Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පූජ්‍ය_අතුරලියේ_රතන_හිමියන්ගේ_ශාසනික
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූජ්‍ය_අතුරලියේ_රතන_හිමියන්ගේ_ශාසනික

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ශාසනික - දේශපාලන භූමිකාව ඉතාම කෙටියෙන් - 1

අතුරලියේ රතන හිමියන් වනාහි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශනය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි. උන්වහන්සේ උපාධියට පමණක් සීමා නොවී පෙර අපර දෙදිග දාර්ශනික මතවාද අධ්‍යයනයට විශේෂ උනන්දුවක් දැක්වූ හිමි නමකි. බෞද්ධ ධර්මය ගැනද සුවිශේෂී හැදෑරීමක් කර ඇති උන්වහන්සේ, බෞද්ධ ධර්මය ගැනද වෙනත් විෂයයන් කිහිපයක් ගැනද කෘති කිහිපයක් රචනා කොට තිබේ.(පාරිසරික අර්බුදය ගැන ඉංග්‍රීසි බසින් රචනා කළ කෘතියක්ද ඒ අතර තිබේ)

එමෙන්ම භාවනාව කෙරෙහිද සුවිශේෂී උනන්දුවක් උන්වහන්සේ දක්වයි. රාජගිරියේ සදහම් සෙවන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හා ඇල්පිටියේ සදහම් සෙවණ ආරණ්‍ය සේනාසනය උන්වහන්සේ ගොඩනැගුවේය.

විශ්ව විද්‍යාලයේදි, චම්පික රණවක මහතාගේ මිතුරෙක් ලෙස ශිෂ්‍ය වාමාංශික දේශපාලනයට සම්බන්ධ වී සිටි උන්වහන්සේ, පැවැති දාහත් අවුරුදු එ.ජා.ප පාලනය 1994 දි පෙරළා දැමීමට විශාල කාර්ය භාරයක් ඉටු කළ "ජනතා මිතුරෝ" සංවිධානය ගොඩ නැගීමටද සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.

1997 වන විට කොටි ත්‍රස්තවාදී තර්ජනය ඉදිරියේ රටම ජාතියම අන්ත අසරණ වී සිටියේය. සිංහල ජාතිය සිටියේ පරාජය මුවවිටය. මංගල සමරවීර, ඩිලාන් පෙරේරා ආදී ද්‍රෝහින් නෝර්වේ ආධාර ඇතිව ක්‍රියාත්මක කළ සුදු නෙළුම, තවලම ආදී යුද විරෝධී ව්‍යාපාර හේතුවෙන් ජාතියේ අධිෂ්ඨානය සපුරා දිය කොට හැරුණි.

මේ කාලයේදී කොටි ත්‍රස්තවාදය යුද්ධයෙන් සමූලඝාතනය කළ යුතු බවට අභීතව පවසමින් සිංහල බෞද්ධ ජාතිකවාදය කුළු ගැන්වූ ත්රස්තවිරෝධි ජාතික ව්‍යාපාරය 1997 දී ගොඩ නැංවීමට සුවිශේෂී කාර්ය භාරයක් රතන හිමි ඉටු කළේය. එහිම දිගුවක් ලෙස, අලිමංකඩ කඳවුර බිඳ වැටුණු අවස්ථාවේදි 2000 දි සිහළ උරුමය පක්ෂය බිහි කෙරුණි. සිංහල ව්‍යාපාරිකයන් සංවිධානය කරමින් සිංහල වීර විදහන ගොඩනැංවුණ අතර එය ඉතාම බලවත් සංවිධානයක් බවට පරිණාමය විය. මේ දේශපාලන ව්‍යාපාර හා සමගාමීව ක්‍රියාත්මක වූ ජාතික සංඝ සම්මේලනය ගොඩ නැගීමටද රතන හිමි සුවිශේෂී කැපකිරීමක් කළේය.

2004 සුනාමියෙන් පසුව කොටින්ට කෝටි ගණනාවක මුදලක් ලැබෙන පරිද කොටි හා එක්ව සුනාමි සහන මණ්ඩලයක් ගොඩ නැංවීමට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය උත්සාහ කළ අවස්ථාවේදි බලෙන් ආධාර සමුළුව ඉංග්‍රීසි බසින් අමතා විදේශිකයන් ඉදිරියේ ද්‍රෝහි ආණ්ඩුවේ රෙදි ගලවා දැමීමට රතන හිමි ක්‍රියා කළහ. ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන්වහන්සේ එදා දළදා මාළිගාව ඉදිරියේ කළ මාරාන්තික උපවාසය හේතුවෙන් සුනාමි සහන මණ්ඩලය සපුරා අකුලා ගැනීමට ආණ්ඩුවට සිදු විය.

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ හදිසි අපවත් වීම හේතුවෙන් නැගුණු ජාතික සෝ සුසුම් හමුවේ, උන්වහන්සේගේ මෙහෙවර සමගි සම්පන්නව ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව උද්ගත විය. එම කාලයේම මහමැතිවරණයක් කැඳවුන අතර, සිහළ උරුමය- ජාතික හෙළ උරුමය බවට පත්කොට භික්ෂූන්වහන්සේලා ඡන්දයට ඉදිරිපත් වූහ. ලක්ෂ පහමාරක මහජන ඡන්දයෙන් භික්ෂූන්වහන්සේලා නව නමක් පාර්ලිමේන්තු වැඩම කළහ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ඒ අතර විය.තරුණ උන්වහන්සේ හෙළ උරුම පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වයට පත්කර ගැනුණේ උන්වහන්සේගේ දේශපාලන අත්දැකීම් සලකාය.

අලුත් පාර්ලිමේන්තුවේ අගැමැති ලෙස ලක්ෂ්මන් කදිරගාමර් මහතා පත්කිරීමට චන්ද්‍රිකා උත්සාහ කළේය. පොදු පෙරමුණ සමඟ සන්ධාන ගතව සිටි ජ.වි.පෙ ඉල්ලීම වූයේද එයයි. එනමුත් මහින්ද රාජපක්ෂ මහතාට අගැමැතිකම ලබා දෙන්නට චන්ද්‍රිකාට සිදු වූයේ හෙළ උරුමයේ බලපෑම හේතුවෙනි. දුර්වල ආණ්ඩුවක් තිබූ බැවින් හෙළ උරුමයට ලැබී තිබූ රිමොට් කන්ට්‍රෝල් බලයට අවනත වීමට චන්ද්‍රිකාට සිදු විය.

අලුත් පාර්ලිමේන්තුවේ කතා නායක ලෙස D.E.W ගුණසේකර පත්කරගෙන, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගෙන අගැමැති ලෙස දිගටම දේශපාලනයේ රැඳී සිටීමට චන්ද්‍රිකාගේ සැලසුමක් තිබූ අතර, පාර්ලිමේන්තුවේ කතා නායක ඡන්දයේදි එම උත්සාහය පැරදවීමට හෙළ උරුමය කටයුතු කළේය. (මේ තීන්දුව ගැනුණේ අගැමැති මහින්ද රාජපක්ෂ මහතා හා රහසේ සාකච්ඡා කොටය)

ආණ්ඩුව හෙළ උරුමයේ මන්ත්‍රී හිමිවරුන් දෙදෙනකු පැහැරගෙන බලහත්කාරයෙන් තමන්ගේ පාර්ශ්වයට කතා නායක ඡන්දයේදි ඡන්ද දමා ගත්තේය. එම ඡන්ද දෙක නිෂ්ක්‍රිය කරමින් හෙළ උරුමය විපක්ෂ අපේක්ෂක වි.ජ.මු ලොකුබණ්ඩාරට ලබාදුන් ඡන්දය හේතුවෙන් ඔහු කතානායක විය.

මින් ප්‍රකෝප වූ මර්වින් සිල්වා වැනි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මැරයෝ හෙළ උරුමයේ මන්ත්‍රී හිමිවරුන්ට පහර දීමටද ක්‍රියා කළහ.

(මතු සම්බන්ධයි)

[QUOTE="raterala, post: 24531197, member: 474806"] [b]පූජ්‍ය_අතුරලියේ_රතන_හිමියන්ගේ_ශාසනික[/b] [SIZE=3]පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ශාසනික - දේශපාලන භූමිකාව ඉතාම කෙටියෙන් - 1 =================================[/SIZE] [SIZE=3] අතුරලියේ රතන හිමියන් වනාහි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශනය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි. උන්වහන්සේ උපාධියට පමණක් සීමා නොවී පෙර අපර දෙදිග දාර්ශනික මතවාද අධ්‍යයනයට විශේෂ උනන්දුවක් දැක්වූ හිමි නමකි. බෞද්ධ ධර්මය ගැනද සුවිශේෂී හැදෑරීමක් කර ඇති උන්වහන්සේ, බෞද්ධ ධර්මය ගැනද වෙනත් විෂයයන් කිහිපයක් ගැනද කෘති කිහිපයක් රචනා කොට තිබේ.(පාරිසරික අර්බුදය ගැන ඉංග්‍රීසි බසින් රචනා කළ කෘතියක්ද ඒ අතර තිබේ)[/SIZE] [SIZE=3] එමෙන්ම භාවනාව කෙරෙහිද සුවිශේෂී උනන්දුවක් උන්වහන්සේ දක්වයි. රාජගිරියේ සදහම් සෙවන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හා ඇල්පිටියේ සදහම් සෙවණ ආරණ්‍ය සේනාසනය උන්වහන්සේ ගොඩනැගුවේය. [/SIZE] [SIZE=3] විශ්ව විද්‍යාලයේදි, චම්පික රණවක මහතාගේ මිතුරෙක් ලෙස ශිෂ්‍ය වාමාංශික දේශපාලනයට සම්බන්ධ වී සිටි උන්වහන්සේ, පැවැති දාහත් අවුරුදු එ.ජා.ප පාලනය 1994 දි පෙරළා දැමීමට විශාල කාර්ය භාරයක් ඉටු කළ "ජනතා මිතුරෝ" සංවිධානය ගොඩ නැගීමටද සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.[/SIZE] [SIZE=3] 1997 වන විට කොටි ත්‍රස්තවාදී තර්ජනය ඉදිරියේ රටම ජාතියම අන්ත අසරණ වී සිටියේය. සිංහල ජාතිය සිටියේ පරාජය මුවවිටය. මංගල සමරවීර, ඩිලාන් පෙරේරා ආදී ද්‍රෝහින් නෝර්වේ ආධාර ඇතිව ක්‍රියාත්මක කළ සුදු නෙළුම, තවලම ආදී යුද විරෝධී ව්‍යාපාර හේතුවෙන් ජාතියේ අධිෂ්ඨානය සපුරා දිය කොට හැරුණි.[/SIZE] [SIZE=3] මේ කාලයේදී කොටි ත්‍රස්තවාදය යුද්ධයෙන් සමූලඝාතනය කළ යුතු බවට අභීතව පවසමින් සිංහල බෞද්ධ ජාතිකවාදය කුළු ගැන්වූ ත්රස්තවිරෝධි ජාතික ව්‍යාපාරය 1997 දී ගොඩ නැංවීමට සුවිශේෂී කාර්ය භාරයක් රතන හිමි ඉටු කළේය. එහිම දිගුවක් ලෙස, අලිමංකඩ කඳවුර බිඳ වැටුණු අවස්ථාවේදි 2000 දි සිහළ උරුමය පක්ෂය බිහි කෙරුණි. සිංහල ව්‍යාපාරිකයන් සංවිධානය කරමින් සිංහල වීර විදහන ගොඩනැංවුණ අතර එය ඉතාම බලවත් සංවිධානයක් බවට පරිණාමය විය. මේ දේශපාලන ව්‍යාපාර හා සමගාමීව ක්‍රියාත්මක වූ ජාතික සංඝ සම්මේලනය ගොඩ නැගීමටද රතන හිමි සුවිශේෂී කැපකිරීමක් කළේය. [/SIZE] [SIZE=3] 2004 සුනාමියෙන් පසුව කොටින්ට කෝටි ගණනාවක මුදලක් ලැබෙන පරිද කොටි හා එක්ව සුනාමි සහන මණ්ඩලයක් ගොඩ නැංවීමට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය උත්සාහ කළ අවස්ථාවේදි බලෙන් ආධාර සමුළුව ඉංග්‍රීසි බසින් අමතා විදේශිකයන් ඉදිරියේ ද්‍රෝහි ආණ්ඩුවේ රෙදි ගලවා දැමීමට රතන හිමි ක්‍රියා කළහ. ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන්වහන්සේ එදා දළදා මාළිගාව ඉදිරියේ කළ මාරාන්තික උපවාසය හේතුවෙන් සුනාමි සහන මණ්ඩලය සපුරා අකුලා ගැනීමට ආණ්ඩුවට සිදු විය.[/SIZE] [SIZE=3] පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ හදිසි අපවත් වීම හේතුවෙන් නැගුණු ජාතික සෝ සුසුම් හමුවේ, උන්වහන්සේගේ මෙහෙවර සමගි සම්පන්නව ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව උද්ගත විය. එම කාලයේම මහමැතිවරණයක් කැඳවුන අතර, සිහළ උරුමය- ජාතික හෙළ උරුමය බවට පත්කොට භික්ෂූන්වහන්සේලා ඡන්දයට ඉදිරිපත් වූහ. ලක්ෂ පහමාරක මහජන ඡන්දයෙන් භික්ෂූන්වහන්සේලා නව නමක් පාර්ලිමේන්තු වැඩම කළහ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ඒ අතර විය.තරුණ උන්වහන්සේ හෙළ උරුම පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වයට පත්කර ගැනුණේ උන්වහන්සේගේ දේශපාලන අත්දැකීම් සලකාය.[/SIZE] [SIZE=3] අලුත් පාර්ලිමේන්තුවේ අගැමැති ලෙස ලක්ෂ්මන් කදිරගාමර් මහතා පත්කිරීමට චන්ද්‍රිකා උත්සාහ කළේය. පොදු පෙරමුණ සමඟ සන්ධාන ගතව සිටි ජ.වි.පෙ ඉල්ලීම වූයේද එයයි. එනමුත් මහින්ද රාජපක්ෂ මහතාට අගැමැතිකම ලබා දෙන්නට චන්ද්‍රිකාට සිදු වූයේ හෙළ උරුමයේ බලපෑම හේතුවෙනි. දුර්වල ආණ්ඩුවක් තිබූ බැවින් හෙළ උරුමයට ලැබී තිබූ රිමොට් කන්ට්‍රෝල් බලයට අවනත වීමට චන්ද්‍රිකාට සිදු විය.[/SIZE] [SIZE=3] අලුත් පාර්ලිමේන්තුවේ කතා නායක ලෙස D.E.W ගුණසේකර පත්කරගෙන, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගෙන අගැමැති ලෙස දිගටම දේශපාලනයේ රැඳී සිටීමට චන්ද්‍රිකාගේ සැලසුමක් තිබූ අතර, පාර්ලිමේන්තුවේ කතා නායක ඡන්දයේදි එම උත්සාහය පැරදවීමට හෙළ උරුමය කටයුතු කළේය. (මේ තීන්දුව ගැනුණේ අගැමැති මහින්ද රාජපක්ෂ මහතා හා රහසේ සාකච්ඡා කොටය) [/SIZE] [SIZE=3] ආණ්ඩුව හෙළ උරුමයේ මන්ත්‍රී හිමිවරුන් දෙදෙනකු පැහැරගෙන බලහත්කාරයෙන් තමන්ගේ පාර්ශ්වයට කතා නායක ඡන්දයේදි ඡන්ද දමා ගත්තේය. එම ඡන්ද දෙක නිෂ්ක්‍රිය කරමින් හෙළ උරුමය විපක්ෂ අපේක්ෂක වි.ජ.මු ලොකුබණ්ඩාරට ලබාදුන් ඡන්දය හේතුවෙන් ඔහු කතානායක විය.[/SIZE] [SIZE=3] මින් ප්‍රකෝප වූ මර්වින් සිල්වා වැනි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මැරයෝ හෙළ උරුමයේ මන්ත්‍රී හිමිවරුන්ට පහර දීමටද ක්‍රියා කළහ.[/SIZE] [SIZE=3] (මතු සම්බන්ධයි)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom