Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුනරුත්පත්තිය හා පුනර්භවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුනරුත්පත්තිය පිළිබඳ ඉස්ලාමීය මතය!

පුනරුත්පත්තිය පිළිබඳ ඉස්ලාමීය මතය!

මෙම මාතෘකාව සඳහන් කළ විගසම කෙනෙකුගේ මනස තුල ජනිත වන්නේ ‘නැවත ඉපදීම’, ‘පුනර්භවය’ යන වචන වලින් අදහස් වන සංකල්පයන්ය. මෙම වචන වැඩි වශයෙන් බෞද්ධ සංස්කෘතියට බැඳී ඇති හෙයින් පළමුව එම කෝණයෙන් එහි අර්ථය විමසා බලමු. එසේ කිරීමෙන් ඉතා නිවැරදි ලෙස ඉස්ලාමීය සංකල්පය අවබෝධ කරගැනීමට මෙය උපකාරී වේ යැයි අපේක්ෂා කරන්නෙමු. පහත සඳහන් කොටස උපුටා ගත්තේ ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි විසින් සම්පාදනය කොට ප්‍රකාශිත ‘බුදු දහමේ පැන විසඳුම් – දෙවන කොටස’ යන ග්රන්ථයෙනි.

20. ප්රශ්නය: පුනර්භවය, පුනරුත්පත්තිය යනු එකම අර්ථයක් දීම සඳහා යෙදෙන වචන දෙකක්ද?

පිළිතුර: අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ පුනර්භව යන වචනය මිස පුරුත්පත්ති යන වචනය යෙදී නැති බවයි මගේ වැටහීම. පුනරුත්පත්ති යන වචනය නැවත ඉපදීම යන අදහස දෙයි. පසුකාලීනව ලියවී ඇති ඇතැම් පොත්වල පුනරුත්පත්ති යන වචනය සමහර විට තිබිය හැකිය. විශේෂයෙන් හින්දු ආත්මවාදී ආගම් වල භවයෙන් භවයට යන වෙනස් නොවන ආත්ම භාවය පිළිබඳව කියවෙයි. එම ආගමේ මිනිසාගේ ජීවිතය හා සම්බන්ධ විනාශ කළ නොහැකි සදාකාලික ආත්මයක් ඇති බවත්, එක් ගෙයක් අතහැර තවත් ගෙයකට රිංගන්නා සේ මරණින් පසු එම ආත්මය තවත් ආත්මයකට රිංගා සිටිමින් මේ ක්‍රමයෙන් ආත්ම මෝක්ෂය දක්වාම ආත්මය දිගින් දිගටම ගමන් කරන බව කියවේ.

බුද්ධ දේශනාවේ එබඳු ආත්මයක් ගැන සඳහන් නොවේ. සත්වයා යනු මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙමින් පවතින නාම රුප පුඤ්ජයක් බවත්, එහි කිසිදු ආත්ම සාරයක් නැති බවත් දැක්වේ. “පුනබ්භව” යන්නෙන් පැහැදිලි කෙරෙනුයේ නැවත වීමයි නොහොත් හට ගැනීමයි. ඒ අනුව මේ වර්තමාන භවයෙන් කිසිදු භෞතිකයක් හෝ වෙනත් ශක්තියක් දෙවන භවය කරා නොයයි. එහෙත් කරන ලද කර්මවලට අනුරුප විපාක ශක්තියෙන් පුනර්භවයක් ලබා දෙයි. කර්ම වේගය අනුව හට ගන්නා හේතු ඵල පරම්පරාවකි පවතිනුයේ.” (44-45 වැනි පිටු)

ඉහත පැහැදිලි කිරීම අනුව බෞද්ධ මෙන්ම හින්දු දහමේ මරණින් පසු නැවත ඉපදීමේ සංකල්පයන්හි මුලික අදහස් විග්රහ කොට ඇත. ඉස්ලාමීය සංකල්පය මෙයට වඩා බෙහෙවින් වෙනස් වුවකි. මරණින් මතු ජීවිතය සැබැවින්ම පාරභෞතික එනම් ඉන්ද්රිය ගෝචර නොවන සංකල්පයකි. එහෙයින් ඒ පිළිබඳව මිනිසාට දැනුමක් ලබාගත හැකි වන්නේ ආගමික මුලාශ්‍රයන්ගෙන් හා මිනිසාගේ ස්වභාවික විචාර බුද්ධිය උපයෝගී කර ගැනීමෙනි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මිනිසාට මිහිතලය මත ඇත්තේ එක් වරක් පමණක් ජීවත්වීමට ඇති අවස්ථාවක් පමණි. මෙම ජීවිතය ඔහුට මරණින් මතු ලැබෙන්නට ඇති තත්වය පිලිබඳ පරීක්ෂණයක් බව ද විග්රහ වන්නේය. මිනිසාට තෝරාගැනීමේ නිදහස, විචාර බුද්ධිය, සදාචාරය, හොඳ නරක පිලිබඳ හැඟීම, මෙන්ම විශ්වයේ නිර්මාතෘ හා පාලකයෙකු සිටින බවට ඇති හැඟීම ඔහුට ජන්මයෙන්ම ලබාදී තිබේ. මෙහිදී විශ්වයේ නිර්මාතෘ හා පාලක යෙකු සිටින බවට ජන්මයෙන් ලබාදී ඇති හැඟීම පිලිබඳ මතය සමහර අයගේ විවේචනයට ලක්විය හැකි අදහසකි. එය තවත් ලිපියකින් සවිස්තරව සාකච්චා කරන්නට අදහස් කරන හෙයින් ඒ පිළිබඳව ඇති තොරතුරු මෙම ලිපියට ඇතුලත් නොකිරීමට තීරණය කළෙමු.

“සෑම ආත්මයක්ම මරණය භුක්ති විඳිය යුතු වන්නේය. යහ හා අයහ ක්‍රියාවන් කළ හැකි තත්වයෙන් අපි ඔබව (තබා) පරීක්ෂා කරන්නෙමු.” (අල්-කුර්ආන් 21: 35)

“නුඹලාගෙන් කවුරුන් ක්‍රියාවෙන් ඉතාමත් ශ්‍රේෂ්ඨද යන්න පරීක්ෂා කිරීම පිණිස ජීවිතයද මරණයද නිර්මාණය කර ඇත්තෙමු. ඔහු (අල්ලාහ්) අති බලසම්පන්න වන අතර අති ක්ෂමාශීලීය.” (අල්-කුර්ආන් 67: 2)

“නුඹලා කෙසේ නම් අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නේහුද? නුඹලා අජීවීව සිටි කල්හි ඔහු නුඹලාට ජීවය ලබා දුන්නේය. පසුව නුඹලාට මරණය පමුණුවා නැවතත් (මතුලොව) නුඹලාට ජීවය ලබා දෙන්නේය. පසුව නුඹලා ඔහු වෙතම යලි පමුණුවනු ලබන්නේහුය” (අල් කුර්ආන් 2:28)

ඉහත අල්-කුර්ආන් වැකිවලින් මිනිසාගේ මෙලොව ජීවිතයේ හරය මෙන්ම ඔහු නියත වශයෙන්ම මිහිතලය මත කළ ඔහුගේ ක්‍රියාකාර කම් ගැන මරණින් මතු විනිශ්චය දිනයක පෙනී සිටිය යුතු බව සහතික කරයි. ඔහුට යහකම් කරන්නට ඇත්තේ මෙම ජීවිතය පමණක් බව ඉස්ලාමය උගන්වන හෙයින් මිනිසා තම සිතේ මතුවන ආශාවන් හා තෘෂ්ණාවන් හි වහලෙකු බවට පත්නොවී මෙම පහත් හැඟීම ඔහුගේ පාලනයට ගෙනැවිත් බිය භක්තියෙන් යුත් ජීවිතයක් ගොඩ නගා ගන්නට ඔහු නිරන්තරයෙන් උත්සුක වන්නට මෙම සංකල්පය බෙහෙවින් ඉවහල් වන්නේය. මරණින් මතු ජීවිතයක අවශ්‍යතාවය සෑම දහමකම උගන්වන අතර එය මිනිසාගේ විචාර බුද්ධියට හා තර්කයට පිළිගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්නේ ඉස්ලාමය පමණි. පළමුව මරණින් මතු ජීවිතයක අවශ්‍යතාවය පිළිබඳව සලකා බලමු.

සෑම දහමක්ම මරණින් මතු ජිවිතයක් ගැන විශ්වාස කරයි. මරණින් මතු ජිවිතය සත්‍යය බව පිලිගැනිමට අවශ්‍ය වන සහේතුක සාධක කිහිපයක් ඇත්තේය. අප මෙම ලිපිය ආරම්භයේදි සාකච්ඡා කළ පරිදි සදාචාරය මිනිසාට පමණක් උරුම වු සුවිශේෂි වු ලක්ෂණයකි. සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම සදහා මිනිසා විසින් විවිධ ආකාරයේ දුරාචාරාත්මක ක්‍රියාවන්ගෙන් ඉවත් විය යුතු වන්නේය. නමුත් මෙම දුරාචාරයන් තුළ ක්ෂණික හා තාවකාලික වින්දනයක් හා තෘප්තියක් ඇති බව අපි දනිමු. මිනිසා වින්දනයට හා තෘප්තියට ආසා කරයි. මෙම ආශාවන් විසින් මතු කරන්නාවු දිරිගැන්විම් වලට වහල් නොවි සාරධර්ම රකිමින් කටයුතු කිරිම සදහා විශේෂිත වු ප්රයන්තයක මිනිසාට නියැලෙන්නට සිදුවේ. අනිවාර්යෙන්ම මෙම අධිෂ්ඨාන ශිලි ප්රයන්තය සදහා යහ විපාක ප්‍රධානය කිරිමක් මිනිසාට සිදුවිය යුතුය. එසේ නිරන්තර යහ විපාක ප්‍රධානය කිරිමක් කෙරෙහි විශ්වාසය තැබිමෙන් මිනිසාගේ යහ ක්‍රියාවන් සදහා වු නැඹුරුව වඩා ශක්තිමත් වනු ඇත. මෙම යහවිපාක ප්‍රධානය කිරිම මිනිසාගේ මිහිතලය මත වු ජිවිතයේදි සිදුවන්නක් නොවේ. එලෙසින්ම දුරාචාරයෙහි නියැලෙමින් තම හැගිම්වලට වහල් වි කටයුතු කරන්නාට ද විපාක අත්කර දිමක් සිදුවිය යුතුය.

මෙයද මිහිතලය මත වු මිනිසාගේ ජිවිතයේදි නිසි පරිදි සිදුවන්නක් නොවේ. සමහර දුරාචාර කටයුතු වැළැක්විම සදහා මිනිසා විසින් නිති සකස් කර තිබුණද මේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවද අපි ඉතා හොදින් දන්නෙමු. එහෙයින් මිනිසාගේ සදාචාරාත්මක ජිවිතයට දිරිදෙන ඔහුට ඒ සඳහා මානසිකව හා කායිකව උනන්දු කරවන හා පොළඹවන ආකාරයේ නිශ්චිත ව තම යහ ජිවිතය සඳහා යහ විපාක ලබාදෙන තැනක් අනිවාර්යෙන්ම තිබිය යුතුය. මෙය නිසිලෙස මිහිතලය මත වු ජිවිතයේදි සිදුනොවන නිසා මරණින් මතු ජිවිතයේදි පරම සාධාරණිය විනිශ්චයකින් පසු මිනිසාට යහ විපාක ප්‍රධානය කිරිමක් පිළිබඳව ඔහු විශ්වාස කරයි. මෙම විශ්වාසය නොමැති නම් මිනිසාගේ මිහිතලය මත වු සදාචාරාත්මක ජිවන සංකල්පය සහමුලින්ම බිඳී යන්නට ඉඩ තිබේ. එලෙසින්ම දුරාචාරයෙහි යෙදෙන්නන්ටද ඔවුන්ව එයින් වළක්වාලන ආකාරයේ විපාක දිමක් සිදු නොවුවහොත් දුරාචාරය රජයන මිනිස් සමාජයක් බවට අප පත් වනු නියතය. අද ලොව සිදුවෙමින් පවතින්නේ මිනිසා මරණින් මතු විපාක අත් විඳින්නට සිදුවන තත්ත්වය අමතක කොට තාවකාලික ආස්වාදය හා තෘප්තිය පසුපස දිව යමින් මුළු මහත් මිනිස් සමාජයම තිරිසන් පිරිසක් බවට පත් කරන්නට කටයුතු කරමින් සිටිමයි.

“(නබිවරයාණෙනි) තම ආශාවන් (තෘෂ්ණාවන්) තමන්ගේ දෙවිදුන් වශයෙන් කව්රුන් පත්කර ගත්තේද ඔහුව නුඹ දුටුවෙහිද? නුඹ ඔහුට ආරක්ෂකයෙකු ලෙස සිටින්නෙහිද? ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (නුඹගේ මග පෙන්විම් වලට) සවන් දෙන්නේ යැයිද නැත හොත් එය වටහා ගන්නේ යැයිද නුඹ සිතන්නෙහිද? ඔවුන් තිරිසනුන් ලෙස මිස වෙන කිසිවක් නොමැත. නැත, ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගිය වුන් ලෙස සිටින්නන්ය”. (අල්-කුර්ආන් 25 වන පරිච්ඡේදය – 43/44 වාක්‍යයන්)

මෙයින් අදහස් වන්නේ තම සිතෙහි උත්පාදනය වන්නාවු පහත් හා දුරාචාර හැඟීම් වලට යටත් වන්නා නියත වශයෙන්ම තිරිසනුන්ට වඩා පහත් තත්ත්වයකට පත් වන බවය. මෙම තත්ත්වය වෙනස් කරන්නට නම් මිනිසාගේ සිත් සතන්හි මරණින් මතු ජිවිතයක් ඇති බවත් එහිදි තමන්ගේ මිහිතලය මත වු ජිවිතයේ සියළු ක්‍රියාවන් සදහා විපාක විඳින්නට සිදුවන බවත් ඔහුට ඒත්තු ගැන්විය යුතුය. මරණින් මතු ජිවිතය පිළිබඳව විශ්වාසයක් නිශ්චිත වශයෙන්ම මිනිසාව නිවැරදි විශ්වාසයකින් හා යහ ක්‍රියාවන්ගෙන් පරිපුර්ණ වු අයෙකු බවට පත් කරන්නට මග සළස්වන්නේය.

අනිත් අතින් අපරාධය හා දඩුවම පිළිබදව නීතිරීති මිහිතලය මත ඇත. එක් අයෙකු මරා දැමුවෙකුටත් මිනිසුන් හැට ලක්ෂයනට වඩා මරා දැමු හිට්ලර්ටත් උපරිමයෙන් දිය හැකි වන්නේ එක හා සමාන මරණ දඬුවමක් පමණි. තමන් කළ වරදේ ප්‍රමාණය අනුව මෙම දඬුවමේ සාධාරණිත්වයක් නොමැති බව ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. එහෙයින් තම වරදේ ප්‍රමාණය අනුව දඬුවම ලබාදෙන තැනක් තිබිය යුතු බවට පිළිගැනිමට මිනිසාට අපහසුතාවයක් තිබිය නොහැක. එයද සිදුවිය හැක්කේ මරණින් මතු ජිවිතයේ පමණක් බව අපට පිලිගන්නට සිදුවේ. මෙම දඬුවම් දිම සදහා සියළුම දහම් අපායක් පිලිබදව සංකල්පය ඉදිරිපත් කොට ඇත. මෙයද පාරභෞතික සංකල්පයකි. අවාසනාවට සමහර දහම් මෙම පාර භෞතික සංකල්පය භෞතික එකක් බවට පත් කොට ඇත. අපාය පිහිටා ඇත්තේ පොළොව යට මෙතරම් ගැඹුරකින් බව පවසන විට එය භෞතික තත්ත්වයට පත්වන්නේය. එයට අමතරව මිනිසාගේ මෙලොව ක්‍රියාකාරකම් නිසිලෙස සටහන් කොට ඒ පිළිබඳව තීරණයක් ගැනීමේ සර්ව බලධාරී, පරම යුක්ති සහගත, සර්වඥ, බලයක් පිලිබඳ විස්වාශයක් හෝ මෙය ක්‍රියාත්මක කරවන මිනිසාගේ විචාරයට පිළිගත හැකි ආකාරයේ යාන්ත්‍රණයක් ඉදිරිපත් නොකරයි. අන් දහම් වල මෙම සර්ව ක්‍රියාවලිය පිළිබඳව ඇත්තේ ව්‍යාකුලත්වයකි.

ඉස්ලාමය මෙයට හාත්පසින්ම වෙනස් වු ආකාරයකින් මෙම සංකල්පය ඉදිරිපත් කරයි. එය මිනිසාගේ විචාර බුද්ධියට එකඟ විය හැකි මෙන්ම නුතන විද්‍යාත්මක සාධක පදනම් කරගෙන කරන්නාවු ඉදිරිපත් කිරිමකි. නිවැරදි විශ්වාසය මෙන්ම සදාචාර සම්පන්න ජිවිතයකටද ඉස්ලාමිය මරණින්ද මතු ජිවිතය පිලිබදව වු සංකල්පය දිරිගැන්විමක් කරයි. පළමුව මරණින් පසු ජිවිතයත් සහතික වශයෙන් ම ඇති බවත් එහිදි මිහිතලය මත කල ක්‍රියාවන්ට විපාක විදින්නට සිදුවන්නේ ඔබටමය යන අදහස අල්-කුර්ආනය අවුරුදු 1400කට පෙර ඉදිරිපත් කර ඇති ආකාරය විමසා බලමු.

“(මිය ගොස් දිරාපත් වි පස් බවට පත් වුණු පසු) ඔහුගේ ඇට සැකිල්ල අපි එක්රැස් (කොට ඔහුව පුනර්නිර්මාණය) නොකරන්නෙමු යැයි මිනිසා සිතන්නෙහිද? නොඑසේය, ඔහුගේ ඇගිලි තුඩ පවා (පෙරතිබු ආකාරයෙන්ම) තැබිමට තරම් අපි බලසම්පන්න වන්නෙමු”. (අල්-කුර්ආන් 75 පරිච්ඡේදය 2-4 වගන්ති)

[QUOTE="rukshrulz, post: 20751948, member: 482079"] [b]පුනරුත්පත්තිය පිළිබඳ ඉස්ලාමීය මතය![/b] [SIZE="6"][COLOR="Red"]පුනරුත්පත්තිය පිළිබඳ ඉස්ලාමීය මතය![/COLOR][/SIZE] [SIZE="5"]මෙම මාතෘකාව සඳහන් කළ විගසම කෙනෙකුගේ මනස තුල ජනිත වන්නේ ‘නැවත ඉපදීම’, ‘පුනර්භවය’ යන වචන වලින් අදහස් වන සංකල්පයන්ය. මෙම වචන වැඩි වශයෙන් බෞද්ධ සංස්කෘතියට බැඳී ඇති හෙයින් පළමුව එම කෝණයෙන් එහි අර්ථය විමසා බලමු. එසේ කිරීමෙන් ඉතා නිවැරදි ලෙස ඉස්ලාමීය සංකල්පය අවබෝධ කරගැනීමට මෙය උපකාරී වේ යැයි අපේක්ෂා කරන්නෙමු. පහත සඳහන් කොටස උපුටා ගත්තේ ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි විසින් සම්පාදනය කොට ප්‍රකාශිත ‘බුදු දහමේ පැන විසඳුම් – දෙවන කොටස’ යන ග්රන්ථයෙනි. 20. ප්රශ්නය: පුනර්භවය, පුනරුත්පත්තිය යනු එකම අර්ථයක් දීම සඳහා යෙදෙන වචන දෙකක්ද? පිළිතුර: අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ පුනර්භව යන වචනය මිස පුරුත්පත්ති යන වචනය යෙදී නැති බවයි මගේ වැටහීම. පුනරුත්පත්ති යන වචනය නැවත ඉපදීම යන අදහස දෙයි. පසුකාලීනව ලියවී ඇති ඇතැම් පොත්වල පුනරුත්පත්ති යන වචනය සමහර විට තිබිය හැකිය. විශේෂයෙන් හින්දු ආත්මවාදී ආගම් වල භවයෙන් භවයට යන වෙනස් නොවන ආත්ම භාවය පිළිබඳව කියවෙයි. එම ආගමේ මිනිසාගේ ජීවිතය හා සම්බන්ධ විනාශ කළ නොහැකි සදාකාලික ආත්මයක් ඇති බවත්, එක් ගෙයක් අතහැර තවත් ගෙයකට රිංගන්නා සේ මරණින් පසු එම ආත්මය තවත් ආත්මයකට රිංගා සිටිමින් මේ ක්‍රමයෙන් ආත්ම මෝක්ෂය දක්වාම ආත්මය දිගින් දිගටම ගමන් කරන බව කියවේ. බුද්ධ දේශනාවේ එබඳු ආත්මයක් ගැන සඳහන් නොවේ. සත්වයා යනු මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙමින් පවතින නාම රුප පුඤ්ජයක් බවත්, එහි කිසිදු ආත්ම සාරයක් නැති බවත් දැක්වේ. “පුනබ්භව” යන්නෙන් පැහැදිලි කෙරෙනුයේ නැවත වීමයි නොහොත් හට ගැනීමයි. ඒ අනුව මේ වර්තමාන භවයෙන් කිසිදු භෞතිකයක් හෝ වෙනත් ශක්තියක් දෙවන භවය කරා නොයයි. එහෙත් කරන ලද කර්මවලට අනුරුප විපාක ශක්තියෙන් පුනර්භවයක් ලබා දෙයි. කර්ම වේගය අනුව හට ගන්නා හේතු ඵල පරම්පරාවකි පවතිනුයේ.” (44-45 වැනි පිටු) ඉහත පැහැදිලි කිරීම අනුව බෞද්ධ මෙන්ම හින්දු දහමේ මරණින් පසු නැවත ඉපදීමේ සංකල්පයන්හි මුලික අදහස් විග්රහ කොට ඇත. ඉස්ලාමීය සංකල්පය මෙයට වඩා බෙහෙවින් වෙනස් වුවකි. මරණින් මතු ජීවිතය සැබැවින්ම පාරභෞතික එනම් ඉන්ද්රිය ගෝචර නොවන සංකල්පයකි. එහෙයින් ඒ පිළිබඳව මිනිසාට දැනුමක් ලබාගත හැකි වන්නේ ආගමික මුලාශ්‍රයන්ගෙන් හා මිනිසාගේ ස්වභාවික විචාර බුද්ධිය උපයෝගී කර ගැනීමෙනි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මිනිසාට මිහිතලය මත ඇත්තේ එක් වරක් පමණක් ජීවත්වීමට ඇති අවස්ථාවක් පමණි. මෙම ජීවිතය ඔහුට මරණින් මතු ලැබෙන්නට ඇති තත්වය පිලිබඳ පරීක්ෂණයක් බව ද විග්රහ වන්නේය. මිනිසාට තෝරාගැනීමේ නිදහස, විචාර බුද්ධිය, සදාචාරය, හොඳ නරක පිලිබඳ හැඟීම, මෙන්ම විශ්වයේ නිර්මාතෘ හා පාලකයෙකු සිටින බවට ඇති හැඟීම ඔහුට ජන්මයෙන්ම ලබාදී තිබේ. මෙහිදී විශ්වයේ නිර්මාතෘ හා පාලක යෙකු සිටින බවට ජන්මයෙන් ලබාදී ඇති හැඟීම පිලිබඳ මතය සමහර අයගේ විවේචනයට ලක්විය හැකි අදහසකි. එය තවත් ලිපියකින් සවිස්තරව සාකච්චා කරන්නට අදහස් කරන හෙයින් ඒ පිළිබඳව ඇති තොරතුරු මෙම ලිපියට ඇතුලත් නොකිරීමට තීරණය කළෙමු. “සෑම ආත්මයක්ම මරණය භුක්ති විඳිය යුතු වන්නේය. යහ හා අයහ ක්‍රියාවන් කළ හැකි තත්වයෙන් අපි ඔබව (තබා) පරීක්ෂා කරන්නෙමු.” (අල්-කුර්ආන් 21: 35) “නුඹලාගෙන් කවුරුන් ක්‍රියාවෙන් ඉතාමත් ශ්‍රේෂ්ඨද යන්න පරීක්ෂා කිරීම පිණිස ජීවිතයද මරණයද නිර්මාණය කර ඇත්තෙමු. ඔහු (අල්ලාහ්) අති බලසම්පන්න වන අතර අති ක්ෂමාශීලීය.” (අල්-කුර්ආන් 67: 2) “නුඹලා කෙසේ නම් අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නේහුද? නුඹලා අජීවීව සිටි කල්හි ඔහු නුඹලාට ජීවය ලබා දුන්නේය. පසුව නුඹලාට මරණය පමුණුවා නැවතත් (මතුලොව) නුඹලාට ජීවය ලබා දෙන්නේය. පසුව නුඹලා ඔහු වෙතම යලි පමුණුවනු ලබන්නේහුය” (අල් කුර්ආන් 2:28) ඉහත අල්-කුර්ආන් වැකිවලින් මිනිසාගේ මෙලොව ජීවිතයේ හරය මෙන්ම ඔහු නියත වශයෙන්ම මිහිතලය මත කළ ඔහුගේ ක්‍රියාකාර කම් ගැන මරණින් මතු විනිශ්චය දිනයක පෙනී සිටිය යුතු බව සහතික කරයි. ඔහුට යහකම් කරන්නට ඇත්තේ මෙම ජීවිතය පමණක් බව ඉස්ලාමය උගන්වන හෙයින් මිනිසා තම සිතේ මතුවන ආශාවන් හා තෘෂ්ණාවන් හි වහලෙකු බවට පත්නොවී මෙම පහත් හැඟීම ඔහුගේ පාලනයට ගෙනැවිත් බිය භක්තියෙන් යුත් ජීවිතයක් ගොඩ නගා ගන්නට ඔහු නිරන්තරයෙන් උත්සුක වන්නට මෙම සංකල්පය බෙහෙවින් ඉවහල් වන්නේය. මරණින් මතු ජීවිතයක අවශ්‍යතාවය සෑම දහමකම උගන්වන අතර එය මිනිසාගේ විචාර බුද්ධියට හා තර්කයට පිළිගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්නේ ඉස්ලාමය පමණි. පළමුව මරණින් මතු ජීවිතයක අවශ්‍යතාවය පිළිබඳව සලකා බලමු. සෑම දහමක්ම මරණින් මතු ජිවිතයක් ගැන විශ්වාස කරයි. මරණින් මතු ජිවිතය සත්‍යය බව පිලිගැනිමට අවශ්‍ය වන සහේතුක සාධක කිහිපයක් ඇත්තේය. අප මෙම ලිපිය ආරම්භයේදි සාකච්ඡා කළ පරිදි සදාචාරය මිනිසාට පමණක් උරුම වු සුවිශේෂි වු ලක්ෂණයකි. සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම සදහා මිනිසා විසින් විවිධ ආකාරයේ දුරාචාරාත්මක ක්‍රියාවන්ගෙන් ඉවත් විය යුතු වන්නේය. නමුත් මෙම දුරාචාරයන් තුළ ක්ෂණික හා තාවකාලික වින්දනයක් හා තෘප්තියක් ඇති බව අපි දනිමු. මිනිසා වින්දනයට හා තෘප්තියට ආසා කරයි. මෙම ආශාවන් විසින් මතු කරන්නාවු දිරිගැන්විම් වලට වහල් නොවි සාරධර්ම රකිමින් කටයුතු කිරිම සදහා විශේෂිත වු ප්රයන්තයක මිනිසාට නියැලෙන්නට සිදුවේ. අනිවාර්යෙන්ම මෙම අධිෂ්ඨාන ශිලි ප්රයන්තය සදහා යහ විපාක ප්‍රධානය කිරිමක් මිනිසාට සිදුවිය යුතුය. එසේ නිරන්තර යහ විපාක ප්‍රධානය කිරිමක් කෙරෙහි විශ්වාසය තැබිමෙන් මිනිසාගේ යහ ක්‍රියාවන් සදහා වු නැඹුරුව වඩා ශක්තිමත් වනු ඇත. මෙම යහවිපාක ප්‍රධානය කිරිම මිනිසාගේ මිහිතලය මත වු ජිවිතයේදි සිදුවන්නක් නොවේ. එලෙසින්ම දුරාචාරයෙහි නියැලෙමින් තම හැගිම්වලට වහල් වි කටයුතු කරන්නාට ද විපාක අත්කර දිමක් සිදුවිය යුතුය. මෙයද මිහිතලය මත වු මිනිසාගේ ජිවිතයේදි නිසි පරිදි සිදුවන්නක් නොවේ. සමහර දුරාචාර කටයුතු වැළැක්විම සදහා මිනිසා විසින් නිති සකස් කර තිබුණද මේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවද අපි ඉතා හොදින් දන්නෙමු. එහෙයින් මිනිසාගේ සදාචාරාත්මක ජිවිතයට දිරිදෙන ඔහුට ඒ සඳහා මානසිකව හා කායිකව උනන්දු කරවන හා පොළඹවන ආකාරයේ නිශ්චිත ව තම යහ ජිවිතය සඳහා යහ විපාක ලබාදෙන තැනක් අනිවාර්යෙන්ම තිබිය යුතුය. මෙය නිසිලෙස මිහිතලය මත වු ජිවිතයේදි සිදුනොවන නිසා මරණින් මතු ජිවිතයේදි පරම සාධාරණිය විනිශ්චයකින් පසු මිනිසාට යහ විපාක ප්‍රධානය කිරිමක් පිළිබඳව ඔහු විශ්වාස කරයි. මෙම විශ්වාසය නොමැති නම් මිනිසාගේ මිහිතලය මත වු සදාචාරාත්මක ජිවන සංකල්පය සහමුලින්ම බිඳී යන්නට ඉඩ තිබේ. එලෙසින්ම දුරාචාරයෙහි යෙදෙන්නන්ටද ඔවුන්ව එයින් වළක්වාලන ආකාරයේ විපාක දිමක් සිදු නොවුවහොත් දුරාචාරය රජයන මිනිස් සමාජයක් බවට අප පත් වනු නියතය. අද ලොව සිදුවෙමින් පවතින්නේ මිනිසා මරණින් මතු විපාක අත් විඳින්නට සිදුවන තත්ත්වය අමතක කොට තාවකාලික ආස්වාදය හා තෘප්තිය පසුපස දිව යමින් මුළු මහත් මිනිස් සමාජයම තිරිසන් පිරිසක් බවට පත් කරන්නට කටයුතු කරමින් සිටිමයි. “(නබිවරයාණෙනි) තම ආශාවන් (තෘෂ්ණාවන්) තමන්ගේ දෙවිදුන් වශයෙන් කව්රුන් පත්කර ගත්තේද ඔහුව නුඹ දුටුවෙහිද? නුඹ ඔහුට ආරක්ෂකයෙකු ලෙස සිටින්නෙහිද? ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (නුඹගේ මග පෙන්විම් වලට) සවන් දෙන්නේ යැයිද නැත හොත් එය වටහා ගන්නේ යැයිද නුඹ සිතන්නෙහිද? ඔවුන් තිරිසනුන් ලෙස මිස වෙන කිසිවක් නොමැත. නැත, ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගිය වුන් ලෙස සිටින්නන්ය”. (අල්-කුර්ආන් 25 වන පරිච්ඡේදය – 43/44 වාක්‍යයන්) මෙයින් අදහස් වන්නේ තම සිතෙහි උත්පාදනය වන්නාවු පහත් හා දුරාචාර හැඟීම් වලට යටත් වන්නා නියත වශයෙන්ම තිරිසනුන්ට වඩා පහත් තත්ත්වයකට පත් වන බවය. මෙම තත්ත්වය වෙනස් කරන්නට නම් මිනිසාගේ සිත් සතන්හි මරණින් මතු ජිවිතයක් ඇති බවත් එහිදි තමන්ගේ මිහිතලය මත වු ජිවිතයේ සියළු ක්‍රියාවන් සදහා විපාක විඳින්නට සිදුවන බවත් ඔහුට ඒත්තු ගැන්විය යුතුය. මරණින් මතු ජිවිතය පිළිබඳව විශ්වාසයක් නිශ්චිත වශයෙන්ම මිනිසාව නිවැරදි විශ්වාසයකින් හා යහ ක්‍රියාවන්ගෙන් පරිපුර්ණ වු අයෙකු බවට පත් කරන්නට මග සළස්වන්නේය. අනිත් අතින් අපරාධය හා දඩුවම පිළිබදව නීතිරීති මිහිතලය මත ඇත. එක් අයෙකු මරා දැමුවෙකුටත් මිනිසුන් හැට ලක්ෂයනට වඩා මරා දැමු හිට්ලර්ටත් උපරිමයෙන් දිය හැකි වන්නේ එක හා සමාන මරණ දඬුවමක් පමණි. තමන් කළ වරදේ ප්‍රමාණය අනුව මෙම දඬුවමේ සාධාරණිත්වයක් නොමැති බව ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. එහෙයින් තම වරදේ ප්‍රමාණය අනුව දඬුවම ලබාදෙන තැනක් තිබිය යුතු බවට පිළිගැනිමට මිනිසාට අපහසුතාවයක් තිබිය නොහැක. එයද සිදුවිය හැක්කේ මරණින් මතු ජිවිතයේ පමණක් බව අපට පිලිගන්නට සිදුවේ. මෙම දඬුවම් දිම සදහා සියළුම දහම් අපායක් පිලිබදව සංකල්පය ඉදිරිපත් කොට ඇත. මෙයද පාරභෞතික සංකල්පයකි. අවාසනාවට සමහර දහම් මෙම පාර භෞතික සංකල්පය භෞතික එකක් බවට පත් කොට ඇත. අපාය පිහිටා ඇත්තේ පොළොව යට මෙතරම් ගැඹුරකින් බව පවසන විට එය භෞතික තත්ත්වයට පත්වන්නේය. එයට අමතරව මිනිසාගේ මෙලොව ක්‍රියාකාරකම් නිසිලෙස සටහන් කොට ඒ පිළිබඳව තීරණයක් ගැනීමේ සර්ව බලධාරී, පරම යුක්ති සහගත, සර්වඥ, බලයක් පිලිබඳ විස්වාශයක් හෝ මෙය ක්‍රියාත්මක කරවන මිනිසාගේ විචාරයට පිළිගත හැකි ආකාරයේ යාන්ත්‍රණයක් ඉදිරිපත් නොකරයි. අන් දහම් වල මෙම සර්ව ක්‍රියාවලිය පිළිබඳව ඇත්තේ ව්‍යාකුලත්වයකි. ඉස්ලාමය මෙයට හාත්පසින්ම වෙනස් වු ආකාරයකින් මෙම සංකල්පය ඉදිරිපත් කරයි. එය මිනිසාගේ විචාර බුද්ධියට එකඟ විය හැකි මෙන්ම නුතන විද්‍යාත්මක සාධක පදනම් කරගෙන කරන්නාවු ඉදිරිපත් කිරිමකි. නිවැරදි විශ්වාසය මෙන්ම සදාචාර සම්පන්න ජිවිතයකටද ඉස්ලාමිය මරණින්ද මතු ජිවිතය පිලිබදව වු සංකල්පය දිරිගැන්විමක් කරයි. පළමුව මරණින් පසු ජිවිතයත් සහතික වශයෙන් ම ඇති බවත් එහිදි මිහිතලය මත කල ක්‍රියාවන්ට විපාක විදින්නට සිදුවන්නේ ඔබටමය යන අදහස අල්-කුර්ආනය අවුරුදු 1400කට පෙර ඉදිරිපත් කර ඇති ආකාරය විමසා බලමු. “(මිය ගොස් දිරාපත් වි පස් බවට පත් වුණු පසු) ඔහුගේ ඇට සැකිල්ල අපි එක්රැස් (කොට ඔහුව පුනර්නිර්මාණය) නොකරන්නෙමු යැයි මිනිසා සිතන්නෙහිද? නොඑසේය, ඔහුගේ ඇගිලි තුඩ පවා (පෙරතිබු ආකාරයෙන්ම) තැබිමට තරම් අපි බලසම්පන්න වන්නෙමු”. (අල්-කුර්ආන් 75 පරිච්ඡේදය 2-4 වගන්ති)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom