Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමිපාණෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමිපාණන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ පුවත අසා ඉමහත් සංවේගයට පැමිණියා. උන්වහන්සේ ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් ලංකා විශ්වවිද්‍යාලයට ඇතුුළු වී ඇත්තේ ගිහි ශිෂ්‍යයකු ලෙස ය. පාලි භාෂාව පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් එතුමා ලැබූ බව මගේ විශ්වාසයයි. ඉන්පසු එතුමා විශ්වවිද්‍යාලයෙහි සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටිය දී පැවිදි වී තියෙනවා. ඤාණනන්ද හිමියන් ඉන්පසු ආරණ්‍ය කිහිපයක ම වැඩ විසුයේ බුදුදහම පිළිබඳ පොතපත සම්පාදනය කරමින් ධර්මදේශන පවත්වමින් ආධ්‍යාත්මික දියුණුවක් අත්පත් කර ගනිමින්. උන්වහන්සේ ටික කලක් අසනීප ව පසු වී තියෙනවා.

මා මෙය කියන්නේ කාටවත් අපහාස කිරීමට නො වෙයි. එහෙත් එය නොකියාම බැහැ. ඇතැම් භික්ෂූන් වහන්සේ විශ්වවිද්‍යාලවලට ඇතුල් වී කලකට පසුව උපැවිදි වන නමුත් ඤාණනන්ද හිමිපාණන් වහන්සේ උපාධිය ලැබීමෙන් පසු පැවිදි වුණා. මට කුඩා කල පැවිදි වීමේ වුවමනාවක් තිබූ නමුත් මගේ පියා මට කිව්වේ ඉගෙනීමෙන් පසුව පැවිදි වන ලෙසයි. එහෙත් මා ලැබුයේ වෙනස් ම අධ්‍යාපනයක්. මා එක් අවුරුද්දක් පාසලේ දී පාලි භාෂාව හැදෑරූ නමුත් ඒ වන විට බටහිර ගණිතයට හා භෞතික විද්‍යාවට මගේ හිත ගිහින් තිබුණා. මා කෙළවර වූයේ ද්‍රව්‍යවාදියකු වීමෙන් හා බුදුදහම අත්හැරීමෙන්.

නැවත මා බුදුදහමට පැමිණියේත් මාක්ස්වාදය හා බටහිර විද්‍යාව අත්හැරීමෙන්. එහෙත් ඒ වන විට මා විවාහ වී රාහුලයන් ද ඉපදී. 1986 දී මා මගේ ලෝකය නමින් පොත් පිංචක් පළ කළා. ඒ පොත් පිංච ලියන විට මා ඤාණනන්ද හිමියන් ගැන අසා තිබුණේ නැහැ. එහෙත් ඉන් පසු ටික කලකින් ම උන්වහන්සේගේ සුප්‍රසිද්ධ Concept and Reality පොත කියවීමට ලැබුණා. ඒ ශ්‍රෙෂ්ඨ පොත පපඤ්ඤ යනු කුමක් දැයි කීමට ලියැවුණු එකක්. ඒ පොත යම් ආකාරයකට මට බලපෑවා. එහි සඳහන් කරුණු සමග එකල මට එකඟ වීමට හැකි බව පෙණුනා.

මා පසුව මගේ අදහස් තව දුරටත් වර්ධනය කළා. උන්වහන්සේ අනුගමනය කළේ බුදුදහම ගැන සඳහන් වී ඇති දේ විවරණය කිරීම. ඒ අදහස් වර්ධනයක් නො වේ. එහෙත් විවරණය ඔස්සේ අදහස් වර්ධනයක් නොවී යැයි කියන්න බැහැ. විවරණය ද එක් අතකින් ගත් විට වරධනයක් ද වෙනවා. ඒ සංස්කාර ද වෙනවා. සියලු සංස්කාර අවිජ්ජාව නිසා ඇති වන දේ.

යථාර්ථය පිළිබඳ උන්වහන්සේ ඉහත සඳහන් පොතෙහි සඳහන් කරන්නේ අප ඉන්ද්රිය ගෝචර සංඥා මගින් සිතන විට ම යථාර්ථයෙන් ඉවත් වන බවයි. උන්වහන්සේ එහි දී ද්වායතානුපස්සනා සූත්‍රයටත් අප යොමු කරනවා. පසු කලෙක අම්පාරේ සිරිසේන නම් මහතකු ද මා එතැනට යොමු කළා. උන්වහන්සේ මාධ්යමිකයනගේ ශූන්‍යතාව ගැන ද සඳහන් කරනවා. ශූන්‍යතාවෙන් යථාර්ථය ප්රතික්ෂෙප නොවන බව ද උන්වහන්සේ සඳහන් කරනවා.

පසුව මහායාන විඥානවාදීන්ගේ මනස පරම යථාර්ථයක් යන්න පාලි පොත්පත්වල සඳහන් නොවන බව ද සඳහන් කරනවා. ථෙරවාදයේත්, අඩුම තරමෙන් අටුවාවෙහි, යම් යථාර්ථයක් ගැන සඳහන් වෙනවා. මේ පිළිබඳ මා දරන්නේ වෙනත් අදහසක්. යථාභූතය යනු යථාර්ථයක් නොවන බවයි මගේ අදහස.

පසු කලෙක උන්වහන්සේ පහන්කන්ද ප්‍රදේශයේ වැඩ වසන සමයේ පහන්කන්ද ධර්ම දේශනා අඩංගු කරමින් පොතපත රාශියක් පළ කළා. ඒ පෙත්වල නාම රූප පච්චයා විඤ්ඤාණ, විඤාණ පච්චයා නාම රුප යන්න කදිමට විස්තර කරනවා. පටිච්ච සමුප්පදාය ගැන බුදුන්වහන්සේ දේශනා කරන ඇතැම් තැන්වල මේ දෙපැත්ත සඳහන් වෙනවා. ඤාණනන්ද හිමියන් මේ ගැන සඳහන් කරන්නේ දිය සුළියක් ලෙසයි. මේ දිය සුළියේ අප කැරකි කැරකි ඉන්නවා. පටිච්ච සමුප්පාදයෙහි මේ දෙපැත්තට සඳහන් කිරීම ඉතා වැදගත්. එක් පැත්කින් එයින් පච්චයා යන්න හේතුව නොවන බව පැහැදිලි වෙනවා.

ඤාණනන්ද හිමියන් අපේ ඉන්ද්රිය ගෝචර අත්දැකීම් මායා ලෙස හඳුන්වා දී තිබෙනවා. එසේ ම ඒ විජ්ජාකරුවන්ගේ විජ්ජා (මැජික්) ලෙසත් දක්වනවා. විජ්ජා යනු ඇත්ත නොවන බවයි උන්වහන්සේ එයින් කියන්නේ. අප ඇත්ත දැනගන්නේ කෙසේ ද? ඇත්තක් තිබේ ද? කෙසේ වෙතත් මෙහි දී සිංහල බෞද්ධ සංස්කෘතියේ මැජික් ගැන සඳහන් කරද්දී විජ්ජා යන්න යෙදෙන්නේ ඇයි ද යන ප්රශ්නය ඇති වෙනවා. යක්ෂ ජනතාව යෙදාගත් සෙප්පඩවිජ්ජා යන්නත් මෙහි දී සඳහන් කරන්න ඕන. අවිජ්ජා යනු විජ්ජා නොවෙයි. අවිජ්ජා පච්චයා සංඛාරා වෙද්දී මැජික් විජ්ජා වන්නේ කෙසේ ද? මැජික් සඳහා විජ්ජා යන නම යොදා ගත්තේ කවු ද?

මේ සියල්ල සිංහල බෞද්ධයන්ගේ විමසීමට හේතුවන්නේ නම් හොඳයි. ඤාණනන්ද හිමියන් පහන්කන්දේ වැඩවසන සමයෙහි මා එහි ගොස් උන්වහන්සේ බැහැ දැක්කා. උන්වහන්සේ ඇතැමුන් පාලි වචනවලට සිංහල නිරුක්ති සැපයීම පිළිබඳ එතරම් සුහද ව කතා කෙළේ නැහැ. සිංහල බෞද්ධයන්ට විසඳා ගත යුතු ප්‍රශ්න බොහෝමයි. අද පාලි ඉගෙනීම කිහිප දෙනකුට පමණක් සීමා වෙලා. පාලි ඉගැන්වීමට විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ අපට උරුම වී ඇත්තේ පාලි බෞද්ධ සාහිත්‍යයක් නිසා.

ඤාණනන්ද හිමිපාණන් වහන්සේ ථෙරවාදය උන්වහන්සේ දැනගත් ආකාරයට ජනතාවට පහදා දීමට කටයුතු කළා. උන්වහන්සේට කිසිම ලාභාපේක්ෂාවක් තිබුණේ නැතැයි කියන්න පුළුවන්. උන්වහන්සේට තිබුණේ නිවන් අරමුණයි. අනෙක් අයටත් නිවන් අරමුණ ඇති කිරීමට උන්වහන්සේ කටයුතු කළා. උන්වහන්සේට තමන්වහන්සේ බලාපොරොත්තු වූ නිවන්සුව ඉක්මණින් ම අත්වේවා.

2018-02-23

මහැදුරු නලින් ද සිල්වා විසින් කාලය වෙබ් අඩවියේ පලකල ලිපියකි.

[QUOTE="ewijesekara, post: 29793805, member: 561877"] පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමිපාණන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ පුවත අසා ඉමහත් සංවේගයට පැමිණියා. උන්වහන්සේ ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් ලංකා විශ්වවිද්‍යාලයට ඇතුුළු වී ඇත්තේ ගිහි ශිෂ්‍යයකු ලෙස ය. පාලි භාෂාව පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් එතුමා ලැබූ බව මගේ විශ්වාසයයි. ඉන්පසු එතුමා විශ්වවිද්‍යාලයෙහි සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටිය දී පැවිදි වී තියෙනවා. ඤාණනන්ද හිමියන් ඉන්පසු ආරණ්‍ය කිහිපයක ම වැඩ විසුයේ බුදුදහම පිළිබඳ පොතපත සම්පාදනය කරමින් ධර්මදේශන පවත්වමින් ආධ්‍යාත්මික දියුණුවක් අත්පත් කර ගනිමින්. උන්වහන්සේ ටික කලක් අසනීප ව පසු වී තියෙනවා. මා මෙය කියන්නේ කාටවත් අපහාස කිරීමට නො වෙයි. එහෙත් එය නොකියාම බැහැ. ඇතැම් භික්ෂූන් වහන්සේ විශ්වවිද්‍යාලවලට ඇතුල් වී කලකට පසුව උපැවිදි වන නමුත් ඤාණනන්ද හිමිපාණන් වහන්සේ උපාධිය ලැබීමෙන් පසු පැවිදි වුණා. මට කුඩා කල පැවිදි වීමේ වුවමනාවක් තිබූ නමුත් මගේ පියා මට කිව්වේ ඉගෙනීමෙන් පසුව පැවිදි වන ලෙසයි. එහෙත් මා ලැබුයේ වෙනස් ම අධ්‍යාපනයක්. මා එක් අවුරුද්දක් පාසලේ දී පාලි භාෂාව හැදෑරූ නමුත් ඒ වන විට බටහිර ගණිතයට හා භෞතික විද්‍යාවට මගේ හිත ගිහින් තිබුණා. මා කෙළවර වූයේ ද්‍රව්‍යවාදියකු වීමෙන් හා බුදුදහම අත්හැරීමෙන්. නැවත මා බුදුදහමට පැමිණියේත් මාක්ස්වාදය හා බටහිර විද්‍යාව අත්හැරීමෙන්. එහෙත් ඒ වන විට මා විවාහ වී රාහුලයන් ද ඉපදී. 1986 දී මා මගේ ලෝකය නමින් පොත් පිංචක් පළ කළා. ඒ පොත් පිංච ලියන විට මා ඤාණනන්ද හිමියන් ගැන අසා තිබුණේ නැහැ. එහෙත් ඉන් පසු ටික කලකින් ම උන්වහන්සේගේ සුප්‍රසිද්ධ Concept and Reality පොත කියවීමට ලැබුණා. ඒ ශ්‍රෙෂ්ඨ පොත පපඤ්ඤ යනු කුමක් දැයි කීමට ලියැවුණු එකක්. ඒ පොත යම් ආකාරයකට මට බලපෑවා. එහි සඳහන් කරුණු සමග එකල මට එකඟ වීමට හැකි බව පෙණුනා. මා පසුව මගේ අදහස් තව දුරටත් වර්ධනය කළා. උන්වහන්සේ අනුගමනය කළේ බුදුදහම ගැන සඳහන් වී ඇති දේ විවරණය කිරීම. ඒ අදහස් වර්ධනයක් නො වේ. එහෙත් විවරණය ඔස්සේ අදහස් වර්ධනයක් නොවී යැයි කියන්න බැහැ. විවරණය ද එක් අතකින් ගත් විට වරධනයක් ද වෙනවා. ඒ සංස්කාර ද වෙනවා. සියලු සංස්කාර අවිජ්ජාව නිසා ඇති වන දේ. යථාර්ථය පිළිබඳ උන්වහන්සේ ඉහත සඳහන් පොතෙහි සඳහන් කරන්නේ අප ඉන්ද්රිය ගෝචර සංඥා මගින් සිතන විට ම යථාර්ථයෙන් ඉවත් වන බවයි. උන්වහන්සේ එහි දී ද්වායතානුපස්සනා සූත්‍රයටත් අප යොමු කරනවා. පසු කලෙක අම්පාරේ සිරිසේන නම් මහතකු ද මා එතැනට යොමු කළා. උන්වහන්සේ මාධ්යමිකයනගේ ශූන්‍යතාව ගැන ද සඳහන් කරනවා. ශූන්‍යතාවෙන් යථාර්ථය ප්රතික්ෂෙප නොවන බව ද උන්වහන්සේ සඳහන් කරනවා. පසුව මහායාන විඥානවාදීන්ගේ මනස පරම යථාර්ථයක් යන්න පාලි පොත්පත්වල සඳහන් නොවන බව ද සඳහන් කරනවා. ථෙරවාදයේත්, අඩුම තරමෙන් අටුවාවෙහි, යම් යථාර්ථයක් ගැන සඳහන් වෙනවා. මේ පිළිබඳ මා දරන්නේ වෙනත් අදහසක්. යථාභූතය යනු යථාර්ථයක් නොවන බවයි මගේ අදහස. පසු කලෙක උන්වහන්සේ පහන්කන්ද ප්‍රදේශයේ වැඩ වසන සමයේ පහන්කන්ද ධර්ම දේශනා අඩංගු කරමින් පොතපත රාශියක් පළ කළා. ඒ පෙත්වල නාම රූප පච්චයා විඤ්ඤාණ, විඤාණ පච්චයා නාම රුප යන්න කදිමට විස්තර කරනවා. පටිච්ච සමුප්පදාය ගැන බුදුන්වහන්සේ දේශනා කරන ඇතැම් තැන්වල මේ දෙපැත්ත සඳහන් වෙනවා. ඤාණනන්ද හිමියන් මේ ගැන සඳහන් කරන්නේ දිය සුළියක් ලෙසයි. මේ දිය සුළියේ අප කැරකි කැරකි ඉන්නවා. පටිච්ච සමුප්පාදයෙහි මේ දෙපැත්තට සඳහන් කිරීම ඉතා වැදගත්. එක් පැත්කින් එයින් පච්චයා යන්න හේතුව නොවන බව පැහැදිලි වෙනවා. ඤාණනන්ද හිමියන් අපේ ඉන්ද්රිය ගෝචර අත්දැකීම් මායා ලෙස හඳුන්වා දී තිබෙනවා. එසේ ම ඒ විජ්ජාකරුවන්ගේ විජ්ජා (මැජික්) ලෙසත් දක්වනවා. විජ්ජා යනු ඇත්ත නොවන බවයි උන්වහන්සේ එයින් කියන්නේ. අප ඇත්ත දැනගන්නේ කෙසේ ද? ඇත්තක් තිබේ ද? කෙසේ වෙතත් මෙහි දී සිංහල බෞද්ධ සංස්කෘතියේ මැජික් ගැන සඳහන් කරද්දී විජ්ජා යන්න යෙදෙන්නේ ඇයි ද යන ප්රශ්නය ඇති වෙනවා. යක්ෂ ජනතාව යෙදාගත් සෙප්පඩවිජ්ජා යන්නත් මෙහි දී සඳහන් කරන්න ඕන. අවිජ්ජා යනු විජ්ජා නොවෙයි. අවිජ්ජා පච්චයා සංඛාරා වෙද්දී මැජික් විජ්ජා වන්නේ කෙසේ ද? මැජික් සඳහා විජ්ජා යන නම යොදා ගත්තේ කවු ද? මේ සියල්ල සිංහල බෞද්ධයන්ගේ විමසීමට හේතුවන්නේ නම් හොඳයි. ඤාණනන්ද හිමියන් පහන්කන්දේ වැඩවසන සමයෙහි මා එහි ගොස් උන්වහන්සේ බැහැ දැක්කා. උන්වහන්සේ ඇතැමුන් පාලි වචනවලට සිංහල නිරුක්ති සැපයීම පිළිබඳ එතරම් සුහද ව කතා කෙළේ නැහැ. සිංහල බෞද්ධයන්ට විසඳා ගත යුතු ප්‍රශ්න බොහෝමයි. අද පාලි ඉගෙනීම කිහිප දෙනකුට පමණක් සීමා වෙලා. පාලි ඉගැන්වීමට විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ අපට උරුම වී ඇත්තේ පාලි බෞද්ධ සාහිත්‍යයක් නිසා. ඤාණනන්ද හිමිපාණන් වහන්සේ ථෙරවාදය උන්වහන්සේ දැනගත් ආකාරයට ජනතාවට පහදා දීමට කටයුතු කළා. උන්වහන්සේට කිසිම ලාභාපේක්ෂාවක් තිබුණේ නැතැයි කියන්න පුළුවන්. උන්වහන්සේට තිබුණේ නිවන් අරමුණයි. අනෙක් අයටත් නිවන් අරමුණ ඇති කිරීමට උන්වහන්සේ කටයුතු කළා. උන්වහන්සේට තමන්වහන්සේ බලාපොරොත්තු වූ නිවන්සුව ඉක්මණින් ම අත්වේවා. ________________________ 2018-02-23 මහැදුරු නලින් ද සිල්වා විසින් කාලය වෙබ් අඩවියේ පලකල ලිපියකි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom