Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුනරුත්පත්තිය හා පුනර්භවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුනරුත්පත්තිය හා පුනර්භවය

ලෝකයේ සියලු ආගම් ගොඩනැඟී තිබෙන්නේ මිනිසාගේ ජීවිතය හා මරණය පදනම් කරගෙන ය. මරණයෙන් පසු ජීවිතය සදහටම කෙළවර වන බවත්, මතු පැවැත්මක් නොමැති බවත් පිළිගන්නා සමාජයක ආගමක් රඳා පවතින්නේ නැත. මරණයෙන් පසු මිනිසකුට සිදුවන්නේ කුමක් ද? යන්න තමන්ට යමක් ගැන සිතන්නට හා කියන්නට හැකි වූ දා සිට ම මිනිසුන් විසින් පිළිතුරු සොයනු ලබන ප්රශ්නයකි. ලෝකය පුරා විහි දී ඇති මානව සමාජ ඒ පිළිබඳව දරන නිගමන අනුව බිහි වූ විවිධ ආගමික විශ්වාස හා ඒ වටා බැඳුන ගුප්ත අවමංගල චාරිත්‍ර දහස් ගණනක් තිබේ.

මරණයෙන් පසු කිසිම ආකාරයක ජීවිත පැවැත්මක් නැත යනු භෞතිකවාදීන්ගේ පිළිගැනීම යි. එම ඉගැන්වීම උච්ඡේදවාදය යනුවෙන් ද හැඳින්වෙයි. පුද්ගලයකුගේ මළසිරුර සොහොනට ගෙනගොස් දැමූ පසු ජීවිතය සදහටම නිමවෙයි. එම නිසා ජීවත්වන කාලය තුළ සැපසේසැප විඳින්න. මුදල් නැති නම්, ණයට හෝ ගන්න යැයි අතීතයේ භාරතයේ විසූ උච්ඡේදවාදීයකු වන චාර්වාක පවසා ඇත. අද වුව ද, ලොව බොහෝ දෙනා රුචිකත්වයක් දක්වන්නේ එම චින්තනයට යි. නමුත් ජීවිතයේ යථාර්ථය ඔවුන් සිතන ආකාරයේ දෙයක් නොවීම පොදුවේ අප කවුරුත් මුහුණපා තිබෙන ගැටලුව යි.

මරණයෙන් පසු මිනිසාගේ පැවැත්මක් තිබේ. මිනිසා මරණයෙන් මතු නැවත උපදියි යන මතය පිළිගන්නා ආගම් ලෝකයේ බහුල ය. ඒවා එකිනෙකට වෙනස් වන්නේ එම පැවැත්ම සිදුවන්නේ කුමන ආකාරයට ද? එහි පදනම කෙබඳු ද? වැනි කාරණා සම්බන්ධයෙන් දක්වන විග්රහයන් මුල්කරගෙන ය. හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් වැනි ප්‍රධාන ආගම් සියල්ලම මිනිසා මැවුම්කාරයකුගේ නිර්මාණයක් බව විශ්වාස කරයි. මිනිසා සහ මැවුම්කරුවා සම්බන්ධ කරන්නේ ආත්මය මගිනි. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම්වල දැක්වෙන්නේ හොඳ ජීවිතයක් ගතකරන පුද්ගලයා මරණින් පසු දෙවියන් වහන්සේ සමඟ එක්වන බවත්, පව්කරන්නා සදහට ම අපායට යන බවත් ය. ඒ අනුව මිනිසා නැවත උත්පත්තිය ලබන්නේ එක්වරක් පමණි.

හින්දු ආගමේ මතය ඊට වඩා පුළුල් ය. මරණින් පසු ජීවිතය එක් අවස්ථාවකට පමණක් සීමා නොවේ. කිළිටි වූ ආත්මය යාග,හෝම, තපස් ක්‍රම ආදිය මගින් පිරිසිදු කරගන්නා තුරුම අනන්ත වූ ආත්මභාව ගණනක් මැරෙමින් නැවත උපදිමින් මිනිසාට සංසාරයේ ගතකරන්නට සිදුවෙයි. පුද්ගලයකු වර්තමාන ජීවිතයට පැමිණ සිටින්නේ මීට පෙර අනන්ත ජීවිත ගණනක් ගතකිරීමෙන් පසුව යි. මේ සසර ගමන නිමවන්නේ පුද්ගල ආත්මය ශුද්ධාත්මය හා එක්වීමෙනි. එය මෝක්ෂය යි.

ඒ සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගය දුෂ්කර ය. ශරීරයට දුක් දීමෙන්, යාග හෝම පැවැත්වීමෙන් පාපකර්ම නිමා කළ යුතු ය. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම්වල ඒ සඳහා තිබෙන්නේ තරමක් සරල ක්රමයකි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ පිළිබඳව පූර්ණ විශ්වාසය තබා යාඥා කොට පව් සමාකරගැනීමෙන් සිත පිරිසුදු වේ. එය මරණින් පසු දෙවියන් වහන්සේ සමඟ එක්වීමට මාර්ගයයි.

ජීවිතය සමඟ ගමන් කරන සදාකාලික ආත්මයක් පිළිබඳ අදහසක් බුදුදහමේ නොමැත. එසේම අද බොහෝ දෙනා පුනරුත්පත්තිය යන හින්දු වචනය බුදුදහමට සම්බන්ධ කරති. පුනරුත්පත්තිය යනු මේ ජීවිතයේ සිටින තැනැත්තා මරණයෙන් පසු ඒ අයුරින් ම උපත ලැබීමයි. පුද්ගලයාගේ ආත්මය අලුත් ඇඳුමක් ඇඳගැනීමට නැතිනම් නව නිවසක පදිංචිවීමට එය උපමා කොට ඇත. ආත්මය නොපිළිගන්නා බෞද්ධ ඉගැන්වීම්වලට එය නොගැලපෙයි. එමනිසා, මරණින් පසු නැවත ඉපදීම හැඳින්වීමට බුදුදහම සෑම විටම භාවිතා කර තිබෙන්නේ “පුනබ්භව“ යන වචනයයි.

මිනිසා පමණක් නොව සියලුම සත්ත්වයන් අනන්ත වාර ගණනක් උපදිමින් මැරෙමින් සසර සැරිසරන බව හින්දු ආගම මෙන්ම බුදුදහම ද පිළිගනියි. එහි පටන්ගැන්ම හෝ අවසානය පැහැදිලි කළ නොහැක. සංසාර චක්‍රය යන වචනය ඒ සඳහා යෙදේ. චක්රයක අගක් මුලක් පෙන්විය නොහැක. හේතු ඵල නියාමයට අනුව සත්ත්වයන්ගේ සසර පැවැත්ම සිදුවන බව කීම බුදුදහමේ විශේෂත්වයකි. අවිද්‍යාව, තණ්හාව, කර්මය ආදිය පුනර්භවයට මුල්වෙයි. පුද්ගලයකු කර්මානුරූපව මරණින් මතු උපදින තැන් රැසකි. මනුෂ්‍ය ලෝකය, සදෙව් ලෝක සහ සතර අපාය සත්ත්වයන්ගේ උපත සිදුවන කාමලෝක ලෙස හැඳින්වෙයි. තිරිසන් ලෝකය සතර අපායට අයත් ය. ධ්‍යානලාභීන් උපදින රූපාවචර බ්‍රහ්මලෝක 16 කි. අරූපාවචර බ්‍රහ්මලෝක 4 කි. මිනිසා මිනිසකු ලෙස ම උපදින බවට නියතියක් නැත. සිදුකළ කර්ම අනුව උපදින තැන් නියම වෙයි. කර්මය ගෙවුන පසු තවත් තැනක උපදියි. ජීවිතය සදාකාලිකව එකතැනකට සීමා නොවේ. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් අනුව නම් මරණින් පසු අපාය හෝ දෙවියන් වහන්සේ සමඟ එක්වූ පසු ජීවිතය සදාකාලික ය.

බුදුදහමේ කිසිම ආකාරයක ආත්මයක් ගැන උගන්වන්නේ නැත. ඒ නිසා වෙනස් නොවී භවයෙන් භවයට ගමන් කරන ආත්මයක් හෝ විඤ්ඤාණයක් නොපිළිගනියි. මරණයෙන් පසු පරලොව උපදින පුද්ගලයා මෙලොව සිටි තැනැත්තා ම ද? වෙනත් කෙනෙක් ද? යන ප්‍රශ්නයට බුදුදහම දෙන පිළිතුර නම්, ඔහුත් නොවේ. වෙනත් කෙනෙක් ද නොවේ යන්නයි. එය කැඩපතකින් පෙනෙන පුද්ගලයකුගේ රූපයක් ගැන කරන විග්‍රහයක් වැනි ය.

පුද්ගලයාත්, ප්‍රතිබිම්බයත් අතර සම්බන්ධයක් ඇත. එම රූපය පුද්ගලයා නිසා ඇතිවූවක් බැවිනි. නමුත් ප්‍රතිබිම්බය එම පුද්ගලයා ම යැයි කිව නොහැක. නොවෙනස්ව ගමන් කරන ආත්මයක් ඇත යන අදහසින් බැහැරවීම සඳහා පුනර්භවය විස්තර කිරීමේ දී බුදුහාමුදුරුවන් ප්‍රවේශමෙන් වචන හසුරුවා ඇති බව අපට පෙනී යයි. කෙනකුගේ මරණය සිදු වූ මොහොතේ ම තවත් තැනක උපදිනවා ද? යන්න පිළිබඳව මතවාද ඇත. වෙනත් භවයක හටගැනීම සත්ත්වයකුගේ මිය ගිය මොහොතේ ම සිදුවේ යනු ථේරවාද බෞද්ධ මතය යි.

පුද්ගලයකුගේ මරණය හා පුනර්භවය අතර අන්තරාභවය නමින් හැඳින්වෙන මනෝමය වූ පැවැත්මක් ගැන විශ්වාස කරන පිරිසක් ද බෞද්ධයන් අතර සිටිති. එයින් අදහස් වන්නේ පුනර්භවය ලැබීමට සුදුසු තැනක් සොයමින් මියගිය තැනැත්තාගේ ප්රතිසන්ධි ශක්තිය පාවෙමින් තිබෙන කාල සීමාවකි. මෙය දැඩි මතභේදවලට ලක් වූ මාතෘකාවකි. මරණය සිදුවී හත් දවසකින්, දින දාහතරකින්, තුන් මාසයකින් ආදී වශයෙන් නිශ්චිත දින වකවානුවල මළවුන්ට පින්දීමේ පින්කම් පැවැත්වීමට බෞද්ධයන් පුරුදු වී සිටින්නේ මළ තැනැත්තා අන්තරාභවයේ ජීවත්වන කාල සීමාව පිළිබඳ නිගමනය අනුව යි. චුතුපපාත ඥානය හා පුබ්බේනිවාසානුස්සති ඥානය ලබාගත් කෙනකුට අනෙකුත් සත්ත්වයන් මැරී උපදින තැන් සහ තමන් පෙර ජීවිතවල ඉපදී සිටි තැන් දැනගැනීමට පුළුවන. මැරුණ තැනැත්තාගේ හිස් කබලට තට්ටු කර ඉපදුන තැන කිවහැකි ශාස්ත්‍රයක් බුදුන් දවස විසූ වංගීස බමුණා දැන සිටියේ ය.

පුනරුත්පත්තිය නොහොත් පුනර්භවය ගැන පර්යේෂණ කරන විද්වතුන් ඒ සඳහා භාවිතා කරන එක් ක්‍රමයක් නම්, පුද්ගලයන් මෝහන නිද්‍රාවට පත්කර ඔවුන්ගේ මතකය අතීත භවයන්ට ගෙනයාමයි. ඇමෙරිකාවේ සිටි එඩ්ගා කේසි ස්වයං මෝහනය මගින් අනුන්ගේ පෙර ජීවිත, ඔවුන් එම ජීවිතවල දී සිදුකළ කර්ම හා ඒ අනුව මෙලොව විඳින විපාක පිළිබඳ විග්රහ කළ කෙනෙකි. ජිනා සෙර්මිනාරාගේ සංසාර මන්දිර පොතේ ඒ ගැන විස්තර වෙයි.

නැවත ඉපදීම ගැන පර්යේෂණ කළ ලොව ප්‍රකට පුද්ගලයා මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් මහතා ය. පෙරභවය ගැන කියූ ලංකාවේ ළමුන් ගණනාවක් හමු වී පර්යේෂණ පවත්වා ඇත. මෝහන නිද්‍රාව හා පෙර භවය ගැන කියන අය ඇසුරෙන් පර්යේෂණ සිදුකෙරුණත්, නැවත ඉපදීම තහවුරු කිරීමක් විද්‍යාව මගින් තවම එවැන්නක් තහවුරු කර නොමැත. ඉන්ද්රිය ශක්තිය දියුණු කිරීමෙන් ලැබූ විශේෂ ඥානයකින් බුදුරදුන්, රහතුන් සහ ධ්‍යානලාභී තවුසන් දැනගත් දේ සාමාන්‍ය බුද්ධියෙන් වටහාගැනීමට නොහැකි ය.

මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් නැවත ඉපදීමක් තිබිය හැකි බවට අදහස් ඉදිරිපත් කරන අතර, එය ස්ථීර කිරීමට හෝ එය සිදුවන්නේ කෙසේ දැ යි කීමට නොහැකි බව පවසයි. ඇතැම් ළමුන් තම පෙර ජීවිත ගැන කරන ප්‍රකාශන සම්බන්ධයෙන් පිළිතුරක් දීමට විද්‍යාව අපොහොසත්ය. එපමණකින් ඒවා ප්‍රතික්ෂේප කළ නොහැකි ය.

අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික

මැදගම ධම්මානන්ද හිමි

[QUOTE="rukshrulz, post: 20751925, member: 482079"] [b]පුනරුත්පත්තිය හා පුනර්භවය[/b] [IMG]http://www.lakehouse.lk/alokoudapadi/2014/01/29/jeewana-chakraya.jpg[/IMG] [SIZE="5"]ලෝකයේ සියලු ආගම් ගොඩනැඟී තිබෙන්නේ මිනිසාගේ ජීවිතය හා මරණය පදනම් කරගෙන ය. මරණයෙන් පසු ජීවිතය සදහටම කෙළවර වන බවත්, මතු පැවැත්මක් නොමැති බවත් පිළිගන්නා සමාජයක ආගමක් රඳා පවතින්නේ නැත. මරණයෙන් පසු මිනිසකුට සිදුවන්නේ කුමක් ද? යන්න තමන්ට යමක් ගැන සිතන්නට හා කියන්නට හැකි වූ දා සිට ම මිනිසුන් විසින් පිළිතුරු සොයනු ලබන ප්රශ්නයකි. ලෝකය පුරා විහි දී ඇති මානව සමාජ ඒ පිළිබඳව දරන නිගමන අනුව බිහි වූ විවිධ ආගමික විශ්වාස හා ඒ වටා බැඳුන ගුප්ත අවමංගල චාරිත්‍ර දහස් ගණනක් තිබේ. මරණයෙන් පසු කිසිම ආකාරයක ජීවිත පැවැත්මක් නැත යනු භෞතිකවාදීන්ගේ පිළිගැනීම යි. එම ඉගැන්වීම උච්ඡේදවාදය යනුවෙන් ද හැඳින්වෙයි. පුද්ගලයකුගේ මළසිරුර සොහොනට ගෙනගොස් දැමූ පසු ජීවිතය සදහටම නිමවෙයි. එම නිසා ජීවත්වන කාලය තුළ සැපසේසැප විඳින්න. මුදල් නැති නම්, ණයට හෝ ගන්න යැයි අතීතයේ භාරතයේ විසූ උච්ඡේදවාදීයකු වන චාර්වාක පවසා ඇත. අද වුව ද, ලොව බොහෝ දෙනා රුචිකත්වයක් දක්වන්නේ එම චින්තනයට යි. නමුත් ජීවිතයේ යථාර්ථය ඔවුන් සිතන ආකාරයේ දෙයක් නොවීම පොදුවේ අප කවුරුත් මුහුණපා තිබෙන ගැටලුව යි. මරණයෙන් පසු මිනිසාගේ පැවැත්මක් තිබේ. මිනිසා මරණයෙන් මතු නැවත උපදියි යන මතය පිළිගන්නා ආගම් ලෝකයේ බහුල ය. ඒවා එකිනෙකට වෙනස් වන්නේ එම පැවැත්ම සිදුවන්නේ කුමන ආකාරයට ද? එහි පදනම කෙබඳු ද? වැනි කාරණා සම්බන්ධයෙන් දක්වන විග්රහයන් මුල්කරගෙන ය. හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් වැනි ප්‍රධාන ආගම් සියල්ලම මිනිසා මැවුම්කාරයකුගේ නිර්මාණයක් බව විශ්වාස කරයි. මිනිසා සහ මැවුම්කරුවා සම්බන්ධ කරන්නේ ආත්මය මගිනි. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම්වල දැක්වෙන්නේ හොඳ ජීවිතයක් ගතකරන පුද්ගලයා මරණින් පසු දෙවියන් වහන්සේ සමඟ එක්වන බවත්, පව්කරන්නා සදහට ම අපායට යන බවත් ය. ඒ අනුව මිනිසා නැවත උත්පත්තිය ලබන්නේ එක්වරක් පමණි. හින්දු ආගමේ මතය ඊට වඩා පුළුල් ය. මරණින් පසු ජීවිතය එක් අවස්ථාවකට පමණක් සීමා නොවේ. කිළිටි වූ ආත්මය යාග,හෝම, තපස් ක්‍රම ආදිය මගින් පිරිසිදු කරගන්නා තුරුම අනන්ත වූ ආත්මභාව ගණනක් මැරෙමින් නැවත උපදිමින් මිනිසාට සංසාරයේ ගතකරන්නට සිදුවෙයි. පුද්ගලයකු වර්තමාන ජීවිතයට පැමිණ සිටින්නේ මීට පෙර අනන්ත ජීවිත ගණනක් ගතකිරීමෙන් පසුව යි. මේ සසර ගමන නිමවන්නේ පුද්ගල ආත්මය ශුද්ධාත්මය හා එක්වීමෙනි. එය මෝක්ෂය යි. ඒ සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගය දුෂ්කර ය. ශරීරයට දුක් දීමෙන්, යාග හෝම පැවැත්වීමෙන් පාපකර්ම නිමා කළ යුතු ය. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම්වල ඒ සඳහා තිබෙන්නේ තරමක් සරල ක්රමයකි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ පිළිබඳව පූර්ණ විශ්වාසය තබා යාඥා කොට පව් සමාකරගැනීමෙන් සිත පිරිසුදු වේ. එය මරණින් පසු දෙවියන් වහන්සේ සමඟ එක්වීමට මාර්ගයයි. ජීවිතය සමඟ ගමන් කරන සදාකාලික ආත්මයක් පිළිබඳ අදහසක් බුදුදහමේ නොමැත. එසේම අද බොහෝ දෙනා පුනරුත්පත්තිය යන හින්දු වචනය බුදුදහමට සම්බන්ධ කරති. පුනරුත්පත්තිය යනු මේ ජීවිතයේ සිටින තැනැත්තා මරණයෙන් පසු ඒ අයුරින් ම උපත ලැබීමයි. පුද්ගලයාගේ ආත්මය අලුත් ඇඳුමක් ඇඳගැනීමට නැතිනම් නව නිවසක පදිංචිවීමට එය උපමා කොට ඇත. ආත්මය නොපිළිගන්නා බෞද්ධ ඉගැන්වීම්වලට එය නොගැලපෙයි. එමනිසා, මරණින් පසු නැවත ඉපදීම හැඳින්වීමට බුදුදහම සෑම විටම භාවිතා කර තිබෙන්නේ “පුනබ්භව“ යන වචනයයි. මිනිසා පමණක් නොව සියලුම සත්ත්වයන් අනන්ත වාර ගණනක් උපදිමින් මැරෙමින් සසර සැරිසරන බව හින්දු ආගම මෙන්ම බුදුදහම ද පිළිගනියි. එහි පටන්ගැන්ම හෝ අවසානය පැහැදිලි කළ නොහැක. සංසාර චක්‍රය යන වචනය ඒ සඳහා යෙදේ. චක්රයක අගක් මුලක් පෙන්විය නොහැක. හේතු ඵල නියාමයට අනුව සත්ත්වයන්ගේ සසර පැවැත්ම සිදුවන බව කීම බුදුදහමේ විශේෂත්වයකි. අවිද්‍යාව, තණ්හාව, කර්මය ආදිය පුනර්භවයට මුල්වෙයි. පුද්ගලයකු කර්මානුරූපව මරණින් මතු උපදින තැන් රැසකි. මනුෂ්‍ය ලෝකය, සදෙව් ලෝක සහ සතර අපාය සත්ත්වයන්ගේ උපත සිදුවන කාමලෝක ලෙස හැඳින්වෙයි. තිරිසන් ලෝකය සතර අපායට අයත් ය. ධ්‍යානලාභීන් උපදින රූපාවචර බ්‍රහ්මලෝක 16 කි. අරූපාවචර බ්‍රහ්මලෝක 4 කි. මිනිසා මිනිසකු ලෙස ම උපදින බවට නියතියක් නැත. සිදුකළ කර්ම අනුව උපදින තැන් නියම වෙයි. කර්මය ගෙවුන පසු තවත් තැනක උපදියි. ජීවිතය සදාකාලිකව එකතැනකට සීමා නොවේ. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් අනුව නම් මරණින් පසු අපාය හෝ දෙවියන් වහන්සේ සමඟ එක්වූ පසු ජීවිතය සදාකාලික ය. බුදුදහමේ කිසිම ආකාරයක ආත්මයක් ගැන උගන්වන්නේ නැත. ඒ නිසා වෙනස් නොවී භවයෙන් භවයට ගමන් කරන ආත්මයක් හෝ විඤ්ඤාණයක් නොපිළිගනියි. මරණයෙන් පසු පරලොව උපදින පුද්ගලයා මෙලොව සිටි තැනැත්තා ම ද? වෙනත් කෙනෙක් ද? යන ප්‍රශ්නයට බුදුදහම දෙන පිළිතුර නම්, ඔහුත් නොවේ. වෙනත් කෙනෙක් ද නොවේ යන්නයි. එය කැඩපතකින් පෙනෙන පුද්ගලයකුගේ රූපයක් ගැන කරන විග්‍රහයක් වැනි ය. පුද්ගලයාත්, ප්‍රතිබිම්බයත් අතර සම්බන්ධයක් ඇත. එම රූපය පුද්ගලයා නිසා ඇතිවූවක් බැවිනි. නමුත් ප්‍රතිබිම්බය එම පුද්ගලයා ම යැයි කිව නොහැක. නොවෙනස්ව ගමන් කරන ආත්මයක් ඇත යන අදහසින් බැහැරවීම සඳහා පුනර්භවය විස්තර කිරීමේ දී බුදුහාමුදුරුවන් ප්‍රවේශමෙන් වචන හසුරුවා ඇති බව අපට පෙනී යයි. කෙනකුගේ මරණය සිදු වූ මොහොතේ ම තවත් තැනක උපදිනවා ද? යන්න පිළිබඳව මතවාද ඇත. වෙනත් භවයක හටගැනීම සත්ත්වයකුගේ මිය ගිය මොහොතේ ම සිදුවේ යනු ථේරවාද බෞද්ධ මතය යි. පුද්ගලයකුගේ මරණය හා පුනර්භවය අතර අන්තරාභවය නමින් හැඳින්වෙන මනෝමය වූ පැවැත්මක් ගැන විශ්වාස කරන පිරිසක් ද බෞද්ධයන් අතර සිටිති. එයින් අදහස් වන්නේ පුනර්භවය ලැබීමට සුදුසු තැනක් සොයමින් මියගිය තැනැත්තාගේ ප්රතිසන්ධි ශක්තිය පාවෙමින් තිබෙන කාල සීමාවකි. මෙය දැඩි මතභේදවලට ලක් වූ මාතෘකාවකි. මරණය සිදුවී හත් දවසකින්, දින දාහතරකින්, තුන් මාසයකින් ආදී වශයෙන් නිශ්චිත දින වකවානුවල මළවුන්ට පින්දීමේ පින්කම් පැවැත්වීමට බෞද්ධයන් පුරුදු වී සිටින්නේ මළ තැනැත්තා අන්තරාභවයේ ජීවත්වන කාල සීමාව පිළිබඳ නිගමනය අනුව යි. චුතුපපාත ඥානය හා පුබ්බේනිවාසානුස්සති ඥානය ලබාගත් කෙනකුට අනෙකුත් සත්ත්වයන් මැරී උපදින තැන් සහ තමන් පෙර ජීවිතවල ඉපදී සිටි තැන් දැනගැනීමට පුළුවන. මැරුණ තැනැත්තාගේ හිස් කබලට තට්ටු කර ඉපදුන තැන කිවහැකි ශාස්ත්‍රයක් බුදුන් දවස විසූ වංගීස බමුණා දැන සිටියේ ය. පුනරුත්පත්තිය නොහොත් පුනර්භවය ගැන පර්යේෂණ කරන විද්වතුන් ඒ සඳහා භාවිතා කරන එක් ක්‍රමයක් නම්, පුද්ගලයන් මෝහන නිද්‍රාවට පත්කර ඔවුන්ගේ මතකය අතීත භවයන්ට ගෙනයාමයි. ඇමෙරිකාවේ සිටි එඩ්ගා කේසි ස්වයං මෝහනය මගින් අනුන්ගේ පෙර ජීවිත, ඔවුන් එම ජීවිතවල දී සිදුකළ කර්ම හා ඒ අනුව මෙලොව විඳින විපාක පිළිබඳ විග්රහ කළ කෙනෙකි. ජිනා සෙර්මිනාරාගේ සංසාර මන්දිර පොතේ ඒ ගැන විස්තර වෙයි. නැවත ඉපදීම ගැන පර්යේෂණ කළ ලොව ප්‍රකට පුද්ගලයා මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් මහතා ය. පෙරභවය ගැන කියූ ලංකාවේ ළමුන් ගණනාවක් හමු වී පර්යේෂණ පවත්වා ඇත. මෝහන නිද්‍රාව හා පෙර භවය ගැන කියන අය ඇසුරෙන් පර්යේෂණ සිදුකෙරුණත්, නැවත ඉපදීම තහවුරු කිරීමක් විද්‍යාව මගින් තවම එවැන්නක් තහවුරු කර නොමැත. ඉන්ද්රිය ශක්තිය දියුණු කිරීමෙන් ලැබූ විශේෂ ඥානයකින් බුදුරදුන්, රහතුන් සහ ධ්‍යානලාභී තවුසන් දැනගත් දේ සාමාන්‍ය බුද්ධියෙන් වටහාගැනීමට නොහැකි ය. මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් නැවත ඉපදීමක් තිබිය හැකි බවට අදහස් ඉදිරිපත් කරන අතර, එය ස්ථීර කිරීමට හෝ එය සිදුවන්නේ කෙසේ දැ යි කීමට නොහැකි බව පවසයි. ඇතැම් ළමුන් තම පෙර ජීවිත ගැන කරන ප්‍රකාශන සම්බන්ධයෙන් පිළිතුරක් දීමට විද්‍යාව අපොහොසත්ය. එපමණකින් ඒවා ප්‍රතික්ෂේප කළ නොහැකි ය. අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික මැදගම ධම්මානන්ද හිමි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom