකාව හා අනෙකුත් ධනවාදී රටවලට වෛර කළ ඇමෙරිකානු විරෝධී කණ්ඩායම්, ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ ය. ඇමෙරිකානු රාජ්‍ය හා බුද්ධි අංශවලට අදාළ පරිගණක ජාල ඉලක්ක කර ගනිමින් දියත් වූ පරිගණක වයිරස් රැල්ල එහි ප්‍රථම ප්රතිඵලයයි. ලොව පුරා නන් දෙසින් එල්ල වූ එම තොරතුරු තාක්ෂණික ප්‍රහාරය හමුවේ ඇමෙරිකාව මුල් වරට අසරණ විය. ඇමෙරිකාව ලොව සුපිරි බලවතා වීම ස`දහා නිපදවා තිබූ සිය සියලු ම යුධ අවි, තොරතුරු තාක්ෂණය හා චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කොටගෙන තිබිණි. මේ දුර්වලතාව ප්‍රයෝජනයට ගත් ඇමෙරිකා විරෝධී කණ්ඩායම් මුලින් ම කළේ ඇමෙරිකානු චන්ද්‍රිකාවලට ලේසර් කිරණ පදනම් කරගත් අවිවලින් පහර දී බි`ද දැමීම ය. ඇමෙරිකාවේ සියලු ම ප්‍රබල යුධ අවි අඩපණ කිරීමට එය සමත් විය. අභ්‍යන්තර ගැටලු හා තොරතුරු තාක්ෂණික මෙවලම්වල හටගත් ගැටලු නිසා ඇමෙරිකානු ආරක්ෂක අංශවලට සිදු වෙමින් පවතින තත්ත්වය වටහා ගැනීමට පවා නොහැකි විය. එනිසා ඔවුහු හ`දුනාගෙන තිබූ සතුරන්ට පහර දීම සිය ප්‍රතිපත්තිය කර ගත් හ. පුපුරන ද්‍රව්‍ය ටොන් ගණන් ඉවක් බවක් නැති ව ගුවනින් හෙළමින් ඔවුහු මහා විනාශයක් කිරීමට වූ හ. සිය චන්ද්‍රිකා පද්ධතියේ සහාය නැති ව ඇමෙරිකානු නියමුවන්ට ඉලක්කයකට බෝම්බයක් වත් හෙළීමට නො හැකි වන තරමට ඔවුහු තාක්ෂණයට වහල් වී සිටිය හ. එම නිසා ඔවුන් අතින් ලොව පුරා සාමාන්‍ය සිවිල් ජිවිත ලක්ෂ ගණනින් විනාශ වන්නට විය. අන් රටවල අහිංසක ජන ජීවිත විනාශ කරමින් ඇමෙරිකාව ගෙන යන කෲර වැඩපිළිවෙළට ලොව බොහෝ රටවල් විරුද්ධ විය. ඇමෙරිකාව පත් ව සිටි දුර්වල තත්ත්වය දුටු චීනය, රුසියාව ආදී බලවත් රටවල් ඇමෙරිකාවට එරෙහි ව යුධ ප්‍රකාශ කිරීමත් සමග ම එම අවාසනාවන්ත තෙවැනි ලෝක යුද්ධය ඇරඹිණ. සියල්ල සිදු වූයේ, දහම් ගේ වාර්තාවල අනාවැකි පළ කර තිබූ ආකාරයට ම ය. ඇමෙරිකාව සිය සතුරු රටවල් වෙත න්‍යෂ්ටික බෝම්බ හෙළා මහා විනාශයක් කිරීම අරඹත් ම, ඔවුනට ද එහි ප්‍රති ප්‍රහාරය අත් විඳින්නට සිදු විය. අමෙරිකාවේ මීළ`ග පියවර වූයේ, දහම් අනාවැකි පළ කර තිබූ අයුරින් ම, ලොව පුරා විසිර ඇති සියලු ම න්‍යෂ්ටික බලාගාර හා න්‍යෂ්ටික පර්යේෂණ ආයතනවලට පහර දීම ය. ඒ ඔවුනට ඇති න්‍යෂ්ටික අවි තර්ජනයෙන් මිදීමට හා එම රටවල් අස්ථාවර කිරීමට ය. එහෙත්, එම කටයුත්ත අවසන් වීමට පෙර සතුරු ප්‍රහාර හමුවේ අමෙරිකාවේ ආරක්ෂක අංශ හා බුද්ධි අංශ සහමුලින් ම විනාශ විය. තව බොහෝ රටවල ද තත්ත්වය එසේ ම විය. ලොව පුරා රටවල් අතර සන්නිවේදනය ඇනහිට අන්තර්ජාලය හෝ අන්තර්ජාතික දුරකථන පහසුකම් පවා නැති වී ගියේ මේ අවධියේ දී ය. ලොව පුරා සිදු වන්නේ, කුමක් දැ'යි නිවැරැදි ලෙස දැන ගැනීමට නො හැකි විය. මුළු ලොව ම අඳුරේ ගිලුණාක් මෙන් විය. වසර 5ක් පමණ මේ අන්ධකාරයේ ගිලී ලෝ වැසියෝ පීඩා වින්දො ය. එහෙත්, පෙරදිග ලෝකයේ මුතු ඇටය නම් වූ ශ්‍රී ලංකාව තුළ පමණක් පහන් ආලෝකය විහිදිණ. දහම් විඡේවර්ධන ගේ වාර්තා මත පදනම් ව ලාංකීය බුද්ධිමතුන් හා ජන නායකයන් ගෙන ගිය අසහාය වැඩපිළිවෙළට පින් සිදු වන්නට ලක් ජනතාව පමණක් පීඩාවකින් තොර ව අහිංසක ලෙස සරල දිවි පෙවෙතක් ගත කළ හ. ඉන්දියාවට හෙළු බෝම්බ කිහිපයක් ඉලක්කය වැරැදීම නිසා ලංකාවේ යාපනයට ආසන්න මුහුදට වැටී යාපනයේ සිදු වූ හානියත්, ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාරවලට ඇමෙරිකන් හමුදා පහර දුන් පසු ඉන් විමෝචනය වූ විකිරණ නිසා උතුරේ ජනතාව, නැඟෙනහිර පළාතේ පදිංචි කිරීමට සිදුවීමත් හැරුණු කොට තෙවැනි ලෝක යුද්ධයෙන් ලංකාවට විශාල හානියක් සිදු වූයේ නැත. තෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලංකාවේ පොදු ජනතාව දහම් හට සැලකුවේ අති මහත් ගෞරවයකිනි. ඊට දශකයකට පමණ ඉහත දී එතුමා පළ කළ අනාවැකි, එම දශකයක පමණ කාලය තුළ ඒ අයුරින් ම සිදු වීම අහම්බයක් නො ව මහා ආශ්චර්යයක් යෑයි ඔවුහු විශ්වාස කළ හ. දහම් ගේ හා පසු ව පත් කළ විශේෂඥ කණ්ඩායම්වල යෝජනාවලට විරෝධය පෑ සුළු පිරිස පවා ක්‍රමයෙන් එම යෝජනා හිස් මුදුනින් පිළිගන්නා තත්ත්වයකට පත් විය. නව පාලක සභා හා විද්වත් සභා ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ජනාධිපතිවරයාට හැකි වූයේත්, එම ජනතා විශ්වාසයේ ප්‍රතිඵලයක් ලෙස ය. විධායක ජනාධිපති ධූරය අවසන් කළ එම අවසාන විධායක ජනාධිපතිවරයා ම, අභිනව පාලක සභාවේ සභාපති ලෙස තේරී පත් වුව ද එතුමා වසර දෙකකට පසු ඉන් අස් වූයේ, සුදුසු අයකුට අවස්ථාව ලබා දීමට ය. මහාචාර්ය්ය දහම්ට එම තනතුර බාරගන්නා ලෙස නොයෙක් දෙනා ඉල්ලීම් කළ ද, පරිපාලනය සඳහා තමාට වඩා දක්ෂ බොහෝ අය ඇතැ'යි කියා එතුමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. තමා ඉතා ප්‍රිය කරන අතීතාවර්ජනයේ යෙදුණු මහාචාර්ය්ය දහම් විඡේවර්ධනයන්, ජනේලයෙන් මෑත් ව නැවැත සිය අසුනට පැමිණ හිඳ ගත්තේ, සංවත්සර උළෙලේ දී පවත්වන කතාව පිළිබඳව තීරණයක් ගැනීමෙන් පසුව ය. තම මේසය මත ඇති ලිපි ගොනු කිහිපය අතට ගත් දහම් ඒ එකිනෙක පෙරළා බලන්නට විය. ඒ සංවත්සර උළෙලේ දී ඉදිරිපත් කිරීමට නව නිර්මාණයන් තෝරා ගැනීම සඳහා තමා වෙත ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති වාර්තා ය. උඩින් ම තිබූයේ ජීව වායු නිෂ්පාදනය පිළිබඳ ව්‍යාපෘති වාර්තාව ය. වැඩි ශීඝ්‍රතාවකින් ජීව වායුව නිපදවන ක්ෂුද්‍ර ජීවී විශේෂයක් නිපදවීම එම ව්‍යාපෘතියේ අරමුණ විය. දහම් එය පසෙකින් තැබී ය. දෙවැනි ව තිබුණේ, ඉහළ ආකාශයේ හා පොළවේ ඇති විද්‍යුත් ආරෝපණ වෙනස උපයෝගී කරගෙන විදුලි බලය නිපදවන ව්‍යාපෘති යෝජනාවකි. දහම් එය ද පසෙකින් තැබී ය. මෙලෙස සූර්ය්ය තාපයෙන් ක්‍රියා කරන වඩාත් කාර්ය්යක්ෂම ස්ටර්ලින් එංජිමක්, පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය උපයෝගී කොටගෙන විදුලිය උත්පාදනය කරන යන්ත්‍රයක්, වැඩි විද්‍යුත් ප්‍රමාණයක් වඩාත් අඩු කාලයක් ඇතුළත ගබඩා කර ගත හැකි ආකාරයේ විද්‍යුත් කෝෂයක් ආදී බොහොමයක් නව නිර්මාණවලට අදාළ ව්‍යාපෘති වාර්තාවන් කියවා පසෙක තැබූ දහම් දෑස් වසාගෙන සිය අසුනට හේත්තු වූයේ, යම්කිසි අසීරු තීරණයක් ගැනීමට ය. ශ්‍රී ලංකාවාසීන් න්‍යෂ්ටික ශක්තිය සිය බලශක්ති අර්බුදය විස¹ ගැනීමට යොදා නො ගත්තේ, තමා ගේ වාර්තා නිසා බව දහම් දනී. තමා ගේ කීමට මුළු ජාතියක් ම සවන් දුන් බව මතක් වන විට දහම් බොහෝ හැ`ගුම්බර වෙයි. ඔහු ගේ දෙනෙත් තෙත් වූයේ, ඒ නිසා ය. තෙවැනි ලෝක යුද්ධය අවසන් වී අනතුරු ව එළඹි අඳුරු කාල පරිච්ඡේදය ද අවසන් ව ලෝකය සමග නැවැත සබඳතා පවත්වා ගැනීම ඇරඹී ඇත. දැන් ලෝක සිතියම වෙනස් වී ඇත. සංගණනයක් නො කළ ද ලෝක ජනගහනය මහා පරිමාණ වශයෙන් අඩු වී ඇති බව පැහැදිලි ය. බෝහෝ විශාල රටවල් විනාශ වී කුඩා රාජ්‍ය බිහි වී ඇත. ඒවා බොහොමයක් සාගතයෙන් හා වෙනත් ස්වාභාවික උවදුරුවලින් පීඩා විඳින, සාක්ෂරතාවෙන් ඉතා පහත් ගෝත්‍රික ජන සමාජවලින් යුතු වේ. එහෙත්, ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින රාජ්‍යයන් ද නැතිවා නො වේ. ඇමෙරිකාවේ නම් බොහොමයක් ප්‍රදේශ විකිරණශීලීතාව නිසා තව ම ජීවයට සුදුසු නැත. ඉතිරි ප්‍රදේශවල කුඩා කණ්ඩායම් වශයෙන් වෙසෙන ජන කොටස් ආහාර සඳහා ම්ලේච්ඡ ක්‍රියාවල යෙදෙන, සමාජීය වශයෙන් පිරිහුණු, දරුණු පිරිසක් පවට පත් ව ඇත. ඇමෙරිකානු මහාද්වීපය විශාල වනාන්තරයක් බවට පත් වෙමින් ඇත. අසරණ වූ එම ලෝකය හමුවේ ශ්‍රී ලංකාව අද සාඩම්බරයෙන් නැඟී සිටින්නේ, න්‍යෂ්ටික ශක්ති භාවිතයෙන් වැළකී සිටි නිසා හා පොදු ජනතාව ගේ දේශප්‍රේමිත්වය නිසා ම සාර්ථක වූ සැලසුම්ගත ක්‍රියාදාමයක් නිසා බව පැහැදිලි ය. දහම් ගේ මුල් වාර්තා අනුව න්‍යෂ්ටික ශක්ති භාවිතයෙන් වැළකී සිටිය යුතු වන්නේ, වසර 2045 වනතුරු පමණි. එහෙත්, පසුගිය වසර කිහිපය තුළ ජනතාව අත්දුටු කුරිරු විනාශයන් පිළිබඳ මතකයන් නිසා සැම දෙනෙක් ම න්‍යෂ්ටික ශක්ති භාවිතය අමතක කොට ඇත. එය නො කළ යුත්තක් බව ඔවුන් ගේ සිත් තුළට තදින් කා වැදී ඇත. දහම් එක් තීරණයක් ගෙන තිබිණ. එනම්, මේ වසරේ සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඉන් අනතුරු ව, වනගත අසපුවක විවේක සුවයෙන් ගත කිරීම ය. ඔහු සංවත්සර දින කතාව ද සැලසුම් කරගෙන ඇත. එහෙත්, එක් දෙයක් පිළිබඳව ඔහු තව ම පසු වන්නේ, දෙගිඩියාවෙනි. ඒ සංවත්සර දින උළෙලේ දී ඉදිරිපත් කරන නව නිර්මාණය හෝ යෝජනාව පිළිබඳව ය. මහාචාර්ය්ය දහම් විඡේවර්ධන ගේ බුද්ධිය ඔහුට පවසන්නේ, ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික ශක්තිය ආරම්භ කිරීමට දැන් බාධාවක් නොමැති බව ය. පසුගිය දිනවල හෙතෙම සිය බුද්ධිය මෙහෙයවූයේ, හානිදායක නො වන න්‍යෂ්ටික බල කළමනාකරණය පිළිබඳ ව ය. එහෙත්, ඔහු ගේ හැ`ගීම් ඔහුට පවසන්නේ, ලංකාවේ මේ තාක් පැවැති සරල පරිසර හිතවේදී දිවි පැවැත්මට හානි නො කොට, මේ ආකාරයට ම ජීවිත පවත්වා ගැනීම සුදුසු බව ය. එවිට අනාගත පරපුරට ද මේ සුන්දර ජීවන රටාවට උරුමකම් කිව හැකි වනු ඇත. එහෙත්, මෙරට ජනතාව තමා ගෙන් බලාපොරොත්තු වන්නේ, විද්වත් අදහස් මිස සිය හැ`ගීම් නො වන බව ද දහම්ට වරෙක සිතිණ. දහම් තව ම දෙගිඩියාවෙනි. තමා ගේ මේ තීරණය ශ්‍රී ලාංකිකයන් ගේ පමණක් නො ව මුළුමහත් මානව ප්‍රජාව ගේ ම අනාගතය පිළිබඳ තීන්දුවක් බව ඔහු දනී. දැස් වසාගෙන බොහෝ වෙලාවක් තම බුද්ධිය හා හැ`ගීම් සමග සටනක යෙදුණ ද, න්‍යෂ්ටික ශක්තිය භාවිතය ආරම්භ කිරීමට යෝජනා කිරීම හෝ නො කිරීම පිළිබඳ තීරණයක් ගැනීම දහම්ට ඉතා අපහසු කටයුත්තක් විය. දහම් අසුනින් නැඟී සිට නැවතත් ජනෙල් පෙළ අසලට ගියේ සිතට දැනෙන පීඩනය මඳක් දුරු කර ගැනීමට ය. තමා සිටින තෙමහල් ගොඩනැඟිල්ලේ පාමුල සිට ඈත ක්ෂිතිජය දක්වා වූ, සුන්දර හරිත පැහැති තුරුලියෙන් ගැවසී ගත් භූමිය දෙස බැලූ මහාචාර්ය්ය දහම් විඡේවර්ධන ගැඹුරු සුසුමක් හෙළී ය. [/SIZE][SIZE=4]උපුටා ගෑනීම විදුසර විද්‍යා සගරාව[/SIZE][SIZE=4] සමාප්තයි. [IMG]http://i1100.photobucket.com/albums/g401/nuwan2/d53edfcad5892ffc8aba6927a98912c8a7afa77f04ccbc74bcd11c6e2d9879174g.gif[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom