Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පුනරුප්පත්තියක් නැහැ කියන මතයට උඩ ගෙඩි දෙන බණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය දවසක එක්තරා චීවරධාරියෙක්ගේ වීඩියෝ ක්ලිප් එකක් සමාජමාධ්‍යයේ දකින්න ලැබුනා. එතැනදි මේ පුද්ගලයා කියන්නේ බුදුරජාණන්වහන්සේ පුනරුප්පත්තියක් ගැන කියන්නෙ නැහැ කියලා. ඉතින් මේ ගැන කෙටි සටහනක් තිබ්බොත් හොඳයි කියලා හිතුනා.

ථෙරවාදී සම්ප්රදාය අනුව බුදුරජාණන්වහන්සේගේ මුල් දේශනාව වන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රය. මේ බව අපි හැමෝම දන්නවා. එතැනදි බුදුරජාණන්වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා.

ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි, අකුප්පා මෙ චෙතොවිමුත්ති, අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවොති.

මේ පාඨයේ සරල සිංහල අර්ථය මේ වගෙයි.

මට ඥානදර්ශනයත් පහළ විය. මාගේ අර්හත්ඵල සමාධිය අකොප්‍ය ය (නො සැලේ). මේ කෙළවර ඉපැද්ම ය, දැන් පුනර්භවයෙක් නැතැ.

මෙතැනම තියෙන්නේ පුනරුප්පත්තිය. නැත්නම් පුනර්භවය ගැන. මේ අනුව ඉතා පැහැදිලි බුද්ධ දේශනාව තමයි අර්හත්ඵලය නැත්නම් නිර්වාණය ලැබෙන තෙක් භවය පවතිනවා කියන එක. මේක තවදුරටත් පස්සේ අවස්ථාවකදී බුදුරජාණන්වහන්සේ පැහැදිලි කරනවා කොටිගාම සූත්රයෙදි මෙන්න මෙහෙම.

එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ වැදෑ දනව්වෙහි කෙළගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, සිවු අරීසස් නොදැනුමෙන් නො පිළිවිදුමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි දිවිණි සැරිසැරිණි. නොහොත් මාගේත් තොපගේත් දිවුම සැරිසැරුම විය. කවර සතරක යත්: මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය නොදැන්මෙන් නො පිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි. දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය නොදැනුමෙන් නොපිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි. දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍යය නොදැන්මෙන් නොපිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි. දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය නොදැනුමෙන් නොපිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි.

මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. භවතෘෂ්ණාව සිඳින ලදු, බවරැහැන (තෘෂ්ණ) ගෙවිණ. දැන් පුනර්භවයෙක් නැතැ යි මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක:

‘සිවු අරීසස් තතුසේ නොදැක්මෙන් දිගුකලක් මුළුල්ලෙහි ඒ ඒ ජාතීන්හි සැරිසරමින් ම ඒ මොහු (සිවුසස්) දක්නා ලද හ. බවරැහැන නසන ලදි. දුකෙහි මුල් සිඳින ලදී. දැන් පුනර්භවයෙක් නැතැ’ යි.

ඊළඟට මහාසතිපට්ඨාන සූත්රයෙදි මෙහෙම දේශනා කරනවා.

මහණෙනි, දුඃඛසමුදයාර්‍ය්‍ය සත්‍යය කවරේද යත්: පුනර්භවය ඇති කරන සුලු වූ, නන්දිරාගය හා එක් වැ ගිය, ඒ ඒ උපනූපන් අත්බව්හි සතුටු වන, කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභව තෘෂ්ණා යන යම් තෘෂ්ණාවෙක් වේ ද එය යැ.

තවදුරටත් චේතනා සූත්රයෙදි මෙහෙම දේශනා කරනවා.

මහණෙනි, ඉදින් නො සිතා ද, ඉදින් කල්පනා නො කෙරේ ද, එහෙත් අනුසයනය කෙරේ ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි වැඩුනු කල්හි මතු පුනර්භවය හටගැණීම වේ. මතු පුනර්භවය හටගැණීම ඇති කල්හි මතු ජාතිජරාමරණ සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැණීම වේ.

අවසානයේ මහා පරිනිර්වාණ සූත්රයෙදි බුදුරජාණන්වහන්සේ මෙහෙම දේශනා කරනවා.

මහණෙනි, ඒ ආර්‍ය්‍ය ශීලය මා විසින් ද තොප විසින් ද අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ඒ ආර්‍ය්‍ය සමාධිය මා විසින් ද තොප විසින් ද අනුබද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ඒ ආර්‍ය්‍ය ප්‍රඥාව මා විසින් ද තොප විසින් ද අනුබද්ධ ය, ප්‍රතිවිද්ධ ය. භවතෘෂ්ණාව සිඳුනා ලදි, භවනෙත්තිය ක්ෂීණ විය. දැන් පුනර්භවයෙක් නැතැ” යි වදාළහ.

මේ ධර්ම දේශනා අනුව ඉතා පැහැදිලිව ම බුද්ධ දේශනාවට අනුව පුනරුප්පත්තිය තියෙනවා. හැබැයි බුදුරජාණන්වහන්සේ ඒ ඒ පුද්ගලයා පුනරුප්පත්තිය ලබන ස්ථානය ගැන දේශනා කරන්න යන්නෙ නැහැ. මේ නිසා බුදුරජාණන්වහන්සේ පුනරුප්පත්තිය ලබන තැන ගැන උත්තර දෙන්න යන්නෙ නැහැ. ඊට වඩා උන්වහන්සේට වැඩ තිබුනා කරන්න. ආනන්ද හාමුදුරුවො සැරින් සැරේ මිනිස්සුන්ගේ උවමනා නිසා ඒ අයගේ මැරුණු ඥාති මිත්‍රයො මොන මොන තැන්වල ඉපැදුනාද කියලා බුදුරජාණන්වහන්සේගෙන් අහනවා. මෙහෙම අහනකොට බුදුරජාණන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා ආනන්ද මිනිස්සු ජීවත්ව ඉන්නා කාලේ ජීවත්ව ඉන්නා ස්වභාවය අනුව මරණෙන් පස්සෙ කුමන තැනක උප්පත්තිය ලබනවද කියලා හිතාගන්න පුළුවන්, ඒ නිසා ඔය සම්බන්ධයෙන් වරින් වර තමුන්ව මහන්සි නොකරන්න කියලා. මොකද බුදුරජාණන්වහන්සේ තමුන්වහන්සේගේ කාලය කැප කලේ මිනිස්සුන්ව සදාකාලික සතුටින් තියන්න. ඒ වෙනුවෙන් පුනරුප්පත්තිය ලබන තැන වැදගත් වෙන්නෙ නැහැ. අවශ්‍ය වෙන්නෙ පුනරුප්පත්තිය වැළැක්වීම පමණයි. ඔන්න ඔය හේතුව නිසා බුදුරජාණන්වහන්සේ පුනරුප්පත්තිය ගැන ඇහුවම උත්තර දෙන්නෙ නෑ. එහෙම නැතුව පුනරුප්පත්තියක් නැතුව නෙමේ.

ඉතින් අර කලින් කිව්ව චීවරධාරියා වගේ අය පුනරුප්පත්තියක් නැහැ කියලා මිනිස්සුන්ට හිතා ගන්න පුළුවන් වෙන විදියට තමුන්ට හිතෙන හිතෙන කතා කියවන්න ගියාම ඒවා තීර්ථක දහම පවත්වාගෙන යන මිනිස්සුන්ට වඳුරන්ට ඉණි මං තිබ්බා වගේ වැඩක් වෙනවා. ඔබ දන්නවා ඇති තීර්ථක දහම තුළ තියෙනවා මැරුණම සේරම ඉවරයි කියන ඉගැන්වීම. ඒ නිසා ඉන්න ටිකේ ඕනා දෙයක් කරන් ඉමු කියලා තමයි එයාලා කියන්නේ. ඔන්න ඔය ධර්මය බුද්ධ කාලයෙදිත් තිබුනා. පසුවත් පැවතුනා. ලංකාවේ මෑත කාලෙදි එක්තරා කොට්ඨාශයක් ඕක පවත්වාගෙන යනවා. අන්න ඒ අය අරවගේ කතා හරි අපූරුවට ජනගත කරනවා කපල කොටලා තමුන්ගේ මතය ජනගත කරන්න ඕන ටික විතරක් අරගෙන.

මෙනිස තමයි මුලින් කිව්වෙ මේ ගැන සටහනක් තියන්න ඕන කියලා. සරලවම කියනවා නම් ථෙරවාදය ඇතුලෙ පුනරුප්පත්තිය පවතිනවා. මහායානයෙත් තියෙනවා. වජ්රයානයෙත් තියෙනවා. බුදු දහම මොන සම්ප්‍රදායෙන් ආවත් පුනරුප්පත්තිය තියෙනවා. හැබැයි තීර්ථක දහම තුළ පුනරුප්පත්තියක් නැහැ. එක එක චීවරධාරියන්ගෙන් කතා අහද්දි ත්‍රිපිටකයේ තියෙන කලින් සටහන් කරපු සූත්‍ර ටිකවත් ඔළුවෙ තියන් අහනවානම් අඩු තරමෙ අපායෙ නොවැටි බේරෙන්න හරි පුළුවන් වෙයි.

[QUOTE="hpalpola, post: 29517775, member: 321413"] [SIZE=4]පසුගිය දවසක එක්තරා චීවරධාරියෙක්ගේ වීඩියෝ ක්ලිප් එකක් සමාජමාධ්‍යයේ දකින්න ලැබුනා. එතැනදි මේ පුද්ගලයා කියන්නේ බුදුරජාණන්වහන්සේ පුනරුප්පත්තියක් ගැන කියන්නෙ නැහැ කියලා. ඉතින් මේ ගැන කෙටි සටහනක් තිබ්බොත් හොඳයි කියලා හිතුනා. ථෙරවාදී සම්ප්රදාය අනුව බුදුරජාණන්වහන්සේගේ මුල් දේශනාව වන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රය. මේ බව අපි හැමෝම දන්නවා. එතැනදි බුදුරජාණන්වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. [B]ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි, අකුප්පා මෙ චෙතොවිමුත්ති, අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවොති.[/B] මේ පාඨයේ සරල සිංහල අර්ථය මේ වගෙයි. [/SIZE] [I][SIZE=4][I]මට ඥානදර්ශනයත් පහළ විය. මාගේ අර්හත්ඵල සමාධිය අකොප්‍ය ය (නො සැලේ). මේ කෙළවර ඉපැද්ම ය, දැන් පුනර්භවයෙක් නැතැ.[/I] [/SIZE][/I] [SIZE=4]මෙතැනම තියෙන්නේ පුනරුප්පත්තිය. නැත්නම් පුනර්භවය ගැන. මේ අනුව ඉතා පැහැදිලි බුද්ධ දේශනාව තමයි අර්හත්ඵලය නැත්නම් නිර්වාණය ලැබෙන තෙක් භවය පවතිනවා කියන එක. මේක තවදුරටත් පස්සේ අවස්ථාවකදී බුදුරජාණන්වහන්සේ පැහැදිලි කරනවා කොටිගාම සූත්රයෙදි මෙන්න මෙහෙම. [/SIZE] [B][SIZE=4][B]එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ වැදෑ දනව්වෙහි කෙළගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, සිවු අරීසස් නොදැනුමෙන් නො පිළිවිදුමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි දිවිණි සැරිසැරිණි. නොහොත් මාගේත් තොපගේත් දිවුම සැරිසැරුම විය. කවර සතරක යත්: මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය නොදැන්මෙන් නො පිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි. දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය නොදැනුමෙන් නොපිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි. දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍යය නොදැන්මෙන් නොපිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි. දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය නොදැනුමෙන් නොපිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි.[/B] මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. භවතෘෂ්ණාව සිඳින ලදු, බවරැහැන (තෘෂ්ණ) ගෙවිණ. දැන් පුනර්භවයෙක් නැතැ යි මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක: ‘සිවු අරීසස් තතුසේ නොදැක්මෙන් දිගුකලක් මුළුල්ලෙහි ඒ ඒ ජාතීන්හි සැරිසරමින් ම ඒ මොහු (සිවුසස්) දක්නා ලද හ. බවරැහැන නසන ලදි. දුකෙහි මුල් සිඳින ලදී. දැන් පුනර්භවයෙක් නැතැ’ යි. [/SIZE][/B] [SIZE=4]ඊළඟට මහාසතිපට්ඨාන සූත්රයෙදි මෙහෙම දේශනා කරනවා. [/SIZE] [B][SIZE=4][B]මහණෙනි, දුඃඛසමුදයාර්‍ය්‍ය සත්‍යය කවරේද යත්: පුනර්භවය ඇති කරන සුලු වූ, නන්දිරාගය හා එක් වැ ගිය, ඒ ඒ උපනූපන් අත්බව්හි සතුටු වන, කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභව තෘෂ්ණා යන යම් තෘෂ්ණාවෙක් වේ ද එය යැ.[/B] [/SIZE][/B] [SIZE=4]තවදුරටත් චේතනා සූත්රයෙදි මෙහෙම දේශනා කරනවා. [B]මහණෙනි, ඉදින් නො සිතා ද, ඉදින් කල්පනා නො කෙරේ ද, එහෙත් අනුසයනය කෙරේ ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි වැඩුනු කල්හි මතු පුනර්භවය හටගැණීම වේ. මතු පුනර්භවය හටගැණීම ඇති කල්හි මතු ජාතිජරාමරණ සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැණීම වේ.[/B] අවසානයේ මහා පරිනිර්වාණ සූත්රයෙදි බුදුරජාණන්වහන්සේ මෙහෙම දේශනා කරනවා. [B]මහණෙනි, ඒ ආර්‍ය්‍ය ශීලය මා විසින් ද තොප විසින් ද අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ඒ ආර්‍ය්‍ය සමාධිය මා විසින් ද තොප විසින් ද අනුබද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ඒ ආර්‍ය්‍ය ප්‍රඥාව මා විසින් ද තොප විසින් ද අනුබද්ධ ය, ප්‍රතිවිද්ධ ය. භවතෘෂ්ණාව සිඳුනා ලදි, භවනෙත්තිය ක්ෂීණ විය. දැන් පුනර්භවයෙක් නැතැ” යි වදාළහ.[/B] මේ ධර්ම දේශනා අනුව ඉතා පැහැදිලිව ම බුද්ධ දේශනාවට අනුව පුනරුප්පත්තිය තියෙනවා. හැබැයි බුදුරජාණන්වහන්සේ ඒ ඒ පුද්ගලයා පුනරුප්පත්තිය ලබන ස්ථානය ගැන දේශනා කරන්න යන්නෙ නැහැ. මේ නිසා බුදුරජාණන්වහන්සේ පුනරුප්පත්තිය ලබන තැන ගැන උත්තර දෙන්න යන්නෙ නැහැ. ඊට වඩා උන්වහන්සේට වැඩ තිබුනා කරන්න. ආනන්ද හාමුදුරුවො සැරින් සැරේ මිනිස්සුන්ගේ උවමනා නිසා ඒ අයගේ මැරුණු ඥාති මිත්‍රයො මොන මොන තැන්වල ඉපැදුනාද කියලා බුදුරජාණන්වහන්සේගෙන් අහනවා. මෙහෙම අහනකොට බුදුරජාණන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා ආනන්ද මිනිස්සු ජීවත්ව ඉන්නා කාලේ ජීවත්ව ඉන්නා ස්වභාවය අනුව මරණෙන් පස්සෙ කුමන තැනක උප්පත්තිය ලබනවද කියලා හිතාගන්න පුළුවන්, ඒ නිසා ඔය සම්බන්ධයෙන් වරින් වර තමුන්ව මහන්සි නොකරන්න කියලා. මොකද බුදුරජාණන්වහන්සේ තමුන්වහන්සේගේ කාලය කැප කලේ මිනිස්සුන්ව සදාකාලික සතුටින් තියන්න. ඒ වෙනුවෙන් පුනරුප්පත්තිය ලබන තැන වැදගත් වෙන්නෙ නැහැ. අවශ්‍ය වෙන්නෙ පුනරුප්පත්තිය වැළැක්වීම පමණයි. ඔන්න ඔය හේතුව නිසා බුදුරජාණන්වහන්සේ පුනරුප්පත්තිය ගැන ඇහුවම උත්තර දෙන්නෙ නෑ. එහෙම නැතුව පුනරුප්පත්තියක් නැතුව නෙමේ. ඉතින් අර කලින් කිව්ව චීවරධාරියා වගේ අය පුනරුප්පත්තියක් නැහැ කියලා මිනිස්සුන්ට හිතා ගන්න පුළුවන් වෙන විදියට තමුන්ට හිතෙන හිතෙන කතා කියවන්න ගියාම ඒවා තීර්ථක දහම පවත්වාගෙන යන මිනිස්සුන්ට වඳුරන්ට ඉණි මං තිබ්බා වගේ වැඩක් වෙනවා. ඔබ දන්නවා ඇති තීර්ථක දහම තුළ තියෙනවා මැරුණම සේරම ඉවරයි කියන ඉගැන්වීම. ඒ නිසා ඉන්න ටිකේ ඕනා දෙයක් කරන් ඉමු කියලා තමයි එයාලා කියන්නේ. ඔන්න ඔය ධර්මය බුද්ධ කාලයෙදිත් තිබුනා. පසුවත් පැවතුනා. ලංකාවේ මෑත කාලෙදි එක්තරා කොට්ඨාශයක් ඕක පවත්වාගෙන යනවා. අන්න ඒ අය අරවගේ කතා හරි අපූරුවට ජනගත කරනවා කපල කොටලා තමුන්ගේ මතය ජනගත කරන්න ඕන ටික විතරක් අරගෙන. මෙනිස තමයි මුලින් කිව්වෙ මේ ගැන සටහනක් තියන්න ඕන කියලා. සරලවම කියනවා නම් ථෙරවාදය ඇතුලෙ පුනරුප්පත්තිය පවතිනවා. මහායානයෙත් තියෙනවා. වජ්රයානයෙත් තියෙනවා. බුදු දහම මොන සම්ප්‍රදායෙන් ආවත් පුනරුප්පත්තිය තියෙනවා. හැබැයි තීර්ථක දහම තුළ පුනරුප්පත්තියක් නැහැ. එක එක චීවරධාරියන්ගෙන් කතා අහද්දි ත්‍රිපිටකයේ තියෙන කලින් සටහන් කරපු සූත්‍ර ටිකවත් ඔළුවෙ තියන් අහනවානම් අඩු තරමෙ අපායෙ නොවැටි බේරෙන්න හරි පුළුවන් වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom