Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙරදිග දැනුමේ ස්වභාවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාරතීය ඥානමීමාංසාවේ ස්වරූපය

[MEDIA=facebook]25527060550285233[/MEDIA]

භාරතීය ඥානමීමාංසාව (epistemology) බටහිර ඥානමීමාංසාවට වඩා හාත්පසින්ම වෙනස්. බටහිර ඥානමීමාංසාව ආරම්භයේදී අපට දකින්න ලැබෙන්නේ නිවැරදි දැනුම (knowledge) යනු කුමක්ද කියා ඇති කර ගත් විවාදයක්. ප්ලේටෝගේ තියෙටේටුස් (Theaetetus) අපට මෙහිදී හමු වන පැරණිම කෘතිය. මෙහිදී සොක්රටීස් සහ තියෙටේටුස් අතර ‘දැනුම යනු කුමක්ද’ කියන කාරණය පාදක කරගෙන ඇති වන විවාදය අවසාන වන්නේ නිවැරදි දැනුම යනු ‘තහවුරු කොට ගත් සත්‍ය විශ්වාස’ (justified true beliefs) කියන සුප්‍රකට බටහිර මතයට මඟ පාදමින්. 1963දී එඩ්මන්ඩ් ගැටියර් මේ මතය වැරදි බව පෙන්වා දෙන තුරුම අවුරුදු දෙදහකට අධික කාලයක් තිස්සේ බටහිර දර්ශනය අරක්ගෙන තිබූ මෙම මතය අද වන විට පැලැස්තර දමා ඔසවා ගෙන යාමටත් නොහැකි තත්ත්වයට පත් වී ඇත. තිමති විලියම්සන් ඔහුගේ මෑත කාලීන ඥානමීමාංසාත්මක කෘතිය, “නිවැරදි දැනුම සහ එහි සීමාවන්” (Knowledge and its Limits), රචනා කිරීමේදී කරන්න්නේ මෙම යල්පැන ගිය බටහිර අර්ථකථනය ඉවත් කොට දැනුම පිළිබඳව නවතම අර්ථකථනයක් මනෝගත දර්ශනය (philosophy of mind) ඇසුරින් නිර්මාණය කිරීමය. භාරතීය දර්ශනයේදී මෙම කටයුත්ත ආරම්භ කළේ දැනුම ගැන සාක්ච්ඡා ආරම්භ වූ මුල්ම කාලයේදීය.

භාරතීයයන්ට මුල සිටම දැනුම යනු කුමක්ද වැනි ප්‍රශ්නයක් මතු වූයේ නැත. භාරතීය දර්ශනය ගැන නොදන්නා පිරිස එය දෙස අවඥාවෙන් බැලීමේ දී සිදු කරන එක් වැරදි විමර්ශනයක් නම් භාරතීය දර්ශනය සාමාන්‍ය මිනිස් අද්දැකීම් ඉක්මවා ගොස් මෝක්ෂය, කර්මය, ස්වර්ගය වැනි ෆැන්ටසි ලෝකයක සිට දර්ශනය බිහි කරන බව සිතා ගෙන සිටීමය. ඒත් ඇත්ත නම්, භාරතීයයන් හැම විටම තම දර්ශනය පටන් ගත්තේ සාමාන්‍ය මිනිස් අත්දැකීම් පාදක කොට ගෙන. ඒක සිදු වුණේ මෙහෙමයි. හිතන්න A සහ B කියා ජනවර්ග දෙකක් ජීවත්ව සිටි බව. A ජනවර්ගය විශ්වාස කරනවා a --> b කියලා. B ජන වර්ගයත් ඒකම විශ්වාස කරනවා. මෙහෙම වුණාම ඔවුන් කවදාකවත් a --> b යන්න ඇත්තද කියල ප්රශ්නය කරන්නේ නැහැ. ඒක ඇත්ත හැටියට බාර අරගෙන ඉන් ඉදිරියට තර්ක කරනවා. කාලයක් යන කොට C යනුවෙන් තවත් ජන වර්ගයක් බිහි වෙනවා. ඔවුන් විශ්වාස කරනවා c --> b කියා. අන්න එදාට මුල්න් කී A සහ B යන ජනවර්ග දෙකම හිතා බලන්න පෙළඹෙනවා තමුන් මෙච්චර කාලයක් හිතාගෙන හිටි a --> b යන්න ඇත්තද කියල. ඒ විමර්ශනයේදී ඔවුන් තමුන්ගේ මෙතෙක් තිබුණු මතය අරගෙන යන්නත් අත හැර අලුත් මතයක් බාර ගන්නත් ඉඩ තියෙනවා. A සහ B කියන්නේ වෙනම ජන වර්ග දෙකක් නිසා ඒ අය උත්තර දෙකකට එන්නත් ඉඩ තියෙනවා. එවිට ඔවුන් අතර කුමන උත්තරය වඩා නිවැරදිද කියා නැවත සාකච්ඡා ආරම්භ වෙනවා. මෙන්න මෙහමයි භාරතීය දර්ශනය වැඩුණේ.

ඉතිං දැනුම/ඥානය කියන කාරණයට ආපහු ගියහොත් දැනුම යනු කුමක්ද කියා ඔවුන්ට කවමදාකවත් ප්‍රශනයක් තිබුණේ නැහැ. හැමෝම තේරුම් ගත්තා ‘මට දැනුමක් ඇත’ යන්න සරල සාමාන්‍ය අත්දැකීමක්, කිසි කෙනෙකු එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියා. ඒ වෙනුවට ඔවුන්ට ඇති වූ ප්‍රශ්න මේවා. (1) ‘මට දැනුමක් තියෙන බව ඇත්ත. හැබැයි ඒක කොහෙද තියෙන්නේ?’ (2) ‘මට දැනුමක් තියෙන බව දැන ගන්න වෙනම දැනුමක් ඕනේද? නැත්තම් ඒ තියෙන දැනුමම ප්‍රමාණවත්ද?’ (3) දැනුම හැම විටම චේතනාන්විත ද? නැත්තං මං දන්නේම නැතිව මට දැනුම ඇති වෙන්න පුළුවන්ද?’ (4) දැනුම විඥාන ක්‍රියාවලියේදී යම් ආකාරයක් (හැඩයක්) ගන්නවා ද? නැතිනම් කිසිම හැඩයක් නැතිද?’.

දැන් ඔබට තේරෙනවා ඇති බටහිර ඥානමීමාංසාව හදාරන විදිහට භාරතීය ඥානමීමාංසාව හදාරන්න බැහැ.

මගේ සටහන් කියවන ගොඩාක් අය දිග සටහන් කියවන්න කැමති නැහැ. ඒ නිසා මේක ආරම්භක සටහනක් විදිහට තබා ඉදිරි සටහනකින් මේ ප්‍රශ්න හතරට භාරතීයයන් ලබා දුන් විවිධ උත්තර ගැන ලියන්නම්.

මේ ප්‍රශ්න හතරට අමතරව ඔවුන් මතු කළ බරබතලම ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි දැනුම (cognition/cognitive episode) නිවැරදි දැනුමක් (knowledge) වන්නේ කෙසේද කියන කාරණය. ඒ ප්රශ්නය සාකච්ඡා කරන්න පටන් ගත්තාම අර මුලින් කී ප්‍රශ්න 4 නොවැදගත් ප්‍රශ්න විදිහට යට ගියා. නැති වුණේ නැහැ. යට ගියා. ඔවුන් ශතවර්ෂ ගාණක් විවාද කළේ මේ අවසාන ප්රශ්නය ගැන. ඒක අපි තවත් ඉදිරියට ගිහිං වෙලාව ලැබෙන විදිහට සාකච්ඡා කරමු. මට දැනට පොරොන්දු වෙන්න බැහැ. ඒත් නුදුරේම අර ප්‍රශ්න 4 ගැන ලියන්නම්.

මීට කලින් සටහනකිනුත් පෙන්නපු විදිහට දැනුම යනුවෙන් මං කතා කරන දෙය ඔවුන් සාකච්ඡා කළේ ඥාන, විඥාන, චිත්, ධී, බුද්ධි, මති වගේ පද භාවිත කර. විවිධ සම්ප්රදායයන් විවිධ පද තමුන්ගේ සම්ප්රදායයේ අනන්‍යතාව ලෙස භාවිත කළා. බොහෝ විට වුණේ එකම ලේඛකයා පවා සමානපද ලෙස මේවා හුවමාරු කරමින් භාවිත කිරීම. විශේෂයෙන්ම බෞද්ධ ආභාසය ඇති අය භාරතීය දර්ශනය කියවනවා නම් ඥාන, විඥාන සමාන බව තේරුම් ගැනීම වැදගත්.

මං

බර්ට්‍රම් ජී. ලියනගේ

[QUOTE="හෙළයෙක්, post: 31185348, member: 503645"] භාරතීය ඥානමීමාංසාවේ ස්වරූපය [MEDIA=facebook]25527060550285233[/MEDIA] භාරතීය ඥානමීමාංසාව (epistemology) බටහිර ඥානමීමාංසාවට වඩා හාත්පසින්ම වෙනස්. බටහිර ඥානමීමාංසාව ආරම්භයේදී අපට දකින්න ලැබෙන්නේ නිවැරදි දැනුම (knowledge) යනු කුමක්ද කියා ඇති කර ගත් විවාදයක්. ප්ලේටෝගේ තියෙටේටුස් (Theaetetus) අපට මෙහිදී හමු වන පැරණිම කෘතිය. මෙහිදී සොක්රටීස් සහ තියෙටේටුස් අතර ‘දැනුම යනු කුමක්ද’ කියන කාරණය පාදක කරගෙන ඇති වන විවාදය අවසාන වන්නේ නිවැරදි දැනුම යනු ‘තහවුරු කොට ගත් සත්‍ය විශ්වාස’ (justified true beliefs) කියන සුප්‍රකට බටහිර මතයට මඟ පාදමින්. 1963දී එඩ්මන්ඩ් ගැටියර් මේ මතය වැරදි බව පෙන්වා දෙන තුරුම අවුරුදු දෙදහකට අධික කාලයක් තිස්සේ බටහිර දර්ශනය අරක්ගෙන තිබූ මෙම මතය අද වන විට පැලැස්තර දමා ඔසවා ගෙන යාමටත් නොහැකි තත්ත්වයට පත් වී ඇත. තිමති විලියම්සන් ඔහුගේ මෑත කාලීන ඥානමීමාංසාත්මක කෘතිය, “නිවැරදි දැනුම සහ එහි සීමාවන්” (Knowledge and its Limits), රචනා කිරීමේදී කරන්න්නේ මෙම යල්පැන ගිය බටහිර අර්ථකථනය ඉවත් කොට දැනුම පිළිබඳව නවතම අර්ථකථනයක් මනෝගත දර්ශනය (philosophy of mind) ඇසුරින් නිර්මාණය කිරීමය. භාරතීය දර්ශනයේදී මෙම කටයුත්ත ආරම්භ කළේ දැනුම ගැන සාක්ච්ඡා ආරම්භ වූ මුල්ම කාලයේදීය. භාරතීයයන්ට මුල සිටම දැනුම යනු කුමක්ද වැනි ප්‍රශ්නයක් මතු වූයේ නැත. භාරතීය දර්ශනය ගැන නොදන්නා පිරිස එය දෙස අවඥාවෙන් බැලීමේ දී සිදු කරන එක් වැරදි විමර්ශනයක් නම් භාරතීය දර්ශනය සාමාන්‍ය මිනිස් අද්දැකීම් ඉක්මවා ගොස් මෝක්ෂය, කර්මය, ස්වර්ගය වැනි ෆැන්ටසි ලෝකයක සිට දර්ශනය බිහි කරන බව සිතා ගෙන සිටීමය. ඒත් ඇත්ත නම්, භාරතීයයන් හැම විටම තම දර්ශනය පටන් ගත්තේ සාමාන්‍ය මිනිස් අත්දැකීම් පාදක කොට ගෙන. ඒක සිදු වුණේ මෙහෙමයි. හිතන්න A සහ B කියා ජනවර්ග දෙකක් ජීවත්ව සිටි බව. A ජනවර්ගය විශ්වාස කරනවා a --> b කියලා. B ජන වර්ගයත් ඒකම විශ්වාස කරනවා. මෙහෙම වුණාම ඔවුන් කවදාකවත් a --> b යන්න ඇත්තද කියල ප්රශ්නය කරන්නේ නැහැ. ඒක ඇත්ත හැටියට බාර අරගෙන ඉන් ඉදිරියට තර්ක කරනවා. කාලයක් යන කොට C යනුවෙන් තවත් ජන වර්ගයක් බිහි වෙනවා. ඔවුන් විශ්වාස කරනවා c --> b කියා. අන්න එදාට මුල්න් කී A සහ B යන ජනවර්ග දෙකම හිතා බලන්න පෙළඹෙනවා තමුන් මෙච්චර කාලයක් හිතාගෙන හිටි a --> b යන්න ඇත්තද කියල. ඒ විමර්ශනයේදී ඔවුන් තමුන්ගේ මෙතෙක් තිබුණු මතය අරගෙන යන්නත් අත හැර අලුත් මතයක් බාර ගන්නත් ඉඩ තියෙනවා. A සහ B කියන්නේ වෙනම ජන වර්ග දෙකක් නිසා ඒ අය උත්තර දෙකකට එන්නත් ඉඩ තියෙනවා. එවිට ඔවුන් අතර කුමන උත්තරය වඩා නිවැරදිද කියා නැවත සාකච්ඡා ආරම්භ වෙනවා. මෙන්න මෙහමයි භාරතීය දර්ශනය වැඩුණේ. ඉතිං දැනුම/ඥානය කියන කාරණයට ආපහු ගියහොත් දැනුම යනු කුමක්ද කියා ඔවුන්ට කවමදාකවත් ප්‍රශනයක් තිබුණේ නැහැ. හැමෝම තේරුම් ගත්තා ‘මට දැනුමක් ඇත’ යන්න සරල සාමාන්‍ය අත්දැකීමක්, කිසි කෙනෙකු එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියා. ඒ වෙනුවට ඔවුන්ට ඇති වූ ප්‍රශ්න මේවා. (1) ‘මට දැනුමක් තියෙන බව ඇත්ත. හැබැයි ඒක කොහෙද තියෙන්නේ?’ (2) ‘මට දැනුමක් තියෙන බව දැන ගන්න වෙනම දැනුමක් ඕනේද? නැත්තම් ඒ තියෙන දැනුමම ප්‍රමාණවත්ද?’ (3) දැනුම හැම විටම චේතනාන්විත ද? නැත්තං මං දන්නේම නැතිව මට දැනුම ඇති වෙන්න පුළුවන්ද?’ (4) දැනුම විඥාන ක්‍රියාවලියේදී යම් ආකාරයක් (හැඩයක්) ගන්නවා ද? නැතිනම් කිසිම හැඩයක් නැතිද?’. දැන් ඔබට තේරෙනවා ඇති බටහිර ඥානමීමාංසාව හදාරන විදිහට භාරතීය ඥානමීමාංසාව හදාරන්න බැහැ. මගේ සටහන් කියවන ගොඩාක් අය දිග සටහන් කියවන්න කැමති නැහැ. ඒ නිසා මේක ආරම්භක සටහනක් විදිහට තබා ඉදිරි සටහනකින් මේ ප්‍රශ්න හතරට භාරතීයයන් ලබා දුන් විවිධ උත්තර ගැන ලියන්නම්. මේ ප්‍රශ්න හතරට අමතරව ඔවුන් මතු කළ බරබතලම ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි දැනුම (cognition/cognitive episode) නිවැරදි දැනුමක් (knowledge) වන්නේ කෙසේද කියන කාරණය. ඒ ප්රශ්නය සාකච්ඡා කරන්න පටන් ගත්තාම අර මුලින් කී ප්‍රශ්න 4 නොවැදගත් ප්‍රශ්න විදිහට යට ගියා. නැති වුණේ නැහැ. යට ගියා. ඔවුන් ශතවර්ෂ ගාණක් විවාද කළේ මේ අවසාන ප්රශ්නය ගැන. ඒක අපි තවත් ඉදිරියට ගිහිං වෙලාව ලැබෙන විදිහට සාකච්ඡා කරමු. මට දැනට පොරොන්දු වෙන්න බැහැ. ඒත් නුදුරේම අර ප්‍රශ්න 4 ගැන ලියන්නම්. මීට කලින් සටහනකිනුත් පෙන්නපු විදිහට දැනුම යනුවෙන් මං කතා කරන දෙය ඔවුන් සාකච්ඡා කළේ ඥාන, විඥාන, චිත්, ධී, බුද්ධි, මති වගේ පද භාවිත කර. විවිධ සම්ප්රදායයන් විවිධ පද තමුන්ගේ සම්ප්රදායයේ අනන්‍යතාව ලෙස භාවිත කළා. බොහෝ විට වුණේ එකම ලේඛකයා පවා සමානපද ලෙස මේවා හුවමාරු කරමින් භාවිත කිරීම. විශේෂයෙන්ම බෞද්ධ ආභාසය ඇති අය භාරතීය දර්ශනය කියවනවා නම් ඥාන, විඥාන සමාන බව තේරුම් ගැනීම වැදගත්. මං බර්ට්‍රම් ජී. ලියනගේ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom