Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
පොපම් වනාන්තරය | Popham's Arboretum
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මාසයේ යන අනෙක් සංචාරය විදිහට මම ගොඩක් දෙනා දන්නේවත් නැති, තවත් ලස්සන වනාන්තරයක් බලන්න ගියා.ඉතින් උදේ 5 ට ගෙදරින් ඇවිත්, බස් එකක ඇවිත් උදේ 5.30 ට කිරිබත්ගොඩට ආවා. දඹුල්ල පැත්තට යන ඕනම බස් එකක් එනකන් හිටියා. 5.40 ට ආව කදුරුවෙල යන බස් එකට නැග්ගා. දඹුල්ලට රු.600 ක ටිකට් ගත්තා. උදේ 7.40 ට කුරුනෑගල පහු කරලා, උදේ 8.55 ට දඹුල්ල හන්දියටම යන්න කලින් මම බස් එකෙන් බැහැලා ගූගල් මැප් බලන් දඹුල්ල බස් ටැන්ඩ් එකට ගියා. බස්ටෑන්ඩ් එකේ කඩේකින් උදේට කාලා තේ බිව්වා.ඊට පස්සේ කන්ඩලම පාරේ යන බස් එකක් හෙව්වා. බස්ටැන්ඩ් එකේ නවතා තිබ්බ, අංක 968- වෑවල බස් එකට නැගලා වාඩි උනා.රු.70 ක ටිකට් ගත්තා. උදේ 10 ට බස් එක පිටත් වුනා. 10.15 ට පොපම් එක ලගින්ම බස්ස ගත්තා ඩ්‍රයිවර්ට කියලා.මේ පැත්තෙ ගොඩක් දෙනාත්, බස් වල වැඩ කරන අයත් පොපම් කිව්වට දන්නේ නැති බව මට තේරුනා. සුද්දා හදපු තැන කිව්වම එයාලා දන්නෙ. ඉතින් පොපම් ඉස්සරහින් බැහැලා, පාර පැනලා ඇතුල් උනා. ඇතුල් වෙන තැනම හිටිය මහතා,මා සමග ඇවිත්, එහි ඔෆිස් එකට මාව යොමු කලා. මගදි පොපම් මහතා මුලින් විසූ නිවසත් දැක්කා. ඔහු පසුව විසූ නව නිවසේ ඔෆිස් එක තිබ්බෙ.ඔෆිස් එකේ හිටිය මහතා අතට අත දී මාව පිලිගෙන, ලොකු ටීව් එකක් ලග වාඩි කරවා මේ ස්ථානය ගැන සම්පූර්න විස්තරයක් ඇති වීඩියෝව බලන්න කිව්වා.ඊට පස්සෙ රු.250 ක ටිකට් පතක් දුන්නා. ඔහු මා එක්ක ඇවිත් වවුලන් වෙසෙන ලොකු කුලුනක් බලන්නත්, තව තැනක් බලන්නත් ගියා. ඊට පස්සෙ කැලෑව ඇතුලේ ඇවිදින්න යන්න කිව්වා. එහි. Yellow, Green, Pink, Blue ලෙස මාර්ග තියනවා. Green Lane එක 900 m, පැය බාගයකින් විතර ගිහින් එන්න පුලුවන්. Yellow Lane එක 2.3 km. පැය 1 යි විනාඩි 15 ක් විතර යනවා. මම Yellow line එකෙන් යන්න පටන් අරන් මගදි Green line එකට මාරු වෙලා පැයක් විතර ඇවිද්දා. කැලැ, ගස්, පාලම්, ජල ධාරා මගදි හමූ වුනා. කුරුල්ලන්, ලේනුන්, වදුරන් ආදී සතුන් දැක්කා. තැන් 2, 3 ක වාඩි වෙලා ඉන්න ස්තානත් තිබ්බා. මැද කොටසක ගිනි මැලයක් ගහගෙන රාත්‍රී කදවුරු කිරීමටත් පහසු කම් තියනවා දැක්කා. එතන වොශ් රූම්, සින්ක් පවා තිබ්බා. මේ පාට පාට ලේන් ඊතල මගින් අංක යොදා යන පාර සලකුනු කර තිබීම හරිම වැදගත්. පහල ලින්ක් එකේ තියන වීඩියෝව බලන්න.. මෙහි රු.3500 ක් ගෙවා ගයිඩ් කෙනෙක් ලබාගෙන රාත්‍රී සංචාර කරන්නත් පුලුවන්. රාත්‍රී උණහපුළුවන් සහ කබල්ලෑවන් නැරඹීමට අවස්ථාව තියනවා. රාත්‍රී සංචාර කරන්න විදේශියන් එහෙම එනවා කිව්වා. මෙසේ පැයකට වැඩි කාලයක් ඇවිදලා මම එලියට යන්න ආවා. ඔෆිස් එකේ සිටි මහතා නැවත හමුවුනා.ඔහුගේ නම මතක නෑ. ඔහු සමග මම ටික වේලාවක් කථා කලා. ඔහුගේ සුහදශීලී බව විශේෂයෙන් මතක් කරන්න ඕනා. මම සංචාරය කල වෙනත් මෙවැනි ස්ථානවල එවැනි අය හිටියේ නෑ. සංචාරය නිම කරලා ආපහු දඹුල්ලට යන්න මම එලියට ආවා. ඇතුල් වෙන තැන හිටිය මහතා මා එක්ක බස් එකක් එනකන් පාරේ කථා කර කර හිටියා. ඔහු මට බස් එකත් නවතා දුන්නා. ඔහුටත් මගේ විශේෂ ස්තූතිය. බස් එකට නැගලා රු.70 ටිකට් ගත්තා. දඹුල්ල බස්ටෑන්ඩ් එකට ආවා. කඩේකින් දවල්ට කෑවා. බස්ටැන්ඩ් ලග ඉදලා පයින් ගිහින් ඔරලෝසු කනුව ලගට ගිගින් කුරුනැගල පාරට ගියා. එවෙලෙ ත්‍රිකුනාමලේ සිට ආව සීටීබී බස් එකේ නැගලා වාඩි උනා. රු.600 ටිකට් ගත්තා. මගදි තේ බොන්නත් බස් එක නවත්වලා හවස 5.30 විතර වෙද්දි මම කිරිබත්ගොඩට ආවා. මම බස් එකෙන් බැස්සා.තවත් බස් එකක ඇවිත් හවස 6 විතර වෙද්දි ගෙදර ආවා. වෙනදා වගේම මේ සටහන බස් එකේදිම මගදි ලිව්වා.

* පොපම් වනාන්තරය ගැන අනෙක් විස්තරය පහල දාලා තියනවා. ඒකත් බලන්න.

* මම මෙහිදී කල විනාඩි 15 ක පමන වීඩියෝවත් අනිවාර්යෙන්ම බලන්න. ඔයත් යාලුවන් එක්ක, පවුලේ අයත් එක්ක, ආරක්ෂාකාරී වනාන්තරය සංචාරය කරලා බලන්න..

* විශේෂයෙන් කියන්න ඕනා පෙම්සුව විදීම විතරක් අරමුනු කරගෙන එන පෙම්වතුන්ට/පෙම්වතියන්ට නම් අනෙක් තැන් වගේ මෙතනට ඇතුල් කර ගන්නේ නම් නෑ. ආපසු හරවා යවනවා.

* දඹුල්ලේ සිට කණ්ඩලම පාරේ කිලෝමීටර් 2.5ක් පමණ දුරින් තමයි මේ වනාන්තරය තියෙන්නෙ.

* මේ ගමනේ විනාඩි 15 ක වීඩියෝව බලන්න. :

[MEDIA=youtube]SHMir9MM01M[/MEDIA]

දෙවන ලෝක යුද්ධයෙන් පසු ලංකාවේ පදිංචි වූ ඉංග්‍රීසි ජාතික එෆ්.එච්.පොපම් (F. H. (sam) Popham ) මහතා 1963 දී අක්කර 7.5 ක අතහැර දැමූ වල් පඳුරු සහිත කැලෑ ඉඩමක් ආශ්‍රිතව මෙම වන උද්‍යානය ආරම්භ කරලා තියෙන්නෙ.ඔහු එහි තිබූ දේශීය ගස් පැළ වටේ තිබුණු අනවශ්‍ය පඳුරු ඉවත් කරලා, ඒ ගස් ස්වභාවිකව වැඩෙන්න ඉඩ දුන්නාලු. ඒ නිසා කලින් තිබුණු පඳුරු සහිත කැලෑ ප්‍රදේශය ඝන වියළි කලාපීය වනාන්තරයක් බවට පත්වුණාලු. පසු කාලෙක ඔහු 1989 දී මෙම ඉඩම පර්යේෂණ සහ අධ්‍යාපන කටයුතු සඳහා NIFS (එවකට IFS) ආයතනයට පරිත්‍යාග කර තිබෙනවා. NIFS ආයතනය ඉඩම භාරගත් පසු, ඒකට යාබදව තිබුණු තවත් අක්කර 27 ක ඉඩමක් ලබාගෙන Arboretum එක තවත් විශාල කළා. දැන් මෙය අක්කර 36 ක් විශාලයි. නැවත නවීකරණය කර පරිසර හිතකාමී සංචාරක උද්‍යානයක් ලෙස මෙය නැවත විවෘත කරලා තියෙන්නේ 2023 ජූලි මස 20 වන දින එකල පරිසර අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ මහතා අතින්. දැනට රජය මගින් පාලනය වන්නේ. මෙහි වළි කුකුළා, අළු කෑදත්තා, අළු දෙමලිච්චා, වත නිල් මල් කොහා, බිඟුහරයන්, සුදු රෙදි හොරා, උණහපුළුවා සහ කබල්ලෑවා වැනි සතුන් බලා ගන්න පුලුවන්. ක්ෂීරපායින් විශේෂ 25 ක්, සංක්‍රමණික පක්ෂීන් 83 ක්, සමනළයින් විශේෂ 75 ක් සහ බත්කූරන් වර්ග 12 ක් ඉන්න බව සදහන් වෙනවා. දිවා කාලයේ සංචාරකයින්ට පක්ෂීන්, සමනළයින්, ගස් වර්ග හා බිම්මල් නැරඹීමට සහ වනාන්තර ස්නානය සඳහා වර්ණ හා ඊතල මගින් සලකුණු කළ ස්වාභාවික මංපෙත් 4 ක් (හරිත, නිල්, රෝස, කහ) තියනවා. රාත්‍රී සෆාරිය රාත්‍රී 7.00 සිට 10.00 දක්වා මාර්ගෝපදේශකයින් සමඟ සංචාරය කරමින් විශේෂයෙන්ම උණහපුළුවන් සහ කබල්ලෑවන් නැරඹීමට අවස්ථාව තියනවා. මෙහි ඇති පොපම් මහතාගේ නව නිවස හා තවත් ඉදිකිරීම සදහ ජෙෆ්රි බාවා මහතාගේ දායකත්වයත් ලබා ගෙන තිබුනලු. මෙම ස්ථානය Assisted Natural Regeneration (ANR) ක්‍රමය අධ්‍යයනය කිරීමට වැදගත් පර්යේෂණ ස්ථානයක්. ඒ නිසා වනාන්තර පරිසර විද්‍යාඥයන් සහ උද්භිද විද්‍යාඥයන් බොහෝ දෙනෙක් මෙය පර්යේෂණ සඳහා භාවිත කරනවා.

* කිරිබත්ගොඩ - දඹුල්ල (බස්) : රු.600/- | පැය 03 විනාඩි 30

* දඹුල්ල - පොපම් වනාන්තරය (බස්) : රු.70 /- | විනාඩි 15

* පොපම් වනාන්තරයේ වැඩිහිටියන්ට් ටිකට් මිල : රු.250/- ; ළමා : රු.50/-

* රාත්‍රී සංචාරය ගයිඩ් කෙනෙක් සමග ; රු.3500/-

* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...

පසුගිය සියලුම සංචාරයන් Index >>>

(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.

NIFS Sam Popham's Arboretum - Kandalama, Dambulla

[QUOTE="PASAN147, post: 31563227, member: 7606"] [SIZE=5]මේ මාසයේ යන අනෙක් සංචාරය විදිහට මම ගොඩක් දෙනා දන්නේවත් නැති, තවත් ලස්සන වනාන්තරයක් බලන්න ගියා.ඉතින් උදේ 5 ට ගෙදරින් ඇවිත්, බස් එකක ඇවිත් උදේ 5.30 ට කිරිබත්ගොඩට ආවා. දඹුල්ල පැත්තට යන ඕනම බස් එකක් එනකන් හිටියා. 5.40 ට ආව කදුරුවෙල යන බස් එකට නැග්ගා. දඹුල්ලට රු.600 ක ටිකට් ගත්තා. උදේ 7.40 ට කුරුනෑගල පහු කරලා, උදේ 8.55 ට දඹුල්ල හන්දියටම යන්න කලින් මම බස් එකෙන් බැහැලා ගූගල් මැප් බලන් දඹුල්ල බස් ටැන්ඩ් එකට ගියා. බස්ටෑන්ඩ් එකේ කඩේකින් උදේට කාලා තේ බිව්වා.ඊට පස්සේ කන්ඩලම පාරේ යන බස් එකක් හෙව්වා. බස්ටැන්ඩ් එකේ නවතා තිබ්බ, අංක 968- වෑවල බස් එකට නැගලා වාඩි උනා.රු.70 ක ටිකට් ගත්තා. උදේ 10 ට බස් එක පිටත් වුනා. 10.15 ට පොපම් එක ලගින්ම බස්ස ගත්තා ඩ්‍රයිවර්ට කියලා.මේ පැත්තෙ ගොඩක් දෙනාත්, බස් වල වැඩ කරන අයත් පොපම් කිව්වට දන්නේ නැති බව මට තේරුනා. සුද්දා හදපු තැන කිව්වම එයාලා දන්නෙ. ඉතින් පොපම් ඉස්සරහින් බැහැලා, පාර පැනලා ඇතුල් උනා. ඇතුල් වෙන තැනම හිටිය මහතා,මා සමග ඇවිත්, එහි ඔෆිස් එකට මාව යොමු කලා. මගදි පොපම් මහතා මුලින් විසූ නිවසත් දැක්කා. ඔහු පසුව විසූ නව නිවසේ ඔෆිස් එක තිබ්බෙ.ඔෆිස් එකේ හිටිය මහතා අතට අත දී මාව පිලිගෙන, ලොකු ටීව් එකක් ලග වාඩි කරවා මේ ස්ථානය ගැන සම්පූර්න විස්තරයක් ඇති වීඩියෝව බලන්න කිව්වා.ඊට පස්සෙ රු.250 ක ටිකට් පතක් දුන්නා. ඔහු මා එක්ක ඇවිත් වවුලන් වෙසෙන ලොකු කුලුනක් බලන්නත්, තව තැනක් බලන්නත් ගියා. ඊට පස්සෙ කැලෑව ඇතුලේ ඇවිදින්න යන්න කිව්වා. එහි. Yellow, Green, Pink, Blue ලෙස මාර්ග තියනවා. Green Lane එක 900 m, පැය බාගයකින් විතර ගිහින් එන්න පුලුවන්. Yellow Lane එක 2.3 km. පැය 1 යි විනාඩි 15 ක් විතර යනවා. මම Yellow line එකෙන් යන්න පටන් අරන් මගදි Green line එකට මාරු වෙලා පැයක් විතර ඇවිද්දා. කැලැ, ගස්, පාලම්, ජල ධාරා මගදි හමූ වුනා. කුරුල්ලන්, ලේනුන්, වදුරන් ආදී සතුන් දැක්කා. තැන් 2, 3 ක වාඩි වෙලා ඉන්න ස්තානත් තිබ්බා. මැද කොටසක ගිනි මැලයක් ගහගෙන රාත්‍රී කදවුරු කිරීමටත් පහසු කම් තියනවා දැක්කා. එතන වොශ් රූම්, සින්ක් පවා තිබ්බා. මේ පාට පාට ලේන් ඊතල මගින් අංක යොදා යන පාර සලකුනු කර තිබීම හරිම වැදගත්. පහල ලින්ක් එකේ තියන වීඩියෝව බලන්න.. මෙහි රු.3500 ක් ගෙවා ගයිඩ් කෙනෙක් ලබාගෙන රාත්‍රී සංචාර කරන්නත් පුලුවන්. රාත්‍රී උණහපුළුවන් සහ කබල්ලෑවන් නැරඹීමට අවස්ථාව තියනවා. රාත්‍රී සංචාර කරන්න විදේශියන් එහෙම එනවා කිව්වා. මෙසේ පැයකට වැඩි කාලයක් ඇවිදලා මම එලියට යන්න ආවා. ඔෆිස් එකේ සිටි මහතා නැවත හමුවුනා.ඔහුගේ නම මතක නෑ. ඔහු සමග මම ටික වේලාවක් කථා කලා. ඔහුගේ සුහදශීලී බව විශේෂයෙන් මතක් කරන්න ඕනා. මම සංචාරය කල වෙනත් මෙවැනි ස්ථානවල එවැනි අය හිටියේ නෑ. සංචාරය නිම කරලා ආපහු දඹුල්ලට යන්න මම එලියට ආවා. ඇතුල් වෙන තැන හිටිය මහතා මා එක්ක බස් එකක් එනකන් පාරේ කථා කර කර හිටියා. ඔහු මට බස් එකත් නවතා දුන්නා. ඔහුටත් මගේ විශේෂ ස්තූතිය. බස් එකට නැගලා රු.70 ටිකට් ගත්තා. දඹුල්ල බස්ටෑන්ඩ් එකට ආවා. කඩේකින් දවල්ට කෑවා. බස්ටැන්ඩ් ලග ඉදලා පයින් ගිහින් ඔරලෝසු කනුව ලගට ගිගින් කුරුනැගල පාරට ගියා. එවෙලෙ ත්‍රිකුනාමලේ සිට ආව සීටීබී බස් එකේ නැගලා වාඩි උනා. රු.600 ටිකට් ගත්තා. මගදි තේ බොන්නත් බස් එක නවත්වලා හවස 5.30 විතර වෙද්දි මම කිරිබත්ගොඩට ආවා. මම බස් එකෙන් බැස්සා.තවත් බස් එකක ඇවිත් හවස 6 විතර වෙද්දි ගෙදර ආවා. වෙනදා වගේම මේ සටහන බස් එකේදිම මගදි ලිව්වා. * පොපම් වනාන්තරය ගැන අනෙක් විස්තරය පහල දාලා තියනවා. ඒකත් බලන්න. * මම මෙහිදී කල විනාඩි 15 ක පමන වීඩියෝවත් අනිවාර්යෙන්ම බලන්න. ඔයත් යාලුවන් එක්ක, පවුලේ අයත් එක්ක, ආරක්ෂාකාරී වනාන්තරය සංචාරය කරලා බලන්න.. * විශේෂයෙන් කියන්න ඕනා පෙම්සුව විදීම විතරක් අරමුනු කරගෙන එන පෙම්වතුන්ට/පෙම්වතියන්ට නම් අනෙක් තැන් වගේ මෙතනට ඇතුල් කර ගන්නේ නම් නෑ. ආපසු හරවා යවනවා. * දඹුල්ලේ සිට කණ්ඩලම පාරේ කිලෝමීටර් 2.5ක් පමණ දුරින් තමයි මේ වනාන්තරය තියෙන්නෙ. . * මේ ගමනේ විනාඩි 15 ක වීඩියෝව බලන්න. : [MEDIA=youtube]SHMir9MM01M[/MEDIA] . .------ දෙවන ලෝක යුද්ධයෙන් පසු ලංකාවේ පදිංචි වූ ඉංග්‍රීසි ජාතික එෆ්.එච්.පොපම් (F. H. (sam) Popham ) මහතා 1963 දී අක්කර 7.5 ක අතහැර දැමූ වල් පඳුරු සහිත කැලෑ ඉඩමක් ආශ්‍රිතව මෙම වන උද්‍යානය ආරම්භ කරලා තියෙන්නෙ.ඔහු එහි තිබූ දේශීය ගස් පැළ වටේ තිබුණු අනවශ්‍ය පඳුරු ඉවත් කරලා, ඒ ගස් ස්වභාවිකව වැඩෙන්න ඉඩ දුන්නාලු. ඒ නිසා කලින් තිබුණු පඳුරු සහිත කැලෑ ප්‍රදේශය ඝන වියළි කලාපීය වනාන්තරයක් බවට පත්වුණාලු. පසු කාලෙක ඔහු 1989 දී මෙම ඉඩම පර්යේෂණ සහ අධ්‍යාපන කටයුතු සඳහා NIFS (එවකට IFS) ආයතනයට පරිත්‍යාග කර තිබෙනවා. NIFS ආයතනය ඉඩම භාරගත් පසු, ඒකට යාබදව තිබුණු තවත් අක්කර 27 ක ඉඩමක් ලබාගෙන Arboretum එක තවත් විශාල කළා. දැන් මෙය අක්කර 36 ක් විශාලයි. නැවත නවීකරණය කර පරිසර හිතකාමී සංචාරක උද්‍යානයක් ලෙස මෙය නැවත විවෘත කරලා තියෙන්නේ 2023 ජූලි මස 20 වන දින එකල පරිසර අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ මහතා අතින්. දැනට රජය මගින් පාලනය වන්නේ. මෙහි වළි කුකුළා, අළු කෑදත්තා, අළු දෙමලිච්චා, වත නිල් මල් කොහා, බිඟුහරයන්, සුදු රෙදි හොරා, උණහපුළුවා සහ කබල්ලෑවා වැනි සතුන් බලා ගන්න පුලුවන්. ක්ෂීරපායින් විශේෂ 25 ක්, සංක්‍රමණික පක්ෂීන් 83 ක්, සමනළයින් විශේෂ 75 ක් සහ බත්කූරන් වර්ග 12 ක් ඉන්න බව සදහන් වෙනවා. දිවා කාලයේ සංචාරකයින්ට පක්ෂීන්, සමනළයින්, ගස් වර්ග හා බිම්මල් නැරඹීමට සහ වනාන්තර ස්නානය සඳහා වර්ණ හා ඊතල මගින් සලකුණු කළ ස්වාභාවික මංපෙත් 4 ක් (හරිත, නිල්, රෝස, කහ) තියනවා. රාත්‍රී සෆාරිය රාත්‍රී 7.00 සිට 10.00 දක්වා මාර්ගෝපදේශකයින් සමඟ සංචාරය කරමින් විශේෂයෙන්ම උණහපුළුවන් සහ කබල්ලෑවන් නැරඹීමට අවස්ථාව තියනවා. මෙහි ඇති පොපම් මහතාගේ නව නිවස හා තවත් ඉදිකිරීම සදහ ජෙෆ්රි බාවා මහතාගේ දායකත්වයත් ලබා ගෙන තිබුනලු. මෙම ස්ථානය Assisted Natural Regeneration (ANR) ක්‍රමය අධ්‍යයනය කිරීමට වැදගත් පර්යේෂණ ස්ථානයක්. ඒ නිසා වනාන්තර පරිසර විද්‍යාඥයන් සහ උද්භිද විද්‍යාඥයන් බොහෝ දෙනෙක් මෙය පර්යේෂණ සඳහා භාවිත කරනවා. .------ * * කිරිබත්ගොඩ - දඹුල්ල (බස්) : රු.600/- | පැය 03 විනාඩි 30 * දඹුල්ල - පොපම් වනාන්තරය (බස්) : රු.70 /- | විනාඩි 15 . * පොපම් වනාන්තරයේ වැඩිහිටියන්ට් ටිකට් මිල : රු.250/- ; ළමා : රු.50/- * රාත්‍රී සංචාරය ගයිඩ් කෙනෙක් සමග ; රු.3500/- . * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න... [URL='https://www.facebook.com/share/1CXR2dx6ZD/']පසුගිය සියලුම සංචාරයන් Index >>>[/URL] . . (C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka. NIFS Sam Popham's Arboretum - Kandalama, Dambulla[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom