Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුරාණ හිමගත වර්ණනාව - Mahamegha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ මුහුදින් වට වූ දිවයිනක් මධ්‍යයේ පිහිටි කඳු වළලු ගිරි ශිඛර පිරිවරා මහා ස්ථූපයක් ලෙසින් අහසට විහිදෙන ගිරි හිසක් මත බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනක් පිහිටුවා ඇති එක ම දීපය වන්නේ සිරිලක් දිවයිනයි. වසර පන්දහසක් කල් බැබළී පවත්නා සම්බුදු දහම තිරසර ලෙස බොදු දනන් තුඩ තුඩ රැව් දෙමින් පවත්නා දේශය ලෙස සම්බුදු නැණින් පසක් කොට වදාළ බුදුරජාණන් වහන්සේ එහි රැකවරණය සක් දෙවිඳුන්ට පවරා සමනොළ ගිරි හිස මත පිහිටවූ තමන් වහන්සේගේ සිරිපද ලාංඡනයේ වගකීම් භාරය සුමන සමන් දෙවි රජිඳුන්ට පැවරූ සේක.

එදවස පටන් දේශීය විදේශීය බැතිමතුන් සම්බුදු සිරිපා වන්දනය සඳහා ගිරි ශිඛර තරණය කොට සමන්තකූටය කරා පිය නැගූ බව ඓතිහාසික ලේඛන හා දේශාටන සටහන්වලින් සනාථ වෙයි. දියුණු මංමාවත් නොතිබුණ ඈත අතීත යුගයේ සිට ම, බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩුණු සැදැහැති ජනකාය මහ වන-ගහණ මැදින් වැටී ඇති පටු මාවත් ඔස්සේ සිරිපා වන්දනාවේ ගියේ දුරු කතර ගෙවාගෙන පා ගමනිනි. කාණ්ඩ වශයෙන් සැදී ගමන් ගත් ඔවුහු පාළුව හා වෙහෙස මහන්සිය මඟහැර ගැනීම සඳහාත්, තමන් කැටුව ආ පිරිස තුළ පුණ්‍ය චේතනාව වර්ධනය කිරීම සඳහාත් මඟ දිගට වන්දනා කවි ගායනා කළහ. ඈත අතීත යුගයේ සිට ම ගැයූ මේ වන්දනා කවියේ ස්වභාවය වූ කලී එක් අයකු මුල පුරන කවි පදය සෙසු පිරිස විසින් එම තාලයට ම ගායනා කරනු ලැබීමයි.

දඹදෙණිය, කුරුණෑගල හා කෝට්ටේ රාජ්‍ය අවධීන්හි විසූ අපගේ ජනකවි පරපුරේ ශ්‍රේෂ්ඨයන් වශයෙන් සැලකෙන විල්ගම්මුල ස්වාමීන් වහන්සේ, වීදාගම මෛත්‍රිය ස්වාමීන් වහන්සේ හා වෑත්තෑවේ ස්වාමීන් වහන්සේ රචනා කළ කාව්‍ය ග්රන්ථ, ජනතාව තුළ බුද්ධාලම්භන ප්‍රීතිය හා ශ්‍රද්ධා භක්තිය ජනනය කළ උසස් නිර්මාණ වූහ. එම කාව්‍යයන් කියවීමෙන් පිබිදුණ ජන කවීහු සිරිපා වන්දනාව සඳහා ම උචිත ජනකවි සාහිත්‍යයක් නිපදවූහ. පුස්කොළ පොත්වල මුලින්ම ලියා පසු කාලයක මුද්‍රිත පොත් බවට පත් පුරාණ තුන් සරණය, පුරාණ හිමගත වර්ණනාව, ශ්‍රී පාද වන්දනා මාලය, සමනොළ වරුණ හා සමනොළ විස්තරය ආදී කවි පොත් ඉන් ප්‍රධාන ය. පැරණි යුගයේ ප්‍රචලිතව පැවති, තවමත් අපට ආස්වාදනය කිරීමට අවස්ථා නොලද වන්දනා කවි ඇතුළත් පුස්කොළ පොත් රැසක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ පවත්නා බව ඒ පිළිබඳ අධ්‍යයනය කළ විද්වත්හු පෙන්වා දෙති.

සිරිපා වන්දනාවේ ගිය සැදැහැවතුන් ගායනා කළ වන්දනා කවි ඇතුළත් කවි පොත් අතුරෙන් පැරණි ම කාව්‍ය සංග්‍රහය ලෙස සැලකිය හැක්කේ ‘පුරාණ හිමගත වර්ණනාව’ නමැති කවි එකතුව බව එහි භාෂා රීතිය හා යෙදුම් අනුව නිගමනය කළ හැකි ය. එම කවි පොත පුස්කොළ පොතේ තිබුණ අන්දමට පිටපත් කළ බව එය මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කළ ඇන්. පී. අන්ද්‍රයස් අප්පුහාමි පවසයි.

‘පුරාණ හිමගත වර්ණනාව’ කාව්‍යය ආරම්භ වන්නේ පැරණි බෞද්ධ ජනතාවගේ වන්දනීය පිළිවෙත පිළිබඳ අවබෝධයක් ලබා දෙමිනි. පැරැණ්නන් වැඳුම් පිදුම් කළේ තෙරුවනට හා දෙමව්පිය ගුරුවරුන්ට පමණකි. ඔවුහු දෙවියන්ට නොවැන්දාහ. ඒ බව සිහිපත් කරවන හිමගත මග වැනුම කවි පොතේ ආරම්භක කවිය මෙසේ ය.

සවන – දහම් – සඟ රත්නය වැඳලා

සුමන සුරිඳු සහ සැම දෙවි යැදලා

සුගුණ දෙමව්පිය ගුරුවරු වැඳලා

බැතින කියමි හිම ගත මඟ ලකලා

පැරණි බෞද්ධ ජන ජීවිතයේ වැඳුම් පිළිවෙත සැකෙවින් කියන්නක් වැන්න ඒ කවිය. කවියා දොහොත් මුදුන් දී වඳින්නේ බුද්ධ, ධම්ම, සංඝ ත්‍රිවිධ රත්නයටත්, දෙමවුපියන්ටත්, ගුරුවරුන්ටත් ය. හිමයට (සමන්ත කූඨයට) අධිපති සුමන සමන් දෙවියන්ට හා අනෙකුත් සියලු දෙවියන්ට ඔහු නොවඳියි. වර්තමානයේ ඇතැම් නාගරික බෞද්ධයෝ දෙවියන්ට පමණක් නොව සියලු දුසිරිතෙහි ගැලුණ පාලකයන්ට හා ජනප්රධානීන් වෙසින් සිටින අධම මිනිසුන්ට ද වඳිති. ගැමි ජනකාය, තෙරුවන – මවුපිය – ගුරුවරුන් හැර අන් කිසිවකුට කිසිදාක අත්මුදුන් දී වැන්දේ නැත. එකී සිංහල බෞද්ධ උරුමය අපට සිහිපත් කර දෙන මෙම වන්දනා කවි අපගේ දරු පරපුරට හඳුන්වා දිය යුතුව ඇත.

පුරාණ හිමගත වර්ණනාව කාව්‍යයේ එම සමාරම්භක කාව්‍යයට අනතුරුව දැක්වෙන කවි හත පළමු කවිය අරභයා කළ විවරණයක් බඳු ය. උතුම් තෙරුවනේ සරණ මානව අධ්‍යාත්මය හා සිත ගත වෙලා ගන්නා ආකාරය එම සප්ත පද්‍යයන්ගෙන් ධ්වනිත කෙරෙයි.

බුද්ධං සරණේ සිරසට සීමා

ධම්මං සරණේ ළමැදට සීමා

සංඝං සරණේ දෙඋරට සීමා

මේ තුන් සරණේ සැමටම සීමා

සිරස – ළමැද – දෙඋර වූ කලී තෙරුවන මිනිස් සිරුර තුළ වැඩ හිඳින ආශ්‍රමයන් වැන්න. තුන් සරණය සැදැහැවතුන්ගේ ජීවිතයට සම්බන්ධ කරන ජන කවියා ඊට නිසි ගෞරවය දුන් ආකාරය අසිරිමත් ය. එය අන් කිසිදු කාව්‍යයක නොදක්නා විරූ යෙදුමකි.

අනතුරුව සමනොළ කඳු මුදුනේ උතුම් සිරිපා සලකුණ පිහිටුවීමේ කතා පුවත කවි දාහතකින් වර්ණනා කරන කවියා ගෙත්තම්පාන සිට ධර්මරාජගල, තෙලහින්න, සීතගඟුල, හැරමිටිපාන, මල් කඳුර, ඇහැළ කණුව පසු කොට සමන්තකූටය දක්වා මඟ විසිතුරු වර්ණනා කරයි. බුදුරජාණන් වහන්සේ පන්සියයක් රහතන් වහන්සේලා සමඟ කඳුමඟ ගෙවාගෙන සමනොළ ගිරි සිරසට වැඩම කළ ආකාරය එම වැනුම කියවන විට සිතට නැගී යන්නා සේ ය.

උතුම් සිරිපා සටහන පිහිටවූ සෙල් සිරස වසවත් මරුන් නොපිට පෙරළූ කල්හි බුදු රජාණන් වහන්සේ ඒ මත යළිදු සිරිපා පතුළ පිහිටවූ සේක. එපුවත හිමගත වර්ණනාව ලියූ කවියා දැක්වූයේ මෙපරිද්දෙනි.

වසවතු ඇවිදින් මේඝ මවාපි

එ බුදු පතුල් ගල පිට පෙරළාපි

ගුවනේ වැඩ සිට සක්මන් පෑවේ

පෙරළුෑ ගල පිට පතුල තැබූවේ

බුදුරජාණන් වහන්සේගේ සිරිපා පතුලෙහි දක්නා ලැබෙන දෙසිය සොළොස් මඟුල් ලකුණු ‘පුරාණ හිමගත වර්ණනාව’ ලියූ කවියා පද්‍ය විසි දෙකකින් වර්ණනා කොට තිබෙයි. එම වැනුමේ ආරම්භක පද්‍යය

මෙසේ ය.

ස්වස්තික දෙක පිහිටපු සිරි පතුලේ

සිරිවස දෙක පිහිටපු සිරි පතුලේ

නදවට දෙක පිහිටපු සිරි පතුලේ

අපි යමු වඳිනට ඒ සිරි පතුලේ

උතුම් සිරිපා පතුලේ පිහිටා ඇති දෙසිය සොළොස් ලකුණු විස්තරය කවියා අවසන් කර ඇත්තේ පහත දැක්වෙන පරිද්දෙනි.

චක්‍රාවාට දෙක පිහිටපු පතුලේ

ජීවන් ජීව දෙක පිහිටපු පතුලේ

ෂඩ් විධ ලෝ දෙක පිහිටපු පතුලේ

ෂෝඩෂ ලෝ දෙක පිහිටපු පතුලේ

අපි යමු වඳිනට ඒ සිරි පතුලේ

අතීත යුගයේ සිටම සැදැහැති ජනතාව කාණ්ඩ වශයෙන් සෑදී පෙළ ගැසී සිරිපා වන්දනාවේ ගිය අයුරු කවියාගේ වැනුමට හසුවී තිබෙන ආකාරය අසන කියවන

දනන්ගේ කුහුල දැනවීමට සමත් වෙයි. සිරිපා පද්මය පිළිබඳ තොරතුරු ඇසූ ජනතාව වන්දනා ගමනට පේවී ගමන් ඇරඹු සැටිත්, ලොවී ලොව්තුරා (ලෞකික – ලෝකෝත්තර) සැපත අත්කර ගැනීම උදෙසා ඔවුන් තුළ පැවති අභිලාශයත් එම කවිවලින් අනාවරණය වෙයි.

ඇසූ ඇසූ අය පින් ගෙන බල වත්තූ

ගෙන් ගෙට කියවා තෙල් සිඳ ගත්තූ

යන්නට සමනොළ මඟ බැස ගත්තූ

ගොසින් මුනිඳු සිරිපා වැඳ ගත්තූ

නොයෙක් ප්‍රදේශවලින් පැමිණ ඒකරාශී වී සිරිපා ගිරි කරුණා කරන සැදැහැවත් ජනකායගේ සාමූහිකත්වය, මානව බන්ධූත්වය හිමගත වරුණ කාව්‍යයේ දක්වා ඇති අයුරු එය කියවන ජනයා ද වන්දනා ගමනට හවුල් කරවා ගැනීමට සමත් වෙයි.

සමනොළ කන්දේ දුෂ්කර ම දුර්ගය මහගිරි දඹය යි. ඍජුව ඇති නැග්ම සහ දැඩි සුළඟ, එම ස්ථානය තරණයට ඇති මහත් ම බාධාවයි. වන්දනා නඩය

මෙහෙයවන වැඩිහිටි උපාසක තැන එහි දී අවශ්‍ය උපදෙස් සපයයි.

මහගිරි දඹයයි ඉහළ පෙනෙන්නේ

දම්වැල අල්ලා සෙමින් නගින්නේ

හුළන් කපොල්ලෙන් ගැලවී යන්නේ

සමන් දෙවිඳුගේ පිහිට ලැබෙන්නේ

වටපිට නොබලා පාර බලන්නේ

අඩියෙන් අඩියට සාදු කියන්නේ

එකී සියලු ස්ථාන පසු කොට ගොස් ශ්‍රී පාද පත්මය වෙත ළං වීම මාර යුදෙන් ජය ගැනීමක් වැනි යයි ජන කවියා කියයි.

බුදුරජාණන් වහන්සේ ද සමනොළ කඳු මුදුනට වැඩම කළේ මාරයා පරාජය කරමිනි. සිරිලක් දිවයින හා එහි වැසි ජනයා මාරපාශයෙන් ගැලවුණේ සම්බුදු රජුන්ගේ සිරි ලංකාගමනයන් නිසාවෙනි. මේ පරම සත්‍යය පසක් කොටගත් ජන කවියා, තෙරුවන ලක්දිව තිරසර ලෙස මුල් බැසගත් බව මෙනෙහි කරමින්, සිරිපා වන්දනා කරන ලෙස සියල්ලන්ට ඇරයුම් කරන්නේ වෙනම විරිතකින් බැඳි පද්‍ය විසි දෙකකිනි.

බුද්ධ රත්නය දෑග සව්වන් අනඳ මහ තෙරිඳුන් බලේ

දම්ම රත්නය මුනිඳු වදහළ සතුන් ගොඩලන මොක්ඵලේ

සංඝ රත්නය උපාසකවරු දන් දිදී ලොව වැඩ කළේ

මෙතුන් රත්නය තබා සිරසේ වඳින් සිරිපා සමනලේ

සිරිපා පත්මය වන්දනා කිරීමේ පින් මහිමයෙන් යහපත් කුලයක ඉපිද දුක් කරදර රෝග පීඩා නොමැතිව කල් ගෙවා නිවන් දකින්නට කවියා ඉත සිතින් පතයි. තම පරපුර ද රූප ශෝභාවෙන් වැඩී තුන්ලොව එළිය වන සේ බුදු ගුණ රන්පොත ලියන්නට වාසනාව උදා වේවා! යි පතමින් පුරාණ හිමගත වර්ණනාව කවි පොත අවසන් කරයි.

සත් බඹයක් මගෙ වරලස මොනර පිලසෙ වර්ණ

වෙන්ඩසත් ගව්වක් මගෙ කටහඬ කිඳුරු නාදෙ මෙන් ඇසෙන්ඩ

පුත් පරපුරු මගේ රුවෙන් තුන් ලොවට ම එළිය වෙන්ඩ

රන් පන්හිඳ ගෙන සුරතින් බුදු ගුණ රන්පොත ලියන්ඩ

සටහන – දයාපාල ජයනෙත්ති.

https://mahamegha.lk/2024/04/28/himagatha-warnanawa-2/

[QUOTE="vinuga, post: 31426750, member: 520332"] [B]මහ මුහුදින් වට වූ දිවයිනක් මධ්‍යයේ පිහිටි කඳු වළලු ගිරි ශිඛර පිරිවරා මහා ස්ථූපයක් ලෙසින් අහසට විහිදෙන ගිරි හිසක් මත බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනක් පිහිටුවා ඇති එක ම දීපය වන්නේ සිරිලක් දිවයිනයි. වසර පන්දහසක් කල් බැබළී පවත්නා සම්බුදු දහම තිරසර ලෙස බොදු දනන් තුඩ තුඩ රැව් දෙමින් පවත්නා දේශය ලෙස සම්බුදු නැණින් පසක් කොට වදාළ බුදුරජාණන් වහන්සේ එහි රැකවරණය සක් දෙවිඳුන්ට පවරා සමනොළ ගිරි හිස මත පිහිටවූ තමන් වහන්සේගේ සිරිපද ලාංඡනයේ වගකීම් භාරය සුමන සමන් දෙවි රජිඳුන්ට පැවරූ සේක.[/B] එදවස පටන් දේශීය විදේශීය බැතිමතුන් සම්බුදු සිරිපා වන්දනය සඳහා ගිරි ශිඛර තරණය කොට සමන්තකූටය කරා පිය නැගූ බව ඓතිහාසික ලේඛන හා දේශාටන සටහන්වලින් සනාථ වෙයි. දියුණු මංමාවත් නොතිබුණ ඈත අතීත යුගයේ සිට ම, බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩුණු සැදැහැති ජනකාය මහ වන-ගහණ මැදින් වැටී ඇති පටු මාවත් ඔස්සේ සිරිපා වන්දනාවේ ගියේ දුරු කතර ගෙවාගෙන පා ගමනිනි. කාණ්ඩ වශයෙන් සැදී ගමන් ගත් ඔවුහු පාළුව හා වෙහෙස මහන්සිය මඟහැර ගැනීම සඳහාත්, තමන් කැටුව ආ පිරිස තුළ පුණ්‍ය චේතනාව වර්ධනය කිරීම සඳහාත් මඟ දිගට වන්දනා කවි ගායනා කළහ. ඈත අතීත යුගයේ සිට ම ගැයූ මේ වන්දනා කවියේ ස්වභාවය වූ කලී එක් අයකු මුල පුරන කවි පදය සෙසු පිරිස විසින් එම තාලයට ම ගායනා කරනු ලැබීමයි. දඹදෙණිය, කුරුණෑගල හා කෝට්ටේ රාජ්‍ය අවධීන්හි විසූ අපගේ ජනකවි පරපුරේ ශ්‍රේෂ්ඨයන් වශයෙන් සැලකෙන විල්ගම්මුල ස්වාමීන් වහන්සේ, වීදාගම මෛත්‍රිය ස්වාමීන් වහන්සේ හා වෑත්තෑවේ ස්වාමීන් වහන්සේ රචනා කළ කාව්‍ය ග්රන්ථ, ජනතාව තුළ බුද්ධාලම්භන ප්‍රීතිය හා ශ්‍රද්ධා භක්තිය ජනනය කළ උසස් නිර්මාණ වූහ. එම කාව්‍යයන් කියවීමෙන් පිබිදුණ ජන කවීහු සිරිපා වන්දනාව සඳහා ම උචිත ජනකවි සාහිත්‍යයක් නිපදවූහ. පුස්කොළ පොත්වල මුලින්ම ලියා පසු කාලයක මුද්‍රිත පොත් බවට පත් පුරාණ තුන් සරණය, පුරාණ හිමගත වර්ණනාව, ශ්‍රී පාද වන්දනා මාලය, සමනොළ වරුණ හා සමනොළ විස්තරය ආදී කවි පොත් ඉන් ප්‍රධාන ය. පැරණි යුගයේ ප්‍රචලිතව පැවති, තවමත් අපට ආස්වාදනය කිරීමට අවස්ථා නොලද වන්දනා කවි ඇතුළත් පුස්කොළ පොත් රැසක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ පවත්නා බව ඒ පිළිබඳ අධ්‍යයනය කළ විද්වත්හු පෙන්වා දෙති. සිරිපා වන්දනාවේ ගිය සැදැහැවතුන් ගායනා කළ වන්දනා කවි ඇතුළත් කවි පොත් අතුරෙන් පැරණි ම කාව්‍ය සංග්‍රහය ලෙස සැලකිය හැක්කේ ‘පුරාණ හිමගත වර්ණනාව’ නමැති කවි එකතුව බව එහි භාෂා රීතිය හා යෙදුම් අනුව නිගමනය කළ හැකි ය. එම කවි පොත පුස්කොළ පොතේ තිබුණ අන්දමට පිටපත් කළ බව එය මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කළ ඇන්. පී. අන්ද්‍රයස් අප්පුහාමි පවසයි. ‘පුරාණ හිමගත වර්ණනාව’ කාව්‍යය ආරම්භ වන්නේ පැරණි බෞද්ධ ජනතාවගේ වන්දනීය පිළිවෙත පිළිබඳ අවබෝධයක් ලබා දෙමිනි. පැරැණ්නන් වැඳුම් පිදුම් කළේ තෙරුවනට හා දෙමව්පිය ගුරුවරුන්ට පමණකි. ඔවුහු දෙවියන්ට නොවැන්දාහ. ඒ බව සිහිපත් කරවන හිමගත මග වැනුම කවි පොතේ ආරම්භක කවිය මෙසේ ය. [B]සවන – දහම් – සඟ රත්නය වැඳලා සුමන සුරිඳු සහ සැම දෙවි යැදලා සුගුණ දෙමව්පිය ගුරුවරු වැඳලා බැතින කියමි හිම ගත මඟ ලකලා[/B] පැරණි බෞද්ධ ජන ජීවිතයේ වැඳුම් පිළිවෙත සැකෙවින් කියන්නක් වැන්න ඒ කවිය. කවියා දොහොත් මුදුන් දී වඳින්නේ බුද්ධ, ධම්ම, සංඝ ත්‍රිවිධ රත්නයටත්, දෙමවුපියන්ටත්, ගුරුවරුන්ටත් ය. හිමයට (සමන්ත කූඨයට) අධිපති සුමන සමන් දෙවියන්ට හා අනෙකුත් සියලු දෙවියන්ට ඔහු නොවඳියි. වර්තමානයේ ඇතැම් නාගරික බෞද්ධයෝ දෙවියන්ට පමණක් නොව සියලු දුසිරිතෙහි ගැලුණ පාලකයන්ට හා ජනප්රධානීන් වෙසින් සිටින අධම මිනිසුන්ට ද වඳිති. ගැමි ජනකාය, තෙරුවන – මවුපිය – ගුරුවරුන් හැර අන් කිසිවකුට කිසිදාක අත්මුදුන් දී වැන්දේ නැත. එකී සිංහල බෞද්ධ උරුමය අපට සිහිපත් කර දෙන මෙම වන්දනා කවි අපගේ දරු පරපුරට හඳුන්වා දිය යුතුව ඇත. පුරාණ හිමගත වර්ණනාව කාව්‍යයේ එම සමාරම්භක කාව්‍යයට අනතුරුව දැක්වෙන කවි හත පළමු කවිය අරභයා කළ විවරණයක් බඳු ය. උතුම් තෙරුවනේ සරණ මානව අධ්‍යාත්මය හා සිත ගත වෙලා ගන්නා ආකාරය එම සප්ත පද්‍යයන්ගෙන් ධ්වනිත කෙරෙයි. [B]බුද්ධං සරණේ සිරසට සීමා ධම්මං සරණේ ළමැදට සීමා සංඝං සරණේ දෙඋරට සීමා මේ තුන් සරණේ සැමටම සීමා[/B] සිරස – ළමැද – දෙඋර වූ කලී තෙරුවන මිනිස් සිරුර තුළ වැඩ හිඳින ආශ්‍රමයන් වැන්න. තුන් සරණය සැදැහැවතුන්ගේ ජීවිතයට සම්බන්ධ කරන ජන කවියා ඊට නිසි ගෞරවය දුන් ආකාරය අසිරිමත් ය. එය අන් කිසිදු කාව්‍යයක නොදක්නා විරූ යෙදුමකි. අනතුරුව සමනොළ කඳු මුදුනේ උතුම් සිරිපා සලකුණ පිහිටුවීමේ කතා පුවත කවි දාහතකින් වර්ණනා කරන කවියා ගෙත්තම්පාන සිට ධර්මරාජගල, තෙලහින්න, සීතගඟුල, හැරමිටිපාන, මල් කඳුර, ඇහැළ කණුව පසු කොට සමන්තකූටය දක්වා මඟ විසිතුරු වර්ණනා කරයි. බුදුරජාණන් වහන්සේ පන්සියයක් රහතන් වහන්සේලා සමඟ කඳුමඟ ගෙවාගෙන සමනොළ ගිරි සිරසට වැඩම කළ ආකාරය එම වැනුම කියවන විට සිතට නැගී යන්නා සේ ය. උතුම් සිරිපා සටහන පිහිටවූ සෙල් සිරස වසවත් මරුන් නොපිට පෙරළූ කල්හි බුදු රජාණන් වහන්සේ ඒ මත යළිදු සිරිපා පතුළ පිහිටවූ සේක. එපුවත හිමගත වර්ණනාව ලියූ කවියා දැක්වූයේ මෙපරිද්දෙනි. [B]වසවතු ඇවිදින් මේඝ මවාපි එ බුදු පතුල් ගල පිට පෙරළාපි ගුවනේ වැඩ සිට සක්මන් පෑවේ පෙරළුෑ ගල පිට පතුල තැබූවේ[/B] බුදුරජාණන් වහන්සේගේ සිරිපා පතුලෙහි දක්නා ලැබෙන දෙසිය සොළොස් මඟුල් ලකුණු ‘පුරාණ හිමගත වර්ණනාව’ ලියූ කවියා පද්‍ය විසි දෙකකින් වර්ණනා කොට තිබෙයි. එම වැනුමේ ආරම්භක පද්‍යය මෙසේ ය. [B]ස්වස්තික දෙක පිහිටපු සිරි පතුලේ සිරිවස දෙක පිහිටපු සිරි පතුලේ නදවට දෙක පිහිටපු සිරි පතුලේ අපි යමු වඳිනට ඒ සිරි පතුලේ[/B] උතුම් සිරිපා පතුලේ පිහිටා ඇති දෙසිය සොළොස් ලකුණු විස්තරය කවියා අවසන් කර ඇත්තේ පහත දැක්වෙන පරිද්දෙනි. [B]චක්‍රාවාට දෙක පිහිටපු පතුලේ ජීවන් ජීව දෙක පිහිටපු පතුලේ ෂඩ් විධ ලෝ දෙක පිහිටපු පතුලේ ෂෝඩෂ ලෝ දෙක පිහිටපු පතුලේ අපි යමු වඳිනට ඒ සිරි පතුලේ[/B] අතීත යුගයේ සිටම සැදැහැති ජනතාව කාණ්ඩ වශයෙන් සෑදී පෙළ ගැසී සිරිපා වන්දනාවේ ගිය අයුරු කවියාගේ වැනුමට හසුවී තිබෙන ආකාරය අසන කියවන දනන්ගේ කුහුල දැනවීමට සමත් වෙයි. සිරිපා පද්මය පිළිබඳ තොරතුරු ඇසූ ජනතාව වන්දනා ගමනට පේවී ගමන් ඇරඹු සැටිත්, ලොවී ලොව්තුරා (ලෞකික – ලෝකෝත්තර) සැපත අත්කර ගැනීම උදෙසා ඔවුන් තුළ පැවති අභිලාශයත් එම කවිවලින් අනාවරණය වෙයි. [B]ඇසූ ඇසූ අය පින් ගෙන බල වත්තූ ගෙන් ගෙට කියවා තෙල් සිඳ ගත්තූ යන්නට සමනොළ මඟ බැස ගත්තූ ගොසින් මුනිඳු සිරිපා වැඳ ගත්තූ[/B] නොයෙක් ප්‍රදේශවලින් පැමිණ ඒකරාශී වී සිරිපා ගිරි කරුණා කරන සැදැහැවත් ජනකායගේ සාමූහිකත්වය, මානව බන්ධූත්වය හිමගත වරුණ කාව්‍යයේ දක්වා ඇති අයුරු එය කියවන ජනයා ද වන්දනා ගමනට හවුල් කරවා ගැනීමට සමත් වෙයි. සමනොළ කන්දේ දුෂ්කර ම දුර්ගය මහගිරි දඹය යි. ඍජුව ඇති නැග්ම සහ දැඩි සුළඟ, එම ස්ථානය තරණයට ඇති මහත් ම බාධාවයි. වන්දනා නඩය මෙහෙයවන වැඩිහිටි උපාසක තැන එහි දී අවශ්‍ය උපදෙස් සපයයි. [B]මහගිරි දඹයයි ඉහළ පෙනෙන්නේ දම්වැල අල්ලා සෙමින් නගින්නේ හුළන් කපොල්ලෙන් ගැලවී යන්නේ සමන් දෙවිඳුගේ පිහිට ලැබෙන්නේ වටපිට නොබලා පාර බලන්නේ අඩියෙන් අඩියට සාදු කියන්නේ[/B] එකී සියලු ස්ථාන පසු කොට ගොස් ශ්‍රී පාද පත්මය වෙත ළං වීම මාර යුදෙන් ජය ගැනීමක් වැනි යයි ජන කවියා කියයි. බුදුරජාණන් වහන්සේ ද සමනොළ කඳු මුදුනට වැඩම කළේ මාරයා පරාජය කරමිනි. සිරිලක් දිවයින හා එහි වැසි ජනයා මාරපාශයෙන් ගැලවුණේ සම්බුදු රජුන්ගේ සිරි ලංකාගමනයන් නිසාවෙනි. මේ පරම සත්‍යය පසක් කොටගත් ජන කවියා, තෙරුවන ලක්දිව තිරසර ලෙස මුල් බැසගත් බව මෙනෙහි කරමින්, සිරිපා වන්දනා කරන ලෙස සියල්ලන්ට ඇරයුම් කරන්නේ වෙනම විරිතකින් බැඳි පද්‍ය විසි දෙකකිනි. [B]බුද්ධ රත්නය දෑග සව්වන් අනඳ මහ තෙරිඳුන් බලේ දම්ම රත්නය මුනිඳු වදහළ සතුන් ගොඩලන මොක්ඵලේ සංඝ රත්නය උපාසකවරු දන් දිදී ලොව වැඩ කළේ මෙතුන් රත්නය තබා සිරසේ වඳින් සිරිපා සමනලේ[/B] සිරිපා පත්මය වන්දනා කිරීමේ පින් මහිමයෙන් යහපත් කුලයක ඉපිද දුක් කරදර රෝග පීඩා නොමැතිව කල් ගෙවා නිවන් දකින්නට කවියා ඉත සිතින් පතයි. තම පරපුර ද රූප ශෝභාවෙන් වැඩී තුන්ලොව එළිය වන සේ බුදු ගුණ රන්පොත ලියන්නට වාසනාව උදා වේවා! යි පතමින් පුරාණ හිමගත වර්ණනාව කවි පොත අවසන් කරයි. [B]සත් බඹයක් මගෙ වරලස මොනර පිලසෙ වර්ණ වෙන්ඩසත් ගව්වක් මගෙ කටහඬ කිඳුරු නාදෙ මෙන් ඇසෙන්ඩ පුත් පරපුරු මගේ රුවෙන් තුන් ලොවට ම එළිය වෙන්ඩ රන් පන්හිඳ ගෙන සුරතින් බුදු ගුණ රන්පොත ලියන්ඩ සටහන – දයාපාල ජයනෙත්ති. [URL]https://mahamegha.lk/2024/04/28/himagatha-warnanawa-2/[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom