පේනවනේ සිංහලයාගෙ ඵකමුතු කම

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,217
    47,046
    113
    ඥාණසාර හිමිට රතන හිමිට පොල්ල තියා ලේකම් හිමි මන්ත‍්‍රීකම අරන් පැන යයි.. කොඩියේ ජාතික ලයිස්තුවට යුද්දයක්..

    මෙවර මැතිවරණයෙන් අපේ ජන බලා පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීමේදී දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.

    එය තවත් තීව්‍ර කරමින් එහි මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ වේදිනිගම විමලතිස්ස හිමියන් අතුරුදන් වී ඇත.

    එනිසාම එම මන්ත්‍රී ධුරයට අදාළ නීතිමය කටයුතු ඉටු කිරීමට නොහැකි වී තත්වයක් මතු වී තිබේ.

    මේ වන විට එම මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අතර යම් තරගකාරිත්වයක් ඇති වී ඇති අතර පක්ෂය විසින් තීරණය කර ඇත්තේ ඥානසාර හිමියන් ඒ සඳහා පත් කිරීමටයි.

    එහි ඇති නීතිමය ගැටලුවක් හේතුවෙන් පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියන් මුලින් පාර්ලිමේන්තුව පත් කර පසුව උන්වහන්සේ ඉල්ලා අස්වී ඥානසාර හිමියන් පත් කිරීමට තීන්දු වී තිබේ.

    Cnews
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    "ලේකම් හිමි මන්ත‍්‍රීකම අරන් පැන යයි "
    මාර heading එකක්නේ
    "මන්ත‍්‍රීකම අරන් පැන යයි" කිවව්වාම "මන්ත‍්‍රීකම " කියන්නේ මල්ලක දාගෙන අරන් යන්න පුලුවන් දෙයක් වගේ නේ
    🤣🤣🤣🤣🤣🤣🤣