පොලීසිය බාර ඇමති කතානායකද ?
පොලීසිය බාර ඇමති කතානායකද ?
ඊයේ (16) පාර්ලිමේන්තුව තුළ දියත්වූ කුමන්ත්‍රණ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ මැර ප්‍රහාරය සම්බන්ධව මතුව ඇති ජනතා විරෝධය වෙනතක හැරවීම වෙනුවෙන් එම සිදුවීම කරුණු විකෘති කර සමාජගත කිරීමේ බාල උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් ඇති අතර ඒ බව අද (17) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදීද අනාවරණය විය.
එහිදී මාධ්‍ය ඇමතු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන්කර සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීමට කතානායකවරයා වගකිව යුතු බවත් තම මන්ත්‍රී කණ්ඩායම විරෝධය පළකළේ විශ්වාසභංග යෝජනාවට නොව පිහියක් (ලියුම් විවෘත කරන අයිතමයක්) සමඟ පාර්ලිමේන්තුවට පැමිණ ඊට පෙර දින (15) තම මන්ත්‍රීවරුන්ට තර්ජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සම්බන්ධව කතානායකවරයා තීරණයක් නොගැනීම සම්බන්ධවය.
පහත දැක්වෙන්නේ එම ජනතාව නොමග යවන සුළු ප්‍රකාශයට අදාළ නිවැරදි පැහැදිළි කිරීමය.
කථානායකවරයාට මන්ත‍්‍රීවරුන් අත් අඩංගුවට ගැනීමක් සිදුකල හැකිද ?
2018 නොවැමිබ්ර් මස 16 වනදා මහින්ද රාජපක්‍ෂ මහතාගේ පිලේ මන්ත‍්‍රීවරුන් විශාල ප‍්‍රමාණයක් පාර්ලිමේන්තු සභාගැබ තුල විරෝධතාවක් දක්වන ලදී. එහි දී භාවිතා කල සටන් පාඨය වූයේ ඊයේ දිනයේ පිහියක් අතැතිව කලහකාරී ලෙස හැසිරුණු පාලිත තෙවරප්පෙරුම මහතා අත් අඩංගුවට ගත යුතු බවත්, කථානායකවරයා ඒ සදහා පියවර නොගන්නා බවත්ය.
ඒ වන විටත් මන්ත‍්‍රීවරුන් මෙන්ම ශ‍්‍රීලනිප නීතිඥයින්ද මෙම සිදුවීම සම්බන්ධයෙන් 119 හදිසි අංකයට හා පොලිස් මූලස්ථානයට පැමිනිලි කර තිබිණි.
සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමේ බලය ඇත්තේ කාටද ?
අපරාධ නඩු විධාන සංග‍්‍රහය අනුව මෙවැනි අවස්ථාවක පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමේ බලය පවතින්නේ පොලිස් නිලධාරියකුටය. ඒ පොලිසියට ලැබී ඇති පැමිණිල්ලට අනුව සංඥය වරදක් සිදුකර තිබෙන බවට පොලිස් නිලධාරීන්ට සාධාරණ සැකයක් මතුවේ නම්ය.
යම් අවස්ථාවක අත් අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කිරීමේ බලය පවතින්නේ මහේස්ත‍්‍රාත්වරයකුටය.
කථානායකවරයාට කිසිදු මන්ත‍්‍රීවරයකු අත් අඩංගුටව ගැනීමේ හෝ අත් අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කිරීමේ බලයක් අපරාධ නඩුවිධාන සංග‍්‍රහ පනත හෝ ශ‍්‍රි ලංකාවතුල ක‍්‍රියාත්මක කිසිදු නීතියක් මගින් පවරා නැත.
එබැවින් 2018 නොවැම්බර් මස 16 වන දින පැවති විරෝධතාවය පැවැත්විය යුතුව තිබුනේ පාර්ලිමේන්තු සභාගැබ තුල නොව පොලිස් මූලස්ථානය ඉදිරිපිට හෝ පොලිසිය භාර අමාත්‍යංශය වන ආරක්‍ෂක අමාත්‍යංශය භාර අමාත්‍යවරයා වන ජනාධිපතිතුමාගේ කාර්යාලය ඉදිරිපිටය.
විරෝධතාවය දැක්වූ මහජන නියෝජිතයින් අතර ජ්‍යෙෂ්ඨ නීතිඥයින්ද විය. ඔවුන් මෙම කරුණු නොදන්නවා නොවේ. මෙම විරෝධතාවයේ සැබෑ අරමුණ වූයේ පාලිත තෙවරප්පෙරුම මහතා අත් අඩංගුවට නොගැනීමට විරෝධය දැක්වීම නොව එදින මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධ දෝෂාභියෝගය සදහා ඡන්දය ගැනීම නමින් සිදුකිරීමට ඇති අවස්ථාව අවහිර කිරීමය.
- https://lankanewsweb.net/sinhala/පු...ුම-අත්අඩංගුවට-ගන්න,-පොලීසිය-බාර-ඇමති-කතානායකද

- කථානායකට පාලිත තෙවරප්පෙරුම අත් අඩංගුවට ගැනීමේ බලයක් තියෙනවද ?
- කථානායකට පාලිත තෙවරප්පෙරුම අත් අඩංගුවට ගැනීමට නියෝග කිරීමට බලයක් තියෙනවද ?
- පොලිසිය භාර ඇමතිවරයා කථානායකතුමාද ?
- පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගැනීමට වගකීම ඇති පොලිසිය භාර ඇමති සිටියේ පාර්ලිමේන්තුවේ කථානායක අසුන අසලද ?