Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෘථිවියට ජලය පැමිණියේ ධූමකේතු හරහා ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෘථිවියට ජලය පැමිණියේ ධූමකේතු හරහා ද?

විද්‍යාඥ කණ්ඩායමක් ආලෝක වර්ෂ 1,300 ක් දුරින් පිහිටි තරුවක් වටා ස්ථානගත වී ඇති ජල අණු සොයාගෙන තිබෙනවා. ඔවුන් පවසන පරිදි මේ ජල අණු, සමහර විට, පෘථිවියේ ජලය සම්භවය වුණු ආකාරය පිළිබඳ වඩා පැහැදිලි චිත්‍රයක් ඉදිරියේ දී තනන්නට මහෝපකාරී වේවි.

ජලය දරන දඩයක්කරු ගේ තරුව

ඔරායන් තරු පන්තියේ, එසේත් නැතිනම් දඩයක්කාරයා තරු පන්තියේ ඈත පිහිටි තරුවක් කෙරෙහි තාරකා විද්‍යාඥයන්ගේ දැඩි අවධානය මේ වන විට යොමු වී තිබෙනවා. පෘථිවියෙන් ආලෝක වර්ෂ 1,300 ක් පමණ ඈතින් පිහිටි මේ තාරකාව වටා වාෂ්ප තත්ත්වයේ පවතින ජල අණු තිබෙන බවට නිරීක්ෂණය වී තිබෙන අතර, ඒවායේ රසායනික සංයුතිය පෘථිවිය ආසන්නයෙන් ඇදී යන ධූමකේතුවල ඇති ජල අණු වලට සමාන බව පෙනී ගොස් තිබෙනවා. ඔවුන් පවසන්නේ, මේ සොයාගැනීම, මීට වසර බිලියන ගණනකට පෙර පෘථිවියට ජලය ලැබුණු ආකාරය විස්තර කරන්නට සමත් වීමේ වැඩි ඉඩකඩක් පවතින බව යි.

ඔරියොනිස් වී883 තාරකාව සහ පද්ධතිය- n1info.si

” ජලය පෘථිවියට පැමිණියේ විශ්වයේ ඈත තැනකින් වීමට විශාල ඉඩක් පවතිනවා ” තාරකා විද්‍යාඥ ජෝන් ජේ. ටෝබින් පවසනවා ” මේ ජලය විශ්වය ඔස්සේ දිගු ගමනක් විත් පෘථිවියට පැමිණියා විය හැකි යි. මේ වෙද්දී අපි මේවායේ එක අවසාන නැවතුමක් දන්නවා, ඒ අපේ පෘථිවියේ ජලය යි. ඒ වගේම ධූමකේතුවලත් මේවා හමුවෙනවා. අපිට මේවායේ ආරම්භක ස්ථානය සොයාගැනීමට අවශ්‍ය යි. මේ වෙද්දී අපේ සෞරග්රහමණ්ඩලයට ජලය පැමිණියේ කෙසේදැ යි යන්න පිළිබඳව වූ මතවාදවලට අවශ්‍ය සාක්ෂි දාමයන් බිඳී පවතිනවා. ඒ නිසා ඒවා පිළිබඳ අධ්‍යයන අතරමඟ සිර වෙලා.”

ඉතා බලවත් රේඩියෝ දුරේක්ෂයක් ආධාරයෙන් තාරකා විද්‍යාඥයන් ඔරියොනිස් වී883 තාරකාව වටා ජල වාෂ්ප තිබෙන බැව් නිරීක්ෂණය කොට තිබෙනවා. මෙය තරුණ අවධියේ පවතින තරුවක්.

ධූමකේතුවල ජලයට සමාන ජල අණු

විද්‍යාඥයන් වාෂ්ප වලාකුළුවලින් තරුණ තරුවලටත්, ධූමකේතුවලින් ග්‍රහලෝකවලටත් ජලය ගමන් කරන ආකාරය මීට පෙර අධ්‍යයනය කර තිබෙනවා. කෙසේ නමුත් තරුණ තරුවලින් ධූමකේතුවලට ජලය ලැබෙන ආකාරය පිළිබඳ තවමත් හරි හැරි අධ්‍යයන සිදු වී නැති අතර, මේ කාරණාව පෘථිවියට ජලය ලැබුණු ආකාරය වගේ ම, ඒවායේ මූලාරම්භය සෙවීමේදී අති මහත් අවාසියක් වී තිබෙනවා.

වී883 ඔරියොනිස් තාරකාව වටා ඇති ජල වාෂ්පවල රසායනික සැකැස්ම, පෘථිවිය ආසන්නයෙන් ඇදී යන ධූමකේතුවලට සමාන බැව් මේ වෙද්දී සොයා ගෙන තිබෙනවා. මේ සොයා ගැනීම නිසා අපේ පෘථිවියට ධූමකේතු මඟින් ලැබුණු ජලයේ තිඹිරි ගෙදර වායු වලාකුළු ම බැව් සෑහෙන පමණකින් ඔප්පු වී තිබෙන අතර, මේ වලාකුළු අවුරුදු බිලියන 4.6 ක් පැරණි අපේ සූර්යයාටත් වඩා වයසින් වැඩි විය හැකි බැව් මේ වෙද්දී හෙළි වී තිබෙනවා.

“මේ අධ්‍යයනවල මඟහැරුණු සාධකය වී තිබෙන්නට ඇත්තේ ඔරියොනිස් වී883 යි. ” ටෝබින් පවසනවා. “මේ තරුව වටා ඇති ජල වාෂ්ප වළල්ලේ සංයුතිය අපේ සෞරග්‍රහමණ්ඩලයේ හමුවෙන ධූමකේතුවල ජලයට ඉතාමත් සමාන යි. මේ අනුව පෙනී යන්නේ තරු සහ, ඒ අනුබද්ධ ග්රහමණ්ඩලවල ජලය සම්භවය වී ඇත්තේ අපේ සූර්යයා සම්භවය වන්නටත් පෙර බව යි. එමෙන් ම ධූමකේතුවල සහ පෘථිවිය වැනි ග්‍රහලෝකවල ඒවායේ සංයුතිය අදටත් වෙනස් නොවී පවතිනවා.

පෘථිවියට ජලය පැමිණියේ ධූමකේතුවලින් බවට වන මතයට වැඩි බරක් ලැබෙමින් පවතිනවා- dailymail.co.uk

අපේ පෘථිවියට ජලය පැමිණියේ කොතැනින් ද?

තරු බිහිවන්නේ වායු සහ දුහුවිලි පිරුණු අති විශාල වලාකුළු බිඳවැටී, ඒවා අධික උණුසුමක් යටතේ එක්කාසු වීමෙනු යි. මධ්‍යයේ තැනෙන තරුවක් වටා මුලින් ම කවාකාර ලෙස දුහුවිලි වලාවක් ඇති වෙන අතර, වසර මිලියන ගණනක් තිස්සේ කෙමෙන් කෙමෙන් ඒවා කැටිති බවට පත් වී ග්රහක, ධූමකේතු සහ ග්‍රහලෝක නිර්මාණය වෙනවා. මේ ක්‍රියාවලිය හඳුනාගැනීමේදී විද්‍යාඥයන්ට තිබූ අනෙක් විශාලත ම ප්රශ්නය වූයේ අප සෞරග්රහමණ්ඩලයට ජලය පැමිණියේ කෙසේද යන කාරණාව යි.

ඒ ගැටලුවට පිළිතුරු සෙවීම සඳහා ටෝබින් ඇතුළු කණ්ඩායම අටකාමාවේ පිහිටි ඇල්මා රේඩියෝ දුරේක්ෂය භාවිතාවෙන් පර්යේෂණ කිහිපයක් ම සිදු කර තිබෙනවා. වී883 ඔරියොනිස් තාරකාව ඔවුන්ට නිරීක්ෂණය වන්නේ මේ අතර යි. එය අවටින්, වාෂ්ප බවට පත් වූ ජල අණුවල ක්‍රියාකාරීත්වය නිසා පැනනැඟිය හැකි විකිරණ නිකුත් වීම නිසා එය, විද්‍යාඥයන්ගේ අවධානය දිනා ගන්නට සමත් වුණා. මෙය සාමාන්‍යයෙන් දැකිය හැකි පරිදි අයිස් බවට පත් වූ ජලය නම්, නිකුත් වන විකිරණ මේ ආකාරයෙන් විටින් විට වෙනස් වන්නේ නැහැ.

“විශ්වයේ බොහෝ ස්ථානවල ග්‍රහලෝක සම්භවය වන වළලුවල ජලය පවතින්නේ අයිස් ලෙස යි. මේ නිසා ඒවා අපිට නිරීක්ෂණය නොවී පැවතීමේ අතිශය වැඩි ඉඩක් තිබෙනවා.” නෙදර්ලන්ත පර්යේෂකයෙක් වන මාගට් ලීම්කර් පවසනවා. අලුතෙන් සෑදෙන ග්රහමණ්ඩලවල, මව් තාරකාවලට ආසන්න ව ද්‍රව හෝ වාෂ්ප වශයෙන් ජලය තිබිය හැකි මුත්, ඒවා දුහුවිලිවලින් වැසී පැවතීම නිසා අපට නිරීක්ෂණය කිරීම ඉතාම අපහසු යි. එමෙන් ම මේ ආකාරයෙන්, ද්‍රව හෝ වාෂ්ප ජලය පැවතිය හැකි ග්රහමණ්ඩලවල ප්‍රදේශ ඉතා කුඩා නිසා දුරේක්ෂ ආධාරයෙන් අධ්‍යයනය කිරීමත් ඉතා උගහට යි.”

අති විශාල ජල මූලාශ්‍රයක්

මෑතක දී සොයා ගත් ඔරියොනිස් වී883 සෑහෙන තරම් උණුසුම් තරුවක් නිසා, ඒ වටා පවතින ජලය පවතින්නේ වාෂ්ප ලෙස යි. මේ නිසා එය නිරීක්ෂණය කිරීම පහසු වී තිබෙනවා. ඇල්මා දුරේක්ෂය අධාරයෙන් එම ජල වාෂ්පවල සංයුතිය සහ ඒවා විසිරී පවතින පරාසය පවා හරි හැරි අධ්‍යයනය කරන්නට විද්‍යාඥයන්ට හැකියාව ලැබී තිබෙනවා.

ජලය සාමාන්‍ය පරිදි සම්භවය වන්නේ හයිඩ්රජන් අණු දෙකක් සහ ඔක්සිජන් අණු එකක් එක්වීමෙන් වුවත්, ජලය තැනෙන්නේ එපරිදි පමණක් නොවේ. ටෝබින්ගේ කණ්ඩායම අධ්‍යයනය කර ඇති පරිදි, මේ ජල ප්‍රභවයේ ඇති සමහර ජල අණු වල, එක් හයිඩ්රිජන් පරමාණුවක් වෙනුවට ‘ඩියුටීරියම්’ පරමාණුවක් ආදේශ වී තිබෙනවා. මේ අනුව ඒ ජල අණුවක් සාමාන්‍ය ජල අණුවකට වඩා බරින් වැඩි වෙනවා.

අල්මා නිරීක්ෂණ මධ්‍යස්ථානය- pinterest.com

සාමාන්‍ය ජලය සහ මේ බරින් වැඩි ජල සමස්ථානික නිපදවෙන්නේ වෙනස් තත්ත්ව යටතේ යි. මේවායේ අනුපාතය අධ්‍යයනය කිරීමෙන්, ඒවා කිනම් අවස්ථාවක කොතැන සම්භවය වූවා ද යන්න සොයාගත හැකි යි.

අපේ සෞරග්‍රහමණ්ඩලයේ ඇති සමහර ධූමකේතුවල ජල අණුවල සාමාන්‍ය සහ බරින් වැඩි අනුපාතය සැලකිල්ලට ගැනීමේදී, පෘථිවි ජලයේ ඇති අනුපාතයට ඉතා සමාන ජලය සහිත ධූමකේතු අධ්‍යයනය වී තිබෙනවා. මේ නිසා පෘථිවියට ජලය ලැබුණේ බොහෝ විට ධූමකේතු හරහා යැයි යන්න විද්‍යාඥ මතය යි.

වී 883 ඔරියොනිස් තාරකාව වටා ඇති ජල වළල්ලේ බැර ජලය අනුපාතය, සෑම තැනක ම ආසන්න වශයෙන් සමාන බැව් ටෝබින් ඇතුළු කණ්ඩායම අධ්‍යයනය කර තිබෙනවා. එහි අඩංගු සම්පූර්ණ ජල ප්‍රමාණය අවම වශයෙන් පෘථිවි සාගරවල ජල ප්‍රමාණය මෙන් 1,200 ගුණයක් බවත් ඔවුන් සොයාගෙන තිබෙනවා.

පසුවදන

“අපි අධ්‍යයනය කර ඇති අන්දමට මේ ජල වළල්ලට ජලය ලැබී ඇත්තේ, තාරකා උත්පාදනය කරන දුහුවිලි වලාවෙන් ම යි, මේ ජලය ධූමකේතු වගේ දේවල බැඳෙන්නේ, එහි රසායනික සංයුතියේ වැඩි වෙනසක් කර නොගමිනු යි.” ටෝබින්ගේ කණ්ඩායම පවසනවා. “සූර්යයාගේ සම්භවයටත් පෙර අප සෞරග්‍රහමණ්ඩලයේ පැවතුණු ජල අණුවල මූලාශ්‍ර ගැන අදහසක් දැන් අපට ගත කැකි යි.”

ටෝබින්ගේ කණ්ඩායමට පෘථිවි ජලයේ සම්භවය පිළිබඳ ව ශක්තිමත් මතවාදයක් ගොඩනඟන්නට නම් තව බොහෝ දුරක් යා යුතු වෙනවා. මේ සඳහා දීර්ඝ වශයෙන් පර්යේෂණ කරන්න එම කණ්ඩායමත්, තවත් කණ්ඩායම් කිහිපයකුත් සැදී පැහැදී සිටිනවා.

roar.media

[QUOTE="King_Sajith, post: 29034722, member: 569118"] [B][SIZE=7]පෘථිවියට ජලය පැමිණියේ ධූමකේතු හරහා ද?[/SIZE] විද්‍යාඥ කණ්ඩායමක් ආලෝක වර්ෂ 1,300 ක් දුරින් පිහිටි තරුවක් වටා ස්ථානගත වී ඇති ජල අණු සොයාගෙන තිබෙනවා. ඔවුන් පවසන පරිදි මේ ජල අණු, සමහර විට, පෘථිවියේ ජලය සම්භවය වුණු ආකාරය පිළිබඳ වඩා පැහැදිලි චිත්‍රයක් ඉදිරියේ දී තනන්නට මහෝපකාරී වේවි.[/B] [HEADING=1][B]ජලය දරන දඩයක්කරු ගේ තරුව[/B][/HEADING] [B]ඔරායන් තරු පන්තියේ, එසේත් නැතිනම් දඩයක්කාරයා තරු පන්තියේ ඈත පිහිටි තරුවක් කෙරෙහි තාරකා විද්‍යාඥයන්ගේ දැඩි අවධානය මේ වන විට යොමු වී තිබෙනවා. පෘථිවියෙන් ආලෝක වර්ෂ 1,300 ක් පමණ ඈතින් පිහිටි මේ තාරකාව වටා වාෂ්ප තත්ත්වයේ පවතින ජල අණු තිබෙන බවට නිරීක්ෂණය වී තිබෙන අතර, ඒවායේ රසායනික සංයුතිය පෘථිවිය ආසන්නයෙන් ඇදී යන ධූමකේතුවල ඇති ජල අණු වලට සමාන බව පෙනී ගොස් තිබෙනවා. ඔවුන් පවසන්නේ, මේ සොයාගැනීම, මීට වසර බිලියන ගණනකට පෙර පෘථිවියට ජලය ලැබුණු ආකාරය විස්තර කරන්නට සමත් වීමේ වැඩි ඉඩකඩක් පවතින බව යි. [/B] [IMG]https://roar.media/wp-content/uploads/2023/04/1.-Orionis-v883.jpg[/IMG] ඔරියොනිස් වී883 තාරකාව සහ පද්ධතිය- n1info.si [B]” ජලය පෘථිවියට පැමිණියේ විශ්වයේ ඈත තැනකින් වීමට විශාල ඉඩක් පවතිනවා ” තාරකා විද්‍යාඥ ජෝන් ජේ. ටෝබින් පවසනවා ” මේ ජලය විශ්වය ඔස්සේ දිගු ගමනක් විත් පෘථිවියට පැමිණියා විය හැකි යි. මේ වෙද්දී අපි මේවායේ එක අවසාන නැවතුමක් දන්නවා, ඒ අපේ පෘථිවියේ ජලය යි. ඒ වගේම ධූමකේතුවලත් මේවා හමුවෙනවා. අපිට මේවායේ ආරම්භක ස්ථානය සොයාගැනීමට අවශ්‍ය යි. මේ වෙද්දී අපේ සෞරග්රහමණ්ඩලයට ජලය පැමිණියේ කෙසේදැ යි යන්න පිළිබඳව වූ මතවාදවලට අවශ්‍ය සාක්ෂි දාමයන් බිඳී පවතිනවා. ඒ නිසා ඒවා පිළිබඳ අධ්‍යයන අතරමඟ සිර වෙලා.” ඉතා බලවත් රේඩියෝ දුරේක්ෂයක් ආධාරයෙන් තාරකා විද්‍යාඥයන් ඔරියොනිස් වී883 තාරකාව වටා ජල වාෂ්ප තිබෙන බැව් නිරීක්ෂණය කොට තිබෙනවා. මෙය තරුණ අවධියේ පවතින තරුවක්. [/B] [HEADING=1][B]ධූමකේතුවල ජලයට සමාන ජල අණු[/B][/HEADING] [B] විද්‍යාඥයන් වාෂ්ප වලාකුළුවලින් තරුණ තරුවලටත්, ධූමකේතුවලින් ග්‍රහලෝකවලටත් ජලය ගමන් කරන ආකාරය මීට පෙර අධ්‍යයනය කර තිබෙනවා. කෙසේ නමුත් තරුණ තරුවලින් ධූමකේතුවලට ජලය ලැබෙන ආකාරය පිළිබඳ තවමත් හරි හැරි අධ්‍යයන සිදු වී නැති අතර, මේ කාරණාව පෘථිවියට ජලය ලැබුණු ආකාරය වගේ ම, ඒවායේ මූලාරම්භය සෙවීමේදී අති මහත් අවාසියක් වී තිබෙනවා. වී883 ඔරියොනිස් තාරකාව වටා ඇති ජල වාෂ්පවල රසායනික සැකැස්ම, පෘථිවිය ආසන්නයෙන් ඇදී යන ධූමකේතුවලට සමාන බැව් මේ වෙද්දී සොයා ගෙන තිබෙනවා. මේ සොයා ගැනීම නිසා අපේ පෘථිවියට ධූමකේතු මඟින් ලැබුණු ජලයේ තිඹිරි ගෙදර වායු වලාකුළු ම බැව් සෑහෙන පමණකින් ඔප්පු වී තිබෙන අතර, මේ වලාකුළු අවුරුදු බිලියන 4.6 ක් පැරණි අපේ සූර්යයාටත් වඩා වයසින් වැඩි විය හැකි බැව් මේ වෙද්දී හෙළි වී තිබෙනවා. “මේ අධ්‍යයනවල මඟහැරුණු සාධකය වී තිබෙන්නට ඇත්තේ ඔරියොනිස් වී883 යි. ” ටෝබින් පවසනවා. “මේ තරුව වටා ඇති ජල වාෂ්ප වළල්ලේ සංයුතිය අපේ සෞරග්‍රහමණ්ඩලයේ හමුවෙන ධූමකේතුවල ජලයට ඉතාමත් සමාන යි. මේ අනුව පෙනී යන්නේ තරු සහ, ඒ අනුබද්ධ ග්රහමණ්ඩලවල ජලය සම්භවය වී ඇත්තේ අපේ සූර්යයා සම්භවය වන්නටත් පෙර බව යි. එමෙන් ම ධූමකේතුවල සහ පෘථිවිය වැනි ග්‍රහලෝකවල ඒවායේ සංයුතිය අදටත් වෙනස් නොවී පවතිනවා.[/B] [IMG]https://roar.media/wp-content/uploads/2023/04/3.-Commets.jpg[/IMG] පෘථිවියට ජලය පැමිණියේ ධූමකේතුවලින් බවට වන මතයට වැඩි බරක් ලැබෙමින් පවතිනවා- dailymail.co.uk [HEADING=1][B]අපේ පෘථිවියට ජලය පැමිණියේ කොතැනින් ද?[/B][/HEADING] [B]තරු බිහිවන්නේ වායු සහ දුහුවිලි පිරුණු අති විශාල වලාකුළු බිඳවැටී, ඒවා අධික උණුසුමක් යටතේ එක්කාසු වීමෙනු යි. මධ්‍යයේ තැනෙන තරුවක් වටා මුලින් ම කවාකාර ලෙස දුහුවිලි වලාවක් ඇති වෙන අතර, වසර මිලියන ගණනක් තිස්සේ කෙමෙන් කෙමෙන් ඒවා කැටිති බවට පත් වී ග්රහක, ධූමකේතු සහ ග්‍රහලෝක නිර්මාණය වෙනවා. මේ ක්‍රියාවලිය හඳුනාගැනීමේදී විද්‍යාඥයන්ට තිබූ අනෙක් විශාලත ම ප්රශ්නය වූයේ අප සෞරග්රහමණ්ඩලයට ජලය පැමිණියේ කෙසේද යන කාරණාව යි. ඒ ගැටලුවට පිළිතුරු සෙවීම සඳහා ටෝබින් ඇතුළු කණ්ඩායම අටකාමාවේ පිහිටි ඇල්මා රේඩියෝ දුරේක්ෂය භාවිතාවෙන් පර්යේෂණ කිහිපයක් ම සිදු කර තිබෙනවා. වී883 ඔරියොනිස් තාරකාව ඔවුන්ට නිරීක්ෂණය වන්නේ මේ අතර යි. එය අවටින්, වාෂ්ප බවට පත් වූ ජල අණුවල ක්‍රියාකාරීත්වය නිසා පැනනැඟිය හැකි විකිරණ නිකුත් වීම නිසා එය, විද්‍යාඥයන්ගේ අවධානය දිනා ගන්නට සමත් වුණා. මෙය සාමාන්‍යයෙන් දැකිය හැකි පරිදි අයිස් බවට පත් වූ ජලය නම්, නිකුත් වන විකිරණ මේ ආකාරයෙන් විටින් විට වෙනස් වන්නේ නැහැ. “විශ්වයේ බොහෝ ස්ථානවල ග්‍රහලෝක සම්භවය වන වළලුවල ජලය පවතින්නේ අයිස් ලෙස යි. මේ නිසා ඒවා අපිට නිරීක්ෂණය නොවී පැවතීමේ අතිශය වැඩි ඉඩක් තිබෙනවා.” නෙදර්ලන්ත පර්යේෂකයෙක් වන මාගට් ලීම්කර් පවසනවා. අලුතෙන් සෑදෙන ග්රහමණ්ඩලවල, මව් තාරකාවලට ආසන්න ව ද්‍රව හෝ වාෂ්ප වශයෙන් ජලය තිබිය හැකි මුත්, ඒවා දුහුවිලිවලින් වැසී පැවතීම නිසා අපට නිරීක්ෂණය කිරීම ඉතාම අපහසු යි. එමෙන් ම මේ ආකාරයෙන්, ද්‍රව හෝ වාෂ්ප ජලය පැවතිය හැකි ග්රහමණ්ඩලවල ප්‍රදේශ ඉතා කුඩා නිසා දුරේක්ෂ ආධාරයෙන් අධ්‍යයනය කිරීමත් ඉතා උගහට යි.”[/B] [HEADING=1]අති විශාල ජල මූලාශ්‍රයක්[/HEADING] [B]මෑතක දී සොයා ගත් ඔරියොනිස් වී883 සෑහෙන තරම් උණුසුම් තරුවක් නිසා, ඒ වටා පවතින ජලය පවතින්නේ වාෂ්ප ලෙස යි. මේ නිසා එය නිරීක්ෂණය කිරීම පහසු වී තිබෙනවා. ඇල්මා දුරේක්ෂය අධාරයෙන් එම ජල වාෂ්පවල සංයුතිය සහ ඒවා විසිරී පවතින පරාසය පවා හරි හැරි අධ්‍යයනය කරන්නට විද්‍යාඥයන්ට හැකියාව ලැබී තිබෙනවා. ජලය සාමාන්‍ය පරිදි සම්භවය වන්නේ හයිඩ්රජන් අණු දෙකක් සහ ඔක්සිජන් අණු එකක් එක්වීමෙන් වුවත්, ජලය තැනෙන්නේ එපරිදි පමණක් නොවේ. ටෝබින්ගේ කණ්ඩායම අධ්‍යයනය කර ඇති පරිදි, මේ ජල ප්‍රභවයේ ඇති සමහර ජල අණු වල, එක් හයිඩ්රිජන් පරමාණුවක් වෙනුවට ‘ඩියුටීරියම්’ පරමාණුවක් ආදේශ වී තිබෙනවා. මේ අනුව ඒ ජල අණුවක් සාමාන්‍ය ජල අණුවකට වඩා බරින් වැඩි වෙනවා.[/B] [IMG]https://roar.media/wp-content/uploads/2023/04/4.-ALMA-1024x457.jpg[/IMG] අල්මා නිරීක්ෂණ මධ්‍යස්ථානය- pinterest.com [B]සාමාන්‍ය ජලය සහ මේ බරින් වැඩි ජල සමස්ථානික නිපදවෙන්නේ වෙනස් තත්ත්ව යටතේ යි. මේවායේ අනුපාතය අධ්‍යයනය කිරීමෙන්, ඒවා කිනම් අවස්ථාවක කොතැන සම්භවය වූවා ද යන්න සොයාගත හැකි යි. අපේ සෞරග්‍රහමණ්ඩලයේ ඇති සමහර ධූමකේතුවල ජල අණුවල සාමාන්‍ය සහ බරින් වැඩි අනුපාතය සැලකිල්ලට ගැනීමේදී, පෘථිවි ජලයේ ඇති අනුපාතයට ඉතා සමාන ජලය සහිත ධූමකේතු අධ්‍යයනය වී තිබෙනවා. මේ නිසා පෘථිවියට ජලය ලැබුණේ බොහෝ විට ධූමකේතු හරහා යැයි යන්න විද්‍යාඥ මතය යි. වී 883 ඔරියොනිස් තාරකාව වටා ඇති ජල වළල්ලේ බැර ජලය අනුපාතය, සෑම තැනක ම ආසන්න වශයෙන් සමාන බැව් ටෝබින් ඇතුළු කණ්ඩායම අධ්‍යයනය කර තිබෙනවා. එහි අඩංගු සම්පූර්ණ ජල ප්‍රමාණය අවම වශයෙන් පෘථිවි සාගරවල ජල ප්‍රමාණය මෙන් 1,200 ගුණයක් බවත් ඔවුන් සොයාගෙන තිබෙනවා.[/B] [HEADING=1][B]පසුවදන[/B][/HEADING] [B]“අපි අධ්‍යයනය කර ඇති අන්දමට මේ ජල වළල්ලට ජලය ලැබී ඇත්තේ, තාරකා උත්පාදනය කරන දුහුවිලි වලාවෙන් ම යි, මේ ජලය ධූමකේතු වගේ දේවල බැඳෙන්නේ, එහි රසායනික සංයුතියේ වැඩි වෙනසක් කර නොගමිනු යි.” ටෝබින්ගේ කණ්ඩායම පවසනවා. “සූර්යයාගේ සම්භවයටත් පෙර අප සෞරග්‍රහමණ්ඩලයේ පැවතුණු ජල අණුවල මූලාශ්‍ර ගැන අදහසක් දැන් අපට ගත කැකි යි.” ටෝබින්ගේ කණ්ඩායමට පෘථිවි ජලයේ සම්භවය පිළිබඳ ව ශක්තිමත් මතවාදයක් ගොඩනඟන්නට නම් තව බොහෝ දුරක් යා යුතු වෙනවා. මේ සඳහා දීර්ඝ වශයෙන් පර්යේෂණ කරන්න එම කණ්ඩායමත්, තවත් කණ්ඩායම් කිහිපයකුත් සැදී පැහැදී සිටිනවා.[/B] roar.media [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom