Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි අපවත් වෙයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛො...."

ලෝකයම හිස් වී ගියාක් මෙන් දැනේ....

හිරු දහසක් පෑයුවද හදවත පුරා ඇති මේ අන්ධකාරය නිවා දැමිය නොහැක්කාක් මෙනි..

ප්‍රියයන්ගෙන් වෙන්වීම ඒකාන්ත දුකකි..!!!!

අධිගම අල්පේච්චතාවයෙන් යුක්තව, මිනිස් ඇසුර හැකි තරම් අවම කොට, ඉතාමත් නිහඩ, සරල ජීවිතයක් ගත කළ , උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්, තමන් වහන්සේගේ මරණයද ලෝක සත්වයාට කමටහනක් ලෙස ඉතිරි කරමින්, මේ සසරෙන් සදහටම නික්මී ගිය සේක..

වසර පහක පමණ කාලයක් උන් වහන්සේ තරමක් හෝ සමීපව ඇසුරු කරමින් ගෙවන්නට ලැබීම මේ සංසාරයේ මා කළා වූ මහත් පුණ්‍ය කර්මයක විපාකයකි. මේ සටහන උන් වහන්සේ කෙරෙහි මහත් වූ ගුරු භක්තියකින්, ගෞරවයෙන්, කෘතවේදීව, ලෙංගතුව තබන්නකි.

මීට වසර පහකට පෙර සසර පින ඉස්මතුවූ කාලවකවානුවක අති පූජනීය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පිළිබඳව අපට අසන්නට ලැබිණි. උන් වහන්සෙ මුණ ගැසීමෙන් අනතුරුව ජීවිතය වෙනස් කර නොගත් කෙනෙක් නොසිටිය හැකි තරම් විය. ඒ අතර මමද කෙනකු වීමි.

උන් වහන්සේගේ පළමු දර්ශනයම කෙනකුට හිත පහදවා ගත හැකි තරම් විය.

නිරහංකාර වූත්, අව්‍යාජ වූත්, හදවතින්ම නැගී එන සිනහව, කරුණාබරිත වූත්, සෘජු වූත් කතාව ඕනෑම කෙනකු දමනය කළ හැකි තරම්ය.

උන් වහන්සේගෙ මුවින් කිසි විටකත් හිස් වචන පිට නොවීය. යමක් කීවා නම්, ඒ සැම දෙයක්ම නිවන අරඹයාම විය. දිනකට පැයක් පමණ කාලයක් භාවනා කමටහන් දෙන උන්වහන්සේ, එම පැය ඇතුළත ප්‍රකාශ කරන්නාවූ සෑම වචනයක්ම අමිලය. ඒවා ඒ තර්ම්ම අර්ථවත්ය. හිතේ ස්වභාවයට අනුවම, සුදුසුම උපදේශය ලබා දෙයි.

උන් වහන්සේව දැක බලා ගැනීමට, වන්දනා කර යෑමට පමණක් පැමිණීම උන් වහන්සේ තරයේ ප්‍රතික්ෂේප කළ සේක.

"මේ කුණු කයේ මොනවා බලන්නද " ලෙසින් පැවසූහ. භාවනාව ප්‍රගුණ කරමින් සසරින් මිදීමට වීරිය කරනා යෝගාවචරයන් කෙරෙහි උන් වහන්සේ නොකළ දෙයක් නොමැති තරම්ය. උන් වහන්සේගේ උපදේශයන් වැල් වටාරම්, පුහු ආටෝපයෙන් තොරවූ, ඉතාම හරවත් කෙටි ඒවා විය. ඇතැම් උප්දේශ වචන දෙක තුනක් පමණක් වූවද ඒවයේ ඇති ගම්භීර බව මෙතැකැයි කියා කිව නොහැක.

උන් වහන්සේ ඉතාමත්ම නිරහංකර, මානය මුළුමනින්ම දුරු කර උත්තමයාණන් වහන්සේ කෙනෙකි. උන් වහන්සේ වැඩ සිටි කුටිය ඉතාමත් සරල වූ නමුත් ප්‍රියමනාප කුඩා එකකි. උන් වහන්සේ පරිහරණය කළේ අත්‍යවශ්‍යම දේවල් පමණි. උන් වහන්සේ සියල්ලන්ටම සැලකූයේ සමසිතිනි. කිසිවකු විශේෂ නොවූහ.

කවරකු පැමිණියද උන් වහන්සේ ආමන්ත්‍රණය කළේ "ළමයෝ" ලෙසිනි.

ඇතැම් විට උන් වහන්සේ ,

" මම ඉතින් පුරුද්දට ළමයෝ කියලා කිව්වට සමහරු කැමති නෑ ළමයෝ..ඒක එයාලට මදි පුන්චිකමක් වගේ " යැයි පවසන්නේ ඉතාමත් සිනහමුසු මුහුණින්ය..

පෘථග්ජන සිත්හි මුල් බැස ඇති මානාදී ක්ලේශ ධර්මයන් උන් වහන්සේ පිරිසිඳ දත් සේක.

" මම කාටත් බෙදන්නේ එක හැන්දෙන් " යැයි උන් වහන්සේ නිතර පැවසූහ.

උන් වහන්සේ කෙනකු අගය කළේ ඔහුගේ සිත්හි ඇති පිරිසිදු භාවය මතමය. වචනයෙන් පවසන දෑ පසුපස පවතින කෙලෙස් මල උන්වහන්සේ දත් සේක. කිසිවකුට උන් වහන්සේ රැවටීමට , මුලා කිරීමට නොහැක.

මේ දුක්ඛිත සසරේ එක මොහොතක්වත් රැඳී සිටීමට ප්‍රිය නොකළ උන් වහන්සේ, සෑම මොහොතක්ම ගත කළේ ලෝක සත්වයා වෙනුවෙන්මය. උන් වහන්සේගෙන් ගුරුහරුකම් ලැබූවේ, මිනිසුන් පමණක් නොවේය. දෙවියන්, බ්‍රහ්මයන් පවා උන් වහන්සේට වන්දනා කරමින්, උපදේශ ලබාගත් සේක.

උන් වහන්සේගේ දේශනා සෑම විටම නිවන අරමුණු කරමින්, කරන ලද ඒවාය. ධ්‍යාන, ඵල සමවත් සුව විඳිනා අයට ඒවා ශ්‍රවණය කරමින්ම ඒවා තව තවත් පෘථුල ලෙස අත්දැකිය හැක. සිත සමාහිත කරමින් ක්‍රමයෙන් නිවන දෙසට ප්රායෝගිකවම යොමු කරවන මේ දේශනා නැවත මෛත්‍රී බුදු රජාණන් වහන්සේ පහළ වන තෙක් කවරකුට හෝ සිදු කළ හැකිදැයි කිව නොහැකි තරමටම විශ්මයජනකය.. උන් වහන්සේ සතු ධර්ම දැනුම, ත්‍රිපිඨකය පිළිබඳ ඇති හසල දැනුම අපට සිතා ගත නොහැක.

කෙතරම් බහුශ්‍රැත වූවද උන් වහන්සේ දිවි ගෙවූයේ ඉතාමත් සරල., සාමාන්‍ය කෙනකු ලෙසය.

සම්මුති, සාම්ප්‍රදායන් ඉක්මවා යමින් ප්‍රායෝගික වශයෙන්ම ධර්ම දේශනා ඉතාමත් සෘජු ලෙසින්ම ඉදිරිපත් කරන උන් වහන්සේට ඇතැමුන් චෝදනා කළේය. නමුත් ඒවා සත්‍ය ලෙසම අත්දැක්ක කෙනකු වේ නම්, ජීවිතය දෙවෙනි කොට උන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගනී.

ආනාපානසතිය, මෛත්‍රීය,බුද්ධානුස්සතිය, පිළිකුළ, මරණ සතිය ආදී කවර භාවනාවක් හෝ විදර්ශනාවට නඟා නිවනට සිත පත් කර ගන්නා අයුරු උන් වහන්සේ අතැඹුලක් සේ පෙන්වා දුන් සේක.

උන් වහන්සේගේ දේශනා විලාශය විශ්මයජනකය. සොරොව්වක් විවෘථ කළාක් මෙන් ගලා යන මහා ධර්මස්කන්ධය නිවන පිණිසම විය.

විහිළු කතා, හිනැස්සීම්, හිස් කතා නැති, ශ්රවණයෙන්ම සිත ඒකාග්ර වන, පාරමී ඇත්නම් අසා සිටියදී වුව නිවනට සිත පත් කරගත හැකි ඒවා විය.

ගමනක් බිමනක් යෑමේදී උන් වහන්සේ භාවිතා කළේ කලු පාට බාටා සෙරෙප්පු දෙකකි. මග දෙපස හමුවන දන්නා, නොදන්නා සෑම සියළු දෙනාටම හර්දයාන්ගම, කුළුපග සිනහවකින් සංග්‍රහ කරන්නේ උන්වහන්සේගේ හදවතේ ඇති මෛත්‍රී, කරුණා ගුණයන් හේතුවෙනි.

උන් වහන්සේගේ අල්පේච්ඡ දිවි පැවත්ම , සරල බව, නිහතමානී බව අප වැනි අයට විස්තර කිරීමට නොහැකිය. උන් වහන්සේ අතිශයින්ම පිරිසිදු කෙනකු විය. ඉතාමත් ස්වල්ප දානයකින් යැපුණු උන් වහන්සේ, සීලය අකුරටම පිළිපැදි, උතුම් සංඝ රත්නයක් වූවද, උන් වහන්සේගේ සමාධිය මහා සාගරය සේ වූවද, සීලයවත් සමාධියවත් කිසි කලෙකවත් උපාදානය නොකළ සේක.

ඇදුමෙන් පැළදුමෙන් කෙනකුගේ ධර්මය මනින බහුජනයා කෙරෙහි උන් වහන්සේ අපට පැවසූවේ මෛත්‍රී සහගත වන ලෙසත්, උපේක්ෂා සහගත වන ලෙසත්ය.

නිරන්තරයෙන් උන් වහන්සේ නොයෙකුත් කායික රෝග, බලපෑම් මැද ජීවිතය ගත කළද අවසාන මොහොත දක්වා, තනිවම ස්වකීය කටයුතු කරගන්නා ලද සේක. සැම වීටම ධ්‍යාන , ඵල සමවත් සුව විඳිමින් ඉතාමත් ප්‍රීතියෙන් ජීවීතය ගත කළ උන් වහන්සේ අපට ලබා දෙන ලද උපදෙස් මහමෙරක් තරම්ය.

භාවනා වඩමින් ඉදිරියට යෑමට වීරිය දරන යෝගාවචරයන්ට උන් වහන්සේ පිහිට වූයේ ධර්මයෙන්ම පමණක් නොවේ. ලෞකික ,ලෝකෝත්තර දෙපැත්තටම උන් වහන්සේ පිහිට විය.

ජීවීතයේ ඇතැම් විට සිදු වූ සිත් පීඩා, හිත් රිදවීම් හමුවේ පිළිසරණක් නොහැකි වූ තැන පියෙකුගේ රැකවරණය සොයා යන කුඩා දරුවන් මෙන් අප සොයා ගියේ උන් වහන්සේවය.

" කෑලි වලට කැපුවත් තරහ සිතක් ගන්න එපා ළමයෝ"

" ඔයා මුලින් සමාවගන්න.. ඔයා මුලින් ගිහින් කතා කරන්න. නිහතමානි වෙන්න ළමයෝ."

"අපට ලෝකයා හදන්නට බැහැ. ඒක තේරුම් ගන්න.. අපිට කරන්න තියෙන්නේ අපේ හිත හදාගන්න එක. ඔය මොකක් කිව්වත් වචන ටිකක් පමණයි. සද්දයක් ඇතිවෙලා නැතිවෙලා යනවා විතරයි. මොකද්ද ඕකේ ඇලෙන්නවත් ගැටෙන්නවත් තියෙන්නේ."

" බලාපොරොත්තු තිබ්බොත්, බලාපොරොත්තු කඩවීමේ දුක දැනෙනවා. බලාපොරොත්තු නැත්තම් දුකක් නෑ."

"කිසිම විටක ලෝකයාගෙන් කෙළෙහි ගුණයක් බලාපොරොත්තු වෙන්න එපා. පෙරළා යමක් බලාපොරොත්තු වෙන්න එපා. මිනිස් ස්වභාවය ළමයෝ "

" හදන්න බැරි අය හදන්න යන්න එපා ළමයෝ. මොකක් කිව්වත් හා ඇත්තද කියලා එතනින් ඈත් වෙන්න. අපේ සිතේ සැනසීමයි වැදගත්.."

උන් වහන්සේගෙන් ලද අප්‍රමාණ වූ ධර්මස්කන්ධයට අමතරව සාමාන්‍ය ජීවීතයට ලබා දුන් ඔවදන් අතුරෙන් නිතර දුන් කිහිපයකි..

උන් වහන්සේගේ කරුණාව අපට සිතා ගැනීමටවත් නොහැකි විය. නිරන්තරයෙන් ඉතාමත් කරුණාවෙන් මිත්රශීලීව අපට ඔවදන්, කමටහන් ලබා දුන්නද, උන් වහන්සේ ඉතාමත් සෘජු විය.. සංඝ රත්නය සතු සෘජුපටිපන්න ගුණය උන් වහන්සේ තුළ ඒකාන්තයෙන්ම පිහිටියේය. පුද්ගල කෙලෙස් දමනය කළ යුතු ආකාරය මනාව දැන සිටි උන් වහන්සේ මෘදු විය යුතු තැන මෘදු ලෙසින්ද, සෘජු විය යුතු තැන සෘජු ලෙසින්ද විය.

මෙලොවින් සදහටම නික්ම යාමට පෙර උන් වහන්සේ අපට දුන් අවවාදය නම්;

" හැම වෙලේම මට පුළුවන් කියන හැඟීම ඇති කරගන්න. පොසිටිව් වෙන්න. බැරි දෙයක් නෑ. බෑ කියන හැඟීම අයින් කරගත්ත ගමන් හැමදේම පුළුවන්... සුබවාදී වෙන්න " ලෙසයි..

පිරිනිවීමට දිනකට කලින් උන් වහන්සේ අවසාන ඉල්ලිම් පත්‍රයක් ලියා තිබිණි.

මුළු ජීවීතයම නිහඩ, කිසිවකුටත් කරදරයක් නොවන, හුදෙකලාවම අගය කරමින්, ශාසනයට, භාවනා යෝගීන්ට අප්‍රමාණ සේවයක් කළ උන් වහන්සේ, තම අවසාන කටයුතුද කිසිම කෙනකුට කරදරයක් නොවන ලෙසින් ඉතාමත්ව චාම්ව, ඉක්මනින් කරන මෙන් ඉල්ලා තිබිණි. කීර්ති, ප්‍රශංසා, නම්බු නාම, මුල් තැන ආදිය අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවතලූ උන් වහන්සේ නිතර පැවසූයේ "මට පිරිස් බලය කරදරයක්" ලෙසයි.

පුද සත්කාර සැලකිලි එකලා ප්‍රතික්ශේප කළ ඔබ වහන්සේගේ අවසන් ඉල්ලීම පරිදි ඉතාමත් සරලව අවසාන කටයුතු සිදු වුණිද.........;

මදාරා පරසතු මලින් පුදන්නට තරම් ඔබ වහන්සේ සුදුසු බැව්, ඔබ වහන්සේව ධර්මය තුළින් දුටු දෙව්,මිනිස්, බ්‍රහ්මයන් ඒකාන්ත වශයෙන්ම දන්නා බව නොරහසකි..

දර්ශනයෙන් පවා අපේ සිත් සතුටු කරවූ, සිත් නිවූ, හිමියනි...

දැක්මෙන්, ඇසුරෙන් දුරස් වූවද, අප හදවත් තුළ ඔබ වහන්සේ දේශනා කළ ධර්මය සදා මේ සසර නිමාකරන තෙක් ගිලිහී නොයයි..

"යෝ ධම්මං පස්සති, සංඝං පස්සති"

අපි සැබවින්ම ඔබ වහන්සේව ධර්මය තුළින් දුටුවෙමු...!

සදාතන ලෝ දහම කිසිවකුටත් වෙනස් කළ නොහැක..

බුද්ධ රත්නයද, එදා සිටි රහතන් වහන්සේලාද මෙලෙසින්ම පිරි නිවී ගිය සේක..

සම්බුද්ධ සාසනයද, දිනෙක නැත්තටම නැතිවී යනු ඇත.

ඔබ වහන්සේ ලෝක සත්වයා වෙනුවෙන් කළ යුතු දේ කර හමාරය.

නිර්මල බුද්ධ ධර්මය , ධර්මයේ හරය අපට දායාද කළේය.

"නිබ්බාණං පරමං සුඛං..."

ඔබ වහන්සේ සදාකාලිකවම දුක් නිමා කොට ඒ සුඛයෙන් නිවී ගිය සේක..

ඔබ වහන්සේ මෙලෙස පහළව සත්වයාට නිවන් මාර්ගය විවර කරන බව එදා සම්බුදු පියාණන් නිසැකවම දැන සිටින්නට ඇත.

ඇතැම් විට සිත කෙලෙස් වලින් යටවූ විට ඔබ වහන්සේ පැවසූයේ,

"නිවන ඉදිරියේ ඕවා අසූචි සැප ළමයෝ, බුදු රජාණන්වහන්සේ මේව කොච්චර ගැඹුරු අවබෝධයකින්ද දේශනා කරන්නට ඇත්තේ" ලෙසයි..

වීරිය හීන වූ විට උන්වහන්සේ පැවසූවේ,

" ඔහොම මේ පොඩි වීරියකින් මේ නිවන් මඟ යන්න බෑ, බුල්ඩෝසරයක් වගේ එන එන බාධක යටකරගෙන , යටකරගෙන මම කොහොමහරි මේ ගමන යනවා කියන් දැඩි වීර්යයක් තියාගන්න " ලෙසයි..

කිසිදිනක රහත් බව තබා, තමන් තුළ ඇති එකදු ගුණයක් වත් ලෝකයා දකිනවාට අකැමැති, ඔබවහන්සේ සතු වූ මහා පුරුෂ ගුණයන් මෙසේ සටහනකට කැටි කොට දැක්විය නොහැක...

ඔබ වහන්සේගෙ මේ සමුගැනීම ඉදිරියේ අප අසරණ වූවාක් මෙන් දැනුණද, ඔබ වහන්සේගෙන් ලත් ධර්මය අපේ සිත් සනසාලයි.

ඉඳින් මා දයාබර ගුරු පියාණනි..,

මහා බුද්ධ පුත්‍රයාණෙනි...,

ඔබ වහන්සේ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නට දෙයක් ඉතිරි නොමැති බව අපි දනිමු..

සසර තුළ නැවත නැවත ප්රතිසංධිය ලබාදීමට හේතුවන අවිද්‍යාව නැමැති මූලය මුලිනුපුටා දැමූ රහතන් වහන්සේගේ විඥාණය යළි නූපදින ලෙසටම , තෙල්ද, වැටියද අවසන් වූ පසු නිවී යන පහනක් ලෙසින් නිවී යන බැව් අපි දන්නෙමු.

අහසේ පියාසර කළ කුරුල්ලෙකුගේ ගමන් සටහන් යළි දක්නට නොලැබෙන්නාක් මෙන්, කුමන මාරයකු අවුස්ස අවුස්සා භශ්මාවශේෂ පුරා සෙව්වද කිසිදින හමුනොවන විඥාණය සදාකාලිකවම නිවී ගියේය.

නින්දාවද ,ප්‍රශංසාවද, කරන පුද්ගලයාටම, අයිති දෙයක් සේ සලකමින් ඒවා එකක්වත් භාර නොගෙන, අෂ්ඨ ලෝක ධර්මතාවය ඉදිරියෙහි ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටි, අපේ ජිවිත කතාවේ, මහා වීරයාණෙනි, යුග පුරුෂයාණෙනි, ඔබ වහන්සේගෙන් අප ලබා ගත් දේ මෙතැකයි කියා නිම කළ නොහැක.

අපට පෙරළා ඔබ වහන්සේ වෙනුවෙන් කරන්නට දෙයක් වේ නම්, ඔබ වහන්සේම පැවසූ පරිදි නිවන් දැක සසර දුකෙන් එතෙර වීම පමණි..

අපගේ ඒකායන ප්‍රාර්ථනාව වන්නේ, ඔබ වහන්සේ සේම අපටද මේ ජීවීතයේදීම මේ සසර ගමන සදාකාලික වශයෙන්ම නිමා කොට නිවී යාමට ලැබේවා ලෙසයි..

ප්රාර්ථනාවකින් නොලැබෙන ඒ උත්තම ස්ථානයට ළඟා වීමට ඔබ වහන්සේ පෙන්වා දුන් මාර්ගය අනුගමනය කරමින්, ප්‍රතිපත්ති පූජාවෙන්ම ඔබ වහන්සේ පූජා කරමී..

බුදු රජාණන් වහන්සේ සංඝ රත්නය යැයි ගුණ පෙන්වමින් දේශනා කොට වඳාළ යමක් වේද ඒ සියළු ගුණයන් අපි ඔබ වහන්සේ තුළින් දුටුවෙමු..

උපන් සත්වයාට ධර්මය හැර සරණක් නැත..

ඒ ධර්මය අපට පෙන්වා දුන් ගුරු

දේවෝත්තමයිණි.....,

ජීවීතය පූජා කරමින් නමස්කාර කරමි...!!!

ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ විශ්වයට දායාද කළ, ස්වාක්ඛාත වූත් අකාලික වූත් ශ්‍රී සද්ධර්මය අසරණ ලෝක සත්වයාට දේශනා කළ අපගේ අමා මෑණි ලොව්තුරු බුදු පියාණන් සදා සරණ යමි....!!!

එදා රතන සූත්‍රයේදි බුදු රජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.

"පැරණි කර්ම ගෙවී ගිය,

අලුත් කර්ම හට නොගන්නා,

පුනර්භවය ලැබීම සඳහා යම්කිසි හෝ ඇලීමක් නැති,

සසර ගමනට කැමැත්ත නැසුවා වූ,

ඒ ධීර වූත්,

පණ්ඩිත වූත්,

රහත් බවට සපැමිණි උත්තමයෝ

පහන නිවී යන සේ නිවෙති....!!!! "

උපුටා ගැනිම- අමා සුව FB

[QUOTE="Gstar, post: 23749132, member: 101258"] [COLOR="DarkRed"][SIZE="5"]"ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛො...." ලෝකයම හිස් වී ගියාක් මෙන් දැනේ.... හිරු දහසක් පෑයුවද හදවත පුරා ඇති මේ අන්ධකාරය නිවා දැමිය නොහැක්කාක් මෙනි.. ප්‍රියයන්ගෙන් වෙන්වීම ඒකාන්ත දුකකි..!!!! අධිගම අල්පේච්චතාවයෙන් යුක්තව, මිනිස් ඇසුර හැකි තරම් අවම කොට, ඉතාමත් නිහඩ, සරල ජීවිතයක් ගත කළ , උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්, තමන් වහන්සේගේ මරණයද ලෝක සත්වයාට කමටහනක් ලෙස ඉතිරි කරමින්, මේ සසරෙන් සදහටම නික්මී ගිය සේක.. වසර පහක පමණ කාලයක් උන් වහන්සේ තරමක් හෝ සමීපව ඇසුරු කරමින් ගෙවන්නට ලැබීම මේ සංසාරයේ මා කළා වූ මහත් පුණ්‍ය කර්මයක විපාකයකි. මේ සටහන උන් වහන්සේ කෙරෙහි මහත් වූ ගුරු භක්තියකින්, ගෞරවයෙන්, කෘතවේදීව, ලෙංගතුව තබන්නකි. මීට වසර පහකට පෙර සසර පින ඉස්මතුවූ කාලවකවානුවක අති පූජනීය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පිළිබඳව අපට අසන්නට ලැබිණි. උන් වහන්සෙ මුණ ගැසීමෙන් අනතුරුව ජීවිතය වෙනස් කර නොගත් කෙනෙක් නොසිටිය හැකි තරම් විය. ඒ අතර මමද කෙනකු වීමි. උන් වහන්සේගේ පළමු දර්ශනයම කෙනකුට හිත පහදවා ගත හැකි තරම් විය. නිරහංකාර වූත්, අව්‍යාජ වූත්, හදවතින්ම නැගී එන සිනහව, කරුණාබරිත වූත්, සෘජු වූත් කතාව ඕනෑම කෙනකු දමනය කළ හැකි තරම්ය. උන් වහන්සේගෙ මුවින් කිසි විටකත් හිස් වචන පිට නොවීය. යමක් කීවා නම්, ඒ සැම දෙයක්ම නිවන අරඹයාම විය. දිනකට පැයක් පමණ කාලයක් භාවනා කමටහන් දෙන උන්වහන්සේ, එම පැය ඇතුළත ප්‍රකාශ කරන්නාවූ සෑම වචනයක්ම අමිලය. ඒවා ඒ තර්ම්ම අර්ථවත්ය. හිතේ ස්වභාවයට අනුවම, සුදුසුම උපදේශය ලබා දෙයි. උන් වහන්සේව දැක බලා ගැනීමට, වන්දනා කර යෑමට පමණක් පැමිණීම උන් වහන්සේ තරයේ ප්‍රතික්ෂේප කළ සේක. "මේ කුණු කයේ මොනවා බලන්නද " ලෙසින් පැවසූහ. භාවනාව ප්‍රගුණ කරමින් සසරින් මිදීමට වීරිය කරනා යෝගාවචරයන් කෙරෙහි උන් වහන්සේ නොකළ දෙයක් නොමැති තරම්ය. උන් වහන්සේගේ උපදේශයන් වැල් වටාරම්, පුහු ආටෝපයෙන් තොරවූ, ඉතාම හරවත් කෙටි ඒවා විය. ඇතැම් උප්දේශ වචන දෙක තුනක් පමණක් වූවද ඒවයේ ඇති ගම්භීර බව මෙතැකැයි කියා කිව නොහැක. උන් වහන්සේ ඉතාමත්ම නිරහංකර, මානය මුළුමනින්ම දුරු කර උත්තමයාණන් වහන්සේ කෙනෙකි. උන් වහන්සේ වැඩ සිටි කුටිය ඉතාමත් සරල වූ නමුත් ප්‍රියමනාප කුඩා එකකි. උන් වහන්සේ පරිහරණය කළේ අත්‍යවශ්‍යම දේවල් පමණි. උන් වහන්සේ සියල්ලන්ටම සැලකූයේ සමසිතිනි. කිසිවකු විශේෂ නොවූහ. කවරකු පැමිණියද උන් වහන්සේ ආමන්ත්‍රණය කළේ "ළමයෝ" ලෙසිනි. ඇතැම් විට උන් වහන්සේ , " මම ඉතින් පුරුද්දට ළමයෝ කියලා කිව්වට සමහරු කැමති නෑ ළමයෝ..ඒක එයාලට මදි පුන්චිකමක් වගේ " යැයි පවසන්නේ ඉතාමත් සිනහමුසු මුහුණින්ය.. පෘථග්ජන සිත්හි මුල් බැස ඇති මානාදී ක්ලේශ ධර්මයන් උන් වහන්සේ පිරිසිඳ දත් සේක. " මම කාටත් බෙදන්නේ එක හැන්දෙන් " යැයි උන් වහන්සේ නිතර පැවසූහ. උන් වහන්සේ කෙනකු අගය කළේ ඔහුගේ සිත්හි ඇති පිරිසිදු භාවය මතමය. වචනයෙන් පවසන දෑ පසුපස පවතින කෙලෙස් මල උන්වහන්සේ දත් සේක. කිසිවකුට උන් වහන්සේ රැවටීමට , මුලා කිරීමට නොහැක. මේ දුක්ඛිත සසරේ එක මොහොතක්වත් රැඳී සිටීමට ප්‍රිය නොකළ උන් වහන්සේ, සෑම මොහොතක්ම ගත කළේ ලෝක සත්වයා වෙනුවෙන්මය. උන් වහන්සේගෙන් ගුරුහරුකම් ලැබූවේ, මිනිසුන් පමණක් නොවේය. දෙවියන්, බ්‍රහ්මයන් පවා උන් වහන්සේට වන්දනා කරමින්, උපදේශ ලබාගත් සේක. උන් වහන්සේගේ දේශනා සෑම විටම නිවන අරමුණු කරමින්, කරන ලද ඒවාය. ධ්‍යාන, ඵල සමවත් සුව විඳිනා අයට ඒවා ශ්‍රවණය කරමින්ම ඒවා තව තවත් පෘථුල ලෙස අත්දැකිය හැක. සිත සමාහිත කරමින් ක්‍රමයෙන් නිවන දෙසට ප්රායෝගිකවම යොමු කරවන මේ දේශනා නැවත මෛත්‍රී බුදු රජාණන් වහන්සේ පහළ වන තෙක් කවරකුට හෝ සිදු කළ හැකිදැයි කිව නොහැකි තරමටම විශ්මයජනකය.. උන් වහන්සේ සතු ධර්ම දැනුම, ත්‍රිපිඨකය පිළිබඳ ඇති හසල දැනුම අපට සිතා ගත නොහැක. කෙතරම් බහුශ්‍රැත වූවද උන් වහන්සේ දිවි ගෙවූයේ ඉතාමත් සරල., සාමාන්‍ය කෙනකු ලෙසය. සම්මුති, සාම්ප්‍රදායන් ඉක්මවා යමින් ප්‍රායෝගික වශයෙන්ම ධර්ම දේශනා ඉතාමත් සෘජු ලෙසින්ම ඉදිරිපත් කරන උන් වහන්සේට ඇතැමුන් චෝදනා කළේය. නමුත් ඒවා සත්‍ය ලෙසම අත්දැක්ක කෙනකු වේ නම්, ජීවිතය දෙවෙනි කොට උන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගනී. ආනාපානසතිය, මෛත්‍රීය,බුද්ධානුස්සතිය, පිළිකුළ, මරණ සතිය ආදී කවර භාවනාවක් හෝ විදර්ශනාවට නඟා නිවනට සිත පත් කර ගන්නා අයුරු උන් වහන්සේ අතැඹුලක් සේ පෙන්වා දුන් සේක. උන් වහන්සේගේ දේශනා විලාශය විශ්මයජනකය. සොරොව්වක් විවෘථ කළාක් මෙන් ගලා යන මහා ධර්මස්කන්ධය නිවන පිණිසම විය. විහිළු කතා, හිනැස්සීම්, හිස් කතා නැති, ශ්රවණයෙන්ම සිත ඒකාග්ර වන, පාරමී ඇත්නම් අසා සිටියදී වුව නිවනට සිත පත් කරගත හැකි ඒවා විය. ගමනක් බිමනක් යෑමේදී උන් වහන්සේ භාවිතා කළේ කලු පාට බාටා සෙරෙප්පු දෙකකි. මග දෙපස හමුවන දන්නා, නොදන්නා සෑම සියළු දෙනාටම හර්දයාන්ගම, කුළුපග සිනහවකින් සංග්‍රහ කරන්නේ උන්වහන්සේගේ හදවතේ ඇති මෛත්‍රී, කරුණා ගුණයන් හේතුවෙනි. උන් වහන්සේගේ අල්පේච්ඡ දිවි පැවත්ම , සරල බව, නිහතමානී බව අප වැනි අයට විස්තර කිරීමට නොහැකිය. උන් වහන්සේ අතිශයින්ම පිරිසිදු කෙනකු විය. ඉතාමත් ස්වල්ප දානයකින් යැපුණු උන් වහන්සේ, සීලය අකුරටම පිළිපැදි, උතුම් සංඝ රත්නයක් වූවද, උන් වහන්සේගේ සමාධිය මහා සාගරය සේ වූවද, සීලයවත් සමාධියවත් කිසි කලෙකවත් උපාදානය නොකළ සේක. ඇදුමෙන් පැළදුමෙන් කෙනකුගේ ධර්මය මනින බහුජනයා කෙරෙහි උන් වහන්සේ අපට පැවසූවේ මෛත්‍රී සහගත වන ලෙසත්, උපේක්ෂා සහගත වන ලෙසත්ය. නිරන්තරයෙන් උන් වහන්සේ නොයෙකුත් කායික රෝග, බලපෑම් මැද ජීවිතය ගත කළද අවසාන මොහොත දක්වා, තනිවම ස්වකීය කටයුතු කරගන්නා ලද සේක. සැම වීටම ධ්‍යාන , ඵල සමවත් සුව විඳිමින් ඉතාමත් ප්‍රීතියෙන් ජීවීතය ගත කළ උන් වහන්සේ අපට ලබා දෙන ලද උපදෙස් මහමෙරක් තරම්ය. භාවනා වඩමින් ඉදිරියට යෑමට වීරිය දරන යෝගාවචරයන්ට උන් වහන්සේ පිහිට වූයේ ධර්මයෙන්ම පමණක් නොවේ. ලෞකික ,ලෝකෝත්තර දෙපැත්තටම උන් වහන්සේ පිහිට විය. ජීවීතයේ ඇතැම් විට සිදු වූ සිත් පීඩා, හිත් රිදවීම් හමුවේ පිළිසරණක් නොහැකි වූ තැන පියෙකුගේ රැකවරණය සොයා යන කුඩා දරුවන් මෙන් අප සොයා ගියේ උන් වහන්සේවය. " කෑලි වලට කැපුවත් තරහ සිතක් ගන්න එපා ළමයෝ" " ඔයා මුලින් සමාවගන්න.. ඔයා මුලින් ගිහින් කතා කරන්න. නිහතමානි වෙන්න ළමයෝ." "අපට ලෝකයා හදන්නට බැහැ. ඒක තේරුම් ගන්න.. අපිට කරන්න තියෙන්නේ අපේ හිත හදාගන්න එක. ඔය මොකක් කිව්වත් වචන ටිකක් පමණයි. සද්දයක් ඇතිවෙලා නැතිවෙලා යනවා විතරයි. මොකද්ද ඕකේ ඇලෙන්නවත් ගැටෙන්නවත් තියෙන්නේ." " බලාපොරොත්තු තිබ්බොත්, බලාපොරොත්තු කඩවීමේ දුක දැනෙනවා. බලාපොරොත්තු නැත්තම් දුකක් නෑ." "කිසිම විටක ලෝකයාගෙන් කෙළෙහි ගුණයක් බලාපොරොත්තු වෙන්න එපා. පෙරළා යමක් බලාපොරොත්තු වෙන්න එපා. මිනිස් ස්වභාවය ළමයෝ " " හදන්න බැරි අය හදන්න යන්න එපා ළමයෝ. මොකක් කිව්වත් හා ඇත්තද කියලා එතනින් ඈත් වෙන්න. අපේ සිතේ සැනසීමයි වැදගත්.." උන් වහන්සේගෙන් ලද අප්‍රමාණ වූ ධර්මස්කන්ධයට අමතරව සාමාන්‍ය ජීවීතයට ලබා දුන් ඔවදන් අතුරෙන් නිතර දුන් කිහිපයකි.. උන් වහන්සේගේ කරුණාව අපට සිතා ගැනීමටවත් නොහැකි විය. නිරන්තරයෙන් ඉතාමත් කරුණාවෙන් මිත්රශීලීව අපට ඔවදන්, කමටහන් ලබා දුන්නද, උන් වහන්සේ ඉතාමත් සෘජු විය.. සංඝ රත්නය සතු සෘජුපටිපන්න ගුණය උන් වහන්සේ තුළ ඒකාන්තයෙන්ම පිහිටියේය. පුද්ගල කෙලෙස් දමනය කළ යුතු ආකාරය මනාව දැන සිටි උන් වහන්සේ මෘදු විය යුතු තැන මෘදු ලෙසින්ද, සෘජු විය යුතු තැන සෘජු ලෙසින්ද විය. මෙලොවින් සදහටම නික්ම යාමට පෙර උන් වහන්සේ අපට දුන් අවවාදය නම්; " හැම වෙලේම මට පුළුවන් කියන හැඟීම ඇති කරගන්න. පොසිටිව් වෙන්න. බැරි දෙයක් නෑ. බෑ කියන හැඟීම අයින් කරගත්ත ගමන් හැමදේම පුළුවන්... සුබවාදී වෙන්න " ලෙසයි.. පිරිනිවීමට දිනකට කලින් උන් වහන්සේ අවසාන ඉල්ලිම් පත්‍රයක් ලියා තිබිණි. මුළු ජීවීතයම නිහඩ, කිසිවකුටත් කරදරයක් නොවන, හුදෙකලාවම අගය කරමින්, ශාසනයට, භාවනා යෝගීන්ට අප්‍රමාණ සේවයක් කළ උන් වහන්සේ, තම අවසාන කටයුතුද කිසිම කෙනකුට කරදරයක් නොවන ලෙසින් ඉතාමත්ව චාම්ව, ඉක්මනින් කරන මෙන් ඉල්ලා තිබිණි. කීර්ති, ප්‍රශංසා, නම්බු නාම, මුල් තැන ආදිය අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවතලූ උන් වහන්සේ නිතර පැවසූයේ "මට පිරිස් බලය කරදරයක්" ලෙසයි. පුද සත්කාර සැලකිලි එකලා ප්‍රතික්ශේප කළ ඔබ වහන්සේගේ අවසන් ඉල්ලීම පරිදි ඉතාමත් සරලව අවසාන කටයුතු සිදු වුණිද.........; මදාරා පරසතු මලින් පුදන්නට තරම් ඔබ වහන්සේ සුදුසු බැව්, ඔබ වහන්සේව ධර්මය තුළින් දුටු දෙව්,මිනිස්, බ්‍රහ්මයන් ඒකාන්ත වශයෙන්ම දන්නා බව නොරහසකි.. දර්ශනයෙන් පවා අපේ සිත් සතුටු කරවූ, සිත් නිවූ, හිමියනි... දැක්මෙන්, ඇසුරෙන් දුරස් වූවද, අප හදවත් තුළ ඔබ වහන්සේ දේශනා කළ ධර්මය සදා මේ සසර නිමාකරන තෙක් ගිලිහී නොයයි.. "යෝ ධම්මං පස්සති, සංඝං පස්සති" අපි සැබවින්ම ඔබ වහන්සේව ධර්මය තුළින් දුටුවෙමු...! සදාතන ලෝ දහම කිසිවකුටත් වෙනස් කළ නොහැක.. බුද්ධ රත්නයද, එදා සිටි රහතන් වහන්සේලාද මෙලෙසින්ම පිරි නිවී ගිය සේක.. සම්බුද්ධ සාසනයද, දිනෙක නැත්තටම නැතිවී යනු ඇත. ඔබ වහන්සේ ලෝක සත්වයා වෙනුවෙන් කළ යුතු දේ කර හමාරය. නිර්මල බුද්ධ ධර්මය , ධර්මයේ හරය අපට දායාද කළේය. "නිබ්බාණං පරමං සුඛං..." ඔබ වහන්සේ සදාකාලිකවම දුක් නිමා කොට ඒ සුඛයෙන් නිවී ගිය සේක.. ඔබ වහන්සේ මෙලෙස පහළව සත්වයාට නිවන් මාර්ගය විවර කරන බව එදා සම්බුදු පියාණන් නිසැකවම දැන සිටින්නට ඇත. ඇතැම් විට සිත කෙලෙස් වලින් යටවූ විට ඔබ වහන්සේ පැවසූයේ, "නිවන ඉදිරියේ ඕවා අසූචි සැප ළමයෝ, බුදු රජාණන්වහන්සේ මේව කොච්චර ගැඹුරු අවබෝධයකින්ද දේශනා කරන්නට ඇත්තේ" ලෙසයි.. වීරිය හීන වූ විට උන්වහන්සේ පැවසූවේ, " ඔහොම මේ පොඩි වීරියකින් මේ නිවන් මඟ යන්න බෑ, බුල්ඩෝසරයක් වගේ එන එන බාධක යටකරගෙන , යටකරගෙන මම කොහොමහරි මේ ගමන යනවා කියන් දැඩි වීර්යයක් තියාගන්න " ලෙසයි.. කිසිදිනක රහත් බව තබා, තමන් තුළ ඇති එකදු ගුණයක් වත් ලෝකයා දකිනවාට අකැමැති, ඔබවහන්සේ සතු වූ මහා පුරුෂ ගුණයන් මෙසේ සටහනකට කැටි කොට දැක්විය නොහැක... ඔබ වහන්සේගෙ මේ සමුගැනීම ඉදිරියේ අප අසරණ වූවාක් මෙන් දැනුණද, ඔබ වහන්සේගෙන් ලත් ධර්මය අපේ සිත් සනසාලයි. ඉඳින් මා දයාබර ගුරු පියාණනි.., මහා බුද්ධ පුත්‍රයාණෙනි..., ඔබ වහන්සේ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නට දෙයක් ඉතිරි නොමැති බව අපි දනිමු.. සසර තුළ නැවත නැවත ප්රතිසංධිය ලබාදීමට හේතුවන අවිද්‍යාව නැමැති මූලය මුලිනුපුටා දැමූ රහතන් වහන්සේගේ විඥාණය යළි නූපදින ලෙසටම , තෙල්ද, වැටියද අවසන් වූ පසු නිවී යන පහනක් ලෙසින් නිවී යන බැව් අපි දන්නෙමු. අහසේ පියාසර කළ කුරුල්ලෙකුගේ ගමන් සටහන් යළි දක්නට නොලැබෙන්නාක් මෙන්, කුමන මාරයකු අවුස්ස අවුස්සා භශ්මාවශේෂ පුරා සෙව්වද කිසිදින හමුනොවන විඥාණය සදාකාලිකවම නිවී ගියේය. නින්දාවද ,ප්‍රශංසාවද, කරන පුද්ගලයාටම, අයිති දෙයක් සේ සලකමින් ඒවා එකක්වත් භාර නොගෙන, අෂ්ඨ ලෝක ධර්මතාවය ඉදිරියෙහි ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටි, අපේ ජිවිත කතාවේ, මහා වීරයාණෙනි, යුග පුරුෂයාණෙනි, ඔබ වහන්සේගෙන් අප ලබා ගත් දේ මෙතැකයි කියා නිම කළ නොහැක. අපට පෙරළා ඔබ වහන්සේ වෙනුවෙන් කරන්නට දෙයක් වේ නම්, ඔබ වහන්සේම පැවසූ පරිදි නිවන් දැක සසර දුකෙන් එතෙර වීම පමණි.. අපගේ ඒකායන ප්‍රාර්ථනාව වන්නේ, ඔබ වහන්සේ සේම අපටද මේ ජීවීතයේදීම මේ සසර ගමන සදාකාලික වශයෙන්ම නිමා කොට නිවී යාමට ලැබේවා ලෙසයි.. ප්රාර්ථනාවකින් නොලැබෙන ඒ උත්තම ස්ථානයට ළඟා වීමට ඔබ වහන්සේ පෙන්වා දුන් මාර්ගය අනුගමනය කරමින්, ප්‍රතිපත්ති පූජාවෙන්ම ඔබ වහන්සේ පූජා කරමී.. බුදු රජාණන් වහන්සේ සංඝ රත්නය යැයි ගුණ පෙන්වමින් දේශනා කොට වඳාළ යමක් වේද ඒ සියළු ගුණයන් අපි ඔබ වහන්සේ තුළින් දුටුවෙමු.. උපන් සත්වයාට ධර්මය හැර සරණක් නැත.. ඒ ධර්මය අපට පෙන්වා දුන් ගුරු දේවෝත්තමයිණි....., ජීවීතය පූජා කරමින් නමස්කාර කරමි...!!! ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ විශ්වයට දායාද කළ, ස්වාක්ඛාත වූත් අකාලික වූත් ශ්‍රී සද්ධර්මය අසරණ ලෝක සත්වයාට දේශනා කළ අපගේ අමා මෑණි ලොව්තුරු බුදු පියාණන් සදා සරණ යමි....!!! එදා රතන සූත්‍රයේදි බුදු රජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක. "පැරණි කර්ම ගෙවී ගිය, අලුත් කර්ම හට නොගන්නා, පුනර්භවය ලැබීම සඳහා යම්කිසි හෝ ඇලීමක් නැති, සසර ගමනට කැමැත්ත නැසුවා වූ, ඒ ධීර වූත්, පණ්ඩිත වූත්, රහත් බවට සපැමිණි උත්තමයෝ පහන නිවී යන සේ නිවෙති....!!!! "[/SIZE][/COLOR] --- උපුටා ගැනිම- අමා සුව FB [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom