Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙරදිග දැනුුම් නිධානයෙන් බිදක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙරදිග දැනුුම් නිධානයෙන් බිදක්

පෙරදිග දැනුුම් නිධානය

ප්‍රවීණ පරිසරවේදී තිලක් කන්දේගම මහතා සමගින් සිදු කරනු ලබන සංවාදමය ලිපි පෙළෙහි කොටසක්

ඉස්සර මගේ පුරුද්දක් තිබුණා නොවරදවා ම දිනපතා ප්රවෘත්ති බලන…. එ්කට හේතු වුණේ මම සාමාන්‍යයෙන් අපි හදාරන හරි, නිරත වන හරි විෂය පථයට අමතරව රටතොට එදිනෙදා වෙන සිද්ධීන් ගැන වගේ ම වෙනත් ක්ෂේත්‍ර පිළිබඳ තියෙන දැනුමත් ජීවිතය හරි මඟ ගෙනියන්න උපකාරී වෙනව කියන අදහසයි.

එ්ත් පසුකාලීනව අපේ රටේ මාධ්‍ය මොනතරම් පහත් තත්ත්වයකට වැටුන ද කියන්නෙ මම ප්රවෘත්ති බලන එක අතහැරලම දැම්මා. මොකද මේ මාධ්‍ය වැඩි වෙන්න, වැඩි වෙන්න එ්වා අතර එකිනෙකා පරයලා ඉස්මතු වෙන්න ලොකු තරගයක් ඇතිවුණා. එ් තරගය විසින් අතීතයේ මාධ්‍ය තුළ තිබුණ සදාචාරය නැත්තට නැතිවෙලා ගියා. ඊට පස්සෙ මේවා ක්‍රියා කළේ අනිත් මාධ්‍යවලට වැඩිය තමන්ට ලැබෙන ප්‍රවෘත්තිය වැඩිපුර මාකට් කරන්නෙ කොහොම ද කියන දේ මූලික කරගෙන.

හැබැයි අවසානයේ විවිධ වචන යොදාගෙන, විවිධ රූපරාමු යොදාගෙන, විවිධ ඇනිමේෂන් යොදාගෙන, මේ අය සමාජගත කරලා තිබුණෙ මොනව ද?

රටේ මිනිසුන් තුළ තියෙන දුර්ගුණ, අපරාධ, හොරකම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වගේ දේවල්. මේවා ම උලූප්ප උලූප්ප පෙන්නන්න පෙන්නන්න මොකද වුණේ? මේ රට තුළ එ් දේවල් සාමාන්‍ය දේවල් බවට පත්වුණා… මිනිසුන්ට එ්ව ගාණක් නැතිව ගියා.

මේ ඊයෙ පෙරේදා අහම්බෙන් කන වැකුන ප්‍රවෘත්තියකින් මගේ හිත කීරි ගැහිල ගියා.. හතේ පන්තියෙ දරුවෙක් ගිරා පැටියෙක් බෙදාගන්න බැරිව තමන්ගෙ හොඳ ම යාළුවා ව බෙල්ල මිරිකල මරලා ළිඳකට තල්ලූ කරල දාලා.

කවුද මේ හුරතල් දරුවන්ගෙ මනස මේ තැනට ගෙනාවෙ…? තවදුරටත් අපරාධ මාකට් කරල තමන්ගේ පැවැත්ම රැකගෙන අනාගත පරපුර වනසා දමනව ද? නැති නම් තමන්ගේ පැවැත්ම කියන එකට දෙවෙනි තැන දීලා මේ රටේ අනාගතය යහපත් වෙන විදියට කටයුතු කරන්න පුළුවන් වන ආකාරයේ ස්වයං වාරණයක් පනව ගන්නව ද? කියලා මේ රටේ මාධ්‍ය යළි සිතා බැලිය යුතු නො වෙයි ද….

අපිට කතා කරනවා නම්, ඉස්මතු කොට පෙන්වනවා නම් මේ රටේ මොන තරම් නම් යහපත් දේ සිදුවෙනව ද? මිනිසත් වගට හිත සුව පිණිස කටයුතු කරන එක මහාමේඝයටත්, ශ්‍රද්ධා රූපවාහිනියටත් විතරක් තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි… එ් වෙනුවෙන් මේ රටේ සියලූ ම මාධ්‍ය වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතු කාලය එළඹිලා කියලයි මට හිතෙන්නෙ.

මම විශේෂයෙන් මේ කාරණය ඉස්මතු කළේ හේතුවක් ඇතිවයි. මොකද අපි විශාල වෙර වෑයමක් අරගෙන යහපත් දේ සමාජයට දායාද කරලා කාලයක් තිස්සෙ ගොඩනගන දේ දවසකින් දෙකකින් විනාශ කරන්න පුළුවන් සදාචාරයක් නැති මාධ්‍ය භාවිතාවෙන්… එ්කටත් හේතුවක් තියෙනවා. මොකද මිනිසාගේ සිත ස්වභාවයෙන් ම අකුසලයට, පහත් දේට ඇදිල යන ස්වභාවයෙනුයි පිහිටලා තියෙන්නෙ…

අපි පසුගිය කලාපයේ කතා කළේ අධ්‍යාත්මික බලය යොදාගෙන වගාවන් රැුකගන්නෙ කොහොමද කියන එක ගැන… මෙවර අපි කතා කරමු භෞතික බලය මේ වෙනුවෙන් උපකාරී වෙන්නෙ කොහොම ද කියලා. ඔන්න එ් ගැන කන්දෙගම මහත්තය කරුණු පැහැදිලි කළේ මෙහෙමයි.

‘‘සුදර්ශන මහත්තයා අපි මුලින් ම මේ ‘භෞතික’ කියන වචනයේ අර්ථය විග්රහ කරගෙන ඉඳිමු.

දැන් බලන්න

පුද්ගල + ඉක = පුද්ගලික – (පුද්ගලයාට අයිති)

ආයතන + ඉක = ආයතනික – (ආයතනයට අයත්)

භූත + ඉක = භෞතික (භූතයන්ට අයත්)

මොනවද මේ භූතයන්? එ් තමයි, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතර… මේ හතරෙන් තමයි ලෝකෙ සත්ව පුද්ගල ඇතුළු හැම දෙයක් ම හැදිල තියෙන්නේ… මේකට තව දෙකක් එකතු වෙනවා. එ් තමයි ආකාශ, විඤ්ඤාණ කියන දෙක. මෙයින් පළමු භූත හතර එක්වූ තැන අප්‍රාණික වස්තූන් නිර්මාණය වෙනවා. මේකට විඤ්ඤාණය සම්බන්ධ වෙද්දි එයට ප්‍රණය ලැබෙනවා. මෙන්න මේ ආකාරයට නිර්මාණය වූ භෞතික වස්තුන්ගෙ බලය උපයෝගී කරගෙන වගා ආරක්ෂා කර ගන්න විදිය අද කියල දෙන්නම්.”

‘‘කන්දෙගම මහත්තයා, අපි හිතමු වගාවට කෘමි උවදුරු ඇතිවෙනවා කියලා. දැන් කොහොමද ඕකට ඔය භෞතික බලයෙන් ප්‍රතිකර්ම කරන්නෙ..?”

‘‘මහත්තයෝ බටහිර ක්‍රමය තමයි ලෙඩේ හැදෙන්න ඕනෙ කරන හැමදේම දීල ලෙඩේ හැදුනට පස්සෙ එ්කට ප්‍රතිකර්ම හොයන එක… එ්ත් හෙළයන්ගෙ ක්‍රමය ඊට වඩා හරි දියුණුයි… මේකෙදි කරන්නෙ කෘමීන් ඇති වුණාට පස්සෙ එ්කට බේත් හොයන එක නෙවෙයි. කෘමීන් ඇති නොවන විදියට, නැත්නම් හිටියත් උන්ගෙන් හානි නොවන විදියට කටයුතු කිරීම යි…”

‘‘එ් කියන්නෙ….?”

‘‘එ් කියන්නෙ… මම නිතර නිතර ම කිව්වනෙ අපේ හෙළ කෘෂිකර්මය හරි අහිංසක එකක්. එ්කට සත්තු විනාශ කරල බෑ.. සත්තු රැකගන්න ඕනෙ… කියලා.

ඉස්සර හේනක් ගිනිතියන්න පෙරාතුව වරු තුනකට කලින් කරන මේ යාදින්න බලන්න.

‘හූ…. හූ…. හූ…. අවසරයි… ආයිබෝං…. මේ අඩවිය රැකුම් බැලූම් කර වදාරන දේවතා මහමුත්තප්පාගේ ආඥාවෙන් ආනුභාවයෙන් වේලූම්පැලැස්සේ ඉහළ සිට පහළට ගෝටා ගැහී, දරණ ගැහී, ගුලි ගැහී, වක් ගැහී, හිල් ගැහී ඉන්නා පා ඇත්තෝ, පා නැත්තෝ, තටු ඇත්තෝ, තටු නැත්තෝ, කටු ඇත්තෝ, කටු නැත්තෝ, උරගාන්නෝ කුරගාන්නෝ එකී මෙකී කුරා කූඹියාගේ පටන් බූටෑවේ මහ ඇත්තා දක්වා වූ සියලූ ප්‍රාණින් මේ හූවෙන් මේ වේලූම්පැලැස්සෙන් පිටමං වෙන්න, එකං මෙකං වෙන්න, අවසරයි වරමයි ආයිබෝ.. හූ..’

දැන් ඔන්න ගිනි තියන්න නියමිත හේන වටේට මෙහෙම වරු තුනක් කෑ ගගහ ගිහින් තමයි හේන ගිනි තිබ්බෙ.

මේකෙදි මේ සත්තුන්ට මේ වචන තේරෙනව ද කියල සමහරුන්ට හිතෙයි… මේ අදහස සිතේ තියාගෙන මේ දේ කරද්දි… එ් අයගෙ ඇෙඟන් පිටවන විද්‍යුත් රශ්මි ධාරාව තමයි සත්තුන්ට දැනෙන්නෙ…. එ්ක ලස්සනට කියවගන්න සත්තුන්ට පුළුවන් බව හෙළ ගොවියො දැනගෙන හිටියා.

උදාහරණයක් විදියට කපුටෙකුට ගහන්න ගලක් ගන්න බලන්න. ඔබ පහත් වෙන්න හදනකොට ම කපුටා පියාඹලා යනවා ඔබ දැකලා ඇති.

තව එකක් කියන්නම්. ඔන්න නයෙක් ගෙදරට ආවහම කිරි දෙන අම්මා කෙනෙක් මිදුලට බැහැල කියනවා ‘අනේ නයිහාමි, මගේ නොදරුවන්ගෙන් වරදක් වුණා නම් එ්කට තරහ නො ගෙන ඔය කහළ ගොඩවල ඉන්නෙ නැතිව යන්න නයිහාමි’ කියලා….

අනේ නයා යස අගේට පෙනේ අකුලගෙන යන්න යනවා…

මේකෙදි මොකද වෙන්නෙ? නයාට සිංහල තේරෙනවා තියා කන් ඇහෙන්නෙත් නැති බව අපි දන්නවා… මේකෙදි වෙන්නෙ අර අම්මා තුළ තියෙන විද්‍යුත් ශක්තිය නයාට දැනිලයි එයා ඉවත් වෙලා යන්නේ… අම්මට කොයින් ද මේ ශක්තිය ලැබෙන්නෙ? සූර්යාගෙන් ලැබෙන ශක්තිය ශාක පත්‍ර මත ගබඩා වී ඇට මගින්, ගෙඩි මගින් සිරුරට ලැබෙනවනේ. දැන් කිරි තියෙන අම්මා කෙනෙකුගේ මේ ශක්තිය වැඩියි. මොකද කිරි නිෂ්පාදනය වෙන්නේ දරුවා ගැන සිහිවෙද්දි ශරීරයේ ක්‍රියාත්මක වන මේ ශක්තිය නිසයි…. නයා ඉදිරියට ගිහිල්ල ‘මගේ නොදරුවන්ගෙන්’ කියද්දි මේ ශක්තිය නො දැනී ම තීව්ර වෙනවා. එය නයාට හොඳින් ම දැනෙනවා… හැබැයි කතා කරන්නෙ තරහ සිතකින් නෙවෙයි, ‘නයි හාමි’ කියලා මෙත් සිතින්… නයාට එ්කත් තේරෙනවා…”

‘‘කන්දෙගම මහත්තයා, මට සිහිවෙනවා බුදුරජාණන් වහන්සේ සර්ප රාජ කුල හතරට ම මෙත් සිත පතුරුවන්ට කියලා ඛන්ධ පිරිත පනවා වදාළේ මොන තරම් නම් අර්ථයක් දැකල ද කියන එක…”

‘‘දැන් මේ බටහිර විද්‍යාව යන්තම් කට ගා ගත්ත අය මේක දැක්කොත් හිනහ වෙයි නයාට සිංහල තේරෙනව ද? උන්ට කන් නැහැ කියලා විද්‍යාවට කියල දීලා තියෙනවා.. මේක විකාර වැඩක් කියලා.

හැබැයි.. එ් අයට තේරෙනවට වැඩි යමක් අර නයාට තේරෙනවා කියලයි මම කියන්නේ. මේ හෙළයන්ගෙ විද්‍යාව එ් තරම් දියුණු, සියුම් එකක්.

දැන් අපි බලමු මේ භෞතික බලය යොදාගෙන කෘමි උවදුරු මැඩපවත්වා ගන්නෙ කොහොමද කියල. මම මීට කලිනුත් දවසක් කිවුවා මතකයි නව දලූ හේනක් ගැන. එ් කියන්නෙ බෝග වර්ග නවයක් හිටවනවා. මොකද එ් එ් ගස් සමඟ වර්ධනය වෙන හානිකර සතුන් නවදෙනෙක් සිටින නිසා… මේ සතුන් නව දෙනා වර්ධනය වෙනකොට ම එ් අයව ආහාරයට අරගන්න සතුන් විසි හත් දෙනෙක් ස්වභාවිකව ම හේනට එනව. මෙහෙම වුණහම අර හානිකර සතුන් නවදෙනාට වගාවට හානිවෙන තරමට වර්ධනය වෙන්න බැරිවෙලා යනවා.

මේ හැම සත්වයෙක් එක්කම, හැම ගහක් කොළක් එක්කම මේ සොබාදහමෙ තියෙනව අපූරු අන්තර් සම්බන්ධතාවයක්. අපේ හෙළ ගොවියා මේක අගේට කියවගන්න දැනගෙන හිටියා.

තව උදාහරණයක් කියන්නම්. දැන් බලන්න මී ගහ. මී ගහ කියන්නෙ හෙළ ගොවිතැනට නැතිව ම බැරි ශාකයක්. නොයෙක් කෙම් ක්‍රමවලට, කුඹුරේ පොහොරවලට, කෘමීන් පළවා හැරීමට වවුලන් කුඹුරට ගෙන්වා ගැනීමට මේ ගහ මහෝපකාරී වුණා..

මී ගහ වගා කන්නය ආරම්භ වෙන්න ඉස්සෙල්ල ඉඩෝරයෙදි ගලවල දමන කොළ ප්‍රමාණය අති විශාලයි… ඉතා ඉක්මනින් ම දිරලා ඊ ළඟ කන්නයට පොහොර සපයන්නෙ මේ මී පත්‍රයි…

ළපටි ගොයමට අවශ්‍ය පොහොර සඳහා අක්කරයට එක මී ගහක් තිබුණත් හොඳට ම ඇති. එ් විතරක් නෙවෙයි, මී ගෙඩි කන්න එන වවුලන්ගේ වසුරුවලින් ඉතිරි පොහොර ටිකත් ලැබෙනවා. එහෙම එන වවුලන් නිසා කෘමී පාලනයත් සිදුවෙනවා. දවල් කාලයට මී මල්වලට එන මීමැස්සන්ගේ ගුමු ගුමුව (කෙටි තරංගය) ගොයම් මැස්සන්ව විකර්ෂණය කරනවා.

ගොවිතැනට මෙච්චර උදව් වෙන මී ගහ කැපීම රජ කාලෙ තහනම් වුණේ එ් අය මේ වටිනාකම තේරුම් ගෙන සිටි නිසයි. එ්ත් පසුකාලීන ව මේ පාරිසරික සමබරතාවය බිඳ දමන්ට අධිරාජ්‍යවාදීන් කළ එක දෙයක් තමයි පාලම් බෝක්කු ආදිය සෑදීමට කියා මේ මී ගස් කපා දැමීමට නියෝග පැනවීම.”

‘‘මෙහෙම බලනකොට කන්දේගම මහත්තයා බටහිර දැනුම මොන කෙංගෙඩියක් ද? අප සතුව තිබුණ දැනුම මහ නිධානයක් වගෙයි නේ ද කියල මට හිතෙනවා.”

‘‘සුදර්ශන මහත්තයා, ඔය කෙංගෙඩිය කියන්නෙ අසනීප වුණ ගවයන් ව සනීප කරන්න ගමේ වෙද මහත්තයා බොහොම රහසිගතව බෙහෙත් යොදලා ගවයගෙ බෙල්ලෙ එල්ලන ගෙඩියකට. ඕක ඇතුළෙ තියෙන ඖෂධ මොනවද කියලවත්, එ්වයෙ ක්රියාකාරිත්වයවත් එ් වෙද මහත්තයා ඇරෙන්න වෙන කවුරුවත් දන්නෙ නෑ…

ඔය හින්දයි නො දන්නා දෙයක් ගැන කතා කරන කොට ගමේ උදවිය කිව්වෙ ‘උඹ දන්න කෙංගෙඩියක් නෑ. නිකං හිටපං.’ කියලා.

අපේ මේ පෙරදිග තියෙන දැනුම් නිධානයත් එ් වගේ ම යි… මේක බටහිර මිනුම් දඬුවලින් මැනලා කවදාවත් තෝරාබේරා ගන්ඩ බෑ…

එහෙම කරන්ඩ උත්සාහ කරමින්, පරපුරෙන් පරපුරට ආව මේ දැනුම් නිධානයට සමච්චල් කරන, බටහිර හරසුන් විද්‍යාව ම ඉස්මතු කරන්ට හදන අයටත් මට කියන්ට තියෙන්නෙ… ‘නුඹල දන්න කෙංගෙඩියක් නෑ… නිකං හිටහල්ල.’ කියල යි.

[QUOTE="saturn, post: 19846262, member: 529032"] [b]පෙරදිග දැනුුම් නිධානයෙන් බිදක්[/b] [SIZE=5][COLOR=DarkRed][B]පෙරදිග දැනුුම් නිධානය[/B][/COLOR][/SIZE] [I][B][SIZE=4]ප්‍රවීණ පරිසරවේදී තිලක් කන්දේගම මහතා සමගින් සිදු කරනු ලබන සංවාදමය ලිපි පෙළෙහි කොටසක්[/SIZE] [/B][/I] [SIZE=4] ඉස්සර මගේ පුරුද්දක් තිබුණා නොවරදවා ම දිනපතා ප්රවෘත්ති බලන…. එ්කට හේතු වුණේ මම සාමාන්‍යයෙන් අපි හදාරන හරි, නිරත වන හරි විෂය පථයට අමතරව රටතොට එදිනෙදා වෙන සිද්ධීන් ගැන වගේ ම වෙනත් ක්ෂේත්‍ර පිළිබඳ තියෙන දැනුමත් ජීවිතය හරි මඟ ගෙනියන්න උපකාරී වෙනව කියන අදහසයි. එ්ත් පසුකාලීනව අපේ රටේ මාධ්‍ය මොනතරම් පහත් තත්ත්වයකට වැටුන ද කියන්නෙ මම ප්රවෘත්ති බලන එක අතහැරලම දැම්මා. මොකද මේ මාධ්‍ය වැඩි වෙන්න, වැඩි වෙන්න එ්වා අතර එකිනෙකා පරයලා ඉස්මතු වෙන්න ලොකු තරගයක් ඇතිවුණා. එ් තරගය විසින් අතීතයේ මාධ්‍ය තුළ තිබුණ සදාචාරය නැත්තට නැතිවෙලා ගියා. ඊට පස්සෙ මේවා ක්‍රියා කළේ අනිත් මාධ්‍යවලට වැඩිය තමන්ට ලැබෙන ප්‍රවෘත්තිය වැඩිපුර මාකට් කරන්නෙ කොහොම ද කියන දේ මූලික කරගෙන. හැබැයි අවසානයේ විවිධ වචන යොදාගෙන, විවිධ රූපරාමු යොදාගෙන, විවිධ ඇනිමේෂන් යොදාගෙන, මේ අය සමාජගත කරලා තිබුණෙ මොනව ද? රටේ මිනිසුන් තුළ තියෙන දුර්ගුණ, අපරාධ, හොරකම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වගේ දේවල්. මේවා ම උලූප්ප උලූප්ප පෙන්නන්න පෙන්නන්න මොකද වුණේ? මේ රට තුළ එ් දේවල් සාමාන්‍ය දේවල් බවට පත්වුණා… මිනිසුන්ට එ්ව ගාණක් නැතිව ගියා. මේ ඊයෙ පෙරේදා අහම්බෙන් කන වැකුන ප්‍රවෘත්තියකින් මගේ හිත කීරි ගැහිල ගියා.. හතේ පන්තියෙ දරුවෙක් ගිරා පැටියෙක් බෙදාගන්න බැරිව තමන්ගෙ හොඳ ම යාළුවා ව බෙල්ල මිරිකල මරලා ළිඳකට තල්ලූ කරල දාලා. කවුද මේ හුරතල් දරුවන්ගෙ මනස මේ තැනට ගෙනාවෙ…? තවදුරටත් අපරාධ මාකට් කරල තමන්ගේ පැවැත්ම රැකගෙන අනාගත පරපුර වනසා දමනව ද? නැති නම් තමන්ගේ පැවැත්ම කියන එකට දෙවෙනි තැන දීලා මේ රටේ අනාගතය යහපත් වෙන විදියට කටයුතු කරන්න පුළුවන් වන ආකාරයේ ස්වයං වාරණයක් පනව ගන්නව ද? කියලා මේ රටේ මාධ්‍ය යළි සිතා බැලිය යුතු නො වෙයි ද…. අපිට කතා කරනවා නම්, ඉස්මතු කොට පෙන්වනවා නම් මේ රටේ මොන තරම් නම් යහපත් දේ සිදුවෙනව ද? මිනිසත් වගට හිත සුව පිණිස කටයුතු කරන එක මහාමේඝයටත්, ශ්‍රද්ධා රූපවාහිනියටත් විතරක් තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි… එ් වෙනුවෙන් මේ රටේ සියලූ ම මාධ්‍ය වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතු කාලය එළඹිලා කියලයි මට හිතෙන්නෙ. මම විශේෂයෙන් මේ කාරණය ඉස්මතු කළේ හේතුවක් ඇතිවයි. මොකද අපි විශාල වෙර වෑයමක් අරගෙන යහපත් දේ සමාජයට දායාද කරලා කාලයක් තිස්සෙ ගොඩනගන දේ දවසකින් දෙකකින් විනාශ කරන්න පුළුවන් සදාචාරයක් නැති මාධ්‍ය භාවිතාවෙන්… එ්කටත් හේතුවක් තියෙනවා. මොකද මිනිසාගේ සිත ස්වභාවයෙන් ම අකුසලයට, පහත් දේට ඇදිල යන ස්වභාවයෙනුයි පිහිටලා තියෙන්නෙ… අපි පසුගිය කලාපයේ කතා කළේ අධ්‍යාත්මික බලය යොදාගෙන වගාවන් රැුකගන්නෙ කොහොමද කියන එක ගැන… මෙවර අපි කතා කරමු භෞතික බලය මේ වෙනුවෙන් උපකාරී වෙන්නෙ කොහොම ද කියලා. ඔන්න එ් ගැන කන්දෙගම මහත්තය කරුණු පැහැදිලි කළේ මෙහෙමයි. ‘‘සුදර්ශන මහත්තයා අපි මුලින් ම මේ ‘භෞතික’ කියන වචනයේ අර්ථය විග්රහ කරගෙන ඉඳිමු. දැන් බලන්න පුද්ගල + ඉක = පුද්ගලික – (පුද්ගලයාට අයිති) ආයතන + ඉක = ආයතනික – (ආයතනයට අයත්) භූත + ඉක = භෞතික (භූතයන්ට අයත්) මොනවද මේ භූතයන්? එ් තමයි, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතර… මේ හතරෙන් තමයි ලෝකෙ සත්ව පුද්ගල ඇතුළු හැම දෙයක් ම හැදිල තියෙන්නේ… මේකට තව දෙකක් එකතු වෙනවා. එ් තමයි ආකාශ, විඤ්ඤාණ කියන දෙක. මෙයින් පළමු භූත හතර එක්වූ තැන අප්‍රාණික වස්තූන් නිර්මාණය වෙනවා. මේකට විඤ්ඤාණය සම්බන්ධ වෙද්දි එයට ප්‍රණය ලැබෙනවා. මෙන්න මේ ආකාරයට නිර්මාණය වූ භෞතික වස්තුන්ගෙ බලය උපයෝගී කරගෙන වගා ආරක්ෂා කර ගන්න විදිය අද කියල දෙන්නම්.” ‘‘කන්දෙගම මහත්තයා, අපි හිතමු වගාවට කෘමි උවදුරු ඇතිවෙනවා කියලා. දැන් කොහොමද ඕකට ඔය භෞතික බලයෙන් ප්‍රතිකර්ම කරන්නෙ..?” ‘‘මහත්තයෝ බටහිර ක්‍රමය තමයි ලෙඩේ හැදෙන්න ඕනෙ කරන හැමදේම දීල ලෙඩේ හැදුනට පස්සෙ එ්කට ප්‍රතිකර්ම හොයන එක… එ්ත් හෙළයන්ගෙ ක්‍රමය ඊට වඩා හරි දියුණුයි… මේකෙදි කරන්නෙ කෘමීන් ඇති වුණාට පස්සෙ එ්කට බේත් හොයන එක නෙවෙයි. කෘමීන් ඇති නොවන විදියට, නැත්නම් හිටියත් උන්ගෙන් හානි නොවන විදියට කටයුතු කිරීම යි…” ‘‘එ් කියන්නෙ….?” ‘‘එ් කියන්නෙ… මම නිතර නිතර ම කිව්වනෙ අපේ හෙළ කෘෂිකර්මය හරි අහිංසක එකක්. එ්කට සත්තු විනාශ කරල බෑ.. සත්තු රැකගන්න ඕනෙ… කියලා. ඉස්සර හේනක් ගිනිතියන්න පෙරාතුව වරු තුනකට කලින් කරන මේ යාදින්න බලන්න. ‘හූ…. හූ…. හූ…. අවසරයි… ආයිබෝං…. මේ අඩවිය රැකුම් බැලූම් කර වදාරන දේවතා මහමුත්තප්පාගේ ආඥාවෙන් ආනුභාවයෙන් වේලූම්පැලැස්සේ ඉහළ සිට පහළට ගෝටා ගැහී, දරණ ගැහී, ගුලි ගැහී, වක් ගැහී, හිල් ගැහී ඉන්නා පා ඇත්තෝ, පා නැත්තෝ, තටු ඇත්තෝ, තටු නැත්තෝ, කටු ඇත්තෝ, කටු නැත්තෝ, උරගාන්නෝ කුරගාන්නෝ එකී මෙකී කුරා කූඹියාගේ පටන් බූටෑවේ මහ ඇත්තා දක්වා වූ සියලූ ප්‍රාණින් මේ හූවෙන් මේ වේලූම්පැලැස්සෙන් පිටමං වෙන්න, එකං මෙකං වෙන්න, අවසරයි වරමයි ආයිබෝ.. හූ..’ දැන් ඔන්න ගිනි තියන්න නියමිත හේන වටේට මෙහෙම වරු තුනක් කෑ ගගහ ගිහින් තමයි හේන ගිනි තිබ්බෙ. මේකෙදි මේ සත්තුන්ට මේ වචන තේරෙනව ද කියල සමහරුන්ට හිතෙයි… මේ අදහස සිතේ තියාගෙන මේ දේ කරද්දි… එ් අයගෙ ඇෙඟන් පිටවන විද්‍යුත් රශ්මි ධාරාව තමයි සත්තුන්ට දැනෙන්නෙ…. එ්ක ලස්සනට කියවගන්න සත්තුන්ට පුළුවන් බව හෙළ ගොවියො දැනගෙන හිටියා. උදාහරණයක් විදියට කපුටෙකුට ගහන්න ගලක් ගන්න බලන්න. ඔබ පහත් වෙන්න හදනකොට ම කපුටා පියාඹලා යනවා ඔබ දැකලා ඇති. තව එකක් කියන්නම්. ඔන්න නයෙක් ගෙදරට ආවහම කිරි දෙන අම්මා කෙනෙක් මිදුලට බැහැල කියනවා ‘අනේ නයිහාමි, මගේ නොදරුවන්ගෙන් වරදක් වුණා නම් එ්කට තරහ නො ගෙන ඔය කහළ ගොඩවල ඉන්නෙ නැතිව යන්න නයිහාමි’ කියලා…. අනේ නයා යස අගේට පෙනේ අකුලගෙන යන්න යනවා… මේකෙදි මොකද වෙන්නෙ? නයාට සිංහල තේරෙනවා තියා කන් ඇහෙන්නෙත් නැති බව අපි දන්නවා… මේකෙදි වෙන්නෙ අර අම්මා තුළ තියෙන විද්‍යුත් ශක්තිය නයාට දැනිලයි එයා ඉවත් වෙලා යන්නේ… අම්මට කොයින් ද මේ ශක්තිය ලැබෙන්නෙ? සූර්යාගෙන් ලැබෙන ශක්තිය ශාක පත්‍ර මත ගබඩා වී ඇට මගින්, ගෙඩි මගින් සිරුරට ලැබෙනවනේ. දැන් කිරි තියෙන අම්මා කෙනෙකුගේ මේ ශක්තිය වැඩියි. මොකද කිරි නිෂ්පාදනය වෙන්නේ දරුවා ගැන සිහිවෙද්දි ශරීරයේ ක්‍රියාත්මක වන මේ ශක්තිය නිසයි…. නයා ඉදිරියට ගිහිල්ල ‘මගේ නොදරුවන්ගෙන්’ කියද්දි මේ ශක්තිය නො දැනී ම තීව්ර වෙනවා. එය නයාට හොඳින් ම දැනෙනවා… හැබැයි කතා කරන්නෙ තරහ සිතකින් නෙවෙයි, ‘නයි හාමි’ කියලා මෙත් සිතින්… නයාට එ්කත් තේරෙනවා…” ‘‘කන්දෙගම මහත්තයා, මට සිහිවෙනවා බුදුරජාණන් වහන්සේ සර්ප රාජ කුල හතරට ම මෙත් සිත පතුරුවන්ට කියලා ඛන්ධ පිරිත පනවා වදාළේ මොන තරම් නම් අර්ථයක් දැකල ද කියන එක…” ‘‘දැන් මේ බටහිර විද්‍යාව යන්තම් කට ගා ගත්ත අය මේක දැක්කොත් හිනහ වෙයි නයාට සිංහල තේරෙනව ද? උන්ට කන් නැහැ කියලා විද්‍යාවට කියල දීලා තියෙනවා.. මේක විකාර වැඩක් කියලා. හැබැයි.. එ් අයට තේරෙනවට වැඩි යමක් අර නයාට තේරෙනවා කියලයි මම කියන්නේ. මේ හෙළයන්ගෙ විද්‍යාව එ් තරම් දියුණු, සියුම් එකක්. දැන් අපි බලමු මේ භෞතික බලය යොදාගෙන කෘමි උවදුරු මැඩපවත්වා ගන්නෙ කොහොමද කියල. මම මීට කලිනුත් දවසක් කිවුවා මතකයි නව දලූ හේනක් ගැන. එ් කියන්නෙ බෝග වර්ග නවයක් හිටවනවා. මොකද එ් එ් ගස් සමඟ වර්ධනය වෙන හානිකර සතුන් නවදෙනෙක් සිටින නිසා… මේ සතුන් නව දෙනා වර්ධනය වෙනකොට ම එ් අයව ආහාරයට අරගන්න සතුන් විසි හත් දෙනෙක් ස්වභාවිකව ම හේනට එනව. මෙහෙම වුණහම අර හානිකර සතුන් නවදෙනාට වගාවට හානිවෙන තරමට වර්ධනය වෙන්න බැරිවෙලා යනවා. මේ හැම සත්වයෙක් එක්කම, හැම ගහක් කොළක් එක්කම මේ සොබාදහමෙ තියෙනව අපූරු අන්තර් සම්බන්ධතාවයක්. අපේ හෙළ ගොවියා මේක අගේට කියවගන්න දැනගෙන හිටියා. තව උදාහරණයක් කියන්නම්. දැන් බලන්න මී ගහ. මී ගහ කියන්නෙ හෙළ ගොවිතැනට නැතිව ම බැරි ශාකයක්. නොයෙක් කෙම් ක්‍රමවලට, කුඹුරේ පොහොරවලට, කෘමීන් පළවා හැරීමට වවුලන් කුඹුරට ගෙන්වා ගැනීමට මේ ගහ මහෝපකාරී වුණා.. මී ගහ වගා කන්නය ආරම්භ වෙන්න ඉස්සෙල්ල ඉඩෝරයෙදි ගලවල දමන කොළ ප්‍රමාණය අති විශාලයි… ඉතා ඉක්මනින් ම දිරලා ඊ ළඟ කන්නයට පොහොර සපයන්නෙ මේ මී පත්‍රයි… ළපටි ගොයමට අවශ්‍ය පොහොර සඳහා අක්කරයට එක මී ගහක් තිබුණත් හොඳට ම ඇති. එ් විතරක් නෙවෙයි, මී ගෙඩි කන්න එන වවුලන්ගේ වසුරුවලින් ඉතිරි පොහොර ටිකත් ලැබෙනවා. එහෙම එන වවුලන් නිසා කෘමී පාලනයත් සිදුවෙනවා. දවල් කාලයට මී මල්වලට එන මීමැස්සන්ගේ ගුමු ගුමුව (කෙටි තරංගය) ගොයම් මැස්සන්ව විකර්ෂණය කරනවා. ගොවිතැනට මෙච්චර උදව් වෙන මී ගහ කැපීම රජ කාලෙ තහනම් වුණේ එ් අය මේ වටිනාකම තේරුම් ගෙන සිටි නිසයි. එ්ත් පසුකාලීන ව මේ පාරිසරික සමබරතාවය බිඳ දමන්ට අධිරාජ්‍යවාදීන් කළ එක දෙයක් තමයි පාලම් බෝක්කු ආදිය සෑදීමට කියා මේ මී ගස් කපා දැමීමට නියෝග පැනවීම.” ‘‘මෙහෙම බලනකොට කන්දේගම මහත්තයා බටහිර දැනුම මොන කෙංගෙඩියක් ද? අප සතුව තිබුණ දැනුම මහ නිධානයක් වගෙයි නේ ද කියල මට හිතෙනවා.” ‘‘සුදර්ශන මහත්තයා, ඔය කෙංගෙඩිය කියන්නෙ අසනීප වුණ ගවයන් ව සනීප කරන්න ගමේ වෙද මහත්තයා බොහොම රහසිගතව බෙහෙත් යොදලා ගවයගෙ බෙල්ලෙ එල්ලන ගෙඩියකට. ඕක ඇතුළෙ තියෙන ඖෂධ මොනවද කියලවත්, එ්වයෙ ක්රියාකාරිත්වයවත් එ් වෙද මහත්තයා ඇරෙන්න වෙන කවුරුවත් දන්නෙ නෑ… ඔය හින්දයි නො දන්නා දෙයක් ගැන කතා කරන කොට ගමේ උදවිය කිව්වෙ ‘උඹ දන්න කෙංගෙඩියක් නෑ. නිකං හිටපං.’ කියලා. අපේ මේ පෙරදිග තියෙන දැනුම් නිධානයත් එ් වගේ ම යි… මේක බටහිර මිනුම් දඬුවලින් මැනලා කවදාවත් තෝරාබේරා ගන්ඩ බෑ… එහෙම කරන්ඩ උත්සාහ කරමින්, පරපුරෙන් පරපුරට ආව මේ දැනුම් නිධානයට සමච්චල් කරන, බටහිර හරසුන් විද්‍යාව ම ඉස්මතු කරන්ට හදන අයටත් මට කියන්ට තියෙන්නෙ… ‘නුඹල දන්න කෙංගෙඩියක් නෑ… නිකං හිටහල්ල.’ කියල යි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom