Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුරාණ_නාවික_හමුදාව_අපේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරාණ_නාවික_හමුදාව_අපේ

පුරාණයේ අපේ නාවික හමුදාව

බ්රිරාතනයේ රෝම, ග්‍රීක, පර්සියන්, ෆිනිෂියන්, චීන, ඉන්දියන්, අරාබි, පෘතුගීසි, බි්රතාන්ය වැනි පෙර අපරදෙදිග ජාතින් සතුව ශක්තිමත් නාවික හමුදා පැවති බවට සාධක ඇත. එසේම ග්‍රීක්වරුන් සහ පර්සියන්වරුන් අතර පැනනැගුණු සැලමිස් සටන, නැපෝලියන් (ප්‍රංශ* සහ නෙල්සන් (බි්රතාන්ය* අතර පැන නැගුණු ‘ට‍්‍ර‍්‍රැෆල්ගාර්’ නාවික සටන, රෝමන්වරුන් සහ ෆිනීෂියන්වරුන් අතර ඇතිවුණු ‘පියුනික්’ යුද්ධය වැනි අතිශය රණකාමී නාවික යුද්ධ ලෝක සංග්රාම ඉතිහාසයේ ලියැවී ඇත. එහෙත් පැරණි සිංහලයන් සතුවද නාවික හමුදාවක් පැවති බව දන්නෝ අල්පය.

අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා කාලපරිච්ෙඡ්දය තුළ පුරාතන ඉන්දියන් සාගරයේ වරින් වර ඇති වුණු දේශපාලන හැලහැප්පිලිවලට ගැළපෙන පරිදි නිර්මාණය වුණු ශක්තිමත් සිංහල නාවික හමුදාවක් පැවති බවට සාධක ඇත. එකී සාධක ලැබෙන්නේ මහාවංශය, සම්මෝහවිනෝදනිය, නිකාය සංග්‍රහය, පැරකුම්බා සිරිත, රාජාවලිය, ක්වේරෝස්ගේ වාර්තා, බැලදියස්ගේ වාර්තා වැනි ප්‍රාථමික මූලාශ්‍රවලින් මෙන්ම විල්හෙලම් ගයිගර්, ඉන්ද්‍රකීර්ති සිරිවීර, සනත් සිල්වා, ටී.ජී. කුලතුංග වැනි නූතන විද්වතුන්ගේ පර්යේෂණ මගිනි. පොදුවේ පුරාතන ලංකාවේ පමණක් නොව ලෝකයේ නාවික හමුදාවකින් ඉටු කෙරුණු කාර්යයභාරයන් මෙලෙස ඉදිරිපත් කළ හැකිය.

1. සතුරු නාවික යාත්‍රා සමග මුහුදේදී මුහුණට මුහුණලා සටන් කිරීම.

2. මුහුදු කොල්ලකරුවන් පලවා හරිමින් වෙළෙඳ නැව් ආරක්ෂා කිරීම.

3. මිත්‍ර පාර්ශ්වීය රාජධානිවල ආරක්ෂාවට ආධාරක සේනා යැවීමට.

4. දීර්ඝ කාලීන යුද්ධයකට අත්‍යවශ්‍ය වන අතිරේක සේනා, ආහාරපාන, වෛද්‍ය පහසුකම්, අවි ආයුධ ප්‍රවාහනය කිරීමට.

5. සාධාරණ හේතු මත විදේශ රාජ්‍යයන් ආක්‍රමණය කිරීමට.

පුරාතන ලංකාවේ ප්‍රථම වරට නාවික හමුදාවක් බිහි කිරීමේ ගෞරවය හිමිවන්නේ කි‍්‍ර.ව. 5 සියවසේ රජ කළ මුගලන් රජතුමාටය. හෙතෙම නාවික හමුදාවක් තනා ලංකාව අවට මුහුදු කලාපය ආරක්ෂා කළේය. ක්‍රි.ව. 6 පාලනයට පත් අබහරණ සලමේවන් හෙවත් සිලාකාල රජතුමාද ස්වකීය පුත්‍රයාට මලයරාජ තනතුරු දී ලංකාව අවට සමුද්රාරක්ෂාවට පත් කළේය. ක්‍රි.ව. 8 සියවසේ දෙවන සේන රජතුමා, කුට්ඨක නම් සිංහල සෙනවියකුගේ නායකත්වය යටතේ නාවික යාත්‍රාවල නැගී සේනාවක් පාණ්ඩ්‍ය දේශයට යවා ඇත. ඒ පෙර ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ ශ්‍රී මාර ශ්‍රී වල්ලභ නම් රණකාමී පාලකයෙකුට එරෙහිවය. පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කළ මෙම සිංහල සේනාව ශ්‍රී මාර ශ්‍රී වල්ලභ පරාජයකර විශාල ධනයක් මෙරටට ගෙන ආවේය. ක්‍රි.ව. 10 සියවසේ පස්වන කාශ්‍යප රජුද චෝල දේශයට එරෙහිව පාණ්ඩ්‍ය රජුට ආධාර පිණිස සක්ක නම් සෙනවියෙකුගේ මූලිකත්වය යටතේ සේනාවක් පාණ්ඩ්‍ය දේශයට යවා ඇත.

ක්‍රි.ව. 11 සියවසේ රජකළ පළමුවන විජයබාහු රජු චෝල දේශය ආක්‍රමණය කිරීම සඳහා නාවික සේනාවක් යැවීමට උත්සාහ කළද එය අසාර්ථක විය. පළමුවන විජයබාහු (කි‍්‍ර.ව. 1055 – 1110* කල ලංකාව හා බුරුමය අතර දේශපාලන, සංස්කෘතික හා ආර්ථික සබ`දතා අලූත් වූ අවධියක් විය. නමුත් පැරකුම්බා රජු කල බුරුමයේ රජ පැමිණි ‘අලවංසිතු’ නම් රජු කිසියම් හේතුවක් නිසා බුරුම වෙරළට එන සිංහල වෙළෙ`දුන්ට නොයෙකුත් අඩත්තෙට්ටම් කළේය. හෙතෙම සිංහල වෙළෙඳුන්ගේ ධනය රාජසන්තක කළේය. ඉන් නොනැවතුන රජු කාම්බෝජය බලා ගිය සිංහල කුමාරිකාවක ඇතුළු පිරිසක් සිරගත කළේය. කෝපයට පත් පැරකුම්බා රජු බුරුමය යටත් කර ගැනීමට පිඹුරුපත් සැකසීය. ඒ අනුව නැගෙනහිර වෙරළේ කුච්චවෙලිය නම් වරායේ අවශ්‍ය නැව් තනවා ඒවායේ ආක්‍රමණවලදී අත්‍යවශ්‍ය අවි ආයුධ, ඖෂධ හා සහල් ගබඩා කළේය. අනතුරුව පුහුණු නාවික හමුදාවක් තනවා බුරුම ආක්‍රමණය මෙහෙයවීම කිත්ති නුවරගිරි හා දමිලාධිකාර ආදිත්‍ය යන සෙනෙවියන්ට භාර කළේය. නාවික සේනාව බුරුමය බලා යාත්‍රා කළ අතර අතර මගදී පිරිස ‘කාක දිවයින්’ නම් ¥පත් පෙළක් (අන්දමන් හා නිකොබර් දුපත් විය හැක.* අල්ලා ගත්හ.

මාසයක ගමනින් පසුව නුවරගිරි සෙනවි ප්රමුඛ සිංහල සේනා බුරුමයේ කුසුම් තොටට ගොඩ බැස්සහ. භූමියට ගොඩබට සිංහල සේනාව බුරුම අගනුවර වූ කුසුම් නුවරට කඩා වැද නගරය කොල්ලකා අලවංසිතු රජු මරා දැමීය. මේ අතර ආදිත්‍ය සෙනෙවිද සිය සේනාව කැටුව ‘පප්ථාල’ නම් තොටින් බැස ‘උක්කම්‘ නගරය අල්ලා ගත් බව චූලවංශය විස්තර කරයි. පසුව බුරුම ථේරවාදී හිමිවරුන්ගේ ඉල්ලීම මත සිංහල සේනාව ආපසු මෙරටට පැමිණියේය. කෙසේ නමුත් සිංහලයන්ගේ මෙකී බුරුම ආක්‍රමණය බුරුම මූලාශ්‍ර වල නැත. නමුත් චූලවංශයේ මෙය සවිස්තරව දක්වා ඇත. බුරුම ජයග්‍රහණය වෙනුවෙන් පැරකුම්බා රජු විසින් කිත්ති නුවරගිරි සෙනෙවියාට ප්රදානය කළ ගම්වර පිළිබ`දව ස`දහන් කෑගල්ල දෙවනගල ශිලා ලිපියෙන්ද මේ ආක්‍රමණය සනාථ වේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ මහාචාර්ය ඇල්. බෂාම් ද පැරකුම්බා රජුගේ බුරුම ආක්‍රමණය පිළිගනිතිx

මීට අමතරව පරාක්‍රමබාහු රජු චෝලයන්ට විරුද්ධව පාණ්ඩ්‍ය දේශය ආරක්ෂා කිරීම සඳහා ලංකපුර, ජගත් විජය යන සෙන්පතිවරුන් යටතේ නාවික හමුදාවක් යවා ඇත.

නිකාය සංග්‍රහය මෙම සේනාව හඳුන්වා දී ඇත්තේ නැවැති සෙනඟ නමිනි. මහා පරාක්‍රමබාහු රජතුමාගේ බුරුම, චෝල, පාණ්ඩ්‍ය දේශවල සිදුකළ දිග්විජයයන්ගෙන් පසුව ශ්‍රී ලාංකිකයන් සිදුකළ විදේශ නාවික ආක්‍රමණයක හෝඩුවාවක් ලැබෙන්නේ කීර්ති ශ්‍රි නිශ්ශංක මල්්ල රජු (ක්‍රි.ව. 1187 -1196* දවසය. ඔහුගේ ගල්පොත ශිලාලිපියට අනුව ඔහු පාණ්ඩ්‍ය, චෝල, කේරළ රාජ්‍යයන් යටත් කර ගත් බවත්, රාමේෂ්වරම් දේවාල භූමියේ නාට්‍ය බලමින් හා ගී රස විඳිමින් මාස තුනක් සතුරන්ට අභියෝග කරමින් සිටි බවට වර්ණනයක් කර ඇත. කලක් යන තුරු මේ නිශ්ශංක මල්ලයන්ගේ දකුණු ඉන්දීය ආක්‍රමණය අතිශයෝක්තියක් ලෙස සැලකිණි. නමුත් ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කි‍්‍ර.ව. 1936-1945 වර්ෂවල රාමේෂ්වරමේ සිදුකළ කැණීම්වලදී නිශ්ශංකමල්ල රජු පිහිටවූ ශිලාලිපියක් හමු වී ඇත.

නිශ්ශංකේශ්වර නම් දේවාලයක් කරවා එයට ගම් බිම් ප්රදානය කළ වග එහි ස`දහන්ව ඇත. චෝල, පාණ්ඩ්‍ය දේශ ආක්‍රමණය කළ වග ස`දහන්ව නැතත් අඩුම තරමේ මේ සිංහල රජු ස්වකීය නාවික සේනා හරහා රාමේෂ්වරම අවට වෙරළබඩ කලාපය තමා යටතේ තබා ගත් බව නිගමනය කළ හැක.

සිංහල රජකු සිදුකළ තවත් නාවික වික්රමයක තොරතුරක් ලැබෙන්නේ නිශ්ශංකමල්ල රජුගේ රාමේෂ්වරම් ආක්‍රමණයෙන් අවුරුදු 269 පසුවය. ඒ කි‍්‍ර.ව. 15 සියවසේ සිංහලය අවසාන වරට එක්සේසත් කළ හයවැනි පරාක්‍රමබාහු රජු කලය. මේ රජු කල පුත්තලම ප්‍රදේශයේ අනවසරෙන් මුතු කිමිදුණු විජයනගර අධිරාජ්‍යයේ ප්‍රාදේශීය පාලකයෙකුවූ මලවවරා යර් නැමැත්තෙකු සිට ඇති අතර ප්‍රථමයෙන් සවු`ඵ පැරකුම්බා රජු සිය සේනාව යවා ඔහු ආපසු ඉන්දීයාවට පලවාහැර ඇත.

එහෙත් ඉන් පාඩම් ඉගෙන නොගත් මලවවරායර් සිය බල ප්‍රදේශය වූ මකුඩන්කොට්ටේ රාජ්‍යය ආසන්නයේ ගැවසෙන සිංහල වෙළෙ`ද නැව් කොල්ල කන්නට විය. මල්ලවරායර්ගේ උවදුර නැති කිරීමට සිතූ පැරකුම්බාවන් සිංහල නාවික සේනාවක් මකුඩන්කොට්ටයට යවා මලවවරායර් හා ඔහුගේ සේනාව පරාජය කර අදවිරාම පටුන ප්‍රදේශය අල්ලාගෙන වාර්ෂිකව කප්පම් අය කළ බව මෙම නාවික ආක්‍රමණය ගැන ස`දහන් කරන ගිරා සංදේශය හා පැරකුම්බා සිරිත වර්ණනා කරයි.

එහෙත් මේ බවක් චූල වංශයේ හෝ රාජාවලියේ හෝ විජයනගර වාර්තාවල ස`දහන්ව නැත. නමුත් හයවන පරාක්‍රමබාහු රජතුමාගේ මකුඩන්කොට්ටේ රාජ්‍ය ආක්‍රමණය සිංහල පාලකයෙකු සිදුකළ අවසාන විදේශ ආක්‍රමණය වේ. මහනුවර යුගයේදී සෙනරත් රජතුමා පෘතුගීසීන් එලවා දැමීම සඳහා බොස්කොවර් හෙවත් මීගමුව කුමාරයා නම් ඕලන්ද ජාතික සෙනවියෙකු යටතේ සිංහල නාවික හමුදාවක් ගොඩනගා ගෙන ඇත. එහි නිල බල මෙසේය.

කැන්ඩි යුද යාත්‍රාව – කපිතාන් සුන්දරප්පු, ගාල්න්චි යුද යාත්‍රාව – කපිතාන් කෙස්ටිනා, මීගමුව යුද යාත්‍රාව – කපිතාන් ඩිංගප්පු, ගොටුන් යුද යාත්‍රාව – කපිතාන් මර්ඩියා, ගෙලූක් යුද යාත්‍රාව – කපිතාන් මාරසිංහ, ටොරෝවේ යුද යාත්‍රාව – කපිතාන් සුන්දරප්පු.

මෙම සිංහල නාවික සේනාව මීගමුව, මන්නාරම, කුමාරි තුඩුව යන ප්‍රදේශ වල මෙහෙයුම් සිදුකොට පෘතුගීසි යුද්ධ යාත්‍රා සහ ප්‍රවාහන යාත්‍රා විශාල සංඛ්‍යවක් විනාශ කළ බව බැල්දියස් වාර්තා කරයි.

මෙම කරුණු සමාලෝචනය කොට බැලීමෙන් පෙනී යන්නේ අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා කාලපරිච්ෙඡ්දය තුළ සිංහලයන් සතුව බලසම්පන්න නාවික හමුදාවක් පැවති බවයි.

මෙපරිද්දෙන් වරින් වර ලංකාව තුළ නාවික හමුදා සහ සටන් පිළිබඳව වාර්තා පැවතියද, නෞකාවක ස්වරූපය පිළිබඳව තොරතුරු ලැබෙන්නේ මඳ වශයෙනි.

එහෙත් ලී චායෝ, කොස්මස්, ෆාහියන් හිමි යනාදින්ගේ වාර්තාවලට අනුව ලංකාවේ නැව් තට්ටු තුනකින් සමන්විත වූ අතර මිනිසුන් 700 ක් පමණ ප්‍රවාහනය කළ හැක. එසේම හදිසි අවශ්‍යතාවන්හි ප්‍රයෝජනය සඳහා නැවට කුඩා ඔරු සවිකර තිබිණි. නැව කුඹ ගසකින් සහ සුක්කානමකින් සමන්විත වූ අතර ගබඩා, කුඩා රෝහල්, රැුස්වීම් ශාලා වැනි විශේෂිත අංගෝපාංගවලින් නෞකා පරිපූර්ණ විය.

හොඳනම් rep+++ දාගෙනම යන්න

[QUOTE="hi.dushan, post: 21836573, member: 219284"] [b]පුරාණ_නාවික_හමුදාව_අපේ[/b] [SIZE="7"][COLOR="Red"][B][U]පුරාණයේ අපේ නාවික හමුදාව[/U] [/B][/COLOR][/SIZE] [IMG]https://s-media-cache-ak0.pinimg.com/originals/a3/6b/e8/a36be8655bf4c2b6f220fa5926ff5244.jpg[/IMG] [SIZE="4"] බ්රිරාතනයේ රෝම, ග්‍රීක, පර්සියන්, ෆිනිෂියන්, චීන, ඉන්දියන්, අරාබි, පෘතුගීසි, බි්රතාන්ය වැනි පෙර අපරදෙදිග ජාතින් සතුව ශක්තිමත් නාවික හමුදා පැවති බවට සාධක ඇත. එසේම ග්‍රීක්වරුන් සහ පර්සියන්වරුන් අතර පැනනැගුණු සැලමිස් සටන, නැපෝලියන් (ප්‍රංශ* සහ නෙල්සන් (බි්රතාන්ය* අතර පැන නැගුණු ‘ට‍්‍ර‍්‍රැෆල්ගාර්’ නාවික සටන, රෝමන්වරුන් සහ ෆිනීෂියන්වරුන් අතර ඇතිවුණු ‘පියුනික්’ යුද්ධය වැනි අතිශය රණකාමී නාවික යුද්ධ ලෝක සංග්රාම ඉතිහාසයේ ලියැවී ඇත. එහෙත් පැරණි සිංහලයන් සතුවද නාවික හමුදාවක් පැවති බව දන්නෝ අල්පය. අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා කාලපරිච්ෙඡ්දය තුළ පුරාතන ඉන්දියන් සාගරයේ වරින් වර ඇති වුණු දේශපාලන හැලහැප්පිලිවලට ගැළපෙන පරිදි නිර්මාණය වුණු ශක්තිමත් සිංහල නාවික හමුදාවක් පැවති බවට සාධක ඇත. එකී සාධක ලැබෙන්නේ මහාවංශය, සම්මෝහවිනෝදනිය, නිකාය සංග්‍රහය, පැරකුම්බා සිරිත, රාජාවලිය, ක්වේරෝස්ගේ වාර්තා, බැලදියස්ගේ වාර්තා වැනි ප්‍රාථමික මූලාශ්‍රවලින් මෙන්ම විල්හෙලම් ගයිගර්, ඉන්ද්‍රකීර්ති සිරිවීර, සනත් සිල්වා, ටී.ජී. කුලතුංග වැනි නූතන විද්වතුන්ගේ පර්යේෂණ මගිනි. පොදුවේ පුරාතන ලංකාවේ පමණක් නොව ලෝකයේ නාවික හමුදාවකින් ඉටු කෙරුණු කාර්යයභාරයන් මෙලෙස ඉදිරිපත් කළ හැකිය. 1. සතුරු නාවික යාත්‍රා සමග මුහුදේදී මුහුණට මුහුණලා සටන් කිරීම. 2. මුහුදු කොල්ලකරුවන් පලවා හරිමින් වෙළෙඳ නැව් ආරක්ෂා කිරීම. 3. මිත්‍ර පාර්ශ්වීය රාජධානිවල ආරක්ෂාවට ආධාරක සේනා යැවීමට. 4. දීර්ඝ කාලීන යුද්ධයකට අත්‍යවශ්‍ය වන අතිරේක සේනා, ආහාරපාන, වෛද්‍ය පහසුකම්, අවි ආයුධ ප්‍රවාහනය කිරීමට. 5. සාධාරණ හේතු මත විදේශ රාජ්‍යයන් ආක්‍රමණය කිරීමට. පුරාතන ලංකාවේ ප්‍රථම වරට නාවික හමුදාවක් බිහි කිරීමේ ගෞරවය හිමිවන්නේ කි‍්‍ර.ව. 5 සියවසේ රජ කළ මුගලන් රජතුමාටය. හෙතෙම නාවික හමුදාවක් තනා ලංකාව අවට මුහුදු කලාපය ආරක්ෂා කළේය. ක්‍රි.ව. 6 පාලනයට පත් අබහරණ සලමේවන් හෙවත් සිලාකාල රජතුමාද ස්වකීය පුත්‍රයාට මලයරාජ තනතුරු දී ලංකාව අවට සමුද්රාරක්ෂාවට පත් කළේය. ක්‍රි.ව. 8 සියවසේ දෙවන සේන රජතුමා, කුට්ඨක නම් සිංහල සෙනවියකුගේ නායකත්වය යටතේ නාවික යාත්‍රාවල නැගී සේනාවක් පාණ්ඩ්‍ය දේශයට යවා ඇත. ඒ පෙර ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ ශ්‍රී මාර ශ්‍රී වල්ලභ නම් රණකාමී පාලකයෙකුට එරෙහිවය. පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කළ මෙම සිංහල සේනාව ශ්‍රී මාර ශ්‍රී වල්ලභ පරාජයකර විශාල ධනයක් මෙරටට ගෙන ආවේය. ක්‍රි.ව. 10 සියවසේ පස්වන කාශ්‍යප රජුද චෝල දේශයට එරෙහිව පාණ්ඩ්‍ය රජුට ආධාර පිණිස සක්ක නම් සෙනවියෙකුගේ මූලිකත්වය යටතේ සේනාවක් පාණ්ඩ්‍ය දේශයට යවා ඇත. ක්‍රි.ව. 11 සියවසේ රජකළ පළමුවන විජයබාහු රජු චෝල දේශය ආක්‍රමණය කිරීම සඳහා නාවික සේනාවක් යැවීමට උත්සාහ කළද එය අසාර්ථක විය. පළමුවන විජයබාහු (කි‍්‍ර.ව. 1055 – 1110* කල ලංකාව හා බුරුමය අතර දේශපාලන, සංස්කෘතික හා ආර්ථික සබ`දතා අලූත් වූ අවධියක් විය. නමුත් පැරකුම්බා රජු කල බුරුමයේ රජ පැමිණි ‘අලවංසිතු’ නම් රජු කිසියම් හේතුවක් නිසා බුරුම වෙරළට එන සිංහල වෙළෙ`දුන්ට නොයෙකුත් අඩත්තෙට්ටම් කළේය. හෙතෙම සිංහල වෙළෙඳුන්ගේ ධනය රාජසන්තක කළේය. ඉන් නොනැවතුන රජු කාම්බෝජය බලා ගිය සිංහල කුමාරිකාවක ඇතුළු පිරිසක් සිරගත කළේය. කෝපයට පත් පැරකුම්බා රජු බුරුමය යටත් කර ගැනීමට පිඹුරුපත් සැකසීය. ඒ අනුව නැගෙනහිර වෙරළේ කුච්චවෙලිය නම් වරායේ අවශ්‍ය නැව් තනවා ඒවායේ ආක්‍රමණවලදී අත්‍යවශ්‍ය අවි ආයුධ, ඖෂධ හා සහල් ගබඩා කළේය. අනතුරුව පුහුණු නාවික හමුදාවක් තනවා බුරුම ආක්‍රමණය මෙහෙයවීම කිත්ති නුවරගිරි හා දමිලාධිකාර ආදිත්‍ය යන සෙනෙවියන්ට භාර කළේය. නාවික සේනාව බුරුමය බලා යාත්‍රා කළ අතර අතර මගදී පිරිස ‘කාක දිවයින්’ නම් ¥පත් පෙළක් (අන්දමන් හා නිකොබර් දුපත් විය හැක.* අල්ලා ගත්හ. මාසයක ගමනින් පසුව නුවරගිරි සෙනවි ප්රමුඛ සිංහල සේනා බුරුමයේ කුසුම් තොටට ගොඩ බැස්සහ. භූමියට ගොඩබට සිංහල සේනාව බුරුම අගනුවර වූ කුසුම් නුවරට කඩා වැද නගරය කොල්ලකා අලවංසිතු රජු මරා දැමීය. මේ අතර ආදිත්‍ය සෙනෙවිද සිය සේනාව කැටුව ‘පප්ථාල’ නම් තොටින් බැස ‘උක්කම්‘ නගරය අල්ලා ගත් බව චූලවංශය විස්තර කරයි. පසුව බුරුම ථේරවාදී හිමිවරුන්ගේ ඉල්ලීම මත සිංහල සේනාව ආපසු මෙරටට පැමිණියේය. කෙසේ නමුත් සිංහලයන්ගේ මෙකී බුරුම ආක්‍රමණය බුරුම මූලාශ්‍ර වල නැත. නමුත් චූලවංශයේ මෙය සවිස්තරව දක්වා ඇත. බුරුම ජයග්‍රහණය වෙනුවෙන් පැරකුම්බා රජු විසින් කිත්ති නුවරගිරි සෙනෙවියාට ප්රදානය කළ ගම්වර පිළිබ`දව ස`දහන් කෑගල්ල දෙවනගල ශිලා ලිපියෙන්ද මේ ආක්‍රමණය සනාථ වේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ මහාචාර්ය ඇල්. බෂාම් ද පැරකුම්බා රජුගේ බුරුම ආක්‍රමණය පිළිගනිතිx මීට අමතරව පරාක්‍රමබාහු රජු චෝලයන්ට විරුද්ධව පාණ්ඩ්‍ය දේශය ආරක්ෂා කිරීම සඳහා ලංකපුර, ජගත් විජය යන සෙන්පතිවරුන් යටතේ නාවික හමුදාවක් යවා ඇත. නිකාය සංග්‍රහය මෙම සේනාව හඳුන්වා දී ඇත්තේ නැවැති සෙනඟ නමිනි. මහා පරාක්‍රමබාහු රජතුමාගේ බුරුම, චෝල, පාණ්ඩ්‍ය දේශවල සිදුකළ දිග්විජයයන්ගෙන් පසුව ශ්‍රී ලාංකිකයන් සිදුකළ විදේශ නාවික ආක්‍රමණයක හෝඩුවාවක් ලැබෙන්නේ කීර්ති ශ්‍රි නිශ්ශංක මල්්ල රජු (ක්‍රි.ව. 1187 -1196* දවසය. ඔහුගේ ගල්පොත ශිලාලිපියට අනුව ඔහු පාණ්ඩ්‍ය, චෝල, කේරළ රාජ්‍යයන් යටත් කර ගත් බවත්, රාමේෂ්වරම් දේවාල භූමියේ නාට්‍ය බලමින් හා ගී රස විඳිමින් මාස තුනක් සතුරන්ට අභියෝග කරමින් සිටි බවට වර්ණනයක් කර ඇත. කලක් යන තුරු මේ නිශ්ශංක මල්ලයන්ගේ දකුණු ඉන්දීය ආක්‍රමණය අතිශයෝක්තියක් ලෙස සැලකිණි. නමුත් ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කි‍්‍ර.ව. 1936-1945 වර්ෂවල රාමේෂ්වරමේ සිදුකළ කැණීම්වලදී නිශ්ශංකමල්ල රජු පිහිටවූ ශිලාලිපියක් හමු වී ඇත. [IMG]http://absfreepic.com/absolutely_free_photos/small_photos/old-ship-on-the-sea-3264x2448_72095.jpg[/IMG] නිශ්ශංකේශ්වර නම් දේවාලයක් කරවා එයට ගම් බිම් ප්රදානය කළ වග එහි ස`දහන්ව ඇත. චෝල, පාණ්ඩ්‍ය දේශ ආක්‍රමණය කළ වග ස`දහන්ව නැතත් අඩුම තරමේ මේ සිංහල රජු ස්වකීය නාවික සේනා හරහා රාමේෂ්වරම අවට වෙරළබඩ කලාපය තමා යටතේ තබා ගත් බව නිගමනය කළ හැක. සිංහල රජකු සිදුකළ තවත් නාවික වික්රමයක තොරතුරක් ලැබෙන්නේ නිශ්ශංකමල්ල රජුගේ රාමේෂ්වරම් ආක්‍රමණයෙන් අවුරුදු 269 පසුවය. ඒ කි‍්‍ර.ව. 15 සියවසේ සිංහලය අවසාන වරට එක්සේසත් කළ හයවැනි පරාක්‍රමබාහු රජු කලය. මේ රජු කල පුත්තලම ප්‍රදේශයේ අනවසරෙන් මුතු කිමිදුණු විජයනගර අධිරාජ්‍යයේ ප්‍රාදේශීය පාලකයෙකුවූ මලවවරා යර් නැමැත්තෙකු සිට ඇති අතර ප්‍රථමයෙන් සවු`ඵ පැරකුම්බා රජු සිය සේනාව යවා ඔහු ආපසු ඉන්දීයාවට පලවාහැර ඇත. එහෙත් ඉන් පාඩම් ඉගෙන නොගත් මලවවරායර් සිය බල ප්‍රදේශය වූ මකුඩන්කොට්ටේ රාජ්‍යය ආසන්නයේ ගැවසෙන සිංහල වෙළෙ`ද නැව් කොල්ල කන්නට විය. මල්ලවරායර්ගේ උවදුර නැති කිරීමට සිතූ පැරකුම්බාවන් සිංහල නාවික සේනාවක් මකුඩන්කොට්ටයට යවා මලවවරායර් හා ඔහුගේ සේනාව පරාජය කර අදවිරාම පටුන ප්‍රදේශය අල්ලාගෙන වාර්ෂිකව කප්පම් අය කළ බව මෙම නාවික ආක්‍රමණය ගැන ස`දහන් කරන ගිරා සංදේශය හා පැරකුම්බා සිරිත වර්ණනා කරයි. එහෙත් මේ බවක් චූල වංශයේ හෝ රාජාවලියේ හෝ විජයනගර වාර්තාවල ස`දහන්ව නැත. නමුත් හයවන පරාක්‍රමබාහු රජතුමාගේ මකුඩන්කොට්ටේ රාජ්‍ය ආක්‍රමණය සිංහල පාලකයෙකු සිදුකළ අවසාන විදේශ ආක්‍රමණය වේ. මහනුවර යුගයේදී සෙනරත් රජතුමා පෘතුගීසීන් එලවා දැමීම සඳහා බොස්කොවර් හෙවත් මීගමුව කුමාරයා නම් ඕලන්ද ජාතික සෙනවියෙකු යටතේ සිංහල නාවික හමුදාවක් ගොඩනගා ගෙන ඇත. එහි නිල බල මෙසේය. කැන්ඩි යුද යාත්‍රාව – කපිතාන් සුන්දරප්පු, ගාල්න්චි යුද යාත්‍රාව – කපිතාන් කෙස්ටිනා, මීගමුව යුද යාත්‍රාව – කපිතාන් ඩිංගප්පු, ගොටුන් යුද යාත්‍රාව – කපිතාන් මර්ඩියා, ගෙලූක් යුද යාත්‍රාව – කපිතාන් මාරසිංහ, ටොරෝවේ යුද යාත්‍රාව – කපිතාන් සුන්දරප්පු. මෙම සිංහල නාවික සේනාව මීගමුව, මන්නාරම, කුමාරි තුඩුව යන ප්‍රදේශ වල මෙහෙයුම් සිදුකොට පෘතුගීසි යුද්ධ යාත්‍රා සහ ප්‍රවාහන යාත්‍රා විශාල සංඛ්‍යවක් විනාශ කළ බව බැල්දියස් වාර්තා කරයි. මෙම කරුණු සමාලෝචනය කොට බැලීමෙන් පෙනී යන්නේ අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා කාලපරිච්ෙඡ්දය තුළ සිංහලයන් සතුව බලසම්පන්න නාවික හමුදාවක් පැවති බවයි. මෙපරිද්දෙන් වරින් වර ලංකාව තුළ නාවික හමුදා සහ සටන් පිළිබඳව වාර්තා පැවතියද, නෞකාවක ස්වරූපය පිළිබඳව තොරතුරු ලැබෙන්නේ මඳ වශයෙනි. එහෙත් ලී චායෝ, කොස්මස්, ෆාහියන් හිමි යනාදින්ගේ වාර්තාවලට අනුව ලංකාවේ නැව් තට්ටු තුනකින් සමන්විත වූ අතර මිනිසුන් 700 ක් පමණ ප්‍රවාහනය කළ හැක. එසේම හදිසි අවශ්‍යතාවන්හි ප්‍රයෝජනය සඳහා නැවට කුඩා ඔරු සවිකර තිබිණි. නැව කුඹ ගසකින් සහ සුක්කානමකින් සමන්විත වූ අතර ගබඩා, කුඩා රෝහල්, රැුස්වීම් ශාලා වැනි විශේෂිත අංගෝපාංගවලින් නෞකා පරිපූර්ණ විය.[/SIZE] [SIZE="7"][COLOR="Red"]හොඳනම් rep+++ දාගෙනම යන්න[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom