Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුරුෂයන් වෙනුවෙන් නිමවෙන උපත් පාලන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරුෂයන් වෙනුවෙන් නිමවෙන උපත් පාලන

පුරුෂයන් වෙනුවෙන් නිමවෙන උපත් පාලන පෙති සහ එන්නත්

පුරුෂයන් වෙනුවෙන් සැකසුණු උපත් පාලන ඖෂධ පරිභෝජනයට සුදුසු මට්ටමක පවතී ද යන්න පිළිබඳ පැවැත්වූ ආරම්භක පරීක්ෂණ සාර්ථක වී ඇතැයි විශේෂඥයෝ පවසති.

පසුගියදා පැවැත්වූ ලෝක ප්‍රසිද්ධ වෛද්‍ය සම්මේලනයක දී මෙම කරුණු ඉදිරිපත් විය.

දිනකට එක් වරක් පමණක් පරිභෝජනය කළ යුතු මෙම පෙති වර්ගයට ශුක්‍රාණු නිපදවීම නතර කළ හැකි හෝමෝනයක් අඩංගු කර තිබේ.

කොන්ඩම් භාවිතය සහ වාසෙක්තමි ශල්‍යකර්මය වැනි පුරුෂයන් වෙනුවෙන් ඇති උපත් පාලන ක්‍රම දෙකට අමතරව මෙම පෙති භාවිතය හඳුන්වා දෙනු ඇත.

නමුත් මෙය වෙළෙඳපොළට නිකුත් කිරීමට තවත් වසර දහයක පමණ කාලයක් ගත වෙනු ඇතැයි වෛද්‍ය සම්මේලනයේ දී ප්‍රකාශ විය.

"අපි කැමතියි"

ශ්‍රී ලාංකික සමාජය තුළ ලිංගික අධ්‍යාපනය සහ උපත් පාලනය සම්බන්ධයෙන් විවෘතව අදහස් පළ කිරීමට බොහෝ දෙනෙකු මැලිකමක් දක්වති.

මේ හේතුවෙන්, නව උපත් පාලන පෙති ගැන බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ තිදෙනා සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැත්ත පළ කළහ.

"පුරුෂයන්ට උපත් පාලන පෙති නිපදවීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. ඒකට හේතුව මේ වනතෙක් උපත් පාලන පෙති අරගෙන එයින් ඇතිවන හැම අතුරු ප්‍රතිඵලයක්ම විඳ ගත්තේ ගැහැණු අපි විතරයි. දැන් පුරුෂයන්ටත් අපට දැනෙන වේදනාවන් සහ සමහර වෙලාවට එන බිය දැනෙන්න ගන්නවා. දෙදෙනෙක් එක් වන විට තිබෙන ගොඩක් වගකීම් ගැහැණියකගේ කර මත පැටවෙන එක මෙයින් යම් දුරකට අඩුවෙනවා," ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් පැවසීය.

ලිංගික ශක්තිය

කාන්තා උපත් පාලන පෙති හඳුන්වා දී වසර ගණනාවක් ගෙවී ගොස් තිබේ. නමුත් පුරුෂයන් වෙනුවෙන් එවැනි පෙති වර්ගයක් හඳුන්වාදීම මෙතරම් අපහසු වූයේ ඇයි?

පුරුෂයන් සඳහා උපත් පාලන පෙති හඳුන්වාදීම පිළිබඳ සමාජය සහ ව්‍යාපාරික ලෝකය තුළ කැමැත්තක් නොතිබීම මෙයට හේතුව බව සමහරු පවසති. නමුත් අදහස් විමසීමේ සමීක්ෂණයක දී පුරුෂයන් වැඩි දෙනෙක් පැවසුවේ මෙවැනි පෙති වෙළෙඳපොළේ තිබෙන්නේ නම් තමන් භාවිත කරන බවය.

පුරුෂයන් මෙම පෙති නිසියාකාරව භාවිත කරනු ඇත්දැයි කාන්තාවන් තුළ පවතින සැකය තවත් ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ. 2011 වසරේදී එක්සත් රාජධානියේ සිදුකළ සමීක්ෂණයකට සහභාගී කරගත් කාන්තාවන් 134 දෙනා අතුරෙන් 70 දෙනෙකු පැවසුවේ සිය සහකරු උපත් පාලන පෙති නිසි පිළිවෙළට ලබා ගැනීම අතපසු කර ගනු ඇති බවය.

කෙසේ නමුත්, මෙම උපත් පාලන පෙති භාවිත කිරීමේ දී එහි අතුරු ප්‍රතිඵල ලෙස ලිංගික ශක්තිය අඩු නොවන සහ අප්‍රාණික බව ඇති නොවන ආකාරයෙන් එය නිර්මාණය කිරීම මෙහි විද්‍යාත්මක අභියෝගය විය.

"අතුරු ප්‍රතිඵල අඩු වෙන තරමට හොඳයි"

"මේ වගේ උපත් පාලන පෙත්තක් පිරිමි අපිටත් හඳුන්වා දීම ගැන සතුටක් වගේම පොඩි බයකුත් තියෙනවා. විශේෂයෙන්ම මෙයින් ඇතිවන අතුරු ප්‍රතිඵල ගැන. ඒ බය දැනෙන්නේ පිරිමින්ට මේ ගැන අත්දැකීම් නැති නිසා වෙන්න පුළුවන්," යැයි කොළඹ පිහිටි පෞද්ගලික සමාගමක රැකියාවේ නියුතු පුරුෂයෙකු බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසීය.

ශුක්‍රාණු නිපදවීම

සරුභාවයෙන් යුතු පුරුෂයෙකුගේ වෘෂණ කෝෂවල හෝමෝන ක්‍රියාකාරීත්වය හේතුවෙන් ශුක්‍රාණු නිපදවීම නිරන්තරයෙන් සිදුවේ.

මෙම ක්‍රියාවලිය තාවකාලිකව නතර කිරීමට උත්සහ කිරීමේ දී බොහෝ අතුරු ප්‍රතිඵල ඇති වේ දැයි මෙහි ඇති ප්‍රධානතම ගැටලුවයි.

නමුත් ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර පිහිටි BioMed ආයතනය සහ වොෂින්ටන් විශ්වවිද්‍යාලය මේ පිළිබඳ දැනටමත් පරීක්ෂණ පවත්වා ඇති අතර, නුදුරේදීම සිය අරමුණ සාක්ෂාත් කරගනු ඇතැයි පරීක්ෂකයෝ පවසති.

2019 වසරේ දී පැවති ලෝක වෛද්‍ය සම්මේලනයක දී එළිදැක්වූ දත්ත අනුව, පුරුෂයන් හතළිහක් යොදාගෙන සිදු කරන ලද "ප්‍රථම වටයේ" පරීක්ෂණ යම් දුරකට සාර්ථක වී තිබේ.

දින 28ක් පුරා පැවති පරීක්ෂණය:

•පුරුෂයන් දස දෙනෙකුට උපත් පාලන පෙති ලෙස පෙනෙන අනුව්‍යාජ පෙති ලබා දී තිබේ.

•අනෙක් පුද්ගලයන් තිස්දෙනාට පරීක්ෂණ මට්ටමේ පවතින උපත් පාලන පෙති ලබා දී තිබේ.

ව්‍යාජ පෙති ලබා ගත් පුද්ගලයන්ට වඩා නිවැරදි උපත් පාලන පෙති ලබාගත් පුද්ගලයන් තුළ ශුක්‍රාණු නිපදවීමට අවශ්‍ය හෝමෝන ඇතිවීම විශාල වශයෙන් පහත වැටී ඇති බව නිරීක්ෂණය වී තිබේ. මෙම පෙති භාවිතය නතර කළ පසු හෝමෝන ක්‍රියාකාරිත්වය නැවත සාමාන්‍ය තත්වයට පත් වේ.

ශිශ්නය අප්‍රාණික වීම

මෙම පෙතිවලින් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල ඉතා අවම මට්ටමක පවතී.

පරීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් පස්දෙනෙකු සිය ලිංගික ශක්තිය ඉතා සුළු වශයෙන් අඩු වී ඇතැයි පැවසූ අතර, තවත් දෙදෙනෙකුට ලිඟුවේ සුළු අප්‍රාණික බවක් දැනුණ බව පවසා තිබේ.

නමුත් කිසිදු පුද්ගලයෙකුගේ සමස්ත ලිංගික ක්‍රියාවලියට මෙමගින් බලපෑමක් එල්ල වී නොමැත. එමෙන්ම, පෙතිවල අතුරු ප්‍රතිඵල නිසා කිසිදු පුද්ගලයෙක් එය භාවිත කිරීම අතහැර නොමැති අතර, සියල්ලෝම පරීක්ෂණයෙන් ආරක්ෂිත ලෙස සමත් වූහ.

මෙම නව සොයා ගැනීම ගැන දැඩි උනන්දුවක් ඇතත් ඒ පිළිබඳ පරීක්ෂාකාරී වන බව පරීක්ෂණ කණ්ඩායම මෙහෙයවන මහාචාර්ය ක්‍රිස්ටිනා වැන්ග් සහ කණ්ඩායම පවසයි.

"අපේ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ හෝමෝන ක්‍රියාකාරකම් දෙකක් එකට සිදු කරන මේ පෙත්තෙන් ලිංගික ප්‍රාණවත් බව පවතින අතරම ශුක්‍රාණු නිපදවීම අඩු කරන බවයි," ඇය පැවසීය.

නමුත් මෙම පෙතිවලින් උපත් පාලනය නිසියාකාරව සිදු වන්නේ ද යන්න නිශ්චිතව දැනගැනීම සඳහා වඩා වැඩි පිරිසක් සහභාගී කරගනිමින් දීර්ඝකාලීන පරීක්ෂණ පැවැත්විය යුතුය.

"අපේ සමාජයට මෙය හඳුන්වා දීමට අමාරු වෙයි"

සමාජ ක්‍රියාකාරිනියක් වන තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ "මෙය ඉතා හොඳ සොයාගැනීමක්. විශේෂයෙන්ම මේ උපත් පාලන ක්‍රමය නිසා පවුල් සෞඛ්‍ය ගැන බර, කාන්තා සහ පුරුෂයන් අතර සම සේ බෙදී යනවා" යනුවෙනි.

"හැබැයි මේ වගේ දෙයක් ශ්‍රී ලංකාව වැනි ලිංගික අධ්‍යාපනය සඟවන රටකට හඳුන්වා දීම ඉතා අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම පිරිමින්ට මෙය පාවිච්චි කරන විදිය කියා දෙන එක සහ ඔවුන් එය කොයිතරම් දුරට අනුගමනය කරයිද යන්න ගැන සැකයක් තියෙනවා" යැයි ඇය තවදුරටත් පැවසීය.

ශරීරයේ ආලේප කළ හැකි ජෙල් වර්ගයක්

මහාචාර්ය ක්‍රිස්ටිනා වැන්ග් ඇතුළු කණ්ඩායම පරීක්ෂණ පවත්වන්නේ මෙම උපත් පාලන ක්‍රමය ගැන පමණක් නොවේ.

මෙම කණ්ඩායම විසින් ශරීරයේ ආලේප කළ හැකි ජෙල් වර්ගයක් නිපදවා ඇති අතර, විවිධ රටවල දිවි ගෙවන පුද්ගලයන් මෙම පරීක්ෂණය සඳහා සහභාගී කරගෙන ඇත.

අදාළ පුද්ගලයන් මෙම ජෙල් වර්ගය දිනපතා සිය ශරීරයේ පිටුපස ප්‍රදේශයේ සහ උරහිස්වල අලේප කළ යුතු වන අතර එය සම තුළට අවශෝෂණය වෙනු ඇත.

මෙම ජෙල් වර්ගයේ අඩංගු ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය නිසා වෘෂණ කෝෂ තුළ ස්වාභාවිකව නිපදවෙන ටෙස්ටොස්ටෙරෝන් සම්පූර්ණයෙන් නතර කෙරෙන අතර එයින් ශුක්‍රාණු නිපදවීම අවම හෝ නැති වී යන මට්ටමකට ළඟා වේ.

මේ අතර, ජෙල්වල අඩංගු ටෙස්ටොස්ටෙරෝන් මගින් ලිංගික ප්‍රාණවත් බව ඇතුළු ශරීරයේ වෙනත් ක්‍රියාවන් ආරක්ෂා කරනු ලබයි.

වෙනස්වන මනෝභාවයන්

දීර්ඝකාලීන උපත් පාලන ක්‍රමයක් ලෙස මසකට වරක් ලබාගත හැකි එන්නතක් පිළිබඳ තවත් විද්‍යාඥයෝ පිරිසක් පරීක්ෂණ පවත්වති.

නමුත් පරීක්ෂණ සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වූ සමහර පුද්ගලයන් තුළ එන්නතේ අතුරු ප්‍රතිඵලයක් ලෙස මනෝභාවයන්ගේ වෙනසක් හෝ මානසික අවපීඩන තත්වයක් නිරීක්ෂණය විය.

මේ හේතුවෙන් මූලික පරීක්ෂණ සඳහා පුද්ගලයන් යොදා ගැනීම නතර කිරීමට පරීක්ෂකයන් තීරණය කළහ.

කෙසේවෙතත්, හෝමෝන ලබා ගැනීමට අකමැති පුරුෂයන්ට වාසෙක්තමි ශල්‍යකර්මය මගින් ශිශ්නය හරහා ශුක්‍රාණු පිටවීම නතර කළ හැකිය.

වාසල්ජෙල් (Vasalgel) ක්‍රමය මගින් වෘෂණ කෝෂවලින් ශිශ්නයට ශුක්‍රාණු රැගෙන යන නාලවලට ද්‍රවයක් එන්නත් කරනු ලබයි. මෙය දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රමයක් වන අතර, හෝමෝන ලබා ගැනීමට අවශ්‍ය නැත.

නමුත් මේ දක්වා මෙම එන්නත පරීක්ෂාවට යොදාගෙන ඇත්තේ සතුන් පමණය.

කෙසේ නමුත්, පුද්ගලයන් සහභාගී කරගෙන පරීක්ෂණ පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට ලැබී ඇති බව පරීක්ෂකයෝ පවසති.

වෙළෙඳපොළ

ලොව පුරා කාන්තාවන් සහ පුරුෂයන් තුළ මෙම නවතම සොයාගැනීම් පිළිබඳ දැඩි උනන්දුවක් පැවතුන ද පුරුෂ උපත් පාලනය ගැන ඖෂධ සමාගම් මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන බව එඩින්බරා විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය රිචර්ඩ් ඇන්ඩර්සන් පැවසීය.

"මම හිතන්නේ ඖෂධ සමාගම් මෙම වෙළෙඳපොළ ගැන තවම සෑහීමකට පත් වෙලා නැහැ."

"මෙය ඇත්තෙන්ම ඉතා දීර්ඝ කතාවක්. මෙම ක්‍රියාවලියේ භාගයකට අවශ්‍ය මුදල් ආයෝජන නැහැ" යැයි ඔහු තවදුරටත් පැවසුවේය.

හොඳ සහ නරක අතර ගෙවුණු අතීතයක්

මෙම පරීක්ෂණ ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට ඖෂධ සමාගම් වැඩි වශයෙන් ඉදිරිපත් නොවන නිසා පුණ්‍යායතන සහ විශ්වවිද්‍යාලවල සහය ලබා ගැනීමට සිදුව ඇති අතර, එය ඉතා කල්ගතවෙන ක්‍රියාවලියක් බවට පත්ව ඇතැයි මහාචාර්යවරයා පැවසීය.

"පුරුෂයන් වෙනුවෙන් නිර්මාණය වන උපත් පාලන පෙති සහ එන්නත්වලට ඇත්තේ හොඳ සහ නරක අතර ගෙවුණු අතීතයක්. මේ වෙනතෙක් මේ දේවල් වැඩි වශයෙන් සාර්ථක වෙලා නැහැ, නමුත් අලුත් දේවල් ගැන පරීක්ෂණ පවත්වන එක හොඳයි" යැයි එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇලන් පේසි සඳහන් කළේය.

"නමුත් වැදගත් දේ තමයි මෙම පරීක්ෂණ සාර්ථක වුනොත් අදාල බෙහෙත් වෙළෙඳපොළට ගේන්න කැමති ප්‍රමාණවත් ඖෂධ සමාගම් ඉන්නවා ද කියන එක."

"අවාසනාවට පුරුෂ උපත් පාලන පෙති වෙළෙඳපොළට ගෙන ඒමට උනන්දු වන ඖෂධ සමාගම් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. මෙයට හේතුව මට තේරුම් ගන්න අමාරුයි, හැබැයි ඒ අය විද්‍යාවට වඩා ව්‍යාපාරවලට ඉඩ දෙන නිසා මෙම තත්වය ඇති වී තිබෙන බව මම හිතනවා," මහාචාර්යවරයා තවදුරටත් පැවසුවේය.

[QUOTE="EVALUTION, post: 24342673, member: 515780"] [b]පුරුෂයන් වෙනුවෙන් නිමවෙන උපත් පාලන[/b] [CENTER][SIZE="10"][COLOR="Magenta"]පුරුෂයන් වෙනුවෙන් නිමවෙන උපත් පාලන පෙති සහ එන්නත්[/COLOR][/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/D143/production/_106217535__106169719_gettyimages-866635964-2.jpg[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]පුරුෂයන් වෙනුවෙන් සැකසුණු උපත් පාලන ඖෂධ පරිභෝජනයට සුදුසු මට්ටමක පවතී ද යන්න පිළිබඳ පැවැත්වූ ආරම්භක පරීක්ෂණ සාර්ථක වී ඇතැයි විශේෂඥයෝ පවසති. පසුගියදා පැවැත්වූ ලෝක ප්‍රසිද්ධ වෛද්‍ය සම්මේලනයක දී මෙම කරුණු ඉදිරිපත් විය. දිනකට එක් වරක් පමණක් පරිභෝජනය කළ යුතු මෙම පෙති වර්ගයට ශුක්‍රාණු නිපදවීම නතර කළ හැකි හෝමෝනයක් අඩංගු කර තිබේ. කොන්ඩම් භාවිතය සහ වාසෙක්තමි ශල්‍යකර්මය වැනි පුරුෂයන් වෙනුවෙන් ඇති උපත් පාලන ක්‍රම දෙකට අමතරව මෙම පෙති භාවිතය හඳුන්වා දෙනු ඇත. නමුත් මෙය වෙළෙඳපොළට නිකුත් කිරීමට තවත් වසර දහයක පමණ කාලයක් ගත වෙනු ඇතැයි වෛද්‍ය සම්මේලනයේ දී ප්‍රකාශ විය. "අපි කැමතියි" ශ්‍රී ලාංකික සමාජය තුළ ලිංගික අධ්‍යාපනය සහ උපත් පාලනය සම්බන්ධයෙන් විවෘතව අදහස් පළ කිරීමට බොහෝ දෙනෙකු මැලිකමක් දක්වති. මේ හේතුවෙන්, නව උපත් පාලන පෙති ගැන බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ තිදෙනා සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැත්ත පළ කළහ. "පුරුෂයන්ට උපත් පාලන පෙති නිපදවීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. ඒකට හේතුව මේ වනතෙක් උපත් පාලන පෙති අරගෙන එයින් ඇතිවන හැම අතුරු ප්‍රතිඵලයක්ම විඳ ගත්තේ ගැහැණු අපි විතරයි. දැන් පුරුෂයන්ටත් අපට දැනෙන වේදනාවන් සහ සමහර වෙලාවට එන බිය දැනෙන්න ගන්නවා. දෙදෙනෙක් එක් වන විට තිබෙන ගොඩක් වගකීම් ගැහැණියකගේ කර මත පැටවෙන එක මෙයින් යම් දුරකට අඩුවෙනවා," ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් පැවසීය. ලිංගික ශක්තිය කාන්තා උපත් පාලන පෙති හඳුන්වා දී වසර ගණනාවක් ගෙවී ගොස් තිබේ. නමුත් පුරුෂයන් වෙනුවෙන් එවැනි පෙති වර්ගයක් හඳුන්වාදීම මෙතරම් අපහසු වූයේ ඇයි? පුරුෂයන් සඳහා උපත් පාලන පෙති හඳුන්වාදීම පිළිබඳ සමාජය සහ ව්‍යාපාරික ලෝකය තුළ කැමැත්තක් නොතිබීම මෙයට හේතුව බව සමහරු පවසති. නමුත් අදහස් විමසීමේ සමීක්ෂණයක දී පුරුෂයන් වැඩි දෙනෙක් පැවසුවේ මෙවැනි පෙති වෙළෙඳපොළේ තිබෙන්නේ නම් තමන් භාවිත කරන බවය.[/SIZE][/COLOR] [CENTER][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/14673/production/_106217538__106171542_gettyimages-174544004.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Blue"]පුරුෂයන් මෙම පෙති නිසියාකාරව භාවිත කරනු ඇත්දැයි කාන්තාවන් තුළ පවතින සැකය තවත් ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ. 2011 වසරේදී එක්සත් රාජධානියේ සිදුකළ සමීක්ෂණයකට සහභාගී කරගත් කාන්තාවන් 134 දෙනා අතුරෙන් 70 දෙනෙකු පැවසුවේ සිය සහකරු උපත් පාලන පෙති නිසි පිළිවෙළට ලබා ගැනීම අතපසු කර ගනු ඇති බවය. කෙසේ නමුත්, මෙම උපත් පාලන පෙති භාවිත කිරීමේ දී එහි අතුරු ප්‍රතිඵල ලෙස ලිංගික ශක්තිය අඩු නොවන සහ අප්‍රාණික බව ඇති නොවන ආකාරයෙන් එය නිර්මාණය කිරීම මෙහි විද්‍යාත්මක අභියෝගය විය. "අතුරු ප්‍රතිඵල අඩු වෙන තරමට හොඳයි" "මේ වගේ උපත් පාලන පෙත්තක් පිරිමි අපිටත් හඳුන්වා දීම ගැන සතුටක් වගේම පොඩි බයකුත් තියෙනවා. විශේෂයෙන්ම මෙයින් ඇතිවන අතුරු ප්‍රතිඵල ගැන. ඒ බය දැනෙන්නේ පිරිමින්ට මේ ගැන අත්දැකීම් නැති නිසා වෙන්න පුළුවන්," යැයි කොළඹ පිහිටි පෞද්ගලික සමාගමක රැකියාවේ නියුතු පුරුෂයෙකු බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසීය. ශුක්‍රාණු නිපදවීම සරුභාවයෙන් යුතු පුරුෂයෙකුගේ වෘෂණ කෝෂවල හෝමෝන ක්‍රියාකාරීත්වය හේතුවෙන් ශුක්‍රාණු නිපදවීම නිරන්තරයෙන් සිදුවේ. මෙම ක්‍රියාවලිය තාවකාලිකව නතර කිරීමට උත්සහ කිරීමේ දී බොහෝ අතුරු ප්‍රතිඵල ඇති වේ දැයි මෙහි ඇති ප්‍රධානතම ගැටලුවයි. නමුත් ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර පිහිටි BioMed ආයතනය සහ වොෂින්ටන් විශ්වවිද්‍යාලය මේ පිළිබඳ දැනටමත් පරීක්ෂණ පවත්වා ඇති අතර, නුදුරේදීම සිය අරමුණ සාක්ෂාත් කරගනු ඇතැයි පරීක්ෂකයෝ පවසති. [/COLOR][/SIZE] [CENTER][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/11DB/production/_106217540__102497056_gettyimages-105937687.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="5"]2019 වසරේ දී පැවති ලෝක වෛද්‍ය සම්මේලනයක දී එළිදැක්වූ දත්ත අනුව, පුරුෂයන් හතළිහක් යොදාගෙන සිදු කරන ලද "ප්‍රථම වටයේ" පරීක්ෂණ යම් දුරකට සාර්ථක වී තිබේ. දින 28ක් පුරා පැවති පරීක්ෂණය: •පුරුෂයන් දස දෙනෙකුට උපත් පාලන පෙති ලෙස පෙනෙන අනුව්‍යාජ පෙති ලබා දී තිබේ. •අනෙක් පුද්ගලයන් තිස්දෙනාට පරීක්ෂණ මට්ටමේ පවතින උපත් පාලන පෙති ලබා දී තිබේ. ව්‍යාජ පෙති ලබා ගත් පුද්ගලයන්ට වඩා නිවැරදි උපත් පාලන පෙති ලබාගත් පුද්ගලයන් තුළ ශුක්‍රාණු නිපදවීමට අවශ්‍ය හෝමෝන ඇතිවීම විශාල වශයෙන් පහත වැටී ඇති බව නිරීක්ෂණය වී තිබේ. මෙම පෙති භාවිතය නතර කළ පසු හෝමෝන ක්‍රියාකාරිත්වය නැවත සාමාන්‍ය තත්වයට පත් වේ. ශිශ්නය අප්‍රාණික වීම මෙම පෙතිවලින් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල ඉතා අවම මට්ටමක පවතී. පරීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් පස්දෙනෙකු සිය ලිංගික ශක්තිය ඉතා සුළු වශයෙන් අඩු වී ඇතැයි පැවසූ අතර, තවත් දෙදෙනෙකුට ලිඟුවේ සුළු අප්‍රාණික බවක් දැනුණ බව පවසා තිබේ. නමුත් කිසිදු පුද්ගලයෙකුගේ සමස්ත ලිංගික ක්‍රියාවලියට මෙමගින් බලපෑමක් එල්ල වී නොමැත. එමෙන්ම, පෙතිවල අතුරු ප්‍රතිඵල නිසා කිසිදු පුද්ගලයෙක් එය භාවිත කිරීම අතහැර නොමැති අතර, සියල්ලෝම පරීක්ෂණයෙන් ආරක්ෂිත ලෙස සමත් වූහ.[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="5"]මෙම නව සොයා ගැනීම ගැන දැඩි උනන්දුවක් ඇතත් ඒ පිළිබඳ පරීක්ෂාකාරී වන බව පරීක්ෂණ කණ්ඩායම මෙහෙයවන මහාචාර්ය ක්‍රිස්ටිනා වැන්ග් සහ කණ්ඩායම පවසයි. "අපේ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ හෝමෝන ක්‍රියාකාරකම් දෙකක් එකට සිදු කරන මේ පෙත්තෙන් ලිංගික ප්‍රාණවත් බව පවතින අතරම ශුක්‍රාණු නිපදවීම අඩු කරන බවයි," ඇය පැවසීය. නමුත් මෙම පෙතිවලින් උපත් පාලනය නිසියාකාරව සිදු වන්නේ ද යන්න නිශ්චිතව දැනගැනීම සඳහා වඩා වැඩි පිරිසක් සහභාගී කරගනිමින් දීර්ඝකාලීන පරීක්ෂණ පැවැත්විය යුතුය. "අපේ සමාජයට මෙය හඳුන්වා දීමට අමාරු වෙයි" සමාජ ක්‍රියාකාරිනියක් වන තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ "මෙය ඉතා හොඳ සොයාගැනීමක්. විශේෂයෙන්ම මේ උපත් පාලන ක්‍රමය නිසා පවුල් සෞඛ්‍ය ගැන බර, කාන්තා සහ පුරුෂයන් අතර සම සේ බෙදී යනවා" යනුවෙනි. "හැබැයි මේ වගේ දෙයක් ශ්‍රී ලංකාව වැනි ලිංගික අධ්‍යාපනය සඟවන රටකට හඳුන්වා දීම ඉතා අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම පිරිමින්ට මෙය පාවිච්චි කරන විදිය කියා දෙන එක සහ ඔවුන් එය කොයිතරම් දුරට අනුගමනය කරයිද යන්න ගැන සැකයක් තියෙනවා" යැයි ඇය තවදුරටත් පැවසීය. ශරීරයේ ආලේප කළ හැකි ජෙල් වර්ගයක් මහාචාර්ය ක්‍රිස්ටිනා වැන්ග් ඇතුළු කණ්ඩායම පරීක්ෂණ පවත්වන්නේ මෙම උපත් පාලන ක්‍රමය ගැන පමණක් නොවේ.[/SIZE][/COLOR] [CENTER][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/106D1/production/_106218276_gettyimages-648811632-594x594.jpg[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]මෙම කණ්ඩායම විසින් ශරීරයේ ආලේප කළ හැකි ජෙල් වර්ගයක් නිපදවා ඇති අතර, විවිධ රටවල දිවි ගෙවන පුද්ගලයන් මෙම පරීක්ෂණය සඳහා සහභාගී කරගෙන ඇත. අදාළ පුද්ගලයන් මෙම ජෙල් වර්ගය දිනපතා සිය ශරීරයේ පිටුපස ප්‍රදේශයේ සහ උරහිස්වල අලේප කළ යුතු වන අතර එය සම තුළට අවශෝෂණය වෙනු ඇත. මෙම ජෙල් වර්ගයේ අඩංගු ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය නිසා වෘෂණ කෝෂ තුළ ස්වාභාවිකව නිපදවෙන ටෙස්ටොස්ටෙරෝන් සම්පූර්ණයෙන් නතර කෙරෙන අතර එයින් ශුක්‍රාණු නිපදවීම අවම හෝ නැති වී යන මට්ටමකට ළඟා වේ. මේ අතර, ජෙල්වල අඩංගු ටෙස්ටොස්ටෙරෝන් මගින් ලිංගික ප්‍රාණවත් බව ඇතුළු ශරීරයේ වෙනත් ක්‍රියාවන් ආරක්ෂා කරනු ලබයි. වෙනස්වන මනෝභාවයන් දීර්ඝකාලීන උපත් පාලන ක්‍රමයක් ලෙස මසකට වරක් ලබාගත හැකි එන්නතක් පිළිබඳ තවත් විද්‍යාඥයෝ පිරිසක් පරීක්ෂණ පවත්වති. නමුත් පරීක්ෂණ සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වූ සමහර පුද්ගලයන් තුළ එන්නතේ අතුරු ප්‍රතිඵලයක් ලෙස මනෝභාවයන්ගේ වෙනසක් හෝ මානසික අවපීඩන තත්වයක් නිරීක්ෂණය විය. මේ හේතුවෙන් මූලික පරීක්ෂණ සඳහා පුද්ගලයන් යොදා ගැනීම නතර කිරීමට පරීක්ෂකයන් තීරණය කළහ. කෙසේවෙතත්, හෝමෝන ලබා ගැනීමට අකමැති පුරුෂයන්ට වාසෙක්තමි ශල්‍යකර්මය මගින් ශිශ්නය හරහා ශුක්‍රාණු පිටවීම නතර කළ හැකිය. [/SIZE][/COLOR] [CENTER][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/870B/production/_106217543_gettyimages-1020084982-594x594.jpg[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]වාසල්ජෙල් (Vasalgel) ක්‍රමය මගින් වෘෂණ කෝෂවලින් ශිශ්නයට ශුක්‍රාණු රැගෙන යන නාලවලට ද්‍රවයක් එන්නත් කරනු ලබයි. මෙය දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රමයක් වන අතර, හෝමෝන ලබා ගැනීමට අවශ්‍ය නැත. නමුත් මේ දක්වා මෙම එන්නත පරීක්ෂාවට යොදාගෙන ඇත්තේ සතුන් පමණය. කෙසේ නමුත්, පුද්ගලයන් සහභාගී කරගෙන පරීක්ෂණ පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට ලැබී ඇති බව පරීක්ෂකයෝ පවසති. වෙළෙඳපොළ ලොව පුරා කාන්තාවන් සහ පුරුෂයන් තුළ මෙම නවතම සොයාගැනීම් පිළිබඳ දැඩි උනන්දුවක් පැවතුන ද පුරුෂ උපත් පාලනය ගැන ඖෂධ සමාගම් මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන බව එඩින්බරා විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය රිචර්ඩ් ඇන්ඩර්සන් පැවසීය. "මම හිතන්නේ ඖෂධ සමාගම් මෙම වෙළෙඳපොළ ගැන තවම සෑහීමකට පත් වෙලා නැහැ." "මෙය ඇත්තෙන්ම ඉතා දීර්ඝ කතාවක්. මෙම ක්‍රියාවලියේ භාගයකට අවශ්‍ය මුදල් ආයෝජන නැහැ" යැයි ඔහු තවදුරටත් පැවසුවේය. හොඳ සහ නරක අතර ගෙවුණු අතීතයක් මෙම පරීක්ෂණ ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට ඖෂධ සමාගම් වැඩි වශයෙන් ඉදිරිපත් නොවන නිසා පුණ්‍යායතන සහ විශ්වවිද්‍යාලවල සහය ලබා ගැනීමට සිදුව ඇති අතර, එය ඉතා කල්ගතවෙන ක්‍රියාවලියක් බවට පත්ව ඇතැයි මහාචාර්යවරයා පැවසීය. "පුරුෂයන් වෙනුවෙන් නිර්මාණය වන උපත් පාලන පෙති සහ එන්නත්වලට ඇත්තේ හොඳ සහ නරක අතර ගෙවුණු අතීතයක්. මේ වෙනතෙක් මේ දේවල් වැඩි වශයෙන් සාර්ථක වෙලා නැහැ, නමුත් අලුත් දේවල් ගැන පරීක්ෂණ පවත්වන එක හොඳයි" යැයි එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇලන් පේසි සඳහන් කළේය. "නමුත් වැදගත් දේ තමයි මෙම පරීක්ෂණ සාර්ථක වුනොත් අදාල බෙහෙත් වෙළෙඳපොළට ගේන්න කැමති ප්‍රමාණවත් ඖෂධ සමාගම් ඉන්නවා ද කියන එක." "අවාසනාවට පුරුෂ උපත් පාලන පෙති වෙළෙඳපොළට ගෙන ඒමට උනන්දු වන ඖෂධ සමාගම් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. මෙයට හේතුව මට තේරුම් ගන්න අමාරුයි, හැබැයි ඒ අය විද්‍යාවට වඩා ව්‍යාපාරවලට ඉඩ දෙන නිසා මෙම තත්වය ඇති වී තිබෙන බව මම හිතනවා," මහාචාර්යවරයා තවදුරටත් පැවසුවේය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom