Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුලිට්සර් සම්මාන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුලිට්සර් සම්මාන

කතා කරන පින්තූර

ජෝෂප් පුලිට්සර් – පුලිට්සර් සම්මානයේ නිර්මාතෘ

ජනමාධ්‍යවේදය, සාහිත්‍ය හා සංගීත යන අංශන්ගේ විශිෂ්ඨතමයන් සඳහා ලොව පිරිනැමෙන ඉහළම සම්මානය වන්නේ පුලිට්සර් ත්‍යාගයයි. පුලිට්සර් ත්‍යාගය ඇරඹෙන්නේ ලෝක මාධ්‍ය ඉතිහාසයේ සුවිශේෂිතමයෙකු ලෙස සැලකෙන ජෝෂප් පුලිට්සර්ගේ පුරෝගාමිත්වයෙනි.

Image: wikipedia

පුලිට්සර් 1847 හන්ගේරියාවේ උපන් යුදෙව්වෙකි. ලෝකයේ මුල් වරට ජනමාධ්‍ය සම්බන්ධයෙන් පාඨමාලවක් අරඹන්නේ ද පුලිට්සර් විසිනි.

Image: wikipedia

එහෙත් ඔහුගේ යෙලෝ ජර්නලිසම් මාධ්‍ය භාවිතය විවාදාත්මකය. කහපාට කඩදාසි පත්‍ර මත කෙරුණු ඔහුගේ පුවත්පත් කලාව තුළ වූයේ එකිනෙකා කොටවන, කුලප්පු කරවන ආන්දෝලනාත්මක පුවත් සහ ලිපි පළ කිරීමය. පසුකාලීනව යුරෝපයේ එය අනුකරණය කළ අය ද විශාල වශයෙන් බිහි වූහ. පසුව පළමු ලෝක යුද්ධයට ද හේතු වූයේ මේ යෙලෝ ජර්නලිසම් ක්රියකාරීත්වය බව ද පැවසේ.

කෙසේ වෙතත් පුලිට්සර් නාමයෙන් සිය ජීවිත කාලයෙන් එක් වරක් හෝ පිදුම් ලැබීම ලෝක ජනමාධ්‍යවේදීන්ගේ සිහිනයයි.

ඡායාරූපකරණය සඳහා පුලිට්සර් ත්‍යාගය (Feature Photography)

Image : pulitzer.org

ඡායාරූපකරණය සඳහා වන පුලිට්සර් ත්‍යාගය පිරිනැමීම 1942 වසරේ සිට ආරම්භ කෙරිණි.

පුලිට්සර් සම්මාන සඳහා ඉදිරිපත් කෙරෙන මේ සියළු ඡායාරූප පසුබිමේ, වචන දහසකින් වත් කිව නොහැකි සිදුවීම් පෙළකි. අනුවේදනීය, ශෝචනීය ඉරණම් මේ ඡායාරූප පිටුපස ලියැවී ඇත. කාලයේ නිමේෂයෙන් මොහොතක් නතර කර ගත් එවැනි ජීවමාන ඡායාරූප කතන්දර කිහිපයක් ඔබගේ රසවින්දනාත්මක දැනුම පිණිස අප මෙසේ පෙළගස්වමු.

කටු අකුලේ මල් ඇහැරේ – වියට්නාමයේ නාපාම් දැරියගේ කතාන්දරය

Image: AP Photo/Nick Ut

1972 වසරේ ජූනි 8 දින දකුණු දිග වියට්නාමයේ ගම්මානයක් වූ ට්‍රැන්ග් බැන්ග් වෙත හිරු සිය ප්‍රථම රැස් විහිදුවේ අනතුරු හගවමින් නොවේ. නව හැවිරිදි පෑන් තී කිම් දැරිය සිය ගම්මානයේ කෙළි දෙළින් පසුවූයේ ද යුද්ධය පිළිබඳ බැරුරැම් අදහසින් නොවේ. එය වියට්නාම් යුද්ධයේ උණුසුමෙන් දසත ගිනිගෙන දැවුණ සමයයි. එහෙත් අහස ගුගුරා හැලුණ විටත් තම පවුලටත් ගම්මානයටත් අනතුරක් නොවුණ විට ඇයට ඒ පිළිබඳ වගේ වගක් නොවී.

එහෙත් ඇගේ දෛවය වෙනස් කරමින් ඇමරිකානුවන් ගුවනින් නාපාම් බෝම්බ හෙළන්නට වූයේ සිවිල් ජනයා පිළිබඳ කිසිදු තැකීමකින් තොරවය. ප්‍රෙටෝලියම් සහ ජෙලි භාවිතයෙන් නිපදවෙන නාපාම් බෝම්බ බිම පතිත වූ සැණින් ගිනි ජාලාවන් හටගෙන දසත පැතිර ගියේය. ගම්මානයේ ජනයා හිස් ලූ ලූ අත දිවෙද්දි පෑන් තී දැරිය බියෙන් තැතිගැන්මෙන් හඩමින් නිරුවතින් දිව ගියාය. නාපාම් බොම්බයේ අග්නි ජාලා ඇගේ පිටුපස ශරීරය දවා තිබිණි. සිය හම එල්ලා වැටෙද්දිත් වේදනාවෙන් පීඩිතව ඇය ජීවිතය ඉල්ලා දිව ආවාය.

යුද්ධයේ බිහිසුණු කම සේයා රූ වලින් ලොවට කියන්නට මාන බලමින් සිටි ඇසොසියේටඩ් ප්‍රෙස් ආයතයේ යුධ වාර්තාකරු නික් උට් හට හඩමින් දිව එන මේ දැරිය දක්නට ලැබිණි. ඔහු ඒ අනුවේදනීය දසුන සිය කැමරාවට හසුකරගත් අතරම දැරිය වහා රෝහලක් කරා යොමු කළේය.

Image : bytesdaily.blogspot.com |

නික් උට් (Nick ut) සිය කීර්තිමත් ඡායාරූපය සමග ඉන් අනතුරුව මෙම ඡායාරූපය ඇසොසියේටඩ් ප්‍රෙස් ආයතන මගින් ලොව පුරා ජනප්‍රිය වූ අතර නික් උට් හට 1973 වසරේ කීර්තිමත් පුලිට්සර් සම්මානය හිමි වූයේය.

Image: marciokenobi.files.wordpress.com |

පෑන් තී කිම් දැන් නාපාම් දැරිය ලෙස ලොකයේ අවධානයට පත් පෑන් තී කිම් පසුකාලීනව කැනඩාවට සංක්‍රමණය වන අතර මේ වන විට පනස් හතර හැවිරිදි කාන්තාවකි. යුද්ධයන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් සංවිධානයක් පිහිටුවා එවන් දරුවන් වෙනුවෙන් අප්‍රමාණ මෙහෙයක් කරන්නට ඇය සමත්ව සිටින්නී ය.

Burst of Joy – ප්‍රමෝදය පිටුපස සැගවුණ රැවටිල්ල

Image: historybyzim.com

1973 වසරේ ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයේ නිල ඡායාරූප ශිල්පියෙකු වූ සල්වා සල් වෙදර් ගේ කැමරාවවේ සනිටුහන් වූ ඉහත ඡායාරූපය වෙනුවෙන් 1974 වසරේ විශේෂාංග ඡායාරූපය සඳහා පුලිට්සර් සම්මානය හිමි විය. බැලූ බැල්මට පියා ආදරයෙන් පිළිගන්නා දරු පවුලක සේයාරූවක් ඔබේ නෙතට හසුවේ. ඔවුන්ගේ සිනහවෙන් පිරුණු මුහුණු පවසන්නේ දිගු කාලයකට පසුව සිය පියා හමුවන ප්‍රමෝදයයි..

දිර්ඝ කාලයක් වියට්නාම් යුද්ධයට මැදිවී සිරකරුවෙකු වශයෙන් සිටි ලුතිනන් කර්නල් රොබට් එල් ස්ට්‍රීම් සිය රට බලා ආවේ තවත් සෙබලුන් විසි ගණනක් සමගිනි. ඔවුන් පිළිගන්නට පාවඩ එලා තොරණ් බැඳ පිරිස් රැස්ව සිටියේය. කැමරා මානගෙන සිටි ඡායාරූප ශිල්පීන් ඒ සොඳුරු මොහොත සනිටුහන් කොට පරෙස්සන් කරන්නට බලා සිටියහ.

ඒ අතර කර්නල්වරයාගේ දියණියන් දෙදෙනා , පුතුන් දෙදෙනා හා බිරිඳ ද වූහ. සිය පියා දකින දරුවන් හා බිරිඳ උතුරා යන සෙනෙහසින් ඔහු එන මග පෙර ගමන් ගියහ. කැමරාවේ සනිටුහන් වූයේ ඒ සොඳුරු දසුනයි. එහෙත් තිරය පිටුපස කතාව හමුවීමේ ප්‍රමෝදය තරම් මිහිරි නොවේ.

සිරකරුවකු ලෙස තමා නිදහස් වූ දා ම ඔහුට සිය බිරිඳගෙන් ලැබෙන්නේ ආදරය මුසු කොට එවූ හසුනක් නොවේ. එය ඔවුන්ගේ විවාහ දිවියේ මලගම දන්වා එවූ පණිවුඩයක් පමණි. හදවතේ කුමක් තිබුණත් ඇය දරුවන් සමග කර්නල්වරයා පිළිගන්නට ආවාය. ආ පයින්ම ඔහුගෙන් සමුගත් ඇය 1974 දී වෙනත් විවාහයක් හා බැඳුණාය. එම වසරේම ඉහත ඡායාරූපයට පුලිට්සර් සම්මානය හිමි විය.

මේ ඡායාරූපය මා දකින හැම මොහොතකම එය මා රිදවනවා.. ලුතිනන් කර්නල් රොබර්ට් එල් ස්ට්‍රීම් ඉන් දිගු කාලයකට පසුවත් පවසා තිබිණි.

The vulture and the little girl – මාකට් කළ මනුස්සකම

Image : rarehistoricalphotos.com

දකුණු අප්‍රිකානු සුදු ජාතික ඡායාරෑප ශිල්පියෙකු වූ කෙවින් කාටර් 1993 වසරේ සුඩානයේ සංචාරයක නියැළුනා. ඒ වන විට දෙවැනි වරටත් සිවිල් යුද්ධයකින් පීඩා විදින සුඩානය ආර්ථික සමාජ දේශපාලන සියළු අංශයන්ගෙන්ම සීඝ්රයෙන් පිරිහෙමින් තිබුණා. නියගයෙන් සාගතයෙන් මිරිකෙමින් දුෂිත පාලන ක්‍රමයෙන් ජනතාව හෙම්බත් වූන සමයක කාටර් ඡායාරූප සොයා තම මිතුරන් කිහිපදෙනෙකු සමග සුඩානයේ යුද බිම් වල ඇවිද ගියා.

කෙවින් කාටර් ප්‍රථම වතාවට සාගතයක කඨෝර බව අත්විඳිමින් සිටියා. ඔහු සිටියේ තිගැස්මෙන් . ලෝකයේ එක් කෙළවරක මිනිසුන් කුමාර ජීවිතයක් ගෙවද්දි කුසට අහරක් නොමැතිව, බීමට ජල බිඳක් නොමැතිව සිරුර වසාගන්නට ඇඳිවතක් අහිමිව ලෝකයේ තවත් කෙළවරක දුක්විඳින මිනිසුන් ගැන කාටර් තෙත්වූ දැසින් බලා සිටියා. ඒ සියල්ල අතරේ හොඳම පින්තූරයක් හොයාගන්නට ඔහු උත්සාහ කළා.

ඒ වාරු නැති අන්ත අසරණ කුඩා සිඟිත්තිය ඔහු දකින්නේ එවැනි අවස්ථාවෙක. තනිව නොවේ. ඒ අසරණ කම ඩැහැගන්නට බලා ඉන්නා ගිජුලිහිණියෙක් සමග. ඔහු වහා සිය කැමරාවේ ඒ දසුන සනිටුහන් කරනවා. පසුව ගිජු ලිහිණියා එළවා දමනවා. හැබැයි කාටර්ට අමතක වෙනවා මන්ද පෝෂණයෙන් පෙළෙමින් වාරු නැති ඒ සිඟිත්තියට උදව් දෙන්නට.

සුඩානයේ අනාථ කඳවුරක් අසළ කෙවින් කාටර්ට හමුවන මේ දැරියගේ මව ඇය හැරගොසින් නොව ඒ මොහොතේ ගුවනින් ලබා දෙන ආහාර සලාකය ලබා ගන්නට ගිහින්. ඒ අතරතුර දැරිය කඳවුරෙන් පිටතට ඒමට උත්සහා කරන මොහොතක හව්හරණක් නැති ඒ කුඩා ජීවියා ගොදුරක් කරගන්නට ගිජු ලිහිණියෙක් මාන බලනවා. කාටර් ඔවුන්ව ඡායාරූපයට නගන්නෙ ඒ මොහොතේ.

සුඩාන සංචාරය නිමා කරමින් ඇමරිකාවට පැමිණි කාටර් මේ ඡයාරූපය නිව්යෝක් ටයිමිස් පුවත්පතට අලෙවි කරනවා. 1993 වසරේ මාර්තු 26 වැනිදා එය පළමු වරට පුවත්පතේ පළ වෙනවා. ඇසිල්ලකින් ටයිම්ස් කාර්යාලයේ දුරකථන වලට විවේකයක් ලැබෙන්නෙ නැහැ. හතර වටේ සිටින පාඨකයන් ටයිම්ස් කාර්යාලයට කතා කරමින් ඉන්පසුව දැරියට වූ දේ විමසනවා. ඡායාරූපයේ නිල හිමිකරු වන කාටර්ට දෙන්න උත්තරයක් තිබුණෙ නැහැ. ඔහු ඒ ගැන තැවෙන්න පටන් ගන්නවා. දිගින් දිගටම ඔහුට විවේචන එල්ල වෙනවා. මේ අලකලංචි මැද 1994 වසරේ අප්‍රේල් මාසයේ මේ ඡායාරූපය පුලිට්සර් සම්මානය දිනා ගන්නවා.

Image : 3lentes.com |

කෙවින් කාටර් කාටර් මානසිකව පසුබෑමට ලක් වෙනවා. ඊටත් වඩා ඔහුගේම හෘද සාක්ෂිය ඔහුව විමසන්න පටන් ගන්නවා. තමාට කළ හැකිව තිබූ කිසිවක් නොකර හැරීමේ වේදනාව ඊයම් බරුවක් මෙන් ඔහුගේ ජීවිතයට කිඳා බහිනවා.

ඔහු සිය දිවි නසා ගන්නවා. ඒ දකුණු අප්‍රිකාවේ ගංගාවක් අසළ සවිකර තිබූ ඇතුළු වීම තහනම් කළ දැවැන්ත බටයක් තුළ කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්‍රාණය කරමින් . 1994 ජූලි මස 27 දින ඔහු මෙලොව හැරයනවා.

‘‘මම හොල්මන් වෙනවා සමහර මතකයන් එක්ක. මිනීමැරුම්,කවන්ධ, ක්‍රෝධය, වේදනාව, පුංචි දරුවන්ගේ කුසගින්න, තුවක්කුවේ කොකා ගස්සලා සතුටුවන පිස්සො, බොහෝවිට පොලිසිය, වධකයෝ..මේවා තවත් දරා ගන්න පුළුවන් දේවල් නෙමෙයි. ”

මිය යාමට දින කිහිපයක් මත්තෙන් කාටර් සිය වේදනාව මිතුරෙකුට පවසනවා. අවසානය ඛේදවාචයක්. එහෙත් මේ මහ පොළොවේ එවැනි කතාන්දරවලටත් ඉඩක් හිමිව තියෙනවා.

Image: amazon.com

මේ සිදුවීම් පාදක කොට ගෙන පසුකලක එනම් 2010 දී ”The Bang Bang Club” යනුවෙන් සිනමා නිර්මාණයක්ද බිහිවනවා.

යුද බිමේ කඳුළු කැට.. සිරියානු යුද්ධයේ අමිහිරි මතක

Image: www.ap.org

සිරියාවේ අලෙප්පෝ නගරයේ දී සිරියා යුද හමුදා විසින් ඝාතනය කරන ලද සිය පුතු අත දරා වැලපෙන පියකුගේ කඳුළු ඡායාරූපයට නගා තිබුණේ ඇසෝසියේටට් ප්‍රෙස් ඡායාරූප ශිල්පි මානු බාර්බෝ විසිනි. එය 2013 වසරේ පුලිට්සර් සම්මානිත වූ ඡායාරූපයක් ද විය.

2011 සිට ආරම්භ වූ සිරියාවේ අභ්‍යන්තර ගැටුම් වලින් මිය ගිය පිරිස තුන් පක්ෂයකට ආසන්නය. ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් කුඩා දරුවන් වීම ඛේදවාචයකි. මේ අර්බුදයේ නිමාවක සලකුණු තවමත් නොපෙනේ.

ලෝකයේ හොඳම ඡායාරූප බිහිවන්නේ යුද බිම් මැදිනි යන කාරණාව අවිවාදිතය. එහෙත් මේ ඡායාරූප පිටුපස ඇති කතාන්දර යුද්ධය තරම්ම අමිහිරිය. හිත් පිත් නැති වෙඩි උණ්ඩ, බෝම්බ, මල්ටි බැරල් ආදී මෙකී නොකී සියළු අවි ආයුද පැහැර ගන්නෙ මිනිස් ජීවිතය. මිනිස් දේපලය. එහෙත් තවමත් යුද්ධ කෙරේ. එය කොතරම් ඛේදවාචයක් වුවත් මේ තත්පරේදීත් ලෝකයේ කොතැනක හෝ යුද්ධයකි

සිරියානු යුද්ධය පසුබිම් කරගත් පහත ඡායාරූපයන්ද කීර්තිමත් පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබු ඒවාය.

Image: reelfoto.blogspot.com

Images: reelfoto.blogspot.com

උපුටා ගැනීම - http://refresh.lk/talking-pictures/

[QUOTE="SoapLK, post: 21501291, member: 515033"] [b]පුලිට්සර් සම්මාන[/b] [B][COLOR=DarkRed][U][I][SIZE=7]කතා කරන පින්තූර[/SIZE][/I][/U][/COLOR][/B] [IMG]https://i1.wp.com/refresh.lk/wp-content/uploads/2017/04/talking-pictures.jpg?fit=768%2C403[/IMG] [SIZE=4][B][B] ජෝෂප් පුලිට්සර් – පුලිට්සර් සම්මානයේ නිර්මාතෘ[/B][/B] ජනමාධ්‍යවේදය, සාහිත්‍ය හා සංගීත යන අංශන්ගේ විශිෂ්ඨතමයන් සඳහා ලොව පිරිනැමෙන ඉහළම සම්මානය වන්නේ පුලිට්සර් ත්‍යාගයයි. පුලිට්සර් ත්‍යාගය ඇරඹෙන්නේ ලෝක මාධ්‍ය ඉතිහාසයේ සුවිශේෂිතමයෙකු ලෙස සැලකෙන ජෝෂප් පුලිට්සර්ගේ පුරෝගාමිත්වයෙනි. [/SIZE] [IMG]https://i0.wp.com/refresh.lk/wp-content/uploads/2017/04/joseph-Pulitzer.jpg?resize=220%2C322[/IMG]Image: wikipedia [SIZE=4]පුලිට්සර් 1847 හන්ගේරියාවේ උපන් යුදෙව්වෙකි. ලෝකයේ මුල් වරට ජනමාධ්‍ය සම්බන්ධයෙන් පාඨමාලවක් අරඹන්නේ ද පුලිට්සර් විසිනි. [/SIZE] [IMG]https://i2.wp.com/refresh.lk/wp-content/uploads/2017/04/800px-PulitzerHearstWarYellowKids.jpg?resize=600%2C408[/IMG]Image: wikipedia [SIZE=4]එහෙත් ඔහුගේ යෙලෝ ජර්නලිසම් මාධ්‍ය භාවිතය විවාදාත්මකය. කහපාට කඩදාසි පත්‍ර මත කෙරුණු ඔහුගේ පුවත්පත් කලාව තුළ වූයේ එකිනෙකා කොටවන, කුලප්පු කරවන ආන්දෝලනාත්මක පුවත් සහ ලිපි පළ කිරීමය. පසුකාලීනව යුරෝපයේ එය අනුකරණය කළ අය ද විශාල වශයෙන් බිහි වූහ. පසුව පළමු ලෝක යුද්ධයට ද හේතු වූයේ මේ යෙලෝ ජර්නලිසම් ක්රියකාරීත්වය බව ද පැවසේ. කෙසේ වෙතත් පුලිට්සර් නාමයෙන් සිය ජීවිත කාලයෙන් එක් වරක් හෝ පිදුම් ලැබීම ලෝක ජනමාධ්‍යවේදීන්ගේ සිහිනයයි. [/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid][U]ඡායාරූපකරණය සඳහා පුලිට්සර් ත්‍යාගය (Feature Photography)[/U] [/COLOR][/SIZE][/B] [IMG]https://i1.wp.com/refresh.lk/wp-content/uploads/2017/04/pulizter.jpg?resize=566%2C326[/IMG]Image : pulitzer.org [SIZE=4]ඡායාරූපකරණය සඳහා වන පුලිට්සර් ත්‍යාගය පිරිනැමීම 1942 වසරේ සිට ආරම්භ කෙරිණි. පුලිට්සර් සම්මාන සඳහා ඉදිරිපත් කෙරෙන මේ සියළු ඡායාරූප පසුබිමේ, වචන දහසකින් වත් කිව නොහැකි සිදුවීම් පෙළකි. අනුවේදනීය, ශෝචනීය ඉරණම් මේ ඡායාරූප පිටුපස ලියැවී ඇත. කාලයේ නිමේෂයෙන් මොහොතක් නතර කර ගත් එවැනි ජීවමාන ඡායාරූප කතන්දර කිහිපයක් ඔබගේ රසවින්දනාත්මක දැනුම පිණිස අප මෙසේ පෙළගස්වමු.[/SIZE] [SIZE=5][B][COLOR=DarkOrchid][U]කටු අකුලේ මල් ඇහැරේ – වියට්නාමයේ නාපාම් දැරියගේ කතාන්දරය[/U][/COLOR][/B][/SIZE] [IMG]https://i0.wp.com/refresh.lk/wp-content/uploads/2017/04/vietman-napam-girl.jpg?resize=1024%2C771[/IMG]Image: AP Photo/Nick Ut [SIZE=4]1972 වසරේ ජූනි 8 දින දකුණු දිග වියට්නාමයේ ගම්මානයක් වූ ට්‍රැන්ග් බැන්ග් වෙත හිරු සිය ප්‍රථම රැස් විහිදුවේ අනතුරු හගවමින් නොවේ. නව හැවිරිදි පෑන් තී කිම් දැරිය සිය ගම්මානයේ කෙළි දෙළින් පසුවූයේ ද යුද්ධය පිළිබඳ බැරුරැම් අදහසින් නොවේ. එය වියට්නාම් යුද්ධයේ උණුසුමෙන් දසත ගිනිගෙන දැවුණ සමයයි. එහෙත් අහස ගුගුරා හැලුණ විටත් තම පවුලටත් ගම්මානයටත් අනතුරක් නොවුණ විට ඇයට ඒ පිළිබඳ වගේ වගක් නොවී. එහෙත් ඇගේ දෛවය වෙනස් කරමින් ඇමරිකානුවන් ගුවනින් නාපාම් බෝම්බ හෙළන්නට වූයේ සිවිල් ජනයා පිළිබඳ කිසිදු තැකීමකින් තොරවය. ප්‍රෙටෝලියම් සහ ජෙලි භාවිතයෙන් නිපදවෙන නාපාම් බෝම්බ බිම පතිත වූ සැණින් ගිනි ජාලාවන් හටගෙන දසත පැතිර ගියේය. ගම්මානයේ ජනයා හිස් ලූ ලූ අත දිවෙද්දි පෑන් තී දැරිය බියෙන් තැතිගැන්මෙන් හඩමින් නිරුවතින් දිව ගියාය. නාපාම් බොම්බයේ අග්නි ජාලා ඇගේ පිටුපස ශරීරය දවා තිබිණි. සිය හම එල්ලා වැටෙද්දිත් වේදනාවෙන් පීඩිතව ඇය ජීවිතය ඉල්ලා දිව ආවාය.[/SIZE] [SIZE=4]යුද්ධයේ බිහිසුණු කම සේයා රූ වලින් ලොවට කියන්නට මාන බලමින් සිටි ඇසොසියේටඩ් ප්‍රෙස් ආයතයේ යුධ වාර්තාකරු නික් උට් හට හඩමින් දිව එන මේ දැරිය දක්නට ලැබිණි. ඔහු ඒ අනුවේදනීය දසුන සිය කැමරාවට හසුකරගත් අතරම දැරිය වහා රෝහලක් කරා යොමු කළේය. [/SIZE] [IMG]https://i2.wp.com/refresh.lk/wp-content/uploads/2017/04/Nick-ut-with-napam-girl-photo.jpg?resize=1000%2C581[/IMG]Image : bytesdaily.blogspot.com | [SIZE=4] නික් උට් (Nick ut) සිය කීර්තිමත් ඡායාරූපය සමග ඉන් අනතුරුව මෙම ඡායාරූපය ඇසොසියේටඩ් ප්‍රෙස් ආයතන මගින් ලොව පුරා ජනප්‍රිය වූ අතර නික් උට් හට 1973 වසරේ කීර්තිමත් පුලිට්සර් සම්මානය හිමි වූයේය. [/SIZE] [IMG]https://i2.wp.com/refresh.lk/wp-content/uploads/2017/04/napam-girl-now.jpg?resize=700%2C480[/IMG]Image: marciokenobi.files.wordpress.com | [SIZE=4] පෑන් තී කිම් දැන් නාපාම් දැරිය ලෙස ලොකයේ අවධානයට පත් පෑන් තී කිම් පසුකාලීනව කැනඩාවට සංක්‍රමණය වන අතර මේ වන විට පනස් හතර හැවිරිදි කාන්තාවකි. යුද්ධයන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් සංවිධානයක් පිහිටුවා එවන් දරුවන් වෙනුවෙන් අප්‍රමාණ මෙහෙයක් කරන්නට ඇය සමත්ව සිටින්නී ය. [/SIZE] [SIZE=5][B][COLOR=DarkOrchid][U]Burst of Joy – ප්‍රමෝදය පිටුපස සැගවුණ රැවටිල්ල[/U][/COLOR][/B][/SIZE] [IMG]https://i2.wp.com/refresh.lk/wp-content/uploads/2017/04/Burst-of-Joy.jpg?resize=1160%2C902[/IMG]Image: historybyzim.com [SIZE=4]1973 වසරේ ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයේ නිල ඡායාරූප ශිල්පියෙකු වූ සල්වා සල් වෙදර් ගේ කැමරාවවේ සනිටුහන් වූ ඉහත ඡායාරූපය වෙනුවෙන් 1974 වසරේ විශේෂාංග ඡායාරූපය සඳහා පුලිට්සර් සම්මානය හිමි විය. බැලූ බැල්මට පියා ආදරයෙන් පිළිගන්නා දරු පවුලක සේයාරූවක් ඔබේ නෙතට හසුවේ. ඔවුන්ගේ සිනහවෙන් පිරුණු මුහුණු පවසන්නේ දිගු කාලයකට පසුව සිය පියා හමුවන ප්‍රමෝදයයි.. දිර්ඝ කාලයක් වියට්නාම් යුද්ධයට මැදිවී සිරකරුවෙකු වශයෙන් සිටි ලුතිනන් කර්නල් රොබට් එල් ස්ට්‍රීම් සිය රට බලා ආවේ තවත් සෙබලුන් විසි ගණනක් සමගිනි. ඔවුන් පිළිගන්නට පාවඩ එලා තොරණ් බැඳ පිරිස් රැස්ව සිටියේය. කැමරා මානගෙන සිටි ඡායාරූප ශිල්පීන් ඒ සොඳුරු මොහොත සනිටුහන් කොට පරෙස්සන් කරන්නට බලා සිටියහ. ඒ අතර කර්නල්වරයාගේ දියණියන් දෙදෙනා , පුතුන් දෙදෙනා හා බිරිඳ ද වූහ. සිය පියා දකින දරුවන් හා බිරිඳ උතුරා යන සෙනෙහසින් ඔහු එන මග පෙර ගමන් ගියහ. කැමරාවේ සනිටුහන් වූයේ ඒ සොඳුරු දසුනයි. එහෙත් තිරය පිටුපස කතාව හමුවීමේ ප්‍රමෝදය තරම් මිහිරි නොවේ. සිරකරුවකු ලෙස තමා නිදහස් වූ දා ම ඔහුට සිය බිරිඳගෙන් ලැබෙන්නේ ආදරය මුසු කොට එවූ හසුනක් නොවේ. එය ඔවුන්ගේ විවාහ දිවියේ මලගම දන්වා එවූ පණිවුඩයක් පමණි. හදවතේ කුමක් තිබුණත් ඇය දරුවන් සමග කර්නල්වරයා පිළිගන්නට ආවාය. ආ පයින්ම ඔහුගෙන් සමුගත් ඇය 1974 දී වෙනත් විවාහයක් හා බැඳුණාය. එම වසරේම ඉහත ඡායාරූපයට පුලිට්සර් සම්මානය හිමි විය. මේ ඡායාරූපය මා දකින හැම මොහොතකම එය මා රිදවනවා.. ලුතිනන් කර්නල් රොබර්ට් එල් ස්ට්‍රීම් ඉන් දිගු කාලයකට පසුවත් පවසා තිබිණි. [SIZE=5][B][U][COLOR=DarkOrchid]The vulture and the little girl – මාකට් කළ මනුස්සකම[/COLOR][/U][/B][/SIZE][/SIZE] [IMG]https://i1.wp.com/refresh.lk/wp-content/uploads/2017/04/kevin-carter-vulture.jpg?resize=800%2C533[/IMG]Image : rarehistoricalphotos.com [SIZE=4]දකුණු අප්‍රිකානු සුදු ජාතික ඡායාරෑප ශිල්පියෙකු වූ කෙවින් කාටර් 1993 වසරේ සුඩානයේ සංචාරයක නියැළුනා. ඒ වන විට දෙවැනි වරටත් සිවිල් යුද්ධයකින් පීඩා විදින සුඩානය ආර්ථික සමාජ දේශපාලන සියළු අංශයන්ගෙන්ම සීඝ්රයෙන් පිරිහෙමින් තිබුණා. නියගයෙන් සාගතයෙන් මිරිකෙමින් දුෂිත පාලන ක්‍රමයෙන් ජනතාව හෙම්බත් වූන සමයක කාටර් ඡායාරූප සොයා තම මිතුරන් කිහිපදෙනෙකු සමග සුඩානයේ යුද බිම් වල ඇවිද ගියා. කෙවින් කාටර් ප්‍රථම වතාවට සාගතයක කඨෝර බව අත්විඳිමින් සිටියා. ඔහු සිටියේ තිගැස්මෙන් . ලෝකයේ එක් කෙළවරක මිනිසුන් කුමාර ජීවිතයක් ගෙවද්දි කුසට අහරක් නොමැතිව, බීමට ජල බිඳක් නොමැතිව සිරුර වසාගන්නට ඇඳිවතක් අහිමිව ලෝකයේ තවත් කෙළවරක දුක්විඳින මිනිසුන් ගැන කාටර් තෙත්වූ දැසින් බලා සිටියා. ඒ සියල්ල අතරේ හොඳම පින්තූරයක් හොයාගන්නට ඔහු උත්සාහ කළා. ඒ වාරු නැති අන්ත අසරණ කුඩා සිඟිත්තිය ඔහු දකින්නේ එවැනි අවස්ථාවෙක. තනිව නොවේ. ඒ අසරණ කම ඩැහැගන්නට බලා ඉන්නා ගිජුලිහිණියෙක් සමග. ඔහු වහා සිය කැමරාවේ ඒ දසුන සනිටුහන් කරනවා. පසුව ගිජු ලිහිණියා එළවා දමනවා. හැබැයි කාටර්ට අමතක වෙනවා මන්ද පෝෂණයෙන් පෙළෙමින් වාරු නැති ඒ සිඟිත්තියට උදව් දෙන්නට. සුඩානයේ අනාථ කඳවුරක් අසළ කෙවින් කාටර්ට හමුවන මේ දැරියගේ මව ඇය හැරගොසින් නොව ඒ මොහොතේ ගුවනින් ලබා දෙන ආහාර සලාකය ලබා ගන්නට ගිහින්. ඒ අතරතුර දැරිය කඳවුරෙන් පිටතට ඒමට උත්සහා කරන මොහොතක හව්හරණක් නැති ඒ කුඩා ජීවියා ගොදුරක් කරගන්නට ගිජු ලිහිණියෙක් මාන බලනවා. කාටර් ඔවුන්ව ඡායාරූපයට නගන්නෙ ඒ මොහොතේ. සුඩාන සංචාරය නිමා කරමින් ඇමරිකාවට පැමිණි කාටර් මේ ඡයාරූපය නිව්යෝක් ටයිමිස් පුවත්පතට අලෙවි කරනවා. 1993 වසරේ මාර්තු 26 වැනිදා එය පළමු වරට පුවත්පතේ පළ වෙනවා. ඇසිල්ලකින් ටයිම්ස් කාර්යාලයේ දුරකථන වලට විවේකයක් ලැබෙන්නෙ නැහැ. හතර වටේ සිටින පාඨකයන් ටයිම්ස් කාර්යාලයට කතා කරමින් ඉන්පසුව දැරියට වූ දේ විමසනවා. ඡායාරූපයේ නිල හිමිකරු වන කාටර්ට දෙන්න උත්තරයක් තිබුණෙ නැහැ. ඔහු ඒ ගැන තැවෙන්න පටන් ගන්නවා. දිගින් දිගටම ඔහුට විවේචන එල්ල වෙනවා. මේ අලකලංචි මැද 1994 වසරේ අප්‍රේල් මාසයේ මේ ඡායාරූපය පුලිට්සර් සම්මානය දිනා ගන්නවා. [/SIZE] [IMG]https://i2.wp.com/refresh.lk/wp-content/uploads/2017/04/kevin-carter.jpg?resize=720%2C416[/IMG]Image : 3lentes.com | [SIZE=4]කෙවින් කාටර් කාටර් මානසිකව පසුබෑමට ලක් වෙනවා. ඊටත් වඩා ඔහුගේම හෘද සාක්ෂිය ඔහුව විමසන්න පටන් ගන්නවා. තමාට කළ හැකිව තිබූ කිසිවක් නොකර හැරීමේ වේදනාව ඊයම් බරුවක් මෙන් ඔහුගේ ජීවිතයට කිඳා බහිනවා. ඔහු සිය දිවි නසා ගන්නවා. ඒ දකුණු අප්‍රිකාවේ ගංගාවක් අසළ සවිකර තිබූ ඇතුළු වීම තහනම් කළ දැවැන්ත බටයක් තුළ කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්‍රාණය කරමින් . 1994 ජූලි මස 27 දින ඔහු මෙලොව හැරයනවා. ‘‘මම හොල්මන් වෙනවා සමහර මතකයන් එක්ක. මිනීමැරුම්,කවන්ධ, ක්‍රෝධය, වේදනාව, පුංචි දරුවන්ගේ කුසගින්න, තුවක්කුවේ කොකා ගස්සලා සතුටුවන පිස්සො, බොහෝවිට පොලිසිය, වධකයෝ..මේවා තවත් දරා ගන්න පුළුවන් දේවල් නෙමෙයි. ” මිය යාමට දින කිහිපයක් මත්තෙන් කාටර් සිය වේදනාව මිතුරෙකුට පවසනවා. අවසානය ඛේදවාචයක්. එහෙත් මේ මහ පොළොවේ එවැනි කතාන්දරවලටත් ඉඩක් හිමිව තියෙනවා. [/SIZE] [IMG]https://i1.wp.com/refresh.lk/wp-content/uploads/2017/04/bang-bang-club.jpg?resize=450%2C637[/IMG]Image: amazon.com [SIZE=4]මේ සිදුවීම් පාදක කොට ගෙන පසුකලක එනම් 2010 දී ”The Bang Bang Club” යනුවෙන් සිනමා නිර්මාණයක්ද බිහිවනවා. [SIZE=5] [/SIZE][/SIZE][SIZE=5] [B][U][COLOR=DarkOrchid]යුද බිමේ කඳුළු කැට.. සිරියානු යුද්ධයේ අමිහිරි මතක[/COLOR][/U][/B][/SIZE] [IMG]https://i2.wp.com/refresh.lk/wp-content/uploads/2017/04/syrian-father.jpg?resize=1160%2C741[/IMG]Image: [URL="http://www.ap.org"]www.ap.org[/URL] [SIZE=4] සිරියාවේ අලෙප්පෝ නගරයේ දී සිරියා යුද හමුදා විසින් ඝාතනය කරන ලද සිය පුතු අත දරා වැලපෙන පියකුගේ කඳුළු ඡායාරූපයට නගා තිබුණේ ඇසෝසියේටට් ප්‍රෙස් ඡායාරූප ශිල්පි මානු බාර්බෝ විසිනි. එය 2013 වසරේ පුලිට්සර් සම්මානිත වූ ඡායාරූපයක් ද විය. 2011 සිට ආරම්භ වූ සිරියාවේ අභ්‍යන්තර ගැටුම් වලින් මිය ගිය පිරිස තුන් පක්ෂයකට ආසන්නය. ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් කුඩා දරුවන් වීම ඛේදවාචයකි. මේ අර්බුදයේ නිමාවක සලකුණු තවමත් නොපෙනේ. ලෝකයේ හොඳම ඡායාරූප බිහිවන්නේ යුද බිම් මැදිනි යන කාරණාව අවිවාදිතය. එහෙත් මේ ඡායාරූප පිටුපස ඇති කතාන්දර යුද්ධය තරම්ම අමිහිරිය. හිත් පිත් නැති වෙඩි උණ්ඩ, බෝම්බ, මල්ටි බැරල් ආදී මෙකී නොකී සියළු අවි ආයුද පැහැර ගන්නෙ මිනිස් ජීවිතය. මිනිස් දේපලය. එහෙත් තවමත් යුද්ධ කෙරේ. එය කොතරම් ඛේදවාචයක් වුවත් මේ තත්පරේදීත් ලෝකයේ කොතැනක හෝ යුද්ධයකි[/SIZE] [SIZE=4]සිරියානු යුද්ධය පසුබිම් කරගත් පහත ඡායාරූපයන්ද කීර්තිමත් පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබු ඒවාය. [/SIZE] [IMG]https://i1.wp.com/refresh.lk/wp-content/uploads/2017/04/crying-boy.jpg?resize=640%2C427[/IMG]Image: reelfoto.blogspot.com [IMG]https://i1.wp.com/refresh.lk/wp-content/uploads/2017/04/war-child.jpg?resize=640%2C427[/IMG]Images: reelfoto.blogspot.com [SIZE=3][COLOR=Red][B]උපුටා ගැනීම - [URL]http://refresh.lk/talking-pictures/[/URL][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom