Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
"පෙනෙන්න හිටියොත් මරනවාමයි" - සෝභිත හිමිය&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"පෙනෙන්න හිටියොත් මරනවාමයි" - සෝභිත හිමිය&

"පෙනෙන්න හිටියොත් මරනවාමයි" - සෝභිත හිමියන් ලියා තැබූ කතාව....

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ තම මවට වඩාත් ආදරය කළ හිමි නමක් ලෙස සැලකෙනවා.

උන් වහන්සේ මව පිළිබඳව තබන ලද සටහනක් පහතින් අතර එය බුදුසරණ පුවත්පත සඳහා ලියවන ලද්දකි.

මගේ ගම් පළාත මාදුළුවාව. මහා පිටිසර ගමක්. එය හරිම ලස්සනයි. කඳුවැටි, ළඳු කැලෑ, කුඹුරු, ඇළ, දොළ, ගහකොළ පිරි සුන්දර ගමක්. එහි ජීවත් වූ මිනිස්සුන් හරිම අහිංසකයි. කාටවත් හිංසා පීඩා නෑ. සතා සීපාවාටත් ආදරෙයි. වවා ගත් බත බුලත බෙදා හදා ගෙන කමින් සාමයෙන් ජීවත් වුණා. මගේ ගම ගැන සිහි වන විට මට හැම විටම මතක් වෙන්නේ සාගර පලන්සූරිය (කේයස්) කවියාගේ සුදෝ සුදු හි කියැවෙන ඒ ගම්මානයයි.

ගොඩ මඩ දෙකම සරුසාරය පලබරය

කටුරොද ගම්මාන තරමක් පිටිසරය

ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය

කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය

ඇත්තටම ඒ වගේමයි මගේ ගමත්. කුරුල්ලන්ගේ ගී සින්දු අප උදේම අහනවා. ඒ පරිසරය විඳගන්න අපට මුලසිට කියා දෙන්නෙ අම්මා තාත්තා උදෙන්ම නැගිටලා වෙලට යනවා පෙරදා හැදු වක්කඩවල් යළි සකසන්න. අපේ ගමේ කාටත් වහු පැටියෙක්, එළදෙනෙක් හිටියා. අපේ ගෙදරත් එහෙමයි. වසු පැටියා කෑ ගහන සද්දෙට අපි අවදි වන්නෙ. අම්මා උදේම අපට කෑමට යමක් උයලා වැස්සිගෙන් කිරි දොවන්ට පටන් ගන්නවා. මාත් පුංචි කොල්ලා, අම්මා පස්සෙන්මයි හැම තිස්සෙම. මේ වැස්සි වසුපැටියා අපේ පවුලෙ අනිත් අය වගේම එකට හැදෙන්නෙ. ඒ අයත් අපේ පවුලෙ සාමාජිකයෝ. අපේ අම්මලා තාත්තලා අපට උගන්නුවේ ඒ විදියට.

මාදුළුවාවේ අපේ තාත්තගේ ගම. අම්මා ඊට හැතැප්ම පහක් විතර ඈත. මලගල ගමේ. තාත්තා අම්මව මාදුළුවාවේ ගමට කැන්දාගෙන ඇවිත්. අම්මගෙ නම කරලිනාහාමි. පියා පතිරගේ දොන් අප්පුහාමි. අපේ පවුලෙ දරුවො අයියයි, මායි, නංගියි. තාත්තා ගොවි රජෙක්. මං එහෙම කිව්වෙ යායක් අස්වද්දන්න කටයුතු කළ මහ ගොවියෙක්. ඒ වගේම වඩු කාර්මික වැඩත් තාත්තට පුළුවන්. ඒ වුණාට ගෙදර හැම දෙයක්ම අම්මා තමයි කළේ දරුවන්ගේ වැඩ සතුන්ගේ වැඩ, ගහකොළ වත්ත පිටිය, ගේ දොර මේ හැම දේම අම්මා යෝධ ශක්තියක්ව සිටියා.

මං ඉපදුණේ 1942 දී. ලෝක යුද්ධ කාලේ. අම්මයි තාත්තයි මට නම් දීලා තියෙන්නේ රත්නසේකර කියලා. ඒ අනුව මගේ ගිහි නම පී.ඩී.රත්නසේකර. ලෝක යුද්ධ කාලයේ දී කොළඹ හා තදාසන්නයේ බොහෝ ඉස්කෝලත් වැහුණා. නගරවැසියන් අපේ ගම් වගේ පිටිසර ගම්වලට ආවා. අපේ ගමටත් ආපු පිරිස විශාලයි. අපේ අම්මයි තාත්තයි අසරණවෙලා මේ විදියට අපේ ගමට ආපු පිරිසට නවතින්ඩ තැනක් දෙන්න කල්පනා කළත් එහෙම කියලා ලොකු තැන් අපට නෑ. ඒ නිසා තාත්තාගෙ මහගෙදර එහෙම ආපු පිරිසකට නවාතැනට දීලා තාත්තා වත්තෙම තිබුණු පුංචි වඩු මඩුවට ඇවිල්ලා තියෙනවා. අපේ අම්මා තාත්තා විතරක් නොවෙයි එදා ගැමියෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිත්‍යාගශීලි මිනිස්සු. මෙහෙම අය අපේ ගමේ ගොඩක් ඉඳලා තියෙනවා. ඇඳි වත පිටින් සිදාදියේ ඉඳලා ආපු ඇත්තන්ට ගමේ අය සැළකුවේ එහෙම. අපේ අම්මා තාත්තත් ඒ විදියට දරුවන් අරගෙන වත්තෙ මුර මඩුවට ගියා. ඒ වෙලාවේ අයියා විතරයි ඉපදිලා හිටියේ. මං ඉපදුණේ අර මුර මඩුවෙ මහත්තයො. අපේ අම්මා හරිම කඩිසර කාන්තාවක්. මුර මඩුවේ උපන්න එතුමිය මහවැඩ. පාන්දර නැගිටිලා වැස්සිගෙ කිරි දොවලා දරුවන්ට කන්ට දෙයක් හදනවා. අපේ අම්මා උණ ගැනිලා වැටිලා හිටපු දවසක්වත් මට මතක නෑ. දෙයියනේ කියලා ඉහෙන් බහින රෝගයක් එදා ගමේ හිටි කඩිසර ගැහැනුන්ට තිබුණේ නැහැ.

එතුමිය එළවළු කොටුවකුත් කළා මතකයි. කඩෙන් ගෙනාව නම් දුරු මිරිස් ටික විතරයි. මිරිස්,තක්කාලි, බණ්ඩක්කා, නිවිති, කරවිල මේ හැම දෙයක්ම අම්මගෙ කොටුවේ තිබුණා.

වැස්සිගෙන් පොහොර ටික ලැබෙනවා. ඒවා ගිහින් දාන හැටි අම්මා අපට කියා දෙනවා. තාත්තාගෙ කුඹුරෙ වැඩ කරන කොට සකලයන් හඹන්ට(කුරුල්ලන් එළවන්නට) යන්නෙ මායි අයියයි. නංගි අම්මගෙ උදව්වට ඉඳලා අම්මත් එක්ක ඇඹුල ගේනවා. අම්මා නාන්ඩ ගියත් කීර ටික අරන් එන්නෙ. ගොටුකොළ ටිකක්, කිරි හබරල මේ වගේ දෙයක් හැමදාම අපට හදලා දෙනවා. ඒත් අපේ ගමේ අය මස් කෑවේ නෑ. හාල්මැස්සෝ කරවිල ටිකක් නම් ඉඳහිට හැදුවා. හැබැයි හොඳ පෝෂණීය ඇට වර්ග, කොළ වර්ග, පලතුරු අපේ අම්මලා අපට කැව්වා. කිසිම ක්ෂණික ආහාර නෑ. ගොයම් කපලා පාගලා දාපු තැන යටින් මතුවෙන පිදුරු හතු හරිම රසවත් දෙයක්.

අම්මගෙ මේ ව්යාඤ්ජනවල සුවඳ මගේ නැහැයට තවමත් දැනෙනවා. ඊළඟට අම්මා අපිට හදන්නෙ ලොකු වැටුණු ගස් කඳන් යට සෑදෙන කඳන් හතු වගේ දේවල්. මේවා ලෝකයේ මොන ආහාර ගත්තත් ඊට වඩා පෝෂ්‍ය පදාර්ථයෙන් අනූනයි. කැලේ ගිහින් සෙල්ලම් කරන්ට අපේ අම්මලා අපට තහනම් කළේ නෑ. ඒ මොකද? මුළු ගමේම හිටියෙ නෑදෑයෝ. හිතුණු ගෙදරකින් කනවා බොනවා. ඇළේ දොළේ, නානවා. පීනනවා. තිත්තයො අල්ලනවා.ඒවා ගෙදර ගේන්නේ ඇතිදැඩි කරන්ඩ නම් අම්මා ඉඩ දෙන්නෙ නෑ. කජු වාරෙට පුහුලන් මෙන්ම ගමේ කොල්ලො කැලේ ගාටනවා. මාත් එහෙමයි. ඒත් මං නිවුණුු ළමයෙක් කියලා තමයි අම්මා කීවේ. දඟ නෑ. හරි කීකරුයි කියලයි කියන්නෙ.

අම්මා, උදෙන්ම හදන හාතාවාරිය, එරමුසු, රණවරා, මොණරණකුඩුම්බිය, පෙනෙල කැඳ කෝප්පයක් බීලා අලගෙඩියක් ගිලදාලා අපි පාසල් යන්නෙ හැතැප්ම එක හමාරක් පයින්ම අපි උදේ හවා ඉස්කෝලෙ ගියා. මං ගියේ මාදුළුවාවේ බෞද්ධ විද්‍යාලයට.දැන් නම් ඒක මහා විද්‍යාලයක්. අපේ ගමේ කාටවත් කාර් තිබුණෙ නෑ. ගමේ රාළහාමිට උළුගෙයක් තිබුණා. මට අපේ ගෙවල්වලට උඩහින් හිටි භද්‍රාවතී ඉස්කෝලේ හාමිනේ තවම මතකයි. එතුමිය තාමත් ජීවතුන් අතර ඉන්නවා. අපට යුනිෆෝම් නෑ. පොල් අතු සෙවිලිකළ පුංචි ඉස්කෝලෙක අපි ඉගෙන ගත්තෙ. ළමයින් පාසලට ඇන්දෙ සරම හා කමිසය. සෙරෙප්පු සමහරුන්ට තිබුණා.

සමහරුන්ට නෑ. මටත් අඩුපාඩු තිබුණා. අපිට ඉස්කෝලෙන් බත් දුන්නා. බනිසුත් දුන්නා. ඒත් පාසල ඇරිලා එන ගමන් පාර අයිනෙ තියෙන ගස්වල ගෙඩි ටික ඉවරයි. මාදං, හිඹුටු, පේර, දිවුල්, වැල, වරකා මේ ගස්වල වඳුරන් වගේ අපි නගින්නෙ. ඒවා කාලත් ගොයම් කපන කාලෙට නම් කුඹුරකට ගොඩ වැදිලා ඒ ගොවි මාමලා එක්ක ඇඹුලත් රහ බලනවා. මේක පුදුම රසයක්. මුළු ගමම නෑදෑයො නෙ. කිසිම භේදයක් නෑ.

ඕනෑ තැනක බත් බෙදනවා. වැල වරකා, පේර, මේ ඕනෑම දෙයක් කඩා ගන්න අපට වැඩිහිටියො අවසර දීලා තියෙන්නෙ. ඒ කාලෙ ජීවන රටාවත් හරිම පහසුයි. කන බොන දේවල් ඕනෑ තරම් ගම්වල තියෙනවා. ඇඹුල කාලා සමහර විටක මාත් ගමේ කොල්ලොත් එක්ක අම්බරුවො පස්සෙ ගොම්පස් අල්ලන්ඩ පිදුරු තියාගෙන දුවනවා. ඒ ගොම්පස් එකතු කැර වෙනම තැනක ගොඩ කරන එක අපේ සතුට. ඒ කාලෙ අප ගත්තෙ තුන් වේලටම බත්. ඒ නිසා පාන් කෑල්ලක් කන්ට පුදුම ආසාවක් තියෙන්නෙ. අම්මා ගමේ පොළට ගියාම අපට පාන් ගෙඩියක් ගෙනැල්ලා පෙති කපලා දෙනවා. පැදුරු වියන්ඩ හරිම දක්ෂයි. පන් කොටුවක් අම්මා වෙනම හදාගෙන තිබුණා. බුලත් කොටුවකුත් තිබුණා. බුලත් ආදියත් මේ පැදුරුත් විකුණන්නෙ අම්මා. පොළට ගිහින් ඒ ටික කරන කොට සමහර දාට මාත් යනවා. පන්සල් යන්නෙත් අම්මා එක්ක. ඇය පන්සලට ගිහින් අපට නොයෙක් දේ පෙන්නා කියලා දෙනවා. විකෘති අත් පා නැති කෙනෙක් ගියොත් එයාව හොරෙන් පෙන්නලා ගිය ආත්මෙ මේ මේ අකුසල් කළ නිසාය මෙහෙ ඉපදුණේ කියනවා. අපේ අම්මලා ලොකුවට උගත් අය නම් නොවේ. ඒත් පන්සලේ බණ මඩුවෙ අහපු කතා හොඳට මතකයි. බණ දහම් ගාථා හොඳට දන්නවා. අම්මා පයින්ම තමයි. ඕනෑම දුරක් යන්නෙ පොළට පන්සලට අම්මගේ අම්මා බලන්නට යද්දිත් පයින්ම තමයි එතකොට මාත් කොන්දේසි දානව. ඒ කොන්දේසි ඉටුකරනවා අම්මා කොහොම හරි. අයිස්ක්‍රීම් සරුවත්, රෝස් පාන්, බනිස් ඒ විදියට මාත් ලබා ගන්නවා. ඒ කාලෙ පාන් ගෙඩියක් ශත 25 යි. රෝස් පාන් ශත 3 යි. බනිස් ගෙඩිය ශත 3 යි. ඒ මොනවා කෑවත් ගෙදරදි අම්මා හදන සව්දොදොල් තලප කන්ට මං ආසයි.

හැබැයි! අම්මා උදේට කැඳ දීලා කියන්නෙ හීල් බත් කන්ඩ බඩ කට පුරා කන්ට දෙන මේ හීල හරිම රසයි. කොච්චර කන්ට බොන්ට තිබුණත් හරක් මස් නම් ගමේ කිසිම තැනක නෑ. හරක් මස් කන අරක්කු බොන අය ගමම පිළිකුල් කළා. අපි කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කළේ. ගමට රේඩියෝ එකක් තිබුණෙ ගමේ රාළහාමිට විතරයි. මහ රාත්තිරියට වුණත් අම්මා කුප්පිලාම්පු එළියෙන් පැදුරු වියන්නෙ. පින්කම්වලට කීයක් හරි එකතු කරන්ඩ කියලා මට හිතුණෙ ගෙදර අඩුම කුඩුමවලටත් ඇය වියදම් කරනවා. ඒ තරම් අහේනියක් අපේ ගම්වලද තිබුණෙ නෑ. ඕනෑ තරම් කන්ට බොන්ට කොයි ගෙදරත් තිබුණා. මඤ්ඤොක්කා, කිරි හබරල, කොස්, පොළොස් ඕනෑ තැනක. මාදුළුවාවේ මගේ පාසල් ජීවිතේ පහේ පන්තිය දක්වා පමණයි.

අපේ අම්මා බණ දහම් අපට කියා දුන්නෙ සාමාන්‍ය පොදු දේ ඇසුරින්. සමහර දාට මාත් නැතුව පයින්ම පොළට යන අම්මා දවල් වෙලා ගෙදර ඇවිත් ඈඳිගෙන පුතේ, නිකම් අපාය වගේ රස්නෙ වතුර ටිකක් දියන් බොන්ට කියනවා. මං දුවලා ගිහින් ගෙනැත් දෙන වතුර ටික බීලා ගිමන් හැරලා ඇය එහෙදි දුටු දේ විස්තර කරනවා. බරවා කකුල් තියෙන මිනිස්සු ගැන. ආබාධිත අය ගැන කියලා එහෙම ඉපදුණේ අකුසල් කරලා බව විස්තර කරනවා. අපෙ අම්මලා අපාය මහ රස්නේ තැනක් කියලා දැන හුන්නා.

ඒ කාලෙ අම්මගෙ ගමේ ප්රභූවරයෙකුගෙ මඟුල් ගෙයක අම්මත් ගියා. ඒ්ක නොයෙක් ඉසුරුමත් දේවලින් සමන්විත මන්දිරයක්. ඒ ගෙදර දිව්‍ය ලෝකෙ වගේ පුතේ. අම්මා ඒ විදියට ඒ ගෙදර විස්තර මට කීවේ හරියට දිව්‍ය ලෝකෙ ඉසුරුබව හිතට අරන්. ඕකා පෝරිසාදයා, මේකා, අංගුලිමාලයා වගේ. දේවදත්තයාගෙන් පරිස්සම් වෙන්න. එයා මසුරු සිටාණ කෙනෙක්. එතුමා අනේ පිඬු සිටාණන් වගෙ දන් දෙන්නෙ. මේ වගේ වචන අපෙ අම්මගෙ ශබ්ද කෝසේ පිරිලා තිබුණා. ඒ ඔක්කොම බෞද්ධ පරිසරයෙ වචන. අප ගෙදර බුදුන් වැන්දත් පන්සලේ බුදුන් වැන්දත් ගාථා මහ හයියෙන් ශබ්ද නඟා කියන්න ඕනෑ. මේවා කටපාඩමින් කියන්නෙ. ඒ විදියට කියන එක අපේ අම්මලා ප්‍රායෝගිකව දැන හිටියා. එහෙත් අම්මා අපට කිව්ව එහෙම කිව්වම තමයි හඬ ලස්සන වෙන්නෙ කියලා. මල් පූජා කරනකොට තමන්ගෙ රූපෙ ලස්සන වෙනවා කියලයි මගේ අම්මා මාව මල් පූජාවට පෙලඹුවේ.

අපේ පවුලට ශාසනික සම්බන්ධයක් තිබුණා. ඒ එක්කම මං කියන්ඩ ඕනෑ අපේ ගම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ පුද්ගලයන් දෙන්නෙක් නිසා කියලා. එක්කෙනෙක් තමයි මාදුළුවාවේ ඉන්ද්‍රජෝති නායක හාමුදුරුවො. අනෙක් කෙනා පොඩි ගුරුන්නාන්සේ රට පිළිගත් නැකැත් කේන්දර කරුවා. මහා ඡ්‍යොතිෂවේදියා. ඒ අය හම්බවෙන්ඩ ඒ කාලේ සෙනඟ අපේ ගම්වලට ආවෙ. කාර් එකක් හරි ගමට ආවෙ ඒ විදියට. මාදුළුවාවේ ඉන්ද්‍රජෝති නායක හාමුදුරුවො මගෙ බාප්පා. උන්වහන්සේ තමයි කොටාරෝඩ් එකේ ජයවර්ධනාරාමය හැදුවෙ. මහ ප්රතාපවත් පෙනුමක් උන්නාන්සේට තිබුණා. පොඩි ගුරුන්නාස්සේ තමයි බණ්ඩාරනායක මහත්මයාව රටේ නායකයා වෙන්ඩ රාජයෝග තියෙනවා.පින තියෙනවා කියලා මුලින්ම කීවෙ. අපේ ගමට ටිකක් ඈතින් තිබුණු මීරියගල්ලකන්ද එදා ගල්ගුහාවේ වැඩ වාසය කළ හිමිනමක් හිටියා. උන්වහන්සේ මීරියගල්ලේ වනරතන හාමුදුරුවෝ දැන් නම් ඒ ස්ථානය පැරකුම්බා පිරිවෙන නමින් හැඳින්වෙන්නෙ. උන්වහන්සේ පයින්ම අපේ ගමට වඩිනවා. ගමේ කුඹුරුවලින් වී ටික ටික එකතු කරලා ඒවා විකුණලා උන්වහන්සේ පන්සල හැදුවේ.

මේ නාග විහාරෙ නායක හාමුදුරුවො මුල්ලේරියාවේ රේවත හාමුදුරුවො අර මුලින් කී හාමුදුරුවන් හඳුනනවා. උන්වහන්සේ නුගේගොඩ රාම චන්ද්‍ර ජයලත් (ලීබඩු) මහත්මයාවත් දන්නවා. දවසක් මේ අය මට ටොෆි ලොසින්ජර් අරගෙන අපේ ගෙදරට ආවා. මහණ කරන්ඩ මේ පවුලෙන් දරුවෙක් ඕනෑ බව කලින්ම තාත්තාට කියල තිබිලා තියෙන්නෙ. අම්මා මේ බව දන්නේ නෑ. මට මතකයි මොරිස් මයිනර් කාර් එකකින් ආවෙ.

මාත් ඉතින්! එතරම් දඟ ළමයෙක් නොවෙයිනේ.ඒ නිසා තාත්තා නිතර කිව්වෙ පුතාට මේ කුඹුරු වැඩ බෑ. ඔයා හොඳයි මහණ වෙන්ඩ කියලා. මටත් ඒකෙ වරදක් පෙනුණෙ නෑ. මං තාත්තා කී දේ ඇහුවා. ඒත් අම්මනම් ඒක ඇහුවම ඒකට නොසතුටු වුණා. පොඩි එකා නැතිව මං ජීවත් වන්නෙ කොහොමද? ඇය එහෙම කියලා ඇඬුවා. මට එතකොට වයස අවුරුදු 13 යි. හරිම කෙට්ටුයි. ඔතෑනියි. සෝමාරියි.

අම්මයි නංගියි එක දිගට අඬනවා. අම්මගෙ ඇසේ දිලිසෙන කඳුළු කැටි මගේ හෘද ස්පන්දනයද වැඩි කළා. මං ඒ විදියට තමයි කෝට්ටේ නාග විහාරයට ආවේ. මේ පන්සලේ එදා තිබුණෙ කැඩුණ චෛත්‍යයක්. සංඝාවාසයත් අඳුරුයි. කිළිටියි. පරණ ගොඩනැගිල්ලක්.

සර්පයො මැඩියො විතරක් නොවේ තවත් නොයෙක් විදිහෙ භයානක කෘමි සත්තු පවා ගරා වැටුණ පන්සල් වත්තෙ හිටියා. ලොකු හාමුදුරුවන්ට තනියෙන් මේවා ශුද්ධ පවිත්‍ර කරගන්ට බෑ. මහ කට්ට පාළුයි. දවස් දෙක තුනක් යනකොට මං අම්මා ළඟට යන්ඩ ඕනෑ කියලා ඇඬුවා. ඒත් ලොකු හාමුදුරුවො කාරුණිකව මට සලකලා පැවිදි ජීවිතයේ සුවය පැහැදිලි කරලා දුන්නා. පරණ ටයර්, රිම් අරගෙන වෙල් ඉපනැල්ලෙ උඩින් තිබුණු ගුරු පාරෙ ගිය හැටි මතක් වුණා. අම්මා අඬන හැටි කල්පනා වුණා. අම්මා මං එනකොට එවපු රසවත් කැවිලි, තලප, මුං කැවුම්, කෙහෙල් පෙට්ටිය ඉවර වෙනකොටම මගෙ අම්මා පන්සලට ආවා. මගෙ ඔළුව අත ගාලා ඇය යළිත් ගමට යනකොට මට දරාගන්න බැරි දුකක්.හාමුදුරුවො මාව එකපාරටම මහණ කළේ නෑ.

කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයට 6 පන්තියට දැම්මා. උදේට ශත 10 ක් අතට දෙනවා. දැන් යාළුවොත් ඉන්න නිසා පාළුව ටිකක් මැකුණා. අම්මා තාත්ත නිතර එනවට ලොකු හාමුදුරුවො කැමැති වුණේ නෑ. අපේ ලොකු හාමුදුරුවො ආයුර්වේද වෛද්‍යවරයෙක්. කැඩුම්, බිඳුම්, පීනස් වෙදකමට දක්ෂයි.

1955 දී මම මහණ වුණා. උපසම්පදාව ලැබුවේ 1962 දී. මගෙ ජීවිතේ මුල්වරට මා කිව්වෙ මේ පළාතේ අසාධ්‍යව සිටි මහලු පියතුමෙකුට ආසන්න බණක්, මගේ අධ්‍යාපන පැත්ත දියුණු කරන්ට ලොකු හාමුදුරුවොත් උදව් කළා. යක්කඩුවේ ප්‍රඥාරාම නායක හාමුදුරුවෝ ,බඹරැන්දේ සිරි සීවලී හාමුදුරුවෝ, වල්පොළ රාහුල හාමුදුරුවෝ, කොටහේනේ පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ වගේ උගත් ප්‍රඥාවන්ත හිමිවරුන් යටතේ අධ්‍යාපනය ලබන්න මාත් ආසා කළා. ඒ අනුව තමයි මං විද්‍යාලංකාරයට යන්නේ. 56 මහ පෙරැළිය සංවිධාන වෙන්නේ කැලණියේ විද්යාලංකාරයත් සම්බන්ධ කරගෙන ඒ පෙරැළියේ ආශිර්වාදය තමයි මාව මේ දක්වා ගෙනැත් තියෙන්නෙ. මං එතැනින් අධ්‍යාපනය ලබා ඊළඟට ජයවර්ධනපුර විශ්වවිදාලයට ඇතුළු වෙනවා.

සෝරත හාමුදුරුවො විතරක් නොවේ එල්ලාවල හාමුදුරුවො මැන්දිස් රෝහණධීර මහත්මයා එහෙ ඉතිහාස ගුරුවරු. මං රටේ ජාතික ආගමික ප්‍රශ්නවලදි කටයුතු කරන්න පටන් ගත්තෙ එතැනදී. මහාචාර්ය සරත්ච්න්ද්‍ර මහත්මයාටත් මටත් එකවතාවක් කාණු පල්ලෙ දාලා ගැහුවා මැරයො. මේ අවස්ථාවල උදෙන්ම අම්මා අඬාගෙන එනවා. මගෙ අම්මා මං පැවිදි වුණු දවසෙ වැන්ද වෙලාවෙ මට විශාල අපහසුවක් දැනුණා. ඒ වගේමයි අර සිද්ධිවලත් පාන්දර අම්මගෙ කඳුළුබර මුහුණ දකින එකත්. අපෙ හාමුදුරුවනේ, පරිස්සම් වෙන්න. එහෙම කියලා අම්මා මට වැඳලා යනවා. ඒ මං සටන් කළේ මගෙ අම්මා වගෙ තවත් දහස් ගණනක් අම්මලාට සුවපහසුව ජීවත් වෙන්ඩ අවශ්‍ය පරිසරය හදන්ට කියලා මගෙ අම්මා දැන සිටියේ නෑ.

අභයාරාම සිද්ධියෙන් වෙඩි තබලා මිනිස්සුත් මැරුවා. එහිදී මගෙ පන්සල ආරක්ෂා කළේ මේ රටේ අහිංසක මිනිස්සු. මේ පාරෙත් හතර දෙනෙක් වෙඩි වැදිලා මළා. මට පන්සල දාල හැංඟෙන්ඩත් යන්ට වුණා.

ආරක්ෂ අංශවල ලොකු ඇත්තො මට කිව්වා පෙනෙන්ඩ හිටියොත් මරනවාමයි. ඒ නිසා හැංගෙන්ඩ කියලා. දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඒ වෙලාවෙ හරියට උදව් කළා. මං එහෙ මෙහෙ ගියෙ එතුමාගේ වාහනේ. “සෝභිත හාමුදුරුවො මරලා” මේ වගේ කතාවක් රට පුරා ගියා. මං ගිහින් දුෂ්කර පළාතක ලොකු මහත්තයෙකුගෙ වත්තක ජීවත් වුණා. මට කෑම උයන්ට වයසක මහත්මයෙකු තියලා ඒ මහත්මයා බංගලාව වහලා පිටත් වුණා.

මේ නාග විහාරෙ බණ මඩුව විවෘත කරන්ට කාලයක් තිස්සෙ අපි දහදුක් විඳලා හදලා ලොක්කෙක් ගේන්න කලින් දායක සභාව හිතලා තිබුණෙ මං දායක මහත්වරුන්ට කීවා රටේ නායකයා ගේනවට වැඩිය මගෙ අම්මා ලවා මේක විවෘත කරන එකට මං සතුටුයි කියලා. ඒ අය බොහොම සතුටින් කැමැත්ත දුන්නා. මගෙ පන්සලේ බණ මඩුව 1988 දී විවෘත කළේ මගේ අම්මා. ඒ විශේෂය මගේ අම්මා 2003 දී නැතිවුණාම මාදුළුවාව ගමේ ගෙදර මිනිය තිබ්බෙ එක දවසයි. මිනියේ කටයුතු අහවර වෙනකම් ඇගේ මිනිය තිබුණෙ අපේ බණ මඩුවෙ. හාමුදුරු කෙනෙක් තමන්ගෙ අම්මගෙ මිනිය මුල්වතාවට මේ විදියට මා දන්නා හැටියට තමන්ගෙ පන්සලේ තියා ගන්නෙ. හාමුදුරුවරු 1000 ක් වැඩමවල මං අම්මගෙ දානයත් දුන්නෙ මෙහෙමයි. හැම අවුරුද්දෙම අම්මා වෙනුවෙන් මං ඒ දානෙ දෙනවා.

මොන තරම් භයානක දේවල් මා අබියස සිදුවුණත් මගෙ රත්තරං අම්මා අදෘෂ්‍යමානව මා ළඟ ඉඳලා මා බේරාගන්නා බව මා දන්නවා. අද නිවන් ගමන යන්ඩ මං එනකම් සසර පුරා බලා ඉන්නවා.

"ලඳු දෙරණි පෙත් පීරා

මියුරු පලවැල සොයා

ඉරුණු පන්පැදුරේ ඉඳගෙන

කටු ඇනී රිදුම් දෙන

දෙපා පිරිමැදි

මගේ අම්මා

නිවන් ගමන කල් දමමින්

අපට කිරුළ පළඳවන්න

ඇගේ කඳුළු හංගාගෙන

හීන මැවු අම්මා"

උපුටා ගැනීම UPFA - A Brighter Future

[QUOTE="weechami, post: 19264516, member: 91964"] [b]"පෙනෙන්න හිටියොත් මරනවාමයි" - සෝභිත හිමිය&[/b] [SIZE="5"][COLOR="DarkOrange"]"පෙනෙන්න හිටියොත් මරනවාමයි" - සෝභිත හිමියන් ලියා තැබූ කතාව....[/COLOR][/SIZE] [IMG]http://weecreation.info/ek/common/thero.jpg[/IMG] [SIZE="5"]අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ තම මවට වඩාත් ආදරය කළ හිමි නමක් ලෙස සැලකෙනවා. උන් වහන්සේ මව පිළිබඳව තබන ලද සටහනක් පහතින් අතර එය බුදුසරණ පුවත්පත සඳහා ලියවන ලද්දකි. මගේ ගම් පළාත මාදුළුවාව. මහා පිටිසර ගමක්. එය හරිම ලස්සනයි. කඳුවැටි, ළඳු කැලෑ, කුඹුරු, ඇළ, දොළ, ගහකොළ පිරි සුන්දර ගමක්. එහි ජීවත් වූ මිනිස්සුන් හරිම අහිංසකයි. කාටවත් හිංසා පීඩා නෑ. සතා සීපාවාටත් ආදරෙයි. වවා ගත් බත බුලත බෙදා හදා ගෙන කමින් සාමයෙන් ජීවත් වුණා. මගේ ගම ගැන සිහි වන විට මට හැම විටම මතක් වෙන්නේ සාගර පලන්සූරිය (කේයස්) කවියාගේ සුදෝ සුදු හි කියැවෙන ඒ ගම්මානයයි. ගොඩ මඩ දෙකම සරුසාරය පලබරය කටුරොද ගම්මාන තරමක් පිටිසරය ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය ඇත්තටම ඒ වගේමයි මගේ ගමත්. කුරුල්ලන්ගේ ගී සින්දු අප උදේම අහනවා. ඒ පරිසරය විඳගන්න අපට මුලසිට කියා දෙන්නෙ අම්මා තාත්තා උදෙන්ම නැගිටලා වෙලට යනවා පෙරදා හැදු වක්කඩවල් යළි සකසන්න. අපේ ගමේ කාටත් වහු පැටියෙක්, එළදෙනෙක් හිටියා. අපේ ගෙදරත් එහෙමයි. වසු පැටියා කෑ ගහන සද්දෙට අපි අවදි වන්නෙ. අම්මා උදේම අපට කෑමට යමක් උයලා වැස්සිගෙන් කිරි දොවන්ට පටන් ගන්නවා. මාත් පුංචි කොල්ලා, අම්මා පස්සෙන්මයි හැම තිස්සෙම. මේ වැස්සි වසුපැටියා අපේ පවුලෙ අනිත් අය වගේම එකට හැදෙන්නෙ. ඒ අයත් අපේ පවුලෙ සාමාජිකයෝ. අපේ අම්මලා තාත්තලා අපට උගන්නුවේ ඒ විදියට. මාදුළුවාවේ අපේ තාත්තගේ ගම. අම්මා ඊට හැතැප්ම පහක් විතර ඈත. මලගල ගමේ. තාත්තා අම්මව මාදුළුවාවේ ගමට කැන්දාගෙන ඇවිත්. අම්මගෙ නම කරලිනාහාමි. පියා පතිරගේ දොන් අප්පුහාමි. අපේ පවුලෙ දරුවො අයියයි, මායි, නංගියි. තාත්තා ගොවි රජෙක්. මං එහෙම කිව්වෙ යායක් අස්වද්දන්න කටයුතු කළ මහ ගොවියෙක්. ඒ වගේම වඩු කාර්මික වැඩත් තාත්තට පුළුවන්. ඒ වුණාට ගෙදර හැම දෙයක්ම අම්මා තමයි කළේ දරුවන්ගේ වැඩ සතුන්ගේ වැඩ, ගහකොළ වත්ත පිටිය, ගේ දොර මේ හැම දේම අම්මා යෝධ ශක්තියක්ව සිටියා. මං ඉපදුණේ 1942 දී. ලෝක යුද්ධ කාලේ. අම්මයි තාත්තයි මට නම් දීලා තියෙන්නේ රත්නසේකර කියලා. ඒ අනුව මගේ ගිහි නම පී.ඩී.රත්නසේකර. ලෝක යුද්ධ කාලයේ දී කොළඹ හා තදාසන්නයේ බොහෝ ඉස්කෝලත් වැහුණා. නගරවැසියන් අපේ ගම් වගේ පිටිසර ගම්වලට ආවා. අපේ ගමටත් ආපු පිරිස විශාලයි. අපේ අම්මයි තාත්තයි අසරණවෙලා මේ විදියට අපේ ගමට ආපු පිරිසට නවතින්ඩ තැනක් දෙන්න කල්පනා කළත් එහෙම කියලා ලොකු තැන් අපට නෑ. ඒ නිසා තාත්තාගෙ මහගෙදර එහෙම ආපු පිරිසකට නවාතැනට දීලා තාත්තා වත්තෙම තිබුණු පුංචි වඩු මඩුවට ඇවිල්ලා තියෙනවා. අපේ අම්මා තාත්තා විතරක් නොවෙයි එදා ගැමියෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිත්‍යාගශීලි මිනිස්සු. මෙහෙම අය අපේ ගමේ ගොඩක් ඉඳලා තියෙනවා. ඇඳි වත පිටින් සිදාදියේ ඉඳලා ආපු ඇත්තන්ට ගමේ අය සැළකුවේ එහෙම. අපේ අම්මා තාත්තත් ඒ විදියට දරුවන් අරගෙන වත්තෙ මුර මඩුවට ගියා. ඒ වෙලාවේ අයියා විතරයි ඉපදිලා හිටියේ. මං ඉපදුණේ අර මුර මඩුවෙ මහත්තයො. අපේ අම්මා හරිම කඩිසර කාන්තාවක්. මුර මඩුවේ උපන්න එතුමිය මහවැඩ. පාන්දර නැගිටිලා වැස්සිගෙ කිරි දොවලා දරුවන්ට කන්ට දෙයක් හදනවා. අපේ අම්මා උණ ගැනිලා වැටිලා හිටපු දවසක්වත් මට මතක නෑ. දෙයියනේ කියලා ඉහෙන් බහින රෝගයක් එදා ගමේ හිටි කඩිසර ගැහැනුන්ට තිබුණේ නැහැ. එතුමිය එළවළු කොටුවකුත් කළා මතකයි. කඩෙන් ගෙනාව නම් දුරු මිරිස් ටික විතරයි. මිරිස්,තක්කාලි, බණ්ඩක්කා, නිවිති, කරවිල මේ හැම දෙයක්ම අම්මගෙ කොටුවේ තිබුණා. වැස්සිගෙන් පොහොර ටික ලැබෙනවා. ඒවා ගිහින් දාන හැටි අම්මා අපට කියා දෙනවා. තාත්තාගෙ කුඹුරෙ වැඩ කරන කොට සකලයන් හඹන්ට(කුරුල්ලන් එළවන්නට) යන්නෙ මායි අයියයි. නංගි අම්මගෙ උදව්වට ඉඳලා අම්මත් එක්ක ඇඹුල ගේනවා. අම්මා නාන්ඩ ගියත් කීර ටික අරන් එන්නෙ. ගොටුකොළ ටිකක්, කිරි හබරල මේ වගේ දෙයක් හැමදාම අපට හදලා දෙනවා. ඒත් අපේ ගමේ අය මස් කෑවේ නෑ. හාල්මැස්සෝ කරවිල ටිකක් නම් ඉඳහිට හැදුවා. හැබැයි හොඳ පෝෂණීය ඇට වර්ග, කොළ වර්ග, පලතුරු අපේ අම්මලා අපට කැව්වා. කිසිම ක්ෂණික ආහාර නෑ. ගොයම් කපලා පාගලා දාපු තැන යටින් මතුවෙන පිදුරු හතු හරිම රසවත් දෙයක්. අම්මගෙ මේ ව්යාඤ්ජනවල සුවඳ මගේ නැහැයට තවමත් දැනෙනවා. ඊළඟට අම්මා අපිට හදන්නෙ ලොකු වැටුණු ගස් කඳන් යට සෑදෙන කඳන් හතු වගේ දේවල්. මේවා ලෝකයේ මොන ආහාර ගත්තත් ඊට වඩා පෝෂ්‍ය පදාර්ථයෙන් අනූනයි. කැලේ ගිහින් සෙල්ලම් කරන්ට අපේ අම්මලා අපට තහනම් කළේ නෑ. ඒ මොකද? මුළු ගමේම හිටියෙ නෑදෑයෝ. හිතුණු ගෙදරකින් කනවා බොනවා. ඇළේ දොළේ, නානවා. පීනනවා. තිත්තයො අල්ලනවා.ඒවා ගෙදර ගේන්නේ ඇතිදැඩි කරන්ඩ නම් අම්මා ඉඩ දෙන්නෙ නෑ. කජු වාරෙට පුහුලන් මෙන්ම ගමේ කොල්ලො කැලේ ගාටනවා. මාත් එහෙමයි. ඒත් මං නිවුණුු ළමයෙක් කියලා තමයි අම්මා කීවේ. දඟ නෑ. හරි කීකරුයි කියලයි කියන්නෙ. අම්මා, උදෙන්ම හදන හාතාවාරිය, එරමුසු, රණවරා, මොණරණකුඩුම්බිය, පෙනෙල කැඳ කෝප්පයක් බීලා අලගෙඩියක් ගිලදාලා අපි පාසල් යන්නෙ හැතැප්ම එක හමාරක් පයින්ම අපි උදේ හවා ඉස්කෝලෙ ගියා. මං ගියේ මාදුළුවාවේ බෞද්ධ විද්‍යාලයට.දැන් නම් ඒක මහා විද්‍යාලයක්. අපේ ගමේ කාටවත් කාර් තිබුණෙ නෑ. ගමේ රාළහාමිට උළුගෙයක් තිබුණා. මට අපේ ගෙවල්වලට උඩහින් හිටි භද්‍රාවතී ඉස්කෝලේ හාමිනේ තවම මතකයි. එතුමිය තාමත් ජීවතුන් අතර ඉන්නවා. අපට යුනිෆෝම් නෑ. පොල් අතු සෙවිලිකළ පුංචි ඉස්කෝලෙක අපි ඉගෙන ගත්තෙ. ළමයින් පාසලට ඇන්දෙ සරම හා කමිසය. සෙරෙප්පු සමහරුන්ට තිබුණා. සමහරුන්ට නෑ. මටත් අඩුපාඩු තිබුණා. අපිට ඉස්කෝලෙන් බත් දුන්නා. බනිසුත් දුන්නා. ඒත් පාසල ඇරිලා එන ගමන් පාර අයිනෙ තියෙන ගස්වල ගෙඩි ටික ඉවරයි. මාදං, හිඹුටු, පේර, දිවුල්, වැල, වරකා මේ ගස්වල වඳුරන් වගේ අපි නගින්නෙ. ඒවා කාලත් ගොයම් කපන කාලෙට නම් කුඹුරකට ගොඩ වැදිලා ඒ ගොවි මාමලා එක්ක ඇඹුලත් රහ බලනවා. මේක පුදුම රසයක්. මුළු ගමම නෑදෑයො නෙ. කිසිම භේදයක් නෑ. ඕනෑ තැනක බත් බෙදනවා. වැල වරකා, පේර, මේ ඕනෑම දෙයක් කඩා ගන්න අපට වැඩිහිටියො අවසර දීලා තියෙන්නෙ. ඒ කාලෙ ජීවන රටාවත් හරිම පහසුයි. කන බොන දේවල් ඕනෑ තරම් ගම්වල තියෙනවා. ඇඹුල කාලා සමහර විටක මාත් ගමේ කොල්ලොත් එක්ක අම්බරුවො පස්සෙ ගොම්පස් අල්ලන්ඩ පිදුරු තියාගෙන දුවනවා. ඒ ගොම්පස් එකතු කැර වෙනම තැනක ගොඩ කරන එක අපේ සතුට. ඒ කාලෙ අප ගත්තෙ තුන් වේලටම බත්. ඒ නිසා පාන් කෑල්ලක් කන්ට පුදුම ආසාවක් තියෙන්නෙ. අම්මා ගමේ පොළට ගියාම අපට පාන් ගෙඩියක් ගෙනැල්ලා පෙති කපලා දෙනවා. පැදුරු වියන්ඩ හරිම දක්ෂයි. පන් කොටුවක් අම්මා වෙනම හදාගෙන තිබුණා. බුලත් කොටුවකුත් තිබුණා. බුලත් ආදියත් මේ පැදුරුත් විකුණන්නෙ අම්මා. පොළට ගිහින් ඒ ටික කරන කොට සමහර දාට මාත් යනවා. පන්සල් යන්නෙත් අම්මා එක්ක. ඇය පන්සලට ගිහින් අපට නොයෙක් දේ පෙන්නා කියලා දෙනවා. විකෘති අත් පා නැති කෙනෙක් ගියොත් එයාව හොරෙන් පෙන්නලා ගිය ආත්මෙ මේ මේ අකුසල් කළ නිසාය මෙහෙ ඉපදුණේ කියනවා. අපේ අම්මලා ලොකුවට උගත් අය නම් නොවේ. ඒත් පන්සලේ බණ මඩුවෙ අහපු කතා හොඳට මතකයි. බණ දහම් ගාථා හොඳට දන්නවා. අම්මා පයින්ම තමයි. ඕනෑම දුරක් යන්නෙ පොළට පන්සලට අම්මගේ අම්මා බලන්නට යද්දිත් පයින්ම තමයි එතකොට මාත් කොන්දේසි දානව. ඒ කොන්දේසි ඉටුකරනවා අම්මා කොහොම හරි. අයිස්ක්‍රීම් සරුවත්, රෝස් පාන්, බනිස් ඒ විදියට මාත් ලබා ගන්නවා. ඒ කාලෙ පාන් ගෙඩියක් ශත 25 යි. රෝස් පාන් ශත 3 යි. බනිස් ගෙඩිය ශත 3 යි. ඒ මොනවා කෑවත් ගෙදරදි අම්මා හදන සව්දොදොල් තලප කන්ට මං ආසයි. හැබැයි! අම්මා උදේට කැඳ දීලා කියන්නෙ හීල් බත් කන්ඩ බඩ කට පුරා කන්ට දෙන මේ හීල හරිම රසයි. කොච්චර කන්ට බොන්ට තිබුණත් හරක් මස් නම් ගමේ කිසිම තැනක නෑ. හරක් මස් කන අරක්කු බොන අය ගමම පිළිකුල් කළා. අපි කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කළේ. ගමට රේඩියෝ එකක් තිබුණෙ ගමේ රාළහාමිට විතරයි. මහ රාත්තිරියට වුණත් අම්මා කුප්පිලාම්පු එළියෙන් පැදුරු වියන්නෙ. පින්කම්වලට කීයක් හරි එකතු කරන්ඩ කියලා මට හිතුණෙ ගෙදර අඩුම කුඩුමවලටත් ඇය වියදම් කරනවා. ඒ තරම් අහේනියක් අපේ ගම්වලද තිබුණෙ නෑ. ඕනෑ තරම් කන්ට බොන්ට කොයි ගෙදරත් තිබුණා. මඤ්ඤොක්කා, කිරි හබරල, කොස්, පොළොස් ඕනෑ තැනක. මාදුළුවාවේ මගේ පාසල් ජීවිතේ පහේ පන්තිය දක්වා පමණයි. අපේ අම්මා බණ දහම් අපට කියා දුන්නෙ සාමාන්‍ය පොදු දේ ඇසුරින්. සමහර දාට මාත් නැතුව පයින්ම පොළට යන අම්මා දවල් වෙලා ගෙදර ඇවිත් ඈඳිගෙන පුතේ, නිකම් අපාය වගේ රස්නෙ වතුර ටිකක් දියන් බොන්ට කියනවා. මං දුවලා ගිහින් ගෙනැත් දෙන වතුර ටික බීලා ගිමන් හැරලා ඇය එහෙදි දුටු දේ විස්තර කරනවා. බරවා කකුල් තියෙන මිනිස්සු ගැන. ආබාධිත අය ගැන කියලා එහෙම ඉපදුණේ අකුසල් කරලා බව විස්තර කරනවා. අපෙ අම්මලා අපාය මහ රස්නේ තැනක් කියලා දැන හුන්නා. ඒ කාලෙ අම්මගෙ ගමේ ප්රභූවරයෙකුගෙ මඟුල් ගෙයක අම්මත් ගියා. ඒ්ක නොයෙක් ඉසුරුමත් දේවලින් සමන්විත මන්දිරයක්. ඒ ගෙදර දිව්‍ය ලෝකෙ වගේ පුතේ. අම්මා ඒ විදියට ඒ ගෙදර විස්තර මට කීවේ හරියට දිව්‍ය ලෝකෙ ඉසුරුබව හිතට අරන්. ඕකා පෝරිසාදයා, මේකා, අංගුලිමාලයා වගේ. දේවදත්තයාගෙන් පරිස්සම් වෙන්න. එයා මසුරු සිටාණ කෙනෙක්. එතුමා අනේ පිඬු සිටාණන් වගෙ දන් දෙන්නෙ. මේ වගේ වචන අපෙ අම්මගෙ ශබ්ද කෝසේ පිරිලා තිබුණා. ඒ ඔක්කොම බෞද්ධ පරිසරයෙ වචන. අප ගෙදර බුදුන් වැන්දත් පන්සලේ බුදුන් වැන්දත් ගාථා මහ හයියෙන් ශබ්ද නඟා කියන්න ඕනෑ. මේවා කටපාඩමින් කියන්නෙ. ඒ විදියට කියන එක අපේ අම්මලා ප්‍රායෝගිකව දැන හිටියා. එහෙත් අම්මා අපට කිව්ව එහෙම කිව්වම තමයි හඬ ලස්සන වෙන්නෙ කියලා. මල් පූජා කරනකොට තමන්ගෙ රූපෙ ලස්සන වෙනවා කියලයි මගේ අම්මා මාව මල් පූජාවට පෙලඹුවේ. අපේ පවුලට ශාසනික සම්බන්ධයක් තිබුණා. ඒ එක්කම මං කියන්ඩ ඕනෑ අපේ ගම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ පුද්ගලයන් දෙන්නෙක් නිසා කියලා. එක්කෙනෙක් තමයි මාදුළුවාවේ ඉන්ද්‍රජෝති නායක හාමුදුරුවො. අනෙක් කෙනා පොඩි ගුරුන්නාන්සේ රට පිළිගත් නැකැත් කේන්දර කරුවා. මහා ඡ්‍යොතිෂවේදියා. ඒ අය හම්බවෙන්ඩ ඒ කාලේ සෙනඟ අපේ ගම්වලට ආවෙ. කාර් එකක් හරි ගමට ආවෙ ඒ විදියට. මාදුළුවාවේ ඉන්ද්‍රජෝති නායක හාමුදුරුවො මගෙ බාප්පා. උන්වහන්සේ තමයි කොටාරෝඩ් එකේ ජයවර්ධනාරාමය හැදුවෙ. මහ ප්රතාපවත් පෙනුමක් උන්නාන්සේට තිබුණා. පොඩි ගුරුන්නාස්සේ තමයි බණ්ඩාරනායක මහත්මයාව රටේ නායකයා වෙන්ඩ රාජයෝග තියෙනවා.පින තියෙනවා කියලා මුලින්ම කීවෙ. අපේ ගමට ටිකක් ඈතින් තිබුණු මීරියගල්ලකන්ද එදා ගල්ගුහාවේ වැඩ වාසය කළ හිමිනමක් හිටියා. උන්වහන්සේ මීරියගල්ලේ වනරතන හාමුදුරුවෝ දැන් නම් ඒ ස්ථානය පැරකුම්බා පිරිවෙන නමින් හැඳින්වෙන්නෙ. උන්වහන්සේ පයින්ම අපේ ගමට වඩිනවා. ගමේ කුඹුරුවලින් වී ටික ටික එකතු කරලා ඒවා විකුණලා උන්වහන්සේ පන්සල හැදුවේ. මේ නාග විහාරෙ නායක හාමුදුරුවො මුල්ලේරියාවේ රේවත හාමුදුරුවො අර මුලින් කී හාමුදුරුවන් හඳුනනවා. උන්වහන්සේ නුගේගොඩ රාම චන්ද්‍ර ජයලත් (ලීබඩු) මහත්මයාවත් දන්නවා. දවසක් මේ අය මට ටොෆි ලොසින්ජර් අරගෙන අපේ ගෙදරට ආවා. මහණ කරන්ඩ මේ පවුලෙන් දරුවෙක් ඕනෑ බව කලින්ම තාත්තාට කියල තිබිලා තියෙන්නෙ. අම්මා මේ බව දන්නේ නෑ. මට මතකයි මොරිස් මයිනර් කාර් එකකින් ආවෙ. මාත් ඉතින්! එතරම් දඟ ළමයෙක් නොවෙයිනේ.ඒ නිසා තාත්තා නිතර කිව්වෙ පුතාට මේ කුඹුරු වැඩ බෑ. ඔයා හොඳයි මහණ වෙන්ඩ කියලා. මටත් ඒකෙ වරදක් පෙනුණෙ නෑ. මං තාත්තා කී දේ ඇහුවා. ඒත් අම්මනම් ඒක ඇහුවම ඒකට නොසතුටු වුණා. පොඩි එකා නැතිව මං ජීවත් වන්නෙ කොහොමද? ඇය එහෙම කියලා ඇඬුවා. මට එතකොට වයස අවුරුදු 13 යි. හරිම කෙට්ටුයි. ඔතෑනියි. සෝමාරියි. අම්මයි නංගියි එක දිගට අඬනවා. අම්මගෙ ඇසේ දිලිසෙන කඳුළු කැටි මගේ හෘද ස්පන්දනයද වැඩි කළා. මං ඒ විදියට තමයි කෝට්ටේ නාග විහාරයට ආවේ. මේ පන්සලේ එදා තිබුණෙ කැඩුණ චෛත්‍යයක්. සංඝාවාසයත් අඳුරුයි. කිළිටියි. පරණ ගොඩනැගිල්ලක්. සර්පයො මැඩියො විතරක් නොවේ තවත් නොයෙක් විදිහෙ භයානක කෘමි සත්තු පවා ගරා වැටුණ පන්සල් වත්තෙ හිටියා. ලොකු හාමුදුරුවන්ට තනියෙන් මේවා ශුද්ධ පවිත්‍ර කරගන්ට බෑ. මහ කට්ට පාළුයි. දවස් දෙක තුනක් යනකොට මං අම්මා ළඟට යන්ඩ ඕනෑ කියලා ඇඬුවා. ඒත් ලොකු හාමුදුරුවො කාරුණිකව මට සලකලා පැවිදි ජීවිතයේ සුවය පැහැදිලි කරලා දුන්නා. පරණ ටයර්, රිම් අරගෙන වෙල් ඉපනැල්ලෙ උඩින් තිබුණු ගුරු පාරෙ ගිය හැටි මතක් වුණා. අම්මා අඬන හැටි කල්පනා වුණා. අම්මා මං එනකොට එවපු රසවත් කැවිලි, තලප, මුං කැවුම්, කෙහෙල් පෙට්ටිය ඉවර වෙනකොටම මගෙ අම්මා පන්සලට ආවා. මගෙ ඔළුව අත ගාලා ඇය යළිත් ගමට යනකොට මට දරාගන්න බැරි දුකක්.හාමුදුරුවො මාව එකපාරටම මහණ කළේ නෑ. කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයට 6 පන්තියට දැම්මා. උදේට ශත 10 ක් අතට දෙනවා. දැන් යාළුවොත් ඉන්න නිසා පාළුව ටිකක් මැකුණා. අම්මා තාත්ත නිතර එනවට ලොකු හාමුදුරුවො කැමැති වුණේ නෑ. අපේ ලොකු හාමුදුරුවො ආයුර්වේද වෛද්‍යවරයෙක්. කැඩුම්, බිඳුම්, පීනස් වෙදකමට දක්ෂයි. 1955 දී මම මහණ වුණා. උපසම්පදාව ලැබුවේ 1962 දී. මගෙ ජීවිතේ මුල්වරට මා කිව්වෙ මේ පළාතේ අසාධ්‍යව සිටි මහලු පියතුමෙකුට ආසන්න බණක්, මගේ අධ්‍යාපන පැත්ත දියුණු කරන්ට ලොකු හාමුදුරුවොත් උදව් කළා. යක්කඩුවේ ප්‍රඥාරාම නායක හාමුදුරුවෝ ,බඹරැන්දේ සිරි සීවලී හාමුදුරුවෝ, වල්පොළ රාහුල හාමුදුරුවෝ, කොටහේනේ පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ වගේ උගත් ප්‍රඥාවන්ත හිමිවරුන් යටතේ අධ්‍යාපනය ලබන්න මාත් ආසා කළා. ඒ අනුව තමයි මං විද්‍යාලංකාරයට යන්නේ. 56 මහ පෙරැළිය සංවිධාන වෙන්නේ කැලණියේ විද්යාලංකාරයත් සම්බන්ධ කරගෙන ඒ පෙරැළියේ ආශිර්වාදය තමයි මාව මේ දක්වා ගෙනැත් තියෙන්නෙ. මං එතැනින් අධ්‍යාපනය ලබා ඊළඟට ජයවර්ධනපුර විශ්වවිදාලයට ඇතුළු වෙනවා. සෝරත හාමුදුරුවො විතරක් නොවේ එල්ලාවල හාමුදුරුවො මැන්දිස් රෝහණධීර මහත්මයා එහෙ ඉතිහාස ගුරුවරු. මං රටේ ජාතික ආගමික ප්‍රශ්නවලදි කටයුතු කරන්න පටන් ගත්තෙ එතැනදී. මහාචාර්ය සරත්ච්න්ද්‍ර මහත්මයාටත් මටත් එකවතාවක් කාණු පල්ලෙ දාලා ගැහුවා මැරයො. මේ අවස්ථාවල උදෙන්ම අම්මා අඬාගෙන එනවා. මගෙ අම්මා මං පැවිදි වුණු දවසෙ වැන්ද වෙලාවෙ මට විශාල අපහසුවක් දැනුණා. ඒ වගේමයි අර සිද්ධිවලත් පාන්දර අම්මගෙ කඳුළුබර මුහුණ දකින එකත්. අපෙ හාමුදුරුවනේ, පරිස්සම් වෙන්න. එහෙම කියලා අම්මා මට වැඳලා යනවා. ඒ මං සටන් කළේ මගෙ අම්මා වගෙ තවත් දහස් ගණනක් අම්මලාට සුවපහසුව ජීවත් වෙන්ඩ අවශ්‍ය පරිසරය හදන්ට කියලා මගෙ අම්මා දැන සිටියේ නෑ. අභයාරාම සිද්ධියෙන් වෙඩි තබලා මිනිස්සුත් මැරුවා. එහිදී මගෙ පන්සල ආරක්ෂා කළේ මේ රටේ අහිංසක මිනිස්සු. මේ පාරෙත් හතර දෙනෙක් වෙඩි වැදිලා මළා. මට පන්සල දාල හැංඟෙන්ඩත් යන්ට වුණා. ආරක්ෂ අංශවල ලොකු ඇත්තො මට කිව්වා පෙනෙන්ඩ හිටියොත් මරනවාමයි. ඒ නිසා හැංගෙන්ඩ කියලා. දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඒ වෙලාවෙ හරියට උදව් කළා. මං එහෙ මෙහෙ ගියෙ එතුමාගේ වාහනේ. “සෝභිත හාමුදුරුවො මරලා” මේ වගේ කතාවක් රට පුරා ගියා. මං ගිහින් දුෂ්කර පළාතක ලොකු මහත්තයෙකුගෙ වත්තක ජීවත් වුණා. මට කෑම උයන්ට වයසක මහත්මයෙකු තියලා ඒ මහත්මයා බංගලාව වහලා පිටත් වුණා. මේ නාග විහාරෙ බණ මඩුව විවෘත කරන්ට කාලයක් තිස්සෙ අපි දහදුක් විඳලා හදලා ලොක්කෙක් ගේන්න කලින් දායක සභාව හිතලා තිබුණෙ මං දායක මහත්වරුන්ට කීවා රටේ නායකයා ගේනවට වැඩිය මගෙ අම්මා ලවා මේක විවෘත කරන එකට මං සතුටුයි කියලා. ඒ අය බොහොම සතුටින් කැමැත්ත දුන්නා. මගෙ පන්සලේ බණ මඩුව 1988 දී විවෘත කළේ මගේ අම්මා. ඒ විශේෂය මගේ අම්මා 2003 දී නැතිවුණාම මාදුළුවාව ගමේ ගෙදර මිනිය තිබ්බෙ එක දවසයි. මිනියේ කටයුතු අහවර වෙනකම් ඇගේ මිනිය තිබුණෙ අපේ බණ මඩුවෙ. හාමුදුරු කෙනෙක් තමන්ගෙ අම්මගෙ මිනිය මුල්වතාවට මේ විදියට මා දන්නා හැටියට තමන්ගෙ පන්සලේ තියා ගන්නෙ. හාමුදුරුවරු 1000 ක් වැඩමවල මං අම්මගෙ දානයත් දුන්නෙ මෙහෙමයි. හැම අවුරුද්දෙම අම්මා වෙනුවෙන් මං ඒ දානෙ දෙනවා. මොන තරම් භයානක දේවල් මා අබියස සිදුවුණත් මගෙ රත්තරං අම්මා අදෘෂ්‍යමානව මා ළඟ ඉඳලා මා බේරාගන්නා බව මා දන්නවා. අද නිවන් ගමන යන්ඩ මං එනකම් සසර පුරා බලා ඉන්නවා. "ලඳු දෙරණි පෙත් පීරා මියුරු පලවැල සොයා ඉරුණු පන්පැදුරේ ඉඳගෙන කටු ඇනී රිදුම් දෙන දෙපා පිරිමැදි මගේ අම්මා නිවන් ගමන කල් දමමින් අපට කිරුළ පළඳවන්න ඇගේ කඳුළු හංගාගෙන හීන මැවු අම්මා"[/SIZE] උපුටා ගැනීම [URL="https://www.facebook.com/slupfa"]UPFA - A Brighter Future[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom