Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුරාණ සිංහල ශිෂ්ටාචාරයේ ප්‍රෞඩත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරාණ සිංහල ශිෂ්ටාචාරයේ ප්‍රෞඩත්වය

ලොව මවිත කළ වැව් තැනීමේ කලාව (1153 – 1186 මහා පරාක්‍රමබාහු රජ සමය), ලොව මුල්ම මහල් ගොඩනැඟිලි නිර්මාණය (ක්‍රි.පූ. 161 – 137 දුටුගැමුණු රජ සමය), අතීත ලෝකයේ උසම හා විශාලතම ගඩොල් නිර්මාණය (ක්‍රි.ව. 273 – 301 මහසෙන් රජ සමය), ලොව මුල්ම රෝහල (ක්‍රි. පූ. 437 – 367 පන්ඩුකාභය රජ සමය), ලොව මහා පුදුමයක් වූ සීගිරිය (ක්‍රි.පූ. 4000 එහා රජකළ රාවණයන්ගේ පියා වෛශ්‍රවණ රජ සමය), ලොව මවිත කළ බහු වායු නල වානේ තාක්ෂණය (ක්‍රි.ව. 2 – 4 සියවස), ලොව මුල්ම ඇස් කණ්නාඩිය වන දියතරිප්පු කණ්නාඩි නිෂ්පාදනය (ගම්පොල රාජධානි සමය), දස දහස් ගණනින් වන ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම හා කැටයම් තාක්ෂණය, රාමායනය ග්රන්ථයට අනුව රාවනා රජ දවස විමාන හා බිමන් හෙවත් අහස් යාත්‍රා නැතහොත් දඩුමොණර භාවිතය, සෘෂිවරුන් ලෙසින් විශ්වය සමඟින් ගනුදෙනු කිරීම, අකුණු තාක්ෂණය ආදිය සිදු කරණු ලැබුවේ සිංහලයන් මිස ලොව අන් ජාතියක් නොවේ.

පුරාණ සිංහල ශිෂ්ටාචාරයේ ප්‍රෞඩත්වය රැඳෙන්නේ කලාශිල්ප මත පමණක්ම නොවේ. එකල සිංහලයන් ගොඩනැගූ මහා ශිෂ්ටාචාරය තාක්ෂණික වශයෙන් ඉතා ඉහළ තලයක තිබිණි. සිංහලයන් ළගාකරගත් තාක්ෂණික ජයග්‍රහණ කිහිපයක් පහත පෙළගස්වා අත.

01. ලොව කිසිඳු ගංගා නිම්න ශිෂ්ටාචාරයක දැකිය නොහැකි ‘දිය වැටෙන තැනම වැව් බැඳි මහා වාරි ශිෂ්ටාචාරය’

මහවැලි ව්‍යාපාරය සමයේදී මාදුරුඔය වේල්ල බැදිය යුතු ස්ථානය විද්‍යාත්මකව තීරණය කිරීම විදේශීය ඉංජිනේරුවන්ට අභියෝගයක්වීය. ඒ අනුව චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන මහත් පරිශ්‍රමයක් යොදා වේල්ල ගොඩනැගිය යුතු ස්ථානය තීරණය කරගත් අතර එම ස්ථානයේ වේල්ල ගොඩනැගීම උදෙසා වූ කැණීම් කටයුතු ඇරඹුණී. එනමුත් එම ස්ථානයෙන්ම පුරාණ සිංහල වේල්ලක් මතුවූයේ විදේශ ඉංජිනේරුවන් මවිත කරවමිණි. මාදුරුඔය ජලාශය නිමවා, එය විවෘත කරන අවස්ථාවේදී, විදේශ ඉංජිනේරුවරු අතීතයේ එම ස්ථානයේම පුරාණ තාක්ෂණය ඔස්සේ වේල්ලක් ගොඩනැගූ සිංහල ඉංජිනේරුවරුන්ට සිය උපහාරය පුද කළහ.

ලොව පුරා විවිධ ගංගා නිම්න ශිෂ්ටාචාර බිහි වී ඇති නමුදු, මහා පරාක්‍රමබාහු රජුගේ ආදර්ශ පාඨය වන ‘අහසින් වැටෙන එක දිය බිඳක් වුවද ප්‍රයෝජනට නොගෙන මුහුදට යාමට ඉඩ නොදෙමු’ යන්න මත පිහිටා දිය වැටෙන තැනම වැව් බැදි මහා වාරි ශිෂ්ටාචාරයක් ලොව ප්‍රථම වරට බිහි කළේ සිංහලයන්ය. ක්‍රි.ව. 1155 වන විට ලොව ශ්‍රේෂ්ඨතම වැව් ජාලය හා වාරි කළමණාකරන පද්ධතිය ගොඩනැගිමට සිංහලයෝ සමත් වූහ. 12 වන සියවසේ කාශ්මීර ඉතිහාසඥයෙකු වන කල්හාන විසින් කාශ්මීර රාජ පරම්පරාවේ ඉතිහාසය පිළිබද සංස්කෘත භාෂාවෙන් රචිත ‘රාජතරංගනිය’ කෘතියේ කියැවෙන්නේ, වාරි කර්මාන්තය උගන්වනු පිණිස රාස්ස ඉංජිනේරුවන් හෙළබිමින් ඉන්දියාවට සපැමිණි බවයි.

ක්‍රි.ව. 1155 දී, එනම්, පරාක්‍රම සමුද්‍රය ගොඩනැගූ මහා පරාක්‍රමබාහු රජතුමන්ගේ (1153-1186) සමය වන විට, ඇලවල් 4,000කින් බැඳී ගිය වැව් හා ජලාශ 5,000ක වාරි පද්ධතියක් රජරට පුරාවට හා රටේ සෙසු පළාත්වල ද පැවතුණි. රටේ සෑම ගමකම ඉදිවූ වැවකින් ගොවිතැන් කටයුතු සදහා ඇවැසි ජලය සැපයුණි. ලොව කිසිදු රටක මෙවැනි චිරස්ථායී ලෙස ජල කලමණාකරනය සිදු කෙරුණ වාරි පද්ධතියක් නොවී ය. ලංකාවේ වාරී තාක්ෂණය මෙහිම අනන්‍යව දියුණු වූවක් වන අතර එය ලංකාවේ වියළි කලාපයට ඉතා සුදුසු ලෙස පරිනාමය වූවකි.

ලොව කිසිම රටක දක්නට නැති ‘සැතැප්මට අඟලක් බෑවුම් වන’ සේ ඉදිකළ යෝධ ඇල ලංකා වාරි ශිල්පයේ ශ්‍රේෂ්ඨ තාක්ෂණික නිර්මාණයකි. තවද පුරාණ වැව්වල වැව් බැම්ම හා සම්බන්ධව ඉදි කල ‘බිසෝකොටුව’ නම් වූ ජල පීඩනය පාලනය කොට පිටකිරිමේ ක්‍රමෝපාය ඉතා උසස් තාක්ෂණික නිර්මාණයකි.

02. ලොව මුල්ම මහල් ගොඩනැඟිල්ල වන ලෝවාමහාපාය ඉදි කළ සිංහලයෝ

ලොව පළමු මහල් ගොඩනැඟිලි ඉදිවූයේ දුටුගැමුණු රජ සමයේදී (ක්‍රි.පූ. 161-137) සිංහලයන් අතිනි. රෝමයේ කොලෝසියම ගොඩනැගිම ඇරඹෙන්නේ ක්‍රි. ව. 70 දී ය. භික්ෂුන්ගේ වාසස්ථානයක් වූ ලෝවාමහාපාය මහල් නවයකින් යුක්තව ඉදි කෙරුනු අතර එහි වහලයට තඹ තහඩු යොදා තිබුණු බැවු කියවේ. ලෝවාමහාපායේ එක් පසෙක දිග අඩි 400ක් විය. 40 බැගින් වූ ගල් කණු පේළි 40ක් එනම් ලොවාමහපායේ පහළම තට්ටුවේ ගල්කණු 1600 ක් තවමත් ඉතිරිව තිබේ.

03. අතීත ලෝකයේ උසම හා ගඩොලින් බැඳි ලොව විශාලතම ගොඩනැඟිලි නිර්මාණය කල සිංහලයෝ

ජේතවනාරාම දාගැබ අඩි 400 ක් (මීටර් 120) උසින් යුතු එකල ලෝකයේ උසම ස්ථූපය යි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල වන්නේ ද ජේතවනාරාම දාගැබ යි. ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදි කරවූවේ මින්නේරිය වැව, කණදරා වැව, කවුඩුල්ල වැව, මහගල්කඩවල වැව, හුලුගල්ල වැව, හිරාමුල්ල වැව, හුරුළු වැව, මාමිණියා වැව, මාගල් වැව, කළවාණ වැව, මෙරවාපිය වැව, පබ්බතන්ත ඇළ ආදී (දැනට හඳුනාගත්) වාරී කර්මාන්ත 16ක් හා විශාල ඇළක් නිර්මාණය කළ අදත් මහසෙන් දෙවියන් හා හත්රජ්ජුරුබණ්ඩාර නමින් දේවත්වයෙහි ලා සලකනු ලබන බෞද්ධ රජෙකු වන මහසෙන් (ක්‍රි.ව. 273 – 301) රජු විසිනි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිධන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යයක් ද වේ.

පුරාණ ලෝකයේ ‘ගීසා’ හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීම වන්නේ ජේතවනාරාම දාගබයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය සාගලික නිකායට අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8ක් පමණ (හෙක්. 5.6) විශාල ය. 3,000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට වැඩ සිටීමට පහසුකම් තිබුනේ ය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුළුවීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතු ය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වූයේය. මෙම දාගැබ සෑදීම සඳහා ඒ වන විට එනම් කි‍්‍රස්තු වර්ෂ හතර වන සියවස වන විට අපේ රටේ සිංහල වාස්තු විද්‍යාඥයින්ට හා සිංහල ඉන්ජිනේරුවන්ට තිබූ දක්ෂතාවය කොපමණ ද යන්න ඔබට ද අවබෝධ වනු ඇත. මෙම ජේතවනාරාම දාගැබ සඳහා අනෙකුත් විශාල දාගැබ් සඳහා මෙන්ම සලපතල මළුවක්ද සාදා ඇත. ජේතවනාරාම දාගැබේ සලපතල මළුව, විශේෂ එකකි. සළපතල මළුව යනු ගල් පුවරු අතුරන ලද දාගැබේ ඇති මළුවකි. මේ සළපතල මළුවේ අතුරන ලද සමහර ගල්පුවරුවල එම ගල්පුවරු අතුරන ලද්දේ කාගේ අනුග්‍රහයෙන් ද කවුරුන් ඊට දායක වූයේ ද යන්න පවා ලියා ඇති බව ඔබට එහි ගිය විට දී අද පවා දැක ගත හැකිය.

04. ලොව මුල්ම රෝහල ඉදිකළ සිංහලයෝ

ලොව පැරණිතම රෝහල් නෂ්ඨාවශේෂ හමුවන්නේ ලංකාවේ ය. එනම් 9 වන සියවසේ ඉදි වූ මිහින්තලය රෝහල යි. මිහින්තලේ, අනුරාධපුර හා මැදිරිගිරිය යන ප්‍රදේශවල රෝහල්වල නටබුන් දැකිය හැකි ය. එම රෝහල් හි ශෛල්‍යකර්ම උදෙසා භාවිතා කළ සියුම් උපකරණ ආදියේ නෂ්ටාවශේෂ පවා අද දිනයේ සොයාගෙන තිබේ.

ක්‍රි.ව. 6 වන සියවසේ දී ලියැවුණු මහාවංශයට අනුව පන්ඩුකාභය රජ දවස (ක්‍රි. පූ. 437 – 367) නේවාසික රෝහල් (සිවිකාසොත්ති ශාලා) ලංකාව පුරා විවිධ පළාත්වල ඉදි කෙරුණි. මෙය මුළු ලෝකයෙම අසනීප වූවන් රැකබලා ගැනීම උදෙසාම ආයතන ඉදිකලේ යැයි සදහන් වන පුරාණතම අවස්ථාව යි.

05. ලෝකයේ පැරණිතම විශ්ව විද්‍යාලය ඇති කළ සිංහලයෝ

‘ක්‍රි.පූ. පස්වෙනි සියවසේ දී ලෝකයේ පැවති අග්‍රගණ්‍ය ආගමික සිද්ධස්ථානය අභයගිරිය විය. එවකට අභයගිරි විහාරයේ භික්ෂුන් වහන්සේලා 5,000ක් වැඩ සිටීමත්, විදේශ ශිෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් විවිධ විෂයයන් හැදෑරූ සුප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙසට පැවතීමත් මෙම සිද්ධස්ථානයේ විශාලත්වය පිළිබද සාක්ෂියෝ ය. ලෝකයේ පැරණිම විශ්ව විද්‍යාල ආරම්භ වන විටද ලංකාවේ පැවති විශ්ව විද්‍යාල ඉතා දියුණු මට්ටමක පැවති බව පැහැදිලි වේ. මහා විහාරය එවකටත් ලෝකයේ සුප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙස ප්‍රචලිතව පැවතිණ. ත්‍රිපිටක ධර්මය පාලි බසට පරිවර්තනය කිරීම සදහා ඉන්දියාවේ සිට පැමිණි බුද්ධගෝෂ හිමියන්ට එම කාර්යයට තමන් සුදුසු බව පෙන්වීම සදහා නිබන්ධනයක් ලියා ඉදිරිපත් කිරීමට සිදුවිය. නිබන්ධනය විසුද්ධිමග්ගය විය. එය පිටු 400කින් යුත් නිබන්ධනයකි. එම නිබන්ධනය පිළි ගැනීමෙන් පසු බුද්ධගෝෂ හිමියන්ට මහා විහාරය සතු සුවිශාල පුස්තකාලය පරිහරණය කිරීමට අවස්ථාව ලැබිණ.’

අපේ බොහෝ අය සිතා සිටින්නේ ලෝකයේ දියුණුව ඇරඹුනේ බටහිරයන් විසින් සොයා ගත් දැනුම නිසා කියාය. ඔවුන් මහත් බැතියෙන් බටහිරට වන්දනා කරන්නේ ඒ අනවබෝධය ඇතිවය. එහෙත් ඒ රටවල ශිෂ්ඨාචාරයන් බිහි වෙන්නටත් ප්‍රථම සිංහලයා සතුව ඉතා දියුණු ශිෂ්ඨාචාරයක් පැවතුණි. අද අප බටහිරට වන්දනාමාන කරන්නේ අපේ ජාතිය සතු අභිමානය ගැන නොදන්නා කමිනි. බටහිරයන් හා බටහිර ගැත්තන් විසින් ද ආක්රමණිකයින් විසින් ද අපෙන් මංකොල්ලකා වසන් කළ ඒ අභිමානය අප විසින් දැනගත විය යුත්තේ අපේ ශ්‍රේෂ්ඨ අතීතය මතක් කර සිංහලයාගේ පිට කොදු සවිමත් කිරීම සදහාය. මානසික වහල් බවින් මිදුනු නිවහල් අනාගත සිංහලයන් බිහි කිරීම උදෙසාය

අභයගිරි විහාරයේ තිබු පැරණි විශ්ව විද්‍යාලයට පිවිසෙන දොරටුව (රූප අනුග්‍රහය – විකිපීඩියා නිදහස් විශ්වකෝෂය)

06. ලොව මහා පුදුම අතරට එක් වූ සීගිරිය නිර්මාණය කළ සිංහලයෝ

ලොව මහා පුදුම අතරට එක් වූවකි, සීගිරිය. සම්ප්‍රදායික ඉතිහාසයට අනුව සීගිරියේ අතීතය කාශ්‍යප රජ දවස දක්වා දිවය යි. නමුත් එහි සැබෑ ඇරඹුම නිසැකවින්ම ඉන් වසර දහස් ගණනාවක් අතීතයට ගමන්කොට සොයාගත යුතු වේ. මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ලෙහි පිහිටා ඇති පුරාණ පර්වත රාජධානියක් වූ සීගිරිය ලංකාවේ සුප්‍රකට ම ඓතිහාසික ස්ථානය යි. සීගිරිය ප්‍රචලිත වන්නේ එහි සිංහ පාදය, කවි ලියා ඇති කැටපත් පවුර, සීගිරි චිත්‍ර හා සුවිශේෂි නගර සැලසුම් හේතුවෙනි. චූලවංශයට අනුව කාශ්‍යප රජතුමන් (ක්‍රි.පූ. 477 – 495) සීගිරිය තම අග නගරය කොට ගත්තේ ය. ඔහු සීගිරි පර්වතය මුදුනේ මාළිගය ගොඩනැගුවේ ය. විකල්ප මත වලට අනුව රාවණා රජතුමන්ගේ පුරාණ මාළිගය ද පිහිටා තිබී ඇත්තේ සීගිරියේ ය. සීගිරියේ ජල උද්‍යානය විවිධාකාර පොකුණුවලින් සමන්විත වනඅතර ජල පීඩනය ඔස්සේ ජල නල මගින් ක්‍රියාත්මක වන දියමල් එහි සුවිශේෂි තාක්ෂණික නිර්මාණයකි. වර්ෂා සමයේ දී මේවා අද ද ක්‍රියාත්මක වේ.

07. ලොව පැරණිතම වානේ තාක්ෂණය හිමිව තිබූ සිංහලයෝ

සිංහලයේ තිබූ වානේ උණු කිරීමේ තාක්ෂණය ඉතා දියුණු එකක් වූ අතර, අරාබියේ දැමස්කස් කඩු සදහා අවශ්‍ය වූ වානේ රැගෙන ගියේ ලංකාවෙනි. ලංකාවේ වානේ නිෂ්පාදනය උදෙසා ලොව ප්‍රථම වරට සුළං ශක්තියයොදා ගැනුණු අතර එසේ නිෂ්පාදනය කරන ලද වානේ දමස්කස්යේ කඩු නිෂ්පාදනය සදහා අරාබියට ද අපනයනය කෙරුණි. බ්‍රොන්සන් අල් හසන්ගේ වාර්තා වලට අනුව දමස්ක කඩු සදහා අවශ්‍ය වූ වුට්ස් නම් වානේ ලංකාවෙන් හා ඉන්දියාවෙන් ලබාගෙන තිබේ. එසේම අල් කන්ඩි නම් ලේඛකයා ලියා ඇත්තේ ද යේමන්, ෆාස්, කොරාසන් සහ මනිසුරා යන අරාබි කඩු නිෂ්පාදනය සඳහා සෙරන්ඩිබ් හෙවත් ලංකාවෙන් වානේ ලබාගෙන ඇති බව යි.

සමනළ වැව ප්‍රදේශයේ ඉතා ඉහල ගණයේ වානේ නිෂ්පාදනය කෙරුණු යකඩ උදුන් සිය ගණනක් හමු වී තිබේ. එම වානේ නිෂ්පාදන උදුන් නිරිත දිග මෝසම් සුළං වලට මුහුණලා නිපදවා ඇති අතර යකඩ පෙරා ගැනීම සිඳුකර ඇත්තේ චූෂණ (suction) ක්‍රියාවලියකින් කි.මි. 70 සුළං පීඩනය හේතුවෙන් උදුන තුළ නිෂ්පාදනය වන තාපය උපකාරයෙනි.

මීට අමතරව මහාචාර්ය සේනක බන්ඩාරනායකයන්ගේ මග පෙන්වීම මත ආචාර්ය රෝස් සෝලංගආරච්චි මහත්මිය විසින් සිඳුකල ගවේෂණවලදී කිරිඔය නිම්නයේ යකඩ නිෂ්පාදනාගාර සියගණනක් හමු වී තිබේ. ඇය සීගිරියේ කළ පර්යේෂණවලදී සනාථ වූයේ කිරිඔය නිම්නයේ යකඩ තාක්ෂණයට භාවිතා කොට තිබුණේ දුර්ලභ ගණයේ මැග්නයිට් යපස් බව යි.

නුවරගල කන්ද මුදුනෙන් නැඟි මින්නේරි වැව දක්වා ගලන කිරි ඔය දෙව්රේ මෙම වානේ නිෂ්පාදනාගාර පිහිටා තිබුණි. පිහිටිගල හෙවත් මව් පාෂාණය දක්වා හාරනු ලබන පොළොවෙහි මැටියෙන් සෑදූ උදුන මීටර් දෙකක පමණ උසකින් යුක්ත විය. චිම්නියක හැඩයට සෑදූ මෙම උදුන් ඉහළට යන විට කේතූකාරව කුඩා වි ය. හැම විටම මෙම උදුන් සුළං හමන දිශාවට මුහුණලා කදු බෑවුම් වල නිර්මාණය කර තිබුණි. මෙම උදුන් සඳහා වාතය සපයා ගැනීමට නල අටක් විය. එය බහු වායු නල තාක්ෂණය නම් වේ. ක්‍රි.ව. 2-4 අතර කාලයට අයත් යැයි සැලකිය හැකි මෙම යකඩ නිෂ්පාදනාගාර මහසෙන් රජ සමයට අයත් බව කාබන් කාල නිරීක්ෂණයෙන් සොයාගෙන තිබේ.

අතීතයේ, යකඩ පමණක් නොව යකඩවල හොදම කොටස් ගෙන නිෂ්පාදනය කරන වානේ තාක්ෂණය ද මෙරට ක්‍රියාත්මක විය. ඉහළ තත්වයේ යකඩ කැබලි ගෙන මැටි හා දහයියා වලින් සැකසූ කෝවවල දමා විශේෂිත දැව වර්ග යොදා උණු කර තිබේ. මේ වානේ තාක්ෂණයට උදාහරණ සීගිරීයෙන් හමුවී ඇත. සර් රොබර්ට් හැඩ්ෆිල්ඩ් සීගිරියෙන් හමුවූ යකඩ හා වානේ නියැදි කිහිපයක් පරීක්ෂා කොට පැවසුවේ Case Hardning යන වානේ ශක්තිමත් කිරිමේ කලාව සීගිරිය ප්‍රදේශයේ සිටි වානේ ශිල්පීන් දැන සිට ඇති බවත් එසේම ජල පිළියම මගින් වානේ ශක්තිමත් කිරිමේ කලාව ලංකාවේ පැවත ඇති බවත් ය. මලියසේන නම් වූ ශ්‍රි ලාංකික පුරා ලෝහ විද්‍යාඥයා කියා තිබුණේ ඔහු දන්නා පරිදි මේ වානේ ශක්තිමත් කිරිමේ කලාවට දිය හැකි පැරණිම දින වකවානු සාක්ෂි ද හමුවන්නේ ලංකාවෙන් බවය.

08. ලොව මුල්ම ඇස් කණ්නාඩි හා චූඩා මාණික්‍ය නිෂ්පාදනය කළ සිංහලයෝ

ලොව මුල්ම ඇස් කණ්නාඩි මෙන්ම චූඩා මාණික්‍ය නිෂ්පාදනය කරන ලද්දේ ගඟසිරිපුර ගම්පොල රාජධානි සමයේ දී ලංකාවේ වන අතර, එම දියතරිප්පු කණ්නාඩි නිපද වූ පරපුරේ අවසන් පුරුක වන ශිල්පියා අද ද එම කර්මාන්තයේ නිරත වේ. උඩුනුවර කහඹේ වෙසෙන සුධාමිණි ගෙදර ගුණසෝම ගඟසිරිපුර ගම්පොල රාජධානි සමයේ ඇරඹුන දියතරිප්පු කන්ණාඩි නිෂ්පාදනයේ මෙන්ම මාණික්‍ය නිෂ්පාදනයේ තවමත් යෙදෙන එම පරපුරේ අවසාන පුරුක යි. ඔහු සහ ඔහුගේ කර්මාන්තය පිළිබද ලිපියක් 2011 නොවම්බර් 27 දින රිවිර පුවත්පතේ 33 වන පිටුවේ පල වී තිබුණි. යට දැක්වෙන්නේ වයි. එස්. ටී. බී. වික්‍රමනායක විසින් රචිත එම ලිපියේ උපුටා ගත් කොටස් කිහිපයකි.

‘ගුණසෝම මහතා පවසන පරිදි ගම්පොල රාජධානිය කරගත් හතරවෙනි බුවනෙකබාහු රජුට ඇස් නොපෙනීමේ දොසක් සදහා දියතරිප්පු ගලින් ඇස් කන්ණඩියක් නිර්මාණය කරදී ඇත්තේ ද ගුණසෝම පරපුරේ ආදීතමයෙකි. ඒ රජුගේ ඔටුන්නේ මැණික් වැඩ කළේ ද ගුණසෝම පරපුරේ මුතුන්මිත්තෙකි.

බුවනෙකබාසිටිවෙනමිණිරජ දවස

කිරුළකඅගමිණක්සාදාදී විගස

සිරිලකපවතින්ටඅපපරපුර වෙසෙස

හසුනකලියාදීසිළුමිණි ගම සතොස

ගුණසෝම පරම්පරාවේ අය බුවනෙකබා රජුගේ ඔටුන්නේ මැණික් ඔබ්බවා දීමෙන් ලැබු සන්නසේ සදහන් වන්නේ එසේ ය.

ගුණසෝමට දියතරිප්පු කන්ණාඩියක් හදන්නට දවස් නවයක් දහයක් පමණ ගතවේ. එසේම ඔහු දොස්තර වට්ටෝරුවලට කන්ණාඩි හදන්නේ ද නැත. කන්ණාඩිය අවශ්‍යය තැනැත්තාගේ පෙනිමේ දුර්වලතාව මත කන්ණාඩි නිර්මාණය කරනු ලැබේ. මෙම කන්ණාඩිවල විශේෂත්වය වනුයේ ඇසට ලැබෙන සිසිල යි. එසේම ඔහු කියන්නේ දියතරිප්පු කන්ණාඩි පළදින අයෙකුට කිසිදා ඇසේ සුද මතු නොවන බව යි.

මාස තුනකට වතාවක් රත්නපුර ගොරකාඇල පතල්වලට යන ගුණසෝම දින ගණන් නැවතී සිට කන්ණාඩි නිෂ්පාදනයට අවශ්‍ය පළිඟු ගල්, අඹතෙස් පාෂාණ සහ දියමන්ති ගල් ගෝනිවල දමාගෙන පිළිමතලාව කහඹේට ගෙන එයි. ඒ බස් රියෙනි. එසේ ගෙන එන ගල්, වර්ගකර පලා සකස් කර ගන්නේ ගෙදර අයගේ ද සහාය ඇතිව ය. එසේ ගෙනෙන පලිඟු ගල් පලා කපා ගන්නා කොටස් බට්ටුගලේ අල්ලා ගන්නා ගුණසෝම මැණික් කට්ටා ගල් කැට කුඩු කර පෙරා ගන්නා අතර භාජනයේ අඩියේ මිදෙන මන්ඩි කොටස (කුරුදුමැට්ට) ඒ සදහා සකස් කරගත් තිරුවානා ගලේ දමා වීදුරුවක් මෙන් වනතුරු ඔපමට්ටම් කර ගනී. අනතුරුව රත්නපුරයෙන් ගෙන එන හීන්වැල්ල එරමුදු ලීයේ තවදුරටත් මැදගනී. ඉන්පසු දිස්නෙ දෙන දියමන්තියක් සේ ඔප වැටෙන පලිඟු කැබැල්ල කන්ණාඩියක් බවට පත් කරගන්නා ගුණසෝම නැගි සිට අව්වට අල්ලා එය පිරික්සා බලන්නේ සටනින් ජයගත් සෙන්පතියෙකු මෙනි. එම වීදුරුව කන්ණාඩියට අවශ්‍ය පරිදි උත්තල හෝ අවතල කරගන්නේ ඉන් අනතුරුව ය. ඒ රිදී තිරුවානාවේ ඇල්ලිමෙනි.

පෘතුගීසී සමයේදී මෙම තාක්ෂණය උගත් ජේසුයිට් නිකායික පාදිලිවරු එම තාක්ෂණය යුරෝපයට ගෙන යන්නට ඇති බවට සැලකේ. අදටත් ඇස්කන්ණාඩි සොයාගත් පුද්ගලයෙකු පිළිබදව සදහනක් නොමැති අතර ඇස්කන්ණාඩි තාක්ෂණය යුරෝපයේ දියුණු වී ඇත්තේ 16 වන සියවසෙන් පසුව ය.’

‘ලෝකයේ මුල්ම ඇස් කණ්ණාඩි හැදූ පරම්පරාවේ අන්තිමයා ගුණසෝම’ යන නමින් තරංග රත්නවීර විසින් දිවයින පුවත්පතට කළ ලිපියේ චූඩා මාණික්‍යය නිෂ්පාදනය පිළිබඳව ගුණසෝම තම අදහස් දක්වා තිබුනේ පහත ලෙසිනි.

”දිය තරිප්පු පරම්පරාව කණ්ණාඩි නිර්මාණය කිරීමට සේම, චූඩා මාණික්‍යය නිර්මාණය කිරීමට ද සැබෑ දක්ෂයෝය. ලොව පළමු චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ දිය තරිප්පු පරම්පාරවය. ලංකාවේ බොහෝමයක් ඓතිහාසික විහාරස්ථානවල ඇති චෛත්‍ය වහන්සේලාගේ කොත සරසන චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද දිය තරිප්පු පරපුර බවට සැක නැත.’චූඩා මාණික්‍යයන් හදන්න වෙනම පළිඟු තියෙනවා. ඒ පළිඟු කැටත් කණ්ණාඩි හදන්න වගේම මුලින්ම ගා ගන්න ඕනා. ඊට පස්සෙ තමයි මට්ටම් කරලා හැඩ කරලා පොලිෂ් කරන්නේ. චූඩා මාණික්‍යයන් හදන්න දැන් මිනිස්සු හොයන්නේ වතුර වගේ ගල්. ගල් හැදෙන්නේ පොළවේ. ඒ නිසා පළුදු නැති ගල් හොයන්න අමාරුයි. පළුදු ගල්වලින් චූඩා මාණික්‍යයන් හදලා චෛත්‍යයවලට පැළඳු විට පන්සලට ගමට අපලයි කියලා මතයක් තියෙනවා. මම ඔහුට නැවත පැනයක් යොමු කළෙමි. ‘අපේ සීයා ඉන්නකොට පළුදු ගල් විතරක් නෙමෙයි පුපුරපු ගල්වලිනුත් චූඩා මාණික්‍යයන් කපලා තියෙනවා. ඒත් කිසිම අපලයක් නම් පල දුන්නේ නැහැ.

09. ලොව කිසිඳු රටක දැකිය නොහැකි සඳකඩ පහන නම් අගනා නිර්මාණය කළ සිංහලයෝ

සිංහල ශිෂ්ටාචාරයේ ඉතුරු වී ඇති ගල් කැටයම් හා ලී කැටයම් වශයෙන් වන ගණනය කළ නොහැකි දස දහස් සංඛ්‍යාත වූ නිර්මාණ අද ද ලොව මවිත කරවන සුළුය. මේ අතරින් කැපීපෙනෙන නිර්මාණයකි, ලොව කිසිඳු රටක දැකිය නොහැකි, සඳකඩ පහන. අපගේ බෞද්ධ සිද්ධස්ථාන වලට ඇතුළු වන දොරටුවල පියගැට පෙළ ආරම්භයේ ඇති අර්ධ කවාකාර ගල් පඩිය පොදුවේ සඳකඩපහණ නමින් හඳුන්ව යි. ඉතාමත් අලංකාර කැටයම් සහිත නිර්මාණයක් වන මේ සඳකඩ පහණ පිළිබඳ විවිධාකාරයේ අදහස් අප රටේ පුරාවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර තිබේ. අනුරාධපුර යුගයේ සිද්ධස්ථාන ආශ්‍රිතව මුලින්ම හමුවන සඳකඩ පහණ විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් වුවද අද දක්වාම පවතිනවා. එහෙත් ඓතිහාසික වැදගත්කමකින් යුතුව කතාබහට ලක් කරන සඳකඩ පහණ අපට හමුවන්නේ අනුරාධපුර යුගයේ දී හා පොලොන්නරු යුගයේ දී ය.

11. අකුණු තාක්ෂණය ලොවට හඳුන්වාදුන් සිංහලයෝ

අකුණු සරයට අප බිය වන්නෙමු. අකුණු අධික වැසි කාලයේදී රූපවාහිනිය,රේඩියෝව, ඇතුළු විදුලි උපකරණ ක්‍රියා විරහිත කරන්නටත් ජංගම දුරකථන භාවිතයෙන් වැළකී සිටින්නටත් පියවර ගත යුතුය. එමෙන්ම තැනිතලා බිම්වල සිටීමද අනතුරුදායකය.

ලෝකයේ බොහෝ රටවලට අකුණු තර්ජන පවතින බව සැබෑවකි. විද්‍යාව කොතරම් දියුණු වුවත් ස්වාභාවධර්මයේ තවත් එක දරුණු ක්‍රියාවක් වන අකුණු සරය මුළුමණින් නවතාලන්නට තවමත් අපට නොහැකිය. කෙසේ වෙතත් අකුණුවලින් සිදුවන විපත් හා එයින් ආරක්ෂා වීම ගැන කතා කරන විට ලෝකයේ අන් සියල්ලන්ටම වඩා අප ඉදිරියෙන් සිටින බව ආඩම්බරයෙන් කිව යුතුය. යුරෝපයේ ශිෂ්ටාචාරය දියුණුවන්නටත් පෙර සිටම අපේ මුතුන් මිත්තන් අකුණු අනතුරින් ගැළවෙන්නට කළ යුතු දෑ පිළිබඳ දැන සිටි බව මේ වන විට තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකාවේ අකුණු සන්නායක භාවිතය පිළිබඳ මුලින්ම තොරතුරු ලැබෙන්නේ අවුරුදු 1500 කටත් වඩා ඈත අතීතයෙනි. පුරාණ දාගැබ්වල සවිකරන ලද චූඩාමානික්‍ය අකුණු සැරයෙන් දාගැබත්,අවට ප්‍රදේශයත් ආරක්ෂාද කළ බව මේ වන විට ලෝකයම පිළිගනී.

අකුණු සාරයෙන් ආරාක්ෂා වීමේ ක්‍රමවේදයක් මුලින්ම බිහි වූයේ ශ්‍රී ලංකාවේ බව ලෝකයාට ඒත්තු ගැන්වීම හිතන තරම් පහසු කටයුත්තක් නොවීය. මේ සඳහා මහාචාර්ය චන්දිම ගෝමස් ප්රමුඛ පර්යේෂක කණ්ඩායමට අවුරුදු දහයක් තිස්සේ පර්යේෂණ කරන්නට සිදු වී ඇත.

කණ්ඩායමට නායකත්වය දුන්නේ ශ්‍රී ලාංකීය මහාචාර්ය චන්දිම ගෝමස් වුවත් පර්යේෂණය සිදු කෙරුණේ මැලේසියාවේ පුත්රා විශ්ව විද්‍යාලයේ අනුග්රහයෙනි.

මහාවංශයට අනුව අනුරාධපුර රාජධානියේ දාගැබ්වලට අකුණු සරයෙන් ආරක්ෂාව සැලසීම පිණිස චූඩා මාණික්‍යය සවිකිරීම සිදු කෙරිණි. රුවන්මැලි සෑයේ ආරක්ෂාව පිණිස පළමුවැනි සංඝතිස්ස රජු (ක්‍රි.ව. 243-247) වජ්ර චුම්බට නම් උපකරණයක් සවිකළ බව මහාවංශයෙහි සඳහන් වෙයි. වජ්ර චුම්බට යන්නෙහි තේරුම අකුණු චුම්බකය යන්නය. නැතහොත් අකුණු ආකර්ෂණය කරන උපකරණය යන්නය. ඉන්පසු ක්‍රි.ව. 437 – 455 සමයෙහි රජ කළ ධාතුසේන රජතුමා නැවතත් වජ්ර චුම්භව උපකරණයක් රුවන්වැලි සෑයට සවිකළ බව සඳහන්ය. එසේම ජේතවනාරාමය හා අභයගිරියටත්, ධාතුසේන රජතුමා විසින් වජ්ර චුම්බව සවිකරන ලදී. ඉන්පසු ක්‍රි.ව. 561-564 දී රජ පැමිණි මහානාග රජතුමාද ප්‍රධාන ස්ථූප තුනටම වජ්ර චුම්බට උපකරණ සවි කළේ ය.

මෙම කරුණ මහා වංශය තුළින් මුලින්ම අනාවරණය කරගනු ලැබුවේ ජර්මන් ජාතික පාචීන විශේෂඥයකු වූ විල්හෙම් ලුඩ්වින් යායිගර් විසිනි. ඉන් පසුව වාස්තු විද්‍යාඥ එක්. අමේන්ද්‍ර විසින්ද ස්තූපවල අකුණු ආරක්ෂණ පද්ධතියේ සැකැස්ම පිළිබඳව සැලකිය යුතු සොයා ගැනීම් රැසක් සිදූ කළේ ය. කෙසේ නමුත් අකුණු ආරක්ෂණ ඉංජිනේරුකරණය පිළිබඳ වූ ප්‍රාමාණිකයන්ගේ හිඟකම හේතුවෙන් ස්ථූපවල ආරක්ෂාව සැලසුණු ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් නිසි අයුරින් තවමත් සිදු වී නැත.

ශ්‍රී ලාංකික චන්දිම ගෝමස්, අෂේන් ගෝමස්, මලේසියානු සයිනර් කදිර් සහ ඉරාන ජාතික බේයි ඉසාදි යන මලයාසියානු පුත්‍ර විශ්ව විද්‍යාලීය කණ්ඩායම ස්තූපයක මෙකී අකුණු ආරක්ෂ ක්‍රියාවලිය ගැන සිද්ධාන්තමය හා පර්යේෂණික අධ්‍යයනයක යෙදුනි. ඒ අනුව ඔවුන් උත්සාහ කරන්නේ චූඩාමාණික්‍ය රැඳවූ ලෝහ කරඬුවේ අක්ෂය කේන්ද්‍ර කරගෙන ගොඩනැඟෙන සමමිතික හැඩය අකුණු පොළොව වෙත ගෙන යාමේ ආරක්ෂාකාරී මාර්ගයක් තැනීමට ඉවහල් වී ඇති බවයි.

මහාචාර්ය ගෝමස් පවසන්නේ, අප මෙම අධ්‍යයනය තුළින් පෙන්වා දුන්නා අක්ෂය පදනම් කර ගනිමින් හුණු බදාමයෙන් ගොඩනැගූ සමමිතික ආකෘතියේ පවතින පුළුල් මතුපිට හරහා අකුණක පවතින විදුලිය තුනී ලෙස බෙදා හැරීමට කටයුතු යොදා ඇති බව. මෙය විශේෂ එතිහාසික පර්යේෂණයක් පමණක් නෙවෙයි. අපි දැනට මේ වසර දෙදහසකට වඩා පැරණි තාක්ෂණය යොදා ගනිමින් වර්තමාන ලෝකයේ අකුණු ආරක්ෂණ උපකරණ වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳ ක්‍රියාවලියකට අවතීර්ණ වී සිටිනවා. එය අද පවතින විධික්රමයන්ට වඩා හාත්පසින්ම වෙනස් වුවත් වැඩි එලදායීතාවක් සහ අඩු වියදමක් සහිත ක්‍රමයක්.”

පසුගිය ඔක්තෝබරයේ චීනයේ ෂැන්හයි පැවති අන්තර්ජාතික සම්මේලනයකදී ප්‍රකාශයට පත් කළ මෙම වාර්තාව IEEE සහ Scopus තොරතුරු පද්ධති තුළටද ඇතුළත් කරන ලදී.

මහාචාර්ය ගෝමස් පවසන පරිදි ලොව ඉහළ පෙළේ අකුණු ආරක්ෂණ ක්ෂේත්‍ර පුරෝගාමීන් සහභාගිවන එම වැඩසටහන වෙත සිය වාර්තාව ගෙන යාම තරමක් දුෂ්කර කර්තව්‍යයක් වී ඇතත් ඔවුන් සිය සොයා ගැනීම පිළිබඳ තාක්ෂණික මෙන්ම සමාජයීය හා වාස්තු විද්‍යාත්මක කරුණු ඇතුළත් වාර්තා දෙකක් එහිදී එළිදැක්වීමට සමත් වී ඇත.

“අපි දැනට ඉතා ඉහළ වෝල්ටීයතාවකින් යුක්ත විද්‍යාගාරයක් තුළ රුවන්මැලි මහා සෑයේ ආකෘතියක් යොදා ගනිමින් අකුණු ආරක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව නවතම සොයා බැලීම් සිදු කරනවා. ඉතාමත් ඉක්මනින් ඒ පිළිබඳ හෙළි කිරීමට හැකිවනු ඇති.” මහාචාර්ය චන්දිම ගෝමස් සිය කණ්ඩායමේ ඉදිරි කටයුතු පිළිබඳ අපේක්ෂාවෙන් එලෙස පවසයි.

බටහිර විද්‍යාව තුළ අකුණු සරයෙන් ආරාක්ෂා වීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් පවතින්නේ සීමිත ඉතිහාසයකි. ඇමෙරිකානු ඉතිහාසය තුළ අකුණුසරයෙන් ආරක්ෂා වීම ඈ සඳහන් වන්නේ බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන් යුගයේ පටන්ය. එනම් වර්ෂ 1752 දීය. නිරීක්ෂණ හා අත්හදා බැලීම් මත පදනම් වූ ආරක්ෂණ ක්රමවේදයකි ඒ තුළ ගැබ් වූයේ.

බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන් උත්සහ කළේ උස් තියුණු තුඩක් වැනි ස්ථානයක් සකසා එමගින් වලාකුළක ඇති ආරෝපණ ආකර්ෂණය කිරීමටය. එමගින් අකුණු වැඩීම වළක්වන්නට හෙතෙම උත්සාහ ගත්තේ ය. ගොඩනැගිල්ලේ ඉහළම ස්ථානයේ සිට අඩි හයක්, හතක පමණ අහසට නැඟුණු යකඩ කූරක් පිහිටුවා එහි අනෙක් කෙළවර තෙත් බිමක අඩි තුන හතරක් යටට බැස්සවීම මගින් අකුණු සන්නායකයක් සකස් කර ගත හැකි බව ඔහු වටහා ගත්තේ ය.

මෙහිදී ගොඩනැගිල්ල දිගින් වැඩි නම් එහි මුදුන් කිහිපයකම අකුණු සන්නායක සවි කිරීම අවශ්‍ය වේ. අතීතයේ දාගැබක චූඩා මානික්‍යයක කාර්යය ද මෙයට බෙහෙවින් සමාන ය.

[QUOTE="orioncorp-2016, post: 24500073, member: 557082"] [b]පුරාණ සිංහල ශිෂ්ටාචාරයේ ප්‍රෞඩත්වය[/b] [SIZE="6"]ලොව මවිත කළ වැව් තැනීමේ කලාව (1153 – 1186 මහා පරාක්‍රමබාහු රජ සමය), ලොව මුල්ම මහල් ගොඩනැඟිලි නිර්මාණය (ක්‍රි.පූ. 161 – 137 දුටුගැමුණු රජ සමය), අතීත ලෝකයේ උසම හා විශාලතම ගඩොල් නිර්මාණය (ක්‍රි.ව. 273 – 301 මහසෙන් රජ සමය), ලොව මුල්ම රෝහල (ක්‍රි. පූ. 437 – 367 පන්ඩුකාභය රජ සමය), ලොව මහා පුදුමයක් වූ සීගිරිය (ක්‍රි.පූ. 4000 එහා රජකළ රාවණයන්ගේ පියා වෛශ්‍රවණ රජ සමය), ලොව මවිත කළ බහු වායු නල වානේ තාක්ෂණය (ක්‍රි.ව. 2 – 4 සියවස), ලොව මුල්ම ඇස් කණ්නාඩිය වන දියතරිප්පු කණ්නාඩි නිෂ්පාදනය (ගම්පොල රාජධානි සමය), දස දහස් ගණනින් වන ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම හා කැටයම් තාක්ෂණය, රාමායනය ග්රන්ථයට අනුව රාවනා රජ දවස විමාන හා බිමන් හෙවත් අහස් යාත්‍රා නැතහොත් දඩුමොණර භාවිතය, සෘෂිවරුන් ලෙසින් විශ්වය සමඟින් ගනුදෙනු කිරීම, අකුණු තාක්ෂණය ආදිය සිදු කරණු ලැබුවේ සිංහලයන් මිස ලොව අන් ජාතියක් නොවේ. පුරාණ සිංහල ශිෂ්ටාචාරයේ ප්‍රෞඩත්වය රැඳෙන්නේ කලාශිල්ප මත පමණක්ම නොවේ. එකල සිංහලයන් ගොඩනැගූ මහා ශිෂ්ටාචාරය තාක්ෂණික වශයෙන් ඉතා ඉහළ තලයක තිබිණි. සිංහලයන් ළගාකරගත් තාක්ෂණික ජයග්‍රහණ කිහිපයක් පහත පෙළගස්වා අත. 01. ලොව කිසිඳු ගංගා නිම්න ශිෂ්ටාචාරයක දැකිය නොහැකි ‘දිය වැටෙන තැනම වැව් බැඳි මහා වාරි ශිෂ්ටාචාරය’ මහවැලි ව්‍යාපාරය සමයේදී මාදුරුඔය වේල්ල බැදිය යුතු ස්ථානය විද්‍යාත්මකව තීරණය කිරීම විදේශීය ඉංජිනේරුවන්ට අභියෝගයක්වීය. ඒ අනුව චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන මහත් පරිශ්‍රමයක් යොදා වේල්ල ගොඩනැගිය යුතු ස්ථානය තීරණය කරගත් අතර එම ස්ථානයේ වේල්ල ගොඩනැගීම උදෙසා වූ කැණීම් කටයුතු ඇරඹුණී. එනමුත් එම ස්ථානයෙන්ම පුරාණ සිංහල වේල්ලක් මතුවූයේ විදේශ ඉංජිනේරුවන් මවිත කරවමිණි. මාදුරුඔය ජලාශය නිමවා, එය විවෘත කරන අවස්ථාවේදී, විදේශ ඉංජිනේරුවරු අතීතයේ එම ස්ථානයේම පුරාණ තාක්ෂණය ඔස්සේ වේල්ලක් ගොඩනැගූ සිංහල ඉංජිනේරුවරුන්ට සිය උපහාරය පුද කළහ. ලොව පුරා විවිධ ගංගා නිම්න ශිෂ්ටාචාර බිහි වී ඇති නමුදු, මහා පරාක්‍රමබාහු රජුගේ ආදර්ශ පාඨය වන ‘අහසින් වැටෙන එක දිය බිඳක් වුවද ප්‍රයෝජනට නොගෙන මුහුදට යාමට ඉඩ නොදෙමු’ යන්න මත පිහිටා දිය වැටෙන තැනම වැව් බැදි මහා වාරි ශිෂ්ටාචාරයක් ලොව ප්‍රථම වරට බිහි කළේ සිංහලයන්ය. ක්‍රි.ව. 1155 වන විට ලොව ශ්‍රේෂ්ඨතම වැව් ජාලය හා වාරි කළමණාකරන පද්ධතිය ගොඩනැගිමට සිංහලයෝ සමත් වූහ. 12 වන සියවසේ කාශ්මීර ඉතිහාසඥයෙකු වන කල්හාන විසින් කාශ්මීර රාජ පරම්පරාවේ ඉතිහාසය පිළිබද සංස්කෘත භාෂාවෙන් රචිත ‘රාජතරංගනිය’ කෘතියේ කියැවෙන්නේ, වාරි කර්මාන්තය උගන්වනු පිණිස රාස්ස ඉංජිනේරුවන් හෙළබිමින් ඉන්දියාවට සපැමිණි බවයි. ක්‍රි.ව. 1155 දී, එනම්, පරාක්‍රම සමුද්‍රය ගොඩනැගූ මහා පරාක්‍රමබාහු රජතුමන්ගේ (1153-1186) සමය වන විට, ඇලවල් 4,000කින් බැඳී ගිය වැව් හා ජලාශ 5,000ක වාරි පද්ධතියක් රජරට පුරාවට හා රටේ සෙසු පළාත්වල ද පැවතුණි. රටේ සෑම ගමකම ඉදිවූ වැවකින් ගොවිතැන් කටයුතු සදහා ඇවැසි ජලය සැපයුණි. ලොව කිසිදු රටක මෙවැනි චිරස්ථායී ලෙස ජල කලමණාකරනය සිදු කෙරුණ වාරි පද්ධතියක් නොවී ය. ලංකාවේ වාරී තාක්ෂණය මෙහිම අනන්‍යව දියුණු වූවක් වන අතර එය ලංකාවේ වියළි කලාපයට ඉතා සුදුසු ලෙස පරිනාමය වූවකි. ලොව කිසිම රටක දක්නට නැති ‘සැතැප්මට අඟලක් බෑවුම් වන’ සේ ඉදිකළ යෝධ ඇල ලංකා වාරි ශිල්පයේ ශ්‍රේෂ්ඨ තාක්ෂණික නිර්මාණයකි. තවද පුරාණ වැව්වල වැව් බැම්ම හා සම්බන්ධව ඉදි කල ‘බිසෝකොටුව’ නම් වූ ජල පීඩනය පාලනය කොට පිටකිරිමේ ක්‍රමෝපාය ඉතා උසස් තාක්ෂණික නිර්මාණයකි. 02. ලොව මුල්ම මහල් ගොඩනැඟිල්ල වන ලෝවාමහාපාය ඉදි කළ සිංහලයෝ ලොව පළමු මහල් ගොඩනැඟිලි ඉදිවූයේ දුටුගැමුණු රජ සමයේදී (ක්‍රි.පූ. 161-137) සිංහලයන් අතිනි. රෝමයේ කොලෝසියම ගොඩනැගිම ඇරඹෙන්නේ ක්‍රි. ව. 70 දී ය. භික්ෂුන්ගේ වාසස්ථානයක් වූ ලෝවාමහාපාය මහල් නවයකින් යුක්තව ඉදි කෙරුනු අතර එහි වහලයට තඹ තහඩු යොදා තිබුණු බැවු කියවේ. ලෝවාමහාපායේ එක් පසෙක දිග අඩි 400ක් විය. 40 බැගින් වූ ගල් කණු පේළි 40ක් එනම් ලොවාමහපායේ පහළම තට්ටුවේ ගල්කණු 1600 ක් තවමත් ඉතිරිව තිබේ. 03. අතීත ලෝකයේ උසම හා ගඩොලින් බැඳි ලොව විශාලතම ගොඩනැඟිලි නිර්මාණය කල සිංහලයෝ ජේතවනාරාම දාගැබ අඩි 400 ක් (මීටර් 120) උසින් යුතු එකල ලෝකයේ උසම ස්ථූපය යි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල වන්නේ ද ජේතවනාරාම දාගැබ යි. ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදි කරවූවේ මින්නේරිය වැව, කණදරා වැව, කවුඩුල්ල වැව, මහගල්කඩවල වැව, හුලුගල්ල වැව, හිරාමුල්ල වැව, හුරුළු වැව, මාමිණියා වැව, මාගල් වැව, කළවාණ වැව, මෙරවාපිය වැව, පබ්බතන්ත ඇළ ආදී (දැනට හඳුනාගත්) වාරී කර්මාන්ත 16ක් හා විශාල ඇළක් නිර්මාණය කළ අදත් මහසෙන් දෙවියන් හා හත්රජ්ජුරුබණ්ඩාර නමින් දේවත්වයෙහි ලා සලකනු ලබන බෞද්ධ රජෙකු වන මහසෙන් (ක්‍රි.ව. 273 – 301) රජු විසිනි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිධන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යයක් ද වේ. පුරාණ ලෝකයේ ‘ගීසා’ හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීම වන්නේ ජේතවනාරාම දාගබයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය සාගලික නිකායට අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8ක් පමණ (හෙක්. 5.6) විශාල ය. 3,000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට වැඩ සිටීමට පහසුකම් තිබුනේ ය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුළුවීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතු ය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වූයේය. මෙම දාගැබ සෑදීම සඳහා ඒ වන විට එනම් කි‍්‍රස්තු වර්ෂ හතර වන සියවස වන විට අපේ රටේ සිංහල වාස්තු විද්‍යාඥයින්ට හා සිංහල ඉන්ජිනේරුවන්ට තිබූ දක්ෂතාවය කොපමණ ද යන්න ඔබට ද අවබෝධ වනු ඇත. මෙම ජේතවනාරාම දාගැබ සඳහා අනෙකුත් විශාල දාගැබ් සඳහා මෙන්ම සලපතල මළුවක්ද සාදා ඇත. ජේතවනාරාම දාගැබේ සලපතල මළුව, විශේෂ එකකි. සළපතල මළුව යනු ගල් පුවරු අතුරන ලද දාගැබේ ඇති මළුවකි. මේ සළපතල මළුවේ අතුරන ලද සමහර ගල්පුවරුවල එම ගල්පුවරු අතුරන ලද්දේ කාගේ අනුග්‍රහයෙන් ද කවුරුන් ඊට දායක වූයේ ද යන්න පවා ලියා ඇති බව ඔබට එහි ගිය විට දී අද පවා දැක ගත හැකිය. 04. ලොව මුල්ම රෝහල ඉදිකළ සිංහලයෝ ලොව පැරණිතම රෝහල් නෂ්ඨාවශේෂ හමුවන්නේ ලංකාවේ ය. එනම් 9 වන සියවසේ ඉදි වූ මිහින්තලය රෝහල යි. මිහින්තලේ, අනුරාධපුර හා මැදිරිගිරිය යන ප්‍රදේශවල රෝහල්වල නටබුන් දැකිය හැකි ය. එම රෝහල් හි ශෛල්‍යකර්ම උදෙසා භාවිතා කළ සියුම් උපකරණ ආදියේ නෂ්ටාවශේෂ පවා අද දිනයේ සොයාගෙන තිබේ. ක්‍රි.ව. 6 වන සියවසේ දී ලියැවුණු මහාවංශයට අනුව පන්ඩුකාභය රජ දවස (ක්‍රි. පූ. 437 – 367) නේවාසික රෝහල් (සිවිකාසොත්ති ශාලා) ලංකාව පුරා විවිධ පළාත්වල ඉදි කෙරුණි. මෙය මුළු ලෝකයෙම අසනීප වූවන් රැකබලා ගැනීම උදෙසාම ආයතන ඉදිකලේ යැයි සදහන් වන පුරාණතම අවස්ථාව යි. 05. ලෝකයේ පැරණිතම විශ්ව විද්‍යාලය ඇති කළ සිංහලයෝ ‘ක්‍රි.පූ. පස්වෙනි සියවසේ දී ලෝකයේ පැවති අග්‍රගණ්‍ය ආගමික සිද්ධස්ථානය අභයගිරිය විය. එවකට අභයගිරි විහාරයේ භික්ෂුන් වහන්සේලා 5,000ක් වැඩ සිටීමත්, විදේශ ශිෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් විවිධ විෂයයන් හැදෑරූ සුප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙසට පැවතීමත් මෙම සිද්ධස්ථානයේ විශාලත්වය පිළිබද සාක්ෂියෝ ය. ලෝකයේ පැරණිම විශ්ව විද්‍යාල ආරම්භ වන විටද ලංකාවේ පැවති විශ්ව විද්‍යාල ඉතා දියුණු මට්ටමක පැවති බව පැහැදිලි වේ. මහා විහාරය එවකටත් ලෝකයේ සුප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙස ප්‍රචලිතව පැවතිණ. ත්‍රිපිටක ධර්මය පාලි බසට පරිවර්තනය කිරීම සදහා ඉන්දියාවේ සිට පැමිණි බුද්ධගෝෂ හිමියන්ට එම කාර්යයට තමන් සුදුසු බව පෙන්වීම සදහා නිබන්ධනයක් ලියා ඉදිරිපත් කිරීමට සිදුවිය. නිබන්ධනය විසුද්ධිමග්ගය විය. එය පිටු 400කින් යුත් නිබන්ධනයකි. එම නිබන්ධනය පිළි ගැනීමෙන් පසු බුද්ධගෝෂ හිමියන්ට මහා විහාරය සතු සුවිශාල පුස්තකාලය පරිහරණය කිරීමට අවස්ථාව ලැබිණ.’ අපේ බොහෝ අය සිතා සිටින්නේ ලෝකයේ දියුණුව ඇරඹුනේ බටහිරයන් විසින් සොයා ගත් දැනුම නිසා කියාය. ඔවුන් මහත් බැතියෙන් බටහිරට වන්දනා කරන්නේ ඒ අනවබෝධය ඇතිවය. එහෙත් ඒ රටවල ශිෂ්ඨාචාරයන් බිහි වෙන්නටත් ප්‍රථම සිංහලයා සතුව ඉතා දියුණු ශිෂ්ඨාචාරයක් පැවතුණි. අද අප බටහිරට වන්දනාමාන කරන්නේ අපේ ජාතිය සතු අභිමානය ගැන නොදන්නා කමිනි. බටහිරයන් හා බටහිර ගැත්තන් විසින් ද ආක්රමණිකයින් විසින් ද අපෙන් මංකොල්ලකා වසන් කළ ඒ අභිමානය අප විසින් දැනගත විය යුත්තේ අපේ ශ්‍රේෂ්ඨ අතීතය මතක් කර සිංහලයාගේ පිට කොදු සවිමත් කිරීම සදහාය. මානසික වහල් බවින් මිදුනු නිවහල් අනාගත සිංහලයන් බිහි කිරීම උදෙසාය අභයගිරි විහාරයේ තිබු පැරණි විශ්ව විද්‍යාලයට පිවිසෙන දොරටුව (රූප අනුග්‍රහය – විකිපීඩියා නිදහස් විශ්වකෝෂය) 06. ලොව මහා පුදුම අතරට එක් වූ සීගිරිය නිර්මාණය කළ සිංහලයෝ ලොව මහා පුදුම අතරට එක් වූවකි, සීගිරිය. සම්ප්‍රදායික ඉතිහාසයට අනුව සීගිරියේ අතීතය කාශ්‍යප රජ දවස දක්වා දිවය යි. නමුත් එහි සැබෑ ඇරඹුම නිසැකවින්ම ඉන් වසර දහස් ගණනාවක් අතීතයට ගමන්කොට සොයාගත යුතු වේ. මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ලෙහි පිහිටා ඇති පුරාණ පර්වත රාජධානියක් වූ සීගිරිය ලංකාවේ සුප්‍රකට ම ඓතිහාසික ස්ථානය යි. සීගිරිය ප්‍රචලිත වන්නේ එහි සිංහ පාදය, කවි ලියා ඇති කැටපත් පවුර, සීගිරි චිත්‍ර හා සුවිශේෂි නගර සැලසුම් හේතුවෙනි. චූලවංශයට අනුව කාශ්‍යප රජතුමන් (ක්‍රි.පූ. 477 – 495) සීගිරිය තම අග නගරය කොට ගත්තේ ය. ඔහු සීගිරි පර්වතය මුදුනේ මාළිගය ගොඩනැගුවේ ය. විකල්ප මත වලට අනුව රාවණා රජතුමන්ගේ පුරාණ මාළිගය ද පිහිටා තිබී ඇත්තේ සීගිරියේ ය. සීගිරියේ ජල උද්‍යානය විවිධාකාර පොකුණුවලින් සමන්විත වනඅතර ජල පීඩනය ඔස්සේ ජල නල මගින් ක්‍රියාත්මක වන දියමල් එහි සුවිශේෂි තාක්ෂණික නිර්මාණයකි. වර්ෂා සමයේ දී මේවා අද ද ක්‍රියාත්මක වේ. 07. ලොව පැරණිතම වානේ තාක්ෂණය හිමිව තිබූ සිංහලයෝ සිංහලයේ තිබූ වානේ උණු කිරීමේ තාක්ෂණය ඉතා දියුණු එකක් වූ අතර, අරාබියේ දැමස්කස් කඩු සදහා අවශ්‍ය වූ වානේ රැගෙන ගියේ ලංකාවෙනි. ලංකාවේ වානේ නිෂ්පාදනය උදෙසා ලොව ප්‍රථම වරට සුළං ශක්තියයොදා ගැනුණු අතර එසේ නිෂ්පාදනය කරන ලද වානේ දමස්කස්යේ කඩු නිෂ්පාදනය සදහා අරාබියට ද අපනයනය කෙරුණි. බ්‍රොන්සන් අල් හසන්ගේ වාර්තා වලට අනුව දමස්ක කඩු සදහා අවශ්‍ය වූ වුට්ස් නම් වානේ ලංකාවෙන් හා ඉන්දියාවෙන් ලබාගෙන තිබේ. එසේම අල් කන්ඩි නම් ලේඛකයා ලියා ඇත්තේ ද යේමන්, ෆාස්, කොරාසන් සහ මනිසුරා යන අරාබි කඩු නිෂ්පාදනය සඳහා සෙරන්ඩිබ් හෙවත් ලංකාවෙන් වානේ ලබාගෙන ඇති බව යි. සමනළ වැව ප්‍රදේශයේ ඉතා ඉහල ගණයේ වානේ නිෂ්පාදනය කෙරුණු යකඩ උදුන් සිය ගණනක් හමු වී තිබේ. එම වානේ නිෂ්පාදන උදුන් නිරිත දිග මෝසම් සුළං වලට මුහුණලා නිපදවා ඇති අතර යකඩ පෙරා ගැනීම සිඳුකර ඇත්තේ චූෂණ (suction) ක්‍රියාවලියකින් කි.මි. 70 සුළං පීඩනය හේතුවෙන් උදුන තුළ නිෂ්පාදනය වන තාපය උපකාරයෙනි. මීට අමතරව මහාචාර්ය සේනක බන්ඩාරනායකයන්ගේ මග පෙන්වීම මත ආචාර්ය රෝස් සෝලංගආරච්චි මහත්මිය විසින් සිඳුකල ගවේෂණවලදී කිරිඔය නිම්නයේ යකඩ නිෂ්පාදනාගාර සියගණනක් හමු වී තිබේ. ඇය සීගිරියේ කළ පර්යේෂණවලදී සනාථ වූයේ කිරිඔය නිම්නයේ යකඩ තාක්ෂණයට භාවිතා කොට තිබුණේ දුර්ලභ ගණයේ මැග්නයිට් යපස් බව යි. නුවරගල කන්ද මුදුනෙන් නැඟි මින්නේරි වැව දක්වා ගලන කිරි ඔය දෙව්රේ මෙම වානේ නිෂ්පාදනාගාර පිහිටා තිබුණි. පිහිටිගල හෙවත් මව් පාෂාණය දක්වා හාරනු ලබන පොළොවෙහි මැටියෙන් සෑදූ උදුන මීටර් දෙකක පමණ උසකින් යුක්ත විය. චිම්නියක හැඩයට සෑදූ මෙම උදුන් ඉහළට යන විට කේතූකාරව කුඩා වි ය. හැම විටම මෙම උදුන් සුළං හමන දිශාවට මුහුණලා කදු බෑවුම් වල නිර්මාණය කර තිබුණි. මෙම උදුන් සඳහා වාතය සපයා ගැනීමට නල අටක් විය. එය බහු වායු නල තාක්ෂණය නම් වේ. ක්‍රි.ව. 2-4 අතර කාලයට අයත් යැයි සැලකිය හැකි මෙම යකඩ නිෂ්පාදනාගාර මහසෙන් රජ සමයට අයත් බව කාබන් කාල නිරීක්ෂණයෙන් සොයාගෙන තිබේ. අතීතයේ, යකඩ පමණක් නොව යකඩවල හොදම කොටස් ගෙන නිෂ්පාදනය කරන වානේ තාක්ෂණය ද මෙරට ක්‍රියාත්මක විය. ඉහළ තත්වයේ යකඩ කැබලි ගෙන මැටි හා දහයියා වලින් සැකසූ කෝවවල දමා විශේෂිත දැව වර්ග යොදා උණු කර තිබේ. මේ වානේ තාක්ෂණයට උදාහරණ සීගිරීයෙන් හමුවී ඇත. සර් රොබර්ට් හැඩ්ෆිල්ඩ් සීගිරියෙන් හමුවූ යකඩ හා වානේ නියැදි කිහිපයක් පරීක්ෂා කොට පැවසුවේ Case Hardning යන වානේ ශක්තිමත් කිරිමේ කලාව සීගිරිය ප්‍රදේශයේ සිටි වානේ ශිල්පීන් දැන සිට ඇති බවත් එසේම ජල පිළියම මගින් වානේ ශක්තිමත් කිරිමේ කලාව ලංකාවේ පැවත ඇති බවත් ය. මලියසේන නම් වූ ශ්‍රි ලාංකික පුරා ලෝහ විද්‍යාඥයා කියා තිබුණේ ඔහු දන්නා පරිදි මේ වානේ ශක්තිමත් කිරිමේ කලාවට දිය හැකි පැරණිම දින වකවානු සාක්ෂි ද හමුවන්නේ ලංකාවෙන් බවය. 08. ලොව මුල්ම ඇස් කණ්නාඩි හා චූඩා මාණික්‍ය නිෂ්පාදනය කළ සිංහලයෝ ලොව මුල්ම ඇස් කණ්නාඩි මෙන්ම චූඩා මාණික්‍ය නිෂ්පාදනය කරන ලද්දේ ගඟසිරිපුර ගම්පොල රාජධානි සමයේ දී ලංකාවේ වන අතර, එම දියතරිප්පු කණ්නාඩි නිපද වූ පරපුරේ අවසන් පුරුක වන ශිල්පියා අද ද එම කර්මාන්තයේ නිරත වේ. උඩුනුවර කහඹේ වෙසෙන සුධාමිණි ගෙදර ගුණසෝම ගඟසිරිපුර ගම්පොල රාජධානි සමයේ ඇරඹුන දියතරිප්පු කන්ණාඩි නිෂ්පාදනයේ මෙන්ම මාණික්‍ය නිෂ්පාදනයේ තවමත් යෙදෙන එම පරපුරේ අවසාන පුරුක යි. ඔහු සහ ඔහුගේ කර්මාන්තය පිළිබද ලිපියක් 2011 නොවම්බර් 27 දින රිවිර පුවත්පතේ 33 වන පිටුවේ පල වී තිබුණි. යට දැක්වෙන්නේ වයි. එස්. ටී. බී. වික්‍රමනායක විසින් රචිත එම ලිපියේ උපුටා ගත් කොටස් කිහිපයකි. ‘ගුණසෝම මහතා පවසන පරිදි ගම්පොල රාජධානිය කරගත් හතරවෙනි බුවනෙකබාහු රජුට ඇස් නොපෙනීමේ දොසක් සදහා දියතරිප්පු ගලින් ඇස් කන්ණඩියක් නිර්මාණය කරදී ඇත්තේ ද ගුණසෝම පරපුරේ ආදීතමයෙකි. ඒ රජුගේ ඔටුන්නේ මැණික් වැඩ කළේ ද ගුණසෝම පරපුරේ මුතුන්මිත්තෙකි. බුවනෙකබාසිටිවෙනමිණිරජ දවස කිරුළකඅගමිණක්සාදාදී විගස සිරිලකපවතින්ටඅපපරපුර වෙසෙස හසුනකලියාදීසිළුමිණි ගම සතොස ගුණසෝම පරම්පරාවේ අය බුවනෙකබා රජුගේ ඔටුන්නේ මැණික් ඔබ්බවා දීමෙන් ලැබු සන්නසේ සදහන් වන්නේ එසේ ය. ගුණසෝමට දියතරිප්පු කන්ණාඩියක් හදන්නට දවස් නවයක් දහයක් පමණ ගතවේ. එසේම ඔහු දොස්තර වට්ටෝරුවලට කන්ණාඩි හදන්නේ ද නැත. කන්ණාඩිය අවශ්‍යය තැනැත්තාගේ පෙනිමේ දුර්වලතාව මත කන්ණාඩි නිර්මාණය කරනු ලැබේ. මෙම කන්ණාඩිවල විශේෂත්වය වනුයේ ඇසට ලැබෙන සිසිල යි. එසේම ඔහු කියන්නේ දියතරිප්පු කන්ණාඩි පළදින අයෙකුට කිසිදා ඇසේ සුද මතු නොවන බව යි. මාස තුනකට වතාවක් රත්නපුර ගොරකාඇල පතල්වලට යන ගුණසෝම දින ගණන් නැවතී සිට කන්ණාඩි නිෂ්පාදනයට අවශ්‍ය පළිඟු ගල්, අඹතෙස් පාෂාණ සහ දියමන්ති ගල් ගෝනිවල දමාගෙන පිළිමතලාව කහඹේට ගෙන එයි. ඒ බස් රියෙනි. එසේ ගෙන එන ගල්, වර්ගකර පලා සකස් කර ගන්නේ ගෙදර අයගේ ද සහාය ඇතිව ය. එසේ ගෙනෙන පලිඟු ගල් පලා කපා ගන්නා කොටස් බට්ටුගලේ අල්ලා ගන්නා ගුණසෝම මැණික් කට්ටා ගල් කැට කුඩු කර පෙරා ගන්නා අතර භාජනයේ අඩියේ මිදෙන මන්ඩි කොටස (කුරුදුමැට්ට) ඒ සදහා සකස් කරගත් තිරුවානා ගලේ දමා වීදුරුවක් මෙන් වනතුරු ඔපමට්ටම් කර ගනී. අනතුරුව රත්නපුරයෙන් ගෙන එන හීන්වැල්ල එරමුදු ලීයේ තවදුරටත් මැදගනී. ඉන්පසු දිස්නෙ දෙන දියමන්තියක් සේ ඔප වැටෙන පලිඟු කැබැල්ල කන්ණාඩියක් බවට පත් කරගන්නා ගුණසෝම නැගි සිට අව්වට අල්ලා එය පිරික්සා බලන්නේ සටනින් ජයගත් සෙන්පතියෙකු මෙනි. එම වීදුරුව කන්ණාඩියට අවශ්‍ය පරිදි උත්තල හෝ අවතල කරගන්නේ ඉන් අනතුරුව ය. ඒ රිදී තිරුවානාවේ ඇල්ලිමෙනි. පෘතුගීසී සමයේදී මෙම තාක්ෂණය උගත් ජේසුයිට් නිකායික පාදිලිවරු එම තාක්ෂණය යුරෝපයට ගෙන යන්නට ඇති බවට සැලකේ. අදටත් ඇස්කන්ණාඩි සොයාගත් පුද්ගලයෙකු පිළිබදව සදහනක් නොමැති අතර ඇස්කන්ණාඩි තාක්ෂණය යුරෝපයේ දියුණු වී ඇත්තේ 16 වන සියවසෙන් පසුව ය.’ ‘ලෝකයේ මුල්ම ඇස් කණ්ණාඩි හැදූ පරම්පරාවේ අන්තිමයා ගුණසෝම’ යන නමින් තරංග රත්නවීර විසින් දිවයින පුවත්පතට කළ ලිපියේ චූඩා මාණික්‍යය නිෂ්පාදනය පිළිබඳව ගුණසෝම තම අදහස් දක්වා තිබුනේ පහත ලෙසිනි. ”දිය තරිප්පු පරම්පරාව කණ්ණාඩි නිර්මාණය කිරීමට සේම, චූඩා මාණික්‍යය නිර්මාණය කිරීමට ද සැබෑ දක්ෂයෝය. ලොව පළමු චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ දිය තරිප්පු පරම්පාරවය. ලංකාවේ බොහෝමයක් ඓතිහාසික විහාරස්ථානවල ඇති චෛත්‍ය වහන්සේලාගේ කොත සරසන චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද දිය තරිප්පු පරපුර බවට සැක නැත.’චූඩා මාණික්‍යයන් හදන්න වෙනම පළිඟු තියෙනවා. ඒ පළිඟු කැටත් කණ්ණාඩි හදන්න වගේම මුලින්ම ගා ගන්න ඕනා. ඊට පස්සෙ තමයි මට්ටම් කරලා හැඩ කරලා පොලිෂ් කරන්නේ. චූඩා මාණික්‍යයන් හදන්න දැන් මිනිස්සු හොයන්නේ වතුර වගේ ගල්. ගල් හැදෙන්නේ පොළවේ. ඒ නිසා පළුදු නැති ගල් හොයන්න අමාරුයි. පළුදු ගල්වලින් චූඩා මාණික්‍යයන් හදලා චෛත්‍යයවලට පැළඳු විට පන්සලට ගමට අපලයි කියලා මතයක් තියෙනවා. මම ඔහුට නැවත පැනයක් යොමු කළෙමි. ‘අපේ සීයා ඉන්නකොට පළුදු ගල් විතරක් නෙමෙයි පුපුරපු ගල්වලිනුත් චූඩා මාණික්‍යයන් කපලා තියෙනවා. ඒත් කිසිම අපලයක් නම් පල දුන්නේ නැහැ. 09. ලොව කිසිඳු රටක දැකිය නොහැකි සඳකඩ පහන නම් අගනා නිර්මාණය කළ සිංහලයෝ සිංහල ශිෂ්ටාචාරයේ ඉතුරු වී ඇති ගල් කැටයම් හා ලී කැටයම් වශයෙන් වන ගණනය කළ නොහැකි දස දහස් සංඛ්‍යාත වූ නිර්මාණ අද ද ලොව මවිත කරවන සුළුය. මේ අතරින් කැපීපෙනෙන නිර්මාණයකි, ලොව කිසිඳු රටක දැකිය නොහැකි, සඳකඩ පහන. අපගේ බෞද්ධ සිද්ධස්ථාන වලට ඇතුළු වන දොරටුවල පියගැට පෙළ ආරම්භයේ ඇති අර්ධ කවාකාර ගල් පඩිය පොදුවේ සඳකඩපහණ නමින් හඳුන්ව යි. ඉතාමත් අලංකාර කැටයම් සහිත නිර්මාණයක් වන මේ සඳකඩ පහණ පිළිබඳ විවිධාකාරයේ අදහස් අප රටේ පුරාවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර තිබේ. අනුරාධපුර යුගයේ සිද්ධස්ථාන ආශ්‍රිතව මුලින්ම හමුවන සඳකඩ පහණ විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් වුවද අද දක්වාම පවතිනවා. එහෙත් ඓතිහාසික වැදගත්කමකින් යුතුව කතාබහට ලක් කරන සඳකඩ පහණ අපට හමුවන්නේ අනුරාධපුර යුගයේ දී හා පොලොන්නරු යුගයේ දී ය. 11. අකුණු තාක්ෂණය ලොවට හඳුන්වාදුන් සිංහලයෝ අකුණු සරයට අප බිය වන්නෙමු. අකුණු අධික වැසි කාලයේදී රූපවාහිනිය,රේඩියෝව, ඇතුළු විදුලි උපකරණ ක්‍රියා විරහිත කරන්නටත් ජංගම දුරකථන භාවිතයෙන් වැළකී සිටින්නටත් පියවර ගත යුතුය. එමෙන්ම තැනිතලා බිම්වල සිටීමද අනතුරුදායකය. ලෝකයේ බොහෝ රටවලට අකුණු තර්ජන පවතින බව සැබෑවකි. විද්‍යාව කොතරම් දියුණු වුවත් ස්වාභාවධර්මයේ තවත් එක දරුණු ක්‍රියාවක් වන අකුණු සරය මුළුමණින් නවතාලන්නට තවමත් අපට නොහැකිය. කෙසේ වෙතත් අකුණුවලින් සිදුවන විපත් හා එයින් ආරක්ෂා වීම ගැන කතා කරන විට ලෝකයේ අන් සියල්ලන්ටම වඩා අප ඉදිරියෙන් සිටින බව ආඩම්බරයෙන් කිව යුතුය. යුරෝපයේ ශිෂ්ටාචාරය දියුණුවන්නටත් පෙර සිටම අපේ මුතුන් මිත්තන් අකුණු අනතුරින් ගැළවෙන්නට කළ යුතු දෑ පිළිබඳ දැන සිටි බව මේ වන විට තහවුරු වී තිබේ. ශ්‍රී ලංකාවේ අකුණු සන්නායක භාවිතය පිළිබඳ මුලින්ම තොරතුරු ලැබෙන්නේ අවුරුදු 1500 කටත් වඩා ඈත අතීතයෙනි. පුරාණ දාගැබ්වල සවිකරන ලද චූඩාමානික්‍ය අකුණු සැරයෙන් දාගැබත්,අවට ප්‍රදේශයත් ආරක්ෂාද කළ බව මේ වන විට ලෝකයම පිළිගනී. අකුණු සාරයෙන් ආරාක්ෂා වීමේ ක්‍රමවේදයක් මුලින්ම බිහි වූයේ ශ්‍රී ලංකාවේ බව ලෝකයාට ඒත්තු ගැන්වීම හිතන තරම් පහසු කටයුත්තක් නොවීය. මේ සඳහා මහාචාර්ය චන්දිම ගෝමස් ප්රමුඛ පර්යේෂක කණ්ඩායමට අවුරුදු දහයක් තිස්සේ පර්යේෂණ කරන්නට සිදු වී ඇත. කණ්ඩායමට නායකත්වය දුන්නේ ශ්‍රී ලාංකීය මහාචාර්ය චන්දිම ගෝමස් වුවත් පර්යේෂණය සිදු කෙරුණේ මැලේසියාවේ පුත්රා විශ්ව විද්‍යාලයේ අනුග්රහයෙනි. මහාවංශයට අනුව අනුරාධපුර රාජධානියේ දාගැබ්වලට අකුණු සරයෙන් ආරක්ෂාව සැලසීම පිණිස චූඩා මාණික්‍යය සවිකිරීම සිදු කෙරිණි. රුවන්මැලි සෑයේ ආරක්ෂාව පිණිස පළමුවැනි සංඝතිස්ස රජු (ක්‍රි.ව. 243-247) වජ්ර චුම්බට නම් උපකරණයක් සවිකළ බව මහාවංශයෙහි සඳහන් වෙයි. වජ්ර චුම්බට යන්නෙහි තේරුම අකුණු චුම්බකය යන්නය. නැතහොත් අකුණු ආකර්ෂණය කරන උපකරණය යන්නය. ඉන්පසු ක්‍රි.ව. 437 – 455 සමයෙහි රජ කළ ධාතුසේන රජතුමා නැවතත් වජ්ර චුම්භව උපකරණයක් රුවන්වැලි සෑයට සවිකළ බව සඳහන්ය. එසේම ජේතවනාරාමය හා අභයගිරියටත්, ධාතුසේන රජතුමා විසින් වජ්ර චුම්බව සවිකරන ලදී. ඉන්පසු ක්‍රි.ව. 561-564 දී රජ පැමිණි මහානාග රජතුමාද ප්‍රධාන ස්ථූප තුනටම වජ්ර චුම්බට උපකරණ සවි කළේ ය. මෙම කරුණ මහා වංශය තුළින් මුලින්ම අනාවරණය කරගනු ලැබුවේ ජර්මන් ජාතික පාචීන විශේෂඥයකු වූ විල්හෙම් ලුඩ්වින් යායිගර් විසිනි. ඉන් පසුව වාස්තු විද්‍යාඥ එක්. අමේන්ද්‍ර විසින්ද ස්තූපවල අකුණු ආරක්ෂණ පද්ධතියේ සැකැස්ම පිළිබඳව සැලකිය යුතු සොයා ගැනීම් රැසක් සිදූ කළේ ය. කෙසේ නමුත් අකුණු ආරක්ෂණ ඉංජිනේරුකරණය පිළිබඳ වූ ප්‍රාමාණිකයන්ගේ හිඟකම හේතුවෙන් ස්ථූපවල ආරක්ෂාව සැලසුණු ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් නිසි අයුරින් තවමත් සිදු වී නැත. ශ්‍රී ලාංකික චන්දිම ගෝමස්, අෂේන් ගෝමස්, මලේසියානු සයිනර් කදිර් සහ ඉරාන ජාතික බේයි ඉසාදි යන මලයාසියානු පුත්‍ර විශ්ව විද්‍යාලීය කණ්ඩායම ස්තූපයක මෙකී අකුණු ආරක්ෂ ක්‍රියාවලිය ගැන සිද්ධාන්තමය හා පර්යේෂණික අධ්‍යයනයක යෙදුනි. ඒ අනුව ඔවුන් උත්සාහ කරන්නේ චූඩාමාණික්‍ය රැඳවූ ලෝහ කරඬුවේ අක්ෂය කේන්ද්‍ර කරගෙන ගොඩනැඟෙන සමමිතික හැඩය අකුණු පොළොව වෙත ගෙන යාමේ ආරක්ෂාකාරී මාර්ගයක් තැනීමට ඉවහල් වී ඇති බවයි. මහාචාර්ය ගෝමස් පවසන්නේ, අප මෙම අධ්‍යයනය තුළින් පෙන්වා දුන්නා අක්ෂය පදනම් කර ගනිමින් හුණු බදාමයෙන් ගොඩනැගූ සමමිතික ආකෘතියේ පවතින පුළුල් මතුපිට හරහා අකුණක පවතින විදුලිය තුනී ලෙස බෙදා හැරීමට කටයුතු යොදා ඇති බව. මෙය විශේෂ එතිහාසික පර්යේෂණයක් පමණක් නෙවෙයි. අපි දැනට මේ වසර දෙදහසකට වඩා පැරණි තාක්ෂණය යොදා ගනිමින් වර්තමාන ලෝකයේ අකුණු ආරක්ෂණ උපකරණ වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳ ක්‍රියාවලියකට අවතීර්ණ වී සිටිනවා. එය අද පවතින විධික්රමයන්ට වඩා හාත්පසින්ම වෙනස් වුවත් වැඩි එලදායීතාවක් සහ අඩු වියදමක් සහිත ක්‍රමයක්.” පසුගිය ඔක්තෝබරයේ චීනයේ ෂැන්හයි පැවති අන්තර්ජාතික සම්මේලනයකදී ප්‍රකාශයට පත් කළ මෙම වාර්තාව IEEE සහ Scopus තොරතුරු පද්ධති තුළටද ඇතුළත් කරන ලදී. මහාචාර්ය ගෝමස් පවසන පරිදි ලොව ඉහළ පෙළේ අකුණු ආරක්ෂණ ක්ෂේත්‍ර පුරෝගාමීන් සහභාගිවන එම වැඩසටහන වෙත සිය වාර්තාව ගෙන යාම තරමක් දුෂ්කර කර්තව්‍යයක් වී ඇතත් ඔවුන් සිය සොයා ගැනීම පිළිබඳ තාක්ෂණික මෙන්ම සමාජයීය හා වාස්තු විද්‍යාත්මක කරුණු ඇතුළත් වාර්තා දෙකක් එහිදී එළිදැක්වීමට සමත් වී ඇත. “අපි දැනට ඉතා ඉහළ වෝල්ටීයතාවකින් යුක්ත විද්‍යාගාරයක් තුළ රුවන්මැලි මහා සෑයේ ආකෘතියක් යොදා ගනිමින් අකුණු ආරක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව නවතම සොයා බැලීම් සිදු කරනවා. ඉතාමත් ඉක්මනින් ඒ පිළිබඳ හෙළි කිරීමට හැකිවනු ඇති.” මහාචාර්ය චන්දිම ගෝමස් සිය කණ්ඩායමේ ඉදිරි කටයුතු පිළිබඳ අපේක්ෂාවෙන් එලෙස පවසයි. බටහිර විද්‍යාව තුළ අකුණු සරයෙන් ආරාක්ෂා වීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් පවතින්නේ සීමිත ඉතිහාසයකි. ඇමෙරිකානු ඉතිහාසය තුළ අකුණුසරයෙන් ආරක්ෂා වීම ඈ සඳහන් වන්නේ බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන් යුගයේ පටන්ය. එනම් වර්ෂ 1752 දීය. නිරීක්ෂණ හා අත්හදා බැලීම් මත පදනම් වූ ආරක්ෂණ ක්රමවේදයකි ඒ තුළ ගැබ් වූයේ. බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන් උත්සහ කළේ උස් තියුණු තුඩක් වැනි ස්ථානයක් සකසා එමගින් වලාකුළක ඇති ආරෝපණ ආකර්ෂණය කිරීමටය. එමගින් අකුණු වැඩීම වළක්වන්නට හෙතෙම උත්සාහ ගත්තේ ය. ගොඩනැගිල්ලේ ඉහළම ස්ථානයේ සිට අඩි හයක්, හතක පමණ අහසට නැඟුණු යකඩ කූරක් පිහිටුවා එහි අනෙක් කෙළවර තෙත් බිමක අඩි තුන හතරක් යටට බැස්සවීම මගින් අකුණු සන්නායකයක් සකස් කර ගත හැකි බව ඔහු වටහා ගත්තේ ය. මෙහිදී ගොඩනැගිල්ල දිගින් වැඩි නම් එහි මුදුන් කිහිපයකම අකුණු සන්නායක සවි කිරීම අවශ්‍ය වේ. අතීතයේ දාගැබක චූඩා මානික්‍යයක කාර්යය ද මෙයට බෙහෙවින් සමාන ය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom