Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි ලමයින්ට coding උගන්නලා වැඩක් නෑ - Nvidia CEO
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාක්ෂණය හෝ වෙනත් විද්‍යාවල දියුණුව නිසා නැතිවී ගිය රැකියා අතර, මෙහෙම ඒවත් තිබුණද කියල හිතෙන ආකාරයේ රැකියා තිබිලා තියෙනවා.

කාර්මික විප්ලවය ආරම්භ වන කාලේ, 18වෙනි සියවසේ අග යුරෝපයේ ඉඳලා තියෙනවා උදේ පාන්දරට ජනේල වලට තට්ටු කරන රැකියාවන් කරපු සේවකයෝ. Knocker uppers යනුවෙන් මොවුන්ව හැඳින්වූවා. මේ වන විට ඔරලෝසු එලාම් එක ප්‍රචලිත වෙලා තිබුණෙ නැහැ. උදේ පාන්දර කම්හල්වල සේවයට යන මිනිස්සුන්ව නැගිට්ටවන්න මේ අය ගෙයක් ගෙයක් ගානෙ ජනේල වලට තට්ටු කර කර ගිහින් තියනවා. ඔරලෝසු එලාම් එකෙහි භාවිතාව වැඩි වීම සමග එම රැකියා නැතිවී යනවා.

1800 ගණන්වල මැද භාගයක් වන තුරු රෝගියාගේ ලේ ඉවත් කිරීමෙන් රෝග සුව කළ හැකි බවට වෛද්‍ය මතයක් තිබී තියෙනවා. එනිසා Leech collector යනුවෙන් රැකියාවක් තිබිල තියනවා. මේ අය කරන්නේ ලේ උරාබොන කූඩැල්ලන්ව හොයා ගෙන එනවා. මේ රැකියාව කරන අය ගංගා සහ ඇළ දොළවලින් කූඩැල්ලන් ආකර්ෂණය කර ගැනීමට, සතුන්ගේ කකුල් හෝ ඔවුන්ගේම කකුල් පවා භාවිතා කලාලු. ඇමරිකාවේ පළවෙනි ජනාධිපති ජෝජ් වොෂින්ටන් 1799දී මිය යාමට පෙර තමන්ගේ ශරීරයෙන් මෙලෙස ලේ ඉවත් කර තිබෙනවා.

19 වෙනි සියවසෙහි අග තිබිලා තියෙනවා රැකියා වර්ගයක්, එහි නම Ice cutters. මේ මිනිස්සු ස්වාභාවිකව මිදුණු අයිස් ඇති ඇළ දොළ ගංගා වලට ගිහිල්ලා, කියත් වලින් අයිස් කපනවා. ඊට පස්සේ ඒවා බෙදා හරිනවා ආහාර කල් තබා ගැනීම ආදිය සඳහා. ශීතකරණ පැමිණීම සමග මේ රැකියාව නැතිවී යනවා.

තවද තාක්ෂණය නිසා නැති වී ගිය බව දන්න රැකියා බොහොමයි.

1930 ගණන්වල නිව්යෝර්ක් නගරයේ, Elevator lift ( විදුලි සෝපාන) ක්‍රියා කරන සේවකයන් වැඩි වැටුප් ඉල්ලලා වර්ජනයක් කරනවා. බිල්ඩින් වල ඉහළට යන්න බැරුව වැඩ නැවතිලා අතිවිශාල පාඩුවක් සිදුවෙනවා. ඊට වසර කිහිපයකට පසු දෙවැනි වරටත් එවැනි වර්ජනයක් සිදුවනවා. මින් පස්සේ ඒ වන විට ප්‍රචලිත වෙමින් තිබූ, Button වලින් ක්‍රියා කරන Lift අයිතිකාරයන් විසින් ගෙනල්ලා හයි කරනවා. නමසිය පනස් ගණන් වන විට විදුලි සෝපාන ක්‍රියාකරුවන් සිටින්නේ ඉතාම අල්ප ප්‍රමාණයයි.

දුරකථනය පැමිණි මුල් කාලයේ සිට 20 වෙනි සියවසේ මැදක් වන තුරු, දුර ටෙලිෆෝන් ඇමතුම් ගන්න නම් Long Distance Operater ට කතා කරන්න ඕනා. එවිට Operater විසින් අදාල දුර ඇමතුම සම්බන්ධ කර දෙනවා. මෙම රැකියා, තාක්ෂණයත් සමඟ අභාවයට ගියා.

ඉතාම මෑතක නැති වී ගිය රැකියාවක් තමයි Type writers වලින් ටයිප් කරන, Typist වෘත්තිය. තව මෙවැනි රැකියා ඕන තරම් කල්පනා කරොත් මතකයට එනවා.

තාක්ෂණය නිසා පෙර නොතිබූ රැකියා ඇතිවෙන බවත් පැහැදිලියි. උදාහරණයට කොම්පියුටරය පැමිණීම නිසා කොම්පියුටරය මඟින් කරන Vedio Games ආදිය ඇති වන්නේ අසූව දශකයෙන් පස්සේ. මෙවැනි අලුතින් ඇති වූ රැකියා ගණනත් අති විශාලයි.

නමුත් කියන්නට යන්නේ A.I තාක්ෂණය, Automation ආදියෙන් යම් විශේෂිත රැකියා, අතීතයේ සිදුවුණාක් මෙන්, අනාගතයේ නැත්තටම නැති වී යන බවයි. හැබැයි මෙහෙම වන බව නොදන්න අයත් නැහැ.

මේ ඊයේ පෙරේදා Nvidia CEO Jenson Huang කල කතාවක් අන්තර්ජාලයෙහි සැරි සරනවා. මෙයා කියනවා, මීට අවුරුදු දහයකට පහළොවකට කලින් අපි ළමයින්ට කියනවා Computer coding ඉගෙන ගන්න කියලා. හැබැයි දැන් අපි එහෙම කියන්නේ නෑ. අපි කියන්නේ වෙන වෙන ක්ෂේත්‍ර ඉගෙන ගන්න කියා. Coding නම් A.I. එකෙන් අපි කරලා දෙන්නම් කියා.

දැන් මේ ප්‍රකාශය දිහා දෙවිදියකට බලන්න පුළුවන්. පළවෙනිම එක Nvidia සමාගම A.I chip හදන නිසා, ඒව විකුණා ගන්න, තමන්ගේ කොම්පැනිය තවත් විශාල කර ගන්ඩ ඒ වගේ කතා කියනවා වෙන්න පුළුවන්. දෙවැනි එක නම්, ඇත්තටම එහෙම දෙයක් විය නොහැකිද කියන එකයි.

ධනවාදය තුළ තාක්ෂණයේ බලපෑම මාක්ස් කැපිටල් එක ලියපු කාලෙ ඉඳන්ම කතා වෙන දෙයක් නේ. මුලින්ම වෙන්නේ කාර්යක්ෂමතාව වැඩිවීම. කාර්යක්ෂමතාව වැඩිවීම නිසා, සමාන භාණ්ඩ ප්‍රමාණයක් නිපදවීමට අවශ්‍ය මිනිසුන් ප්‍රමාණය අඩුවීම. එනිසා ඔහුගේ ලේබර් තියරි වැලිව් එකට අනුව භාණ්ඩයේ මිල අඩුවීම.

උදාහරණයට, කිසිම රොබෝටික් මැෂිනරි පාවිච්චියක් නොකරන ලද නම්, අප අද ධාවනය කරන කරන කාර් එකක් මිලදී ගන්න ඩොලර් කෝටි ගානක් වියදම් කරන්න වෙයි. විශාල කාලයක් තුළ තාක්ෂණයේ බලපෑම නිසා භාණ්ඩයක, උද්ධමනයට යටත්ව පවා මිල අඩු වෙන්නේ මෙවැනි ආකාරයට. මිල අඩු වූ භාණ්ඩයක ලේබර් කොම්පෝනන්ට් එකත් අඩුයි කියලා පැහැදිලියි.

තාක්ෂණය නිසා රැකියා නැති වීම ගැන කියන්න තියෙන්නෙ ඔවැනි දෙයක් තමයි. සමහර රැකියා නැතිවීම යන්නට හැකියාවක් තියනවා. සමහර රැකියා වල තාක්ෂණය නිසා ඇතිවන කාර්යක්ෂමතාව වැඩි වීම සමග, අතිරික්ත සේවක ප්‍රමාණයක් ඇතිවී, එම සේවකයන්ට ඇති ඉල්ලුම අඩුවී යනවා. Skills වැඩි අයත් අඩු අයත් අතර වැටුප් පරතරය අඩුවෙනවා.

සමහර රැකියා වලින් මිනිසුන් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා නොවෙයි. Coding වැනි රැකියාවකින් මිනිසුන් සම්පූර්ණයෙන් ඉවත්වනවා යන්න දැනට විශ්වාස කිරීමට අපහසුයි. නමුත් A.I තාක්ෂණය නිසා කාර්යක්ෂමතාවය වැඩි වී, උදාහරණයකට, මාසයක් ගිය ප්‍රොජෙක්ට් එකක් සති දෙකෙන් කරන්නට පුළුවන් වෙයි. එවිට අඩු වන්නේ කුමක්ද? එය නම් මිනිස් පැය ගණනයි. අවශ්‍ය මිනිස් පැය ගණන අඩුවීම යනු අනාගතයේ එම ක්ෂේත්රයේ රැකියා ප්‍රමාණය අඩු වීමයි. මේ අතර වෙනත් අලුත් රැකියා ඇති වීමද, සිදුවෙයි. නමුත් තම පරණ විශේෂඥභාවය නිසා ලැබූ වරප්‍රසාද අහිමිව, මුල සිටන් නැවත නවතම රැකියා ක්ෂේත්රයකට යෑම හා එසේ ගොස් මූල සිට නැවත පටන් ගන්නට සිදුවීම බහුතර දෙනෙකුට අපහසු වන්නට පුළුවන්. ජීවත් වන්නේ රැකියාවක් කිරීමට කියා සිතනා අය ඇර, මෙයට කැමති අය සිටිනවා වෙන්නට බැහැ.

[QUOTE="gnilukshi, post: 29622991, member: 132616"] තාක්ෂණය හෝ වෙනත් විද්‍යාවල දියුණුව නිසා නැතිවී ගිය රැකියා අතර, මෙහෙම ඒවත් තිබුණද කියල හිතෙන ආකාරයේ රැකියා තිබිලා තියෙනවා. කාර්මික විප්ලවය ආරම්භ වන කාලේ, 18වෙනි සියවසේ අග යුරෝපයේ ඉඳලා තියෙනවා උදේ පාන්දරට ජනේල වලට තට්ටු කරන රැකියාවන් කරපු සේවකයෝ. Knocker uppers යනුවෙන් මොවුන්ව හැඳින්වූවා. මේ වන විට ඔරලෝසු එලාම් එක ප්‍රචලිත වෙලා තිබුණෙ නැහැ. උදේ පාන්දර කම්හල්වල සේවයට යන මිනිස්සුන්ව නැගිට්ටවන්න මේ අය ගෙයක් ගෙයක් ගානෙ ජනේල වලට තට්ටු කර කර ගිහින් තියනවා. ඔරලෝසු එලාම් එකෙහි භාවිතාව වැඩි වීම සමග එම රැකියා නැතිවී යනවා. 1800 ගණන්වල මැද භාගයක් වන තුරු රෝගියාගේ ලේ ඉවත් කිරීමෙන් රෝග සුව කළ හැකි බවට වෛද්‍ය මතයක් තිබී තියෙනවා. එනිසා Leech collector යනුවෙන් රැකියාවක් තිබිල තියනවා. මේ අය කරන්නේ ලේ උරාබොන කූඩැල්ලන්ව හොයා ගෙන එනවා. මේ රැකියාව කරන අය ගංගා සහ ඇළ දොළවලින් කූඩැල්ලන් ආකර්ෂණය කර ගැනීමට, සතුන්ගේ කකුල් හෝ ඔවුන්ගේම කකුල් පවා භාවිතා කලාලු. ඇමරිකාවේ පළවෙනි ජනාධිපති ජෝජ් වොෂින්ටන් 1799දී මිය යාමට පෙර තමන්ගේ ශරීරයෙන් මෙලෙස ලේ ඉවත් කර තිබෙනවා. 19 වෙනි සියවසෙහි අග තිබිලා තියෙනවා රැකියා වර්ගයක්, එහි නම Ice cutters. මේ මිනිස්සු ස්වාභාවිකව මිදුණු අයිස් ඇති ඇළ දොළ ගංගා වලට ගිහිල්ලා, කියත් වලින් අයිස් කපනවා. ඊට පස්සේ ඒවා බෙදා හරිනවා ආහාර කල් තබා ගැනීම ආදිය සඳහා. ශීතකරණ පැමිණීම සමග මේ රැකියාව නැතිවී යනවා. තවද තාක්ෂණය නිසා නැති වී ගිය බව දන්න රැකියා බොහොමයි. 1930 ගණන්වල නිව්යෝර්ක් නගරයේ, Elevator lift ( විදුලි සෝපාන) ක්‍රියා කරන සේවකයන් වැඩි වැටුප් ඉල්ලලා වර්ජනයක් කරනවා. බිල්ඩින් වල ඉහළට යන්න බැරුව වැඩ නැවතිලා අතිවිශාල පාඩුවක් සිදුවෙනවා. ඊට වසර කිහිපයකට පසු දෙවැනි වරටත් එවැනි වර්ජනයක් සිදුවනවා. මින් පස්සේ ඒ වන විට ප්‍රචලිත වෙමින් තිබූ, Button වලින් ක්‍රියා කරන Lift අයිතිකාරයන් විසින් ගෙනල්ලා හයි කරනවා. නමසිය පනස් ගණන් වන විට විදුලි සෝපාන ක්‍රියාකරුවන් සිටින්නේ ඉතාම අල්ප ප්‍රමාණයයි. දුරකථනය පැමිණි මුල් කාලයේ සිට 20 වෙනි සියවසේ මැදක් වන තුරු, දුර ටෙලිෆෝන් ඇමතුම් ගන්න නම් Long Distance Operater ට කතා කරන්න ඕනා. එවිට Operater විසින් අදාල දුර ඇමතුම සම්බන්ධ කර දෙනවා. මෙම රැකියා, තාක්ෂණයත් සමඟ අභාවයට ගියා. ඉතාම මෑතක නැති වී ගිය රැකියාවක් තමයි Type writers වලින් ටයිප් කරන, Typist වෘත්තිය. තව මෙවැනි රැකියා ඕන තරම් කල්පනා කරොත් මතකයට එනවා. -- තාක්ෂණය නිසා පෙර නොතිබූ රැකියා ඇතිවෙන බවත් පැහැදිලියි. උදාහරණයට කොම්පියුටරය පැමිණීම නිසා කොම්පියුටරය මඟින් කරන Vedio Games ආදිය ඇති වන්නේ අසූව දශකයෙන් පස්සේ. මෙවැනි අලුතින් ඇති වූ රැකියා ගණනත් අති විශාලයි. නමුත් කියන්නට යන්නේ A.I තාක්ෂණය, Automation ආදියෙන් යම් විශේෂිත රැකියා, අතීතයේ සිදුවුණාක් මෙන්, අනාගතයේ නැත්තටම නැති වී යන බවයි. හැබැයි මෙහෙම වන බව නොදන්න අයත් නැහැ. මේ ඊයේ පෙරේදා Nvidia CEO Jenson Huang කල කතාවක් අන්තර්ජාලයෙහි සැරි සරනවා. මෙයා කියනවා, මීට අවුරුදු දහයකට පහළොවකට කලින් අපි ළමයින්ට කියනවා Computer coding ඉගෙන ගන්න කියලා. හැබැයි දැන් අපි එහෙම කියන්නේ නෑ. අපි කියන්නේ වෙන වෙන ක්ෂේත්‍ර ඉගෙන ගන්න කියා. Coding නම් A.I. එකෙන් අපි කරලා දෙන්නම් කියා. දැන් මේ ප්‍රකාශය දිහා දෙවිදියකට බලන්න පුළුවන්. පළවෙනිම එක Nvidia සමාගම A.I chip හදන නිසා, ඒව විකුණා ගන්න, තමන්ගේ කොම්පැනිය තවත් විශාල කර ගන්ඩ ඒ වගේ කතා කියනවා වෙන්න පුළුවන්. දෙවැනි එක නම්, ඇත්තටම එහෙම දෙයක් විය නොහැකිද කියන එකයි. ධනවාදය තුළ තාක්ෂණයේ බලපෑම මාක්ස් කැපිටල් එක ලියපු කාලෙ ඉඳන්ම කතා වෙන දෙයක් නේ. මුලින්ම වෙන්නේ කාර්යක්ෂමතාව වැඩිවීම. කාර්යක්ෂමතාව වැඩිවීම නිසා, සමාන භාණ්ඩ ප්‍රමාණයක් නිපදවීමට අවශ්‍ය මිනිසුන් ප්‍රමාණය අඩුවීම. එනිසා ඔහුගේ ලේබර් තියරි වැලිව් එකට අනුව භාණ්ඩයේ මිල අඩුවීම. උදාහරණයට, කිසිම රොබෝටික් මැෂිනරි පාවිච්චියක් නොකරන ලද නම්, අප අද ධාවනය කරන කරන කාර් එකක් මිලදී ගන්න ඩොලර් කෝටි ගානක් වියදම් කරන්න වෙයි. විශාල කාලයක් තුළ තාක්ෂණයේ බලපෑම නිසා භාණ්ඩයක, උද්ධමනයට යටත්ව පවා මිල අඩු වෙන්නේ මෙවැනි ආකාරයට. මිල අඩු වූ භාණ්ඩයක ලේබර් කොම්පෝනන්ට් එකත් අඩුයි කියලා පැහැදිලියි. තාක්ෂණය නිසා රැකියා නැති වීම ගැන කියන්න තියෙන්නෙ ඔවැනි දෙයක් තමයි. සමහර රැකියා නැතිවීම යන්නට හැකියාවක් තියනවා. සමහර රැකියා වල තාක්ෂණය නිසා ඇතිවන කාර්යක්ෂමතාව වැඩි වීම සමග, අතිරික්ත සේවක ප්‍රමාණයක් ඇතිවී, එම සේවකයන්ට ඇති ඉල්ලුම අඩුවී යනවා. Skills වැඩි අයත් අඩු අයත් අතර වැටුප් පරතරය අඩුවෙනවා. සමහර රැකියා වලින් මිනිසුන් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා නොවෙයි. Coding වැනි රැකියාවකින් මිනිසුන් සම්පූර්ණයෙන් ඉවත්වනවා යන්න දැනට විශ්වාස කිරීමට අපහසුයි. නමුත් A.I තාක්ෂණය නිසා කාර්යක්ෂමතාවය වැඩි වී, උදාහරණයකට, මාසයක් ගිය ප්‍රොජෙක්ට් එකක් සති දෙකෙන් කරන්නට පුළුවන් වෙයි. එවිට අඩු වන්නේ කුමක්ද? එය නම් මිනිස් පැය ගණනයි. අවශ්‍ය මිනිස් පැය ගණන අඩුවීම යනු අනාගතයේ එම ක්ෂේත්රයේ රැකියා ප්‍රමාණය අඩු වීමයි. මේ අතර වෙනත් අලුත් රැකියා ඇති වීමද, සිදුවෙයි. නමුත් තම පරණ විශේෂඥභාවය නිසා ලැබූ වරප්‍රසාද අහිමිව, මුල සිටන් නැවත නවතම රැකියා ක්ෂේත්රයකට යෑම හා එසේ ගොස් මූල සිට නැවත පටන් ගන්නට සිදුවීම බහුතර දෙනෙකුට අපහසු වන්නට පුළුවන්. ජීවත් වන්නේ රැකියාවක් කිරීමට කියා සිතනා අය ඇර, මෙයට කැමති අය සිටිනවා වෙන්නට බැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom