පෙම් සිහින දෑසේ රඳවා
නිකැලැල්ම හැඟුමන් පුරවා
මුවගින් නොකී
නුඹ ඉඟිමැරූ
රහසක්ව සෙනෙහේ දැනුනා..
මකරන්ද අතරේ රැඳෙනා
පිණි බිඳක සීතල ගෙනෙනා
පවනක් වගේ
සුසුමක් දිගේ
නවතින්න ඇවිදින් පියඹා..
තරුවක් ව අහසේ දිලෙනා
සුවඳක්ව පරසතු ගෙනෙනා
සඳ නිදි පැයේ
නුඹ මගෙ හිතේ
ආදරේ සිතුවම් ඇන්දා..
නිකැලැල්ම හැඟුමන් පුරවා
මුවගින් නොකී
නුඹ ඉඟිමැරූ
රහසක්ව සෙනෙහේ දැනුනා..
මකරන්ද අතරේ රැඳෙනා
පිණි බිඳක සීතල ගෙනෙනා
පවනක් වගේ
සුසුමක් දිගේ
නවතින්න ඇවිදින් පියඹා..
තරුවක් ව අහසේ දිලෙනා
සුවඳක්ව පරසතු ගෙනෙනා
සඳ නිදි පැයේ
නුඹ මගෙ හිතේ
ආදරේ සිතුවම් ඇන්දා..

