පෙත්සමක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සිය මන්ත්‍රීධූරය අහෝසි කිරීම නීති විරෝධී යයි ප්‍රකාශයට පත් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී,ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    එකී පෙත්සමේ වගඋත්තකකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්,මැතිවරණ කොමසාරිස්,ලක්ෂ්මන් නිපුනආරච්චි යන මහත්වරුන් නම් කර ඇති වග අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කරයි.

    දෙවෙනි යුද අධිකරණය මගින් තමන් වරදකරු ලෙස තීන්දු කරමින් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු සිය මන්ත්‍රී ධූරය අහෝසි කරන්නට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් කටයුතු කිරීම නීති විරෝධී බව ඔහු පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

    යුධ අධිකරණය යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ස්ථාපිත කර ඇති අධිකරණයක් නොවන නිසා එවැනි අධිකරණයකින් දෙනු ලබන තීන්දුවක් මත සිය මන්ත්‍රීධූරය අහෝසි කරන්නට කටයුතු කිරීම නීති විරෝධී බව ෆොන්සේකා මහතා සඳහන් කරයි.

    ඒ අනුව තමාගේ මන්ත්‍රී ධූරය අහෝසි වූ බව දන්වා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නිකුත් කළ ලිපිය අවලංගු කරන ලෙසත්,සිය මන්න්‍රී ධූරය අහෝසි කළ බව දන්වා මැතිවරණ කොමසාරිස් විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර ෆොන්සේකා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියි.