Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට පිළ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට පිළ&

සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍රවල දක්නට ලැබෙන &ඒවං මේ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ* යන වගන්තිය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ පරිවර්ථනයන්හි හා ථෙරීය සම්ප්රදාය පිළිබඳ වැටහීම් ඇති උගත් පඬිවරයන් විසින් සංස්කෘත ග්රන්ථයන්හි &මා විසින් මෙසේ අසන ලදී; එක් සමයෙක්හි භාගයවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.* යනුවෙන් බොහෝ විට දක්නට ලැබේ. මෙම වගන්තිය පරිවර්තනයේදී නිවැරදි රෑඪිගත සිංහල පරිවර්තනය මෙයයි. එහෙත්, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ &ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය* නමින් හඳුන්වන ග්රන්ථ මාලාවේ උක්ත පාලි වගන්තිය ලියා ඇත්තේ මෙසේය. එනම්, &මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි; භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ අසපුවේ...* යනුවෙන් කටවහරට නඟා ඇත. බෞද්ධ අනන්‍යතාව ඉස්මතු වන %ආරාම^ යන්නට %අසපුව^ නුවෙන් යෙදීමට මුනවහන්සේ සාහසික වන්නේ කුමන පදනමක් නිසාද....? කලින් සඳහන් කල පරිදි %ආරාම^ යන පාලි ශබ්දය සෙසු ආගමිකයන් විසූ ස්ථානයන්ගෙන් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටි ස්ථාන වෙන් කොට හඳුනා ගැනීමට උපයුක්ත පදයකි. එම නිසා අසපු යනුවෙන් සිංහලයට පරිවර්තනය කිරීම ධර්මය විකෘති කිරීමකි. ආරාම - පන්සල - විහාරස්ථානය යන පදයන් සමඟ චිරාත් කාලයක් තිස්සේ ගොඩනැඟී ඇති සභ්‍යත්වය ඤාණානන්ද හිමිගේ හිතට නැඟුණු අසපු සංස්කෘතිය නිසා විනාශ කරන්නේ ඇයි...?

තවත් නිදසුනක් &එදා භාග්‍යවතුන් වහන්සේ හවස්වරැවේ භාවනාවෙන් නැඟිටල ඉස්තෝප්පුවේ වැඩ සිටියා* (ආශ්චර්යවත් හ්‍රී සද්ධර්මය - කිරිබත්ගොඩ හිමි - 177 පිටුව) එසේම &ගල්ගෙඩි පෙරලීම ගැන වදාළ සූත්‍රය, ගල්පතුරැ මුල් කොට වදාළ සූත්‍රය, මුවාගේ කෙණ්ඩා මුල්කොට වදාළ සූත්‍රය* යනුවෙන් එම කෘතීන්හිම දක්වා ඇත්තේ අසාහසික අන්දමිනි. ධර්ම ගරැත්වය, අර්ථ ගරැත්වය, භාෂා සන්දර්භය හා ශ්‍රද්ධාව විනාශ කරන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ මේ &අමනෝඥ පරිවර්තනයෙන්* චිරාත් කාලයක් තිස්සේ පවත්නා බෞද්ධ ජන විඤ්ඤාණය දූෂ්‍ය නොකරන්නේද....? භාෂා පරිවර්තනයේදී අනුගත ශාස්ත්‍රීය ශික්ෂණය ඇති තැනැත්තෙකු මෙවැනි විනාශකාරී සංසිද්ධීන් කිසිවිටෙකත් සිදු නොකෙරේ.

කිරිබත්ගොඩ ඤාණානන්ද ඉතා සැලසුම් සහගත අන්දමින් අසපුවෙන් ආරාමය දූෂ්‍ය කෙරෙන සැටි ධර්ම ශාස්ත්‍රීය වශයෙන් තර්කානුකූලව උන්වහන්සේගේ පොතපතින් ධර්ම දේශනයෙන්, ස්වකීය අමන ව්‍යවස්ථාවෙන්, අසපු ගොඩනැඟීමෙන් හා ජනතා කල්ලිවාදයෙන් සුපැහැදිලි ලෙස ඔප්පු වේ.

පහත තොරතුර අනුව ඒ බව සුපහන් බෞද්ධ ජනතාවට මනාව වටහා ගත හැක්කේය.

· මහමෙව්නාවේ බෝධිඥාන ව්‍යවස්ථාවෙන් කළ උපුටා ගැනීම්.... (96 පිටුව)

“බෝධිඥාන සභාවේ උත්තරීතර නායකත්වය තුළ අන්තර්ගතව තිබෙන්නේ බුද් සමිඳුන් වදාළ ධර්ම විනය පමණි. ඒ පාරිශුද්ධ වූ ධර්ම කොටස මේ ආකාරයෙන් පෙන්වා දිය හැකිය. එම උතුම් ධර්ම කොටස අයත් වන්නේ මේ උතුම් ග්‍රන්ථවලය.

පාරිශුද්ධ ධර්ම කොටස්

· දීඝ නිකාය

· මජ්ඣිම නිකාය

· සංයුක්ත නිකාය

· අංගුත්තර නිකාය

· ඛුද්දක නිකායේ උද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්ත නිපාත, ථෙර - ථෙරී ගාථා, විමාන වත්ථු හා පේතවත්ථු යන කොටස් පමණි.

පාරිශුද්ධ විනය කොටස්

· පාරාජිකා පාලි

· පාචිත්‍යය පාලි

· චුල්ලවග්ග පාලි

· මහාවග්ග පාලි

· පරිවාර පාලි

මෙම පාරිශුද්ධ ග්රන්ථවලින් පරිබාහිර වූ කිසිඳු ග්රන්ථයක් හෝ කිසිඳු මතවාදයක් හෝ කිසිඳු ආකල්පයක් හෝ කිසිඳු විග්‍රහයක් හෝ කිසිඳු ප්‍රාර්ථනයක් හෝ බෝධිඥාන සභාව පිළිනොගනී. එම නිසා මෙකී පාරිශුද්ධ ග්‍රන්ථවල සඳහන් සදූපදේශ පමණක් බෝධිඥාන සභාවේ අනගිභවනීය වූ, උත්තරීතර වූ, අසහාය වූ නායකත්වය වේ. (මෙම බෝධිඥාන ව්‍යවස්ථාව රුපියල් 100ක පමණ මුදලකට අලෙවි කරන අතර එහි නිල මුද්‍රාවක් මෙසේ තබා ඇත. “බෝධිඥාන සවිස්තර ග්‍රන්ථය කියවා බලා එකඟ වීමට නොහැකි අය හට එය ආපසු ලබා දීමෙන් තැන්පත් රු.100/=ක මුදල නිදහස් කෙරේ.”)

ධර්ම - විනය නොදන්නා මෙය පිළිගෙන බෝධිඥාන සභාවේ අඥාන සාමාජිකත්වය ලබා ගෙන මිත්‍යා දෘෂ්ටිකයෙක් බවට පත්වන ආකාරය මේ තුළින්ම වටහාගත හැක්කේය.

ඛුද්දක නිකායන්ට අයත් වන ධර්ම ග්රන්ථ මෙසේය.

· ඛුද්දක පාඨ

· ධම්ම පද

· උදාන

· ඉතිවුත්තක

· සුත්ත නිපාත

· විමාන වත්ථු

· පේත වත්ථු

· ථෙර ගාථා

· ථෙරී ගාථා

· ජාතක

· නිද්දේස

· පටිසම්පදා

· අපදාන

· බුද්ධවංස

· චරියාපිටක

එහෙත් ඉහත බෝධිඥාන ව්‍යවස්ථා නීතියට අනුව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මේවායින් කොටස් කීයක්නම් ප්‍රතික්ෂේප කොට ඇත්තේද....? මෙය නිර්මල සද්ධර්මය බැහැර කිරීමකි. එසේම,

· ධම්මසංගනී

· විභංග

· ධාතු කථා

· පුද්ගල පඤ්ඤත්ති

· කථාවත්ථු

· යමක

· පට්ඨාන

42,000ක් වූ නිර්මල සද්ධර්මය ප්‍රතික්ෂේප කොට ඇත. එනම්, බුදුදහමෙහි මූලික හරය වන අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කොට ඇත. එවිට දහම ඉබේටම වැනසී යයි.

තතු එසේ වුවත් කිරිබත්ගොඩ හිමියන් තම බෝධිඥාන ව්‍යවස්ථාවේම 39, 40, 41,42 යන පිටුවලදී සංගීතිකාරක තෙරවරැන් විසින් ධර්ම විනය මැනැවින් සංග්‍රහ කොට ඇති බව පිළිගනී. එහෙත්, පිරිසිඳු බුද්ධ ධර්මය යන්න තුළ යට දක්වන ලද කොටස් අබුද්ධ දේශිතයකැයි කියා ප්‍රතික්ෂේප කොට ඇත්තේ කාගේ වුමනාවක් පිටද.....? ඇරත් එහි 42වැනි පිටුවේ,

“ තුන්වන ධර්ම සංගායනාවේදී එහි මූලිකත්වය ගෙන කටයුතු කළ මොග්ගලීපුත්තතිස්ස හිමියන් විසින් බුද්ධ වචනයට එරෙහි වුණු සියලු මතවාදයන් ඛණ්ඩනය කර දමනු ලදුව යළිත් වරක් ‘ගෞතම බුදු සසුන’ නඟා සිටුවන්නට සමත් වූ බව” දක්වා තිබේ. පරවාද මත 500ක් ඛණ්ඩනය කරමින් හා ථෙරවාදය සාධනය කරමින් මොග්ගලීපුත්තතිස්ස හිමියන් විසින් රචනා කළේ අභිධර්ම පිටකයට අයත් කථාවත්ථූපකරණයයි. අභිධර්ම පිටකය සම්පූර්ණ වූයේ එසේය.

එහෙත් කිරිබත්ගොඩ හිමියන් අවිචාරශීලිව සිදු කර ඇති මේ මහා ධර්ම විනාශය කවර දෙවියෝ නම් උහුලත්ද....? දෙතැනක පරස්පර විරෝධී අදහස් දැක්වීමෙන් කිරිබත්ගොඩ හිමිගේ අඥාන බවේ තරම විදහා පාන්නේ නොවේද...? තමා අභිධර්ම නොදන්නේ යැයි කියා එය ප්‍රතික්ෂේප කිරීම නොවටී. තත්ත්වය මෙය නම් පූජ්‍ය කිරිබත්ගොඩ හිමියන් තමා පිළිගන්නේ මිහිඳු මා හිමියන් රුගෙන ආ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය යැයි පවසන්නේ කවර පදමනක් මතද...?

වර්තමානය තුළ බුදුරජාණන් වහන්සේ වදාළ, පිරිසිඳු ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ තමා පමණක් යැයි වහසි බස් දොඩමින් සාසනභාරධාරී මහනා හිමිවරැන් ඇතුළු රටේ අනෙකුත් ධර්මධර - විනයධර භික්ෂූන් හට ඉතා අකාරැණික ලෙස නින්දා අපහාස කරමින් සිටින කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා පිළිබඳ පොත්පත්වල ලියා පළකර ඇත්තේ මෙවැනි අදහස්ය.

“විශේෂයෙන්ම අද භික්ෂුව ධර්ම ඥානයෙන් දුර්වලයි. අද භික්ෂූන් වහන්සේලා මූලික ධර්ම ඥානය පිළිබඳව පැහැදිලි ශ්රද්ධාවකටවත් පැමිණෙන්න අසමත් වෙලා තිබෙනවා.” (අඳුර විනිවිද එළිය දකින්න 27 පිටුව)

ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලා එසේ ශ්රද්ධාවකටවත් පැමිණීමට අසමත් වී ඇත්නම් මහත් දුෂ්කරතා බාධක මධ්‍යයේ, ඇතැම්විට දානය පවා නොලබමින් භික්ෂූත්වයට පිවිස, භික්ෂූත්වයේ රැඳී සිටින්නේ කවර හේතුවක් නිසාද....?

“මේ රටේ භික්ෂු ජීවිතය ගෙන බැලුවොත් එය ගිහි ජීවිතයේ ම එක්තරා පැතිකඩක් වැන්න. සමහර භික්ෂූන් වහන්සේලා නැකැත්කරැවෝ මිස භික්ෂූන් නොවෙති. සමහරැ ගොවියෝ මිස භික්ෂුන් නොවෙති. සමහරැ ඉස්කෝලෙ මහත්තුරැ මිස භික්ෂූන් නොවෙති. සමහරැ කට්ටඩි රාළලාය. සමහරැ වාහන වෙන්දේසි කරන්නේය. සමහරැ දේශපාලකයෝය. ගෞතම බුදු සසුන තුළ තිසරණය පිහිටුවා ගත් භික්ෂූන් වහන්සේලා සොයා ගැනීමට වඩා කලුනික සොයා ගැනීම පහසු විය හැකිය.” (කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි - බෝධිඥාන පුවත්පත - 2003 දුරැතු)

කිරිබත්ගොඩ හිමියන් ඉහත දක්වන පරිදි මේ රටේ සියලුම භික්ෂූන් වහන්සේලා නැකැත්කරැවෝද? ඉස්කෝලේ මහත්තුරැද? කට්ටඩිරාළලාද? වාහන වෙන්දේසිකරැවෝද? දේශපාලකයෝද? භික්ෂු වේෂයෙන් පෙනී සිටින ඇතැම් චීවරධාරීන් භික්ෂූත්වයට නිගා දී ජනතාව තුළ කලකිරවීමක් කිරීම සඳහා එසේ ක්‍රියාකරනවා විය හැකිය. එහෙත්, ගුරැ සේවයේ යෙදී සිටින භික්ෂූන් වහන්සේලාට ඉස්කෝලේ මහත්තුරැ යැයි කීම සාධාරණද? ගමේ ගොඩේ සිදු කෙරෙන සෑම අවස්ථාවකදීම ශුභ නැකැත්හෝරාවන් තෝරා දෙමින් හා රෝග - අමනුෂ්‍ය - දුර්භික්ෂ බිය දුරලන භික්ෂුව කට්ටඩිරාළ කෙනෙක් විය හැකිද? එසේ නම් කිරිබත්ගොඩ හිමියන් විසින්ම තමන්වහන්සේගේ පෙර භවයේ ගුරැවරයා යැයි කියනු ලබන ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ විශාලා මහනුවර තුන්බිය දුරැ කිරීමට දායක වූ හෙයින් කට්ටඩි රාළ කෙනෙක් යැයි කිරිබත්ගොඩ හිමියෝ කියහුද? එසේම, බුදු රජාණන් වහන්සේ මාර දමනය කරමින් හා විශාලා මහනුවර තුන් බිය දුරැ කිරීම සඳහා රතන සූත්‍රය දේශනා කරමින්ද, සිව්වණක් පිරිසේ ආරක්ෂාව උදෙසා ආටානාටිය දෙසීමෙන්ද සිදු කළේ කට්ටඩියෙකුගේ කාර්ය භාර්යය යැයි කිරිබත්ගොඩ හිමියන් කියන්නේද...? පුරාණ රාජමහා විහාරස්ථානවලට නඩත්තුව සඳහා පෙර රජ දවස පවරා ඇති නින්දගම්වල දායක සභා භාරයේ වගා කෙරෙන කුඹුරැ ඉඩම් ඇති නිසා එම විහාරස්ථානවල වෙසෙන භික්ෂූන් වහන්සේලා ගොවියෝ විය හැකිද? භික්ෂූන් වහන්සේලා අමුඩ ගසා මඩට බසිනු කිරිබත්ගොඩ හිමියන් දැක තිබේද? තවද පුරාණයේ සිට ගුරැවරයෙකු, වෙදෙකු හා අන් සෑම අංශයකින්ම රජුටත් ඉහළින් සිටිමින් ගමේ මෙන්ම මුළු රටේම නායකත්වයට පත් භික්ෂුන් වහන්සේටත් කිරිබත්ගොඩ හිමිගේ මෙකී නින්දාව අයත් නොවන්නේද? ආවා වූද, නොආවා වූද මහා සංඝයාට කිරිබත්ගොඩ හිමි සිදු කර ඇත්තේ අසාහසික නින්දාවක්මැයි. උන්වහන්සේ මේ නොකියා කියා ඇත්තේ මේ රටේ උත්තරීතර මහා සංඝ බලය යටපත් කොට අධිරාජ්‍යවාදීන්ගේ සපත්තුවට හා පල්ලියේ ලෝගුවට යටවන ඊනියා ධර්ම රාජ්‍යයක් බවට මේ හෙළදිව ධර්ම ද්වීපය පත්කළ යුතු බව නොවේද...?

ඇරත් ගෞතම බුදු සසුන තුළ උපසම්පදාව ස්ථවීර තත්ත්වයට පත් ගෞරවනීය මහා සංඝරත්නයක් වැඩ සිටිද්දී, තිසරණයෙහි පිහිටියා වූ එකම භික්ෂුවක් හෝ සොයා ගැනීම කලුනික හොයනවාට වඩා අපහසු යැයි කිරිබත්ගොඩ හිමියන් ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ මෙරට මහා සංඝරත්නය විෂයෙහි උන්වහන්සේගේ සිත තුළ කිසියම් වෛරයක් තිබෙන බව නොවේද?

“වර්තමානයේ භික්ෂු සංඝයා ලෙස පෙනී සිටින ලාංකීය භික්ෂූන් වහන්සේලා ධර්ම ඥානයෙන් ඉතා දුර්වල බව රහසක් නොවේ. සද්ධර්මය හැදෑරීම වෙනුවට වෙනත් ලාභ ප්‍රයෝජන ඉලක්ක කරගත් ලෞකික විෂයන් ලෞකික විෂයන් හැදෑරීමට බලවත් ලෙස උනන්දු වෙති. තමතමන් ගේ වෙහෙර විහාර පවා ආදායම් උපදවන ව්‍යාපාරික ස්ථාන බවට පත්කරගෙන සිටිත්. මේ නිසාම මේ රමණීය ධර්මද්වීපය තුළ කෙතරම් මිත්‍යා දෘෂ්ටික මතිමතාන්තර පැතිරී ගියද උන්වහන්සේලාට එහි අනතුරක් නොපෙනේ. දුර දැකීමේ හැකියාවක් නැත. අධර්මය බලවත්ව නැඟී සිටින විටද ඒවා යටපත් වන පරිදි ගෞතම බුදු සසුන ඉස්මතු කොට පෙන්වා දීමේ ශක්තියක් ඔවුනට නැත. එනිසා බෞද්ධ ජනතාව ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටිති. පෙරහැරවල් කිරීමත්, පිංකම් නාමයෙන් නොයෙකුත් විකාර කිරීමත් මිස තථාගත ධර්මය තුළට බුද්ධිමත් ජනතාවක් කැඳවා ගෙන යන්නට උන්වහන්සේලාට හැකියාවක් නැත. කොටින්ම ශ්‍රී ලාංකික භික්ෂුව ව්‍යක්ත නැත. විශාරද නැත. බහුශ්‍රැත නැත. ධර්මධර නැත. ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් දුරස්ව සිටී. දේශපාලනික ආරවුල්වලදී පමණක් ඒවාට මැදිහත්ව සමාජ ආධිපත්‍යය ඇති කරගැනීම පිණිස ජාතියේ මුර දේවතාවුන් ලෙසත්, ශාසන භාරධාරීන් ලෙසත් තමන්ව හුවා දක්වා ගනිති.” (මහමෙව්නාවේ බෝධිඥාන සභාව ග්‍රන්ථය 77, 78 පිටු)

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පිළිනොගත්තාට මෙරට භික්ෂූන් වහන්සේලා ජාතියේ මුර දේවතාවුන් වහන්සේලාමය. උන්වහන්සේලා විසින් දරනු ලබන අපරිමිත මෙහෙය නොවන්නට මේ සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් මේ වනවිට මේ පුංචි දිවයිනෙන් අතුගා දමා හමාරය. එහෙත් සඟ සසුන වැනසීම සඳහා එය හැඳි ගෑවී යේවා යි යන අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන සංඝ භේදය කළ දේවදත්ත පරපුරේ ඇතැම් භික්ෂූහු කිසිවිටෙකත් සිංහල ජාතියේත් සම්බුදු සසුනේත් උන්නතිය උදෙසා පෙනී නොසිටියෝය. කළ එකම දෙය නම් එසේ පෙනී සිටින බව පෙන්වමින් මිෂනාරීන්ගේත්, ජාතිවාදී ෆැසිස්ට් හා නාසිවාදීන්ගේත් ඕනෑ එපාකම් ඉෂ්ඨ කිරීමය. සිංහල බෞද්ධ බලවේගය දුර්මුඛ කරන කිරිබත්ගොඩ හිමියන් වැනි භික්ෂූනට සෝම හිමියන් වැනි ජාතියේ මහා මුර දේවතාවුන් වහන්සේලාගෙන් උගත හැකි දෑ බොහෝය.

“මේ අවසන් ඉල්ලීම වශයෙන් අපි කීප දෙනෙක් අපවත් වෙමු. අපිව අපවත් කරන්න නම් ලෑස්ති වෙන්නේ ශාසනයේ නාමයෙන් අපි කීප දෙනෙක් අපවත් වෙමු. එහෙමනම් ඉතිං ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන එක්කෝ පැනලා දුවයි ඔක්කොම, නැත්නම් අපේ මල මිනී උඩින් ඒ ගොල්ලන් ඉදිරියට ඒවි. ඔය දෙකෙන් එකක් වේවි. ඒ ටික හොඳට සිහියේ දරා ගෙන මේ පූජා භූමියේ, මේ දළදා වහන්සේගේ නාමයෙන් අධිෂ්ඨාන කරගෙන යන්න ලබන සැරේ මෙතන්ට එනකොට , මේ ස්ථානයට වඩිනකොට අඩුම ගානේ අපෙන් එක්කෙනෙක්වත්, නැත්නම් පස්හය නමක්වත් වැඩම කරගෙන ඇවිල්ලා අපේ සංඝ බලය පෙන්වන්න. හැම දෙනාටම තෙරැවන් සරණ, ශක්තිය ලැබේවා......!!!” (පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි)

ඉහත කාරණාවලට අමතරව, ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලා හට “ශ්‍රමණ පෙරේතයන්”,”ශ්‍රමණ භ්රෂ්ටයන්” ආදී නින්දනීය යෙදුම් භාවිත කරමින් නොයෙක් උපහැරණ ගෙන හැර දක්වමින් කිරිබත්ගොඩ හිමියන් තම පොත්පත් හා ලිපි ලේඛන මඟින් භික්ෂූන් හට නින්දා අපහාස කොට ඇති අවස්ථා එමටය. ඒවා සඳහන් කිරීම පවා නුසුදුසු යැයි සඳහන් කරමි. එහෙත්, යම් කිසිවෙකුට අවශ්‍යය නම් කිරිබත්ගොඩ හිමියන් විසින් රචිත “ගිහිගෙයි ඔබ ඇයි?” ග්‍රන්ථයේ 28, 29 පිටු බලන්න. බෝධිඥාන පුවත්පතේ 2005 බිනර කලාපයට කිරිබත්ගොඩ හිමියන් සපයා ඇති ලිපිය බලන්න.

ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාට ගෞතම බුදු සසුන නඟා සිටුවිය නොහැකි යැයි කියනා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මහා කාරැණික බුදුරාණන් වහන්සේ දේශනා කොට වදාළ අසූහාර දහසක් ධර්මස්කන්ධයන්ගෙන් ධර්මස්කන්ධ හතලිස් දෙදහසක්ම ඇතුළත් අභිධර්ම පිටකය වැනි පරම ගාම්භීර දේශනාවන් බැහැර කරන්නේ ගෞතම බුදු සසුන නඟා සිටුවීමට දැයි පිළිතුරැ දිය යුතුය. කිරිබත්ගොඩ හිමියන් ඉහත සඳහන් පරිදි ගෞරවනීය මහා සංඝරත්නයට අපහාස නොකළේ යැයි දැන් කියන්නේද....? එම ප්‍රකාශ නිසා මෙරට ගෞරවනීය මහා සංඝයාට සිදු වූ බලවත් අපහාසය හා අසාධාරණයට උන්වහන්සේ මහා සංඝයාගෙන් සමාව ගත යුතු නොවේද....? ඉදිරි අවශ්ය්ය පියවර ගැනීම මහා සංඝයාටම භාරය.

මීළඟට අප අවධානය යොමු කරන්නේ බෞද්ධ ක්‍රමවේදයෙන් බැහැරව සම්බුද්ධ රාජ මාළිගා තනන කිරිබත්ගොඩ හිමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා සම්බන්ධයෙන් දක්වන ආකල්පය පැහැදිලි කිරීමටයි. මේ කෙරෙහි අප වඩාත් අවධානය යොමු කළ යුත්තේ ඇෆ්ගනිස්ථානයේ අන්තවාදීන් විසින් බාමියන් බුදු පිළිම වනසද්දී පූජ්‍ය කිරිබත්ගොඩ හිමියන් පහත දැක්වෙන මතය සමාජය තුළට රුගෙන ඒම නිසාය.

මහා කාරැණික බුදු රජාණන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කොට පෙහෙවස් සමාදන් වී සිටි කාලය තුළ දී බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධා භක්තියෙන් සිටි උදේනි රජතුමා තථාගතයන් වහන්සේව නොදැක සිටීමට නොහැකි ව මුගලන් මහ මුගලන් මහරහතන් වහන්සේගේ උදව් උපකාර ඇතිව දිව්‍ය ලෝකයට දක්ෂ කැටයම් ශිල්පියෙකු යවා බුද්ධ ශරීරයේ ලක්ෂණයන් අනුව සඳුන් හරයකින් ඔහු ලවා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කොට වන්දනා මාන කළ බව ඉතිහාස ග්රන්ථයන්හි සඳහන් ව තිබේ.

එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවත් මහා කාරැණික බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කිරීම එතරම් අවශ්‍යතාවක් නොවීය. චෛත්‍යය සහ බෝධීන් වහන්සේලා රෝපණය කොට වන්දනා මාන කිරීමත්, සිරිපා සලකුණට වන්දනා මාන කිරීමත් බොහෝ සෙයින් එකල පැවතුනි. ඕනෑම උතුම් පුද්ගලයෙකු වෙනුවෙන් පිළිරැවක් තැනැවීමට උත්සාහ ගන්නේ, ඒ පුද්ගලයාගේ අභාවයෙන් පසුව ය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමත් සමඟ බුද්ධ ප්‍රතිමා වහන්සේලා තනවා වන්දනා මාන කිරීමට සැදැහැවතුන් පෙළැඹුණු බවත්, ප්‍රතිමා ශිල්පය කලක් ගතවන විට දියුණුවෙන් දියුණුවට පත්වී මේ වනවිට ඉතාමත්ම දක්ෂ ලෙස වර්ධනය වී ඇත.

බුද්ධ ප්‍රතිමා වහන්සේලා පිළිබඳ ව මජ්ඣිම නිකායේ දක්ෂිණ විභංග සූත්‍රයේ මෙසේ සඳහන් වී තිබේ.

“තථාගතෙ පන පරිනිබ්බුතෙ උභතො සංඝස්ස පමුඛෙ සධාතුකං බුද්ධපටිමං ආසනෙ ඨපෙත්වා පත්තං ආධරකෙ ඨපෙත්වා දක්ඛිණොදකමාදිං කත්වා සබ්බං සත්ථු පඨමං දත්වා උභතො සංඝස්ස දතබ්බං”

‘”තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි උභතො සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කොට පළමු වන සාංඝික දානය දිය යුතුය.”

එමෙන්ම මනෝරථ පූරණී අටුවාවෙහි ද සධාතුක බුද්ධ ප්‍රතිමා ගැන සඳහන් කොට තිබේ.

“සධාතුක බුද්ධ ප්‍රතිමා වහන්සේට බාධා පැමිණෙන බෝධියේ ශාඛා සිඳ දැමීමට සුදුසු යැයි සඳහන් වී තිබේ.”

මහා කාරැණික බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ පටන් අටුවාවන් තිබූ හෙයින් මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිවට ගෙනැවිත් බුද්ධ වර්ෂ පස්වන සියවසේදී එම හෙළ අටුවාව පාළියට පරිවර්තනය කිරීම නිසා ආරක්ෂා විය. මනෝරථපූරණී අටුවාව, සම්මෝහ විනෝදනී නම් විභංග අටුවාව, මජ්ඣිම නිකාය දක්ෂිණ විභංග සූත්‍ර අටුවාව ආදී අටුවා ග්රන්ථයන්හි බුද්ධ ප්‍රතිමා වහන්සේලා ගැන සඳහන් වී තිබීමෙන් පිළිඹිබු වන්නේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ පටන්ම හෝ ඊට ආසන්න කාලයේ පටන්ම බුද්ධ ප්‍රතිමා වහන්සේලා තිබුණු බවත් සැදැහැවත් බෞද්ධයන් වෙතින් ඒවාට වැඳුම් පිදුම් කළ බවත්ය.

බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වෙත ගොස් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුතුව මල් පහන් පූජා කරමින්, ගිලන්පස ආදී බුද්ධ පූජාවන් පවත්වමින් සැදැහැවත් බෞද්ධයන් වැඳුම් පිදුම් කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හට ගෞරව කරනවා යන අපරිමිත ශ්‍රද්ධාවෙන් යුතුවය.

බුද්ධ ප්‍රතිමා වහන්සේලා පිළිබඳ කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් දරන්නේ මෙබඳු අදහසකි.

“බුදු පිළිම කැඩුවාට බුදුරජාණන් වහන්සේට හානියක් නෑ...

අපි ධර්මය දකින තාක් කල් හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම තිබුණත්, උන්වහන්සේට පහර වදිනවා...

ගල් ගෙඩි අස්සෙන් බුදුරජාණන් වහන්සේව දකින්න යාමේ මෝඩකම නිසා ඔල මොට්ටල බුද්ධාගම්කාරයෝ ඇති වුණා...

පුංචි ළමයින්ට ශ්‍රද්ධාව ඇතිකරවන්න බුදු පිළිම ඕනෑ නෑ...”

යනුවෙන් මෙවැනි කෙටි මාතෘකා රැසක් කිරිබත්ගොඩ ඤණානන්ද හිමියන් විසින් රචිත “බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” යන ග්‍රන්ථයේ පිටකවරයේ පසුපිටේ සඳහන්ව ඇත. එහි එන තවත් කාරණා කිහිපයක් පහත දැක්වේ.

“පිළිම තුළින් බුදු රජාණන් වහන්සේව දකින්න බැහැ.

නමුත්, අද අපේ රටේ බෞද්ධයින් ඒ දේ කරනවාද...? මැටිවලින් හදපු බුදුරජාණන් වහන්සේව දකින්න ලෑස්ති වෙලා ඉන්නවා කොටසක්. ලී වලින් හදාපු බුදු රජාණන් වහන්සේව බලන්න ලෑස්තිවෙලා ඉන්නවා තවත් කොටසක්. ගල්වලින් හදාපු බුදු රජාණන් වහන්සේව දකින්න ලෑස්ති වෙලා ඉන්නවා තවත් කොටසක්. බුදු රජාණන් වහන්සේව දකින්න පුළුවන් වේවිද ඒ විදිහට....? කවදාවත් බෑ. ඒක අපට සිද්ධ වුණු ලොකු වැරැද්දක්. (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 1 වැනි පිටුව - දෙවැනි ඡේදය)”

යමෙක් ධර්මය දකින්නේ ද හෙතෙම මා දකින්නේ ය; යමෙක් මා දකින්නේ ද හෙතෙම ධර්මය දකින්නේ ය යනුවෙන් පටිච්ඡ සමුප්පාද විවරණයෙහි දක්වා ඇති සංකල්පය වරදවා අර්ථ විවරණය කරමින් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මීළඟට සිංහල බෞද්ධ ජන විඤ්ඤාණය දූෂ්‍ය කරන ආකාරය කටයුතු කරන්න.

“පිළිම තුළින් බුදුරජාණන් වහන්සේව දකින්න උත්සාහ කළ වැරැද්ද අද අත්විඳිනවා...

අපට අතීතයේ සිද්ධ වුණු වැරැද්ද නිසා, අපෙන් වෙන් වුණු වැරදි නිසා, බුදුරජාණන් වහන්සේව ධර්මය තුළින් දකින්න පුළුවන්කම තියෙද්දී, ඒක දකින්නේ නැතිව, විශාල ගල්වල බුදුරජාණන් වහන්සේව නෙලන්න ලෑස්ති වෙලා අත්විඳින සාපයට අද මුහුණ දෙන්න සිද්ධ වෙලා. දැන් ඔන්න ඇෆ්ගනිස්ථානෙ ඒ ප්‍රශ්නේ මතුවෙනවා. තලේබාන් බුදු පිළිම ගැන අප තදින් කථා කරනවා. ඒත් අප ඉගෙන ගන්නවාද....? ධර්මය දකින්න කියලා අපට කිව්වහම, ඒ ධර්මය දකින්නේ නැතුව, අපේ පැරණි අය විසින් බුදුරජාණන් වහන්සේව පිළිමවලින් දකින්න ගල්වල කෙටූ නිසා අද අප ඒ වැරැද්ද අත්විඳිනවා...”

(“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 1 වැනි පිටුව - 4 වැනි ඡේදය)

“ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම කැඩුණේ අපට සිදු වුණු ඓතිහාසික වැරදීම නිසයි.

අපට සිදු වුණු ඓතිහාසික වැරැද්ද තමයි මේ බුදු පිළිම හැදිල්ල. දැන් බලන්න කුරාන් ආගමේ තහනම් දෙයක්, ප්‍රතිමා සෑදීම. ඒ නිසයි බුදු පිළිම කඩා දැමුවේ. නමුත්, ඔය ගෙවල්වල ධම්මපදය කොටලා තිබුණා නම් කඩන්නේ නෑ. ඒක ඒ අයට තහනම් දෙයක් නොවන නිසයි. එහෙම වුණා නම් පුරාවිද්‍යාඥයෝ ගිහිං ඒවා කියවාවි. විනාශයට පත්වන්නේ නෑ...”

(“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 15 වැනි පිටුව - දෙවැනි ඡේදය)

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පවසන අන්දමට ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම වහන්සේලා කඩා බිඳ දමනු ලැබුවේ පැරැන්නන් විසින් විශාල ගල්වල බුද්ධ ප්‍රතිමා නෙලා තිබූ නිසාය. බුද්ධිමත් ඕනෑම අයෙකුට පොළොන්නරුව ගල් විහාරය, අවුකන ආදී පැරැන්නන් විසින් වසර ගණනක් වෙහෙස මහන්සි වී ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව විශ්මයජනක ලෙස නෙළා ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලා දකින විට ශ්‍රද්ධාවක් මෙන්ම ඉතිහාසයේ සිටි බෞද්ධ ජනතාව පිළිබඳ අභිමානයක් ඇතිවේ...

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අදහස විශාල ගල්වල බුද්ධ ප්‍රතිමා නෙළීම සාපයක් බවයි. ඒ බව “විශාල ගල්වල බුදුරජාණන් වහන්සේව නෙළන්න ලෑස්ති වෙලා අත්විඳින සාපයට අද මුහුණ දෙන්න සිදු වෙලා....” යන ප්‍රකාශයෙන් මනාව උධෘත වේ.

සිවුරැ පොරොවා ගත් බෞද්ධ භික්ෂුවක් තබා බෞද්ධ නාමයෙන් පෙනී සිටින ශිෂ්ට සම්පන්න කිසිඳු ගිහියෙකුවත් නොකරන මෙවැනි ප්‍රකාශයන් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පොත්පත්වල ලියා පළ කොට ඇත්තේ උන්වහන්සේ උපතින්ම බෞද්ධයෙකු නොවන නිසා විය හැකිද...?

නොයෙක් නාමයන්ගෙන් පෙනී සිටින අන්‍ය ආගමික මූලධර්මවාදී සංවිධාන විසින් බුදු සසුන වැනසීමේ කුමන්ත්රණකාරී වැඩ පිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක කරයි. තිසරණය හඳුනා නොගත් බෞද්ධයන්ව තෑගි බෝග දී රවටා ගන්නා එම මිනිසුන් ලවා බුදු පිළිම විනාශ කරවති; බුදු පිළිම පොළොවේ ගස්වති. ඕනෑම අයෙක් බුදු පිළිම වහන්සේ නමක් කඩා බිඳ දමන්නේ හා ඒ සඳහා අනුබල දෙන්නේ බුදු දහම කෙරෙහි වෛරයකින් හා ද්වේශයකින් පසුවන නිසා නොවේද....?

නමුත්, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අදහස;

“බුදු පිළිම කැඩුවාට හානියක් වෙනවාද...?

බුදු පිළිම ටික කඩලා බිම දැම්මා කියමු. නමුත්, බුදු රජාණන් වහන්සේට වැදුනද...? වැදුනේ නෑ.... උන්වහන්සේ අසමසමයි.”

(“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 17 වැනි පිටුව)

කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් මෙවැනි අදහස් පොත්පත්වල ලියා ජනතාව අතර පතුරැවා තිබීම බුදු සසුන වනසන අන්‍ය ආගමික කුමන්ත්‍රණකාරීන්ට මෙන්ම බුදු පිළිම වහන්සේලා කඩා බිඳ දමනා නිධන් හොරැන්ට දොරගුළු විවර කරදීමක් බඳුය.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය නමින් පරිවර්තනය කොට ඇති මජ්ඣිම නිකාය පළමු ග්‍රන්ථයේ පෙරවදන තුළ දී පරිපාලන ක්‍රමයක් ලෙස වර්තමානයේ භක්ෂූන් වහන්සේලා යොදාගෙන තිබෙන “නිකාය” යන වචනය දැඩි ද්වේශයෙන් ගර්හාවට ලක්කර ඇත.

“පුද්ගල කණ්ඩායම් වලටත් ‘%නිකාය’ යන වචනය යොදනවාද...?

පසුකාලයකදී පුද්ගල කණ්ඩායම් සඳහාත් %නිකාය’ යන වචනය යොදා තිබෙනවා. ලංකාවේ පවා සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය ආදී වශයෙන් පුද්ගල කණ්ඩායම්වලටත් %නිකාය’ යන වචනය යොදා තිබෙනවා. ඒ භික්ෂූන්ට තමන්ගේ අර්ථ ශූන්‍ය, අධාර්මික, අශාසනික කණ්ඩායම් වාදයට ඉතා පහසුවෙන්ම %සභාව’ යන වචනය යොදන්නට තිබුණා. කොහොම වුණත් ථෙරවාදී සම්ප්රදාය තුළ කණ්ඩායම යන අර්ථය පිණිස, ශ්‍රී සද්ධර්මය කොටස උදෙසා ගෞරවයෙන් භාවිත කළ %නිකාය’ යන වචනය යොදා ගැනීම අතිශය බරතල ඓතිහාසික වරදක්. දැන්වත් ඔවුන් ඒ වරදින් නිදහස් විය යුතුයි.” යනුවෙන් දක්වා තිබේ.

[QUOTE="ela, post: 13201440, member: 1428"] [b]පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට පිළ&[/b] [INDENT][INDENT][INDENT][SIZE="3"] සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍රවල දක්නට ලැබෙන &ඒවං මේ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ* යන වගන්තිය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ පරිවර්ථනයන්හි හා ථෙරීය සම්ප්රදාය පිළිබඳ වැටහීම් ඇති උගත් පඬිවරයන් විසින් සංස්කෘත ග්රන්ථයන්හි &මා විසින් මෙසේ අසන ලදී; එක් සමයෙක්හි භාගයවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.* යනුවෙන් බොහෝ විට දක්නට ලැබේ. මෙම වගන්තිය පරිවර්තනයේදී නිවැරදි රෑඪිගත සිංහල පරිවර්තනය මෙයයි. එහෙත්, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ &ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය* නමින් හඳුන්වන ග්රන්ථ මාලාවේ උක්ත පාලි වගන්තිය ලියා ඇත්තේ මෙසේය. එනම්, &මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි; භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ අසපුවේ...* යනුවෙන් කටවහරට නඟා ඇත. බෞද්ධ අනන්‍යතාව ඉස්මතු වන %ආරාම^ යන්නට %අසපුව^ නුවෙන් යෙදීමට මුනවහන්සේ සාහසික වන්නේ කුමන පදනමක් නිසාද....? කලින් සඳහන් කල පරිදි %ආරාම^ යන පාලි ශබ්දය සෙසු ආගමිකයන් විසූ ස්ථානයන්ගෙන් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටි ස්ථාන වෙන් කොට හඳුනා ගැනීමට උපයුක්ත පදයකි. එම නිසා අසපු යනුවෙන් සිංහලයට පරිවර්තනය කිරීම ධර්මය විකෘති කිරීමකි. ආරාම - පන්සල - විහාරස්ථානය යන පදයන් සමඟ චිරාත් කාලයක් තිස්සේ ගොඩනැඟී ඇති සභ්‍යත්වය ඤාණානන්ද හිමිගේ හිතට නැඟුණු අසපු සංස්කෘතිය නිසා විනාශ කරන්නේ ඇයි...? තවත් නිදසුනක් &එදා භාග්‍යවතුන් වහන්සේ හවස්වරැවේ භාවනාවෙන් නැඟිටල ඉස්තෝප්පුවේ වැඩ සිටියා* (ආශ්චර්යවත් හ්‍රී සද්ධර්මය - කිරිබත්ගොඩ හිමි - 177 පිටුව) එසේම &ගල්ගෙඩි පෙරලීම ගැන වදාළ සූත්‍රය, ගල්පතුරැ මුල් කොට වදාළ සූත්‍රය, මුවාගේ කෙණ්ඩා මුල්කොට වදාළ සූත්‍රය* යනුවෙන් එම කෘතීන්හිම දක්වා ඇත්තේ අසාහසික අන්දමිනි. ධර්ම ගරැත්වය, අර්ථ ගරැත්වය, භාෂා සන්දර්භය හා ශ්‍රද්ධාව විනාශ කරන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ මේ &අමනෝඥ පරිවර්තනයෙන්* චිරාත් කාලයක් තිස්සේ පවත්නා බෞද්ධ ජන විඤ්ඤාණය දූෂ්‍ය නොකරන්නේද....? භාෂා පරිවර්තනයේදී අනුගත ශාස්ත්‍රීය ශික්ෂණය ඇති තැනැත්තෙකු මෙවැනි විනාශකාරී සංසිද්ධීන් කිසිවිටෙකත් සිදු නොකෙරේ. කිරිබත්ගොඩ ඤාණානන්ද ඉතා සැලසුම් සහගත අන්දමින් අසපුවෙන් ආරාමය දූෂ්‍ය කෙරෙන සැටි ධර්ම ශාස්ත්‍රීය වශයෙන් තර්කානුකූලව උන්වහන්සේගේ පොතපතින් ධර්ම දේශනයෙන්, ස්වකීය අමන ව්‍යවස්ථාවෙන්, අසපු ගොඩනැඟීමෙන් හා ජනතා කල්ලිවාදයෙන් සුපැහැදිලි ලෙස ඔප්පු වේ. පහත තොරතුර අනුව ඒ බව සුපහන් බෞද්ධ ජනතාවට මනාව වටහා ගත හැක්කේය. · මහමෙව්නාවේ බෝධිඥාන ව්‍යවස්ථාවෙන් කළ උපුටා ගැනීම්.... (96 පිටුව) “බෝධිඥාන සභාවේ උත්තරීතර නායකත්වය තුළ අන්තර්ගතව තිබෙන්නේ බුද් සමිඳුන් වදාළ ධර්ම විනය පමණි. ඒ පාරිශුද්ධ වූ ධර්ම කොටස මේ ආකාරයෙන් පෙන්වා දිය හැකිය. එම උතුම් ධර්ම කොටස අයත් වන්නේ මේ උතුම් ග්‍රන්ථවලය. පාරිශුද්ධ ධර්ම කොටස් · දීඝ නිකාය · මජ්ඣිම නිකාය · සංයුක්ත නිකාය · අංගුත්තර නිකාය · ඛුද්දක නිකායේ උද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්ත නිපාත, ථෙර - ථෙරී ගාථා, විමාන වත්ථු හා පේතවත්ථු යන කොටස් පමණි. පාරිශුද්ධ විනය කොටස් · පාරාජිකා පාලි · පාචිත්‍යය පාලි · චුල්ලවග්ග පාලි · මහාවග්ග පාලි · පරිවාර පාලි මෙම පාරිශුද්ධ ග්රන්ථවලින් පරිබාහිර වූ කිසිඳු ග්රන්ථයක් හෝ කිසිඳු මතවාදයක් හෝ කිසිඳු ආකල්පයක් හෝ කිසිඳු විග්‍රහයක් හෝ කිසිඳු ප්‍රාර්ථනයක් හෝ බෝධිඥාන සභාව පිළිනොගනී. එම නිසා මෙකී පාරිශුද්ධ ග්‍රන්ථවල සඳහන් සදූපදේශ පමණක් බෝධිඥාන සභාවේ අනගිභවනීය වූ, උත්තරීතර වූ, අසහාය වූ නායකත්වය වේ. (මෙම බෝධිඥාන ව්‍යවස්ථාව රුපියල් 100ක පමණ මුදලකට අලෙවි කරන අතර එහි නිල මුද්‍රාවක් මෙසේ තබා ඇත. “බෝධිඥාන සවිස්තර ග්‍රන්ථය කියවා බලා එකඟ වීමට නොහැකි අය හට එය ආපසු ලබා දීමෙන් තැන්පත් රු.100/=ක මුදල නිදහස් කෙරේ.”) ධර්ම - විනය නොදන්නා මෙය පිළිගෙන බෝධිඥාන සභාවේ අඥාන සාමාජිකත්වය ලබා ගෙන මිත්‍යා දෘෂ්ටිකයෙක් බවට පත්වන ආකාරය මේ තුළින්ම වටහාගත හැක්කේය. ඛුද්දක නිකායන්ට අයත් වන ධර්ම ග්රන්ථ මෙසේය. · ඛුද්දක පාඨ · ධම්ම පද · උදාන · ඉතිවුත්තක · සුත්ත නිපාත · විමාන වත්ථු · පේත වත්ථු · ථෙර ගාථා · ථෙරී ගාථා · ජාතක · නිද්දේස · පටිසම්පදා · අපදාන · බුද්ධවංස · චරියාපිටක එහෙත් ඉහත බෝධිඥාන ව්‍යවස්ථා නීතියට අනුව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මේවායින් කොටස් කීයක්නම් ප්‍රතික්ෂේප කොට ඇත්තේද....? මෙය නිර්මල සද්ධර්මය බැහැර කිරීමකි. එසේම, · ධම්මසංගනී · විභංග · ධාතු කථා · පුද්ගල පඤ්ඤත්ති · කථාවත්ථු · යමක · පට්ඨාන 42,000ක් වූ නිර්මල සද්ධර්මය ප්‍රතික්ෂේප කොට ඇත. එනම්, බුදුදහමෙහි මූලික හරය වන අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කොට ඇත. එවිට දහම ඉබේටම වැනසී යයි. තතු එසේ වුවත් කිරිබත්ගොඩ හිමියන් තම බෝධිඥාන ව්‍යවස්ථාවේම 39, 40, 41,42 යන පිටුවලදී සංගීතිකාරක තෙරවරැන් විසින් ධර්ම විනය මැනැවින් සංග්‍රහ කොට ඇති බව පිළිගනී. එහෙත්, පිරිසිඳු බුද්ධ ධර්මය යන්න තුළ යට දක්වන ලද කොටස් අබුද්ධ දේශිතයකැයි කියා ප්‍රතික්ෂේප කොට ඇත්තේ කාගේ වුමනාවක් පිටද.....? ඇරත් එහි 42වැනි පිටුවේ, “ තුන්වන ධර්ම සංගායනාවේදී එහි මූලිකත්වය ගෙන කටයුතු කළ මොග්ගලීපුත්තතිස්ස හිමියන් විසින් බුද්ධ වචනයට එරෙහි වුණු සියලු මතවාදයන් ඛණ්ඩනය කර දමනු ලදුව යළිත් වරක් ‘ගෞතම බුදු සසුන’ නඟා සිටුවන්නට සමත් වූ බව” දක්වා තිබේ. පරවාද මත 500ක් ඛණ්ඩනය කරමින් හා ථෙරවාදය සාධනය කරමින් මොග්ගලීපුත්තතිස්ස හිමියන් විසින් රචනා කළේ අභිධර්ම පිටකයට අයත් කථාවත්ථූපකරණයයි. අභිධර්ම පිටකය සම්පූර්ණ වූයේ එසේය. එහෙත් කිරිබත්ගොඩ හිමියන් අවිචාරශීලිව සිදු කර ඇති මේ මහා ධර්ම විනාශය කවර දෙවියෝ නම් උහුලත්ද....? දෙතැනක පරස්පර විරෝධී අදහස් දැක්වීමෙන් කිරිබත්ගොඩ හිමිගේ අඥාන බවේ තරම විදහා පාන්නේ නොවේද...? තමා අභිධර්ම නොදන්නේ යැයි කියා එය ප්‍රතික්ෂේප කිරීම නොවටී. තත්ත්වය මෙය නම් පූජ්‍ය කිරිබත්ගොඩ හිමියන් තමා පිළිගන්නේ මිහිඳු මා හිමියන් රුගෙන ආ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය යැයි පවසන්නේ කවර පදමනක් මතද...? වර්තමානය තුළ බුදුරජාණන් වහන්සේ වදාළ, පිරිසිඳු ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ තමා පමණක් යැයි වහසි බස් දොඩමින් සාසනභාරධාරී මහනා හිමිවරැන් ඇතුළු රටේ අනෙකුත් ධර්මධර - විනයධර භික්ෂූන් හට ඉතා අකාරැණික ලෙස නින්දා අපහාස කරමින් සිටින කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා පිළිබඳ පොත්පත්වල ලියා පළකර ඇත්තේ මෙවැනි අදහස්ය. “විශේෂයෙන්ම අද භික්ෂුව ධර්ම ඥානයෙන් දුර්වලයි. අද භික්ෂූන් වහන්සේලා මූලික ධර්ම ඥානය පිළිබඳව පැහැදිලි ශ්රද්ධාවකටවත් පැමිණෙන්න අසමත් වෙලා තිබෙනවා.” (අඳුර විනිවිද එළිය දකින්න 27 පිටුව) ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලා එසේ ශ්රද්ධාවකටවත් පැමිණීමට අසමත් වී ඇත්නම් මහත් දුෂ්කරතා බාධක මධ්‍යයේ, ඇතැම්විට දානය පවා නොලබමින් භික්ෂූත්වයට පිවිස, භික්ෂූත්වයේ රැඳී සිටින්නේ කවර හේතුවක් නිසාද....? “මේ රටේ භික්ෂු ජීවිතය ගෙන බැලුවොත් එය ගිහි ජීවිතයේ ම එක්තරා පැතිකඩක් වැන්න. සමහර භික්ෂූන් වහන්සේලා නැකැත්කරැවෝ මිස භික්ෂූන් නොවෙති. සමහරැ ගොවියෝ මිස භික්ෂුන් නොවෙති. සමහරැ ඉස්කෝලෙ මහත්තුරැ මිස භික්ෂූන් නොවෙති. සමහරැ කට්ටඩි රාළලාය. සමහරැ වාහන වෙන්දේසි කරන්නේය. සමහරැ දේශපාලකයෝය. ගෞතම බුදු සසුන තුළ තිසරණය පිහිටුවා ගත් භික්ෂූන් වහන්සේලා සොයා ගැනීමට වඩා කලුනික සොයා ගැනීම පහසු විය හැකිය.” (කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි - බෝධිඥාන පුවත්පත - 2003 දුරැතු) කිරිබත්ගොඩ හිමියන් ඉහත දක්වන පරිදි මේ රටේ සියලුම භික්ෂූන් වහන්සේලා නැකැත්කරැවෝද? ඉස්කෝලේ මහත්තුරැද? කට්ටඩිරාළලාද? වාහන වෙන්දේසිකරැවෝද? දේශපාලකයෝද? භික්ෂු වේෂයෙන් පෙනී සිටින ඇතැම් චීවරධාරීන් භික්ෂූත්වයට නිගා දී ජනතාව තුළ කලකිරවීමක් කිරීම සඳහා එසේ ක්‍රියාකරනවා විය හැකිය. එහෙත්, ගුරැ සේවයේ යෙදී සිටින භික්ෂූන් වහන්සේලාට ඉස්කෝලේ මහත්තුරැ යැයි කීම සාධාරණද? ගමේ ගොඩේ සිදු කෙරෙන සෑම අවස්ථාවකදීම ශුභ නැකැත්හෝරාවන් තෝරා දෙමින් හා රෝග - අමනුෂ්‍ය - දුර්භික්ෂ බිය දුරලන භික්ෂුව කට්ටඩිරාළ කෙනෙක් විය හැකිද? එසේ නම් කිරිබත්ගොඩ හිමියන් විසින්ම තමන්වහන්සේගේ පෙර භවයේ ගුරැවරයා යැයි කියනු ලබන ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ විශාලා මහනුවර තුන්බිය දුරැ කිරීමට දායක වූ හෙයින් කට්ටඩි රාළ කෙනෙක් යැයි කිරිබත්ගොඩ හිමියෝ කියහුද? එසේම, බුදු රජාණන් වහන්සේ මාර දමනය කරමින් හා විශාලා මහනුවර තුන් බිය දුරැ කිරීම සඳහා රතන සූත්‍රය දේශනා කරමින්ද, සිව්වණක් පිරිසේ ආරක්ෂාව උදෙසා ආටානාටිය දෙසීමෙන්ද සිදු කළේ කට්ටඩියෙකුගේ කාර්ය භාර්යය යැයි කිරිබත්ගොඩ හිමියන් කියන්නේද...? පුරාණ රාජමහා විහාරස්ථානවලට නඩත්තුව සඳහා පෙර රජ දවස පවරා ඇති නින්දගම්වල දායක සභා භාරයේ වගා කෙරෙන කුඹුරැ ඉඩම් ඇති නිසා එම විහාරස්ථානවල වෙසෙන භික්ෂූන් වහන්සේලා ගොවියෝ විය හැකිද? භික්ෂූන් වහන්සේලා අමුඩ ගසා මඩට බසිනු කිරිබත්ගොඩ හිමියන් දැක තිබේද? තවද පුරාණයේ සිට ගුරැවරයෙකු, වෙදෙකු හා අන් සෑම අංශයකින්ම රජුටත් ඉහළින් සිටිමින් ගමේ මෙන්ම මුළු රටේම නායකත්වයට පත් භික්ෂුන් වහන්සේටත් කිරිබත්ගොඩ හිමිගේ මෙකී නින්දාව අයත් නොවන්නේද? ආවා වූද, නොආවා වූද මහා සංඝයාට කිරිබත්ගොඩ හිමි සිදු කර ඇත්තේ අසාහසික නින්දාවක්මැයි. උන්වහන්සේ මේ නොකියා කියා ඇත්තේ මේ රටේ උත්තරීතර මහා සංඝ බලය යටපත් කොට අධිරාජ්‍යවාදීන්ගේ සපත්තුවට හා පල්ලියේ ලෝගුවට යටවන ඊනියා ධර්ම රාජ්‍යයක් බවට මේ හෙළදිව ධර්ම ද්වීපය පත්කළ යුතු බව නොවේද...? ඇරත් ගෞතම බුදු සසුන තුළ උපසම්පදාව ස්ථවීර තත්ත්වයට පත් ගෞරවනීය මහා සංඝරත්නයක් වැඩ සිටිද්දී, තිසරණයෙහි පිහිටියා වූ එකම භික්ෂුවක් හෝ සොයා ගැනීම කලුනික හොයනවාට වඩා අපහසු යැයි කිරිබත්ගොඩ හිමියන් ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ මෙරට මහා සංඝරත්නය විෂයෙහි උන්වහන්සේගේ සිත තුළ කිසියම් වෛරයක් තිබෙන බව නොවේද? “වර්තමානයේ භික්ෂු සංඝයා ලෙස පෙනී සිටින ලාංකීය භික්ෂූන් වහන්සේලා ධර්ම ඥානයෙන් ඉතා දුර්වල බව රහසක් නොවේ. සද්ධර්මය හැදෑරීම වෙනුවට වෙනත් ලාභ ප්‍රයෝජන ඉලක්ක කරගත් ලෞකික විෂයන් ලෞකික විෂයන් හැදෑරීමට බලවත් ලෙස උනන්දු වෙති. තමතමන් ගේ වෙහෙර විහාර පවා ආදායම් උපදවන ව්‍යාපාරික ස්ථාන බවට පත්කරගෙන සිටිත්. මේ නිසාම මේ රමණීය ධර්මද්වීපය තුළ කෙතරම් මිත්‍යා දෘෂ්ටික මතිමතාන්තර පැතිරී ගියද උන්වහන්සේලාට එහි අනතුරක් නොපෙනේ. දුර දැකීමේ හැකියාවක් නැත. අධර්මය බලවත්ව නැඟී සිටින විටද ඒවා යටපත් වන පරිදි ගෞතම බුදු සසුන ඉස්මතු කොට පෙන්වා දීමේ ශක්තියක් ඔවුනට නැත. එනිසා බෞද්ධ ජනතාව ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටිති. පෙරහැරවල් කිරීමත්, පිංකම් නාමයෙන් නොයෙකුත් විකාර කිරීමත් මිස තථාගත ධර්මය තුළට බුද්ධිමත් ජනතාවක් කැඳවා ගෙන යන්නට උන්වහන්සේලාට හැකියාවක් නැත. කොටින්ම ශ්‍රී ලාංකික භික්ෂුව ව්‍යක්ත නැත. විශාරද නැත. බහුශ්‍රැත නැත. ධර්මධර නැත. ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් දුරස්ව සිටී. දේශපාලනික ආරවුල්වලදී පමණක් ඒවාට මැදිහත්ව සමාජ ආධිපත්‍යය ඇති කරගැනීම පිණිස ජාතියේ මුර දේවතාවුන් ලෙසත්, ශාසන භාරධාරීන් ලෙසත් තමන්ව හුවා දක්වා ගනිති.” (මහමෙව්නාවේ බෝධිඥාන සභාව ග්‍රන්ථය 77, 78 පිටු) කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පිළිනොගත්තාට මෙරට භික්ෂූන් වහන්සේලා ජාතියේ මුර දේවතාවුන් වහන්සේලාමය. උන්වහන්සේලා විසින් දරනු ලබන අපරිමිත මෙහෙය නොවන්නට මේ සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් මේ වනවිට මේ පුංචි දිවයිනෙන් අතුගා දමා හමාරය. එහෙත් සඟ සසුන වැනසීම සඳහා එය හැඳි ගෑවී යේවා යි යන අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන සංඝ භේදය කළ දේවදත්ත පරපුරේ ඇතැම් භික්ෂූහු කිසිවිටෙකත් සිංහල ජාතියේත් සම්බුදු සසුනේත් උන්නතිය උදෙසා පෙනී නොසිටියෝය. කළ එකම දෙය නම් එසේ පෙනී සිටින බව පෙන්වමින් මිෂනාරීන්ගේත්, ජාතිවාදී ෆැසිස්ට් හා නාසිවාදීන්ගේත් ඕනෑ එපාකම් ඉෂ්ඨ කිරීමය. සිංහල බෞද්ධ බලවේගය දුර්මුඛ කරන කිරිබත්ගොඩ හිමියන් වැනි භික්ෂූනට සෝම හිමියන් වැනි ජාතියේ මහා මුර දේවතාවුන් වහන්සේලාගෙන් උගත හැකි දෑ බොහෝය. “මේ අවසන් ඉල්ලීම වශයෙන් අපි කීප දෙනෙක් අපවත් වෙමු. අපිව අපවත් කරන්න නම් ලෑස්ති වෙන්නේ ශාසනයේ නාමයෙන් අපි කීප දෙනෙක් අපවත් වෙමු. එහෙමනම් ඉතිං ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන එක්කෝ පැනලා දුවයි ඔක්කොම, නැත්නම් අපේ මල මිනී උඩින් ඒ ගොල්ලන් ඉදිරියට ඒවි. ඔය දෙකෙන් එකක් වේවි. ඒ ටික හොඳට සිහියේ දරා ගෙන මේ පූජා භූමියේ, මේ දළදා වහන්සේගේ නාමයෙන් අධිෂ්ඨාන කරගෙන යන්න ලබන සැරේ මෙතන්ට එනකොට , මේ ස්ථානයට වඩිනකොට අඩුම ගානේ අපෙන් එක්කෙනෙක්වත්, නැත්නම් පස්හය නමක්වත් වැඩම කරගෙන ඇවිල්ලා අපේ සංඝ බලය පෙන්වන්න. හැම දෙනාටම තෙරැවන් සරණ, ශක්තිය ලැබේවා......!!!” (පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි) ඉහත කාරණාවලට අමතරව, ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලා හට “ශ්‍රමණ පෙරේතයන්”,”ශ්‍රමණ භ්රෂ්ටයන්” ආදී නින්දනීය යෙදුම් භාවිත කරමින් නොයෙක් උපහැරණ ගෙන හැර දක්වමින් කිරිබත්ගොඩ හිමියන් තම පොත්පත් හා ලිපි ලේඛන මඟින් භික්ෂූන් හට නින්දා අපහාස කොට ඇති අවස්ථා එමටය. ඒවා සඳහන් කිරීම පවා නුසුදුසු යැයි සඳහන් කරමි. එහෙත්, යම් කිසිවෙකුට අවශ්‍යය නම් කිරිබත්ගොඩ හිමියන් විසින් රචිත “ගිහිගෙයි ඔබ ඇයි?” ග්‍රන්ථයේ 28, 29 පිටු බලන්න. බෝධිඥාන පුවත්පතේ 2005 බිනර කලාපයට කිරිබත්ගොඩ හිමියන් සපයා ඇති ලිපිය බලන්න. ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාට ගෞතම බුදු සසුන නඟා සිටුවිය නොහැකි යැයි කියනා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මහා කාරැණික බුදුරාණන් වහන්සේ දේශනා කොට වදාළ අසූහාර දහසක් ධර්මස්කන්ධයන්ගෙන් ධර්මස්කන්ධ හතලිස් දෙදහසක්ම ඇතුළත් අභිධර්ම පිටකය වැනි පරම ගාම්භීර දේශනාවන් බැහැර කරන්නේ ගෞතම බුදු සසුන නඟා සිටුවීමට දැයි පිළිතුරැ දිය යුතුය. කිරිබත්ගොඩ හිමියන් ඉහත සඳහන් පරිදි ගෞරවනීය මහා සංඝරත්නයට අපහාස නොකළේ යැයි දැන් කියන්නේද....? එම ප්‍රකාශ නිසා මෙරට ගෞරවනීය මහා සංඝයාට සිදු වූ බලවත් අපහාසය හා අසාධාරණයට උන්වහන්සේ මහා සංඝයාගෙන් සමාව ගත යුතු නොවේද....? ඉදිරි අවශ්ය්ය පියවර ගැනීම මහා සංඝයාටම භාරය. මීළඟට අප අවධානය යොමු කරන්නේ බෞද්ධ ක්‍රමවේදයෙන් බැහැරව සම්බුද්ධ රාජ මාළිගා තනන කිරිබත්ගොඩ හිමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා සම්බන්ධයෙන් දක්වන ආකල්පය පැහැදිලි කිරීමටයි. මේ කෙරෙහි අප වඩාත් අවධානය යොමු කළ යුත්තේ ඇෆ්ගනිස්ථානයේ අන්තවාදීන් විසින් බාමියන් බුදු පිළිම වනසද්දී පූජ්‍ය කිරිබත්ගොඩ හිමියන් පහත දැක්වෙන මතය සමාජය තුළට රුගෙන ඒම නිසාය. මහා කාරැණික බුදු රජාණන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කොට පෙහෙවස් සමාදන් වී සිටි කාලය තුළ දී බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධා භක්තියෙන් සිටි උදේනි රජතුමා තථාගතයන් වහන්සේව නොදැක සිටීමට නොහැකි ව මුගලන් මහ මුගලන් මහරහතන් වහන්සේගේ උදව් උපකාර ඇතිව දිව්‍ය ලෝකයට දක්ෂ කැටයම් ශිල්පියෙකු යවා බුද්ධ ශරීරයේ ලක්ෂණයන් අනුව සඳුන් හරයකින් ඔහු ලවා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කොට වන්දනා මාන කළ බව ඉතිහාස ග්රන්ථයන්හි සඳහන් ව තිබේ. එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවත් මහා කාරැණික බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කිරීම එතරම් අවශ්‍යතාවක් නොවීය. චෛත්‍යය සහ බෝධීන් වහන්සේලා රෝපණය කොට වන්දනා මාන කිරීමත්, සිරිපා සලකුණට වන්දනා මාන කිරීමත් බොහෝ සෙයින් එකල පැවතුනි. ඕනෑම උතුම් පුද්ගලයෙකු වෙනුවෙන් පිළිරැවක් තැනැවීමට උත්සාහ ගන්නේ, ඒ පුද්ගලයාගේ අභාවයෙන් පසුව ය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමත් සමඟ බුද්ධ ප්‍රතිමා වහන්සේලා තනවා වන්දනා මාන කිරීමට සැදැහැවතුන් පෙළැඹුණු බවත්, ප්‍රතිමා ශිල්පය කලක් ගතවන විට දියුණුවෙන් දියුණුවට පත්වී මේ වනවිට ඉතාමත්ම දක්ෂ ලෙස වර්ධනය වී ඇත. බුද්ධ ප්‍රතිමා වහන්සේලා පිළිබඳ ව මජ්ඣිම නිකායේ දක්ෂිණ විභංග සූත්‍රයේ මෙසේ සඳහන් වී තිබේ. “තථාගතෙ පන පරිනිබ්බුතෙ උභතො සංඝස්ස පමුඛෙ සධාතුකං බුද්ධපටිමං ආසනෙ ඨපෙත්වා පත්තං ආධරකෙ ඨපෙත්වා දක්ඛිණොදකමාදිං කත්වා සබ්බං සත්ථු පඨමං දත්වා උභතො සංඝස්ස දතබ්බං” ‘”තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි උභතො සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කොට පළමු වන සාංඝික දානය දිය යුතුය.” එමෙන්ම මනෝරථ පූරණී අටුවාවෙහි ද සධාතුක බුද්ධ ප්‍රතිමා ගැන සඳහන් කොට තිබේ. “සධාතුක බුද්ධ ප්‍රතිමා වහන්සේට බාධා පැමිණෙන බෝධියේ ශාඛා සිඳ දැමීමට සුදුසු යැයි සඳහන් වී තිබේ.” මහා කාරැණික බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ පටන් අටුවාවන් තිබූ හෙයින් මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිවට ගෙනැවිත් බුද්ධ වර්ෂ පස්වන සියවසේදී එම හෙළ අටුවාව පාළියට පරිවර්තනය කිරීම නිසා ආරක්ෂා විය. මනෝරථපූරණී අටුවාව, සම්මෝහ විනෝදනී නම් විභංග අටුවාව, මජ්ඣිම නිකාය දක්ෂිණ විභංග සූත්‍ර අටුවාව ආදී අටුවා ග්රන්ථයන්හි බුද්ධ ප්‍රතිමා වහන්සේලා ගැන සඳහන් වී තිබීමෙන් පිළිඹිබු වන්නේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ පටන්ම හෝ ඊට ආසන්න කාලයේ පටන්ම බුද්ධ ප්‍රතිමා වහන්සේලා තිබුණු බවත් සැදැහැවත් බෞද්ධයන් වෙතින් ඒවාට වැඳුම් පිදුම් කළ බවත්ය. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වෙත ගොස් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුතුව මල් පහන් පූජා කරමින්, ගිලන්පස ආදී බුද්ධ පූජාවන් පවත්වමින් සැදැහැවත් බෞද්ධයන් වැඳුම් පිදුම් කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හට ගෞරව කරනවා යන අපරිමිත ශ්‍රද්ධාවෙන් යුතුවය. බුද්ධ ප්‍රතිමා වහන්සේලා පිළිබඳ කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් දරන්නේ මෙබඳු අදහසකි. “බුදු පිළිම කැඩුවාට බුදුරජාණන් වහන්සේට හානියක් නෑ... අපි ධර්මය දකින තාක් කල් හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම තිබුණත්, උන්වහන්සේට පහර වදිනවා... ගල් ගෙඩි අස්සෙන් බුදුරජාණන් වහන්සේව දකින්න යාමේ මෝඩකම නිසා ඔල මොට්ටල බුද්ධාගම්කාරයෝ ඇති වුණා... පුංචි ළමයින්ට ශ්‍රද්ධාව ඇතිකරවන්න බුදු පිළිම ඕනෑ නෑ...” යනුවෙන් මෙවැනි කෙටි මාතෘකා රැසක් කිරිබත්ගොඩ ඤණානන්ද හිමියන් විසින් රචිත “බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” යන ග්‍රන්ථයේ පිටකවරයේ පසුපිටේ සඳහන්ව ඇත. එහි එන තවත් කාරණා කිහිපයක් පහත දැක්වේ. “පිළිම තුළින් බුදු රජාණන් වහන්සේව දකින්න බැහැ. නමුත්, අද අපේ රටේ බෞද්ධයින් ඒ දේ කරනවාද...? මැටිවලින් හදපු බුදුරජාණන් වහන්සේව දකින්න ලෑස්ති වෙලා ඉන්නවා කොටසක්. ලී වලින් හදාපු බුදු රජාණන් වහන්සේව බලන්න ලෑස්තිවෙලා ඉන්නවා තවත් කොටසක්. ගල්වලින් හදාපු බුදු රජාණන් වහන්සේව දකින්න ලෑස්ති වෙලා ඉන්නවා තවත් කොටසක්. බුදු රජාණන් වහන්සේව දකින්න පුළුවන් වේවිද ඒ විදිහට....? කවදාවත් බෑ. ඒක අපට සිද්ධ වුණු ලොකු වැරැද්දක්. (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 1 වැනි පිටුව - දෙවැනි ඡේදය)” යමෙක් ධර්මය දකින්නේ ද හෙතෙම මා දකින්නේ ය; යමෙක් මා දකින්නේ ද හෙතෙම ධර්මය දකින්නේ ය යනුවෙන් පටිච්ඡ සමුප්පාද විවරණයෙහි දක්වා ඇති සංකල්පය වරදවා අර්ථ විවරණය කරමින් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මීළඟට සිංහල බෞද්ධ ජන විඤ්ඤාණය දූෂ්‍ය කරන ආකාරය කටයුතු කරන්න. “පිළිම තුළින් බුදුරජාණන් වහන්සේව දකින්න උත්සාහ කළ වැරැද්ද අද අත්විඳිනවා... අපට අතීතයේ සිද්ධ වුණු වැරැද්ද නිසා, අපෙන් වෙන් වුණු වැරදි නිසා, බුදුරජාණන් වහන්සේව ධර්මය තුළින් දකින්න පුළුවන්කම තියෙද්දී, ඒක දකින්නේ නැතිව, විශාල ගල්වල බුදුරජාණන් වහන්සේව නෙලන්න ලෑස්ති වෙලා අත්විඳින සාපයට අද මුහුණ දෙන්න සිද්ධ වෙලා. දැන් ඔන්න ඇෆ්ගනිස්ථානෙ ඒ ප්‍රශ්නේ මතුවෙනවා. තලේබාන් බුදු පිළිම ගැන අප තදින් කථා කරනවා. ඒත් අප ඉගෙන ගන්නවාද....? ධර්මය දකින්න කියලා අපට කිව්වහම, ඒ ධර්මය දකින්නේ නැතුව, අපේ පැරණි අය විසින් බුදුරජාණන් වහන්සේව පිළිමවලින් දකින්න ගල්වල කෙටූ නිසා අද අප ඒ වැරැද්ද අත්විඳිනවා...” (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 1 වැනි පිටුව - 4 වැනි ඡේදය) “ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම කැඩුණේ අපට සිදු වුණු ඓතිහාසික වැරදීම නිසයි. අපට සිදු වුණු ඓතිහාසික වැරැද්ද තමයි මේ බුදු පිළිම හැදිල්ල. දැන් බලන්න කුරාන් ආගමේ තහනම් දෙයක්, ප්‍රතිමා සෑදීම. ඒ නිසයි බුදු පිළිම කඩා දැමුවේ. නමුත්, ඔය ගෙවල්වල ධම්මපදය කොටලා තිබුණා නම් කඩන්නේ නෑ. ඒක ඒ අයට තහනම් දෙයක් නොවන නිසයි. එහෙම වුණා නම් පුරාවිද්‍යාඥයෝ ගිහිං ඒවා කියවාවි. විනාශයට පත්වන්නේ නෑ...” (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 15 වැනි පිටුව - දෙවැනි ඡේදය) කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පවසන අන්දමට ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම වහන්සේලා කඩා බිඳ දමනු ලැබුවේ පැරැන්නන් විසින් විශාල ගල්වල බුද්ධ ප්‍රතිමා නෙලා තිබූ නිසාය. බුද්ධිමත් ඕනෑම අයෙකුට පොළොන්නරුව ගල් විහාරය, අවුකන ආදී පැරැන්නන් විසින් වසර ගණනක් වෙහෙස මහන්සි වී ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව විශ්මයජනක ලෙස නෙළා ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලා දකින විට ශ්‍රද්ධාවක් මෙන්ම ඉතිහාසයේ සිටි බෞද්ධ ජනතාව පිළිබඳ අභිමානයක් ඇතිවේ... කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අදහස විශාල ගල්වල බුද්ධ ප්‍රතිමා නෙළීම සාපයක් බවයි. ඒ බව “විශාල ගල්වල බුදුරජාණන් වහන්සේව නෙළන්න ලෑස්ති වෙලා අත්විඳින සාපයට අද මුහුණ දෙන්න සිදු වෙලා....” යන ප්‍රකාශයෙන් මනාව උධෘත වේ. සිවුරැ පොරොවා ගත් බෞද්ධ භික්ෂුවක් තබා බෞද්ධ නාමයෙන් පෙනී සිටින ශිෂ්ට සම්පන්න කිසිඳු ගිහියෙකුවත් නොකරන මෙවැනි ප්‍රකාශයන් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පොත්පත්වල ලියා පළ කොට ඇත්තේ උන්වහන්සේ උපතින්ම බෞද්ධයෙකු නොවන නිසා විය හැකිද...? නොයෙක් නාමයන්ගෙන් පෙනී සිටින අන්‍ය ආගමික මූලධර්මවාදී සංවිධාන විසින් බුදු සසුන වැනසීමේ කුමන්ත්රණකාරී වැඩ පිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක කරයි. තිසරණය හඳුනා නොගත් බෞද්ධයන්ව තෑගි බෝග දී රවටා ගන්නා එම මිනිසුන් ලවා බුදු පිළිම විනාශ කරවති; බුදු පිළිම පොළොවේ ගස්වති. ඕනෑම අයෙක් බුදු පිළිම වහන්සේ නමක් කඩා බිඳ දමන්නේ හා ඒ සඳහා අනුබල දෙන්නේ බුදු දහම කෙරෙහි වෛරයකින් හා ද්වේශයකින් පසුවන නිසා නොවේද....? නමුත්, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අදහස; “බුදු පිළිම කැඩුවාට හානියක් වෙනවාද...? බුදු පිළිම ටික කඩලා බිම දැම්මා කියමු. නමුත්, බුදු රජාණන් වහන්සේට වැදුනද...? වැදුනේ නෑ.... උන්වහන්සේ අසමසමයි.” (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 17 වැනි පිටුව) කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් මෙවැනි අදහස් පොත්පත්වල ලියා ජනතාව අතර පතුරැවා තිබීම බුදු සසුන වනසන අන්‍ය ආගමික කුමන්ත්‍රණකාරීන්ට මෙන්ම බුදු පිළිම වහන්සේලා කඩා බිඳ දමනා නිධන් හොරැන්ට දොරගුළු විවර කරදීමක් බඳුය. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය නමින් පරිවර්තනය කොට ඇති මජ්ඣිම නිකාය පළමු ග්‍රන්ථයේ පෙරවදන තුළ දී පරිපාලන ක්‍රමයක් ලෙස වර්තමානයේ භක්ෂූන් වහන්සේලා යොදාගෙන තිබෙන “නිකාය” යන වචනය දැඩි ද්වේශයෙන් ගර්හාවට ලක්කර ඇත. “පුද්ගල කණ්ඩායම් වලටත් ‘%නිකාය’ යන වචනය යොදනවාද...? පසුකාලයකදී පුද්ගල කණ්ඩායම් සඳහාත් %නිකාය’ යන වචනය යොදා තිබෙනවා. ලංකාවේ පවා සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය ආදී වශයෙන් පුද්ගල කණ්ඩායම්වලටත් %නිකාය’ යන වචනය යොදා තිබෙනවා. ඒ භික්ෂූන්ට තමන්ගේ අර්ථ ශූන්‍ය, අධාර්මික, අශාසනික කණ්ඩායම් වාදයට ඉතා පහසුවෙන්ම %සභාව’ යන වචනය යොදන්නට තිබුණා. කොහොම වුණත් ථෙරවාදී සම්ප්රදාය තුළ කණ්ඩායම යන අර්ථය පිණිස, ශ්‍රී සද්ධර්මය කොටස උදෙසා ගෞරවයෙන් භාවිත කළ %නිකාය’ යන වචනය යොදා ගැනීම අතිශය බරතල ඓතිහාසික වරදක්. දැන්වත් ඔවුන් ඒ වරදින් නිදහස් විය යුතුයි.” යනුවෙන් දක්වා තිබේ. [/SIZE][/INDENT][/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom