Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුනරුත්පත්තිය හා පුනර්භවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්-පව්, නැවත උපත හා මරණින් පසු ජීවිතය පිළ&a

පින්-පව්, නැවත උපත හා මරණින් පසු ජීවිතය

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමි

කැලණිය විශ්වවිද්‍යාලය, නූතන භාෂා අංශය

බුද්ධ ධර්මයට අනුව සියලුම සත්ත්වයෝ නිරන්තර වෙනස්කම්වලට හසුවෙමින් ඉපදීම හා මරණයත්, මරණින් පසු නැවත ඉපදීමත් උරුමකරගත් ස්ථිර ආත්මයක් නැති, ඉන්ද්‍රියන් එකට එකතු වීමෙන් හටගන්නා ජීවය ඇති අය වෙති. මේ සත්ත්වයින්ගේ ස්වභාවය නිසි පරිදි විස්තර කොට නැවත ඉපදීම නොහොත් පුණර්භවය දුරු කිරීමේ මාර්ගය විස්තර කිරීම බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන පරමාර්ථය විය. මෙහිදී උන්වහන්සේ විසින් වටහා ගෙන පැහැදිලි කරන ලද ප්‍රධාන කරුණු තුනක් මූලික වශයෙන් හඳුනාගත හැකිය. එම කරුණු තුන නම්, පින් පව්, නැවත උපත හා මරණින් පසු ජීවිතය යි. මේ පිළිබඳ මූලික හා සරල අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත් වන්නේ බුද්ධ ධර්මයෙහි සඳහන් දාර්ශනික කරුණු හා වර්තමාන අත්දැකීම් පිළිබඳ හැදැරීමට එය අත්‍යවශ්‍යවන බැවිsනි.

පින් පව් පිළිබඳ විග්‍රහය

"පින්/ පුඤ්ඤ - සසර සැප විපාක ගෙන දෙන ක්‍රියා පින් නම්, පුඤ්ඤ කිරිය වත්ථු දහයක් ධර්මයේ ඉගැන්වේ. දානය, ශීලය, භාවනාව, පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම (වෙයHdවච්ච), පිදිය යුත්තන් පිදීම, දම් දෙසීම, බණ ඇසීම, දෘෂ්ටිය සෘජු කිරීම (නිවැරදි දැකීම) යනු යි. පින යනු සැපයට නමක් බව පෙළ දහමෙහි දැක්වේ". (පාඨශාලයීය සද්ධර්ම කෝෂය. 170 පි, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002)

"පාප- දුගතිගාමී වීමට, දුක් විපාක ගෙනදීමට, සැපයෙන් පහවීමට හේතුවන ක්‍රියා පාප නම් වේ. පුඤ්ඤ යන්නට ප්රතිපක්ෂ වූ ක්‍රියාය".

(පාඨශාලයීය සද්ධර්ම කෝෂය, 168 පි., අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002)

නැවත උපත පිළිබඳ විග්‍රහය

පුනරුත්පත්තිය

පුනර් යනු නැවත යන අර්ථයයි. උත්පත්තිය යනු උපතයි. නැවත උපත යන්න මෙහි වචනාර්ථයි. මේ වචනය පෙළ දහමෙහි යෙදී නොමැති නමුත් සසර පිළිගන්නා බෞද්ධයෝ පුනරුත්පත්තිය යන වචනය භාවිත කිරීමට පුරුදු වී සිටිති. පුනර්භව යන්න නිවැරැදි වචනය ලෙස දැක්විය හැකිය. පුනරුත්පත්තිය යන්නෙහි දී ආත්ම ධර්මයක පැවැත්මක් අපේක්ෂා කෙරෙන බැවිනි.

උපනිෂද් චින්තනය සසරක් දකින අතර එහි ආත්මය නැවත නැවතත් ශරීරයකට සම්බන්ධ වනබව උගන්වන බැවින් පුනරුත්පත්තිය යන ව්‍යවහාරය එම චින්තනයට ගැළපෙන්නකි.

පුනර්භව

නැවත වීම යනු මෙහි වචනාර්ථ යි. පුනර්භව යන ව්‍යවහාරය ප්‍රතීත්‍ය සමුත් පන්න ධර්මතාවට ගැළපේ. පුද්ගලයකු මරණයට පත්වන අවස්ථාවේ ඇති වන චුති චිත්තයට අනුරූප ව ප්රතිසන්ධී විඥනය ඇතිවීමෙන් නැවත භවයකට පැමිණීම පුනර්භවයයි. මේ ක්‍රියාවලිය පැහැදිළිව දැක ගත හැකිවන්නේ චුතුපපාත Æණයෙනි". (පාඨශාලයීය සද්ධර්ම කෝෂය, 171-172 පි., අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002)

මරණින් පසු ජීවිතය පිළිබඳ විග්‍රහය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ, ෙ-තවන නම් අනේපිඬු සිටුහුගේ ආරමයෙහි වැඩවාසය කරනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ 'මහණෙනි' යි, භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක. ඒ භික්ෂූහු 'පින්වතුන් වහන්සැයි' භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. මහණෙනි, යම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක් වෙත්ද එහි ඇස් ඇති පුරුෂයෙක් මැද සිටියේ ගෙට ඇතුළු වන්නාවූද, ගෙයින් පිටවන්නාවූද, හැසිරෙන්නාවූද, ඔබමොබ යන්නාවූද, මිනිසුන් දකින්නේද, මහණෙනි ඒ පරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද, හීණ වූද, ප්‍රණීත වූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තා වූද, සුගතිවලට පැමිණියාවූද, දුගතිවලට පැමිණියා වූද, කර්මය වූ පරිදි පැමිණියා වූ සත්වයන් පිරිසිදු, මිනිස් ඇස ඉක්ම පැවැත්තා වූ දිවැසින් දකිමි".

(දේවදූත සූත්‍රය)

ඉහත සඳහන් උපුටා ගන්නා ලද විග්රහ ඇසුරෙන් පින්පව්, නැවත උපත හා මරණින් පසු ජීවිත පිළිබඳ මූලික අවබෝධය ඇතිකර ගැනීමට පුලුවන.

වර්තමාන අත්දැකීම් පිළිබඳ විග්‍රහය

වර්තමාන අත්දැකීම් ලෙස මෙහිදී අදහස් කරනුයේ මෑත භාගයේ ලෝකයේ ජීවත් වූ සුවිශේෂ පුද්ගලයන් විසින් ඉහත සඳහන් කරන ලද කරුණු තුන පිළිබඳ ලබා ගත් පෞද්ගලික අත්දැකීම් සමූහයකි. එම පුද්ගලයන් තුළ දක්නට ලැබුණ සුවිශේෂ හැකියාවන් නිසා ඔවුන්ගේ අත්දැකීම් ද බොහෝ වැදගත් තොරතුරු ලෙස සැලකිය හැක. උදාහරණයක් ලෙස පින් පිළිබඳ එඩ්ගා කේ. සී. විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් සංසිද්ධීන් බොහෝ සේ සාකච්ඡාවට ලක් වෙයි. විසිවන සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ විසූ එඩ්ගා කේ. සී. ස්වයං මෝහනයෙන් වෛද්‍ය ප්‍රතිකාර කළ අතිවිශේෂ පුද්ගලයෙකි. ඔහු තුළ තිබූ සුවිශේෂ ලක්ෂණය නම් භෞතික වෛද්‍ය ප්‍රතිකාර නියම කිරීමට අමතරව රෝගියාගේ අතීත ජන්ම පිළිබඳ විස්තරයක් ද ඉදිරිපත් කිරීම යි. මේ නිසා බොහෝ සුව කළ නොහැකි රෝගවල නිධානය අපට නොපෙනෙන උපතක කිසියම් ක්‍රියාවක් යෑයි පැහැදිලි කරගත හැකි විය. ඒ අතර පින් පලදීම නිසා උසස් තත්ත්වයන්ට පත්වෙන බව ද ඔහු විසින් පන්වා දෙන ලදී. නිව්යෝර්ක් නගරයේ විසූ නිරුපිකාවකගේ විස්තරය මෙහි දී ඉතා වැදගත් කොට සැලකිය හැක.

"මේ වනාහී නිය පොලිෂ්, අත් සේදීමේ දියර හා ස්වර්ණාභරණ විකුණන්නන් විසින් වෙළෙඳ දැන්වීම් සඳහා යොදා ගැනීමට මහත් උනන්දුවක් දැක්වූ. ඉතාමත් ම අසාමාන්‍ය වූ ලස්සන අත් තිබුණු නිව්යෝර්ක් නගරයේ විසූ නිරූපිකාවකගේ සිත් ඇදගන්නා සුලු සිද්ධිය යි. ඇගේ ලස්සනට හේතුවූ කර්මයට පදනම වැටුණේ. ඇය ඉංග්‍රීසි කන්‍යාරාමයක තාපසියක් ලෙස ගත කළ මීට ප්‍රථම ආත්මභාවයේ දීය. අනික් අය පහත් හා අප්‍රසන්න දේ ලෙස සලකනු ලැබූ කටයුතු තම අත්වලින්ම කරමින් ඇගේ ජීවිතය ගෙවා දැමුණි. අතිශය කැපවීමෙන්, පරාර්ථකාමී ව, සේවාවක් ලෙස ඇය මෙම දේවල් කළ අතර, කෙසේ වුවද ඇගේ මෙම ආධ්‍යාත්මික කැපවීම කරණකොට ගෙන අසාමාන්‍ය රූසපුවක් හා ලස්සන අත්යුගලක් ඇයට උරුමවිය."

වර්තමාන අත්දැකීම් ඇසුරෙන් පව හා පව්වල විපාක ලැබෙන ආකාරය විමසා බලන විට සෑම අයෙකුම බොහෝ සේ පවට බිය විය යුතු බව කිවයුතුය. පව්වල විපාක එතරම් ම බියකරු බව අප සිහියේ තබාගත යුතුය. මේ සම්බන්ධයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් සිදුකරන ලද සමාජ විද්‍යාත්මක පර්යේෂණ අතිශයින් ම වැදගත්ය. එක් අවස්ථාවක එතුමා ඌරු පැටවුන් හදා වඩා විකිනූ මිනිසකු පිළිබඳ අධ්‍යයනයක් කළේය. මේ මිනිසා ඌරන් හැදූ අතර හෝටල්වල ඉතිරිවූ ආහාර රැගෙන විත් උන් පෝෂණය කළේය. එක්තරා ඊරියක ඔහු පසුපස නිතර යන්නට පුරුදු වූ අතර උගේ පැටවුන් ද ලොකු කර මරා මස් විකුණු මුදල් වලින් තවත් ඌරු පැටවුන් මිලට ගෙන ඔහු ජයටම මේ ඌරන් මැරීමේ රැකියාව කරගෙන ගියේය. ඔහු ඌරන් මැරුවේ ගෝනියක දමා පොලුවලින් පහරදී තලාපෙලාය. ඒ සඳහා බල්ලන් දෙදෙනකු ද ඔහුට උදව් වූ අතර එම සතුන් මරණ විට උන්ගේ කෑ ගැසීම සැතපුමක් දෙකක් දුරට ඇසිණි.

"ඌරන් ඇතිකරන මිනිහා හදිසියේ ඔත්පල විය. තමාට කවුරුන්හෝ පොල්ලකින් පහර දෙන්නාක් මෙන් දැනෙන බව හේ කීය. ඔහුට නිදාගත නොහැකි විය. නිදාගත් වහාම හේ අවදිවෙයි. මේ ඌරන් මාව කනවා මාව බේරා ගන්න යෑයි කෑගසයි. ඔහුට අසනීපය හැදුනාට පසු ගොවිපලේ ඌරන් නැතිවිය. ඒත් ඔහුට හීනෙන් ඌරන් පෙනේ.

දවසේ නැගිට සිටින වේලාවේත්, ඔහු ඌරන්ට බිය වී කෑගසයි. 'මෙන්න මේ ඌරෝ මාව ගෝනියක දාගෙන ගහනවා· යයි කියයි. 'මූ මට පිහියෙන් අනින්න යනවා· යෑයි ගෝරනාඩු දෙයි".

(මේ ජීවිතයේදීම පලදෙන කර්මය, 12 පි., ආරිය ප්‍රකාශකයෝ, 2011 මාර්තු)

"මාස කීපයක් ම දුක් වින්ද ඔහු අවසාන දින කීපය ඉතා උග්‍රවේදනාවෙන් කෑ ගැසුවේය. ඔහු මිය ගියේ මෙසේ බලවත් වේදනා විඳීමෙන් පසුවය. ඔහු නැගූ වේදනා හඬ ඌරන් නැගූ හඬට සමාන බව මිනිස්සු කීහ."

(මේ ජීවිතයේදීම පලදෙන කර්මය, 13 පීá ආරිය ප්‍රකාශකයෝ, 2011 මාර්තු)

කෙසේ වුවද කර්මය වනාහී මේ ආත්මභාවයේදීම පලදෙන එකක්ම නොවන බවත් එය බූමරංගයක් මෙන් තමන් පසුපස එන බවත් වර්තමාන අත්දැකීම් ඇසුරින් බටහිර චින්තකයෝ පවා අවබෝධ කරගෙන සිටිති. මේ නිගමන සඳහා වඩාත් පැහැදිළි නිදසුන් ඉදිරිපත් කළ අයෙකු ලෙස එඩ්ගා කේසි නම් කළ හැකිය. ඔහුගේ ස්වයං මෝහන හැකියාවෙන් අසරණ ලෙඩුන් සිය ගණනකට සම්පූර්ණ සුවය ලැබුණා පමණක් නොව තවත් දස දහස් ගණනකට කර්මය පිළිබඳ යථාර්ථය අවබෝධ කරගැනීමට ඔහුගේ මෙම ජීවිත කියවීම් ඉවහල් විය. මේ පිළිබඳ ඉතාමත් ම සිත්ගන්නා සුලු නිදසුනක් මෙසේය.

"මෙබඳු කර්මවලට නිදර්ශන රාශියක් කේසිගේ වාර්තාවල තිබේ. එක් උදාහරණයක් නම්, "මනසේ හාස්කම්" නම් කේසි පිළිබඳ ගුවන් විදුලි වැඩසටහනක් ශ්‍රවණය කළ සම්පූර්ණයෙන් ම අන්ධ ව උපන් විද්‍යාලයක මහාචාර්යවරයෙක්ය.

ඔහු කායික කියවීමක් ඉල්ලා සිටි අතර, එහි උපදෙස් මත ක්‍රියා කිරීමෙන් සෞඛ්‍ය තත්ත්වය හා ඇස්වල පෙනීම පැහැදිළිව ම වැඩිදියුණු විය. අස්ථිවේදී සැකසීම්, විද්‍යුත් ප්‍රතිකර්ම හා ආහාරයේ වෙනස්කම් ඊට ඉවහල් විය. මාස තුනක් ඇතුළත ඔහුගේ වම් ඇසේ සියයට 10 ක පෙනීමක් ඇති විය. එය අක්ෂි විශේෂඥයන් විසින් බලාපොරොත්තු තැබිය නොහැකියෑයි සලකන ලද එකකි. මහාචාර්යවරයාගේ ජීවිත කියවීම පෙර ජීවිත හතරක් සඳහන් කොට තිබුණි. එකක් ඇමෙරිකාවේ අභ්‍යන්තර යුද සමයේදීය. තව එකක් කුරුස යුද්ධ කාලයේ ප්‍රංශයේය. අනෙක ක්‍රි.පූ. 1000 දී පර්සියාවේ වන අතර ඊළඟ එක අවසාන ගිලාබැසීමට පෙර අත්ලන්තික් දූපතේය. ඔහුගේ වර්තමාන අන්ධභාවයට හේතු වූ ආධ්‍යාත්මික කර්ම ක්‍රියාව සිද්ධ කරන ලද්දේ පර්සියාවේදීය. සතුරන්ගේ ඇස් රත්වූ යකඩවලින් අන්ධ කළ ම්ලේච්ඡ ගෝත්‍රයක සාමාජිකයකු වූ ඔහුගේ කාර්යය වූයේ ඇස් අන්ධ කිරීමයි". (many mansions, p.50 - 51 Neville Spearman, 1983) කයින්, වචනයෙන් හා මනසින් කරන්නා වූ බලවත් අකුසල ක්‍රියා නිසා උත්තරීතර මිනිස් ආත්මභාවයෙන් පිරිහී තිරිසන්, ප්‍රේත හෝ නිරය යන තැන්වල බොහෝ වර්තමාන මිනිසුන් උත්පත්තිය ලබන බව ඇතැම් භික්ෂුන් වහන්සේලා ලැබූ වර්තමාන අත්දැකීම්වලින් මනාව පැහැදිලි වේ. මේ ඒ සඳහා හොඳ උදාහරණයකි.

"එක මනුෂ්‍යයෙක් ජීවත් වුණා බොහෝම ඈත දුරබැහැර ගම් ප්‍රදේශයක. සමාජයේ හොඳින් ජීවත්වන දරු මුණුපුරන් ඇති තාත්තා කෙනෙක්. මොහු මියයන විට අවුරුදු අනූවක් විතර ඇති. මොහු බොහෝ හොඳින් ගමේ ජීවත් වුන කෙනෙක්. ගමේ පන්සලට උපකාර කළා, උදව් කළා. නමුත් මොහුගේ අවාසනාවට මොහු මියයැමට වසර තුනකට පෙරාතුව මේ පුද්ගලයා ගමේ පන්සල සමඟ කුමක් හෝ හේතුවක් නිසා අමනාප වෙනවා. හේතුව කුමක්ද කියන්න භික්ෂුව දන්නේ නැහැ. එදා පටන් මේ වයසක මනුෂ්‍යයා මොකද කරන්නේ හාමුදුරුවන්ට බනිනවා. පන්සලට බනිනවා. පුදුමාකාර වෛරයක් ඇතිකර ගත්තා. මේ වෛරය, ඊර්ෂ්‍යාව නිසාම ඔහු සීලයෙන් පිරිහුණා. එක සිල්පදයක් ගිලිහෙන කොට අනෙක් සිල්පදත් ගිලිහෙන්න පටන් ගත්තා. මේ හේතුව නිසාම වයස අවුරුදු අනූවක් වුණත් මොහු තුළ කාම සිතුවිලි ඇති වුණා. තමාගේ වැඩිහිටි බව නිසා තමාගේ දෙපතුළ ළඟ වැඳ වැටුණ කාන්තාවකගේ පවා අතින් අල්ලන්නට තරම් මොහු තුළ සිල්පදවල හීනභාවයක් ඇතිවුණා. ඊර්ෂ්‍යාවෙන් දිවෙමින් සිටියදීම මොහු මිය යනවා. භික්ෂුව අරමුණු කර බලනවා උතුම් සමාධිය තුළ දී මොහු මරණින් පසු කොහේ නැවත උපත ලැබුවද කියලා. භික්ෂුවට දර්ශනය වෙන්නේ උතුම් සමාධිය තුළ දී කිඹුලෙකු ගේ කුසක්. ඒ කියන්නේ මොහු කිඹුල් බිත්තරයක එහෙම නැත්නම් කිඹුල් කුසක ප්රතිසන්ධිය ලබලා".

(මහරහතුන් වැඩිමග ඔස්සේ, අතහැරීම 3, 62-63 පි. චැනල් ලින්ක් පුද්ගලික සමාගම, 2013 ජුනි).

ඉහත සඳහන් කරන ලද වර්තමාන අත්දැකීම්වලින් මනාව ප්‍රකට වනුයේ බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් දෙසන ලද කර්මයේ ස්වභාවය හා නැවත උපත පිළිබඳ යථාස්වරූපයයි. අප විසින් සෙච්තනිකව සිද්ධ කරනු ලබන සියලු කර්ම පින් හෝ පව් බවට පත්වෙන බව මෙම අත්දැකීම්වලින් පැහැදිලි වෙයි. එම කර්ම එසේ වන්නේ සිතේ ඇතිවන කුසල් මූලික හෝ අකුසල් මූලික සිතුවිලි නිසා බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. කුසල් මූලික සිතුවිලි නම් පරිත්‍යාගය, මෛත්‍රිය හා Æණවන්ත භාවය යි. අකුසල් මූලික සිතුවිලි නම් ඉහත සඳහන් කරන ලද කුසල් මූලික සිතුවිලිවලට ප්‍රතිවිරුද්ධ ලෝභය, තරහ හා නොදන්නාකමයි. මෙම සිතුවිලිවලට අනුව අප සිදුකරන ක්‍රියාවන් කර්ම බවට පත්වී පින් හෝ පව් ලෙස පලදෙන බවත්, ඒ අනුව ඊළඟ උපත සකස්වෙන බවත් වටහා ගැනීමට අපහසු නැත.

සත්ත්වයාගේ මරණින් පසු ජීවිතය, නැවත උපතත් සමඟම සකස් වන්නක් බව තේරුම් ගැනීම ඉහළ බුද්ධියක් සහිත මනුෂ්‍යයන් වශයෙන් ඔබ අප සැමට වැදගත්වන බව තේරුම් ගත යුතුය. විශේෂයෙන්ම තමන් විසින් කරන ලද කුසල ක්‍රියා නිසා මරණින් පසු ජීවිතය වඩා උසස් තත්ත්වයන්ට එනම් දිව්‍ය හෝ බ්‍රහ්ම ස්වභාවයන්ට පත්වේ. මෙබඳු තත්ත්වයන් පිළිබඳව තමන් ලත් අත්දැකීම් මැනවින් විස්තර කළ මහෝත්තමාවියක් ලෙස විසිවන සියවසේ තායිලන්තයේ වැඩ විසූ සිල්මාතාවක් වන කායිම් මාතාව හඳුන්වා දීමට පුලුවන. බුද්ධංගල භික්ඛු ආනන්ද හිමියන් විසින් පරිවර්තනය කරන ලද කායිම් මැණියන්ගේ චරිත කතාවට අනුව මෙතුමිය රහත් ඵලයට පත් වූ උත්තමාවියකි. ඇය එම තත්ත්වයට පත්වීමට පෙර අවුරුදු දහයක් පමණ කාලයක් සමාධි බලයෙන් විවිධ තලවල වෙසෙන භූත, ප්‍රේත, දේව හා බ්‍රහ්ම සත්ත්වයන් සමඟ අදහස් හුවමාරු කර ගත්තාය. ඒ උත්තමාවියගේ ධ්‍යාන බලය පිළිබඳ විස්තරයක් මෙසේය.

"සිල්මාතා කායිව්ගේ සමාධි භාවනාව වෙනත් උසස් ලෝකෝත්තර දර්ශන පථයන්ට ද ඇයව සම්බන්ධ කොට හඳුන්වා දුණි. සමහර විටක ඇගේ විඥනය කයෙන් ගිලිහී ඉවතට යයි. එසේ ඉවතට යන ඇගේ විඥනය නා නා දිව්‍ය ලෝක සහ විවිධ වර්ගයේ බ්‍රහ්ම ලෝක ආදී තලයන්හි ගවේශනයක යෙදෙයි. ඇය දේව නමින් හඳුන්වන ඉතා සියුම් ව සකස් වුණු විවිධ අද්භූත ජීවීන් හමුවීමට ද ගියාය.

මෙම දේව නමින් හඳුන්වන ජීව කොට්ඨාසය, දිව්‍යමය ආධිපත්‍යයක අතිශයෙන් සියුම් වූ පිරිසිදු තත්ත්වයකින් පෙර යහපත් කර්ම විපාක හේතුවෙන් වාසනාවන්තව ප්‍රීතියෙන් වෙසෙන ජීව කොටසකි. ඇය භූමාට දෙවිවරු හමුවූවාය. එනම් - ගස්වලට, වනාන්තර වලට, තරුවදුලුවලට අධිගෘහිත ආලෝකවත් දෙවිවරුය. මොවුන් පෘථිවි තලයට අතිශයින් ඇල්මෙන් සම්බන්ධ වූ ජීවීන් නිසා එසේ ඉපදී ඇත. මෙම දෙවිවරු සාමාන්‍ය මනුෂ්‍ය ඇසට නොපෙනුණ ද සිල්මාතා කායිව්ගේ දිවැසට ඔවුන් පැහැදිලි ව පෙනුණි. මෙම දේව කොට්ඨාසය හැම මොහොතකම ඉන්ද්‍රියන් පිනවමින් සතුටින් තෘප්තිමත් ව හැසිරෙන ජීව කොටසක් ලෙසින් සිල්මාතා කායිව් දුටුවාය. මෙම අතිශය ප්‍රීතිමත් ස්ථාවරය ඔවුන් රැස් කළ පින් හේතුවෙන් ලද තත්ත්වයන් ය. මොවුන් මිනිසුන් ව සිටිය දී බොහෝ පින් රැස්කර සිල්රැක, භාවනාකර එකතු කරගත් කුසල්වල විපාක හේතුවෙන් ලද දිව්‍ය ආත්මයන් ය. මේ දේවතාවන්ගේ පින් මහිමය කෙසේවුවත් එම දේවත්වයෙහි ම දිගින් දිගටම රැඳී සිටිමින් අලුතින් කර්ම රැස් කිරීමට ඇති අවස්ථා අල්ප විය. දේවත්වයේ රැඳී සිටීමට පාදක වූ මූලික කුසල් විපාක තුනී වී අහෝසි වූ පසු, නැවත මනුෂ්‍ය ලෝකයේ උපත ලැබ කුසල් රැස්කර ගැනීමට අවස්ථාව ඇත." (සිල්මාතා කායිව්, 93 - 94 පී. සී/ස කරුණාරත්න සහ පුත්‍රයෝ සමාගම, 2011 ඔක්තෝම්බර්)

මරණින් පසු ජීවිතයේ අත්විඳීමට සිදුවන අකුසල විපාක එම කාලය තුළ කරනු ලබන කුසල් ක්‍රියාවලින් යම්තාක් දුරකට හෝ වෙනස් කළ හැකි බව මේ පිළිබඳ දක්නට ලැබෙන වර්තමාන අත්දැකීම්වලින් පැහැදිළි වේ.

සමස්තයක් වශයෙන් ගත් කල බහුතරයක් මනුෂ්‍යයෝ තමන්ගේ වර්තමාන ජීවිතය වඩාත් සැපවත් බවට පත්කර ගැනීම සඳහා වෙහෙස වෙති. නමුත් මරණින් පසු තමන්ට උරුමවන ජීවිත ස්වභාවය මොනවගේ දැයි බොහෝවිට ඔවුහු කල්පනා නොකරති. විශේෂයෙන්ම බෞද්ධයන් ලෙස මේ ලෝකයේ උත්පත්තිය ලබා සසර හා කර්මය පිළිබඳ වැටහීමක් ලබා ගැනීමට හැකියාව තිබෙන අය වුවත් මෙසේ පටු ආකල්ප වල ගැලෙමින් තමන්ගේ අනාගත ජීවිතය විනාශකර ගැනීම අතිශයින්ම ශෝක ජනකය, බොහෝ දෙනා මෙම ලෞකික ජීවිතය තුළ සැප සොයමින් මිරිඟුව පිටුපස දුවන මුවන් සේ වෙහෙසටපත් ව, අවසානයේ අපේක්ෂා භංගත්වයෙන් ම මරණයට පත් වන අතර නරක, ප්‍රේත, අසුර හෝ තිරිසන් අපායවල උත්පත්තිය ලබා ගනිති. මේ නිසා මෙම කෙටිකාලීන මනුෂ්‍ය ජීවිතය තුළ අසීමිත ලෙස අකුසල් සිද්ධ කරගෙන අවසානයේදී කල්ප ගණන් දුගතියේ දුක් විඳිනවාද, නැතහොත් වැඩිපුර පින් රැස්කරගෙන මරණින් මතු ජීවිතය හැකිනම් ධර්මාවබෝධයෙන් කෙළවර කර ගන්නවාද, එසේත් නැත්නම් සුගතිගාමී වෙනවාද යන්න තීරණය ගත යුත්තේ තම තමන් විසිනි. සත්ත්ව ජීවිතවල යථා තත්ත්වය තේරුම් ගැනීමට මීට වඩා නිදසුන් අවශ්‍ය නොවන බව නිසැකවම පැවසිය හැකිය.

[QUOTE="rukshrulz, post: 20751937, member: 482079"] [b]පින්-පව්, නැවත උපත හා මරණින් පසු ජීවිතය පිළ&a[/b] [SIZE="6"]පින්-පව්, නැවත උපත හා මරණින් පසු ජීවිතය [/SIZE] [SIZE="5"]ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමි කැලණිය විශ්වවිද්‍යාලය, නූතන භාෂා අංශය බුද්ධ ධර්මයට අනුව සියලුම සත්ත්වයෝ නිරන්තර වෙනස්කම්වලට හසුවෙමින් ඉපදීම හා මරණයත්, මරණින් පසු නැවත ඉපදීමත් උරුමකරගත් ස්ථිර ආත්මයක් නැති, ඉන්ද්‍රියන් එකට එකතු වීමෙන් හටගන්නා ජීවය ඇති අය වෙති. මේ සත්ත්වයින්ගේ ස්වභාවය නිසි පරිදි විස්තර කොට නැවත ඉපදීම නොහොත් පුණර්භවය දුරු කිරීමේ මාර්ගය විස්තර කිරීම බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන පරමාර්ථය විය. මෙහිදී උන්වහන්සේ විසින් වටහා ගෙන පැහැදිලි කරන ලද ප්‍රධාන කරුණු තුනක් මූලික වශයෙන් හඳුනාගත හැකිය. එම කරුණු තුන නම්, පින් පව්, නැවත උපත හා මරණින් පසු ජීවිතය යි. මේ පිළිබඳ මූලික හා සරල අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත් වන්නේ බුද්ධ ධර්මයෙහි සඳහන් දාර්ශනික කරුණු හා වර්තමාන අත්දැකීම් පිළිබඳ හැදැරීමට එය අත්‍යවශ්‍යවන බැවිsනි. පින් පව් පිළිබඳ විග්‍රහය "පින්/ පුඤ්ඤ - සසර සැප විපාක ගෙන දෙන ක්‍රියා පින් නම්, පුඤ්ඤ කිරිය වත්ථු දහයක් ධර්මයේ ඉගැන්වේ. දානය, ශීලය, භාවනාව, පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම (වෙයHdවච්ච), පිදිය යුත්තන් පිදීම, දම් දෙසීම, බණ ඇසීම, දෘෂ්ටිය සෘජු කිරීම (නිවැරදි දැකීම) යනු යි. පින යනු සැපයට නමක් බව පෙළ දහමෙහි දැක්වේ". (පාඨශාලයීය සද්ධර්ම කෝෂය. 170 පි, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002) "පාප- දුගතිගාමී වීමට, දුක් විපාක ගෙනදීමට, සැපයෙන් පහවීමට හේතුවන ක්‍රියා පාප නම් වේ. පුඤ්ඤ යන්නට ප්රතිපක්ෂ වූ ක්‍රියාය". (පාඨශාලයීය සද්ධර්ම කෝෂය, 168 පි., අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002) නැවත උපත පිළිබඳ විග්‍රහය පුනරුත්පත්තිය පුනර් යනු නැවත යන අර්ථයයි. උත්පත්තිය යනු උපතයි. නැවත උපත යන්න මෙහි වචනාර්ථයි. මේ වචනය පෙළ දහමෙහි යෙදී නොමැති නමුත් සසර පිළිගන්නා බෞද්ධයෝ පුනරුත්පත්තිය යන වචනය භාවිත කිරීමට පුරුදු වී සිටිති. පුනර්භව යන්න නිවැරැදි වචනය ලෙස දැක්විය හැකිය. පුනරුත්පත්තිය යන්නෙහි දී ආත්ම ධර්මයක පැවැත්මක් අපේක්ෂා කෙරෙන බැවිනි. උපනිෂද් චින්තනය සසරක් දකින අතර එහි ආත්මය නැවත නැවතත් ශරීරයකට සම්බන්ධ වනබව උගන්වන බැවින් පුනරුත්පත්තිය යන ව්‍යවහාරය එම චින්තනයට ගැළපෙන්නකි. පුනර්භව නැවත වීම යනු මෙහි වචනාර්ථ යි. පුනර්භව යන ව්‍යවහාරය ප්‍රතීත්‍ය සමුත් පන්න ධර්මතාවට ගැළපේ. පුද්ගලයකු මරණයට පත්වන අවස්ථාවේ ඇති වන චුති චිත්තයට අනුරූප ව ප්රතිසන්ධී විඥනය ඇතිවීමෙන් නැවත භවයකට පැමිණීම පුනර්භවයයි. මේ ක්‍රියාවලිය පැහැදිළිව දැක ගත හැකිවන්නේ චුතුපපාත Æණයෙනි". (පාඨශාලයීය සද්ධර්ම කෝෂය, 171-172 පි., අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002) මරණින් පසු ජීවිතය පිළිබඳ විග්‍රහය 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ, ෙ-තවන නම් අනේපිඬු සිටුහුගේ ආරමයෙහි වැඩවාසය කරනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ 'මහණෙනි' යි, භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක. ඒ භික්ෂූහු 'පින්වතුන් වහන්සැයි' භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. 2. මහණෙනි, යම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක් වෙත්ද එහි ඇස් ඇති පුරුෂයෙක් මැද සිටියේ ගෙට ඇතුළු වන්නාවූද, ගෙයින් පිටවන්නාවූද, හැසිරෙන්නාවූද, ඔබමොබ යන්නාවූද, මිනිසුන් දකින්නේද, මහණෙනි ඒ පරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද, හීණ වූද, ප්‍රණීත වූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තා වූද, සුගතිවලට පැමිණියාවූද, දුගතිවලට පැමිණියා වූද, කර්මය වූ පරිදි පැමිණියා වූ සත්වයන් පිරිසිදු, මිනිස් ඇස ඉක්ම පැවැත්තා වූ දිවැසින් දකිමි". (දේවදූත සූත්‍රය) ඉහත සඳහන් උපුටා ගන්නා ලද විග්රහ ඇසුරෙන් පින්පව්, නැවත උපත හා මරණින් පසු ජීවිත පිළිබඳ මූලික අවබෝධය ඇතිකර ගැනීමට පුලුවන. වර්තමාන අත්දැකීම් පිළිබඳ විග්‍රහය වර්තමාන අත්දැකීම් ලෙස මෙහිදී අදහස් කරනුයේ මෑත භාගයේ ලෝකයේ ජීවත් වූ සුවිශේෂ පුද්ගලයන් විසින් ඉහත සඳහන් කරන ලද කරුණු තුන පිළිබඳ ලබා ගත් පෞද්ගලික අත්දැකීම් සමූහයකි. එම පුද්ගලයන් තුළ දක්නට ලැබුණ සුවිශේෂ හැකියාවන් නිසා ඔවුන්ගේ අත්දැකීම් ද බොහෝ වැදගත් තොරතුරු ලෙස සැලකිය හැක. උදාහරණයක් ලෙස පින් පිළිබඳ එඩ්ගා කේ. සී. විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් සංසිද්ධීන් බොහෝ සේ සාකච්ඡාවට ලක් වෙයි. විසිවන සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ විසූ එඩ්ගා කේ. සී. ස්වයං මෝහනයෙන් වෛද්‍ය ප්‍රතිකාර කළ අතිවිශේෂ පුද්ගලයෙකි. ඔහු තුළ තිබූ සුවිශේෂ ලක්ෂණය නම් භෞතික වෛද්‍ය ප්‍රතිකාර නියම කිරීමට අමතරව රෝගියාගේ අතීත ජන්ම පිළිබඳ විස්තරයක් ද ඉදිරිපත් කිරීම යි. මේ නිසා බොහෝ සුව කළ නොහැකි රෝගවල නිධානය අපට නොපෙනෙන උපතක කිසියම් ක්‍රියාවක් යෑයි පැහැදිලි කරගත හැකි විය. ඒ අතර පින් පලදීම නිසා උසස් තත්ත්වයන්ට පත්වෙන බව ද ඔහු විසින් පන්වා දෙන ලදී. නිව්යෝර්ක් නගරයේ විසූ නිරුපිකාවකගේ විස්තරය මෙහි දී ඉතා වැදගත් කොට සැලකිය හැක. "මේ වනාහී නිය පොලිෂ්, අත් සේදීමේ දියර හා ස්වර්ණාභරණ විකුණන්නන් විසින් වෙළෙඳ දැන්වීම් සඳහා යොදා ගැනීමට මහත් උනන්දුවක් දැක්වූ. ඉතාමත් ම අසාමාන්‍ය වූ ලස්සන අත් තිබුණු නිව්යෝර්ක් නගරයේ විසූ නිරූපිකාවකගේ සිත් ඇදගන්නා සුලු සිද්ධිය යි. ඇගේ ලස්සනට හේතුවූ කර්මයට පදනම වැටුණේ. ඇය ඉංග්‍රීසි කන්‍යාරාමයක තාපසියක් ලෙස ගත කළ මීට ප්‍රථම ආත්මභාවයේ දීය. අනික් අය පහත් හා අප්‍රසන්න දේ ලෙස සලකනු ලැබූ කටයුතු තම අත්වලින්ම කරමින් ඇගේ ජීවිතය ගෙවා දැමුණි. අතිශය කැපවීමෙන්, පරාර්ථකාමී ව, සේවාවක් ලෙස ඇය මෙම දේවල් කළ අතර, කෙසේ වුවද ඇගේ මෙම ආධ්‍යාත්මික කැපවීම කරණකොට ගෙන අසාමාන්‍ය රූසපුවක් හා ලස්සන අත්යුගලක් ඇයට උරුමවිය." වර්තමාන අත්දැකීම් ඇසුරෙන් පව හා පව්වල විපාක ලැබෙන ආකාරය විමසා බලන විට සෑම අයෙකුම බොහෝ සේ පවට බිය විය යුතු බව කිවයුතුය. පව්වල විපාක එතරම් ම බියකරු බව අප සිහියේ තබාගත යුතුය. මේ සම්බන්ධයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් සිදුකරන ලද සමාජ විද්‍යාත්මක පර්යේෂණ අතිශයින් ම වැදගත්ය. එක් අවස්ථාවක එතුමා ඌරු පැටවුන් හදා වඩා විකිනූ මිනිසකු පිළිබඳ අධ්‍යයනයක් කළේය. මේ මිනිසා ඌරන් හැදූ අතර හෝටල්වල ඉතිරිවූ ආහාර රැගෙන විත් උන් පෝෂණය කළේය. එක්තරා ඊරියක ඔහු පසුපස නිතර යන්නට පුරුදු වූ අතර උගේ පැටවුන් ද ලොකු කර මරා මස් විකුණු මුදල් වලින් තවත් ඌරු පැටවුන් මිලට ගෙන ඔහු ජයටම මේ ඌරන් මැරීමේ රැකියාව කරගෙන ගියේය. ඔහු ඌරන් මැරුවේ ගෝනියක දමා පොලුවලින් පහරදී තලාපෙලාය. ඒ සඳහා බල්ලන් දෙදෙනකු ද ඔහුට උදව් වූ අතර එම සතුන් මරණ විට උන්ගේ කෑ ගැසීම සැතපුමක් දෙකක් දුරට ඇසිණි. "ඌරන් ඇතිකරන මිනිහා හදිසියේ ඔත්පල විය. තමාට කවුරුන්හෝ පොල්ලකින් පහර දෙන්නාක් මෙන් දැනෙන බව හේ කීය. ඔහුට නිදාගත නොහැකි විය. නිදාගත් වහාම හේ අවදිවෙයි. මේ ඌරන් මාව කනවා මාව බේරා ගන්න යෑයි කෑගසයි. ඔහුට අසනීපය හැදුනාට පසු ගොවිපලේ ඌරන් නැතිවිය. ඒත් ඔහුට හීනෙන් ඌරන් පෙනේ. දවසේ නැගිට සිටින වේලාවේත්, ඔහු ඌරන්ට බිය වී කෑගසයි. 'මෙන්න මේ ඌරෝ මාව ගෝනියක දාගෙන ගහනවා· යයි කියයි. 'මූ මට පිහියෙන් අනින්න යනවා· යෑයි ගෝරනාඩු දෙයි". (මේ ජීවිතයේදීම පලදෙන කර්මය, 12 පි., ආරිය ප්‍රකාශකයෝ, 2011 මාර්තු) "මාස කීපයක් ම දුක් වින්ද ඔහු අවසාන දින කීපය ඉතා උග්‍රවේදනාවෙන් කෑ ගැසුවේය. ඔහු මිය ගියේ මෙසේ බලවත් වේදනා විඳීමෙන් පසුවය. ඔහු නැගූ වේදනා හඬ ඌරන් නැගූ හඬට සමාන බව මිනිස්සු කීහ." (මේ ජීවිතයේදීම පලදෙන කර්මය, 13 පීá ආරිය ප්‍රකාශකයෝ, 2011 මාර්තු) කෙසේ වුවද කර්මය වනාහී මේ ආත්මභාවයේදීම පලදෙන එකක්ම නොවන බවත් එය බූමරංගයක් මෙන් තමන් පසුපස එන බවත් වර්තමාන අත්දැකීම් ඇසුරින් බටහිර චින්තකයෝ පවා අවබෝධ කරගෙන සිටිති. මේ නිගමන සඳහා වඩාත් පැහැදිළි නිදසුන් ඉදිරිපත් කළ අයෙකු ලෙස එඩ්ගා කේසි නම් කළ හැකිය. ඔහුගේ ස්වයං මෝහන හැකියාවෙන් අසරණ ලෙඩුන් සිය ගණනකට සම්පූර්ණ සුවය ලැබුණා පමණක් නොව තවත් දස දහස් ගණනකට කර්මය පිළිබඳ යථාර්ථය අවබෝධ කරගැනීමට ඔහුගේ මෙම ජීවිත කියවීම් ඉවහල් විය. මේ පිළිබඳ ඉතාමත් ම සිත්ගන්නා සුලු නිදසුනක් මෙසේය. "මෙබඳු කර්මවලට නිදර්ශන රාශියක් කේසිගේ වාර්තාවල තිබේ. එක් උදාහරණයක් නම්, "මනසේ හාස්කම්" නම් කේසි පිළිබඳ ගුවන් විදුලි වැඩසටහනක් ශ්‍රවණය කළ සම්පූර්ණයෙන් ම අන්ධ ව උපන් විද්‍යාලයක මහාචාර්යවරයෙක්ය. ඔහු කායික කියවීමක් ඉල්ලා සිටි අතර, එහි උපදෙස් මත ක්‍රියා කිරීමෙන් සෞඛ්‍ය තත්ත්වය හා ඇස්වල පෙනීම පැහැදිළිව ම වැඩිදියුණු විය. අස්ථිවේදී සැකසීම්, විද්‍යුත් ප්‍රතිකර්ම හා ආහාරයේ වෙනස්කම් ඊට ඉවහල් විය. මාස තුනක් ඇතුළත ඔහුගේ වම් ඇසේ සියයට 10 ක පෙනීමක් ඇති විය. එය අක්ෂි විශේෂඥයන් විසින් බලාපොරොත්තු තැබිය නොහැකියෑයි සලකන ලද එකකි. මහාචාර්යවරයාගේ ජීවිත කියවීම පෙර ජීවිත හතරක් සඳහන් කොට තිබුණි. එකක් ඇමෙරිකාවේ අභ්‍යන්තර යුද සමයේදීය. තව එකක් කුරුස යුද්ධ කාලයේ ප්‍රංශයේය. අනෙක ක්‍රි.පූ. 1000 දී පර්සියාවේ වන අතර ඊළඟ එක අවසාන ගිලාබැසීමට පෙර අත්ලන්තික් දූපතේය. ඔහුගේ වර්තමාන අන්ධභාවයට හේතු වූ ආධ්‍යාත්මික කර්ම ක්‍රියාව සිද්ධ කරන ලද්දේ පර්සියාවේදීය. සතුරන්ගේ ඇස් රත්වූ යකඩවලින් අන්ධ කළ ම්ලේච්ඡ ගෝත්‍රයක සාමාජිකයකු වූ ඔහුගේ කාර්යය වූයේ ඇස් අන්ධ කිරීමයි". (many mansions, p.50 - 51 Neville Spearman, 1983) කයින්, වචනයෙන් හා මනසින් කරන්නා වූ බලවත් අකුසල ක්‍රියා නිසා උත්තරීතර මිනිස් ආත්මභාවයෙන් පිරිහී තිරිසන්, ප්‍රේත හෝ නිරය යන තැන්වල බොහෝ වර්තමාන මිනිසුන් උත්පත්තිය ලබන බව ඇතැම් භික්ෂුන් වහන්සේලා ලැබූ වර්තමාන අත්දැකීම්වලින් මනාව පැහැදිලි වේ. මේ ඒ සඳහා හොඳ උදාහරණයකි. "එක මනුෂ්‍යයෙක් ජීවත් වුණා බොහෝම ඈත දුරබැහැර ගම් ප්‍රදේශයක. සමාජයේ හොඳින් ජීවත්වන දරු මුණුපුරන් ඇති තාත්තා කෙනෙක්. මොහු මියයන විට අවුරුදු අනූවක් විතර ඇති. මොහු බොහෝ හොඳින් ගමේ ජීවත් වුන කෙනෙක්. ගමේ පන්සලට උපකාර කළා, උදව් කළා. නමුත් මොහුගේ අවාසනාවට මොහු මියයැමට වසර තුනකට පෙරාතුව මේ පුද්ගලයා ගමේ පන්සල සමඟ කුමක් හෝ හේතුවක් නිසා අමනාප වෙනවා. හේතුව කුමක්ද කියන්න භික්ෂුව දන්නේ නැහැ. එදා පටන් මේ වයසක මනුෂ්‍යයා මොකද කරන්නේ හාමුදුරුවන්ට බනිනවා. පන්සලට බනිනවා. පුදුමාකාර වෛරයක් ඇතිකර ගත්තා. මේ වෛරය, ඊර්ෂ්‍යාව නිසාම ඔහු සීලයෙන් පිරිහුණා. එක සිල්පදයක් ගිලිහෙන කොට අනෙක් සිල්පදත් ගිලිහෙන්න පටන් ගත්තා. මේ හේතුව නිසාම වයස අවුරුදු අනූවක් වුණත් මොහු තුළ කාම සිතුවිලි ඇති වුණා. තමාගේ වැඩිහිටි බව නිසා තමාගේ දෙපතුළ ළඟ වැඳ වැටුණ කාන්තාවකගේ පවා අතින් අල්ලන්නට තරම් මොහු තුළ සිල්පදවල හීනභාවයක් ඇතිවුණා. ඊර්ෂ්‍යාවෙන් දිවෙමින් සිටියදීම මොහු මිය යනවා. භික්ෂුව අරමුණු කර බලනවා උතුම් සමාධිය තුළ දී මොහු මරණින් පසු කොහේ නැවත උපත ලැබුවද කියලා. භික්ෂුවට දර්ශනය වෙන්නේ උතුම් සමාධිය තුළ දී කිඹුලෙකු ගේ කුසක්. ඒ කියන්නේ මොහු කිඹුල් බිත්තරයක එහෙම නැත්නම් කිඹුල් කුසක ප්රතිසන්ධිය ලබලා". (මහරහතුන් වැඩිමග ඔස්සේ, අතහැරීම 3, 62-63 පි. චැනල් ලින්ක් පුද්ගලික සමාගම, 2013 ජුනි). ඉහත සඳහන් කරන ලද වර්තමාන අත්දැකීම්වලින් මනාව ප්‍රකට වනුයේ බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් දෙසන ලද කර්මයේ ස්වභාවය හා නැවත උපත පිළිබඳ යථාස්වරූපයයි. අප විසින් සෙච්තනිකව සිද්ධ කරනු ලබන සියලු කර්ම පින් හෝ පව් බවට පත්වෙන බව මෙම අත්දැකීම්වලින් පැහැදිලි වෙයි. එම කර්ම එසේ වන්නේ සිතේ ඇතිවන කුසල් මූලික හෝ අකුසල් මූලික සිතුවිලි නිසා බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. කුසල් මූලික සිතුවිලි නම් පරිත්‍යාගය, මෛත්‍රිය හා Æණවන්ත භාවය යි. අකුසල් මූලික සිතුවිලි නම් ඉහත සඳහන් කරන ලද කුසල් මූලික සිතුවිලිවලට ප්‍රතිවිරුද්ධ ලෝභය, තරහ හා නොදන්නාකමයි. මෙම සිතුවිලිවලට අනුව අප සිදුකරන ක්‍රියාවන් කර්ම බවට පත්වී පින් හෝ පව් ලෙස පලදෙන බවත්, ඒ අනුව ඊළඟ උපත සකස්වෙන බවත් වටහා ගැනීමට අපහසු නැත. සත්ත්වයාගේ මරණින් පසු ජීවිතය, නැවත උපතත් සමඟම සකස් වන්නක් බව තේරුම් ගැනීම ඉහළ බුද්ධියක් සහිත මනුෂ්‍යයන් වශයෙන් ඔබ අප සැමට වැදගත්වන බව තේරුම් ගත යුතුය. විශේෂයෙන්ම තමන් විසින් කරන ලද කුසල ක්‍රියා නිසා මරණින් පසු ජීවිතය වඩා උසස් තත්ත්වයන්ට එනම් දිව්‍ය හෝ බ්‍රහ්ම ස්වභාවයන්ට පත්වේ. මෙබඳු තත්ත්වයන් පිළිබඳව තමන් ලත් අත්දැකීම් මැනවින් විස්තර කළ මහෝත්තමාවියක් ලෙස විසිවන සියවසේ තායිලන්තයේ වැඩ විසූ සිල්මාතාවක් වන කායිම් මාතාව හඳුන්වා දීමට පුලුවන. බුද්ධංගල භික්ඛු ආනන්ද හිමියන් විසින් පරිවර්තනය කරන ලද කායිම් මැණියන්ගේ චරිත කතාවට අනුව මෙතුමිය රහත් ඵලයට පත් වූ උත්තමාවියකි. ඇය එම තත්ත්වයට පත්වීමට පෙර අවුරුදු දහයක් පමණ කාලයක් සමාධි බලයෙන් විවිධ තලවල වෙසෙන භූත, ප්‍රේත, දේව හා බ්‍රහ්ම සත්ත්වයන් සමඟ අදහස් හුවමාරු කර ගත්තාය. ඒ උත්තමාවියගේ ධ්‍යාන බලය පිළිබඳ විස්තරයක් මෙසේය. "සිල්මාතා කායිව්ගේ සමාධි භාවනාව වෙනත් උසස් ලෝකෝත්තර දර්ශන පථයන්ට ද ඇයව සම්බන්ධ කොට හඳුන්වා දුණි. සමහර විටක ඇගේ විඥනය කයෙන් ගිලිහී ඉවතට යයි. එසේ ඉවතට යන ඇගේ විඥනය නා නා දිව්‍ය ලෝක සහ විවිධ වර්ගයේ බ්‍රහ්ම ලෝක ආදී තලයන්හි ගවේශනයක යෙදෙයි. ඇය දේව නමින් හඳුන්වන ඉතා සියුම් ව සකස් වුණු විවිධ අද්භූත ජීවීන් හමුවීමට ද ගියාය. මෙම දේව නමින් හඳුන්වන ජීව කොට්ඨාසය, දිව්‍යමය ආධිපත්‍යයක අතිශයෙන් සියුම් වූ පිරිසිදු තත්ත්වයකින් පෙර යහපත් කර්ම විපාක හේතුවෙන් වාසනාවන්තව ප්‍රීතියෙන් වෙසෙන ජීව කොටසකි. ඇය භූමාට දෙවිවරු හමුවූවාය. එනම් - ගස්වලට, වනාන්තර වලට, තරුවදුලුවලට අධිගෘහිත ආලෝකවත් දෙවිවරුය. මොවුන් පෘථිවි තලයට අතිශයින් ඇල්මෙන් සම්බන්ධ වූ ජීවීන් නිසා එසේ ඉපදී ඇත. මෙම දෙවිවරු සාමාන්‍ය මනුෂ්‍ය ඇසට නොපෙනුණ ද සිල්මාතා කායිව්ගේ දිවැසට ඔවුන් පැහැදිලි ව පෙනුණි. මෙම දේව කොට්ඨාසය හැම මොහොතකම ඉන්ද්‍රියන් පිනවමින් සතුටින් තෘප්තිමත් ව හැසිරෙන ජීව කොටසක් ලෙසින් සිල්මාතා කායිව් දුටුවාය. මෙම අතිශය ප්‍රීතිමත් ස්ථාවරය ඔවුන් රැස් කළ පින් හේතුවෙන් ලද තත්ත්වයන් ය. මොවුන් මිනිසුන් ව සිටිය දී බොහෝ පින් රැස්කර සිල්රැක, භාවනාකර එකතු කරගත් කුසල්වල විපාක හේතුවෙන් ලද දිව්‍ය ආත්මයන් ය. මේ දේවතාවන්ගේ පින් මහිමය කෙසේවුවත් එම දේවත්වයෙහි ම දිගින් දිගටම රැඳී සිටිමින් අලුතින් කර්ම රැස් කිරීමට ඇති අවස්ථා අල්ප විය. දේවත්වයේ රැඳී සිටීමට පාදක වූ මූලික කුසල් විපාක තුනී වී අහෝසි වූ පසු, නැවත මනුෂ්‍ය ලෝකයේ උපත ලැබ කුසල් රැස්කර ගැනීමට අවස්ථාව ඇත." (සිල්මාතා කායිව්, 93 - 94 පී. සී/ස කරුණාරත්න සහ පුත්‍රයෝ සමාගම, 2011 ඔක්තෝම්බර්) මරණින් පසු ජීවිතයේ අත්විඳීමට සිදුවන අකුසල විපාක එම කාලය තුළ කරනු ලබන කුසල් ක්‍රියාවලින් යම්තාක් දුරකට හෝ වෙනස් කළ හැකි බව මේ පිළිබඳ දක්නට ලැබෙන වර්තමාන අත්දැකීම්වලින් පැහැදිළි වේ. සමස්තයක් වශයෙන් ගත් කල බහුතරයක් මනුෂ්‍යයෝ තමන්ගේ වර්තමාන ජීවිතය වඩාත් සැපවත් බවට පත්කර ගැනීම සඳහා වෙහෙස වෙති. නමුත් මරණින් පසු තමන්ට උරුමවන ජීවිත ස්වභාවය මොනවගේ දැයි බොහෝවිට ඔවුහු කල්පනා නොකරති. විශේෂයෙන්ම බෞද්ධයන් ලෙස මේ ලෝකයේ උත්පත්තිය ලබා සසර හා කර්මය පිළිබඳ වැටහීමක් ලබා ගැනීමට හැකියාව තිබෙන අය වුවත් මෙසේ පටු ආකල්ප වල ගැලෙමින් තමන්ගේ අනාගත ජීවිතය විනාශකර ගැනීම අතිශයින්ම ශෝක ජනකය, බොහෝ දෙනා මෙම ලෞකික ජීවිතය තුළ සැප සොයමින් මිරිඟුව පිටුපස දුවන මුවන් සේ වෙහෙසටපත් ව, අවසානයේ අපේක්ෂා භංගත්වයෙන් ම මරණයට පත් වන අතර නරක, ප්‍රේත, අසුර හෝ තිරිසන් අපායවල උත්පත්තිය ලබා ගනිති. මේ නිසා මෙම කෙටිකාලීන මනුෂ්‍ය ජීවිතය තුළ අසීමිත ලෙස අකුසල් සිද්ධ කරගෙන අවසානයේදී කල්ප ගණන් දුගතියේ දුක් විඳිනවාද, නැතහොත් වැඩිපුර පින් රැස්කරගෙන මරණින් මතු ජීවිතය හැකිනම් ධර්මාවබෝධයෙන් කෙළවර කර ගන්නවාද, එසේත් නැත්නම් සුගතිගාමී වෙනවාද යන්න තීරණය ගත යුත්තේ තම තමන් විසිනි. සත්ත්ව ජීවිතවල යථා තත්ත්වය තේරුම් ගැනීමට මීට වඩා නිදසුන් අවශ්‍ය නොවන බව නිසැකවම පැවසිය හැකිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom