Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුරාවිද්‍යා කැණීම් ක්‍රමවල විවිධත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරාවිද්‍යා කැණීම් ක්‍රමවල විවිධත්වය

පුරාවිද්‍යා කැණීම් ක්‍රමවල විවිධත්වය

ෂෙහාන් තිලකරත්න

පුරාවිද්‍යා (විශේෂ) පේරාදෙණි විශ්වවිද්‍යාලය

පුරාවිද්‍යා විෂයයෙහි ඉතාම වැදගත් පාර්ශ්වයක් ලෙස කැණීම් හඳුන්වා දිය හැකිය. කැණීම යනු කිසියම් පුරාවිද්‍යා බිමක පස් හෑරීම මගින් එම ස්ථානය පර්යේෂණයට ලක් කිරීමයි (ලෙස්ලි ඇඩ්කින්ස් සහ රෝයි ඒ. ඇඩ්කින්ස්, 1997, 10 පිටුව). කැණීම් වනාහි වියදම් අධික කාර්යයකි. එනිසා කැණීමක් සිදුකිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. කැණීමක් කිරීමට අවශ්‍ය අවසරය හා ප්‍රතිපාදන ලැබී තිබීම මත කැණීමක් කිරීමට යොමු වේ. මෙහිදී එකම ආකාරයට කැණීම් කිරීම නොකරයි. කැණීමක් කරන ආකාරය, භූමියේ ස්වරූපය අනුව වෙනස් වේ. සෑම පුරාභූමියකට ම ඕනෑම කැණීම් ක්‍රමයක් ආදේශ කළ නොහැකිය. එසේ කිරීමෙන් පර්යේෂණ ගැටලු ඇති විය හැකිය. ප්‍රතිපාදන අපතේ යා හැකිය. අපේක්ෂිත කැණීම් අරමුණු වෙතට ළඟා වීමට නොහැකි වන්නට පුළුවන. එනිසා කැණීම සිදුකරන ආකාරය අදාළ භූමියේ ස්වභාවය මත පදනම් වීම දැකිය හැකි තත්ත්වයකි.

කැණීමට පදනම් වන මූලධර්මද වැදගත් වේ. ඉතා පුළුල්ව ගත් විට කැණීම් ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.

1. සිරස් මානය අපේක්ෂාවෙන් ගැඹුරු තැන්පතු කපා එහි ස්ථරායනය ලබා ගැනීම

උදා: අනුරාධපුර ඇතුළුනුවර කැණීම

2. තිරස් මානය අපේක්ෂාවෙන් විශාල ප්‍රදේශයක් විවෘත කර විශේෂ ස්තර මගින් ඒවායේ තැන්පත්ව ඇති මානව කෘති හා ව්යqහයන් අතර අවකාශීය සබඳතාව ලබා ගැනීම (කොලින් රෙන්ෆෲ පෝල් බාන්, 2000, 126-127 පිටු).

උදා: සීගිරියේ රාජකීය උද්‍යානයේ සිදුකළ කැණීම.

බොහෝ විට කැණීම්කරුවෝ මෙම උපාය මාර්ග දෙකම භාවිත කරති. එහෙත් අරමුණ කරා ළඟාවිය හැකි විවිධ ක්‍රම තිබේ. (ඩී. ඇම්. සූරතිස්ස, 328 පිටුව). ප්‍රධාන වශයෙන් කැණීම් ක්‍රම දෙකක් හඳුනාගත හැකිය. එනම්,

1. පස් ස්ථරායනය අනුව සිදු කරන කැණීම් ක්‍රම

2. ගොඩැලි කැණීම් ක්‍රම

සාමාන්‍යයෙන් පා*ශු ස්ථර කැණීම් කිරීමේදී පස් ස්ථරායනය අනුව සිදුකරන කැණීම් ක්‍රම භාවිත කරයි. පස් ස්ථරායනය අනුව සිදුකරන කැණීම් ක්‍රමද කිහිපයක් වේ. ඒවා නම්,

1. කොටුදැල් කැණීම් ක්‍රමය (Grid Excavation Method)

2. විවෘත කැණීම් ක්‍රමය (Open Excavation Method)

3. අගල් කැණීම් ක්‍රමය (Trench Excavation Method)

1. කොටුදැල් කැණීම් ක්‍රමය (Grid Excavation Method)

සර් මෝටිමර් වීලර් මෙම ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. මෙහි දී අදාළ කැණීම් භූමිය 30m * 30m ප්‍රමාණයේ කොටුවලට බෙදා එම කොටුද නැවත 10m * 10m ප්‍රමාණයේ අනු කොටස් නවය බැගින් බෙදා ගනියි. මෙහි විශේෂත්වය වන්නේ 50m පමණ වූ පස් කණ්ඩියක් හෙවත් Baulk තබා ගැනීමයි. එමඟින් කැණීමේ දී පස් ඉවත් කිරීම, වාර්තාගත කිරීම පහසු කරවයි. අදාළ කැණීම් භූමිය කොටුවලට බෙදා ගැනීමෙන් අනතුරුව ඒවා සියල්ලම අ*ක ගත කරයි.

මෙම ක්රමයේ දී කොටුවල ඉහත කී පරිමාණයන් නිශ්චිත නොවේ. අනුකොටස්වල පරිමාණය සෑම විටම 10m * 10ප නොවේ. එය භූමිය අනුව, පුරාවිද්‍යා කණ්ඩායම අනුව අඩු හෝ වැඩි විය හැකිය. ලංකාවේ කැණීම් කිරීමේ දී ඉහත කී අනු කොටස් 333 1/3cm * 333 1/3ජප වන පරිදි බෙදා ගනියි. මෙම ක්‍රමයට අනුව කැණීම් කිරීමේ දී කැණීම් වළේ ප්‍රමාණය 283 1/3ජප පමණ වේ. මෙම කැණීම් ක්රමයේ ප්‍රධාන පරමාර්ථය තිරස් අතට දිවෙන පස් අස්කර හඳුනාගැනීම යි (ඩී.ඇම්. සූරතිස්ස, 328 පිටුව)

ආලාහන පිරිවෙන, සීගිරිය, ඡේතවනය, අභයගිරිය, දඹුල්ල, මහනුවර ව්‍යාපෘතිවල කැණීම් භූමිවල කොටුදැල් ක්‍රමයට අනුව ලකුණු කර තිබේ. උතුරේ සිට දකුණට කොටු ලකුණු කර ඇති මෙහි පැත්තක දිග මීටර් 30 කි. නියරවල් ඉතිරි වී ඇති ප්‍රමාණය සෙ.මී. 2550 කි. සමචතුරශ්‍රාකාර කැණීම් වළක ප්‍රමාණය සෙ.මී. 283 1/3 කි. මීටර් 30 මීටර් 10 කොටු 3 බෙදා මීටර් 10 කොටුවක් නැවත සෙ.මී. 283 1/3 කොටුවලට බෙදා ඇත. එම ප්‍රමාණයේ පළවෙනි කොටුව හඳුන්වන්නේ ඒ.1.1.1 වශයෙනි. උතුරේ සිට නැගෙනහිරට යන කොටු අක්ෂරවලින්ද දකුණු ඒවා අංක මගින් ද හඳුන්වා ඇත. එසේ ම වර්තමානයේ දී දකුණු දිග කොටු -"එස්" (ද) අකුරින්ද, නැගෙනහිර කොටු -"ඊ" (නැ) අකුරින්ද හැඳින්වෙන ක්‍රමයක් භාවිත වෙයි. එහි පළමු කොටුව ඊ 1 එස් 1.1.1 (නැ.1.ද1.1.1) වෙයි. (ඒ. ලගමුව, 31 පිටුව).

කොටුදැල් ක්රමයේ වාසි :-

* මෙම ක්රමයේ දී පස් කණ්ඩියක් ඉතිරිව තිබෙන නිසා පුරාවිද්‍යා භූමියක පස් ස්ථරායනය අපට පැහැදිලිව හඳුනාගත හැකිය.

* පුරාවස්තුවක් හමු වූ විට එය වාර්තාගත කිරීම පහසුය. ඕනෑම පුරාවස්තුවක් හමු වූ විට එය ත්‍රිමාන වාර්තාගතකරණයකට ලක් කරයි. (3D recording) බටහිර ඉවුරේ සිට සහ දකුණු ඉවුරේ සිට පුරාවස්තුවට ඇති දුරද, පුරාවස්තුවට ඇති ගැඹුරද, වාර්තා කිරීම මෙහිදී සිදු කරයි. කොටුදැල් ක්රමයේ දී එලෙසින් ත්‍රිමාන ආකාරයට වාර්තාගත කිරීම පහසුය.

* කැණීම ඕනෑ තරම් ව්‍යාප්ත කිරීමේ පහසුවක් ඇත.

* පස් ඉවත් කිරීමේ පහසුව ඇත.

* කැණීම් භූමිය පාලනය කිරීමේ පහසුවක් ඇත. කැණීම්වල දී බොහෝ විට කම්කරුවෝ යොදා ගනිති. කොටුදැල් කැණීම් ක්රමයේ දී එම පිරිස අවශ්‍ය පරිදි හසුරුවා ගත හැකිය.

කොටුදැල් ක්රමයේ අවාසි(-

ඉ*ග්‍රීසි ජාතික කැණීම්කරුවෙකු වූ පිලිප් බාකර් (Philip Baker) විසින් විවෘත කැණීම් ක්‍රමය හඳුන්වා දීමෙන් පසු විලරියානු පෙට්ටි කොටුදැල් ක්‍රමය විවේචනයට ලක් විය. (කොලින් රෙන්ෆෲ පෝල් බාන්, 2000, 127 පිටුව).

* පස් කණ්ඩියක් ඉතිරි වන බැවින් ඒ තුළද ඇතැම් විට පුරාවස්තු තැන්පත් වී තිබිය හැකිය. කොටුදැල් කැණීම් ක්රමයේ දී ඒවා සොයා ගැනීම අපහසු ය.

* පුරාවිද්‍යා ගොඩනැ`ගිලි බහුල ස්ථානයක මේ කැණීම් ක්‍රමය යොදා ගැනීම එතරම් පහසු නොවේ. මන්ද පස් කණ්ඩියක් ඉතිරි වන බැවින් එම ගොඩනැඟිලිවල සම්පූර්ණ සැලැස්ම දැන ගැනීම අපහසු වන බැවිනි.

* ඡසඑ එකින් එකට කැණීම කරගෙන යන නිසා සමස්ත පා*ශු ස්ථරය පිළිබඳවම වටහා ගැනීම අපහසුය. පස් ස්aථරවල සම්බන්ධතාවද පැහැදිලිව හඳුනාගත නොහැකිය. පස් කණ්ඩියක් ඉතිරි වන බැවින් ඇතැම් විට සුළු පස් ස්ථරයන් ඒ තුළ පමණක් තිබෙන්නට පුළුවන. එවැනි පස් ස්ථර මෙම ක්රමයේ දී හඳුනාගත නොහැකිය.

2. විවෘත කැණීම් ක්‍රමය (Open Excavation Method)

විවෘත කැණීමක් වශයෙන් හඳුන්වන්නේ යම්කිසි පුරාබිමක් සම්පූර්ණ වශයෙන් පස් ඉවත් කිරීමට යොදා ගන්නා ක්‍රමයයි. මෙය වඩාත් වැදගත් වන්නේ විශාල ප්‍රදේශයක ව්‍යාප්තව ඇති නටබුන් හා ව්යqහ සැලැස්මක් හඳුනාගැනීම සඳහා ය. මේ ක්‍රමය මඟිsන් ලබාගත හැකි තොරතුරු කොටු ක්‍රමයට වඩා වැඩිය. (ඩී.ඇම්. සූරතිස්ස, 331 පිටුව). මෙම කැණීම් ක්‍රමය හඳුන්වා දුන්නේ පිලිප් බාකර් (Philip Baker) ය. ඒ කොටුදැල් ක්රමයේ දුර්වලතා මගහරිමිනි. මේ ක්‍රමය ගොඩනැඟිලි සංකීර්ණාශ්රිතව කැණීම් සිදුකිරීමට යොදා ගැනීම වඩාත් උචිත වේ. මෙහිදී 30ප බැගින් යොදා ගැනීම නිශ්චිත නොවේ. නිශ්චිත දුර ප්‍රමාණයක් නැත. දුර ප්‍රමාණයන් තීරණය කරන්නේ කැණීම් පර්යේෂකය. තිරස්ව කැණීම් කර එක් යුගයක තොරතුරු දැන ගැනීමට නම් මෙම ක්‍රමය වඩාත් යෝග්‍ය වේ. විශාල ප්‍රදේශයක කැණීම පැතිරෙන නිසා වර්ෂාවකදී ජලය එකතු වන බැවින් ආවරණයක් ඉදිකර ගත යුතුය.

විවෘත කැණීම් ක්රමයේ වාසි:-

* වාර්තාගත කිරීම පහසුය.

* පා*ශු ස්ථර අතර සම්බන්ධතාව තේරුම් ගැනීම පහසුය.

* තිරස් ඉතිහාසය අනාවරණය කොටගත හැකිය.

විවෘත කැණීම් ක්රමයේ අවාස:-

* ත්‍රිමාන වාර්තාගත කිරීම (3D recording) අපහසු ය.

* වර්ෂාවක දී ජලය එකතුවිය හැකිය. කැණීම විශාල ප්‍රදේශයක ව්‍යාප්තව ඇති විට වර්ෂාවෙන් ආරක්ෂා වීම සඳහා ආවරණයන් ඉදිකිරීම ඉතා අපහසු ය.

* එකම ස්තරයක් සම්බන්ධව කැණීම සිදුකරන විට ඇතැම් විට එහි ස්ථරායනය අවුල් විය හැකිය.

* පස් ඉවත් කිරීම තරමක් අපහසුය.

* පිරිස් පාලනය ද අපහසුය.

3. අගල් කැණීම් ක්‍රමය (Trench Excavation Method)

විශාල ප්‍රදේශයක පැතිරුණු පුරාවස්තු සොයා ගැනීමට මෙම ක්‍රමය යොදා ගනියි. විශේෂයෙන්ම ගොඩනැඟිලිවල පාදම් හා වාස්තු විද්‍යාත්මක අ*ගයන් සොයා ගැනීම සඳහා මෙම ක්‍රමය භාවිත කරයි. මෙහිදී ද කොටුදැල් ක්රමයේ දී මෙන් කොටුවක් භාවිත කළද එය ව්‍යාප්ත කරගත හැකිය. දිගින් වැඩි කරගත හැකිය. 30m * 30m කොටුවලට සීමා වන්නේ නැත. යම් ප්‍රදේශයක ජනාවාස රටාවන් හඳුනාගැනීමට ප්‍රයෝජනවත් වේ. පා*ශු ස්ථරායනය හඳුනාගැනීමද පහසුය.

පස් ස්ථරායනය අනුව සිදුකරන කැණීම් ක්‍රම ගොඩැලි කැණීම් කිරීමට යොදා නොගනියි. ඒ සඳහා වෙනත් ක්‍රම යොදාගනු ලබයි. ගොඩැල්ලක ස්වභාවය මත එය පැරණී ස්ථූපයක්, සුසානයක් ආදී වශයෙන් හඳුනාගත හැකිය. කැණීමක් කිරීමට පෙර ගවේෂණයක් සිදු කරයි. ගොඩැල්ලක් කැණීමට පෙර ගවේෂණයක් සිදුකර එහි ඇත්තේ කුමක්ද යන්න අනුමාන කිරීමෙන් පසුව යොදා ගන්නා කැණීම් ක්‍රමවේදය තීරණය කරගත හැකිය. ඒ අනුව යොදාගන්නා ගොඩැලි කැණීම් ක්‍රම නම්,

1. කාර්තු ක්‍රමය (Quadrant Method)

2. තීරු ක්‍රමය (Strip Method)

3. අගල් ක්‍රමය (Trench Method)

1. කාර්තු කැණීම් ක්‍රමය (Quadrant Method)

සාමාන්‍යයෙන් ගොඩැල්ලක් වෘත්තාකාර හෝ ඕවලාකාර ස්වරූපයක් ගනී. -කාර්තු ක්‍රමය බොහෝවිට යොදාගනු ලබන්නේ, රවුම් සොහොන් ගොඩැලි වැනි බොහෝ සෙයින් වෘත්තාකාර වූ පුරාවිදු බිම් සඳහාය. (ලෙස්ලි ඇඩ්කිනස් සහ රොයි ඒ. ඇඩ්කින්ස්, 1997, 12 පිටුව) -කුමන හෝ ගොඩැල්ලක් හරි මැදින් හතරකට බෙදා කාර්තු සකස්කර එක් එක් කාර්තු අතර අඩි තුනක පමණ නියරයක් ඉතිරි කරමින් කාර්තුවක ඇති පස් ඉවත් කළ යුතුය. එහිදී අනෙක් කාර්තුවේ ඇති සමෝච්ඡ රේඛා යනාදියද පහසුවෙන් හඳුනාගත හැකිය. මේ අන්දමට ල*කාවේ දඹුල්ලේ සෝමාවතී දාගැබ මතු කරගන්නා ලදී. (ඩී.ඇම්. සූරතිස්ස, 331 පිටුව) මේ අනුව පැහැදිලි වන්නේ කොටුදැල් ක්‍රමයේදී මෙන්ම මෙහිදී ද පස් කණ්ඩියක් හෙවත් Baulk එකක් ඉතිරි වන බවයි. පළමුව කැණීම් කර අවසන් කරන කොටසට විරුද්ධ පැත්තේ කොටස දෙවනුවට කැණීම් කළ යුතුය.

කාර්තු කැණීම් ක්රමයේ වාසි :-

* පා*ශු ස්ථරායනය හඳුනාගත හැකිය.

* වාස්තු විද්‍යාත්මක නටබුන් හඳුනාගත හැකිය.

* ඉදිකිරීම් සැලැස්ම පහසුවෙන් හඳුනාගත හැකිය.

* සරල පාලනය කළ හැකි පහසුව

කාර්තු කැණීම් ක්රමයේ අවාස :-

* නියරවල් උස්වීම නිසා ගමනාගමනය අපහසු ය.

* ඇතැම් විට නියරවල් උස්වීම නිසා කඩාවැටිය හැකි ය.

2. තීරු කැණීම් ක්‍රමය (Strip Method)

මෙහිදී ගොඩැල්ලේ නිශ්චිත දුර ප්‍රමාණයක් තීරණය කොට ඒ දුර ප්‍රමාණයන් සහිත තීරු වෙන්කර ගෙන එක් එක් තීරුව කැණීමට ලක් කරයි.

අගල් කැණීම් ක්‍රමය පස් ස්ථරායනය අනුව සිදුකරන කැණීම් ක්රමයේ දී යොදාගන්නා ආකාරයට ම ගොඩැල්ලක් කැණීම් කිරීමේදී ද යොදාගනියි. ගොඩැල්ලක වුවද ඒ ආකාරයට සිදුකිරීමට බාධාවක් නොමැත.

ඉහත දැක්වූ ආකාරයේ විවිධ කැණීම් ක්‍රම පුරාවිද්‍යාවේ දී කැණීම් කිරීම සඳහා යොදාගනියි. ඒ විවිධ පුරාබිම් පවතින නිසා ය. උක්ත දැක්වූ කැණීම් ක්‍රමවලට අමතරව තවත් කැණීම් ක්‍රම කිහිපයක්ද පුරාවිද්‍යාවේ දී භාවිත කෙරේ. ඒවා පහත පරිදි හඳුනාගත හැකිය.

පරීක්ෂණ වළවල් කැණීම (Test pits)

කැණීමක් යනු ශ්‍රමය, කාලය හා මුදල් විශාල වශයෙන් වැයවන කාර්යයකි. ඉහත දැක්වූ ප්‍රධාන කැණීම් ක්‍රමවේදයන්ට අමතරව පරීක්ෂණ කැණීම් සිදුකරන අවස්ථා ද ඇත. ඒ කාලය, ශ්‍රමය හා ධනය අඩු අවස්ථාවල දී හා හදිසි අවස්ථාවලදීය. ප්‍රධාන කැණීම් ක්‍රමවේද භාවිත කිරීමට පෙර කැණීම් භූමියේ ස්වභාවය වටහා ගැනීමටද මෙම කැණීම් යොදාගත හැකිය. කැණීම සිදුකරන ප්‍රමාණය කැණීම් පර්යේෂකයා තීරණය කරයි. -මෙම ක්‍රමය භාවිත කරන්නේ යම්කිසි පුරාබිමක පවත්නා පුරාවිද්‍යාත්මක වැදගත්කම පරීක්ෂණ අයුරින් අත්හදා බැලීමේ ක්‍රමයක් ලෙසය. (ඩී.ඇම්. සූරතිස්ස, 332 පිටුව) විශේෂයෙන් ම මෙම ක්‍රමය මඟින් ස්ථරායනය, පුරාකෘති තැන්පත්වීම පිළිබඳව දළ අදහසක් ලබාගත හැකිය.

සිරස් කැණීම (Vertical Excavation)

මෙම කැණීම් මගින් අඩු කාලයක දී හා අඩු වියදමකින් ගැටලු /සක් නිරාකරණය කරගත හැකිවේ. මෙම වර්ගයේ කැණීමක් Salvage site සඳහා භාවිත කළ හැකිය. මහා පරිමාණයෙන් කැණීම ආරම්භ කිරීමට ප්‍රථම එම ස්ථානයේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම හඳුනා ගැනීමටද මෙවැනි කැණීමක් සිදුකළ හැකිය. බෙහොමයක් රටවල මෙම පරීක්ෂණ වළක් මීටර් 1 පළලින් ද සිරස් අතට මාතෘ පාෂාණය දක්වා ද කැණීම සිදු කරයි.

උදාහරණ(- මෙක්සිකෝවේ ටීහුආකන් නිම්නයේ (Tehuacan Valley) සිදුකළ කැණීම.

දිය යට කැණීම (Marine Archaeology)

පුරාවිද්‍යා කැණීම් භූමිය අනුව ක්රමවේදාත්මකව වෙනස් වන බවට හොඳම නිදසුන වන්නේ දිය යට කැණීම් කිරීමයි. දිය යට කැණීම ඉතා ස*කීර්ණ වූ ක්රියාදාමයකි. එමෙන් ම මිල අධික ක්රියාදාමයකි. මන්ද මෙම කැණීම්වලින් හමුවන පුරාවස්තු ස*රක්ෂණය, ඒවා පශ්චාත් කැණීම් හා විශ්ලේෂණයන්ට ලක් කිරීම ආදී අ*ගයන් නිසාය. -දියයට කැණීම් කටයුතුවලට ඉතා විශාල ප්‍රමාණයක් රොන්මඩ ඉවත් කිරීමත්, කාලතුවක්කු, ඇම්පෝරා වැනි ගබඩා භාජන සහ ලෝහ කැබලි වැනි විශාල දේ ඉවත් කිරීමද ඒවා නිසි පරිදි වාර්තා කිරීමද ඇතුළත් වෙයි. ටෙක්සාස් හි නාවික පුරාවිද්‍යාත්මක ආයතනයේ ආරම්භකයා වූ ජොර්- බාස් ඇතුළු කණ්ඩායම මෙවැනි කටයුතු සඳහා මහත් සේ ඉවහල් වන උපකරණ නිපදවා තිබේ (කොලින් රෙනෆෲ පෝල් බාන්, 2000, 111 පිටුව).

මේ ආකාරයට පුරාභූමියේ ස්වභාවය අනුව විවිධ කැණීම් ක්‍රම භාවිත කරන බව පැහැදිලිය. ඒ නානාවිධ පුරාබිම් තිබෙන නිසාය. උක්ත දක්වා තිබෙන පරිදි විවිධ කැණීම් ක්‍රම යොදාගනු ලබන්නේ කැණීමේ අරමුණු සාර්ථක කර ගැනීම සඳහා ය. මන්ද කැණීමක් සිදු කරන්නේ මහජනයාගේ මුදලිනි. එනිසා ඒ පිළිබඳව කැණීම් බාරව සිටින ප්‍රධානියා හෝ ප්‍රධානීන් මහජනතාවට වගකිව යුතුය. කැණීම් අරමුණු සාර්ථක කරගෙන එහි ප්‍රතිඵල මහජනතාවට ප්‍රසිද්ධ කළ යුතුය. එබැවින් කැණීමක් කිරීමේ දී ඒ සඳහා යෙදාගන්නා ක්‍රමවේදය කැණීමේ අරමුණු සාර්ථක වීමට ඉතා වැදගත් වේ. එයින් මහජන මුදල් අනිසි ලෙස අපතේ යාම වැළකෙයි. සිදුකරන කැණීමද සාර්ථක කර ගත හැකිවේ.

ආශ්රිත ග්රන්ථ නාමාවලිය

ඇඩ්කිනස්, ලෙස්ලි සහ රොයි ඒ. ඇඩ්කින්ස්. පුරාවිද්‍යා විධි නියම, පරි.,විජය දිසානායක. දෙල්ගොඩ(අනුරාධ ප්‍රකාශකයෝ, 1997.

රොන්ෆෲ, කොලින් සහ පෝල් බාන්, පුරාවිද්‍යාවේ සිද්ධාන්ත, ක්‍රම සහ භාවිතය, මහරගම( අනුවාදකගේ

ප්රකාශනයකි, 2000.

ලගමුව, ඒ. ප්‍රායෝගික ක්ෂේත්‍ර පුරාවිද්‍යාව. කොළඹ( සරසවි ප්‍රකාශකයෝ, 2000.

සූරතිස්ස, ඩී. ඇම්. ජීවී පරිණාමය සහ පුරාවිද්‍යාව. කොළඹ( සුරස පොතක්.

[QUOTE="araki, post: 22790680, member: 360239"] [b]පුරාවිද්‍යා කැණීම් ක්‍රමවල විවිධත්වය[/b] [SIZE=5]පුරාවිද්‍යා කැණීම් ක්‍රමවල විවිධත්වය [/SIZE] [SIZE=5][B][/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5] [COLOR=#800000]ෂෙහාන් තිලකරත්න[/COLOR] [COLOR=#800000] පුරාවිද්‍යා (විශේෂ) පේරාදෙණි විශ්වවිද්‍යාලය[/COLOR] [IMG]http://divaina.com/daily/images/Paper/2018/01/31/Athireka/Archaeology-1.jpg[/IMG]පුරාවිද්‍යා විෂයයෙහි ඉතාම වැදගත් පාර්ශ්වයක් ලෙස කැණීම් හඳුන්වා දිය හැකිය. කැණීම යනු කිසියම් පුරාවිද්‍යා බිමක පස් හෑරීම මගින් එම ස්ථානය පර්යේෂණයට ලක් කිරීමයි (ලෙස්ලි ඇඩ්කින්ස් සහ රෝයි ඒ. ඇඩ්කින්ස්, 1997, 10 පිටුව). කැණීම් වනාහි වියදම් අධික කාර්යයකි. එනිසා කැණීමක් සිදුකිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. කැණීමක් කිරීමට අවශ්‍ය අවසරය හා ප්‍රතිපාදන ලැබී තිබීම මත කැණීමක් කිරීමට යොමු වේ. මෙහිදී එකම ආකාරයට කැණීම් කිරීම නොකරයි. කැණීමක් කරන ආකාරය, භූමියේ ස්වරූපය අනුව වෙනස් වේ. සෑම පුරාභූමියකට ම ඕනෑම කැණීම් ක්‍රමයක් ආදේශ කළ නොහැකිය. එසේ කිරීමෙන් පර්යේෂණ ගැටලු ඇති විය හැකිය. ප්‍රතිපාදන අපතේ යා හැකිය. අපේක්ෂිත කැණීම් අරමුණු වෙතට ළඟා වීමට නොහැකි වන්නට පුළුවන. එනිසා කැණීම සිදුකරන ආකාරය අදාළ භූමියේ ස්වභාවය මත පදනම් වීම දැකිය හැකි තත්ත්වයකි. කැණීමට පදනම් වන මූලධර්මද වැදගත් වේ. ඉතා පුළුල්ව ගත් විට කැණීම් ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. 1. සිරස් මානය අපේක්ෂාවෙන් ගැඹුරු තැන්පතු කපා එහි ස්ථරායනය ලබා ගැනීම උදා: අනුරාධපුර ඇතුළුනුවර කැණීම 2. තිරස් මානය අපේක්ෂාවෙන් විශාල ප්‍රදේශයක් විවෘත කර විශේෂ ස්තර මගින් ඒවායේ තැන්පත්ව ඇති මානව කෘති හා ව්යqහයන් අතර අවකාශීය සබඳතාව ලබා ගැනීම (කොලින් රෙන්ෆෲ පෝල් බාන්, 2000, 126-127 පිටු). උදා: සීගිරියේ රාජකීය උද්‍යානයේ සිදුකළ කැණීම. බොහෝ විට කැණීම්කරුවෝ මෙම උපාය මාර්ග දෙකම භාවිත කරති. එහෙත් අරමුණ කරා ළඟාවිය හැකි විවිධ ක්‍රම තිබේ. (ඩී. ඇම්. සූරතිස්ස, 328 පිටුව). ප්‍රධාන වශයෙන් කැණීම් ක්‍රම දෙකක් හඳුනාගත හැකිය. එනම්, 1. පස් ස්ථරායනය අනුව සිදු කරන කැණීම් ක්‍රම 2. ගොඩැලි කැණීම් ක්‍රම සාමාන්‍යයෙන් පා*ශු ස්ථර කැණීම් කිරීමේදී පස් ස්ථරායනය අනුව සිදුකරන කැණීම් ක්‍රම භාවිත කරයි. පස් ස්ථරායනය අනුව සිදුකරන කැණීම් ක්‍රමද කිහිපයක් වේ. ඒවා නම්, 1. කොටුදැල් කැණීම් ක්‍රමය (Grid Excavation Method) 2. විවෘත කැණීම් ක්‍රමය (Open Excavation Method) 3. අගල් කැණීම් ක්‍රමය (Trench Excavation Method) 1. කොටුදැල් කැණීම් ක්‍රමය (Grid Excavation Method) සර් මෝටිමර් වීලර් මෙම ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. මෙහි දී අදාළ කැණීම් භූමිය 30m * 30m ප්‍රමාණයේ කොටුවලට බෙදා එම කොටුද නැවත 10m * 10m ප්‍රමාණයේ අනු කොටස් නවය බැගින් බෙදා ගනියි. මෙහි විශේෂත්වය වන්නේ 50m පමණ වූ පස් කණ්ඩියක් හෙවත් Baulk තබා ගැනීමයි. එමඟින් කැණීමේ දී පස් ඉවත් කිරීම, වාර්තාගත කිරීම පහසු කරවයි. අදාළ කැණීම් භූමිය කොටුවලට බෙදා ගැනීමෙන් අනතුරුව ඒවා සියල්ලම අ*ක ගත කරයි. මෙම ක්රමයේ දී කොටුවල ඉහත කී පරිමාණයන් නිශ්චිත නොවේ. අනුකොටස්වල පරිමාණය සෑම විටම 10m * 10ප නොවේ. එය භූමිය අනුව, පුරාවිද්‍යා කණ්ඩායම අනුව අඩු හෝ වැඩි විය හැකිය. ලංකාවේ කැණීම් කිරීමේ දී ඉහත කී අනු කොටස් 333 1/3cm * 333 1/3ජප වන පරිදි බෙදා ගනියි. මෙම ක්‍රමයට අනුව කැණීම් කිරීමේ දී කැණීම් වළේ ප්‍රමාණය 283 1/3ජප පමණ වේ. මෙම කැණීම් ක්රමයේ ප්‍රධාන පරමාර්ථය තිරස් අතට දිවෙන පස් අස්කර හඳුනාගැනීම යි (ඩී.ඇම්. සූරතිස්ස, 328 පිටුව) ආලාහන පිරිවෙන, සීගිරිය, ඡේතවනය, අභයගිරිය, දඹුල්ල, මහනුවර ව්‍යාපෘතිවල කැණීම් භූමිවල කොටුදැල් ක්‍රමයට අනුව ලකුණු කර තිබේ. උතුරේ සිට දකුණට කොටු ලකුණු කර ඇති මෙහි පැත්තක දිග මීටර් 30 කි. නියරවල් ඉතිරි වී ඇති ප්‍රමාණය සෙ.මී. 2550 කි. සමචතුරශ්‍රාකාර කැණීම් වළක ප්‍රමාණය සෙ.මී. 283 1/3 කි. මීටර් 30 මීටර් 10 කොටු 3 බෙදා මීටර් 10 කොටුවක් නැවත සෙ.මී. 283 1/3 කොටුවලට බෙදා ඇත. එම ප්‍රමාණයේ පළවෙනි කොටුව හඳුන්වන්නේ ඒ.1.1.1 වශයෙනි. උතුරේ සිට නැගෙනහිරට යන කොටු අක්ෂරවලින්ද දකුණු ඒවා අංක මගින් ද හඳුන්වා ඇත. එසේ ම වර්තමානයේ දී දකුණු දිග කොටු -"එස්" (ද) අකුරින්ද, නැගෙනහිර කොටු -"ඊ" (නැ) අකුරින්ද හැඳින්වෙන ක්‍රමයක් භාවිත වෙයි. එහි පළමු කොටුව ඊ 1 එස් 1.1.1 (නැ.1.ද1.1.1) වෙයි. (ඒ. ලගමුව, 31 පිටුව). කොටුදැල් ක්රමයේ වාසි :- * මෙම ක්රමයේ දී පස් කණ්ඩියක් ඉතිරිව තිබෙන නිසා පුරාවිද්‍යා භූමියක පස් ස්ථරායනය අපට පැහැදිලිව හඳුනාගත හැකිය. * පුරාවස්තුවක් හමු වූ විට එය වාර්තාගත කිරීම පහසුය. ඕනෑම පුරාවස්තුවක් හමු වූ විට එය ත්‍රිමාන වාර්තාගතකරණයකට ලක් කරයි. (3D recording) බටහිර ඉවුරේ සිට සහ දකුණු ඉවුරේ සිට පුරාවස්තුවට ඇති දුරද, පුරාවස්තුවට ඇති ගැඹුරද, වාර්තා කිරීම මෙහිදී සිදු කරයි. කොටුදැල් ක්රමයේ දී එලෙසින් ත්‍රිමාන ආකාරයට වාර්තාගත කිරීම පහසුය. * කැණීම ඕනෑ තරම් ව්‍යාප්ත කිරීමේ පහසුවක් ඇත. * පස් ඉවත් කිරීමේ පහසුව ඇත. * කැණීම් භූමිය පාලනය කිරීමේ පහසුවක් ඇත. කැණීම්වල දී බොහෝ විට කම්කරුවෝ යොදා ගනිති. කොටුදැල් කැණීම් ක්රමයේ දී එම පිරිස අවශ්‍ය පරිදි හසුරුවා ගත හැකිය. කොටුදැල් ක්රමයේ අවාසි(- ඉ*ග්‍රීසි ජාතික කැණීම්කරුවෙකු වූ පිලිප් බාකර් (Philip Baker) විසින් විවෘත කැණීම් ක්‍රමය හඳුන්වා දීමෙන් පසු විලරියානු පෙට්ටි කොටුදැල් ක්‍රමය විවේචනයට ලක් විය. (කොලින් රෙන්ෆෲ පෝල් බාන්, 2000, 127 පිටුව). * පස් කණ්ඩියක් ඉතිරි වන බැවින් ඒ තුළද ඇතැම් විට පුරාවස්තු තැන්පත් වී තිබිය හැකිය. කොටුදැල් කැණීම් ක්රමයේ දී ඒවා සොයා ගැනීම අපහසු ය. * පුරාවිද්‍යා ගොඩනැ`ගිලි බහුල ස්ථානයක මේ කැණීම් ක්‍රමය යොදා ගැනීම එතරම් පහසු නොවේ. මන්ද පස් කණ්ඩියක් ඉතිරි වන බැවින් එම ගොඩනැඟිලිවල සම්පූර්ණ සැලැස්ම දැන ගැනීම අපහසු වන බැවිනි. * ඡසඑ එකින් එකට කැණීම කරගෙන යන නිසා සමස්ත පා*ශු ස්ථරය පිළිබඳවම වටහා ගැනීම අපහසුය. පස් ස්aථරවල සම්බන්ධතාවද පැහැදිලිව හඳුනාගත නොහැකිය. පස් කණ්ඩියක් ඉතිරි වන බැවින් ඇතැම් විට සුළු පස් ස්ථරයන් ඒ තුළ පමණක් තිබෙන්නට පුළුවන. එවැනි පස් ස්ථර මෙම ක්රමයේ දී හඳුනාගත නොහැකිය. 2. විවෘත කැණීම් ක්‍රමය (Open Excavation Method) විවෘත කැණීමක් වශයෙන් හඳුන්වන්නේ යම්කිසි පුරාබිමක් සම්පූර්ණ වශයෙන් පස් ඉවත් කිරීමට යොදා ගන්නා ක්‍රමයයි. මෙය වඩාත් වැදගත් වන්නේ විශාල ප්‍රදේශයක ව්‍යාප්තව ඇති නටබුන් හා ව්යqහ සැලැස්මක් හඳුනාගැනීම සඳහා ය. මේ ක්‍රමය මඟිsන් ලබාගත හැකි තොරතුරු කොටු ක්‍රමයට වඩා වැඩිය. (ඩී.ඇම්. සූරතිස්ස, 331 පිටුව). මෙම කැණීම් ක්‍රමය හඳුන්වා දුන්නේ පිලිප් බාකර් (Philip Baker) ය. ඒ කොටුදැල් ක්රමයේ දුර්වලතා මගහරිමිනි. මේ ක්‍රමය ගොඩනැඟිලි සංකීර්ණාශ්රිතව කැණීම් සිදුකිරීමට යොදා ගැනීම වඩාත් උචිත වේ. මෙහිදී 30ප බැගින් යොදා ගැනීම නිශ්චිත නොවේ. නිශ්චිත දුර ප්‍රමාණයක් නැත. දුර ප්‍රමාණයන් තීරණය කරන්නේ කැණීම් පර්යේෂකය. තිරස්ව කැණීම් කර එක් යුගයක තොරතුරු දැන ගැනීමට නම් මෙම ක්‍රමය වඩාත් යෝග්‍ය වේ. විශාල ප්‍රදේශයක කැණීම පැතිරෙන නිසා වර්ෂාවකදී ජලය එකතු වන බැවින් ආවරණයක් ඉදිකර ගත යුතුය. විවෘත කැණීම් ක්රමයේ වාසි:- * වාර්තාගත කිරීම පහසුය. * පා*ශු ස්ථර අතර සම්බන්ධතාව තේරුම් ගැනීම පහසුය. * තිරස් ඉතිහාසය අනාවරණය කොටගත හැකිය. විවෘත කැණීම් ක්රමයේ අවාස:- * ත්‍රිමාන වාර්තාගත කිරීම (3D recording) අපහසු ය. * වර්ෂාවක දී ජලය එකතුවිය හැකිය. කැණීම විශාල ප්‍රදේශයක ව්‍යාප්තව ඇති විට වර්ෂාවෙන් ආරක්ෂා වීම සඳහා ආවරණයන් ඉදිකිරීම ඉතා අපහසු ය. * එකම ස්තරයක් සම්බන්ධව කැණීම සිදුකරන විට ඇතැම් විට එහි ස්ථරායනය අවුල් විය හැකිය. * පස් ඉවත් කිරීම තරමක් අපහසුය. * පිරිස් පාලනය ද අපහසුය. 3. අගල් කැණීම් ක්‍රමය (Trench Excavation Method) විශාල ප්‍රදේශයක පැතිරුණු පුරාවස්තු සොයා ගැනීමට මෙම ක්‍රමය යොදා ගනියි. විශේෂයෙන්ම ගොඩනැඟිලිවල පාදම් හා වාස්තු විද්‍යාත්මක අ*ගයන් සොයා ගැනීම සඳහා මෙම ක්‍රමය භාවිත කරයි. මෙහිදී ද කොටුදැල් ක්රමයේ දී මෙන් කොටුවක් භාවිත කළද එය ව්‍යාප්ත කරගත හැකිය. දිගින් වැඩි කරගත හැකිය. 30m * 30m කොටුවලට සීමා වන්නේ නැත. යම් ප්‍රදේශයක ජනාවාස රටාවන් හඳුනාගැනීමට ප්‍රයෝජනවත් වේ. පා*ශු ස්ථරායනය හඳුනාගැනීමද පහසුය. පස් ස්ථරායනය අනුව සිදුකරන කැණීම් ක්‍රම ගොඩැලි කැණීම් කිරීමට යොදා නොගනියි. ඒ සඳහා වෙනත් ක්‍රම යොදාගනු ලබයි. ගොඩැල්ලක ස්වභාවය මත එය පැරණී ස්ථූපයක්, සුසානයක් ආදී වශයෙන් හඳුනාගත හැකිය. කැණීමක් කිරීමට පෙර ගවේෂණයක් සිදු කරයි. ගොඩැල්ලක් කැණීමට පෙර ගවේෂණයක් සිදුකර එහි ඇත්තේ කුමක්ද යන්න අනුමාන කිරීමෙන් පසුව යොදා ගන්නා කැණීම් ක්‍රමවේදය තීරණය කරගත හැකිය. ඒ අනුව යොදාගන්නා ගොඩැලි කැණීම් ක්‍රම නම්, 1. කාර්තු ක්‍රමය (Quadrant Method) 2. තීරු ක්‍රමය (Strip Method) 3. අගල් ක්‍රමය (Trench Method) 1. කාර්තු කැණීම් ක්‍රමය (Quadrant Method) සාමාන්‍යයෙන් ගොඩැල්ලක් වෘත්තාකාර හෝ ඕවලාකාර ස්වරූපයක් ගනී. -කාර්තු ක්‍රමය බොහෝවිට යොදාගනු ලබන්නේ, රවුම් සොහොන් ගොඩැලි වැනි බොහෝ සෙයින් වෘත්තාකාර වූ පුරාවිදු බිම් සඳහාය. (ලෙස්ලි ඇඩ්කිනස් සහ රොයි ඒ. ඇඩ්කින්ස්, 1997, 12 පිටුව) -කුමන හෝ ගොඩැල්ලක් හරි මැදින් හතරකට බෙදා කාර්තු සකස්කර එක් එක් කාර්තු අතර අඩි තුනක පමණ නියරයක් ඉතිරි කරමින් කාර්තුවක ඇති පස් ඉවත් කළ යුතුය. එහිදී අනෙක් කාර්තුවේ ඇති සමෝච්ඡ රේඛා යනාදියද පහසුවෙන් හඳුනාගත හැකිය. මේ අන්දමට ල*කාවේ දඹුල්ලේ සෝමාවතී දාගැබ මතු කරගන්නා ලදී. (ඩී.ඇම්. සූරතිස්ස, 331 පිටුව) මේ අනුව පැහැදිලි වන්නේ කොටුදැල් ක්‍රමයේදී මෙන්ම මෙහිදී ද පස් කණ්ඩියක් හෙවත් Baulk එකක් ඉතිරි වන බවයි. පළමුව කැණීම් කර අවසන් කරන කොටසට විරුද්ධ පැත්තේ කොටස දෙවනුවට කැණීම් කළ යුතුය. කාර්තු කැණීම් ක්රමයේ වාසි :- * පා*ශු ස්ථරායනය හඳුනාගත හැකිය. * වාස්තු විද්‍යාත්මක නටබුන් හඳුනාගත හැකිය. * ඉදිකිරීම් සැලැස්ම පහසුවෙන් හඳුනාගත හැකිය. * සරල පාලනය කළ හැකි පහසුව කාර්තු කැණීම් ක්රමයේ අවාස :- * නියරවල් උස්වීම නිසා ගමනාගමනය අපහසු ය. * ඇතැම් විට නියරවල් උස්වීම නිසා කඩාවැටිය හැකි ය. 2. තීරු කැණීම් ක්‍රමය (Strip Method) මෙහිදී ගොඩැල්ලේ නිශ්චිත දුර ප්‍රමාණයක් තීරණය කොට ඒ දුර ප්‍රමාණයන් සහිත තීරු වෙන්කර ගෙන එක් එක් තීරුව කැණීමට ලක් කරයි. අගල් කැණීම් ක්‍රමය පස් ස්ථරායනය අනුව සිදුකරන කැණීම් ක්රමයේ දී යොදාගන්නා ආකාරයට ම ගොඩැල්ලක් කැණීම් කිරීමේදී ද යොදාගනියි. ගොඩැල්ලක වුවද ඒ ආකාරයට සිදුකිරීමට බාධාවක් නොමැත. ඉහත දැක්වූ ආකාරයේ විවිධ කැණීම් ක්‍රම පුරාවිද්‍යාවේ දී කැණීම් කිරීම සඳහා යොදාගනියි. ඒ විවිධ පුරාබිම් පවතින නිසා ය. උක්ත දැක්වූ කැණීම් ක්‍රමවලට අමතරව තවත් කැණීම් ක්‍රම කිහිපයක්ද පුරාවිද්‍යාවේ දී භාවිත කෙරේ. ඒවා පහත පරිදි හඳුනාගත හැකිය. පරීක්ෂණ වළවල් කැණීම (Test pits) කැණීමක් යනු ශ්‍රමය, කාලය හා මුදල් විශාල වශයෙන් වැයවන කාර්යයකි. ඉහත දැක්වූ ප්‍රධාන කැණීම් ක්‍රමවේදයන්ට අමතරව පරීක්ෂණ කැණීම් සිදුකරන අවස්ථා ද ඇත. ඒ කාලය, ශ්‍රමය හා ධනය අඩු අවස්ථාවල දී හා හදිසි අවස්ථාවලදීය. ප්‍රධාන කැණීම් ක්‍රමවේද භාවිත කිරීමට පෙර කැණීම් භූමියේ ස්වභාවය වටහා ගැනීමටද මෙම කැණීම් යොදාගත හැකිය. කැණීම සිදුකරන ප්‍රමාණය කැණීම් පර්යේෂකයා තීරණය කරයි. -මෙම ක්‍රමය භාවිත කරන්නේ යම්කිසි පුරාබිමක පවත්නා පුරාවිද්‍යාත්මක වැදගත්කම පරීක්ෂණ අයුරින් අත්හදා බැලීමේ ක්‍රමයක් ලෙසය. (ඩී.ඇම්. සූරතිස්ස, 332 පිටුව) විශේෂයෙන් ම මෙම ක්‍රමය මඟින් ස්ථරායනය, පුරාකෘති තැන්පත්වීම පිළිබඳව දළ අදහසක් ලබාගත හැකිය. සිරස් කැණීම (Vertical Excavation) මෙම කැණීම් මගින් අඩු කාලයක දී හා අඩු වියදමකින් ගැටලු /සක් නිරාකරණය කරගත හැකිවේ. මෙම වර්ගයේ කැණීමක් Salvage site සඳහා භාවිත කළ හැකිය. මහා පරිමාණයෙන් කැණීම ආරම්භ කිරීමට ප්‍රථම එම ස්ථානයේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම හඳුනා ගැනීමටද මෙවැනි කැණීමක් සිදුකළ හැකිය. බෙහොමයක් රටවල මෙම පරීක්ෂණ වළක් මීටර් 1 පළලින් ද සිරස් අතට මාතෘ පාෂාණය දක්වා ද කැණීම සිදු කරයි. උදාහරණ(- මෙක්සිකෝවේ ටීහුආකන් නිම්නයේ (Tehuacan Valley) සිදුකළ කැණීම. දිය යට කැණීම (Marine Archaeology) පුරාවිද්‍යා කැණීම් භූමිය අනුව ක්රමවේදාත්මකව වෙනස් වන බවට හොඳම නිදසුන වන්නේ දිය යට කැණීම් කිරීමයි. දිය යට කැණීම ඉතා ස*කීර්ණ වූ ක්රියාදාමයකි. එමෙන් ම මිල අධික ක්රියාදාමයකි. මන්ද මෙම කැණීම්වලින් හමුවන පුරාවස්තු ස*රක්ෂණය, ඒවා පශ්චාත් කැණීම් හා විශ්ලේෂණයන්ට ලක් කිරීම ආදී අ*ගයන් නිසාය. -දියයට කැණීම් කටයුතුවලට ඉතා විශාල ප්‍රමාණයක් රොන්මඩ ඉවත් කිරීමත්, කාලතුවක්කු, ඇම්පෝරා වැනි ගබඩා භාජන සහ ලෝහ කැබලි වැනි විශාල දේ ඉවත් කිරීමද ඒවා නිසි පරිදි වාර්තා කිරීමද ඇතුළත් වෙයි. ටෙක්සාස් හි නාවික පුරාවිද්‍යාත්මක ආයතනයේ ආරම්භකයා වූ ජොර්- බාස් ඇතුළු කණ්ඩායම මෙවැනි කටයුතු සඳහා මහත් සේ ඉවහල් වන උපකරණ නිපදවා තිබේ (කොලින් රෙනෆෲ පෝල් බාන්, 2000, 111 පිටුව). මේ ආකාරයට පුරාභූමියේ ස්වභාවය අනුව විවිධ කැණීම් ක්‍රම භාවිත කරන බව පැහැදිලිය. ඒ නානාවිධ පුරාබිම් තිබෙන නිසාය. උක්ත දක්වා තිබෙන පරිදි විවිධ කැණීම් ක්‍රම යොදාගනු ලබන්නේ කැණීමේ අරමුණු සාර්ථක කර ගැනීම සඳහා ය. මන්ද කැණීමක් සිදු කරන්නේ මහජනයාගේ මුදලිනි. එනිසා ඒ පිළිබඳව කැණීම් බාරව සිටින ප්‍රධානියා හෝ ප්‍රධානීන් මහජනතාවට වගකිව යුතුය. කැණීම් අරමුණු සාර්ථක කරගෙන එහි ප්‍රතිඵල මහජනතාවට ප්‍රසිද්ධ කළ යුතුය. එබැවින් කැණීමක් කිරීමේ දී ඒ සඳහා යෙදාගන්නා ක්‍රමවේදය කැණීමේ අරමුණු සාර්ථක වීමට ඉතා වැදගත් වේ. එයින් මහජන මුදල් අනිසි ලෙස අපතේ යාම වැළකෙයි. සිදුකරන කැණීමද සාර්ථක කර ගත හැකිවේ. [COLOR=#003300] ආශ්රිත ග්රන්ථ නාමාවලිය[/COLOR] [COLOR=#993300] ඇඩ්කිනස්, ලෙස්ලි සහ රොයි ඒ. ඇඩ්කින්ස්. පුරාවිද්‍යා විධි නියම, පරි.,විජය දිසානායක. දෙල්ගොඩ(අනුරාධ ප්‍රකාශකයෝ, 1997.[/COLOR] [COLOR=#993300] [/COLOR] [COLOR=#993300] රොන්ෆෲ, කොලින් සහ පෝල් බාන්, පුරාවිද්‍යාවේ සිද්ධාන්ත, ක්‍රම සහ භාවිතය, මහරගම( අනුවාදකගේ [/COLOR] [COLOR=#993300] [/COLOR] [COLOR=#993300] ප්රකාශනයකි, 2000.[/COLOR] [COLOR=#993300] [/COLOR] [COLOR=#993300] ලගමුව, ඒ. ප්‍රායෝගික ක්ෂේත්‍ර පුරාවිද්‍යාව. කොළඹ( සරසවි ප්‍රකාශකයෝ, 2000.[/COLOR] [COLOR=#993300] [/COLOR] [COLOR=#993300] සූරතිස්ස, ඩී. ඇම්. ජීවී පරිණාමය සහ පුරාවිද්‍යාව. කොළඹ( සුරස පොතක්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom